Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුත් දනිමින් ජීවත් වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ නම් පුදුම දෙයක් යන්න නිතරම සිතෙයි. හරි හරි වැඩය මටනම් සිදු වන්නේ. ඔබලාටත් එසේදැයි මා නොදනිමි.

ඒ දවස්වල නීතීඥ වෘත්තියට මා පුදුම ලෙස වෛර කළෙමි. ඒ අපේ පැත්තේ සිටි නීතීඥවරයකු නිසාවෙනි. ඔහු පුදුම දුකක් විඳය මිය ගියේ. ඔහු මිය යන විට අතුණුබහන් පවා කුණුව ගොස් තිබිනි. ආතානම් කීවේ මිනිසුන්ට කල අකටයුතුකම්වලට ඒ මිනිස්සු හීල්ලීමෙන්ම ඒම ශාපයක් වී ඔහුට වැදී කුණු වී දුක්විඳ මිය ගිය බවයි. මේ නිසාම මේ වෘත්තිය මට අප්‍රසන්න විය. නමුත් මාද කැරකවී අවසානයේ නැවතුනේ එම වෘත්තියේමය. මටත් අර විදියටම මිනිස්සු බනිනවා ඇත. ඒක මේ වෘත්තියේ හැටි නොවැ. ඒත් මම නම් මේ වෘත්තියට හරිම ආදරෙයි. එනිසා ආදරයෙන්, භක්තියෙන් වෘත්තීමය කටයුතුවල යෙදෙමි. කොහොමත් සමාජය දෙස බැලූ විට මා මහ මැට්ටකුයැයි අපේ තාත්තා කියන කතාව ඇත්තය. මට මෙහෙම ඉඳියට හරි හරි වැඩ වෙයි. දැන් මගේ කල වයසත් හරිලු, කොන්ඩෙත් ඉදිලලු, කසාදයක් කර ගන්න කාලය හරියැයි හැමෝම වගේ කියයි. යාළුවොත් සේරමවගේ බැඳලාය. මෑතකදී නොබැඳ සිටි අන්තිමයා, කාන්චනාත් බැන්දා දැන් ඉතින් උඹ විතරයි ඉතිරි කියා නිලූෂා බට්ටී කිව්වාය. ඒත් "කව්ද අපිට හිර දෙන්නෙ" මා උත්තර දුනිමි.

මා දෙවරක් මනාලියන් බැලීමට ගියෙමි. දෙවරම බලු බැණුම් අසන්නට සිදු විය. පලමුවර ගමනේදී කපුනෝනා මට උපදෙස් රැසක් දුන්නාය. "මහත්තයා, ඔන්න ආගම ගැන කතා කරන්න එපා. වෘත්තිය කරන හැටි ගැන කතා කරන්න එපා. ගෙයක් ගැන ඇහුවම මන් ඒක බලා ගන්නම්. තව ඔය කොන්ඩෙ කළු කර ගන්නත් ඕනා. මස්,මාළු නොකන වග කියන්න යන්න ඕනා නෑ. ඒවා මන් බලා ගන්නම්"වගේ උපදෙස් රැසකි. මාද ගොනා සේ ඒවා අසා ඉඳ ගමන ගියෙමි. මනාලිය දුටු පමණින්ම දෙමව්පියෝ නෑදෑයෝ මට ඇස් ගහන්නට විය. මන් ඇයි කියා ඇසූ විට තාත්තා මට බැන්නේය. මා ඇයට හිනා වී බිම බලා සිටියෙමි. මනාලිය ඇහැට කනට පේන තරුණියකි. කපුනෝනා කතාව කරයි. මා ගැන පට්ට කෙබ්බ අදියි. අපේ නෑයෝ ඒවා අනුමත කරයි. ඒවා අසා දහඩිය දමන්න පටන්ගත් නිසා මා එතනින් එළියට ආවෙමි. ටිකකින් මනාලියගේ පියා පැමිණ පුතා එන්න ඇතුලට කී නිසා මා ඔහුට මාමේ මට දූ එක්ක කතා කලෑකිද කියා අැසුවෙමි. එවිට ඔහු ගේ දෙසට හැරී මෙන්න මනාල මහත්තයාට අපේ දෝණියන්දෑට කතා කරන්න ඕනලු, කෝ ආවනම් කියා කියූ විට කපුනෝනාම ඇය සමග පැමිනියාය. එවිටම අපේ පියා මට කතා කර "මේ අහපන් මැට්ටො, අනවශ්‍ය කතා කියලා වැඩේ අවුල් කරන්න එපා" කියා පැත්තකට අඬගසා මට අවවාද කලේය. මන් එයද හිතේ දරා ගෙන ඇය සමග කතාවට වැටුනි. "ඔයාගේ නම මොකක්ද මම හරිශ්" ආරම්භය ගත්තෙමි. "මම....". ඇයි උත්තර දෙයි. "මොකද ඔයාට හිතෙන්නෙ මට කැමති ද" මා ඇසුවෙමි. "දැන්ම ඉකමන් වෙන්න බෑනේ අපි අඳුනන්නේ නෑ නෙ" ඇය කියයි. "ඔව් එ්ක ඇත්ත. කපු නැන්දා කියන දේවල් බොරු හොඳේ. මන් ගැන මන් තරම් එයා දන්නෙ නෑ." මන් කීවෙමි. "ඉතින් ඔයා ගැන කියන්න බලන්න" ඇය ආරාධනා කලාය. "ඒවායින් වැඩක් වෙන්නෙ නෑ. මන් කියන දේ ටිකක් අහන්න. ඔයා ඇහැට කනට පේන කෙනෙක්. මගේ කොන්ඩෙ ඉදිලා පීනස නිසා, ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද" මා අසමි.

"ඩයි කලෑකි නේද, කැතයිනේ නැත්නම්" ඇය කියයි. "ඒකනම් කවදාවත් වෙන්නෙ නෑ මිස්" මා කීවෙමි. ඒ ගැන කතාව ඉවරයි. "මන් හින්දු චාරිත්‍රවලට කැමති නෑ ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද" මන් දෙවැන්නත් ඇසුවෙමි. "ඒ කියන්නෙ මොනවද මට තේරෙන්නේ නෑ." ඇය කියයි. "ඒ කිව්වෙ නැකැත්, පෝරුවෙ නගින ඒවා වගේ" මා කීවෙමි. "මොකක් ඒක පුදුම වැඩක්නෙ. මන් ආසයි මනාලියක් විදියට ලස්සනට ඇඳලා පෝරුවේ නැගලා හොඳ මගුල් ගෙයක් ගන්න." ඇය ඇස් ලොකුකර කියයි. "වෙලාවට ඔයා මට කැමැති නැත්තෙ. මන් ඒවාට කැමැති නෑ මිස්. මට අනුන් කරන දේ කරන්න ඕනා නෑ. සරලව ආගමානුකූලව කරන දෙයක් හැර වෙන දෙයක් කරන්නේ නෑ." මන් කීවෙමි. "අම්මෝ ඔයා කලින්ම ඒ ගැන කිව්ව එක හොඳයි. මම නම් කැමති නෑ ඔයා වගේ අදහස් තියෙන කෙනෙක්ට" ඇය කීවාය. "ඇත්තම ද" මා පුදුමයෙන් ඇසුවෙමි. "අනේ ඔව්" ඇය කීවාය. "ෆ්‍රෙන්ඩ්ස්??" කියා මා ඇයට අතට අත දුන්නෙමි. ඇය ගස්සා අහක බැලුවාය. අපේ කතාව එපමණකි. එදා සිට දවස් ගණනක් යනතෙක් මට නොසෑහෙන්න රැවුම්, බැණුම්, ගෙරවුම් අඩුවක් නැතිව ලැබිනි. මේ වුනේ 2012 දී ය. ඉන් පසුව මට මගුල් කතා නොකර කාලයක් ගත වී නැවතත් 2015 දී එය කරලියට ආවේය.

දිනක් මා උසාවිගොස් ගෙදර එන විට ගැහැණියක් ඉස්තෝප්පුවේ වාඩි වී සිටියාය. මා ඈ සමග හිනා වී ඇතුලට ගියේ අම්මාට අඬ ගසමිනි. "ඇයි අර ගෑණු කෙනෙක් තනියම ඉන්නෙ. මාව හම්බ වෙන්නද" "ඔව් ඔව් කපු කෙනෙක්" "හුටා අයෙත් පටන් ගන්නද යන්නෙ වැඩේ" මා හිනා වෙමින් අසා කාමරයට ගියෙමි. ටිකකින් අම්මා කතා කලාය. මාද ලැජ්ජාවෙන් ගොස් ඉස්තෝප්පුවේ වාඩි වුනෙමි. "මෙයාට තමයි අපි හොයන්නෙ. කොළඹ වැඩ කරන නීතීඥ කෙනෙක්" අම්මා කියයි. "මහත්තයා ගැන අම්මා කිව්වා. මහත්තයා මොන වගේ කෙනෙක්ද හොයන්නෙ" කපුනෝනා අහයි. "අනේ නැන්දෙ මට ගෑණු එපා." මන් කීවෙමි. "ඒක තීරණය කොරන්නෙ අපි, කල වයස ආවම දෙමව්පියො ඒවා කරලා දෙන්න ඕනා, දරුවන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ" අම්මා කියයි. "ඒකනෙ මහත්තයො." කපුනෝනා පෝර දායි. "එහෙමද, හොඳයි එහෙනම් බලන්න මන් කැමති විදියෙ කෙනෙක්" මා කීමි. "කොයිවගේ කෙනෙක්ට ද මහත්තයා කැමති". "ම්ම් රූපය ගැන මන් හිතන්නෙ නෑ, හැබැයි පාරේ එක්ක යන්න පුළුවන්නම් හොඳයි. මොකද මන් කලින් යාළුවෙලා උන්න ලමයා මා එක්ක පාරේ යන්න කැමති නෑ. එයාගේ දෙමව්පියො යහපත්වෙන්න ඕනා, දුරාචාර වැඩ කරන කෙනෙක්ට මන් ගරු කරන්නෙ නෑ, විශේෂයෙන්ම ආගමානුකූලව ජීවත්වෙන්න ඕනා, ඔය පෝරුවේ වැඩ මන් කරන්නෙ නෑ. ඊට අමතරව මස්, මාළු නොකන, අරක්කු සිගරට් වලට විරුද්ධනම් හොඳයි. උදේම නැගිටින්න ඕනා. ඇඳුම් හෝදන්න සෙනසුරාදා වෙනකම් ඉන්න බෑ. අනික දරුවො හදන්න කල් ඕනා කියලා කියන්න බෑ. ඒ වගේම මට තවම ගෙයක් නෑ කියලා කියන්න ඕනා" මන් කීවෙමි. "අනේ මහත්තයො ඕවට කැමති ගෑණු ලමේක් කොහෙන් හොයන්නද. හැම කෙල්ලම හීන දකින්නෙ පෝරුවෙ නගින්න" ඇය කියන්නට වූයෙන් මා පුටුවෙන් නැගිට්ටෙමි. "මට ඕවයින් වැඩක් නෑ. කැමතිනම් මන් කියූ විදියට බලන්න. නැත්නම් අනවශ්‍යයි" කියා මා ඒ රැස්වීම හමාර කලෙමි.

ටික දිනකට පසු ඇය හවස් වරුවක ආවේ මංගල යෝජනාවක්ද සමගිනි. "ඔන්න මහත්තයො මහත්තයා කිව් විදියට කෙනෙක් ලැබුනා." ඇය කිව්වාය. "මොකක්" ඒ අසා මා විශ්මයට පත් වූයෙමි. මන් ඉවරයි. අම්මා අැයත් සමග සතුටින් කතාවය. අවසානයේ ඉරිදාවක ඇය බැලීමට අපි ගියෙමු. එදාත් යන ගමනේ දී කපුනෝනා මට පෙර ලෙසම උපදෙස් දුන්නාය. අපි ගෙදරට ගියෙමු. මනාලිය සාරියකින් සැරසී පැමිණ අම්මලාට ආචාර කොට මටද ආචාර කලාය. මා සිනා සී පෙරලා ආචාර කළෙමි. ටිකකින් මා ඇය සමග කතා කරන්න අවශ්‍ය බව කිව්වෙමි. අපේ තාත්තා හැර සියල්ලෝ අප තනිකොට පිටට ගියෝය. තාත්තා නොයන්නේ ඇයිදැයි මා දනිමි. එහෙත් මා තාත්තා ලඟට ගොස් යන්නයැයි කී විට "අනේ ලොකු පුතේ අපේ නම්බුව කන්න එපා මේ සැරෙත්" කියා තාත්තාත් එළියට ගියේය. මා ඇය ඉදිරිපිට වාඩි වුනෙමි. "මන් පුදුම වුනා මේ මගුල ගැන ඇහුවම, කපුනෝනා විස්තර කිව්වද මන් ගැන" මන් ඇසුවෙමි. "ඔව් කිව්වා." ඇය කිව්වාය. "ඒ කියන්නෙ මන් කිව්ව දේවල්".. ඇය පුදුම විය. "මන් එයාට කිව්වා මන් බඳින්න කැමති මොනවගේ කෙනෙක්ද කියලා" මා කිව්වෙමි. "මොනවගේ කෙනෙක්ද" ඇය අහද්දී මට කපුනෝනා ගැන තරහක් ඇතිවිනි. "ටිකක් ඉන්න. සමාවෙන්න ඔයාව අපහසුතාවට ලක් කරනවාට. මන් එයාට කිව්වා මන් කැමති දේවල් ගැන කියලා ඊට කැමතිනම් විතරක් කතා කරන්න කියලා." උත්තර දුන් මා කපුනෝනාව කතා කරන් ආවෙමි. ඇයටද මනාලිය ලඟින් වාඩි වෙන්න කියා, මා, මා ඇයට කිවූ දේවල් මනාලියට කිව්වාදැයි ඇසුවෙමි. නැහැ ඇය උත්තර දුන්නාය. ඇයි ඒ මා ඇසුවෙමි. ඈ කීවේ ඒවාට කවුරුත් අකමැති බවයි. මට දැනුන ලැජ්ජාව නිමක් නැත. එහෙත් ඒ තරුණිය බුද්ධිමත් නිසා එදා අවුලක් නැතිව බේරුනි. කපුනෝනාව එදායින් පසු තවම දැක්කේ නැත. මේ ගැන මා ලද අත්දැකීම් එපමණකි. දැන් මගුල් නැත. බැණුම් නැත. තාත්තා කියන්නේ මා මැට්ටෙකු බවයි. ඒ මා ජීවත්වන රටාව නිසාවෙනි. නමුත් මා ඒ ජීවන රටාව නිසා මගේ වෘත්තියේ හරමි සතුටින් යෙදී ජීවිතයේද සතුටින් ජීවත් වෙමි. ගෙවෙන හැම දවසක්ම මට අළුත් ලස්සන දවසකි. හැමදාම සිනහවෙන් දවස අරඹන මා නින්දට යන්නේ ද එලෙසිනි. ඒ මා මට ඕනෑ විදියට මිස අනුන්නට ඕනෑ විදියට ජීවත්වන නිසාවෙනි. ඒ සියල්ල මේ වෘත්තිය නිසාවෙනි. මුලදී මා කෙතරම් වෛර කලත් දැන් මා මගේ වෘත්තියට කියන්න බැරි තරම් ආදරේ ය. ඒ වෙනකක් නිසා නොව මාගේ සහෝදර ජනතාවට යහපත්වන යමක් කල හැක්කේ මේ තුලින් නිසාවෙනි.

අද අපි දකින විවාහ යනු සතර අපායේ උපදීමට ඇති පහසුම මාර්ගය ය. කෙලෙස් වසඟයට පත්ව ඇති මිනිස්සු ඒවා තරයේ අල්ලා ගෙන සිටිති. අද විවාහයක ඇත්තේ ඇස, කන, දිව පිනවීම මිස වෙනත් දෙයක් නොවේ. ඒ මදිවාට හින්දු, ක්‍රිස්තියානි චාරිත්‍ර අපේ කර ගෙන සිංහලුන් සේ නිලමෙ ඇඳුම ඇඳගෙන කරන එක්තරා විකාරයකි. එක් අතකට විවාහය සමහරුන්ට මුදල් ඉපයීමේ මාධ්‍යයකි. සමහරුන්ට ලොකුකම පෙන්වීමේ මාර්ගයකි. සමහරු හීනමානය වඩා ගන්නේ ද ඒ තුලිනි. සැබෑ නීතීඥවරයකු යනු සැබෑ මිනිසෙකු ලෙසින් මා නිතරම සිතමි. අධිකරණයක අසාධාරණව නඩු කතා කිරීම මෙන්ම අසත්‍ය සාක්ෂි දීම මහා පාපයක් ලෙසින් බුදුරජාණන්වහන්සේ දක්වා ඇත. අප එකී පාපයන්ගෙන් වැලකී දිවි ගෙවිය යුතු වෙමු. මෙවැනි දේ ඇසූ විට බොහෝ දෙනා මූ පිස්සෙකැයි කියා කියනු නොඅනුමානය. එහෙත් හොඳින් සිතා බලන්නකුට මා කියනා දේ වැටහෙනු නොඅනුමානය.

[QUOTE="hpalpola, post: 19634182, member: 321413"] ජීවිතේ නම් පුදුම දෙයක් යන්න නිතරම සිතෙයි. හරි හරි වැඩය මටනම් සිදු වන්නේ. ඔබලාටත් එසේදැයි මා නොදනිමි. ඒ දවස්වල නීතීඥ වෘත්තියට මා පුදුම ලෙස වෛර කළෙමි. ඒ අපේ පැත්තේ සිටි නීතීඥවරයකු නිසාවෙනි. ඔහු පුදුම දුකක් විඳය මිය ගියේ. ඔහු මිය යන විට අතුණුබහන් පවා කුණුව ගොස් තිබිනි. ආතානම් කීවේ මිනිසුන්ට කල අකටයුතුකම්වලට ඒ මිනිස්සු හීල්ලීමෙන්ම ඒම ශාපයක් වී ඔහුට වැදී කුණු වී දුක්විඳ මිය ගිය බවයි. මේ නිසාම මේ වෘත්තිය මට අප්‍රසන්න විය. නමුත් මාද කැරකවී අවසානයේ නැවතුනේ එම වෘත්තියේමය. මටත් අර විදියටම මිනිස්සු බනිනවා ඇත. ඒක මේ වෘත්තියේ හැටි නොවැ. ඒත් මම නම් මේ වෘත්තියට හරිම ආදරෙයි. එනිසා ආදරයෙන්, භක්තියෙන් වෘත්තීමය කටයුතුවල යෙදෙමි. කොහොමත් සමාජය දෙස බැලූ විට මා මහ මැට්ටකුයැයි අපේ තාත්තා කියන කතාව ඇත්තය. මට මෙහෙම ඉඳියට හරි හරි වැඩ වෙයි. දැන් මගේ කල වයසත් හරිලු, කොන්ඩෙත් ඉදිලලු, කසාදයක් කර ගන්න කාලය හරියැයි හැමෝම වගේ කියයි. යාළුවොත් සේරමවගේ බැඳලාය. මෑතකදී නොබැඳ සිටි අන්තිමයා, කාන්චනාත් බැන්දා දැන් ඉතින් උඹ විතරයි ඉතිරි කියා නිලූෂා බට්ටී කිව්වාය. ඒත් "කව්ද අපිට හිර දෙන්නෙ" මා උත්තර දුනිමි. මා දෙවරක් මනාලියන් බැලීමට ගියෙමි. දෙවරම බලු බැණුම් අසන්නට සිදු විය. පලමුවර ගමනේදී කපුනෝනා මට උපදෙස් රැසක් දුන්නාය. "මහත්තයා, ඔන්න ආගම ගැන කතා කරන්න එපා. වෘත්තිය කරන හැටි ගැන කතා කරන්න එපා. ගෙයක් ගැන ඇහුවම මන් ඒක බලා ගන්නම්. තව ඔය කොන්ඩෙ කළු කර ගන්නත් ඕනා. මස්,මාළු නොකන වග කියන්න යන්න ඕනා නෑ. ඒවා මන් බලා ගන්නම්"වගේ උපදෙස් රැසකි. මාද ගොනා සේ ඒවා අසා ඉඳ ගමන ගියෙමි. මනාලිය දුටු පමණින්ම දෙමව්පියෝ නෑදෑයෝ මට ඇස් ගහන්නට විය. මන් ඇයි කියා ඇසූ විට තාත්තා මට බැන්නේය. මා ඇයට හිනා වී බිම බලා සිටියෙමි. මනාලිය ඇහැට කනට පේන තරුණියකි. කපුනෝනා කතාව කරයි. මා ගැන පට්ට කෙබ්බ අදියි. අපේ නෑයෝ ඒවා අනුමත කරයි. ඒවා අසා දහඩිය දමන්න පටන්ගත් නිසා මා එතනින් එළියට ආවෙමි. ටිකකින් මනාලියගේ පියා පැමිණ පුතා එන්න ඇතුලට කී නිසා මා ඔහුට මාමේ මට දූ එක්ක කතා කලෑකිද කියා අැසුවෙමි. එවිට ඔහු ගේ දෙසට හැරී මෙන්න මනාල මහත්තයාට අපේ දෝණියන්දෑට කතා කරන්න ඕනලු, කෝ ආවනම් කියා කියූ විට කපුනෝනාම ඇය සමග පැමිනියාය. එවිටම අපේ පියා මට කතා කර "මේ අහපන් මැට්ටො, අනවශ්‍ය කතා කියලා වැඩේ අවුල් කරන්න එපා" කියා පැත්තකට අඬගසා මට අවවාද කලේය. මන් එයද හිතේ දරා ගෙන ඇය සමග කතාවට වැටුනි. "ඔයාගේ නම මොකක්ද මම හරිශ්" ආරම්භය ගත්තෙමි. "මම....". ඇයි උත්තර දෙයි. "මොකද ඔයාට හිතෙන්නෙ මට කැමති ද" මා ඇසුවෙමි. "දැන්ම ඉකමන් වෙන්න බෑනේ අපි අඳුනන්නේ නෑ නෙ" ඇය කියයි. "ඔව් එ්ක ඇත්ත. කපු නැන්දා කියන දේවල් බොරු හොඳේ. මන් ගැන මන් තරම් එයා දන්නෙ නෑ." මන් කීවෙමි. "ඉතින් ඔයා ගැන කියන්න බලන්න" ඇය ආරාධනා කලාය. "ඒවායින් වැඩක් වෙන්නෙ නෑ. මන් කියන දේ ටිකක් අහන්න. ඔයා ඇහැට කනට පේන කෙනෙක්. මගේ කොන්ඩෙ ඉදිලා පීනස නිසා, ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද" මා අසමි. "ඩයි කලෑකි නේද, කැතයිනේ නැත්නම්" ඇය කියයි. "ඒකනම් කවදාවත් වෙන්නෙ නෑ මිස්" මා කීවෙමි. ඒ ගැන කතාව ඉවරයි. "මන් හින්දු චාරිත්‍රවලට කැමති නෑ ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද" මන් දෙවැන්නත් ඇසුවෙමි. "ඒ කියන්නෙ මොනවද මට තේරෙන්නේ නෑ." ඇය කියයි. "ඒ කිව්වෙ නැකැත්, පෝරුවෙ නගින ඒවා වගේ" මා කීවෙමි. "මොකක් ඒක පුදුම වැඩක්නෙ. මන් ආසයි මනාලියක් විදියට ලස්සනට ඇඳලා පෝරුවේ නැගලා හොඳ මගුල් ගෙයක් ගන්න." ඇය ඇස් ලොකුකර කියයි. "වෙලාවට ඔයා මට කැමැති නැත්තෙ. මන් ඒවාට කැමැති නෑ මිස්. මට අනුන් කරන දේ කරන්න ඕනා නෑ. සරලව ආගමානුකූලව කරන දෙයක් හැර වෙන දෙයක් කරන්නේ නෑ." මන් කීවෙමි. "අම්මෝ ඔයා කලින්ම ඒ ගැන කිව්ව එක හොඳයි. මම නම් කැමති නෑ ඔයා වගේ අදහස් තියෙන කෙනෙක්ට" ඇය කීවාය. "ඇත්තම ද" මා පුදුමයෙන් ඇසුවෙමි. "අනේ ඔව්" ඇය කීවාය. "ෆ්‍රෙන්ඩ්ස්??" කියා මා ඇයට අතට අත දුන්නෙමි. ඇය ගස්සා අහක බැලුවාය. අපේ කතාව එපමණකි. එදා සිට දවස් ගණනක් යනතෙක් මට නොසෑහෙන්න රැවුම්, බැණුම්, ගෙරවුම් අඩුවක් නැතිව ලැබිනි. මේ වුනේ 2012 දී ය. ඉන් පසුව මට මගුල් කතා නොකර කාලයක් ගත වී නැවතත් 2015 දී එය කරලියට ආවේය. දිනක් මා උසාවිගොස් ගෙදර එන විට ගැහැණියක් ඉස්තෝප්පුවේ වාඩි වී සිටියාය. මා ඈ සමග හිනා වී ඇතුලට ගියේ අම්මාට අඬ ගසමිනි. "ඇයි අර ගෑණු කෙනෙක් තනියම ඉන්නෙ. මාව හම්බ වෙන්නද" "ඔව් ඔව් කපු කෙනෙක්" "හුටා අයෙත් පටන් ගන්නද යන්නෙ වැඩේ" මා හිනා වෙමින් අසා කාමරයට ගියෙමි. ටිකකින් අම්මා කතා කලාය. මාද ලැජ්ජාවෙන් ගොස් ඉස්තෝප්පුවේ වාඩි වුනෙමි. "මෙයාට තමයි අපි හොයන්නෙ. කොළඹ වැඩ කරන නීතීඥ කෙනෙක්" අම්මා කියයි. "මහත්තයා ගැන අම්මා කිව්වා. මහත්තයා මොන වගේ කෙනෙක්ද හොයන්නෙ" කපුනෝනා අහයි. "අනේ නැන්දෙ මට ගෑණු එපා." මන් කීවෙමි. "ඒක තීරණය කොරන්නෙ අපි, කල වයස ආවම දෙමව්පියො ඒවා කරලා දෙන්න ඕනා, දරුවන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ" අම්මා කියයි. "ඒකනෙ මහත්තයො." කපුනෝනා පෝර දායි. "එහෙමද, හොඳයි එහෙනම් බලන්න මන් කැමති විදියෙ කෙනෙක්" මා කීමි. "කොයිවගේ කෙනෙක්ට ද මහත්තයා කැමති". "ම්ම් රූපය ගැන මන් හිතන්නෙ නෑ, හැබැයි පාරේ එක්ක යන්න පුළුවන්නම් හොඳයි. මොකද මන් කලින් යාළුවෙලා උන්න ලමයා මා එක්ක පාරේ යන්න කැමති නෑ. එයාගේ දෙමව්පියො යහපත්වෙන්න ඕනා, දුරාචාර වැඩ කරන කෙනෙක්ට මන් ගරු කරන්නෙ නෑ, විශේෂයෙන්ම ආගමානුකූලව ජීවත්වෙන්න ඕනා, ඔය පෝරුවේ වැඩ මන් කරන්නෙ නෑ. ඊට අමතරව මස්, මාළු නොකන, අරක්කු සිගරට් වලට විරුද්ධනම් හොඳයි. උදේම නැගිටින්න ඕනා. ඇඳුම් හෝදන්න සෙනසුරාදා වෙනකම් ඉන්න බෑ. අනික දරුවො හදන්න කල් ඕනා කියලා කියන්න බෑ. ඒ වගේම මට තවම ගෙයක් නෑ කියලා කියන්න ඕනා" මන් කීවෙමි. "අනේ මහත්තයො ඕවට කැමති ගෑණු ලමේක් කොහෙන් හොයන්නද. හැම කෙල්ලම හීන දකින්නෙ පෝරුවෙ නගින්න" ඇය කියන්නට වූයෙන් මා පුටුවෙන් නැගිට්ටෙමි. "මට ඕවයින් වැඩක් නෑ. කැමතිනම් මන් කියූ විදියට බලන්න. නැත්නම් අනවශ්‍යයි" කියා මා ඒ රැස්වීම හමාර කලෙමි. ටික දිනකට පසු ඇය හවස් වරුවක ආවේ මංගල යෝජනාවක්ද සමගිනි. "ඔන්න මහත්තයො මහත්තයා කිව් විදියට කෙනෙක් ලැබුනා." ඇය කිව්වාය. "මොකක්" ඒ අසා මා විශ්මයට පත් වූයෙමි. මන් ඉවරයි. අම්මා අැයත් සමග සතුටින් කතාවය. අවසානයේ ඉරිදාවක ඇය බැලීමට අපි ගියෙමු. එදාත් යන ගමනේ දී කපුනෝනා මට පෙර ලෙසම උපදෙස් දුන්නාය. අපි ගෙදරට ගියෙමු. මනාලිය සාරියකින් සැරසී පැමිණ අම්මලාට ආචාර කොට මටද ආචාර කලාය. මා සිනා සී පෙරලා ආචාර කළෙමි. ටිකකින් මා ඇය සමග කතා කරන්න අවශ්‍ය බව කිව්වෙමි. අපේ තාත්තා හැර සියල්ලෝ අප තනිකොට පිටට ගියෝය. තාත්තා නොයන්නේ ඇයිදැයි මා දනිමි. එහෙත් මා තාත්තා ලඟට ගොස් යන්නයැයි කී විට "අනේ ලොකු පුතේ අපේ නම්බුව කන්න එපා මේ සැරෙත්" කියා තාත්තාත් එළියට ගියේය. මා ඇය ඉදිරිපිට වාඩි වුනෙමි. "මන් පුදුම වුනා මේ මගුල ගැන ඇහුවම, කපුනෝනා විස්තර කිව්වද මන් ගැන" මන් ඇසුවෙමි. "ඔව් කිව්වා." ඇය කිව්වාය. "ඒ කියන්නෙ මන් කිව්ව දේවල්".. ඇය පුදුම විය. "මන් එයාට කිව්වා මන් බඳින්න කැමති මොනවගේ කෙනෙක්ද කියලා" මා කිව්වෙමි. "මොනවගේ කෙනෙක්ද" ඇය අහද්දී මට කපුනෝනා ගැන තරහක් ඇතිවිනි. "ටිකක් ඉන්න. සමාවෙන්න ඔයාව අපහසුතාවට ලක් කරනවාට. මන් එයාට කිව්වා මන් කැමති දේවල් ගැන කියලා ඊට කැමතිනම් විතරක් කතා කරන්න කියලා." උත්තර දුන් මා කපුනෝනාව කතා කරන් ආවෙමි. ඇයටද මනාලිය ලඟින් වාඩි වෙන්න කියා, මා, මා ඇයට කිවූ දේවල් මනාලියට කිව්වාදැයි ඇසුවෙමි. නැහැ ඇය උත්තර දුන්නාය. ඇයි ඒ මා ඇසුවෙමි. ඈ කීවේ ඒවාට කවුරුත් අකමැති බවයි. මට දැනුන ලැජ්ජාව නිමක් නැත. එහෙත් ඒ තරුණිය බුද්ධිමත් නිසා එදා අවුලක් නැතිව බේරුනි. කපුනෝනාව එදායින් පසු තවම දැක්කේ නැත. මේ ගැන මා ලද අත්දැකීම් එපමණකි. දැන් මගුල් නැත. බැණුම් නැත. තාත්තා කියන්නේ මා මැට්ටෙකු බවයි. ඒ මා ජීවත්වන රටාව නිසාවෙනි. නමුත් මා ඒ ජීවන රටාව නිසා මගේ වෘත්තියේ හරමි සතුටින් යෙදී ජීවිතයේද සතුටින් ජීවත් වෙමි. ගෙවෙන හැම දවසක්ම මට අළුත් ලස්සන දවසකි. හැමදාම සිනහවෙන් දවස අරඹන මා නින්දට යන්නේ ද එලෙසිනි. ඒ මා මට ඕනෑ විදියට මිස අනුන්නට ඕනෑ විදියට ජීවත්වන නිසාවෙනි. ඒ සියල්ල මේ වෘත්තිය නිසාවෙනි. මුලදී මා කෙතරම් වෛර කලත් දැන් මා මගේ වෘත්තියට කියන්න බැරි තරම් ආදරේ ය. ඒ වෙනකක් නිසා නොව මාගේ සහෝදර ජනතාවට යහපත්වන යමක් කල හැක්කේ මේ තුලින් නිසාවෙනි. අද අපි දකින විවාහ යනු සතර අපායේ උපදීමට ඇති පහසුම මාර්ගය ය. කෙලෙස් වසඟයට පත්ව ඇති මිනිස්සු ඒවා තරයේ අල්ලා ගෙන සිටිති. අද විවාහයක ඇත්තේ ඇස, කන, දිව පිනවීම මිස වෙනත් දෙයක් නොවේ. ඒ මදිවාට හින්දු, ක්‍රිස්තියානි චාරිත්‍ර අපේ කර ගෙන සිංහලුන් සේ නිලමෙ ඇඳුම ඇඳගෙන කරන එක්තරා විකාරයකි. එක් අතකට විවාහය සමහරුන්ට මුදල් ඉපයීමේ මාධ්‍යයකි. සමහරුන්ට ලොකුකම පෙන්වීමේ මාර්ගයකි. සමහරු හීනමානය වඩා ගන්නේ ද ඒ තුලිනි. සැබෑ නීතීඥවරයකු යනු සැබෑ මිනිසෙකු ලෙසින් මා නිතරම සිතමි. අධිකරණයක අසාධාරණව නඩු කතා කිරීම මෙන්ම අසත්‍ය සාක්ෂි දීම මහා පාපයක් ලෙසින් බුදුරජාණන්වහන්සේ දක්වා ඇත. අප එකී පාපයන්ගෙන් වැලකී දිවි ගෙවිය යුතු වෙමු. මෙවැනි දේ ඇසූ විට බොහෝ දෙනා මූ පිස්සෙකැයි කියා කියනු නොඅනුමානය. එහෙත් හොඳින් සිතා බලන්නකුට මා කියනා දේ වැටහෙනු නොඅනුමානය. [SIZE="3"] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom