Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුත් දනිමින් ජීවත් වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් "භාෂ්‍යතාරාමයෙන්" පෙලෙන්නෙක් ද?

නිතරම කතා කිරීමේ වුවමනාව, නොනවත්වා කතා කිරීම, වුවමනා දෙයටත් එපා දෙයටත් කතා කිරීමේ වුවමනාව, කවුරුන් හෝ යම් මාතෘකාවක් ගැන කතා කරමින් සිටියදී ඒ ගැන දැනුවත්වූවත් නොදැනුවත්වූවත් කතා කිරීමේ වුවමනාව, කොටින්ම නිතරම භාෂණයේ යෙදීමේ ආශාව/වුවමනාව වැනි රෝග ලක්ෂණ මෙහිදී හඳුනා ගැනීමට ලැබේ. එසේම කා සමග හෝ කතා කිරීමට නොහැකි වන විටකදී පාළුවක් දැනීම වැනි ලක්ෂණ ද මෙම භාෂ්යතාරාමය නම් රෝගය ඔබට පවතින්නේ ද යන්න හඳුනා ගැනීමට උපකාරී වේ.

මෙම රෝගය වැලඳී ඇත්තන්ට මෙලොවදී සේම පරලොවදී ද දුක් විඳීමට සිදු වන අතර එය කායිකරෝගයක් නිසාවෙන් ඇතිවන වේදනකාරී තත්ත්වයටවඩා බරපතල තත්ත්වයකි. එනිසා ඔබ, ඔබට මෙම රෝගය ඇත්ද යන්න හඳුනාගෙන ඉන් වැලකීම අගනේය. මේ සඳහා මෙලොව ජීවත්වන කිසිදු වෛද්‍යවරයකුට ඔබට ප්‍රතිකාර කල නොහැකි අතර කිසිදු මැවුම්කාර දෙවි කෙනෙකුට ද පිළිසරණක් විය නොහැක. ඔබම ඔබට වෛද්‍යවරයා විය යුතුය.

මෙකී රෝගය නිසා මරණාසන්නව සිටින්නා වූ ඔබට දරුණු වේදනාකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වේ. ඔබ නොදන්නවා වූවාට ඔබ ආහාර මගින් සිරුරට ලබා දෙන පෝෂණයෙන් වැඩි කොටසක් කතා කිරීම සඳහා වැය වේ. වයස්ගතවන විට මෙහි සංකීර්ණ තත්ත්වය නිසා වැඩි කතාව ඔබව ශාරීරිකව දුර්වල තත්ත්වයට පත් කරවයි. එපමණක් නොව කතා කර ගැනීමට නොහැකි වූ විට ඔබට ඔබ ගැනම කලකිරීමක් ඇති වනු නොඅනුමානය. අනෙක් අතට මෙලොවදීම ඔබේ නිමක් නොමැති කතාව නිසා ඔබ මිනිසුන්ට අප්රසන්නයකු වනු ඇත. මරණාසන්න වූ ඔබ කතා කර ගැනීමට නොහැකිවීමේ අයහපත් ප්‍රතිඵලයක් ලෙසින් සතර අපායෙන් එකකට නොගියහොත් ඔබ පුදුම නොවිය යුතු ය. අනෙක් අතට භාෂ්යතාරාමය හේතුවෙන් වචනයෙන් කෙරෙන අකටයුතුකම් එනම් බොරුව, සම්ප්‍රප්ඵලාපය, පරුෂ වචනය, කේලම් කීම ආදී සියළු දේ අඩු නැතිව සිදු කර ගත හැක. ඒවායේ ප්‍රතිඵල එක් භවයක් සඳහා පමණක් නොව සසර සැරි සරනතෙක් ඔබට ලැබෙනු ඇත.

මෙනිසා ඔබ, ඔබ ගැන උනන්දු වන්නේනම්, භාෂ්‍යතාරාමයෙන් වැලකීමට සිත්හි තබා ගැනීම උචිත බව නිර්දේශ කරන්නෙමි.

--------- සුවපත් වේවා.-----

[QUOTE="hpalpola, post: 19667121, member: 321413"] ඔබත් "භාෂ්‍යතාරාමයෙන්" පෙලෙන්නෙක් ද? නිතරම කතා කිරීමේ වුවමනාව, නොනවත්වා කතා කිරීම, වුවමනා දෙයටත් එපා දෙයටත් කතා කිරීමේ වුවමනාව, කවුරුන් හෝ යම් මාතෘකාවක් ගැන කතා කරමින් සිටියදී ඒ ගැන දැනුවත්වූවත් නොදැනුවත්වූවත් කතා කිරීමේ වුවමනාව, කොටින්ම නිතරම භාෂණයේ යෙදීමේ ආශාව/වුවමනාව වැනි රෝග ලක්ෂණ මෙහිදී හඳුනා ගැනීමට ලැබේ. එසේම කා සමග හෝ කතා කිරීමට නොහැකි වන විටකදී පාළුවක් දැනීම වැනි ලක්ෂණ ද මෙම භාෂ්යතාරාමය නම් රෝගය ඔබට පවතින්නේ ද යන්න හඳුනා ගැනීමට උපකාරී වේ. මෙම රෝගය වැලඳී ඇත්තන්ට මෙලොවදී සේම පරලොවදී ද දුක් විඳීමට සිදු වන අතර එය කායිකරෝගයක් නිසාවෙන් ඇතිවන වේදනකාරී තත්ත්වයටවඩා බරපතල තත්ත්වයකි. එනිසා ඔබ, ඔබට මෙම රෝගය ඇත්ද යන්න හඳුනාගෙන ඉන් වැලකීම අගනේය. මේ සඳහා මෙලොව ජීවත්වන කිසිදු වෛද්‍යවරයකුට ඔබට ප්‍රතිකාර කල නොහැකි අතර කිසිදු මැවුම්කාර දෙවි කෙනෙකුට ද පිළිසරණක් විය නොහැක. ඔබම ඔබට වෛද්‍යවරයා විය යුතුය. මෙකී රෝගය නිසා මරණාසන්නව සිටින්නා වූ ඔබට දරුණු වේදනාකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වේ. ඔබ නොදන්නවා වූවාට ඔබ ආහාර මගින් සිරුරට ලබා දෙන පෝෂණයෙන් වැඩි කොටසක් කතා කිරීම සඳහා වැය වේ. වයස්ගතවන විට මෙහි සංකීර්ණ තත්ත්වය නිසා වැඩි කතාව ඔබව ශාරීරිකව දුර්වල තත්ත්වයට පත් කරවයි. එපමණක් නොව කතා කර ගැනීමට නොහැකි වූ විට ඔබට ඔබ ගැනම කලකිරීමක් ඇති වනු නොඅනුමානය. අනෙක් අතට මෙලොවදීම ඔබේ නිමක් නොමැති කතාව නිසා ඔබ මිනිසුන්ට අප්රසන්නයකු වනු ඇත. මරණාසන්න වූ ඔබ කතා කර ගැනීමට නොහැකිවීමේ අයහපත් ප්‍රතිඵලයක් ලෙසින් සතර අපායෙන් එකකට නොගියහොත් ඔබ පුදුම නොවිය යුතු ය. අනෙක් අතට භාෂ්යතාරාමය හේතුවෙන් වචනයෙන් කෙරෙන අකටයුතුකම් එනම් බොරුව, සම්ප්‍රප්ඵලාපය, පරුෂ වචනය, කේලම් කීම ආදී සියළු දේ අඩු නැතිව සිදු කර ගත හැක. ඒවායේ ප්‍රතිඵල එක් භවයක් සඳහා පමණක් නොව සසර සැරි සරනතෙක් ඔබට ලැබෙනු ඇත. මෙනිසා ඔබ, ඔබ ගැන උනන්දු වන්නේනම්, භාෂ්‍යතාරාමයෙන් වැලකීමට සිත්හි තබා ගැනීම උචිත බව නිර්දේශ කරන්නෙමි. --------- සුවපත් වේවා.-----[SIZE="3"] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom