Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයිතිය~Ahimiwima
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]24084[/ATTACH]

සම්බුද්ධත්ව ජයන්තිය හා බෞද්ධ අයිතිය

සම්බුද්ධත්ව ජයන්තිය උදාවීමට ඇත්තේ තව දින 105 ක් පමණි. ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 2600 ක් සපිරෙන්නේ 2011 වසරේදීය. මෙය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම ඉතා වැදගත් වන ආගමික උත්සවයක් බව සටහන් කළ යුතුය. ලෝක ජනගහනය බිලියන 6.8 කි. එනම් කෝටි 680 ක් වන ලෝක ජනගහනයෙන් කෝටි 110 ක්ම ප්‍රකාශ කරන්නේ තමන් ආගමක් අදහන්නේ නැති බවයි. වික්පීඩියා වෙබ් අඩවියට අනුව දැනට ලෝකයේ වෙසෙන බෞද්ධයින් ප්‍රමාණය මිලියන 376 කි. බුද්ධානෙට් වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ එම පිරිස මිලියන 350 ක් වන බවයි. කෙසේ නමුත් ලෝක ජනගහනයෙන් 6% - 7% ත් අතර ප්‍රමාණයක් බෞද්ධයෝ වෙති. ලෝකයේ වැඩියෙන්ම බෞද්ධයින් සිටින රට චීනයයි. දෙවැනියට බෞද්ධයින් සිටින රට තායිලන්තය වන අතර තෙවැනි තැන හිමිවන්නේ වියට්නාමයටය. 2007 වසර වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 14648421 බෞද්ධයෝ වූහ. මෙවර මැයි මාසයේදී ලොව පුරා තිස්හත් කෝටියක් බෞද්ධයන් මහා සැදැහැසිතින් සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට පුලපුලා බලාසිටිති. ශ්‍රී ලංකාව සැමවිටම බෞද්ධ ලෝකයට ආදර්ශයක් දෙන රාජ්‍යයකි. එදා ඇෆ්ගනිස්ථානයේදී තලෙබාන්වරු බාමියන් පිළිම විනාශ කරද්දී මුලින්ම පාරට බැස්සේ සිංහල බෞද්ධයෝ මිස අන්කවරෙකුවත් නොවේ. වසර 2300 ක් තිස්සේ ලොව කිසිම රටක එකම ආගමක් ආරක්ෂාව පැවතුණේ නැත. එහෙත් සිංහලයෝ අනවරත කැපවීමෙන් යුතුව බුද්ධශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතුකළහ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිදුවන්නේ කවරක්ද?

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් වසර තුනක සිට ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි. එහෙත් අපට නම් ඒ ගැන සෑහීමකට පත්වීම අපහසුය. රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ප්රශ්නකාරී තත්ත්වයක් පැනනගින්නේ බුද්ධශාසන අමාත්‍යාංශය 2600 සම්බුද්ධත්ව ජයන්තිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිකුත් කර ඇති "දීපව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහන" නමැති කුඩා පොත් පිංච දෙස බලන විටය. ඇත්තෙන්ම මේ පොතේ පිටුපස කවරයේ මුද්‍රණය කර ඇත්තේ ගම්පොල අම්බුළුවාවේ ඡායාරූපයකි. 2600 බුද්ධ ජයන්තිය හා අම්බුළුවාවේ ඇති සම්බන්ධය කුමක්ද? එය සර්ව ආගමික මධ්‍යස්ථානයක් මෙන්ම ජෛව විවිධත්ව සංකීර්ණයකි. බුද්ධශාසන අමාත්‍යංශයට මේ වැදගත් සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පළ කරන ග්රන්ථයට සැබෑ බෞද්ධ විහාරයක ඡායාරූපයක් සොයා ගැනීමට අපහසු වූයේද? අවම වශයෙන් රුවන්වැලිසෑයේ ඡායාරූපයක් හෝ පළකිරීමට අපහසු වූයේද? අගමැතිවරයා සතුටු කිරීමට අම්බුළුවාවේ ඡායාරූප පළ කිරීමෙන් පමණක් සම්බුද්ධත්ව ජයන්තිය සාර්ථක කර ගත හැකිද? ඇත්තෙන්ම රජය මගින් නිකුත් කර ඇති මේ ග්‍රන්ථය මගින් යෝජනා කර ඇති වැඩසටහනින් සිදුවන්නේ මෙවර සම්බුද්ධත්ව ජයන්තිය අවුලක් බවට පත්වීමය. මෙය අන්‍යාගමික කුමන්ත්‍රණයක්දැයි අපට සැක සිතේ. 80 හැවිරිදි අගමැති දි. මු. ජයරත්න මහතා ප්‍රකාශ කරන්නේ ලංකාවේ සෑම ආගමක්ම එක හා සමාන බවයි. රජය සෑම ආගමකටම එකලෙස සලකන බවයි. කෙසේ නමුත් 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිකර දී ඇති බව ලංකාවේ දෙවැනි පුරවැසියා නොදන්නේද? වතිකානුව මේ බෞද්ධ රටෙන් කාදිනල්වරයෙකුත් තෝරාගත් සමයක අගමැතිවරයා සෑම ආගමක්ම එකහා සමාන යෑයි පවසන්නේ කා සනසන්නද? අලුතින් පත්වූ කාදිනල් උතුමාණන් නම් මේ ප්‍රකාශ ගැන සංතෝෂවනවා විය හැකිය. කෙසේ නමුත් බහුතර බෞද්ධ ජනතාව නම් මේ ගැන කිසිම කැමැත්තක් දක්වන්නේ නැත.

බුද්ධ ශාසන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර ඇති දීප ව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහන" නම් කුඩා පොත් පිංචෙයි බුද්ධ ජයන්තිය සැමරීම සඳහා අන්‍යාගමික කමිටු පිහිටුවීම සඳහාත් උපදෙස් ලබාදී ඇත. මෙය මහා විහිලුවකි. හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි දිස්ත්‍රික් ආගමික කමිටු පත්කර 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන ලෙස ආගමික කටයුතු අමාත්‍යංශය උපදෙස් දී ඇත. අන්‍යාගමිකයන්ට සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට කටයුතු කරන ලෙස අප අණ කරන්නේ කෙසේද? බෞද්ධයින්ට නත්තල් සමරන ලෙස යෝජනා කිරීම සුදුසුද? නැත. එසේම අන්‍යාගමිකයින්ට බුද්ධ ජයන්තිය සැමරීමට යෝජනා කිරීමද විහිලුවකි. එසේම අන්‍යාගමිකයින් බුද්ධ ජයන්ති කමිටුවලට ඇතුළත් කර ගැනීමද කිසිවිටක සිදුකළ යුතු නැත. සම්බුද්ධත්ව ජයන්ති සැමරුමේ විශිෂ්ටත්වය නම් ශ්‍රී ලාංකික සියලු ආගමිකයින්ට විඳිය හැක. එහෙත් මේ අන්‍යාගමික කමිටු ඇති කිරීම තුළින් සිදුවන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම පමණකි. මේ යෝජනා කවර කේවට්ට බමුණන්ගේ යෝජනා දැයි අප නම් දන්නේ නැත.

ග්‍රාමසේවා කොට්ඨාස දාහතරදහසක සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන් සංවිධානය කිරීමට රජය යෝජනා කර ඇත. එහෙත් මේ වැඩසටහන් පොතට පමණක් සීමාවේද යන්න ප්රශ්නයකි. ජාතික හෙළ උරුමයද පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් සම්බුද්ධත්ව ජයන්ති සැමරුම සඳහා අන්‍යාගමික කමිටු ඇති කිරීම ගැන විවේචනය කර තිබිණි. කෙසේ නමුත් පුවත්පත් සාකච්ඡා කැඳවීමෙන් පමණක් බෞද්ධයා බේරාගත නොහැකි බව හෙළ උරුමයද අවබෝධ කරගත යුතුය. ඔවුන්ද මේ රජයේ හවුල්කාරයින් නිසා ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ ගැන සියල්ලෝම එකහා සමාන ලෙස වගකිවයුත්තෝ වෙති. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට රජයේ පාර්ශ්ව කවරක් වෙතත් මෙරට බෞද්ධ ජනතාව නම් සෑදී පැහැදී සිටින බව නම් සටහන් කළ යුතුය. විවිධ අන්‍යාගමික බලවේග මේ බෞද්ධ ප්රබෝධය යටපත් කිරීමට උත්සාහ ගනිති. එහෙත් බෞද්ධ අයිතිය කිසිවකුට යටපත් කළ නොහැකිය. එය රටේ දෙවැනි පුරවැසියාද හොඳින් දැනගත යුතුය. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම හා එය සංවිධානය කිරීම සම්පූර්ණයෙන්ම බෞද්ධ අයිතියකි. එය සර්ව ආගමික අච්චාරුවක් කළ යුතු නැත. එය ආගමික කටයුතු අමාත්‍යාංශය හොඳින්ම අවබෝධ කරගත යුතුය.

චතුර පමුණුව

http://www.divaina.com/2011/01/30/feature15.html

නිර්මල බුදු දහමට, රට, ජාතියට ආදරය කරණ වීර පුතුන් උදෙසා දැනගැනීමට පලකල බව කරුණාවෙන් සලකන්න!!!

බුදුසසුන බැබලේවා!!!

[QUOTE="Djtharindur, post: 9347619, member: 257815"] [CENTER][ATTACH]24084._xfImport[/ATTACH] [SIZE="6"][COLOR="DarkOrange"]සම්බුද්ධත්ව ජයන්තිය හා බෞද්ධ අයිතිය[/COLOR][/SIZE] [/CENTER] [COLOR="DarkRed"][SIZE="4"]සම්බුද්ධත්ව ජයන්තිය උදාවීමට ඇත්තේ තව දින 105 ක් පමණි. ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 2600 ක් සපිරෙන්නේ 2011 වසරේදීය. මෙය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම ඉතා වැදගත් වන ආගමික උත්සවයක් බව සටහන් කළ යුතුය. ලෝක ජනගහනය බිලියන 6.8 කි. එනම් කෝටි 680 ක් වන ලෝක ජනගහනයෙන් කෝටි 110 ක්ම ප්‍රකාශ කරන්නේ තමන් ආගමක් අදහන්නේ නැති බවයි. වික්පීඩියා වෙබ් අඩවියට අනුව දැනට ලෝකයේ වෙසෙන බෞද්ධයින් ප්‍රමාණය මිලියන 376 කි. බුද්ධානෙට් වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ එම පිරිස මිලියන 350 ක් වන බවයි. කෙසේ නමුත් ලෝක ජනගහනයෙන් 6% - 7% ත් අතර ප්‍රමාණයක් බෞද්ධයෝ වෙති. ලෝකයේ වැඩියෙන්ම බෞද්ධයින් සිටින රට චීනයයි. දෙවැනියට බෞද්ධයින් සිටින රට තායිලන්තය වන අතර තෙවැනි තැන හිමිවන්නේ වියට්නාමයටය. 2007 වසර වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 14648421 බෞද්ධයෝ වූහ. මෙවර මැයි මාසයේදී ලොව පුරා තිස්හත් කෝටියක් බෞද්ධයන් මහා සැදැහැසිතින් සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට පුලපුලා බලාසිටිති. ශ්‍රී ලංකාව සැමවිටම බෞද්ධ ලෝකයට ආදර්ශයක් දෙන රාජ්‍යයකි. එදා ඇෆ්ගනිස්ථානයේදී තලෙබාන්වරු බාමියන් පිළිම විනාශ කරද්දී මුලින්ම පාරට බැස්සේ සිංහල බෞද්ධයෝ මිස අන්කවරෙකුවත් නොවේ. වසර 2300 ක් තිස්සේ ලොව කිසිම රටක එකම ආගමක් ආරක්ෂාව පැවතුණේ නැත. එහෙත් සිංහලයෝ අනවරත කැපවීමෙන් යුතුව බුද්ධශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතුකළහ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිදුවන්නේ කවරක්ද? 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් වසර තුනක සිට ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි. එහෙත් අපට නම් ඒ ගැන සෑහීමකට පත්වීම අපහසුය. රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ප්රශ්නකාරී තත්ත්වයක් පැනනගින්නේ බුද්ධශාසන අමාත්‍යාංශය 2600 සම්බුද්ධත්ව ජයන්තිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිකුත් කර ඇති "දීපව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහන" නමැති කුඩා පොත් පිංච දෙස බලන විටය. ඇත්තෙන්ම මේ පොතේ පිටුපස කවරයේ මුද්‍රණය කර ඇත්තේ ගම්පොල අම්බුළුවාවේ ඡායාරූපයකි. 2600 බුද්ධ ජයන්තිය හා අම්බුළුවාවේ ඇති සම්බන්ධය කුමක්ද? එය සර්ව ආගමික මධ්‍යස්ථානයක් මෙන්ම ජෛව විවිධත්ව සංකීර්ණයකි. බුද්ධශාසන අමාත්‍යංශයට මේ වැදගත් සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පළ කරන ග්රන්ථයට සැබෑ බෞද්ධ විහාරයක ඡායාරූපයක් සොයා ගැනීමට අපහසු වූයේද? අවම වශයෙන් රුවන්වැලිසෑයේ ඡායාරූපයක් හෝ පළකිරීමට අපහසු වූයේද? අගමැතිවරයා සතුටු කිරීමට අම්බුළුවාවේ ඡායාරූප පළ කිරීමෙන් පමණක් සම්බුද්ධත්ව ජයන්තිය සාර්ථක කර ගත හැකිද? ඇත්තෙන්ම රජය මගින් නිකුත් කර ඇති මේ ග්‍රන්ථය මගින් යෝජනා කර ඇති වැඩසටහනින් සිදුවන්නේ මෙවර සම්බුද්ධත්ව ජයන්තිය අවුලක් බවට පත්වීමය. මෙය අන්‍යාගමික කුමන්ත්‍රණයක්දැයි අපට සැක සිතේ. 80 හැවිරිදි අගමැති දි. මු. ජයරත්න මහතා ප්‍රකාශ කරන්නේ ලංකාවේ සෑම ආගමක්ම එක හා සමාන බවයි. රජය සෑම ආගමකටම එකලෙස සලකන බවයි. කෙසේ නමුත් 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිකර දී ඇති බව ලංකාවේ දෙවැනි පුරවැසියා නොදන්නේද? වතිකානුව මේ බෞද්ධ රටෙන් කාදිනල්වරයෙකුත් තෝරාගත් සමයක අගමැතිවරයා සෑම ආගමක්ම එකහා සමාන යෑයි පවසන්නේ කා සනසන්නද? අලුතින් පත්වූ කාදිනල් උතුමාණන් නම් මේ ප්‍රකාශ ගැන සංතෝෂවනවා විය හැකිය. කෙසේ නමුත් බහුතර බෞද්ධ ජනතාව නම් මේ ගැන කිසිම කැමැත්තක් දක්වන්නේ නැත. බුද්ධ ශාසන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර ඇති දීප ව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහන" නම් කුඩා පොත් පිංචෙයි බුද්ධ ජයන්තිය සැමරීම සඳහා අන්‍යාගමික කමිටු පිහිටුවීම සඳහාත් උපදෙස් ලබාදී ඇත. මෙය මහා විහිලුවකි. හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි දිස්ත්‍රික් ආගමික කමිටු පත්කර 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන ලෙස ආගමික කටයුතු අමාත්‍යංශය උපදෙස් දී ඇත. අන්‍යාගමිකයන්ට සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට කටයුතු කරන ලෙස අප අණ කරන්නේ කෙසේද? බෞද්ධයින්ට නත්තල් සමරන ලෙස යෝජනා කිරීම සුදුසුද? නැත. එසේම අන්‍යාගමිකයින්ට බුද්ධ ජයන්තිය සැමරීමට යෝජනා කිරීමද විහිලුවකි. එසේම අන්‍යාගමිකයින් බුද්ධ ජයන්ති කමිටුවලට ඇතුළත් කර ගැනීමද කිසිවිටක සිදුකළ යුතු නැත. සම්බුද්ධත්ව ජයන්ති සැමරුමේ විශිෂ්ටත්වය නම් ශ්‍රී ලාංකික සියලු ආගමිකයින්ට විඳිය හැක. එහෙත් මේ අන්‍යාගමික කමිටු ඇති කිරීම තුළින් සිදුවන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම පමණකි. මේ යෝජනා කවර කේවට්ට බමුණන්ගේ යෝජනා දැයි අප නම් දන්නේ නැත. ග්‍රාමසේවා කොට්ඨාස දාහතරදහසක සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන් සංවිධානය කිරීමට රජය යෝජනා කර ඇත. එහෙත් මේ වැඩසටහන් පොතට පමණක් සීමාවේද යන්න ප්රශ්නයකි. ජාතික හෙළ උරුමයද පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් සම්බුද්ධත්ව ජයන්ති සැමරුම සඳහා අන්‍යාගමික කමිටු ඇති කිරීම ගැන විවේචනය කර තිබිණි. කෙසේ නමුත් පුවත්පත් සාකච්ඡා කැඳවීමෙන් පමණක් බෞද්ධයා බේරාගත නොහැකි බව හෙළ උරුමයද අවබෝධ කරගත යුතුය. ඔවුන්ද මේ රජයේ හවුල්කාරයින් නිසා ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ ගැන සියල්ලෝම එකහා සමාන ලෙස වගකිවයුත්තෝ වෙති. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට රජයේ පාර්ශ්ව කවරක් වෙතත් මෙරට බෞද්ධ ජනතාව නම් සෑදී පැහැදී සිටින බව නම් සටහන් කළ යුතුය. විවිධ අන්‍යාගමික බලවේග මේ බෞද්ධ ප්රබෝධය යටපත් කිරීමට උත්සාහ ගනිති. එහෙත් බෞද්ධ අයිතිය කිසිවකුට යටපත් කළ නොහැකිය. එය රටේ දෙවැනි පුරවැසියාද හොඳින් දැනගත යුතුය. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම හා එය සංවිධානය කිරීම සම්පූර්ණයෙන්ම බෞද්ධ අයිතියකි. එය සර්ව ආගමික අච්චාරුවක් කළ යුතු නැත. එය ආගමික කටයුතු අමාත්‍යාංශය හොඳින්ම අවබෝධ කරගත යුතුය. [/SIZE] චතුර පමුණුව [/COLOR] [URL="http://www.divaina.com/2011/01/30/feature15.html"]http://www.divaina.com/2011/01/30/feature15.html[/URL] [SIZE="3"][B]නිර්මල බුදු දහමට, රට, ජාතියට ආදරය කරණ වීර පුතුන් උදෙසා දැනගැනීමට පලකල බව කරුණාවෙන් සලකන්න!!![/B][/SIZE] [CENTER][SIZE="6"][COLOR="Orange"]බුදුසසුන බැබලේවා!!![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom