Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලිත් සමඟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලිත් සමඟ ගැටෙන මිනිසුන්ට...මලිත් ගෙනා විසඳුම..රටේ කරුමෙට කවුරුවත් ගණන් ගත්තේ නෑ.

මලිත් හසන් සේනානායක මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඇත්තෙන්ම මම බොහොම දුක් මහන්සියෙන් මේ නිර්මාණ කළේ, සොයාගැනීම් කළේ. නමුත් කිසිම කෙනෙකුට මෙවැනි දේක වටිනාකම තේරුම් ගන්න බැරි වීම ගැන මම ගොඩක් දුක් වෙනවා...

'අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී' යන්න අපගේ පැරණි කියමනකි. ගල් යුගය, දඩයම් යුගය, එඬේර යුගය පසුකළ මානවයා අද ග්‍රහලෝක පවා තරණය කිරීමට සමත්ව ඇත. එසේ වී ඇත්තේ නව නිර්මාණ සොයා මිනිසා විසින් කරන ලද පරීක්ෂණ නිරීක්ෂණ නිගමනවල ප්‍රතිඵලයක් ලෙසිනි.

ලොව බොහෝ රටවල එවැනි පරීක්ෂණවල නියෑළෙන්නන් හට ආධාර, අනුබල දීමට රාජ්‍ය මෙන්ම, රාජ්‍ය නොවන ආයතනද සැදී පැහැදී සිටිති.

අප රටේ ද එවැනි දක්ෂතා ඇති විද්වතුන් බිහිවූයේ අද ඊයේ නොව ඈත අතීතයේ පටන්ය. එහෙත් ඒ සුවිශේෂි පුද්ගලයන් හට අප රටේ පාලකයන් එදා සිටම දැක්වූ කුඩම්මාගේ සැලකිලි නිසා එවැනි නව නිර්මාණවල ප්රතිලාභ අද වනවිට භූක්ති විඳිනුයේ වෙනත් රටවල් විසිනි.

ඒ සඳහා හොඳම උදාහරණ කීපයක් ගෙනහැර දැක්විය හැක. අද ලොව පුරා ප්‍රචලිත, අත් ට්රැක්ටරය සොයා ගත් රේ. විඡේවර්ධන මහතාගේ එම නිර්මාණයේ වර්තමාන පේටන්ට් බලපත්‍ර හිමිකරුවා ජපාන රජයයි. එදා ඒ නිර්මාණයට පේටන්ට් බලපත්‍ර ලබාදී ඔහු දිරිමත් කළේ නම් අප රටට විශාල විදේශ විනිමයක් ලැබෙනු ඇත. තවද ගාල්ල ප්‍රදේශයේ මහාචාර්යවරයකු වන විඡේවික්‍රම මහතා සොයා ගත් හදවතේ කැටි ගැසෙන රුධිරය ඉවත් කර ඒ සඳහා යොදන බැලුනය නිසා අද හදවත් රෝගීන් ලක්ෂ ගණනක් ජීවත්වීමේ භාග්‍ය උදා කර ගෙන ඇත.

එමෙන්ම අප රටේ සිටි දක්ෂ විද්‍යාඥයකු වන සිරිල් පොන්නම්පෙරුම මහතා විසින් ගගනගාමීන් පෘථිවියට ගෙනෙන ලද සඳ මතුපිට පස් සාම්පල් පරීක්ෂා කිරීම වැනි භාරදූර ක්‍රියාවලියක් ඉටු කිරීමක නිරතව සිට මවුබිමට පැමිණි පසු ඔහුට භාරදෙන ලද විෂය වූයේ 'දඹල' පිළිබඳ පර්යේෂණ කිරීමටය. එයින් කලකිරුණු එතුමා යළිත් විදේශගත විය. මේ ආකාරයේ කුඩම්මාගේ සැලකිලි නිසා බුද්ධිමතුන් රට හැර යැම දෙශපාලකයන්ට අනුව 'බුද්ධි ගලනය' කියා ඇඟ බේරා ගනිති.

මේ ආකාරයට නව නිර්මාණ සොයා ගත් ලාංකිකයෝ, තම දැනුම වෙනත් රටවලට ධන උල්පත් මතුකර දී ඇත. ඉඳින් අප රට දුප්පත් වීම අරුමයක්ද?

මේ පැවසීමට යන කතාවේ කථානායකයා මලිත් හසන් සේනානායක නම් තරුණයෙකි. ඔහු විසින් නව නිර්මාණයක් ලෙසින් එළිදැක්වූ අලි එලවීමට නොහොත් පලවා හැරීමට හැකි උපකරණයකි.

අද දිනපතා මාධ්‍ය හරහා ඇසෙන අලි මිනිස් ගැටුම් නිසා වාර්ෂිකව අලින් මෙන්ම මිනිසුන් ද සිය ගණනක් දිවි පුදති. රජය ඒ සඳහා යෙදූ උපක්‍රම ද මේ වනවිට පුස්සක් වී ඇත. අලි වෙඩි සහ විදුලි වැට මේ සඳහා විසඳුමක් වී ඇත්නම් තවමත් මෙලෙස අහිංසක ජීවිත වැනසේද?

මලිත් හසන් සේනානායක මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

කෑගල්ල මහා විද්‍යාලයේ උසස්පෙළ හදාරන අවධියේ නව නිර්මාණ සඳහා අත්පොත් තැබූ ඔහු මෙම නිර්මාණය මගින් අලින් මෙන්ම වෙනත් සතුන් ද පලවා හැරීමට හැකි උපකරණයක් සාදා රන් සම්මාන පවා ලබා ඇත.

මේ පිළිබඳව මලිත් මෙසේ පැවසීය.

"මේ උපකරණය මගින් සිද්ධ වෙන්නේ අලි ඇතුන්ට අධි සංවේදී සංඛ්‍යාතයක් නිකුත් කිරීමයි. එවිට ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් වෙනවා. මෙම උපකරණය ඉතා සරල එකක්. එය ප්‍රධාන විදුලිය මගින් මෙන්ම සුර්ය බලයෙන් ද ක්‍රියාත්මක කළ හැකි අතර සුළං බලය ද උපයෝගි කරගන්න පුළුවනි.

මේ පිළිබඳව පිළිගත් ආයතනයක් පරීක්ෂා කර බලා තිබෙනවාද?

මලිත් - ඔව්. අලි ඇතුන් ගැවසෙන පින්නවල හා උඩවලව දී වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියා කර පෙන්වා තහවුරුවක් ලබා ගත්තා.

මේ සඳහා දැනට රාජ්‍ය අංශයෙන් ඇගයීමක් ලැබී තිබෙනවාද?

ඔව්. 2008 වර්ෂයේදී මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා අතින් ඇගයීම් සම්මානයක් ලැබුණා. ඒ වගේම කෑගල්ල කාර්මික විද්‍යාලය මගින් සංවිධානය කළ 'සහසක් නිමැවුම්' නව නිර්මාණ ඇගයීම් උළෙලේදී 2014 වර්ෂයේදී රන් සම්මානයක් ලැබුණා.

ඔබ මේ නිර්මාණයට තවම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේ නැද්ද?

මලිත් - පේටන්ට් බලපත්‍රයට ඉල්ලුම් කරලා වසර කීපයක් ගත වුණා. තවම ඒ ගැන කිසිම බලධාරියෙක් හෝ ආයතනයක් මගින් සිහි කැඳවීමක් වත් නැහැ.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මලිත් - ඇත්තෙන්ම මම බොහොම දුක් මහන්සියෙන් මේ නිර්මාණ කළේ, සොයාගැනීම් කළේ. නමුත් කිසිම කෙනෙකුට මෙවැනි දේක වටිනාකම තේරුම් ගන්න බැරි වීම ගැන මම ගොඩක් දුක් වෙනවා. මට මීට වඩා දේවල් කරන්න. නව සොයාගැනීම් කරන්නන් හැකියාව තියෙනවා. නමුත් ඒවාට අවශ්‍ය මූලික වියදම් වත් කරගන්න මට හැකියාවක් නැහැ. එතකොට කොහොමද තව අනාගත බලාපොරොත්තු තබා ගන්නේ.

මම සොයා ගත් මේ තාක්ෂණය නිසා අලි මිනිස් ගැටුමට හොඳ විසඳුමක් ලැබෙනවා. දැනට තියෙන අලි වෙඩි හරි විදුලි වැටෙන් හරි ප්‍රයෝජනයක් වෙලා නැති නිසානේ අලින් ගේ ජීවිතත්, මිනිසුන්ගේ ජීවිතත්, දේපළත් විනාශ වෙන්නේ. මෙය අලින්ට පමණක් නොවෙයි. වෙනත් සතුන්ගෙන් වගාවන්වලට වෙන හානියටත් විසඳුමක් තියෙනවා. ඒ ඒ සතුන්ට අධි සංවේදී සංඛ්‍යාතයක් හරහා ඔවුන් පලවා හැරීමක් තමයි සිද්ධ වෙන්නේ මෙය පරිසර හිතකාමී ක්‍රමවේදයක්.

ඒ නව නිපැයුම් කරුවකු වන මලිත් සේනානායකගේ හඬයි.

ඇත්ත වශයෙන්ම මෙය අප රටේ අවාසනාවක් නොවේද? බුද්ධිමතුන්ට දක්ෂයන්ට අවස්ථාව නොදී ඔවුන් රට හැර යන තුරු බලා සිට අවසානයේ 'බුද්ධි ගලනය' යෑයි කීම විහිළුවක් නොවේද?

අද අප රට මෙතරම් ආර්ථික අගාධයකට පත්වීමට ද එක් හේතුවක් වී ඇත්තේ බුද්ධි ගලනය නොවේද? ඔවුන්ගේ දැනුමෙන් බුද්ධියෙන් වෙනත් රටවල් මුදල් උපයද්දී අපට සිදුවී ඇත්තේ ඒ දෙස බලා හූල්ලමින් කල් ගෙවීමට නොවේද?

කිත්සිරි බණ්ඩාර සමරතුංග,- Divai

FB-සැකසීම -Helabojun Team

2018.07.15

[QUOTE="bravehearts, post: 23438331, member: 513648"] [COLOR="Navy"][SIZE="3"]අලිත් සමඟ ගැටෙන මිනිසුන්ට...මලිත් ගෙනා විසඳුම..රටේ කරුමෙට කවුරුවත් ගණන් ගත්තේ නෑ. මලිත් හසන් සේනානායක මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඇත්තෙන්ම මම බොහොම දුක් මහන්සියෙන් මේ නිර්මාණ කළේ, සොයාගැනීම් කළේ. නමුත් කිසිම කෙනෙකුට මෙවැනි දේක වටිනාකම තේරුම් ගන්න බැරි වීම ගැන මම ගොඩක් දුක් වෙනවා... ****************************************** 'අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී' යන්න අපගේ පැරණි කියමනකි. ගල් යුගය, දඩයම් යුගය, එඬේර යුගය පසුකළ මානවයා අද ග්‍රහලෝක පවා තරණය කිරීමට සමත්ව ඇත. එසේ වී ඇත්තේ නව නිර්මාණ සොයා මිනිසා විසින් කරන ලද පරීක්ෂණ නිරීක්ෂණ නිගමනවල ප්‍රතිඵලයක් ලෙසිනි. ලොව බොහෝ රටවල එවැනි පරීක්ෂණවල නියෑළෙන්නන් හට ආධාර, අනුබල දීමට රාජ්‍ය මෙන්ම, රාජ්‍ය නොවන ආයතනද සැදී පැහැදී සිටිති. අප රටේ ද එවැනි දක්ෂතා ඇති විද්වතුන් බිහිවූයේ අද ඊයේ නොව ඈත අතීතයේ පටන්ය. එහෙත් ඒ සුවිශේෂි පුද්ගලයන් හට අප රටේ පාලකයන් එදා සිටම දැක්වූ කුඩම්මාගේ සැලකිලි නිසා එවැනි නව නිර්මාණවල ප්රතිලාභ අද වනවිට භූක්ති විඳිනුයේ වෙනත් රටවල් විසිනි. ඒ සඳහා හොඳම උදාහරණ කීපයක් ගෙනහැර දැක්විය හැක. අද ලොව පුරා ප්‍රචලිත, අත් ට්රැක්ටරය සොයා ගත් රේ. විඡේවර්ධන මහතාගේ එම නිර්මාණයේ වර්තමාන පේටන්ට් බලපත්‍ර හිමිකරුවා ජපාන රජයයි. එදා ඒ නිර්මාණයට පේටන්ට් බලපත්‍ර ලබාදී ඔහු දිරිමත් කළේ නම් අප රටට විශාල විදේශ විනිමයක් ලැබෙනු ඇත. තවද ගාල්ල ප්‍රදේශයේ මහාචාර්යවරයකු වන විඡේවික්‍රම මහතා සොයා ගත් හදවතේ කැටි ගැසෙන රුධිරය ඉවත් කර ඒ සඳහා යොදන බැලුනය නිසා අද හදවත් රෝගීන් ලක්ෂ ගණනක් ජීවත්වීමේ භාග්‍ය උදා කර ගෙන ඇත. එමෙන්ම අප රටේ සිටි දක්ෂ විද්‍යාඥයකු වන සිරිල් පොන්නම්පෙරුම මහතා විසින් ගගනගාමීන් පෘථිවියට ගෙනෙන ලද සඳ මතුපිට පස් සාම්පල් පරීක්ෂා කිරීම වැනි භාරදූර ක්‍රියාවලියක් ඉටු කිරීමක නිරතව සිට මවුබිමට පැමිණි පසු ඔහුට භාරදෙන ලද විෂය වූයේ 'දඹල' පිළිබඳ පර්යේෂණ කිරීමටය. එයින් කලකිරුණු එතුමා යළිත් විදේශගත විය. මේ ආකාරයේ කුඩම්මාගේ සැලකිලි නිසා බුද්ධිමතුන් රට හැර යැම දෙශපාලකයන්ට අනුව 'බුද්ධි ගලනය' කියා ඇඟ බේරා ගනිති. මේ ආකාරයට නව නිර්මාණ සොයා ගත් ලාංකිකයෝ, තම දැනුම වෙනත් රටවලට ධන උල්පත් මතුකර දී ඇත. ඉඳින් අප රට දුප්පත් වීම අරුමයක්ද? මේ පැවසීමට යන කතාවේ කථානායකයා මලිත් හසන් සේනානායක නම් තරුණයෙකි. ඔහු විසින් නව නිර්මාණයක් ලෙසින් එළිදැක්වූ අලි එලවීමට නොහොත් පලවා හැරීමට හැකි උපකරණයකි. අද දිනපතා මාධ්‍ය හරහා ඇසෙන අලි මිනිස් ගැටුම් නිසා වාර්ෂිකව අලින් මෙන්ම මිනිසුන් ද සිය ගණනක් දිවි පුදති. රජය ඒ සඳහා යෙදූ උපක්‍රම ද මේ වනවිට පුස්සක් වී ඇත. අලි වෙඩි සහ විදුලි වැට මේ සඳහා විසඳුමක් වී ඇත්නම් තවමත් මෙලෙස අහිංසක ජීවිත වැනසේද? මලිත් හසන් සේනානායක මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. කෑගල්ල මහා විද්‍යාලයේ උසස්පෙළ හදාරන අවධියේ නව නිර්මාණ සඳහා අත්පොත් තැබූ ඔහු මෙම නිර්මාණය මගින් අලින් මෙන්ම වෙනත් සතුන් ද පලවා හැරීමට හැකි උපකරණයක් සාදා රන් සම්මාන පවා ලබා ඇත. මේ පිළිබඳව මලිත් මෙසේ පැවසීය. "මේ උපකරණය මගින් සිද්ධ වෙන්නේ අලි ඇතුන්ට අධි සංවේදී සංඛ්‍යාතයක් නිකුත් කිරීමයි. එවිට ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් වෙනවා. මෙම උපකරණය ඉතා සරල එකක්. එය ප්‍රධාන විදුලිය මගින් මෙන්ම සුර්ය බලයෙන් ද ක්‍රියාත්මක කළ හැකි අතර සුළං බලය ද උපයෝගි කරගන්න පුළුවනි. මේ පිළිබඳව පිළිගත් ආයතනයක් පරීක්ෂා කර බලා තිබෙනවාද? මලිත් - ඔව්. අලි ඇතුන් ගැවසෙන පින්නවල හා උඩවලව දී වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියා කර පෙන්වා තහවුරුවක් ලබා ගත්තා. මේ සඳහා දැනට රාජ්‍ය අංශයෙන් ඇගයීමක් ලැබී තිබෙනවාද? ඔව්. 2008 වර්ෂයේදී මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා අතින් ඇගයීම් සම්මානයක් ලැබුණා. ඒ වගේම කෑගල්ල කාර්මික විද්‍යාලය මගින් සංවිධානය කළ 'සහසක් නිමැවුම්' නව නිර්මාණ ඇගයීම් උළෙලේදී 2014 වර්ෂයේදී රන් සම්මානයක් ලැබුණා. ඔබ මේ නිර්මාණයට තවම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේ නැද්ද? මලිත් - පේටන්ට් බලපත්‍රයට ඉල්ලුම් කරලා වසර කීපයක් ගත වුණා. තවම ඒ ගැන කිසිම බලධාරියෙක් හෝ ආයතනයක් මගින් සිහි කැඳවීමක් වත් නැහැ. ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද? මලිත් - ඇත්තෙන්ම මම බොහොම දුක් මහන්සියෙන් මේ නිර්මාණ කළේ, සොයාගැනීම් කළේ. නමුත් කිසිම කෙනෙකුට මෙවැනි දේක වටිනාකම තේරුම් ගන්න බැරි වීම ගැන මම ගොඩක් දුක් වෙනවා. මට මීට වඩා දේවල් කරන්න. නව සොයාගැනීම් කරන්නන් හැකියාව තියෙනවා. නමුත් ඒවාට අවශ්‍ය මූලික වියදම් වත් කරගන්න මට හැකියාවක් නැහැ. එතකොට කොහොමද තව අනාගත බලාපොරොත්තු තබා ගන්නේ. මම සොයා ගත් මේ තාක්ෂණය නිසා අලි මිනිස් ගැටුමට හොඳ විසඳුමක් ලැබෙනවා. දැනට තියෙන අලි වෙඩි හරි විදුලි වැටෙන් හරි ප්‍රයෝජනයක් වෙලා නැති නිසානේ අලින් ගේ ජීවිතත්, මිනිසුන්ගේ ජීවිතත්, දේපළත් විනාශ වෙන්නේ. මෙය අලින්ට පමණක් නොවෙයි. වෙනත් සතුන්ගෙන් වගාවන්වලට වෙන හානියටත් විසඳුමක් තියෙනවා. ඒ ඒ සතුන්ට අධි සංවේදී සංඛ්‍යාතයක් හරහා ඔවුන් පලවා හැරීමක් තමයි සිද්ධ වෙන්නේ මෙය පරිසර හිතකාමී ක්‍රමවේදයක්. ඒ නව නිපැයුම් කරුවකු වන මලිත් සේනානායකගේ හඬයි. ඇත්ත වශයෙන්ම මෙය අප රටේ අවාසනාවක් නොවේද? බුද්ධිමතුන්ට දක්ෂයන්ට අවස්ථාව නොදී ඔවුන් රට හැර යන තුරු බලා සිට අවසානයේ 'බුද්ධි ගලනය' යෑයි කීම විහිළුවක් නොවේද? අද අප රට මෙතරම් ආර්ථික අගාධයකට පත්වීමට ද එක් හේතුවක් වී ඇත්තේ බුද්ධි ගලනය නොවේද? ඔවුන්ගේ දැනුමෙන් බුද්ධියෙන් වෙනත් රටවල් මුදල් උපයද්දී අපට සිදුවී ඇත්තේ ඒ දෙස බලා හූල්ලමින් කල් ගෙවීමට නොවේද? කිත්සිරි බණ්ඩාර සමරතුංග,- Divai FB-සැකසීම -Helabojun Team 2018.07.15[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom