අමුතුම විදියේ පාරවල් 10ක්

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අමුතුම විදියේ පාරවල් 10ක්

    අපි මේ කියන්න යන්නේ අමුතුම විදියේ පාරවල් 10ක් ගැනයි. ලෝකයේ දිගම, පළල් ම, ඒවගේම ඉතා පටුම , ඉතාම අවදානම් ආදී වූ විවිධ ආකාරයේ මාර්ග ගැන අපි මේ ලිපියෙන් ඔබ සමීපයට ගෙන එනවා.
    1. ලෝකයේ වැඩිම ආනතියක් නැත්තන් බෑවුමක් සහිත මාර්ගය – Baldwin Street, Dunedin, New Zealand
    28248848444_7f649415ef_b.jpg

    imgres

    නවසීලන්තයේ ඩනේඩින් වල පිහිටා ඇති මෙම මාර්ගයේ තිරස්ව ගමන් ගන්න සෑම මීටර 5කටම 1එක් මීටරයක් සිරස්ව ගමන් කරන ආකාරයෙන් නිමවී තිබේ. මෙම මාර්ගයේ ඇති වැඩිම බෑවුම ලෙස සැලකෙන්නේ 19° ක්. මෙය සංචාරකයන්ගේ සිත් ඇදගන්න ස්ථානයක්.
    2. ලෝකයේ වැඩියෙන්ම ඇද වුන පාර – Lombard Street, San Francisco, United States

    lombard-street-san-francisco.jpeg

    ඇමෙරිකාවේ San Francisco හි ලොම්බර්ඩ් විදිය එහි ඇති ආනතියට වගේම තියුණු වංගු 8ටත් ඉතා ප්‍රසිද්ධයි. බොහෝ සංචාරකයින් මෙම වංගු සහිත මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට හෝ ඇවිදගෙන යාමට කැමැත්තක් දක්වයි.
    3. ලෝකයේ පළල්ම විදිය – 9 de Julio Avenue, Buenos Aires, Argentina

    SA-97-88-23.jpg

    ආජන්ටිනාවේ බුවනොර්ස් එයාස් හි පිහිටා ඇති මෙම විදිය නිදහස් දිනය සිහි කිරීම වෙනුවෙන් නම් කර තිබේ. මෙම මාර්ගය කිලෝමීටරයක් පමණ දිග වන අතර මාර්ගයේ එක් පැත්තකට මංතීරු 7 බැගින් තිබේ !! ඊට අමතර මෙම මාර්ගය දෙපස මංතීරු දෙකකින් සමන්විත මාර්ග දෙකක් තිබේ.
    4. ලෝකයේ පටුම මාර්ගය – Spreuerhofstraße Street, Reutlingen, Germany

    narrowest-street.jpg

    ඔව්. ඒකේ නම නං කියාගන්න ටිකක් අමාරුයි කියලා දැක්කම පේනවනේ. මොනව වුනත් මේක තියෙන්නේ ජර්මනියේ. 1727 දී තමයි හදල තියෙන්නේ. මාර්ගයේ පටුම තැන සෙන්ටිමීටර 31ක් පමණ වෙද්දී පළල්ම තැන වෙන්නේ සෙන්ටිමීටර 50යි. මහත එක්කෙනෙක්ට නං යන්න ටිකක් අමාරු වෙයි.
    5. ලෝකයේ දිගම පාර – Yonge Street, Ontario, Canada and the Pan-American Highway

    d7b5dbe387037013549cb04d00a43272.jpg

    යෝන්ගේ වීදිය ඔන්ටාරියෝ විල් ඉවුරේ සිට සිමොස් විල දක්වා දිවෙයි. එය ලෝකයේ දිගම මාර්ගය ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබිණ. දිගින් කිලෝමීටර 1896ක්. නමුත් මෙම වාර්තාව ගිලිහි යන්නේ මෙම මාර්ගය අදිවේගී මාර්ගයේ (Highway 11) කොටසක් ලෙස සැලකිය නොහැකි බව පැවසුන නිසාවෙනි.
    නවතම වාර්තා වලට අනුව ඇමෙරිකාවේ Pan-American අදිවේගී මාර්ගය වාහන ධාවනය කළහැකි දිගම මාර්ග ජාලය ලෙස සැලකේ. මාර්ග ජාලයේ දිග කිලෝමීටර 48000ක්. ඇලස්කාවේ Prudhoe බොක්කේ සිට ආර්ජන්ටිනාවේ Ushuaia දක්වා දිවෙයි.
    6. මාර්ගයක පිහිටා ඇති දිගම උමග – Lærdal Tunnel, Norway

    laerdal-tunnel.jpg

    මෙය කිලෝමීටර 24.5ක් දිගින් යුක්තයි. මෙම උමං මාර්ගය නොර්වේ හි Lærdal සහ Aurland යන නගර දෙක යා කරයි. මංතීරු දෙකකින් සමන්විතය.
    7. ලෝකයේ භයානකම පාර – The Death Road, Bolivia

    151.jpg

    බොලිවියාවේ ඇති මරණයේ පාර තමයි ලෝකයේ ඇති භයානකම පාර ලෙස සැලකෙන්නේ. පේනවනේ පාර පිහිටලා තියන හැටි. මේ නම යෙදෙන්නේ නිකන් නෙමෙයි. මේ පාරේදී වසරකට ජීවිත 200ක් 300ක් පමණ අහිමි වෙනවා.
    8. ලෝකයේ වැඩියෙන්ම හිම මිදෙන පාර – McMurdo South Pole Highway, Antarctica

    WEB%20wright%20book.jpg

    ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති සැතපුම් 995ක් (1,601 km) මෙම පාර සලකුණු කරලා තියෙන්නේ කොඩි වල ආදාරයෙන්.
    9. ලෝකයේ කිසිම වෙනසක් නැති පාර – The Eyre Highway, Australia
    28866106665_ed8eaab73f_b.jpg

    Eyre-Highway.jpg

    ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති කිලෝමීටර 1664ක් දිග මෙම පාර බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියාව නලබෝර් තැන්න හරහා යා කරයි. නගර කිහිපයක් පමණක් මෙම මාර්ගය දෙපස පිහිටා ඇති අතර පරිසරයේ සැලකිය යුතු තරම් වෙනසක් අපිට දැකගන්නට ලැබෙන්නේ නෑ. වටේ පිටේ බලන්නවත් දෙයක් නැති හින්ද ලෝකේ තියන කම්මැලිම පාර කිව්වත් වරදක් නෑ.
    10.ලෝකයේ වැඩිම උසකින් පිහිටා ඇති පාර – Millau Viaduct Bridge, France

    ca731__Millau-Viaduct-Bridge-France-1.jpg

    ලෝකයේ උසම පාර වැටි ඇත්තේ ලෝකයේ උසම පාලම මතින්. මෙම පාරේ උසම තැනට පොලොවේ ඉඳල උස මීටර 343ක්. නැත්තන් අඩි 1,125ක්.
    http://sira.lk/10-most-unique-roads-in-the-world/
     
    Last edited: