Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
- අලි සොඩය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කතාවක්..! 😍🌿🐘💛🔥🌊❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]141921[/ATTACH]

අසාමාන්‍ය ලෙස ඕනෑම අතකට නැමිය හැකි අලි සොඩයකින් බිම වැටී ඇති කුඩා කාසියක් වුවද අසුලාගත හැකි බව ඇත්ගොව්වන් අත්දැකීමෙන් දනී.

අස්ථී හෝ කාටිලේජ වලින් තොර අලි සොඩය පේශි, රුධිරවාහිනී, වසාවාහිනී, මේද පටක, ස්නායු, සම හා රෝම කෝදි වලින් යුක්ත අතිශය සංවේදී අවයවයකි.

අලි ඇතුන්ගේ සොඩය නිර්මාණය වී ඇත්තේ පේශි එක් ලක්ෂ පනස් දහසකින් පමණ බව නූතන අධ්‍යයනයන් තුළින් හෙළිවී ඇත.

අලි ඇතුන්ගේ ශ්වසන ක්‍රියාවලියට 75% ක්ම දායක වන්නේ සෝඩයේ කෙළවර පිහිටා ඇති නාසික විවර (Nostri) යි. ශ්වසන ක්‍රියාවලියට 25% කින් දායකත්වය සපයන්නේ උන්ගේ මුඛ විවරයයි. අලි සොඩයක මාංශපේශී තට්ටු තුනක් පිහිටයි.

අස්ථී හෝ කාටිලේජ නොමැති වුවද රුධිර නාල සම්බන්ධක පටක විශාල ගණනක් සම්බන්ධ වීම නිසා අලි සොඩය ඉතාම කාර්යක්ෂම අංගයක් බවට පත්වී ඇත. සොඩය යනු අලි ඇතුන් සතු සුවිශේෂී අතකි. අත සංස්කෘතික බසින් හස්තයයි. හස්තය හිමි හස්තියාටයි. මේ නිසාම භාරත වැසියන් අලියන් හස්තීන් ලෙසත් හදුන්වති. "හස්තිරාජයා" යන්නද ලක්වැසියන්ට බොහෝ හුරු පුරුදු වදනක් බවට අද පත්ව ඇත.

මේ අනුව සත්‍ය වශයෙන්ම "අලි සොඩය" යනු භෞතික ලෝකයේ අතිශය ක්‍රියාකාරී අවයවයක් මෙන්ම අලි ඇතුන්ගේ සමාජයීය ලෝකයේ ද සුවිශාල මෙහෙයක් ඉටු කරන අංගයකි. අලි ඇතුන්ගේ නිජභූමි සෑම විටම වනගත ජලාශ්‍රිත ප්රදේශයන්ය. සහමුලින්ම ශාක භක්ෂක අලි ඇතුන් තම ආහාර තරමටම ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ජලයටයි.

සොඩය කෙළවර නාසික පුඩු පිහිටා ඇත. ඔවුන්ගේ මුඛයේ උඩු තොල සොඩයේ මුල් කොටසින් නිර්මාණය වී තිබීමද විශේෂත්වයකි. අස්ථී හෝ කාටිලේජ නැතත් පේශි, රුධිරවාහිනී, වසාවාහිනී, මේද පටක, ස්නායු සම්බන්ධක පටක, සම, රෝම, කෝදි ආදියෙන් සොඩය සමන්විතය. හිස් කබලට සොඩය සම්බන්ධ වන්නේ තනි විවරයක් ලෙසිනි. සොඩය කෙළවර පිහිටන නාසික විවර (Nostrils) දෙක අතර පිහිටන ආවරණය (බිත්තිය) ඉතාම තුනී පේශි වලින් යුක්තය. සොඩය මතුපිට පේශි හා අභ්‍යන්තර පේශි යන පේශීන් වලින් සමන්විතය. නවීන පර්යේෂණවලට අනුව මතුපිට හා අභ්‍යන්තර පේශීන් එක්ලක්ෂ පනස් දහසක් පමණ අලිසොඩයක පවතින බව අනාවරණය වේ.

අප්‍රිකානු හා ආසියානු අලි ඇතුන්ගේ සොඩයේ ව්යqහය සකස්වීම අතින් වෙනස් කම් පවතී. ඒ අනුව අප්‍රිකානු අලි ඇතුන්ට වඩා ආසියානු අලි ඇතුන්ගේ සොඩයේ පේශිමය සැකැස්ම සංකීර්ණය. මෙම දෙවර්ගයෙහි හැසිරීම් රටාවලට අනුව මෙම තත්ත්වය නිර්ණය කිරීමට සත්ව විද්‍යාඥයින්ට හැකි වී ඇත. අප්‍රිකානු හා ආසියානු අලි ඇතුන්ගේ සංකීර්ණ ජීවන රටා අධ්‍යනයකින් මිස එය මෙහි විස්තර කළ නොහැකි තරම් සංකීර්ණ වූවකි. සරලව විග්රහ කළහොත් ආසියාතික අලි ඇතුන්ගේ සොඩය කළවර එක් නෙරුවක් (සොඩ ඇගිලි එකක්) කෙළවර නෙරුස් දෙකක් පිහිටීම පෙන්වා දිය හැකිය.

වැඩුණු අලි ඇතුන්ගේ සොඩය කි. ග්‍රෑම් 150 - 200 ක් පමණ බරින් යුතු අතර දිගින් මී 1.2 - 2 දක්වා වේ. අතීත සිංහලයන්ට අනුව ශ්‍රී ලංකාවේ අලි ඇතුන් කලාවක, ගංගෙයිය, හේම, ජද්දන්ත, පන්දර, පිංගල, තම්බ, මංගල, ගන්ධ හා උපෝසත යනුවෙන් කුල 10 කට බෙදා ඇත. මොවුන්ගෙන් සමහර කුල වල අලි ඇතුන්ගේ ශරීරයේ විවිධ අංග මෙන්ම සොඩයේද වෙනස්කම් පවතිනු දැකිය හැකිය. ඒ අනුව ගංගෙයිය කුලයේ සතුන්ගේ සොඩය දිගැටිය. ජද්දන්ත හා උපෝසත කුලයේ අලි ඇතුන්ගේ සොඩය භූමිය ස්පර්ශ වන ලෙස දිගුය. පන්දර හා පිංගල කුලයට අයත් අලි ඇතුන්ගේ සොඩය මුල පුඵල්ය. තරීබ කුලයේ සතුන්ගේ සොඩය දුර්වල යෑයි සැලකෙන අතර ගන්ධ කුලයේ සතුන්ගේ සොඩය කුඩාය. හේම කුලයේ ඇලි ඇතුන්ගේ සොඩය මධ්‍යම ප්‍රමාණයෙන් යුතු අතර මංගල කුලයේ සතුන්ගේ සොඩය විශාලය. මේ අනුව ජද්දන්ත, උපෝසත, මංගල හා හේම කුල වලට අයත් අලි ඇතුන් තම ස්වාමියාට බෙහෙවින් වාසනාව උදා කර දෙන බවට විශ්වාසයක් පවතී.

අප්‍රිකානු අලි ඇතුන්ගේ සොඩයේ සම මත වළලූ (රැළි) බොහෝ පිහිටන අතර ඒවා දැඩි බවින් අඩුය. ආසියාතික අලි ඇතුන්ගේ සොඩයේ වළලු අඩු ප්‍රමාණයක් පිහිටා ඇති අතර ඒවා මදක් රඵ ගතියෙන් යුක්ත වේ. ආසියාතික අලි ඇතුන්ගේ ගැහැණු සතුන්ට වඩා පිරිමි සතුන්ගේ සොඩය මුල සාමාන්‍යයෙන් පළල්ව පිහිටයි. එමෙන්ම ආසියාතික සමහර අලි ඇතුන්ගේ සොඩයේ ගෝමර (සුදු පැහැති ලප) පිහිටා තිබීමද විශේෂත්වයකි. අප්‍රිකානු අලි ඇතුන්ගේ සොඩයේ එවැනි ගෝමර පිහිටීම් දැකිය නොහැකිය. වැඩුණු අලි ඇතුන්ට කි. ග්රෑ 300 - 350 ක් පමණ බරක් සොඩයෙන් එසවිය හැකි වේ.

මුඛයෙන් ජලය උරාබීම හෝ තොලගා බීම කළ නොහැකි අලි ඇතුන් ජලය පානය කරන්නේ සොඩයෙන් ගන්නා ජලය මුඛය තුළට විදීමෙනි. වනයේ සැරිසරන අලි ඇතුන් නිරන්තරයෙන් ඉව අල්ලමින් තෘණ පදුරු මෙන්ම කුඩා පදුරු තුළට තම සොඩය දමමින් විමසිලිමත් වීම සහජ ගතියකි. මෙවැනි අවස්ථාවන වෙනත් වන සතුන්ට ඇටවූ උගුල් වලට අලි ඇතුන් ගොදුරු වන අවස්ථාද නැත්තේ නොවේ. එවැනි උගුලකට හෝ මද්දකට අසුවීම දරුණු අනතුරු සිදු වූ අවස්ථාවක් ඔබ දුටුවහොත් නිසැකවම හද කම්පා වනු නියතය. මෙවැනි අනතුරු වලින් සොඩය කොට වූ අලියෙකු තෘණ පදුරක් හෝ ගසක පහල පිහිටන අතු රිකිල්ලක් කෑමටත් ජලය බීමටත් ගන්නා උත්සාහය ඉතාම දුක් මුසු තත්ත්වයකි. සොඩය කොට ඇතෙකුට නම් තෘණ පදුරක් කෑම හෝ ජලය පානය බෙහෙවින් දුෂ්කර කාර්යක් වන්නේ උගේ දිගු දල යුගල නිසාවෙනි.

කෙසේ වෙතත් මෙලෙස අවාසනාවන්ත ලෙස සොඩය කොට වූ අලියෙකු හෝ ඇතෙකුගේ ආයුෂ ඉතාම කෙටි බව නම් පැහැදිලිය.

ඒ ශ්වසන අපහසුතාවය ද ආහාර හා ජලය හිග විමෙන් ද ඔවුන් ඉක්මනින් මරණයට පත්වන බැවිනි. මෙවැනි මර උගුල් වලට ගොදුරු වන අප්‍රිකානු අලි ඇතුන් බහුලය.

ගන්ධ සංවේදය, ස්පර්ශය, රස බැලීම, ඇසිම, හා පෙනීම මගින් අලි ඇතුන් සන්නිවේදනය පවත්වා ගනිති. වැඩුණු ඇලි ඇතුන්ගේ මූලිකම සන්නිවේදනය නිතරම ඔවුනොවුන් සොඩයෙන් ස්පර්ශ කර ගැනීමයි.මෙයින් හිසට හිස තබා ස්පර්ශ කර ගන්නා අවස්ථා බහුලය. අලුත උපන් පැටවෙකු නිතරම සිය මවගේ පාද සොඩයෙන් ස්පර්ශ කරනුද ඉතා පහසුවෙන් දැකිය හැකි සිදුවීමකි.

තරුණ අලියෙකු හෝ ඇතෙකු ගැහැණු සතුන්ගේ පිට මත සොඩය තබා පිට දිගේ ස්පර්ශ කරමින් ආදරය ප්‍රකාශ කරති. ඒ අතරම ඔවුන් තම ප්‍රජනන ග්‍රන්ථී, මද ග්‍රන්ථී, හා ඔවුනොවුන්ගේ මුව සොඩයෙන් ස්පර්ශ කර ගනිති. අලි රැළක තවත් දැකිය හැකි සුලභ සිදුවීමකි, ඇතින්නියන්ගේ වල්ගය පැටවා සොඩයෙන් ඔසවා අල්ලා ගෙනසිටීම. අලි ඇතුන්ගේ සන්නිවේදනයේ රසායනික සන්නිවේදනක්‍රම බහුලය. ඒ සියල්ලටම ඔවුන්ට උපකාරී වන්නේ අලි සොඩය ය. ලිංගික අවශ්යතාවයන්වලදී මද ග්‍රන්ථී, ප්‍රජනන ග්‍රන්ථී, මුව මෙන්ම තම තමන්ගේ මළ මුත්‍ර පවා සොඩයෙන් ස්පර්ශ කිරීම මොවුන් අතර බහුලව පවතින චර්යාවන්ය.

සොඩය ඉහළට ඔසවා මුවෙහි තොල් ඒ මේ අත හරවයි නම් එයින් ඇගවෙන්නේ අවට පරිසරය පිළිබදව විමසීමක යෙදෙන බවයි. විශේෂයෙන්ම ඇතින්නක හෝ කෙරෙන ප්‍රජනන වයසට (තත්වයට) පත්වී ඇතිදැයි පිරිමි සතා විසින් තේරුම් ගන්නේ සොඩයෙන් ගැහැණු සතාගේ මුත්‍රා තම මුඛ කෙලවර ඇති විශේෂ ග්රන්ථීයක් වෙත (ෙ-කොරීසන් ග්‍රන්ථීය) මුදා හැරී මෙනි. ගැහැණු සතෙකු " මද කාලයේ " පසුවන බව මෙලෙසම තේරුම් ගැනීමට පිරිමි සතුන්ට උපකාරී වන්නේ ගැහැණු සතාගේ මුත්‍රා සොඩයෙන් ඉව කිරීමෙනි.

දැන හඳුනාගත් මිත්‍රශීලී දෙදෙනෙක් හමුවූ විට සොඩ කෙළවර ඔවුනොවුන්ගේ මුව තුළ රදවා ගැනීමත් ආහාර ගන්නා අවස්ථාවල එලෙසම සිදු කිරීමත් අලි ඇතුන්ගේ මිත්රශීලීකම් අගවන සුලභ චර්යාවන් වේ. මේ හැරුණු විට මද ග්‍රන්ථී හෙවත් ශංඛක ග්‍රන්ථී (Temporal gland) ගැහැණු පිරිමි භේදයකින් තොරව සොඩයෙන් ස්පර්ශ කර ගනිති. එවිට මද ග්‍රන්ථී වලින් මද වෑස්සීම සිදු වේ. මොවුන් මද කාලයට (මද කිපෙන කාලය ලෙස ව්‍යවහාරයේ පවතී.) මද ග්‍රන්ථී තරමක් ඉදිරියට නෙරා පිහිටයි. එමෙන්ම සංවාසයේදී, දිවීමේදී හා උග්‍ර සටන් වලදී මද ග්‍රන්ථී පැහැදිලිව ඉදිරියට නොරා එයි. පුරුෂ ලිංගික හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරොන් මෙම මද ස්රාවයේ අඩංගු වේ. සුළග මගින් ගෙන එනු ලබන විවිධ සංවේද හදුනාගැනීම සදහා සොඩය උඩු අතට අල්වා සුළං හමන දිශාවට යොමු කරනු දක්නට ලැබෙන්නේ මෙවන් අවස්ථාවලදීය. විශේෂයෙන්ම අනතුරු පිළිබදව හදුනාගැනීමට මෙම තත්ත්වය බෙහෙවින් උපකාරී වේ.

අප්‍රිකානු අලි ඇතුන්ගේ මෙම චර්යාවන් බහුලව සිදු වේ. ඒ නිරන්තරයෙන් උන්ට දඩයක්කරුවන්ගෙන්, සිංහයන්ගෙන් හා ව්‍යාඝ්‍රයන්ගෙන් අනතුරු සිදු වන බැවිනි. මෙහිදී සොඩය මගින් ලබා ගන්නා සංඥාව අනුව මුඵ රංචුවම සිටින තැනින් ඉවතට යති. නැතිනම් වන වදුලක සැගවී ආරක්ෂාව ලබා ගනිති. තම රංචුවේ අය සොයා යාමට හදිස්සියේ වනයේ අතරමං වන අලි ඇතුන්ට උපකාර වන්නේ අලි බෙටි සොඩයෙන් ඉව කිරීම තුළිනි. තමාට ළං වෙන සතුරන් බිය වැද්දවීම සදහා පදුරු හා ගස්වල අතු ඉති කඩා දමමින් ආරක්ෂාව ලබා ගන්නට අලි ඇතුන්ට සෝඩයෙන් ලැබෙන්නේ මහගු උපකාරයෙකි. තදබල ලෙස කෝප වු විට සොඩය ඉහළට ඔසවා ගැනීම වේගවත්ව සිදුකරයි. ඇත්ගොව්වාට බෙහෙවින් කීකරු බව පෙන්වන්නේ සොඩය මෙන් ම කන් පහත් කරගෙන සිටින ඉරියව්වෙනි. ආදරණීය පිළිගැනීම් වලදීද සොඩය ඔසවන තවත් පිළිවෙලක් තිබේ. මෙම සොඩය හසුරුවන ආකාර මගින් අගවන විවිධ සංඥා කීපයක්ම පවතී.

අලි ඇතුන්ගේ නාද කිරීම (කුංචනාදය ) සදහා ස්වරාලය උදව් කර ගන්නා අතර සොඩය ඊට මහගු ලෙස උපකාරී වේ. කුංචනාදයේදී සොඩය ඉහළට එසවිය යුතුම වෙයි. කුංචනාදය ජව සම්පන්න ශක්තිමත් නායක අලි ඇතුන් පිළිබදව දැනගත හැකි හොදම සාක්ෂියයි. සතුරු උපක්‍රම හා අධික නියං සමයන් වලදී නායකයෙකුගේ ඥානාන්විත උපක්‍රම අලි ඇතුන් රංචුවකට අත්‍යාවශ්‍ය වේ. අලි ඇතුන්ට නිල 86 ක් පමණ ඇති බව විශ්වාස කරයි. ඉන් සොඩයේ පවතින නිල වලට සම්බන්ධ සංඥාවන් කීපයකි. සොඩය දිග හැරීම, සොඩය අකුලා ගැනීම, බිය ගැන්වීම, කුංචනාද කරවීම, පාලනය ඇත් ගොව්වා යටතට ගැනීම, කෙනෙකු මරණයට පත්කිරීම, දණ ගැසීම, පසු පසට ගමන් කිරීම, උරහිස පහත් කිරීම, පුහුණු කරන ලද අලීන් ගෙන් බර ඇදීම බහුල වශයෙන් අතීතයේ සිදු කළද ඒ සදහා නවීන ආදේශක යන්ත්‍ර සූත්‍ර භාවිතා වීමත් සමග බර අදින අලි අද විශාල වශයෙන් දැකිය නොහැකිය. එමෙන්ම හීලෑ අලියෙකුට සාමාන්‍යයෙන් නියෝග 30 ක් පමණ මතක තබා ගත හැකි බව ඇත්ගොව්වන් අත්දැකීමෙන් දකිති. ඒ නියෝගවලට අදාල නිල කීපයක්ම ඇත්තේ සොඩය ආශ්‍රිතවය.

දළ ඇතෙකු විවේක ගන්නා විට සොඩය තමාගේ දළ මත තබාගෙන සිටින දර්ශනය ඉතාම මනස්කාන්තය. පිහිනන විට හෝ ජලයේ ඇවිදින විට සොඩය ජලය මතුපිට තබා ගන්නා මොවුන් තම ශරීරය මත වෙසෙන මැස්සන් කෘමීන් වැන්නන් එලවා දමන්නේ සොඩයෙන් ගත් අතු කැබැල්ලකිනි. තම ඇස් පිරිසිදු කර ගන්නටද කන් මෙන්ම බොහෝ ඉන්ද්‍රියන් ස්පර්ශ කිරීමට ද යොදා ගන්නා සොඩය සැබවින්ම අලි ඇතුන්ට නැතුවම බැරි "අලි අතක්" බව මේ කරුණු වලින් මනාව පැහැදිලි කරගත හැකිය.

[QUOTE="caltonhp, post: 26825236, member: 557464"] [ATTACH type="full" alt="28850647756_972cdfd46b_b.jpg"]141921[/ATTACH] [SIZE=6]අසාමාන්‍ය ලෙස ඕනෑම අතකට නැමිය හැකි අලි සොඩයකින් බිම වැටී ඇති කුඩා කාසියක් වුවද අසුලාගත හැකි බව ඇත්ගොව්වන් අත්දැකීමෙන් දනී. අස්ථී හෝ කාටිලේජ වලින් තොර අලි සොඩය පේශි, රුධිරවාහිනී, වසාවාහිනී, මේද පටක, ස්නායු, සම හා රෝම කෝදි වලින් යුක්ත අතිශය සංවේදී අවයවයකි. අලි ඇතුන්ගේ සොඩය නිර්මාණය වී ඇත්තේ පේශි එක් ලක්ෂ පනස් දහසකින් පමණ බව නූතන අධ්‍යයනයන් තුළින් හෙළිවී ඇත. අලි ඇතුන්ගේ ශ්වසන ක්‍රියාවලියට 75% ක්ම දායක වන්නේ සෝඩයේ කෙළවර පිහිටා ඇති නාසික විවර (Nostri) යි. ශ්වසන ක්‍රියාවලියට 25% කින් දායකත්වය සපයන්නේ උන්ගේ මුඛ විවරයයි. අලි සොඩයක මාංශපේශී තට්ටු තුනක් පිහිටයි. අස්ථී හෝ කාටිලේජ නොමැති වුවද රුධිර නාල සම්බන්ධක පටක විශාල ගණනක් සම්බන්ධ වීම නිසා අලි සොඩය ඉතාම කාර්යක්ෂම අංගයක් බවට පත්වී ඇත. සොඩය යනු අලි ඇතුන් සතු සුවිශේෂී අතකි. අත සංස්කෘතික බසින් හස්තයයි. හස්තය හිමි හස්තියාටයි. මේ නිසාම භාරත වැසියන් අලියන් හස්තීන් ලෙසත් හදුන්වති. "හස්තිරාජයා" යන්නද ලක්වැසියන්ට බොහෝ හුරු පුරුදු වදනක් බවට අද පත්ව ඇත. මේ අනුව සත්‍ය වශයෙන්ම "අලි සොඩය" යනු භෞතික ලෝකයේ අතිශය ක්‍රියාකාරී අවයවයක් මෙන්ම අලි ඇතුන්ගේ සමාජයීය ලෝකයේ ද සුවිශාල මෙහෙයක් ඉටු කරන අංගයකි. අලි ඇතුන්ගේ නිජභූමි සෑම විටම වනගත ජලාශ්‍රිත ප්රදේශයන්ය. සහමුලින්ම ශාක භක්ෂක අලි ඇතුන් තම ආහාර තරමටම ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ජලයටයි. සොඩය කෙළවර නාසික පුඩු පිහිටා ඇත. ඔවුන්ගේ මුඛයේ උඩු තොල සොඩයේ මුල් කොටසින් නිර්මාණය වී තිබීමද විශේෂත්වයකි. අස්ථී හෝ කාටිලේජ නැතත් පේශි, රුධිරවාහිනී, වසාවාහිනී, මේද පටක, ස්නායු සම්බන්ධක පටක, සම, රෝම, කෝදි ආදියෙන් සොඩය සමන්විතය. හිස් කබලට සොඩය සම්බන්ධ වන්නේ තනි විවරයක් ලෙසිනි. සොඩය කෙළවර පිහිටන නාසික විවර (Nostrils) දෙක අතර පිහිටන ආවරණය (බිත්තිය) ඉතාම තුනී පේශි වලින් යුක්තය. සොඩය මතුපිට පේශි හා අභ්‍යන්තර පේශි යන පේශීන් වලින් සමන්විතය. නවීන පර්යේෂණවලට අනුව මතුපිට හා අභ්‍යන්තර පේශීන් එක්ලක්ෂ පනස් දහසක් පමණ අලිසොඩයක පවතින බව අනාවරණය වේ. අප්‍රිකානු හා ආසියානු අලි ඇතුන්ගේ සොඩයේ ව්යqහය සකස්වීම අතින් වෙනස් කම් පවතී. ඒ අනුව අප්‍රිකානු අලි ඇතුන්ට වඩා ආසියානු අලි ඇතුන්ගේ සොඩයේ පේශිමය සැකැස්ම සංකීර්ණය. මෙම දෙවර්ගයෙහි හැසිරීම් රටාවලට අනුව මෙම තත්ත්වය නිර්ණය කිරීමට සත්ව විද්‍යාඥයින්ට හැකි වී ඇත. අප්‍රිකානු හා ආසියානු අලි ඇතුන්ගේ සංකීර්ණ ජීවන රටා අධ්‍යනයකින් මිස එය මෙහි විස්තර කළ නොහැකි තරම් සංකීර්ණ වූවකි. සරලව විග්රහ කළහොත් ආසියාතික අලි ඇතුන්ගේ සොඩය කළවර එක් නෙරුවක් (සොඩ ඇගිලි එකක්) කෙළවර නෙරුස් දෙකක් පිහිටීම පෙන්වා දිය හැකිය. වැඩුණු අලි ඇතුන්ගේ සොඩය කි. ග්‍රෑම් 150 - 200 ක් පමණ බරින් යුතු අතර දිගින් මී 1.2 - 2 දක්වා වේ. අතීත සිංහලයන්ට අනුව ශ්‍රී ලංකාවේ අලි ඇතුන් කලාවක, ගංගෙයිය, හේම, ජද්දන්ත, පන්දර, පිංගල, තම්බ, මංගල, ගන්ධ හා උපෝසත යනුවෙන් කුල 10 කට බෙදා ඇත. මොවුන්ගෙන් සමහර කුල වල අලි ඇතුන්ගේ ශරීරයේ විවිධ අංග මෙන්ම සොඩයේද වෙනස්කම් පවතිනු දැකිය හැකිය. ඒ අනුව ගංගෙයිය කුලයේ සතුන්ගේ සොඩය දිගැටිය. ජද්දන්ත හා උපෝසත කුලයේ අලි ඇතුන්ගේ සොඩය භූමිය ස්පර්ශ වන ලෙස දිගුය. පන්දර හා පිංගල කුලයට අයත් අලි ඇතුන්ගේ සොඩය මුල පුඵල්ය. තරීබ කුලයේ සතුන්ගේ සොඩය දුර්වල යෑයි සැලකෙන අතර ගන්ධ කුලයේ සතුන්ගේ සොඩය කුඩාය. හේම කුලයේ ඇලි ඇතුන්ගේ සොඩය මධ්‍යම ප්‍රමාණයෙන් යුතු අතර මංගල කුලයේ සතුන්ගේ සොඩය විශාලය. මේ අනුව ජද්දන්ත, උපෝසත, මංගල හා හේම කුල වලට අයත් අලි ඇතුන් තම ස්වාමියාට බෙහෙවින් වාසනාව උදා කර දෙන බවට විශ්වාසයක් පවතී. අප්‍රිකානු අලි ඇතුන්ගේ සොඩයේ සම මත වළලූ (රැළි) බොහෝ පිහිටන අතර ඒවා දැඩි බවින් අඩුය. ආසියාතික අලි ඇතුන්ගේ සොඩයේ වළලු අඩු ප්‍රමාණයක් පිහිටා ඇති අතර ඒවා මදක් රඵ ගතියෙන් යුක්ත වේ. ආසියාතික අලි ඇතුන්ගේ ගැහැණු සතුන්ට වඩා පිරිමි සතුන්ගේ සොඩය මුල සාමාන්‍යයෙන් පළල්ව පිහිටයි. එමෙන්ම ආසියාතික සමහර අලි ඇතුන්ගේ සොඩයේ ගෝමර (සුදු පැහැති ලප) පිහිටා තිබීමද විශේෂත්වයකි. අප්‍රිකානු අලි ඇතුන්ගේ සොඩයේ එවැනි ගෝමර පිහිටීම් දැකිය නොහැකිය. වැඩුණු අලි ඇතුන්ට කි. ග්රෑ 300 - 350 ක් පමණ බරක් සොඩයෙන් එසවිය හැකි වේ. මුඛයෙන් ජලය උරාබීම හෝ තොලගා බීම කළ නොහැකි අලි ඇතුන් ජලය පානය කරන්නේ සොඩයෙන් ගන්නා ජලය මුඛය තුළට විදීමෙනි. වනයේ සැරිසරන අලි ඇතුන් නිරන්තරයෙන් ඉව අල්ලමින් තෘණ පදුරු මෙන්ම කුඩා පදුරු තුළට තම සොඩය දමමින් විමසිලිමත් වීම සහජ ගතියකි. මෙවැනි අවස්ථාවන වෙනත් වන සතුන්ට ඇටවූ උගුල් වලට අලි ඇතුන් ගොදුරු වන අවස්ථාද නැත්තේ නොවේ. එවැනි උගුලකට හෝ මද්දකට අසුවීම දරුණු අනතුරු සිදු වූ අවස්ථාවක් ඔබ දුටුවහොත් නිසැකවම හද කම්පා වනු නියතය. මෙවැනි අනතුරු වලින් සොඩය කොට වූ අලියෙකු තෘණ පදුරක් හෝ ගසක පහල පිහිටන අතු රිකිල්ලක් කෑමටත් ජලය බීමටත් ගන්නා උත්සාහය ඉතාම දුක් මුසු තත්ත්වයකි. සොඩය කොට ඇතෙකුට නම් තෘණ පදුරක් කෑම හෝ ජලය පානය බෙහෙවින් දුෂ්කර කාර්යක් වන්නේ උගේ දිගු දල යුගල නිසාවෙනි. කෙසේ වෙතත් මෙලෙස අවාසනාවන්ත ලෙස සොඩය කොට වූ අලියෙකු හෝ ඇතෙකුගේ ආයුෂ ඉතාම කෙටි බව නම් පැහැදිලිය. ඒ ශ්වසන අපහසුතාවය ද ආහාර හා ජලය හිග විමෙන් ද ඔවුන් ඉක්මනින් මරණයට පත්වන බැවිනි. මෙවැනි මර උගුල් වලට ගොදුරු වන අප්‍රිකානු අලි ඇතුන් බහුලය. ගන්ධ සංවේදය, ස්පර්ශය, රස බැලීම, ඇසිම, හා පෙනීම මගින් අලි ඇතුන් සන්නිවේදනය පවත්වා ගනිති. වැඩුණු ඇලි ඇතුන්ගේ මූලිකම සන්නිවේදනය නිතරම ඔවුනොවුන් සොඩයෙන් ස්පර්ශ කර ගැනීමයි.මෙයින් හිසට හිස තබා ස්පර්ශ කර ගන්නා අවස්ථා බහුලය. අලුත උපන් පැටවෙකු නිතරම සිය මවගේ පාද සොඩයෙන් ස්පර්ශ කරනුද ඉතා පහසුවෙන් දැකිය හැකි සිදුවීමකි. තරුණ අලියෙකු හෝ ඇතෙකු ගැහැණු සතුන්ගේ පිට මත සොඩය තබා පිට දිගේ ස්පර්ශ කරමින් ආදරය ප්‍රකාශ කරති. ඒ අතරම ඔවුන් තම ප්‍රජනන ග්‍රන්ථී, මද ග්‍රන්ථී, හා ඔවුනොවුන්ගේ මුව සොඩයෙන් ස්පර්ශ කර ගනිති. අලි රැළක තවත් දැකිය හැකි සුලභ සිදුවීමකි, ඇතින්නියන්ගේ වල්ගය පැටවා සොඩයෙන් ඔසවා අල්ලා ගෙනසිටීම. අලි ඇතුන්ගේ සන්නිවේදනයේ රසායනික සන්නිවේදනක්‍රම බහුලය. ඒ සියල්ලටම ඔවුන්ට උපකාරී වන්නේ අලි සොඩය ය. ලිංගික අවශ්යතාවයන්වලදී මද ග්‍රන්ථී, ප්‍රජනන ග්‍රන්ථී, මුව මෙන්ම තම තමන්ගේ මළ මුත්‍ර පවා සොඩයෙන් ස්පර්ශ කිරීම මොවුන් අතර බහුලව පවතින චර්යාවන්ය. සොඩය ඉහළට ඔසවා මුවෙහි තොල් ඒ මේ අත හරවයි නම් එයින් ඇගවෙන්නේ අවට පරිසරය පිළිබදව විමසීමක යෙදෙන බවයි. විශේෂයෙන්ම ඇතින්නක හෝ කෙරෙන ප්‍රජනන වයසට (තත්වයට) පත්වී ඇතිදැයි පිරිමි සතා විසින් තේරුම් ගන්නේ සොඩයෙන් ගැහැණු සතාගේ මුත්‍රා තම මුඛ කෙලවර ඇති විශේෂ ග්රන්ථීයක් වෙත (ෙ-කොරීසන් ග්‍රන්ථීය) මුදා හැරී මෙනි. ගැහැණු සතෙකු " මද කාලයේ " පසුවන බව මෙලෙසම තේරුම් ගැනීමට පිරිමි සතුන්ට උපකාරී වන්නේ ගැහැණු සතාගේ මුත්‍රා සොඩයෙන් ඉව කිරීමෙනි. දැන හඳුනාගත් මිත්‍රශීලී දෙදෙනෙක් හමුවූ විට සොඩ කෙළවර ඔවුනොවුන්ගේ මුව තුළ රදවා ගැනීමත් ආහාර ගන්නා අවස්ථාවල එලෙසම සිදු කිරීමත් අලි ඇතුන්ගේ මිත්රශීලීකම් අගවන සුලභ චර්යාවන් වේ. මේ හැරුණු විට මද ග්‍රන්ථී හෙවත් ශංඛක ග්‍රන්ථී (Temporal gland) ගැහැණු පිරිමි භේදයකින් තොරව සොඩයෙන් ස්පර්ශ කර ගනිති. එවිට මද ග්‍රන්ථී වලින් මද වෑස්සීම සිදු වේ. මොවුන් මද කාලයට (මද කිපෙන කාලය ලෙස ව්‍යවහාරයේ පවතී.) මද ග්‍රන්ථී තරමක් ඉදිරියට නෙරා පිහිටයි. එමෙන්ම සංවාසයේදී, දිවීමේදී හා උග්‍ර සටන් වලදී මද ග්‍රන්ථී පැහැදිලිව ඉදිරියට නොරා එයි. පුරුෂ ලිංගික හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරොන් මෙම මද ස්රාවයේ අඩංගු වේ. සුළග මගින් ගෙන එනු ලබන විවිධ සංවේද හදුනාගැනීම සදහා සොඩය උඩු අතට අල්වා සුළං හමන දිශාවට යොමු කරනු දක්නට ලැබෙන්නේ මෙවන් අවස්ථාවලදීය. විශේෂයෙන්ම අනතුරු පිළිබදව හදුනාගැනීමට මෙම තත්ත්වය බෙහෙවින් උපකාරී වේ. අප්‍රිකානු අලි ඇතුන්ගේ මෙම චර්යාවන් බහුලව සිදු වේ. ඒ නිරන්තරයෙන් උන්ට දඩයක්කරුවන්ගෙන්, සිංහයන්ගෙන් හා ව්‍යාඝ්‍රයන්ගෙන් අනතුරු සිදු වන බැවිනි. මෙහිදී සොඩය මගින් ලබා ගන්නා සංඥාව අනුව මුඵ රංචුවම සිටින තැනින් ඉවතට යති. නැතිනම් වන වදුලක සැගවී ආරක්ෂාව ලබා ගනිති. තම රංචුවේ අය සොයා යාමට හදිස්සියේ වනයේ අතරමං වන අලි ඇතුන්ට උපකාර වන්නේ අලි බෙටි සොඩයෙන් ඉව කිරීම තුළිනි. තමාට ළං වෙන සතුරන් බිය වැද්දවීම සදහා පදුරු හා ගස්වල අතු ඉති කඩා දමමින් ආරක්ෂාව ලබා ගන්නට අලි ඇතුන්ට සෝඩයෙන් ලැබෙන්නේ මහගු උපකාරයෙකි. තදබල ලෙස කෝප වු විට සොඩය ඉහළට ඔසවා ගැනීම වේගවත්ව සිදුකරයි. ඇත්ගොව්වාට බෙහෙවින් කීකරු බව පෙන්වන්නේ සොඩය මෙන් ම කන් පහත් කරගෙන සිටින ඉරියව්වෙනි. ආදරණීය පිළිගැනීම් වලදීද සොඩය ඔසවන තවත් පිළිවෙලක් තිබේ. මෙම සොඩය හසුරුවන ආකාර මගින් අගවන විවිධ සංඥා කීපයක්ම පවතී. අලි ඇතුන්ගේ නාද කිරීම (කුංචනාදය ) සදහා ස්වරාලය උදව් කර ගන්නා අතර සොඩය ඊට මහගු ලෙස උපකාරී වේ. කුංචනාදයේදී සොඩය ඉහළට එසවිය යුතුම වෙයි. කුංචනාදය ජව සම්පන්න ශක්තිමත් නායක අලි ඇතුන් පිළිබදව දැනගත හැකි හොදම සාක්ෂියයි. සතුරු උපක්‍රම හා අධික නියං සමයන් වලදී නායකයෙකුගේ ඥානාන්විත උපක්‍රම අලි ඇතුන් රංචුවකට අත්‍යාවශ්‍ය වේ. අලි ඇතුන්ට නිල 86 ක් පමණ ඇති බව විශ්වාස කරයි. ඉන් සොඩයේ පවතින නිල වලට සම්බන්ධ සංඥාවන් කීපයකි. සොඩය දිග හැරීම, සොඩය අකුලා ගැනීම, බිය ගැන්වීම, කුංචනාද කරවීම, පාලනය ඇත් ගොව්වා යටතට ගැනීම, කෙනෙකු මරණයට පත්කිරීම, දණ ගැසීම, පසු පසට ගමන් කිරීම, උරහිස පහත් කිරීම, පුහුණු කරන ලද අලීන් ගෙන් බර ඇදීම බහුල වශයෙන් අතීතයේ සිදු කළද ඒ සදහා නවීන ආදේශක යන්ත්‍ර සූත්‍ර භාවිතා වීමත් සමග බර අදින අලි අද විශාල වශයෙන් දැකිය නොහැකිය. එමෙන්ම හීලෑ අලියෙකුට සාමාන්‍යයෙන් නියෝග 30 ක් පමණ මතක තබා ගත හැකි බව ඇත්ගොව්වන් අත්දැකීමෙන් දකිති. ඒ නියෝගවලට අදාල නිල කීපයක්ම ඇත්තේ සොඩය ආශ්‍රිතවය. දළ ඇතෙකු විවේක ගන්නා විට සොඩය තමාගේ දළ මත තබාගෙන සිටින දර්ශනය ඉතාම මනස්කාන්තය. පිහිනන විට හෝ ජලයේ ඇවිදින විට සොඩය ජලය මතුපිට තබා ගන්නා මොවුන් තම ශරීරය මත වෙසෙන මැස්සන් කෘමීන් වැන්නන් එලවා දමන්නේ සොඩයෙන් ගත් අතු කැබැල්ලකිනි. තම ඇස් පිරිසිදු කර ගන්නටද කන් මෙන්ම බොහෝ ඉන්ද්‍රියන් ස්පර්ශ කිරීමට ද යොදා ගන්නා සොඩය සැබවින්ම අලි ඇතුන්ට නැතුවම බැරි "අලි අතක්" බව මේ කරුණු වලින් මනාව පැහැදිලි කරගත හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom