Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුත් දනිමින් ජීවත් වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පානාතිපාතා ගැන කථා කරද්දී සමහර වෙලාවට හිතෙනවා සමාජයේ ඒ ගැන දරන මතය දිහා බැලුවම මේ ගැන අපි අතරෙ නිවැරදි අවබෝධයක් නැත් ද කියලත්. මොකද අපි එකිනෙකා එකිනෙක මතයන් දරන නිසා. සාමාන්‍යයෙන් පානාතිපා කියලා කියද්දි අනුන් නැසීම, අනුන්ට හානි කිරීම, අනුන්ට කරදර කිරීම වගේ නොයෙක් අදහස් ප්‍රකාශ වෙනවා. ඒ වගේම සූත්‍රයන් ගත්තම මේ හැම දේමත් අන්තර්ගත වෙනවා.

අටුවාවට අනුව බලද්දි පානාතිපාතා සිදු වෙන්නේ කරුණු 5 ක් සම්පූර්ණ වුනාම (රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත පොත). ඒ තමයි,

1. යමෙක් දැනගත යුතුයි සතුරෙක්, ඒ කියන්නේ පන තියෙන සත්ත්වයෙක් ඉන්න බව.

2. මේ ජීවත්වෙන සත්ත්වයාව මරණ සිතුවිල්ල.

3. මරණ ක්‍රමය

4. ජීවත්වෙන සත්ත්වයාව ඇත්තටම මැරීම

5. මරණ තැනැත්තා පුද්ගලිකව මේ ක්‍රියාවලියට සම්බන්ධවීම

මෙහෙම බැලුවම පැහැදිලි වෙනවා පානාතිපාතා කියන වචනයේ අර්තය තනි ක්‍රියාවක් නොවේ, ක්ර්යාවලියක එකතුවක් බව. නමුත් මේ කරුණු පහ සූත්‍රයකදි මන් හිතන්නේ නැහැ මුණ ගැහෙයි කියලා (නිවැරදි කිරීමට යටත්ව). ඒවා මුණ ගැහෙන්නේ ථේරවාද බුදු දහමෙදි අපිට මුණ ගැහෙන අට්ඨකතා වලදි. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේවල් දේශනා කලාද නැද්ද කියන එක ගැන කෙනෙක්ට වාද කරන්න පුළුවන්. නමුත් බලන්න මේ කරුණු 5 අනුගමනය කරනවානම්, විශේෂයෙන්ම කලින් කිව්ව 5 වන කරුණ අනුව කෙනෙක්ට පුළුවන් සත්ත්වයකුට හානි කරන්න අනුන් ලවා. මොකද එතනදි කියන්නේ පුද්ගලිකව සම්බන්ධ වෙන්න ඕනා කියලා නිසා. ඇත්තටම නීතියේදී මේ තත්ත්වය නිසා කෙනෙක්ට නිදොස්ව නිදහස් වෙන්න වුනත් පුළුවන්. උදාහරණයකට එක්තරා නඩුවක දී කෙනෙක් කෙනකුට පහර දීලා ඒ පහර කෑ තැනැත්තා ඇඳේ සිටීමේ දී ඇති වුන රෝගයක් නිසා මරණයට පත් වුනාම උසාවිය මිනීමැරීමට අර පහර දුන් තැනැත්තා වග කියන්න අවශ්‍ය නෑ කියලා තීරණය කරලා තියෙනවා. ඒ වගේම තව කරුණක් තමයි, මෙතනදි සඳහන් වෙන්නේ මරණයට පත් කිරීම පමණයි. කරදර කිරීමක් හෝ පීඩා කිරීමක් මීට ඇතුළත් නෑ.

ත්‍රිපිටකයට අනුව පානාතිපාතා යන්නෙහි තේරුම මජ්ජිම නිකායෙ සලෙයියක සූත්‍රයේ දැක්වෙන්නේ ලද්දෝ ලෝහිතපානි හතපහතෙ නිවිත්තො අද්‍යාපන්නො පානභූතේසු (අකුරු වැරදි ඇති) විදියට. ඒ කියන්නේ, කෙනෙක්,

නපුරු වෙයි (ලද්දෝ)

අතේ ලේ ගෑවෙයි (ලෝහිතපානි)

කොටන්න, මරන්න තරම් දරුණු වීම (හතපහතෙ නිවිත්තො)

ජීවත්වෙන සත්ත්වයෝ ගැන කිසි අනුකම්පාවක් නැතිව ජීවත්වෙන (අද්‍යාපන්නො පානභූතේසු)

ඊළඟට පානාතිපාතාවෙන් වැලකීම හඳුන්වන්නේ නිහිතදන්ඩො නිහිතසත්තො ලජ්ජි දයාපන්නො සබ්බපානභූතා හිතානුකම්පි විහරති විදියට. ඒ කියන්නේ, කෙනෙක්,

නපුර හැරලයි (නිහිතදන්ඩො)

ආයුධ, දඬු මුගුරු හැරලයි ( නිහිතසත්තො)

අනෙකාට හානි කිරීමට ලැජ්ජා සහගත වෙයි (ලැජ්ජි)

අනිකා වෙනුවෙන් කාරුණික වෙයි (දයාපන්නො)

ජීවත්වෙන සියළුම සත්ත්වයා කෙරෙහි මෙත් සිත, දයානුකම්පාව පතුරවමින් ජීවත් වෙයි (සබ්බපානභූතා හිතානුකම්පි විහරති)

මේ විදියට පානාතිපාතාවෙන් වැලකීම සතත්ත්වයන්ගේ ජීවිතය ආවරණය කරනවා. ඒ එක්ක බැලුවම නිශ්චිතවම මරණයට පත් කිරීමම කියන දේ ට විතරක් සීමාවෙන්නේ නෑ. ඒක ඊට වඩා එහාට ගිය දෙයක්. මරණයට පත් කිරීම කියන්නේ පානාතිපාතාවෙන් පුංචි කොටසක් පමණයි. ඉතින් මේ හැම දේකින්ම ඈත් වීම තමයි පානාතිපාවෙන් බැහැර වීම කියන්නෙ. විහරති කියන වචනය හරිම වැදගත්. එහෙමයි කෙනෙක් ජීවත් වෙන්න ඕනා. කිසියම් නිශ්චිත වෙලාවකදි අපි කරන විශේෂ කාර්යයක් නෙමෙයි පානාතිපාතාවෙන් වැළකීම කියන්නෙ. ඒක අපේ ජීවිත රටාව බවටයි පත් වෙන්නෙ. අපි කොහේ ජීවත් වුනත් මෙතනනිනුයි අපි තීරණය කරන්නේ අනිකාට හානිදායී විදියට අපි ජිවත් වෙනවාද නැත්නම් අනිකාට මෛත්‍රියෙන් ජීවත් වෙනවාද කියලා.

මෙතනදි හම්බවෙන ප්‍රධානම වචනය තමයි පාණ - (ජීවිතය) කියන්නේ.අපිට ජීවිත රකින්න වෙනවා. ජීවිතය ආකාර 3 යි. ඒ කියන්නේ මිනිස් ජිවිතය, සත්ත්ව ජීවිතය සහ ගස්. භික්ෂුවකට ඇති විනය රීතිවල මේ ආකාර 3 ම සැලකිල්ලට අරන් තියෙනවා. පාරාජිකා ගැන දන්නවා ඇති නේ. මිනිහෙක් මැරීම කියන දේ ප්‍රධාන පාරාජිකා රීතියක්. භික්ෂුවක් විසින් මිනිස් ඝාතනයක් කළොත් එතැන් පටන් ස්වයංක්‍රීයව ම ගිහි බවට සළකනවා. අනෙක් අතට සත්ත්ව සහ ගස් වලට හානි කිරීම සම්බන්ධයෙන් දෙවිදියකට කරුණු දැක්වෙනවා. ඒ කියන්නේ ගස් වල ජීවිතයත් සත්ත්ව ජිවිතය හා සමානව සැළකිය යුතු බව, නමුත් වෙනසක් තියෙනවා. ගස් සම්බන්ධයෙන් ගත්තම බුදුරජාණන්වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ ජිව කියන වචනය. නමුත් සතුන් සම්බන්ධයෙන් පාණා. උන්වහන්සේ දේශනා කරනවා, ගස් වලත් යම් ආකාරයක ජීවයක් තියෙන බව මිනිස්සු විශ්වාස කරනවා, ඒ නිසා ගස් ගැලවීමෙන් වලකින්න කියලා. නමුත් ගිහියො සම්බන්ධයෙන් මේ වෙනස දේශනා කරපු බවක් හොයා ගන්න බෑ (නිවැරදි කිරීමට යටත්ව).

සුත්ත නිපාතයේ ධම්මික සූත්රයෙදි බුදුහාමුදුරුවො ගිහියන්ට සහ පැවිද්දන්ට අනුගමනය කරන්න වෙන වෙනම ආචාර ධර්ම පද්ධති දෙකක් හඳුන්වලා දෙනවා. ගිහියන්ට නම් පංච ශීලය. ඒ අනුව පංච ශීලය විස්තර කරනවා මේ සූත්‍රයේදි. පානාතිපාතා ගැන කියවෙන පළමු සිල් පදයට අදාළව මේ සූත්‍රයේදි දේශනා කරනවා තස හෝ තාවරා කියන කාණ්ඩයන්ට වැටෙන සත්ත්වයන්ට හානි නොකරන්න කියලා. අටුවාවට අනුව තස කියන කොටසෙන් කෙලෙස් සහිත සත්ත්වයා ආවරණය වෙද්දි තාවරා කියන කොටසෙන් කෙලෙස් නැසූ සත්ත්ව කොට්ඨාශය ආවරණය වෙනවා. ඉතින් එහෙම බලද්දි බුදුහාමුදුරුවො ගිහියන්ට දේශනා කරනවා, රහතුන් වගේම නොරහතුන්ටත් හානි නොකරන්න කියලා. ඒත් මේක පිළිගත්තොත් ඇති වෙන ප්රශ්නය තමයි පළමු සිල් පදයෙන් ආවරණය කරනවා කියලා මෙයින් අදහස් කරන්නේ මිනිස්සු විතරක් වීම. එහෙම බලද්දි ආයිත් ප්‍රශ්නයක් වෙනවා මේ අටුවා අර්ථය මුල් බුදු වදනට පටහැනිව යනවා නේද කියලා. ඒ නිසා තස කියන වචනය අරුත් දක්වන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඇවිදින සත්ත්වයො කියලා. එතකොට මිනිස්සු වගේම අනිකුත් සතුන්වත් ඒ තුළට අදාළ වෙනවා. අනිත් අතට ඇවිදින්නෙ නැති සත්තුත් ඕනා තරම් මේ පොළොවෙත්, ජලයෙත් මුන ගැහෙනවා. ඒ අයව තාවරා කියන පදයෙන් ආවරණය කරතහැකි. ඒ වගේම ගස් වලට ජිවය තිබුනත් ඇවිදින්නේ නෑ. අපිට හිතන්න පුළුළවන් ගස් අයිති වෙන්නෙත් මේ කාණ්ඩයටම කියලා. මේ කාණ්ඩයත් ගිහියන් විසින් හානියට පත් නොකල යුතු දේ.

අනික් අතට ධම්මික සූත්‍රය තව අතකින් ගිහියන්ට වැදගත්. මෙතනදි බුදුහාමුදුරුවො ගිහියන්ගෙන් ඉල්ලනවා ජීවත්වෙන සත්තු ගැන තුන් ආකාරයකට හැසිරෙන්න කියලා. ඒ කියන්නේ,

1. පානම් න හනෙ - ජීවිතය ඇතිවුන් නොනසා

2. නා ච ඝාත්යයෙතය - අනුන් ලවා නොනස්සවා

3. නා චනුජනඤා හනතම් පරේසම් - සමාජයෙ සිදුවන ඝාතන හෙලා දැකීම

අන්‍යන්ට හානිකිරිමෙන් වැලකීමට නම් මේ තුනම එක අවස්ථාවෙදි ක්‍රියාත්මක වෙන්න ඕනා. මේක ගිහියො සම්බන්ධයෙන් ගත්තම ටිකක් අපහසු කාර්යයක්. මෙනිසා බුදුහාමුදුරුවො සරලව දේශනා කරනවා පියවරෙන් පියවරට ඒ කාර්යය සම්පූර්ණ කරන්න කියලා. මුලින්ම අපි අන්යන් නොනසනවා. දෙවනුව අන්යන් ලව්වා අනුන් නොනසන්න කටයුතු කරනවා. තුන්වනුව අපි සමාජයේ සිදුවන නැසීම, පීඩා කිරීම් හෙලා දකිනවා, ඒවට විරුද්ධ වෙනවා. මෙන්න මෙතනදි තමයි මාංශ පරිබෝජනයෙන් වැළකීමට බුදු දහම අපිව මෙහෙයවන්නේ. ඉතින් මේක ලේසි කරුණක් නොවුනත් බෞද්ධයො විදියට මේ වටිනාකම් අපි අපි තුළ ඇති කරගත යුතු බව ඔබට පේනවා ඇති.

[QUOTE="hpalpola, post: 19196815, member: 321413"] [SIZE="3"] පානාතිපාතා ගැන කථා කරද්දී සමහර වෙලාවට හිතෙනවා සමාජයේ ඒ ගැන දරන මතය දිහා බැලුවම මේ ගැන අපි අතරෙ නිවැරදි අවබෝධයක් නැත් ද කියලත්. මොකද අපි එකිනෙකා එකිනෙක මතයන් දරන නිසා. සාමාන්‍යයෙන් පානාතිපා කියලා කියද්දි අනුන් නැසීම, අනුන්ට හානි කිරීම, අනුන්ට කරදර කිරීම වගේ නොයෙක් අදහස් ප්‍රකාශ වෙනවා. ඒ වගේම සූත්‍රයන් ගත්තම මේ හැම දේමත් අන්තර්ගත වෙනවා. අටුවාවට අනුව බලද්දි පානාතිපාතා සිදු වෙන්නේ කරුණු 5 ක් සම්පූර්ණ වුනාම (රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත පොත). ඒ තමයි, 1. යමෙක් දැනගත යුතුයි සතුරෙක්, ඒ කියන්නේ පන තියෙන සත්ත්වයෙක් ඉන්න බව. 2. මේ ජීවත්වෙන සත්ත්වයාව මරණ සිතුවිල්ල. 3. මරණ ක්‍රමය 4. ජීවත්වෙන සත්ත්වයාව ඇත්තටම මැරීම 5. මරණ තැනැත්තා පුද්ගලිකව මේ ක්‍රියාවලියට සම්බන්ධවීම මෙහෙම බැලුවම පැහැදිලි වෙනවා පානාතිපාතා කියන වචනයේ අර්තය තනි ක්‍රියාවක් නොවේ, ක්ර්යාවලියක එකතුවක් බව. නමුත් මේ කරුණු පහ සූත්‍රයකදි මන් හිතන්නේ නැහැ මුණ ගැහෙයි කියලා (නිවැරදි කිරීමට යටත්ව). ඒවා මුණ ගැහෙන්නේ ථේරවාද බුදු දහමෙදි අපිට මුණ ගැහෙන අට්ඨකතා වලදි. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේවල් දේශනා කලාද නැද්ද කියන එක ගැන කෙනෙක්ට වාද කරන්න පුළුවන්. නමුත් බලන්න මේ කරුණු 5 අනුගමනය කරනවානම්, විශේෂයෙන්ම කලින් කිව්ව 5 වන කරුණ අනුව කෙනෙක්ට පුළුවන් සත්ත්වයකුට හානි කරන්න අනුන් ලවා. මොකද එතනදි කියන්නේ පුද්ගලිකව සම්බන්ධ වෙන්න ඕනා කියලා නිසා. ඇත්තටම නීතියේදී මේ තත්ත්වය නිසා කෙනෙක්ට නිදොස්ව නිදහස් වෙන්න වුනත් පුළුවන්. උදාහරණයකට එක්තරා නඩුවක දී කෙනෙක් කෙනකුට පහර දීලා ඒ පහර කෑ තැනැත්තා ඇඳේ සිටීමේ දී ඇති වුන රෝගයක් නිසා මරණයට පත් වුනාම උසාවිය මිනීමැරීමට අර පහර දුන් තැනැත්තා වග කියන්න අවශ්‍ය නෑ කියලා තීරණය කරලා තියෙනවා. ඒ වගේම තව කරුණක් තමයි, මෙතනදි සඳහන් වෙන්නේ මරණයට පත් කිරීම පමණයි. කරදර කිරීමක් හෝ පීඩා කිරීමක් මීට ඇතුළත් නෑ. ත්‍රිපිටකයට අනුව පානාතිපාතා යන්නෙහි තේරුම මජ්ජිම නිකායෙ සලෙයියක සූත්‍රයේ දැක්වෙන්නේ [B]ලද්දෝ ලෝහිතපානි හතපහතෙ නිවිත්තො අද්‍යාපන්නො පානභූතේසු[/B] (අකුරු වැරදි ඇති) විදියට. ඒ කියන්නේ, කෙනෙක්, නපුරු වෙයි (ලද්දෝ) අතේ ලේ ගෑවෙයි (ලෝහිතපානි) කොටන්න, මරන්න තරම් දරුණු වීම (හතපහතෙ නිවිත්තො) ජීවත්වෙන සත්ත්වයෝ ගැන කිසි අනුකම්පාවක් නැතිව ජීවත්වෙන (අද්‍යාපන්නො පානභූතේසු) ඊළඟට පානාතිපාතාවෙන් වැලකීම හඳුන්වන්නේ [B]නිහිතදන්ඩො නිහිතසත්තො ලජ්ජි දයාපන්නො සබ්බපානභූතා හිතානුකම්පි විහරති [/B]විදියට. ඒ කියන්නේ, කෙනෙක්, නපුර හැරලයි (නිහිතදන්ඩො) ආයුධ, දඬු මුගුරු හැරලයි ( නිහිතසත්තො) අනෙකාට හානි කිරීමට ලැජ්ජා සහගත වෙයි (ලැජ්ජි) අනිකා වෙනුවෙන් කාරුණික වෙයි (දයාපන්නො) ජීවත්වෙන සියළුම සත්ත්වයා කෙරෙහි මෙත් සිත, දයානුකම්පාව පතුරවමින් ජීවත් වෙයි (සබ්බපානභූතා හිතානුකම්පි විහරති) මේ විදියට පානාතිපාතාවෙන් වැලකීම සතත්ත්වයන්ගේ ජීවිතය ආවරණය කරනවා. ඒ එක්ක බැලුවම නිශ්චිතවම මරණයට පත් කිරීමම කියන දේ ට විතරක් සීමාවෙන්නේ නෑ. ඒක ඊට වඩා එහාට ගිය දෙයක්. මරණයට පත් කිරීම කියන්නේ පානාතිපාතාවෙන් පුංචි කොටසක් පමණයි. ඉතින් මේ හැම දේකින්ම ඈත් වීම තමයි පානාතිපාවෙන් බැහැර වීම කියන්නෙ. විහරති කියන වචනය හරිම වැදගත්. එහෙමයි කෙනෙක් ජීවත් වෙන්න ඕනා. කිසියම් නිශ්චිත වෙලාවකදි අපි කරන විශේෂ කාර්යයක් නෙමෙයි පානාතිපාතාවෙන් වැළකීම කියන්නෙ. ඒක අපේ ජීවිත රටාව බවටයි පත් වෙන්නෙ. අපි කොහේ ජීවත් වුනත් මෙතනනිනුයි අපි තීරණය කරන්නේ අනිකාට හානිදායී විදියට අපි ජිවත් වෙනවාද නැත්නම් අනිකාට මෛත්‍රියෙන් ජීවත් වෙනවාද කියලා. මෙතනදි හම්බවෙන ප්‍රධානම වචනය තමයි [B]පාණ[/B] - (ජීවිතය) කියන්නේ.අපිට ජීවිත රකින්න වෙනවා. ජීවිතය ආකාර 3 යි. ඒ කියන්නේ මිනිස් ජිවිතය, සත්ත්ව ජීවිතය සහ ගස්. භික්ෂුවකට ඇති විනය රීතිවල මේ ආකාර 3 ම සැලකිල්ලට අරන් තියෙනවා. පාරාජිකා ගැන දන්නවා ඇති නේ. මිනිහෙක් මැරීම කියන දේ ප්‍රධාන පාරාජිකා රීතියක්. භික්ෂුවක් විසින් මිනිස් ඝාතනයක් කළොත් එතැන් පටන් ස්වයංක්‍රීයව ම ගිහි බවට සළකනවා. අනෙක් අතට සත්ත්ව සහ ගස් වලට හානි කිරීම සම්බන්ධයෙන් දෙවිදියකට කරුණු දැක්වෙනවා. ඒ කියන්නේ ගස් වල ජීවිතයත් සත්ත්ව ජිවිතය හා සමානව සැළකිය යුතු බව, නමුත් වෙනසක් තියෙනවා. ගස් සම්බන්ධයෙන් ගත්තම බුදුරජාණන්වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ [I]ජිව [/I]කියන වචනය. නමුත් සතුන් සම්බන්ධයෙන් පාණා. උන්වහන්සේ දේශනා කරනවා, ගස් වලත් යම් ආකාරයක ජීවයක් තියෙන බව මිනිස්සු විශ්වාස කරනවා, ඒ නිසා ගස් ගැලවීමෙන් වලකින්න කියලා. නමුත් ගිහියො සම්බන්ධයෙන් මේ වෙනස දේශනා කරපු බවක් හොයා ගන්න බෑ (නිවැරදි කිරීමට යටත්ව). සුත්ත නිපාතයේ ධම්මික සූත්රයෙදි බුදුහාමුදුරුවො ගිහියන්ට සහ පැවිද්දන්ට අනුගමනය කරන්න වෙන වෙනම ආචාර ධර්ම පද්ධති දෙකක් හඳුන්වලා දෙනවා. ගිහියන්ට නම් පංච ශීලය. ඒ අනුව පංච ශීලය විස්තර කරනවා මේ සූත්‍රයේදි. පානාතිපාතා ගැන කියවෙන පළමු සිල් පදයට අදාළව මේ සූත්‍රයේදි දේශනා කරනවා [I]තස [/I]හෝ [I]තාවරා[/I] කියන කාණ්ඩයන්ට වැටෙන සත්ත්වයන්ට හානි නොකරන්න කියලා. අටුවාවට අනුව තස කියන කොටසෙන් කෙලෙස් සහිත සත්ත්වයා ආවරණය වෙද්දි තාවරා කියන කොටසෙන් කෙලෙස් නැසූ සත්ත්ව කොට්ඨාශය ආවරණය වෙනවා. ඉතින් එහෙම බලද්දි බුදුහාමුදුරුවො ගිහියන්ට දේශනා කරනවා, රහතුන් වගේම නොරහතුන්ටත් හානි නොකරන්න කියලා. ඒත් මේක පිළිගත්තොත් ඇති වෙන ප්රශ්නය තමයි පළමු සිල් පදයෙන් ආවරණය කරනවා කියලා මෙයින් අදහස් කරන්නේ මිනිස්සු විතරක් වීම. එහෙම බලද්දි ආයිත් ප්‍රශ්නයක් වෙනවා මේ අටුවා අර්ථය මුල් බුදු වදනට පටහැනිව යනවා නේද කියලා. ඒ නිසා තස කියන වචනය අරුත් දක්වන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඇවිදින සත්ත්වයො කියලා. එතකොට මිනිස්සු වගේම අනිකුත් සතුන්වත් ඒ තුළට අදාළ වෙනවා. අනිත් අතට ඇවිදින්නෙ නැති සත්තුත් ඕනා තරම් මේ පොළොවෙත්, ජලයෙත් මුන ගැහෙනවා. ඒ අයව තාවරා කියන පදයෙන් ආවරණය කරතහැකි. ඒ වගේම ගස් වලට ජිවය තිබුනත් ඇවිදින්නේ නෑ. අපිට හිතන්න පුළුළවන් ගස් අයිති වෙන්නෙත් මේ කාණ්ඩයටම කියලා. මේ කාණ්ඩයත් ගිහියන් විසින් හානියට පත් නොකල යුතු දේ. අනික් අතට ධම්මික සූත්‍රය තව අතකින් ගිහියන්ට වැදගත්. මෙතනදි බුදුහාමුදුරුවො ගිහියන්ගෙන් ඉල්ලනවා ජීවත්වෙන සත්තු ගැන තුන් ආකාරයකට හැසිරෙන්න කියලා. ඒ කියන්නේ, 1. පානම් න හනෙ - ජීවිතය ඇතිවුන් නොනසා 2. නා ච ඝාත්යයෙතය - අනුන් ලවා නොනස්සවා 3. නා චනුජනඤා හනතම් පරේසම් - සමාජයෙ සිදුවන ඝාතන හෙලා දැකීම අන්‍යන්ට හානිකිරිමෙන් වැලකීමට නම් මේ තුනම එක අවස්ථාවෙදි ක්‍රියාත්මක වෙන්න ඕනා. මේක ගිහියො සම්බන්ධයෙන් ගත්තම ටිකක් අපහසු කාර්යයක්. මෙනිසා බුදුහාමුදුරුවො සරලව දේශනා කරනවා පියවරෙන් පියවරට ඒ කාර්යය සම්පූර්ණ කරන්න කියලා. මුලින්ම අපි අන්යන් නොනසනවා. දෙවනුව අන්යන් ලව්වා අනුන් නොනසන්න කටයුතු කරනවා. තුන්වනුව අපි සමාජයේ සිදුවන නැසීම, පීඩා කිරීම් හෙලා දකිනවා, ඒවට විරුද්ධ වෙනවා. මෙන්න මෙතනදි තමයි මාංශ පරිබෝජනයෙන් වැළකීමට බුදු දහම අපිව මෙහෙයවන්නේ. ඉතින් මේක ලේසි කරුණක් නොවුනත් බෞද්ධයො විදියට මේ වටිනාකම් අපි අපි තුළ ඇති කරගත යුතු බව ඔබට පේනවා ඇති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom