Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමෙරිකානු තීරුබදු සාකච්ඡා සාර්ථකයි - ජනපති අනුර..🔴🔴❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චේතිය ජාතක කතා විස්තරයට අනුව දුරාතීතයේ බොරුව කුමක් දැයි නොදැන සිටි සමාජයකට මුලින්ම බොරුව හඳුන්වා දී ඇත්තේ චේතිය රජතුමා විසිනි. ජාතක කතාවේ සඳහන් අන්දමට චේතිය රජතුමා උපචාර නම් රජ කෙනකුගේ පුතෙකි. ඔහු සොත්තිය නම් නුවරක විසූ අයකු බව සඳහන් ය. පිය රජු ගේ ඇවෑමෙන් ඒ නුවර රාජ්‍යත්වයට පත්වන චේතියට කපිල නම් පුරෝහිත බමුණෙක් විය. එහෙත්, ජීවිතයේ සන්ධ්‍යා භාගයේ දී ධ්‍යාන වැඩීම මුල් කොට පංච අභිඥා, අෂ්ඨ සමාපත්ති වල පිහිටි කපිල බමුණා චේතිය රජු ගේ පුරෝහිත පදවිය තම පුතුට පවරා හිමාල වනය බලා පිටත් වනුයේ මුළුමනින්ම ආධ්‍යාත්මික දිවියක් ගත කිරීමට ය.

මෙම චේතිය රජතුමා ද මහත් ආධ්‍යාත්මික බලයක් ඇත්තෙකි. සෘද්ධි බලයෙන් අහසින් ගමන් කිරීමේ ශක්තියක් තිබූ චේතිය රජතුමා හතර වටා අසිපත් හතරක් ගත් ආරක්ෂක දේවතාවෝ සතර දෙනෙක් නිති ආරක්ෂාව සැලසූහ. රජුගේ මුවින් මහනෙල් මල් සුගන්ධය විහිදුණු අතර සිරුරින් සඳුන් සුගන්ධය වහනය විය.

ලොව පළමු බොරුව අහන්නට ගස්වල මැස්ස බැඳගෙන...

බවුන් වැඩීම පිණිස හිමාල වනයට ගිය කපිල පුරෝහිත තුමාට කොරකළඹ නම් බාල සොයුරෙක් විය. ඔහු චේතිය රජතුමා ගේ සමීප මිතුරෙකි. මේ මිතුරුදම මුල් කොට තම පුරෝහිත තනතුර අයථා ලෙසින් කොරකළඹ වෙත හිමි කිරීමේ සිතක් චේතිය රජතුමා තුළ ඇති විණි. එය එවක රාජධර්ම වලට පටහැනි වූවකි. එහෙත්, තම මිතුරා කෙරෙහි ඇති සුහදශීලීත්වය නිසා රටවැසියන් ඉදිරියේ බොරුවක් කියා හෝ ඔහුට පුරෝහිත පදවිය ලබා දීමේ සිතක් චේතිය රජතුමා තුළ පැවතිණ. ඒ අනුව ඔහු නිශ්චය කරගත් දිනයක රටවැසියා අමතන; නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් ‘ජාතිය අමතන’ බව පවසා රට පුරා අණ බෙර යවන ලදී.

මේ අතර මෙසේ රටවැසියා අමතා චේතිය රජු බොරුවක් කීමට සැරසෙන බව දැන ගත් රටවැසියන් තුළ එම අවස්ථාවට එක්වීම සම්බන්ධයෙන් ඇති වූයේ තදබල කුතුහලයකි. ජාතක කතාවෙහිම දැක්වෙන අන්දමට කිවහොත් ඒ ‘බොරුව යනු රවුම් ද හතරැස් ද නැතහොත් සුදු ද නිල් (කළු) ද යනුවෙන් දැන ගැනීමට ඇති තදබල උනන්දුව පෙරදැරි කර ගනිමිනි. එසේ පැමිණි ජන සන්නිපාතය කොතරම් ද යත් සමහරුන් චේතිය රජුගේ බොරුව ඇසීම පිණිස ගස්වල මැසි බැඳගෙන පවා රැඳී සිටියහ. රාජ ධර්ම වලට අනුව තමන්ට හිමි පුරෝහිත තනතුර එම රාජධර්ම කෙළෙසමින් තමන් ගේ හිතවතකුට දීම පිණිස රටවැසියා හමුවේ ලොව මුල්ම බොරුව කීමට සැරසෙන බව දැනගත් රජුගේ තරුණ පුරෝහිත බමුණා වහා හිමාල වනයට ගොස් ඒ වන විට තවුස් දිවියක් ගත කරමින් සිටි තම පියා වන කපිල බමුණාට දැන්වීය. යම් යම් තනතුරු සඳහා සුදුස්සන් සිටිය දී අයථා ක්‍රම අනුගමනය කරමින් ඒ සඳහා නුසුදුස්සන් පත් කළ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ද ඒ අනුව චේතිය රජතුමා හැඳින්විය හැක.

බොරුවත් සමග සිදු වූ දේ..

චේතිය රජතුමා ජාතිය හෙවත් රටවැසියන් අමතමින් බොරු කියන දිනය හා මොහොත ළඟා විය. එසේ කීමෙන් චේතිය රජු පත්වන විපත්තිකාර තත්වය වටහා ගෙන ඔහු ඉන් මුදා ගැනීම පිණිස කපිල තාපසයා සෘද්ධි බලයෙන් එහි පැමිණුනි. ඒ වන විට චේතිය රජ තුමන් සතු සෘද්ධි බලයෙන් අහසේ රැඳී සිට බෞද්ධ සාහිත්‍යයට අනුව මෙලොව මුල්ම බොරුව වන “කොරකළඹ බමුණා කපිල බමුණාට වඩා වැඩිමල්” යැයි කී ය. ඊට හේතුව එසේ කොරකළඹ වැඩිමල් වූයේ නම් එවක රාජධර්ම අනුව චේතිය රජුගේ පුරෝහිත තනතුර කොරකළඹ බමුණා හට හිමි විය යුතුව තිබූ බැවිනි. ඒ අනුව මෙම ජාතක කතාවෙන් අපට පැහැදිලිව පෙනෙන දෙයක් තිබේ. එනම් ලොව මුල්ම බොරුව පවසන ලද්දේ; එසේත් නැතහොත් ලොවට බොරුව මුලින්ම හඳුන්වා දී ඇත්තේ රජුන් නැතහොත් දේශපාලනඥයන් විසින් බව ය. මෙහි දී මෙම බොරුව කෙසේවත් ජනතාව හමුවට ඉදිරිපත් නොකරන ලෙස කපිල තවුසා කියා දුන් උපදෙස ද නොතකා චේතිය රජු බොරුව එම පවසත්ම එතෙක් ඔහු ගේ ආරක්ෂාවට සිටි දේවතාවෝ සිව් දෙනා තමන් ගේ අත්වල තිබූ අසිපත් රජු ගේ දෙපා මුල හෙළා පලා ගියහ. එබැවින් කපිල තවුසා රජුගෙන් ඉල්ලා සිටියේ දැන්වත් ඔය බොරුව නතර කරන ලෙස ය. එහෙත්, තවුසා ගේ කීම පිළිබඳව කිසිදු තැකීමක් නොකළ චේතිය රජතුමා “කොරකළඹ බමුණා කපිල බමුණාට වැඩිමල් ය” යන එම බොරුව දෙවන වරට ද කීය. එවිට රජු සතු සෘද්ධි බලය සිඳී ඔහු මහ පොළොව මතට පතිත වී මුවින් නිකුත් වූ මහනෙල් මල් සුගන්ධයත් සිරුරින් නිකුත්වුණු සඳුන් සුගන්ධයත් අතුරුදන්ව ඒ වෙනුවට රජු කෙරෙන් අශුචි දුර්ගන්ධය හමන්නට විය “දැන් වත් ඔය බොරු කීම නතර කරන්න” එවිට සෘද්ධිමත් කපිල තවුසා චේතිය රජුගෙන් යළි ඉල්ලා සිටියේ ය. නමුත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකළ චේතිය රජ තුමා “කොරකළඹ බමුණා කපිල බමුණාට වඩා වැඩිමල්ය” යන බොරුව යළි ජනතාව හමුවේ තැබීය. එවිට පොළෝ ගැබ විවර වී රජු ගේ දෙදන දක්වා එරී ගිය අතර දැන්වත් ඔය බොරු කීම නතර කරන ලෙස කපිල තවුසා නැවතත් රජුට අවවාද කළේය. එහෙත්, තම බොරුව ජනගත කොට තම මිතුරු කොරකළඹට අයථා පත් වීමක් ලෙස පුරෝහිත තනතුර ලබා දීමේ අරමුණින් සිටි චේතිය රජු නැවතත් එම බොරුව එලෙසින්ම කීය. එවිට පොළෝ ගර්භය තුළ රජුගේ උකුල තෙක් සහ ඊළඟ අවස්ථාවේ එලෙස ළමැද දක්වා ද ගිලී ගියේ ය.

අවසන් අවස්ථාවේ එනම් හත්වන වර හෝ එම බොරුව කීමෙන් වැළකී සිටින ලෙස කපිල තවුසා නැවත චේතිය රජු ගෙන් ඉල්ලා සිටි මුත් තම කූට අරමුණ සිත තුළ දැඩිව ධාරණය කර ගත් චේතිය රජු හත් වන වරටත් එම බොරුවම කීය. එවිට රජුට සිදු වූයේ කුමක්ද යන්න සඳහන් කරන ජාතක කතාවේ එය දැක්වෙනුයේ සෙනෙහෙබර මවක් තම දරුවා රත් පැහැ පළසකින් වෙළා රැගෙන යන්නාක් මෙන් පොළොව තුළින් මතු වූ රත් පැහැ ගිනි දළු මඟින් චේතිය රජතුමා අවීචි මහා නරකය වෙත රැගෙන ගිය බවකි.

source

[QUOTE="topkollek, post: 30674795, member: 510150"] චේතිය ජාතක කතා විස්තරයට අනුව දුරාතීතයේ බොරුව කුමක් දැයි නොදැන සිටි සමාජයකට මුලින්ම බොරුව හඳුන්වා දී ඇත්තේ චේතිය රජතුමා විසිනි. ජාතක කතාවේ සඳහන් අන්දමට චේතිය රජතුමා උපචාර නම් රජ කෙනකුගේ පුතෙකි. ඔහු සොත්තිය නම් නුවරක විසූ අයකු බව සඳහන් ය. පිය රජු ගේ ඇවෑමෙන් ඒ නුවර රාජ්‍යත්වයට පත්වන චේතියට කපිල නම් පුරෝහිත බමුණෙක් විය. එහෙත්, ජීවිතයේ සන්ධ්‍යා භාගයේ දී ධ්‍යාන වැඩීම මුල් කොට පංච අභිඥා, අෂ්ඨ සමාපත්ති වල පිහිටි කපිල බමුණා චේතිය රජු ගේ පුරෝහිත පදවිය තම පුතුට පවරා හිමාල වනය බලා පිටත් වනුයේ මුළුමනින්ම ආධ්‍යාත්මික දිවියක් ගත කිරීමට ය. මෙම චේතිය රජතුමා ද මහත් ආධ්‍යාත්මික බලයක් ඇත්තෙකි. සෘද්ධි බලයෙන් අහසින් ගමන් කිරීමේ ශක්තියක් තිබූ චේතිය රජතුමා හතර වටා අසිපත් හතරක් ගත් ආරක්ෂක දේවතාවෝ සතර දෙනෙක් නිති ආරක්ෂාව සැලසූහ. රජුගේ මුවින් මහනෙල් මල් සුගන්ධය විහිදුණු අතර සිරුරින් සඳුන් සුගන්ධය වහනය විය. ලොව පළමු බොරුව අහන්නට ගස්වල මැස්ස බැඳගෙන... ----------------------- බවුන් වැඩීම පිණිස හිමාල වනයට ගිය කපිල පුරෝහිත තුමාට කොරකළඹ නම් බාල සොයුරෙක් විය. ඔහු චේතිය රජතුමා ගේ සමීප මිතුරෙකි. මේ මිතුරුදම මුල් කොට තම පුරෝහිත තනතුර අයථා ලෙසින් කොරකළඹ වෙත හිමි කිරීමේ සිතක් චේතිය රජතුමා තුළ ඇති විණි. එය එවක රාජධර්ම වලට පටහැනි වූවකි. එහෙත්, තම මිතුරා කෙරෙහි ඇති සුහදශීලීත්වය නිසා රටවැසියන් ඉදිරියේ බොරුවක් කියා හෝ ඔහුට පුරෝහිත පදවිය ලබා දීමේ සිතක් චේතිය රජතුමා තුළ පැවතිණ. ඒ අනුව ඔහු නිශ්චය කරගත් දිනයක රටවැසියා අමතන; නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් ‘ජාතිය අමතන’ බව පවසා රට පුරා අණ බෙර යවන ලදී. මේ අතර මෙසේ රටවැසියා අමතා චේතිය රජු බොරුවක් කීමට සැරසෙන බව දැන ගත් රටවැසියන් තුළ එම අවස්ථාවට එක්වීම සම්බන්ධයෙන් ඇති වූයේ තදබල කුතුහලයකි. ජාතක කතාවෙහිම දැක්වෙන අන්දමට කිවහොත් ඒ ‘බොරුව යනු රවුම් ද හතරැස් ද නැතහොත් සුදු ද නිල් (කළු) ද යනුවෙන් දැන ගැනීමට ඇති තදබල උනන්දුව පෙරදැරි කර ගනිමිනි. එසේ පැමිණි ජන සන්නිපාතය කොතරම් ද යත් සමහරුන් චේතිය රජුගේ බොරුව ඇසීම පිණිස ගස්වල මැසි බැඳගෙන පවා රැඳී සිටියහ. රාජ ධර්ම වලට අනුව තමන්ට හිමි පුරෝහිත තනතුර එම රාජධර්ම කෙළෙසමින් තමන් ගේ හිතවතකුට දීම පිණිස රටවැසියා හමුවේ ලොව මුල්ම බොරුව කීමට සැරසෙන බව දැනගත් රජුගේ තරුණ පුරෝහිත බමුණා වහා හිමාල වනයට ගොස් ඒ වන විට තවුස් දිවියක් ගත කරමින් සිටි තම පියා වන කපිල බමුණාට දැන්වීය. යම් යම් තනතුරු සඳහා සුදුස්සන් සිටිය දී අයථා ක්‍රම අනුගමනය කරමින් ඒ සඳහා නුසුදුස්සන් පත් කළ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ද ඒ අනුව චේතිය රජතුමා හැඳින්විය හැක. බොරුවත් සමග සිදු වූ දේ.. ----------------------- චේතිය රජතුමා ජාතිය හෙවත් රටවැසියන් අමතමින් බොරු කියන දිනය හා මොහොත ළඟා විය. එසේ කීමෙන් චේතිය රජු පත්වන විපත්තිකාර තත්වය වටහා ගෙන ඔහු ඉන් මුදා ගැනීම පිණිස කපිල තාපසයා සෘද්ධි බලයෙන් එහි පැමිණුනි. ඒ වන විට චේතිය රජ තුමන් සතු සෘද්ධි බලයෙන් අහසේ රැඳී සිට බෞද්ධ සාහිත්‍යයට අනුව මෙලොව මුල්ම බොරුව වන “කොරකළඹ බමුණා කපිල බමුණාට වඩා වැඩිමල්” යැයි කී ය. ඊට හේතුව එසේ කොරකළඹ වැඩිමල් වූයේ නම් එවක රාජධර්ම අනුව චේතිය රජුගේ පුරෝහිත තනතුර කොරකළඹ බමුණා හට හිමි විය යුතුව තිබූ බැවිනි. ඒ අනුව මෙම ජාතක කතාවෙන් අපට පැහැදිලිව පෙනෙන දෙයක් තිබේ. එනම් ලොව මුල්ම බොරුව පවසන ලද්දේ; එසේත් නැතහොත් ලොවට බොරුව මුලින්ම හඳුන්වා දී ඇත්තේ රජුන් නැතහොත් දේශපාලනඥයන් විසින් බව ය. මෙහි දී මෙම බොරුව කෙසේවත් ජනතාව හමුවට ඉදිරිපත් නොකරන ලෙස කපිල තවුසා කියා දුන් උපදෙස ද නොතකා චේතිය රජු බොරුව එම පවසත්ම එතෙක් ඔහු ගේ ආරක්ෂාවට සිටි දේවතාවෝ සිව් දෙනා තමන් ගේ අත්වල තිබූ අසිපත් රජු ගේ දෙපා මුල හෙළා පලා ගියහ. එබැවින් කපිල තවුසා රජුගෙන් ඉල්ලා සිටියේ දැන්වත් ඔය බොරුව නතර කරන ලෙස ය. එහෙත්, තවුසා ගේ කීම පිළිබඳව කිසිදු තැකීමක් නොකළ චේතිය රජතුමා “කොරකළඹ බමුණා කපිල බමුණාට වැඩිමල් ය” යන එම බොරුව දෙවන වරට ද කීය. එවිට රජු සතු සෘද්ධි බලය සිඳී ඔහු මහ පොළොව මතට පතිත වී මුවින් නිකුත් වූ මහනෙල් මල් සුගන්ධයත් සිරුරින් නිකුත්වුණු සඳුන් සුගන්ධයත් අතුරුදන්ව ඒ වෙනුවට රජු කෙරෙන් අශුචි දුර්ගන්ධය හමන්නට විය “දැන් වත් ඔය බොරු කීම නතර කරන්න” එවිට සෘද්ධිමත් කපිල තවුසා චේතිය රජුගෙන් යළි ඉල්ලා සිටියේ ය. නමුත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකළ චේතිය රජ තුමා “කොරකළඹ බමුණා කපිල බමුණාට වඩා වැඩිමල්ය” යන බොරුව යළි ජනතාව හමුවේ තැබීය. එවිට පොළෝ ගැබ විවර වී රජු ගේ දෙදන දක්වා එරී ගිය අතර දැන්වත් ඔය බොරු කීම නතර කරන ලෙස කපිල තවුසා නැවතත් රජුට අවවාද කළේය. එහෙත්, තම බොරුව ජනගත කොට තම මිතුරු කොරකළඹට අයථා පත් වීමක් ලෙස පුරෝහිත තනතුර ලබා දීමේ අරමුණින් සිටි චේතිය රජු නැවතත් එම බොරුව එලෙසින්ම කීය. එවිට පොළෝ ගර්භය තුළ රජුගේ උකුල තෙක් සහ ඊළඟ අවස්ථාවේ එලෙස ළමැද දක්වා ද ගිලී ගියේ ය. අවසන් අවස්ථාවේ එනම් හත්වන වර හෝ එම බොරුව කීමෙන් වැළකී සිටින ලෙස කපිල තවුසා නැවත චේතිය රජු ගෙන් ඉල්ලා සිටි මුත් තම කූට අරමුණ සිත තුළ දැඩිව ධාරණය කර ගත් චේතිය රජු හත් වන වරටත් එම බොරුවම කීය. එවිට රජුට සිදු වූයේ කුමක්ද යන්න සඳහන් කරන ජාතක කතාවේ එය දැක්වෙනුයේ සෙනෙහෙබර මවක් තම දරුවා රත් පැහැ පළසකින් වෙළා රැගෙන යන්නාක් මෙන් පොළොව තුළින් මතු වූ රත් පැහැ ගිනි දළු මඟින් චේතිය රජතුමා අවීචි මහා නරකය වෙත රැගෙන ගිය බවකි. [URL='https://www.facebook.com/photo.php?fbid=4620571858007943&id=219430344788805&set=a.219828384749001']source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom