අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රුපියල් මිලියන 7.5ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත්වූ අය අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ද සිටින බවය.

    එම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, ග්‍රෑම් 510ක් වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟින්ය.


    අයිස් සමග තවත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට​


    කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක් සමග කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු අද (19) බ්ලුමැන්ඩල් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය අප්‍රේල් මස 10 වනදා සිට කටාන පොලිස් ස්ථානයේ සිට සීදුව පොලිස් ස්ථානයට වෙත ස්ථාන මාරුවීම් ලබා ඇති නමුත් සේවයට වාර්තා කර නොමැති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

    පොලීසිය විසින් සැකකරු ගමන්ගත් යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර තිබිය දී නොනවත්වා ඉදිරියට ගමන් කර ඇති අතර, එහිදී ලුහුබැඳ ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කර ඇත.

    එහිදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඔහු කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.