අරුත් මවපු සුපිරි රැප් කිංග්ලා 8 දෙනෙක්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    රංගනය : @Stimulus mind
    අධ්‍යශණය : @Solo Rider
    දැන් මන් ද ඔටුවා :angry::(

    EmbarrassedAcidicAruanas-size_restricted.gif
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    අරුත් මවපු සුපිරි රැප් කිංග්ලා 8 දෙනෙක්

    රැප් කියනවට ‍ගොඩක් අය ආස නැහැ. සමහරු රැප් වලට බනිනවා. ලංකාවේ සංස්කෘතියට රැප් ගැලපෙන්නෙ නැහැලු. ගැලපෙන්නෙ නැත්තේ රැප් නෙමෙයි. රැප් වෙනු‍ව‍ට බොරුවට ගාවගන්න කෑලි ටික. ඒවත් දැනගෙන කරනවනං ප්‍රශ්නයක් නැහැ. රැට්ටා කරපු මේ වීඩියෝ එක බැලුවනං ලංකාවෙ හ‍ඳේ සැපේ ඉන්න මල්ලිලට ලැජ්ජ හිතේවි. මේ කියන්න යන්නෙ ලෝකෙ රැප් ගැන කතා කරනකොට අමතක කරන්න හොඳම නැති චරිත ටිකක්. මේ ලැයිස්තුවෙ ඩ්‍රේක්, කාන්යේ වෙස්ට්, ලිල් වේන් නැති එක ගැන සතුටු හිතින් බලන්න. ඒත් සැකයි නං ස්නූප්ඩෝග් දැන් කාලෙ රැප් ගැන කියන මේ කතාව අහන්න.



    1. Tupac Shakur:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    View attachment 72184

    Best Rappers
    Source – wallpapercave.com
    මේ කොල්ලව රැප් ලෝකෙ රජ්ජුරුවො කියල හැඳින්නුවට කොල්ලා මැරෙද්දිත් වයස විසි පහයි. 1971 අවුරුද්දෙ ඉපදිලා 1995 මැරෙනකොටත් අවුරුදු 9ක ක්ෂේත්‍රයේ අත්දැකීම් ඔහුට තිබුනා. පොඩි කාලෙම වැඩේට බැහැලා පොඩි කාලෙකින් ප්‍රසිද්ධ වුනු ටූපක් 2007 වෙනකොට ඔහුගේ ඇල්බම් මිලියන 75ක් ලොව පුරා අලෙවි කරලා තිබුනා. All Eyez on Me ඇල්බමය වගේම මරණින් මතු නිකුත් වුනු ඇල්බමත්, ඔහුගේ ග්‍රේටස්ට් හිට්ස් ටිකත් කවදාවත් මැකිලා යන එකක් නැහැ. පාරෙ නට නට හිටපු කොල්ලෙක් මෙහෙම කෙලියක් කරාවි කියල කවුරුත් හිතන්නෙ නෑ. ජාතිවාද ප්‍රශ්න වගේ තමුන් ඇහැට දැකපු ප්‍රශ්න ගැන නියමෙට කතා කරපු කලාකාරයෙක් විදියට තාමත් රැප් ලෝකෙ ඉහළින්ම ටූපක්ට සළකනවා. මොළේට වදින වෙඩි පහරක් ඔහුව නිහඬ කරනවා.

    2Pac – Dear Mama –


    View attachment 72185



    2. The Notorious B. I. G. :yes::yes::yes:
    Best Rappers
    Source – nbcnewyork.com
    The Notorious B. I. G., Biggie හෝ Biggie Smalls, ඔය මොන නමෙන් හැඳින්නුවත් ටූපක් ශකූර් එක්කම නම කියැවෙන, රැප් ලෝකෙ රජෙකුට වගෙ සලකන තවත් අඩු වයසෙන් මියගිය චරිතයක් තමයි මේ. ටූපක්ටත් අවුරුද්දක් අඩුවෙන් වයස 24දි මියයන බිගීගෙ මරණින් දවස් 16කට පස්සෙ නිකුත්‍ වෙන රැප් ඇල්බමය ඇමරිකානු සංගීත දර්ශක වල ඉතා ඉහළකට නගිනවා. ඔහුගේ වචන ඔහුගේ ඔහුගේ ජීවිත කතාව හා බද්ධව තිබුනත් එය බොහෝ කළු ජාතිකයන්ගේ සේම දුගී ජනයාගේ අත්දැකීම් හා සමාන්තරව ගිය නිසා ඒවා අතිශයින් ජනප්‍රිය වුනා. ඔහුගේ මරණින් මතු ඔහුගේ නිර්මාණ තැටි තුනක් එළි දැක්වුනා.

    The Notorious B.I.G. – “Big Poppa” –






    3. Jay Z ;););)

    View attachment 72186



    Best Rappers
    Source – saintheron.com
    මේ කියන්න යන්නෙ තාමත් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් ගැන. වෙනස් වෙනස් කලාකරුවන් සමග එකතු වෙලා විවිධ වූ පර්යේෂණ සංගීතමය වශයෙන් කරන මේ මනුස්සයා තමයි බියොන්සේගෙ මිනිහා. ජේසී ග්‍රැමී සම්මාන 21ක් හිමිකරගන්නට වගේම ලොව පුරා සංගීත ඇල්බම මිලියන සියයක් අලෙවි කරන්නට සමත් වුනු පුද්ගලයෙක්. Reasonable Doubt (1996), The Blueprint (2001) සහ The Black Album (2003) වැනි ඉහළ පෙළේ ඇල්බමයන් ඇතුළුව තවත් ගීත ඇල්බම් රැසක් ඔහු නිකුත් කරල තියනව. රැප් ලෝකයේ ධනවතෙක් ලෙසටත් ජේසී ව දැක්විය හැකියි. 1986 අවුරුද්දෙ ඉඳන් ෆිල්ඩ් එකේ ඉන්න ජේසී බිගී එක්කත් වැඩ කරලා තියෙනවා.

    JAY-Z – Dirt Off Your Shoulder –






    4. Dr. Dre :cool::cool::cool:


    View attachment 72187

    Best Rappers
    Source – hiphopgoldenage.com
    හැමෝම කනේ ගහන් ඉන්න රෙප්ලිකා බීට්ස් බයි ඩ්‍රේ ඉයර්ෆෝන් කුට්ටමේ ඔරිජිනල් නිර්මාතෘ තමයි මේ. රැපර් කෙනෙක් වගේම ඇල්බම් ප්‍රඩියුසර් කෙනෙක් විදියටත් ඩොක්ටර් ඩ්‍රේගේ නම ඉහළින්ම තියන්න පුළුවන් වෙන්නෙ ඔහුගේ නිෂ්පාදන අතරෙ ටූපක්, ස්නූප්ඩෝග්, ෆිෆ්ටි සෙන්ට්, එමිනෙම් වගේ දැවැන්ත නම් සඳහන් වෙන නිසායි. 1992 අවුරුද්දෙ නිකුත් වුනු “The Chronic” ඇල්බම් එකම ඩ්‍රේගෙ විශිෂ්ටත්වය කියන්නට සමත්.

    Dr. Dre – Still D. R. E. ft. Snoop Dogg –






    5. Snoop Dogg :D:D:D

    View attachment 72188




    Best Rappers
    Source – fanart.tv
    අමුතු කටහඬකින් කතා කරන මේ ඩයල් එක දැක්ක ගමන් කට්ටියට බොබ් මාලෙටත් වඩා ගංජා සුරුට්ටුව මතක් කරවන්න සමත් මුහුණක් විත්තිය හිතට නැගේවි. නිතරම ගංජාවල හොඳ ගැන කතා කරන ස්නූප් ඩෝග් ලියන සින්දු ඇතුළෙ මිනිස්සු‍න්ගෙ සිතුවිලි අමුතු විදියකට ගලපලා තියෙනවා කියල අහද්දි හිතට දැනෙන සීතල හැඟීමෙන්ම තේරේවි. ස්නූප් 2012දී රෙගේ වැඩේටත් බහින්නෙ “Reincarnated” කියලා රස්තෆාරියන් සංස්කෘතියටම ගැලපෙන ඇල්බම් එකකුත් එළියට දාන ගමන්මයි.

    Snoop Dogg – Drop It Like It’s Hot ft. Pharrell Williams –






    6. 50 Cent :rolleyes::rolleyes::rolleyes:

    View attachment 72189




    Best Rappers
    Source – gazetadopovo.com.br
    ෆි‍ෆ්ටි සෙන්ට් කියන්නෙ අපේ මුල් තරුණ වියේ නිතරම නටන සින්දුවේ හිමිකාරයා. “ඉන් ද ක්ලබ්” ගීතයට වගේම ඔහුගේ “ගෙට් රිච් ඕ ඩයි ට්‍රයින්” කතාවටත් ඒ කාලෙ කොල්ලො වශී වෙලා හිටියා. ඔහුට වෙඩි වැදුනු හැටි ගැන අපි දුක්වුනා. ඉන්පස්සෙත් නියමෙටම වැඩකරගෙන එන ෆිෆ්ටි සෙන්ට් අති ප්‍රසිද්ධ ජී යුනිට් රෙකෝඩ් ලේබල් එකත් හදනවා. ඇල්බම් ගණනාවක් වගේම ෆිල්ම් ගණනාවකත් ඔහුව දැකගන්න පුළුවන්.

    50 Cent – P. I. M. P. (Snoop Dogg Remix) ft. Snoop Dogg, G-Unit –






    7. Eminem :love::love::love:

    View attachment 72190



    Best Rappers
    Source – hiphopgoldenage.com
    අවසානයට සිටින්නේ විශිෂ්ටයා. කට්ට කලු ගොඩේ ඉන්න එකම සුද්දා. “එයිට් මයිල්” බලලා ලංකාවෙ තරුණ පිරිසගේ ආදරය දිනාගත්තු එමිනෙම්,Fu*k කියලා වැඩිම වතාවක් සින්දුවක් ඇතුළෙ යොදාගත්තු වාර්තාවටත් හිමිකම් කියනවා. කාලෙකට පාරක් වතුර යට ඉඳන් උඩ මතුවෙන රබර් බෝලයක් වගේ නියම වැඩ ටිකක් එළියට දාන එමිනෙම් ඒ ඇතුළෙ නියම කතා ටිකක් කියනවා. තමුන්ගෙ ප්‍රශ්න වගේම තමුන්ගෙ අවට සමාජයත්, දේශපාලනික අර්බුදත් ඔහු දැඩිව කතිකාවතට ලක්කරනවා. ෆ්‍රී ස්ටයිල්වලට නියම වැඩ්ඩෙක් නිසා රැප් කියන්නෙ ඔහුගේ ඇ‍ඟේම තියෙන දෙයක් වගේම හැමෝම ඔහුව හඳුන්වන කිං ඔෆ් රැප් නමත් ඔහුට උරුමයි.

    Eminem – Cleanin’ Out My Closet –






    බෝනස්

    Akon :love::cool::yes:;)

    View attachment 72191




    Best Rappers
    Source – wallpapercave.com
    ලංකාවට ගැලපෙනම රැපර් කවුද කියල ඇහුවොත් කට ඇරලා කියන්න පුළුවන් චරිතෙ අපි බෝනස් එකක් විදියට ගේනවා. රැපර් කෙනෙකුටත් වඩා හිපොප් මික්ස් එකක් සහිත සංගීත ගමනක් තියෙන ඒකෝන්ගෙ ස්මැක් දැට් ඇතුළු කන්වික්ටඩ් ඇල්බමයම අති විශිෂ්ට ලෙස ලංකාවෙ රසික ආදරය දිනාගන්නවා. විවිධ වූ සංගීත අත්හදාබැලීම් කරන ඒකෝන් ප්ලැටිනම් මෙන්ම රන් සම්මාන තමුන්ගේ ගීත වෙනුවෙන් දිනූවෙක්. එසේම ඒකෝන් ඉතා හොඳ සමාජවාදියෙකු ලෙසින්ද ප්‍රසිද්ධ වන්නේ විදුලිය රහිත අප්‍රිකානු මිනිසුන් මිලියන හයසියයකට විදුලිය තම වියදමින් ලබාදීමත් සමගයි.

    Akon – Smack That ft. Eminem –
    හොඳකොල්ල බීල වගේ .

    4. Dr Dre - Dre කියන්නෙ producer කෙනෙක්. Not a MC

    5. Snoop Dogg - Mediocre at best. පලවෙනි ඇල්බම් එකට පස්සෙ කිසිම වැඩක් නැහැ

    6. 50 Cent - Mediocre at best. පලවෙනි ඇල්බම් එකට පස්සෙ කිසිම වැඩක් නැහැ

    Akon - Akon කියන්නෙ singer කෙනෙක්. Not a rapper
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හොඳකොල්ල බීල වගේ .

    4. Dr Dre - Dre කියන්නෙ producer කෙනෙක්. Not a MC

    5. Snoop Dogg - Mediocre at best. පලවෙනි ඇල්බම් එකට පස්සෙ කිසිම වැඩක් නැහැ

    6. 50 Cent - Mediocre at best. පලවෙනි ඇල්බම් එකට පස්සෙ කිසිම වැඩක් නැහැ

    Akon - Akon කියන්නෙ singer කෙනෙක්. Not a rapper

    Huta emada

    රංගනය : @Stimulus mind
    අධ්‍යශණය : @Solo Rider
    Yakooo munawa maralath madi ne :lol: :lol: :lol:
    ------ Post added on Aug 30, 2021 at 12:32 PM
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉස්සර නම් මුන්ගෙ සින්දු විතරයි ඇහුවෙ. කිරියෙ මේ නම දාගන්ඩත් හේතු උනේ ඕක. :rofl: හැබැයි කාලෙත් එක්ක රැප් අහන එක එපා උනා. තිබ්බ සින්දු ඔක්කොමත් අයින් කරලම දැම්ම. දැන් අහන්නෙ කන්ට්‍රි මියුසික්. රැප් සෙට් වෙන්නෙම නෑ දැන්. :oo:
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉස්සර නම් මුන්ගෙ සින්දු විතරයි ඇහුවෙ. කිරියෙ මේ නම දාගන්ඩත් හේතු උනේ ඕක. :rofl: හැබැයි කාලෙත් එක්ක රැප් අහන එක එපා උනා. තිබ්බ සින්දු ඔක්කොමත් අයින් කරලම දැම්ම. දැන් අහන්නෙ කන්ට්‍රි මියුසික්. රැප් සෙට් වෙන්නෙම නෑ දැන්. :oo:
    kaleth ekka hamadema wenas wenwa bn
     
    • Like
    Reactions: Stimulus mind