අඹුඩේ (Only For Gents)

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔබට මතකද, අපි කුඩා කාලේ අපේ සීයලා, මාමලා, ගොවිතැන් කරන කොට ඇන්ද ඇදුම. ඔව් ඔබ කාටත් මතක ඇති. මට නම් හොඳටම මතකයි. උන්දැලා බොහෝම නීරෝගී අය ඔය අරුමෝසම් ලෙඩ රෝග කිසිවක් තිබ්බේ නැහැ. අවුරුදු 80 - 90 ජීවත් වුනා. සමහරු 100 කිට්ටු කලා. අම්ගේ ආච්චි අම්ම 102 තාම හොඳට ඉන්නවා. ඒ කෙසේ වෙතත් මේ ඇදුම හෙවත් අඹුඩේ කියලා අපි හදුන්වන ඇදුමේ තියන විශේෂත්වය ගැන තමයි අද අපි කථා කරන්නේ.

    ඔබට මේ අය අඹුඩේ අදින පිලිවෙල මතකද?

    මේ කාගෙත් ඉනේ දිය ලණුවක් තියනවා. මේ දිය ලණුව ඉස්සරහයින් සහ පිටු පසින් කම්බි ලෙන්සුව එහෙමත් නැත්නම් අඹුඩ ලේන්සුව කියන තරමක් විශාල ලෙන්සුව දමලා ඉදිරියෙන් විශාල රැල්ලක් සමඟ රෙදි පටයක් වැටෙන්න සලස්වලා තමයි මේ ඇදුම ඇඳගන්නේ. මෙහිදී ප්‍රධානම දේ තමයි දිය ලණුවට ලේන්සුහ ගැට ගහන්නේ පිටු පසින්. ඒ නිසා මේක පිටු පසින් යන්තමට විලි වැහෙන ඇදුමක්. නමුත් ඉදිරිපසට එත්දි
    බොක්කක් වැනි ආකාරයට රෙද්ද නැමිලා කෝෂ වලට ආරක්ෂාවක් දෙනවා. ඊට පසු නැවතත් දිය ලණුවට යටින් ශරීරය පැත්තෙන් ගොස් පිටතට රැලි ආකාරයට ඉතිරි රෙද්ද වැටෙන්න සලස්වනවා.

    දැන අපි බලමු මේ සඳහා ගන්න රෙද්ද ගැන මම මුලින් කියූ ආකාරයට මේකට ගන්නේ කම්මි ලේන්සුවක් එහෙමත් නැත්නම් අඹුඩ ලෙන්සුව කියලා කියන ලේන්සුව. මේකෙ ඇති විශේෂත්වය තමයි.
    1. රෙද්ද තනිකර පිරිසිදු කපු රෙද්දක් වීම.
    2. අතින් හෝ වීවින් කියන අත් යන්ත්‍රයේ සකසා ගත් තරමක සවිවර බවක් තිබෙන ආකාරයේ රෙද්දක් වීම.
    3. තරමක විශාල ලේන්සුවක් වීම.
    4. ඉතාමත් සවිශක්තිය ඇති ආකාරයේ රෙද්දක් වීම.

    දැන් බලමු මේකෙන් ඇති ප්‍රයෝජනවත් බව.
    1. ලංකාව වැනි ඉතාමත් උනුසුම දෙශගුණයක් තිබෙන ඝර්ම කලාපීය රටක විශාල වශයෙන් හිරුරැස් වැටෙන අව්වේ වැඩ කරනකොට ශරීරයට ඇතිවන දාහය මම කියන්න ඕනෙ නැහැනේ. ඉතිං මේ දාහය නිසා පිරිමියාගේ කෝෂවලට වෙන හානිය මම කලින් ලිපියක කියලා ඇති.(ලින්ක් දාන්න මම දන්නෙ නැහැ.) ඒ පිරිමි මඳ සරුභාවයට පත් වෙනවා කියලා ඔබට මතක ඇති. එයින් මේ අය ආරක්ෂා වෙනවා. මොකද කපු රෙද්ද හොදින් උෂ්ණත්වය ශරීරයෙන් උරාගෙන පිට කරන නිසා.

    2.සවිවර බව නිසා ඉහත කාර්ය්‍යම නැවතත් හොඳින් කිරීමට ලැබෙනවා. එනම් හොඳින් වාතනය වන නිසා.

    3. විලි වසා ගැනීම ඉතාමත් හොඳින් මේ විශාල ලෙන්සුවෙන් කරගත හැකි වීම.

    4. මේක තමයි මේ ලේන්සුවේ තිබෙන වටිනාකම වෙන්නේ. මෙහි සැකැස්ම සහ මෙය අඳින පිලිවෙල අනුව මෙහි ගැට වැටෙන ආකාරය අනුව මින් පුරුෂ කෝෂවලට විශාල ලෙස ඇතිවන තෙරපීම ස්වයංක්‍රීයව අඩු කරනවා. එනම් ඉදිරිපසින් ලෙන්සුව දමා තිබෙන ආකාරය අනුව එය ඇදීමකට ලක් නොවී ක්‍රමයෙන් විශාල පීඩනයක් ඇතිවන විට ස්වයංවම සැකසෙනවා. උදාහරනයක් ලෙස විශාල බරක් ඔසවා පසුව ඔවුන් නැවතත් ඉදිරිපසින් ලෙන්සුව අර රැල්ලෙන් පහතට අදිනව ඔබ දැකඇති ඒ නැවතත් ඒය කලින් තිබූ ආකාරයට සකසා ගන්න තමයි එහෙම කරන්නේ. තවත් කිවහොත් මෙමගින් ශරීරයේ ඉදිරිපස යටිකයේ පේශීන් හැම විටම ලිහිල්ව තබා ගන්න හේතු වෙනවා. මේ නිසා අපිට ඇතිවන ප්‍රයෝජන තමයි. පිරිමි මඳසරුභාවයට වැඩිපුරම හේතුවන කෝෂවලට රුධිරය සපයන රුධිරනාල සහ ශුක්‍රප්‍රණාලිකාවල ඇතිවන නහර ගැට ගැසීම කියන තත්වය මඟ හැර වීමට මෙම ඇදුම අදින පිලිවෙල වැදගත් වෙනවා.

    අපි දැන් අඳින ආකාරයේ පිරිමි යට ඇදුම්වල තිබෙන දුරවල්තාවන් සියල්ලටම මේ අඹුඩය හොඳ පිලිතුරක්.

    31xc9fnFOdL.jpg


    5c8b230dece095c5b79c9c9d42a4571b.jpg


    Uputa ganimak
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව ඇඳගෙන ඉන්නෙ කොහොමද බන් මටනං ජොකා ඇඳගෙනවත් ඉන්න බෑ නාන්න ගියත් කොට කලිසමක් අඳින්නෙ :D
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕව ඇඳගෙන ඉන්නෙ කොහොමද බන් මටනං ජොකා ඇඳගෙනවත් ඉන්න බෑ නාන්න ගියත් කොට කලිසමක් අඳින්නෙ :D

    ඕක අැදල උඩින් කලිසමක් අදිනව බන්
    සෞඛ්‍යට හොද හන්ද මාත් අදින්නෙ
    ඒවගේද වල්ලෙ නහර ගැට ගැහුනොත්
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් මේ කිව්වෙ තමන්ගෙ අනාගතෙ සම්බන්ද වැදගත් දෙයක් කියල කාටවත් හිතෙන්නෙ නැද්ද :dull::dull:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක අැදල උඩින් කලිසමක් අදිනව බන්
    සෞඛ්‍යට හොද හන්ද මාත් අදින්නෙ
    ඒවගේද වල්ලෙ නහර ගැට ගැහුනොත්
    :lol::lol::rofl:

    නහර ගැට ගැහෙන එක කෙසේ වෙතත් ලබ්බනම් බහියි මන්න්යෝක්ක අලයක් වගේ :lol::lol::rofl:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මරුසිරා;21231586 said:
    :lol::lol::rofl:

    නහර ගැට ගැහෙන එක කෙසේ වෙතත් ලබ්බනම් බහියි මන්න්යෝක්ක අලයක් වගේ :lol::lol::rofl:

    ලබ්බ බහිනව කියල එකක් නෑ බන්. ඒක බොරු