Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමාලි ට්‍රැවල්ස් එකට මොකද උනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අමාලි. අමාලි ට්‍රැවල්ස් එකේ අමාලි. අපේ තාත්තට තමයි අමාලි බස් තිබුණේ. අමාලි එකේ සුදු අයියා කිව්වම ගොඩක් අය අපේ තාත්තව අඳුනනවා.පහුගිය මාස කිහිපයෙම “අමාලි ට්‍රැවල්ස්” ගැන පෝස්ට්, වීඩියෝස් කිහිපයක්ම ශෙයා වුන නිසා මමයි, මගේ නංගිලා දෙන්නයි, මල්ලී මේ ගැන වෙලාවක් හම්බුණගමන්ම ලියන්න හිතුවා. අමාලි ට්‍රැවල්ස් එක සැපයූ සේවාව තවමත් අගය කරන, අමාලි ට්‍රැවල්ස් එකට මොකද උනේ කියලා තාමත් හොයන අයට ස්තුති කරමින් අපි මෙහෙම පටන් ගන්නම්.

දෙදාහ දශකයේ මුල් භාගයේ බස් හැට ගණනක් මගින් මිනිස්සුන් දස දහස් ගණනකට සේවාව සැපයු, සිය ගණනකට රස්සාවල් දුන්, සාමාන්‍ය සේවා ගාස්තු යටතේ දුර සේවා පැවැත්වූ බස් ව්‍යාපාරයක් තමයි අමාලි ට්‍රැවල්ස් කියන්නේ. අපේ තාත්තා මුලින්ම බස් ව්‍යාපාරය පටන් ගන්නේ කොළඹ- බදුල්ල 99 රූට් එකේ බස් දහයකින්. ඊට පස්සේ තමයි ඉතුරු බස් ටිකම අපි ගන්නේ. හැබැයි පෞද්ගලික ආයතනයක් විදිහට බස් සේවාව ස්ථාපිත කරන්න කලින් කොළඹ - බදුල්ල 99 රූට් එකේ එක බස් එකක් අපේ තාත්තාට මම පොඩි කාලේ ඉදලම තිබුණා.

අපේ සියලුම බස් වල

- ඉස්කෝලෙ ළමයින්ගෙන් ටිකට් ගත්තේ නෑ . පාසල් ළමුන් ප්‍රවාහනය කලේ සම්පුර්ණ නොමිලේ.

- භික්ෂුන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අනිකුත් සියලුම ආගමික පුජකවරුන් ප්රවාහණය කලේ නොමිලේ.

- ත්‍රිවිද හමුදාව ඇතුළු පොලිසියේ සියලු දෙනාට ඕනෑම ගමනාන්තයක් දක්වා ටිකට් දෙකක් නොමිලේ ලැබුණා.

- බදුල්ල රෝහලේ ලෙඩ්ඩු බලන වෙලාවට බදුල්ල නගරයේ සිට බදුල්ල රෝහල වෙත නොමිලේ ප්‍රවාහණ සේවාව සැපයුවා.

- මීට අමතරව සිදු කල අනෙකුත් සමාජ සත්කාර අපි මෙතන ලියන්න හිතුවේ නෑ.

මුලින්ම කොළඹ- බදුල්ල 99 රූට් එකට බස් දහයක් දාද්දි ඒ බස් රූට් එකේ ගොඩක්ම තිබුණේ A/C, අර්ධ සුකෝපභෝගී, අධි සුකෝපභෝගී බස් සේවාවන්. ඉතින් බදුල්ලේ ඉඳලා කොළඹට ටිකට් ගණන්. සාමාන්‍ය සේවා ගාස්තු යටතේ CTB බස් තිබුනත් ඒවා හරිම අතොලොස්සක් තමයි තිබුනේ. අමාලි බස් සේවාවෙන් කොළඹ- බදුල්ල 99 රූට් එකේ බස් වල අසාමාන්‍ය මිල ඒකාධිකාරය කැඩුවා කිව්වොත් හරි. අනික් බස් වලට වඩා අපේ බස්වල ටිකට් එකේ ගාන අඩුයි. බදුල්ලේ ඉඳන් කොළඹ යන්න අයකරේ රු.100/= යි. පැය භාගෙන් භාගේ වගේ මේ රූට් එකේ සාමාන්‍ය ගාස්තු යටතේ අපේ බස් ධාවනය කළා. මීට අමතර මුළු රට වටේම අපේ බස් වැඩකලා. අපි අලුතින්මත් රූට් කිහිපයක් ආරම්භත් කලා.

බදුල්ල - පානදුර

බදුල්ල - අලුත්ගම

බදුල්ල - ගාල්ල

බදුල්ල - මඩකලපුව

බදුල්ල - තාත්තන්කුඩිය

බදුල්ල - ත්රීකුනාමලේ

බදුල්ල - අනුරාධපුර

බදුල්ල - කටුනායක අපේ බස් වැඩ කල රූට් කිහිපයක්.

කාගේද අමාලි ට්‍රැවල්ස්? ගොඩක් අය හිතුවා මේ බස් හිටපු කතානායක වි ජ මු ලොකු බණ්ඩාරගේ කියලා. මම දැක්ක තව කව්ද ලියලා තියනවා මේ බස් නිමල් සිරිපාල ද සිල්වාගේ කියලා. තවත් අය ඇහුව මේ බස් ගත්තේ අපේ අම්මට කැන්සර් එකක් හැදිලා ඉද්දි තාත්ත අම්මව බලන්න යන ගමන් ගත්ත ටිකට් එකක් ඇදිලාද කියලා. මේ කතා ඔක්කොම බොරු. මේවා මේ කාගෙවත් බස් නෙවෙයි. බස් ව්‍යාපාරය ආරම්භ කරන්න කලින්, අපේ අම්මටයි තාත්තටයි තිබ්බ දේවල් පෙන්නලා මේ බස් ඔක්කොම අපි ලීසිං ක්‍රමයට තමා මිලදී ගත්තේ.

අමාලි ට්‍රැවල්ස් එකට මොකද උනේ? ගොඩක් අයට ප්‍රශ්ණයක්.

අපි දැක්කා කට්ටිය විවිධාකාර හේතු ලියාලා තියනවා. ඇත්තම හේතු ටික මෙතන කෙටියෙන් ලියන්නම්. මුල්ම බස් දහය අරන් ඉතුරු බස් ටික ගත්තාගෙන් පස්සේ, කොළඹ - බදුල්ල 99 රූට් එකේ සියලුම බස්හිමියන් සහ බදුල්ල CTB ඩිපෝව අපේ බස් අවිධිමත් බලපත්‍ර යටතේ ධාවනය කරනවා කියලා අමාලි බස් ධාවනය නතර කරන තුරු අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. මේ කාල සීමාවේදී පළාත් සභා විසුරුවාහැර තිබුණ නිසා, එවකට සිටි බදුල්ල පළාත් ආණ්ඩුකාරවරයා මේ ප්‍රශ්ණය විසදන තුරු අපේ බස් සියල්ල තාවකාලිව නතරකරන්න නියෝග කළා. පළාත් සභාව යළි ආරම්භ කරණ තුරු මාස හයකට වැඩි කාලයක් බස් ධාවනය උනේ නෑ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් විධිමත් පරීක්ශණයකින් පස්සේ අපේ ධාවන බලපත්‍ර විධිමත් බවත්, නැවත බස් සියල්ල ධාවනයට අවසර ඇති බවටත් ඌව පළාත් සභාපති දැණුම් දුන්නා. බස් සියල්ලම මාස හයකටත් වැඩි කාලයක් එක තැන නවත්තලා තියෙද්දී කොහොමද අපි ලීසිං වාරික ගෙවන්නේ? බස් වල සේවකයන්ට පඩි? බස් එක තැන නවත්තලා තිබ්බගෙන් පස්සේ එන කාර්මික දෝෂ.. මේ ඔක්කොම එක්ක අපි නැවත බස් සේවාවන් ආරම්භ කළා. නමුත් ඒ ආරම්භ ලේසි වුණේ නෑ. එවකට සිටි බදුල්ල පළාත් ප්‍රවාහන සභාපතිගෙන් අපිට නොයෙකුත් හිරිහැර වුණා. අපේ බස් වල කාලසටහන් සෑම එකකටම පෙර වෙනත් බස් රථ ධාවනය කිරීමට බලපත්‍ර දුන්නා. ඔහුගේ බල ප්‍රදේශය නිසා, බදුල්ල ස්ටෑන්ඩ් එකේ මගීන් පටවාගත් බස් වලින් මගීන් බැස්සවා බස් ධාවනය අවහිර කළා.

මේවට ක්‍රියාමාර්ග ගැනීමට කොළඹ හයි කෝට් වල පවා නඩු දන්නා වුණා. මේ සියල්ල විසදගෙන මාස දෙකක් යද්දී ලීසිං කොම්පැනි වලින් සහ බැංකු වලින් බස් සීස් කරන්න පටන් ගත්තා. මොකද බස් ගොඩක ෆිනෑන්ස් ඇරියස්. අන්තිමට අනික් වත්කම් විතරක් නෙවෙයි, අපි පොඩිකාලේ ඉඳලා හිටිය ගෙදර පවා බැංකුවකින් වෙන්දේසි දැම්මා. මට තාම මතකයි පලවෙනි බස් එක ලීසිං කොම්පැණියකින් අරන් යද්දී තාත්තා කිවුවා, මගේ දරුවෙක් අරන් ගියා වගේ කියලා. පහුගිය ටිකේ video එකක තිබ්බ බස් වත් අනික් එක බස් එකක්වත් අපිට අයිති නෑ. බස් හැම එකක්ම ලීසිං කොම්පැනි වලින් වෙන්දේසි දැම්මා.නොයෙකුත් කතා පැතිරෙද්දී, අමාලි කම්පනිය වැටෙන්න වුන ඇත්ත හේතු තමා මේ.

අපේ තාත්තා අපි දැන් මොකද කරන්නේ? ගොඩක් අය මේ ප්රශ්නය අහලා තිබ්බා. අම්මයි, තාත්තියි මේ හැම ප්‍රශ්න ඇතුලෙම අපිට හොදට ඉගැන්නුවා. ඒ ලැබුණ පන්නරයෙන් අපි තාමත් රට රටවල් වල ගිහින් උසස් අධ්‍යාපනය හදාරනවා. අපිව නිසි වයස් වලදී අපේ යුතුකම් සේරම පුළුවන් උපරිම කළා. දැන් ඒ දෙන්නා බණ්ඩාරවෙල සුළු පරිමාණයෙන් මල් ව්‍යාපාරයක් කරන්, ආච්චි, සීයයි කෙනෙක් වෙලා විශ්‍රම සුවයෙන් සැතුටින් කල් ගෙවනවා. ජිවිතේ කියන්නේ ඇතිවීම් වගේම නැතිවීම් වල එකතුවක්. ඒ යථාර්තයට මුහුණදෙමින්, ආපස්ස හැරී බලද්දී රටට, සමාජයට කර ඇති සේවාවට සතුටු වෙමින් අපි අපේ ජීවිත සතුටින් සැනසීමෙන් ගෙවනවා.

අමාලි බස් සේවාවට ආදරය කළ, තවමත් ඒ ගැන හොයන සියලු දෙනාටම ස්තුතියි!

© 2024 Amali Dahara de Silva

Copied FB

[QUOTE="allrights, post: 29720264, member: 514929"] මම අමාලි. අමාලි ට්‍රැවල්ස් එකේ අමාලි. අපේ තාත්තට තමයි අමාලි බස් තිබුණේ. අමාලි එකේ සුදු අයියා කිව්වම ගොඩක් අය අපේ තාත්තව අඳුනනවා.පහුගිය මාස කිහිපයෙම “අමාලි ට්‍රැවල්ස්” ගැන පෝස්ට්, වීඩියෝස් කිහිපයක්ම ශෙයා වුන නිසා මමයි, මගේ නංගිලා දෙන්නයි, මල්ලී මේ ගැන වෙලාවක් හම්බුණගමන්ම ලියන්න හිතුවා. අමාලි ට්‍රැවල්ස් එක සැපයූ සේවාව තවමත් අගය කරන, අමාලි ට්‍රැවල්ස් එකට මොකද උනේ කියලා තාමත් හොයන අයට ස්තුති කරමින් අපි මෙහෙම පටන් ගන්නම්. දෙදාහ දශකයේ මුල් භාගයේ බස් හැට ගණනක් මගින් මිනිස්සුන් දස දහස් ගණනකට සේවාව සැපයු, සිය ගණනකට රස්සාවල් දුන්, සාමාන්‍ය සේවා ගාස්තු යටතේ දුර සේවා පැවැත්වූ බස් ව්‍යාපාරයක් තමයි අමාලි ට්‍රැවල්ස් කියන්නේ. අපේ තාත්තා මුලින්ම බස් ව්‍යාපාරය පටන් ගන්නේ කොළඹ- බදුල්ල 99 රූට් එකේ බස් දහයකින්. ඊට පස්සේ තමයි ඉතුරු බස් ටිකම අපි ගන්නේ. හැබැයි පෞද්ගලික ආයතනයක් විදිහට බස් සේවාව ස්ථාපිත කරන්න කලින් කොළඹ - බදුල්ල 99 රූට් එකේ එක බස් එකක් අපේ තාත්තාට මම පොඩි කාලේ ඉදලම තිබුණා. අපේ සියලුම බස් වල - ඉස්කෝලෙ ළමයින්ගෙන් ටිකට් ගත්තේ නෑ . පාසල් ළමුන් ප්‍රවාහනය කලේ සම්පුර්ණ නොමිලේ. - භික්ෂුන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අනිකුත් සියලුම ආගමික පුජකවරුන් ප්රවාහණය කලේ නොමිලේ. - ත්‍රිවිද හමුදාව ඇතුළු පොලිසියේ සියලු දෙනාට ඕනෑම ගමනාන්තයක් දක්වා ටිකට් දෙකක් නොමිලේ ලැබුණා. - බදුල්ල රෝහලේ ලෙඩ්ඩු බලන වෙලාවට බදුල්ල නගරයේ සිට බදුල්ල රෝහල වෙත නොමිලේ ප්‍රවාහණ සේවාව සැපයුවා. - මීට අමතරව සිදු කල අනෙකුත් සමාජ සත්කාර අපි මෙතන ලියන්න හිතුවේ නෑ. මුලින්ම කොළඹ- බදුල්ල 99 රූට් එකට බස් දහයක් දාද්දි ඒ බස් රූට් එකේ ගොඩක්ම තිබුණේ A/C, අර්ධ සුකෝපභෝගී, අධි සුකෝපභෝගී බස් සේවාවන්. ඉතින් බදුල්ලේ ඉඳලා කොළඹට ටිකට් ගණන්. සාමාන්‍ය සේවා ගාස්තු යටතේ CTB බස් තිබුනත් ඒවා හරිම අතොලොස්සක් තමයි තිබුනේ. අමාලි බස් සේවාවෙන් කොළඹ- බදුල්ල 99 රූට් එකේ බස් වල අසාමාන්‍ය මිල ඒකාධිකාරය කැඩුවා කිව්වොත් හරි. අනික් බස් වලට වඩා අපේ බස්වල ටිකට් එකේ ගාන අඩුයි. බදුල්ලේ ඉඳන් කොළඹ යන්න අයකරේ රු.100/= යි. පැය භාගෙන් භාගේ වගේ මේ රූට් එකේ සාමාන්‍ය ගාස්තු යටතේ අපේ බස් ධාවනය කළා. මීට අමතර මුළු රට වටේම අපේ බස් වැඩකලා. අපි අලුතින්මත් රූට් කිහිපයක් ආරම්භත් කලා. බදුල්ල - පානදුර බදුල්ල - අලුත්ගම බදුල්ල - ගාල්ල බදුල්ල - මඩකලපුව බදුල්ල - තාත්තන්කුඩිය බදුල්ල - ත්රීකුනාමලේ බදුල්ල - අනුරාධපුර බදුල්ල - කටුනායක අපේ බස් වැඩ කල රූට් කිහිපයක්. කාගේද අමාලි ට්‍රැවල්ස්? ගොඩක් අය හිතුවා මේ බස් හිටපු කතානායක වි ජ මු ලොකු බණ්ඩාරගේ කියලා. මම දැක්ක තව කව්ද ලියලා තියනවා මේ බස් නිමල් සිරිපාල ද සිල්වාගේ කියලා. තවත් අය ඇහුව මේ බස් ගත්තේ අපේ අම්මට කැන්සර් එකක් හැදිලා ඉද්දි තාත්ත අම්මව බලන්න යන ගමන් ගත්ත ටිකට් එකක් ඇදිලාද කියලා. මේ කතා ඔක්කොම බොරු. මේවා මේ කාගෙවත් බස් නෙවෙයි. බස් ව්‍යාපාරය ආරම්භ කරන්න කලින්, අපේ අම්මටයි තාත්තටයි තිබ්බ දේවල් පෙන්නලා මේ බස් ඔක්කොම අපි ලීසිං ක්‍රමයට තමා මිලදී ගත්තේ. අමාලි ට්‍රැවල්ස් එකට මොකද උනේ? ගොඩක් අයට ප්‍රශ්ණයක්. අපි දැක්කා කට්ටිය විවිධාකාර හේතු ලියාලා තියනවා. ඇත්තම හේතු ටික මෙතන කෙටියෙන් ලියන්නම්. මුල්ම බස් දහය අරන් ඉතුරු බස් ටික ගත්තාගෙන් පස්සේ, කොළඹ - බදුල්ල 99 රූට් එකේ සියලුම බස්හිමියන් සහ බදුල්ල CTB ඩිපෝව අපේ බස් අවිධිමත් බලපත්‍ර යටතේ ධාවනය කරනවා කියලා අමාලි බස් ධාවනය නතර කරන තුරු අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. මේ කාල සීමාවේදී පළාත් සභා විසුරුවාහැර තිබුණ නිසා, එවකට සිටි බදුල්ල පළාත් ආණ්ඩුකාරවරයා මේ ප්‍රශ්ණය විසදන තුරු අපේ බස් සියල්ල තාවකාලිව නතරකරන්න නියෝග කළා. පළාත් සභාව යළි ආරම්භ කරණ තුරු මාස හයකට වැඩි කාලයක් බස් ධාවනය උනේ නෑ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් විධිමත් පරීක්ශණයකින් පස්සේ අපේ ධාවන බලපත්‍ර විධිමත් බවත්, නැවත බස් සියල්ල ධාවනයට අවසර ඇති බවටත් ඌව පළාත් සභාපති දැණුම් දුන්නා. බස් සියල්ලම මාස හයකටත් වැඩි කාලයක් එක තැන නවත්තලා තියෙද්දී කොහොමද අපි ලීසිං වාරික ගෙවන්නේ? බස් වල සේවකයන්ට පඩි? බස් එක තැන නවත්තලා තිබ්බගෙන් පස්සේ එන කාර්මික දෝෂ.. මේ ඔක්කොම එක්ක අපි නැවත බස් සේවාවන් ආරම්භ කළා. නමුත් ඒ ආරම්භ ලේසි වුණේ නෑ. එවකට සිටි බදුල්ල පළාත් ප්‍රවාහන සභාපතිගෙන් අපිට නොයෙකුත් හිරිහැර වුණා. අපේ බස් වල කාලසටහන් සෑම එකකටම පෙර වෙනත් බස් රථ ධාවනය කිරීමට බලපත්‍ර දුන්නා. ඔහුගේ බල ප්‍රදේශය නිසා, බදුල්ල ස්ටෑන්ඩ් එකේ මගීන් පටවාගත් බස් වලින් මගීන් බැස්සවා බස් ධාවනය අවහිර කළා. මේවට ක්‍රියාමාර්ග ගැනීමට කොළඹ හයි කෝට් වල පවා නඩු දන්නා වුණා. මේ සියල්ල විසදගෙන මාස දෙකක් යද්දී ලීසිං කොම්පැනි වලින් සහ බැංකු වලින් බස් සීස් කරන්න පටන් ගත්තා. මොකද බස් ගොඩක ෆිනෑන්ස් ඇරියස්. අන්තිමට අනික් වත්කම් විතරක් නෙවෙයි, අපි පොඩිකාලේ ඉඳලා හිටිය ගෙදර පවා බැංකුවකින් වෙන්දේසි දැම්මා. මට තාම මතකයි පලවෙනි බස් එක ලීසිං කොම්පැණියකින් අරන් යද්දී තාත්තා කිවුවා, මගේ දරුවෙක් අරන් ගියා වගේ කියලා. පහුගිය ටිකේ video එකක තිබ්බ බස් වත් අනික් එක බස් එකක්වත් අපිට අයිති නෑ. බස් හැම එකක්ම ලීසිං කොම්පැනි වලින් වෙන්දේසි දැම්මා.නොයෙකුත් කතා පැතිරෙද්දී, අමාලි කම්පනිය වැටෙන්න වුන ඇත්ත හේතු තමා මේ. අපේ තාත්තා අපි දැන් මොකද කරන්නේ? ගොඩක් අය මේ ප්රශ්නය අහලා තිබ්බා. අම්මයි, තාත්තියි මේ හැම ප්‍රශ්න ඇතුලෙම අපිට හොදට ඉගැන්නුවා. ඒ ලැබුණ පන්නරයෙන් අපි තාමත් රට රටවල් වල ගිහින් උසස් අධ්‍යාපනය හදාරනවා. අපිව නිසි වයස් වලදී අපේ යුතුකම් සේරම පුළුවන් උපරිම කළා. දැන් ඒ දෙන්නා බණ්ඩාරවෙල සුළු පරිමාණයෙන් මල් ව්‍යාපාරයක් කරන්, ආච්චි, සීයයි කෙනෙක් වෙලා විශ්‍රම සුවයෙන් සැතුටින් කල් ගෙවනවා. ජිවිතේ කියන්නේ ඇතිවීම් වගේම නැතිවීම් වල එකතුවක්. ඒ යථාර්තයට මුහුණදෙමින්, ආපස්ස හැරී බලද්දී රටට, සමාජයට කර ඇති සේවාවට සතුටු වෙමින් අපි අපේ ජීවිත සතුටින් සැනසීමෙන් ගෙවනවා. අමාලි බස් සේවාවට ආදරය කළ, තවමත් ඒ ගැන හොයන සියලු දෙනාටම ස්තුතියි! © 2024 Amali Dahara de Silva Copied FB [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom