Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් අවුරුද්දේත් ඔබ පරණ චරිතයමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් අවුරුද්දේත් ඔබ පරණ චරිතයමද

අලුත් අවුරුද්දේත් ඔබ පරණ චරිතයමද

නව වසරක් ලබන වෙලාවේ, පිංවත් ඔබ, මෝහය කියන කාරණය පිළිබඳවත් සැලකිල්ලක් යොමුකරන්න ඕනේ. මෝහය කියන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් බැහැරවීමයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති දුර්වලතාවයන් නිසාම, උදාවන සෑම වසරකදීම, ගෙවුණු වසරට වඩා අන්යශීලව්රතයන්, ජ්‍යොතිෂ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් කොඩිවින ආදිය ජනතාව විසින් වැළඳගැනීමේ ප්‍රවණතාවක් සමාජය තුළ තිබෙනවා.

නව වසර කියන්නේ, පිංවත් ඔබට නිවැරදි වීමට ලැබෙන අලුත් අවස්ථාවක්. නව වසරක උදාවකින්, නිවැරදි වීමට ලැබෙන අවස්ථාවෙන් පිංවත් ඔබ ප්‍රයෝජනයක් නොගෙන, පරණ අවුරුද්දේ වැරදි පුරුදුම ජීවිතයට එකතුකොට ගන්නවා නම්, අවුරුද්ද අලුත් වුවත් පිංවත් ඔබ පැරණි පුද්ගලයාම වෙනවා.

භික්ෂුව වැඩසිටින පළාතේ ගුරුකම් මහත්මයෙක් සිටිනවා. ඔහුගේ දේවාලයට සහනයක් පතා පැමිණෙන සෑම පුද්ගලයෙක්ගේම ඔහු අතින් අල්ලනවා. පැමිණෙන සේවාදායකයාගේ ශරීරයේ යම් දෝෂයක් තිබෙනවා නම්, ගුරුකම් මහත්මයා අතින් අල්ලන කෙනාව වෙව්ලනවා, වැටෙනවා. දෝෂයක් නැතිනම් වෙව්ලන්නේ, වැටෙන්නේ නැතිලු. මෙම ගුරුකම් මහත්මයාගේ දේවාලයට ගිහින් පැමිණි ගමේ මහත්මයෙක්, උදේ පිණ්ඩපාත මඩුවේදී අසනවා 'ස්වාමීන්වහන්ස එහෙම වෙන්නේ කොහොමද?' කියලා.

හේතූන් කිහිපයක් නිසාම ගුරුකම් මහත්මයා අතින් අල්ලනකොට යම් පුද්ගලයෙක් වෙව්ලන්න, වැටෙන්න පුළුවන්. ගුරුකම් මහත්මයා ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, කුසල මූලයන්ගෙන් දුර්වල, අන්යශීලව්රත වඩන කෙනෙක් නිසා, ඔහුගේ ශරීරයට එවැනිම අමනුෂ්‍යයෙක්ගේ බලපෑම හේතුවෙන් වගේම, ඔහුගේ සේවාදායක ආතුරයාද අකුසල් මූලයන්ගෙන් කිලිටි අයෙක් නිසා මෙවැනි දෙයක් වෙන්න පුළුවන්. දෙවැනි කාරණය, යම් පුද්ගලයෙක් මා තුළ අමනුෂ්‍ය දෝෂයක් තිබෙනවාය කියන කාරණය නිතර නිතර සිතීම නිසාත්, කට්ටඬි මහත්මයා තමන්ගේ අතින් අල්ලන විට එකී මානසික තත්ත්වය මත වෙව්ලන්න, වැටෙන්න පුළුවන්. තුන්වැනි කාරණය, සාම්ප්‍රදායික නිල වෙදකම කියලා ප්‍රතිකාර ක්‍රමයක් තිබෙනවා. දේවාලයේ කපුමහත්මයා වංචාකාරී ලෙස තමන් ඉදිරියට පැමිණෙන සේවාදායකයාගේ අතේ නිලයක් අල්ලා වෙව්ලන්නට හැර මනුෂ්‍යයෙක්ව වට්ටවන්නත් පුළුවන්. නමුත් මේ තුන් ආකාරයෙන් කොයි ආකාරයට එය සිදුවුවත් එය අයිති වෙන්නේ මෝහයටයි. අකුසල් මූලයන්ටයි. එකතු කරගන්නේ අමූලිකා ශ්රද්ධාවට අයත් ධර්මතාවයන්මයි. අලුත් අවුරුද්දක් ලැබුවත්, කට්ටඬි මහත්තයාගේ දේවාලයේ පෝලිම තව තව වැඩිවෙන බවනම් භික්ෂුවට විශ්වාසයි.

පිංවත් ඔබ අවුරුද්ද අලුත්වෙද්දී, පරණ වැරදි අසද්ධාවේ පුරුදු ජීවිතයෙන් ඉවත්කොටගෙන අලුත් අවුරුද්දේ දසකුසල් ධර්මයන් සහිත නැවුම්භාවයෙන් යුත් අලුත් ජීවිතයක් පටන් ගන්න දක්ෂ වෙන්න. එසේ නොවුනහොත් අලුත් අවුqරුද්ද අලුත් වුවද පිංවත් ඔබ පරණමය.

මෝහය නිසාම, සමහරක් පිංවතුන් අලුත් අවුරුද්දක් ලැබුවත් ජීවිතයට එකතුකොටගන්නා පරණ පුරුද්දක් තමයි, මත්වතුර කියන කාරණය. ධර්මයේ සැබෑ සැපය වන ප්‍රීතිය, පස්සද්ධිය ප්රතික්ෂේපකොට, සමාජය කැමැත්තෙන්ම ජීවිතයට එකතුකොටගන්නා මත්වීම අයිතිවන්නේ මෝහයට, මෝඩකමට, හීනමානයට, දුස්ශීලභාවයට, රෝගීභාවයට, අපකීර්තියට, අසමගියටයි. බලන්න එක මත්වතුර වීදුරුවකින් ජීවිතයට මොනතරම් දේවල් එකතුකොටන්නවාද කියලා. මත්වතුර වීදුරුවක ඔච්චර දේවල් මුහුවෙලා තිබෙනවානම්, මත්වතුර කෙරෙහි මොනතරම් පිළිකුලකින්ද ඔබ බලන්න ඕනේ.

අසත්පුරුෂ, මත්වතුර දන් දෙන්නාට මිල අධික මත්වතුර පෙරළා ලැබෙනවා. එය ධර්මතාවයක්. පිංවත් ඔබ, සමාජයේ දැක ඇති, මහා සංඝරත්නයට දන් පූජා කරන්න අකමැති පිංවතුන්ලා සමාජයේ අසත්පුරුෂ මිතුරන්ට අත දිගහැර වියදම්කොට මත්වතුර සාද පවත්වනවා. යාළුවන්ට මත්වතුර බොන්න දෙන්නට, තමන් බොන්නට වියදම් කරන්නට කිසිම ලෝභකමක් නැහැ. හැබැයි ගෙදර නෝනා දරුවන්ට හොඳින් සලකනවා. මෙවැනි මහත්වරු මැරෙන වෙලාවේ අවසාන චුති සිතට, කළා වූ පිං සිතුවිල්ලක් ඇතිවුනොත් නැවත මනුෂ්‍යයෙක් වෙලා උපදිනවා. ඉපදිලා පෙර ජීවිතයේ මත්වතුර දානයක් නිසා තරුණ කාලයේම ඉස්තරම් වර්ගයේ මත්වතුර ලැබීමට අවස්ථාව ලබනවා. භික්ෂුව පොඩිකාලයේ වෙළෙඳපොළේ තිබුණේ ගල් අරක්කු, රා පමණයි. නමුත් මොකක්ද මේ වර්තමානයේ මතුවී පැමිණෙන මිල අධික මත්වතුර සංස්කෘතිය? අතීත මත්වතුර දන්දීමේ ආනිශංසයයි.

කුමන රජයක් ඇවිත්, මතට නැවතීමට තබන්නට උත්සහ කළත්, මත්වතුර විකුණන කඩ දිනෙන් දින විචිත්‍ර වන්නේ, ව්‍යාප්ත වෙන්නේ රා පොල්කට්ට, කසිප්පු වීදුරුව, ගල් පොල් වීදුරුව දන්දීමේ, බෙදාගෙන බීමේ හේතුඵල ධර්මයන් නිසාමය. ඔබගේ උපන්දින සාදයේදී, මංගල සාදයේදී, මළගෙදරදී, තැබෑරුමේදී, ප්රියාසාදයේදී මත්වතුර දන්සැල් පැවැත්වීමේ හේතුඵල ධර්මයන් නිසාමය. අසත්පුරුෂ මත්වතුර දානයන්ගේ ඵලයෙන් ලබන අසත්පුරුෂ ආනිශංසය වන්නේ මත්වතුරත්, බේබදුකමත්, රෝගීභාවයත්, සතර අපායත් පමණි. ලබන්නාවූ නව වසරේදී පිංවත් ඔබට 'මේ වසරේදී මත්වතුර බීම නවත්වනවා'ය කියලා අධිෂ්ඨානයක් ඇතිකොටගැනීමට බැරිනම්, කරුණාකර 'මම මේ වසරේ අනුනට මත්වතුර පොවන අසත්පුරුෂ මත්වතුර දෙන, අසත්පුරුෂ මිත්‍රයෙක් වෙන්නේ නැහැ'ය කියන අධිෂ්ඨානයටවත් එන්න දක්ෂවෙන්න.

එම අධිෂ්ඨානය, ලබන්නා වූ අලුත් අවුරුද්දේදී මත්වතුර බොන ඔබේ අකුසල් මූලයන් දශමයක් හෝ අඩුවෙන්න හේතුවෙන්නට පුළුවන්. ඔබේ මළගෙදර වේවා, ඔබගේ මගුල්ගෙදර වේවා, ඔබේ සාදයකදී වේවා, තැබෑරුමේදී වේවා, ඔබේ නිවසේදී වේවා, ඔබ අසත්පුරුෂ මත්වතුර දානයන් අනුනට දෙන අයෙකුනම්, තමන් මත්වතුර බොන්නේ අනුනට මත්වතුර දානයක් දෙන අයෙක් නම්, ඔබ සතුටින් විනෝදයෙන් හිතමිතුරන්ට අතත්දිගහැර මුදල් වියදම්කොට දෙන මත වතුර දානයක් යනු ලෝකයේ අසත්පුරුෂම දානයක් බව ධර්මානුකූලව මතක්කොට සිටිනවා. අතීත අසත්පුරුෂ මත්වතුර දානයක් නිසා වයින් ස්ටෝර්ස්a වෛර්ණභාවයෙන් පිරී ගියත්, ඒවා මිලදීගන්න හේතුඵල ධර්මයන් නිසාම, අතීත අසත්පුරුෂ මත්වතුර දානයක් අනුනට ලබාදුන් පුද්ගලයන්ම පෝලිම් ගැසී සිටියත්, මත්වතුර යනු මෙලොව පරලොව දුකේ සැබෑම සංකේතයක් බව නව වසරේදී නුවණින් දකින්න දක්ෂවෙන්න.

ලබන්නා වූ අලුත් අවුරුද්දේදී අසත්පුරුෂ මත්වතුර දානයන් දීම නවතා දමා , පැතිරයන නව මත්වතුර සංස්කෘතිය යම් පමණකින් හෝ සීමා කරගැනීමට දක්ෂවෙන්න. ඔබේ ජීවිතයට අදාළ සතුටුදායක මොහොතක එම සතුට අනුවණි සමරන්න, ඔබත් අනුනට අසත්පුරුෂ මත්වතුර දානයන් පූජා කළත්, එම අසත්පුරුෂ මත්වතුර දානයේ ඵලයක් ලෙස, මීළඟ ජීවිතයේ ඔබ යම් හෙයකින් මනුෂ්‍යයෙක් වුවහොත් තරුණ කාලයේදීම මිල අධික ඉස්තරම් මත්වතුර බොන බේබද්දෙක් වීමට හොඳටෝම ඉඩකඩ විවරව ඇත.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ප්‍රනීත දෙය දන්දෙන පිංවතා, ප්‍රනීත දෙයම ඵලය වශයෙන් ලබනවා. නීරස දෙය දන්දෙන පිංවතා නීරස දෙයම ඵලය වශයෙන් පෙරළා ලබනවාය කියලා. ඉහත ධර්මත්රාව තුළ යම් කෙනෙක් විෂ සහිත දෙය අනුනට දන් දෙනවා නම්, ඔහු පෙරළා විෂ සහිත දෙයම ලබනවා. ලබන්නා වූ නව වසරේදී පිංවත් ඔබ තේරුම් ගන්න, හන්දියක් ගානේ පිහිටා ඇති මත්වතුර තැබෑරුම්, හැඩවැඩ වෙමින්, විසිතුරු වෙමින්, මිල අධික මත්වතුර බිහිවෙමින්, සමාජය තුළ ඇතිවෙන මේ මත්වතුර සංස්කෘතිය, සතුට බෙදාගැනීමේ නාමයෙන්, ලෝභකමින් තොරව, අසත්පුරුෂ මත්වතුර දානයන් අනුනට පිදීමේ හේතුඵල ධර්මයක්ය කියලා. ලබන්නා වූ නව වසරේදී අසත්පුරුෂ වූ මත්වතුර, හිතවත්භාවය වෙනුවෙන් දන්දීම නවතා, මත්වතුර බීම උදෙසා, දන්දීම උදෙසා සකස්වෙන ඔබේ අනිත්‍යභාවයට පත්වන්නා වූ සිත ඔබ දන්දෙන්න. එය මෙලොව ශ්‍රේෂ්ඨම මත්වතුර දානය වෙනු ඇත. පරණ පුරුදුවලින් මිදුණු අලුත් අවුරුද්දක් ඔබට, ඔබේ පවුලට, ඔබේ සෞඛ්‍යයට උදාවෙනු ඇත.

[QUOTE="madhawavish, post: 21087379, member: 514270"] [b]අලුත් අවුරුද්දේත් ඔබ පරණ චරිතයමද[/b] [COLOR="Blue"][SIZE="4"]අලුත් අවුරුද්දේත් ඔබ පරණ චරිතයමද නව වසරක් ලබන වෙලාවේ, පිංවත් ඔබ, මෝහය කියන කාරණය පිළිබඳවත් සැලකිල්ලක් යොමුකරන්න ඕනේ. මෝහය කියන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් බැහැරවීමයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති දුර්වලතාවයන් නිසාම, උදාවන සෑම වසරකදීම, ගෙවුණු වසරට වඩා අන්යශීලව්රතයන්, ජ්‍යොතිෂ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් කොඩිවින ආදිය ජනතාව විසින් වැළඳගැනීමේ ප්‍රවණතාවක් සමාජය තුළ තිබෙනවා. නව වසර කියන්නේ, පිංවත් ඔබට නිවැරදි වීමට ලැබෙන අලුත් අවස්ථාවක්. නව වසරක උදාවකින්, නිවැරදි වීමට ලැබෙන අවස්ථාවෙන් පිංවත් ඔබ ප්‍රයෝජනයක් නොගෙන, පරණ අවුරුද්දේ වැරදි පුරුදුම ජීවිතයට එකතුකොට ගන්නවා නම්, අවුරුද්ද අලුත් වුවත් පිංවත් ඔබ පැරණි පුද්ගලයාම වෙනවා. භික්ෂුව වැඩසිටින පළාතේ ගුරුකම් මහත්මයෙක් සිටිනවා. ඔහුගේ දේවාලයට සහනයක් පතා පැමිණෙන සෑම පුද්ගලයෙක්ගේම ඔහු අතින් අල්ලනවා. පැමිණෙන සේවාදායකයාගේ ශරීරයේ යම් දෝෂයක් තිබෙනවා නම්, ගුරුකම් මහත්මයා අතින් අල්ලන කෙනාව වෙව්ලනවා, වැටෙනවා. දෝෂයක් නැතිනම් වෙව්ලන්නේ, වැටෙන්නේ නැතිලු. මෙම ගුරුකම් මහත්මයාගේ දේවාලයට ගිහින් පැමිණි ගමේ මහත්මයෙක්, උදේ පිණ්ඩපාත මඩුවේදී අසනවා 'ස්වාමීන්වහන්ස එහෙම වෙන්නේ කොහොමද?' කියලා. හේතූන් කිහිපයක් නිසාම ගුරුකම් මහත්මයා අතින් අල්ලනකොට යම් පුද්ගලයෙක් වෙව්ලන්න, වැටෙන්න පුළුවන්. ගුරුකම් මහත්මයා ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, කුසල මූලයන්ගෙන් දුර්වල, අන්යශීලව්රත වඩන කෙනෙක් නිසා, ඔහුගේ ශරීරයට එවැනිම අමනුෂ්‍යයෙක්ගේ බලපෑම හේතුවෙන් වගේම, ඔහුගේ සේවාදායක ආතුරයාද අකුසල් මූලයන්ගෙන් කිලිටි අයෙක් නිසා මෙවැනි දෙයක් වෙන්න පුළුවන්. දෙවැනි කාරණය, යම් පුද්ගලයෙක් මා තුළ අමනුෂ්‍ය දෝෂයක් තිබෙනවාය කියන කාරණය නිතර නිතර සිතීම නිසාත්, කට්ටඬි මහත්මයා තමන්ගේ අතින් අල්ලන විට එකී මානසික තත්ත්වය මත වෙව්ලන්න, වැටෙන්න පුළුවන්. තුන්වැනි කාරණය, සාම්ප්‍රදායික නිල වෙදකම කියලා ප්‍රතිකාර ක්‍රමයක් තිබෙනවා. දේවාලයේ කපුමහත්මයා වංචාකාරී ලෙස තමන් ඉදිරියට පැමිණෙන සේවාදායකයාගේ අතේ නිලයක් අල්ලා වෙව්ලන්නට හැර මනුෂ්‍යයෙක්ව වට්ටවන්නත් පුළුවන්. නමුත් මේ තුන් ආකාරයෙන් කොයි ආකාරයට එය සිදුවුවත් එය අයිති වෙන්නේ මෝහයටයි. අකුසල් මූලයන්ටයි. එකතු කරගන්නේ අමූලිකා ශ්රද්ධාවට අයත් ධර්මතාවයන්මයි. අලුත් අවුරුද්දක් ලැබුවත්, කට්ටඬි මහත්තයාගේ දේවාලයේ පෝලිම තව තව වැඩිවෙන බවනම් භික්ෂුවට විශ්වාසයි. පිංවත් ඔබ අවුරුද්ද අලුත්වෙද්දී, පරණ වැරදි අසද්ධාවේ පුරුදු ජීවිතයෙන් ඉවත්කොටගෙන අලුත් අවුරුද්දේ දසකුසල් ධර්මයන් සහිත නැවුම්භාවයෙන් යුත් අලුත් ජීවිතයක් පටන් ගන්න දක්ෂ වෙන්න. එසේ නොවුනහොත් අලුත් අවුqරුද්ද අලුත් වුවද පිංවත් ඔබ පරණමය. මෝහය නිසාම, සමහරක් පිංවතුන් අලුත් අවුරුද්දක් ලැබුවත් ජීවිතයට එකතුකොටගන්නා පරණ පුරුද්දක් තමයි, මත්වතුර කියන කාරණය. ධර්මයේ සැබෑ සැපය වන ප්‍රීතිය, පස්සද්ධිය ප්රතික්ෂේපකොට, සමාජය කැමැත්තෙන්ම ජීවිතයට එකතුකොටගන්නා මත්වීම අයිතිවන්නේ මෝහයට, මෝඩකමට, හීනමානයට, දුස්ශීලභාවයට, රෝගීභාවයට, අපකීර්තියට, අසමගියටයි. බලන්න එක මත්වතුර වීදුරුවකින් ජීවිතයට මොනතරම් දේවල් එකතුකොටන්නවාද කියලා. මත්වතුර වීදුරුවක ඔච්චර දේවල් මුහුවෙලා තිබෙනවානම්, මත්වතුර කෙරෙහි මොනතරම් පිළිකුලකින්ද ඔබ බලන්න ඕනේ. අසත්පුරුෂ, මත්වතුර දන් දෙන්නාට මිල අධික මත්වතුර පෙරළා ලැබෙනවා. එය ධර්මතාවයක්. පිංවත් ඔබ, සමාජයේ දැක ඇති, මහා සංඝරත්නයට දන් පූජා කරන්න අකමැති පිංවතුන්ලා සමාජයේ අසත්පුරුෂ මිතුරන්ට අත දිගහැර වියදම්කොට මත්වතුර සාද පවත්වනවා. යාළුවන්ට මත්වතුර බොන්න දෙන්නට, තමන් බොන්නට වියදම් කරන්නට කිසිම ලෝභකමක් නැහැ. හැබැයි ගෙදර නෝනා දරුවන්ට හොඳින් සලකනවා. මෙවැනි මහත්වරු මැරෙන වෙලාවේ අවසාන චුති සිතට, කළා වූ පිං සිතුවිල්ලක් ඇතිවුනොත් නැවත මනුෂ්‍යයෙක් වෙලා උපදිනවා. ඉපදිලා පෙර ජීවිතයේ මත්වතුර දානයක් නිසා තරුණ කාලයේම ඉස්තරම් වර්ගයේ මත්වතුර ලැබීමට අවස්ථාව ලබනවා. භික්ෂුව පොඩිකාලයේ වෙළෙඳපොළේ තිබුණේ ගල් අරක්කු, රා පමණයි. නමුත් මොකක්ද මේ වර්තමානයේ මතුවී පැමිණෙන මිල අධික මත්වතුර සංස්කෘතිය? අතීත මත්වතුර දන්දීමේ ආනිශංසයයි. කුමන රජයක් ඇවිත්, මතට නැවතීමට තබන්නට උත්සහ කළත්, මත්වතුර විකුණන කඩ දිනෙන් දින විචිත්‍ර වන්නේ, ව්‍යාප්ත වෙන්නේ රා පොල්කට්ට, කසිප්පු වීදුරුව, ගල් පොල් වීදුරුව දන්දීමේ, බෙදාගෙන බීමේ හේතුඵල ධර්මයන් නිසාමය. ඔබගේ උපන්දින සාදයේදී, මංගල සාදයේදී, මළගෙදරදී, තැබෑරුමේදී, ප්රියාසාදයේදී මත්වතුර දන්සැල් පැවැත්වීමේ හේතුඵල ධර්මයන් නිසාමය. අසත්පුරුෂ මත්වතුර දානයන්ගේ ඵලයෙන් ලබන අසත්පුරුෂ ආනිශංසය වන්නේ මත්වතුරත්, බේබදුකමත්, රෝගීභාවයත්, සතර අපායත් පමණි. ලබන්නාවූ නව වසරේදී පිංවත් ඔබට 'මේ වසරේදී මත්වතුර බීම නවත්වනවා'ය කියලා අධිෂ්ඨානයක් ඇතිකොටගැනීමට බැරිනම්, කරුණාකර 'මම මේ වසරේ අනුනට මත්වතුර පොවන අසත්පුරුෂ මත්වතුර දෙන, අසත්පුරුෂ මිත්‍රයෙක් වෙන්නේ නැහැ'ය කියන අධිෂ්ඨානයටවත් එන්න දක්ෂවෙන්න. එම අධිෂ්ඨානය, ලබන්නා වූ අලුත් අවුරුද්දේදී මත්වතුර බොන ඔබේ අකුසල් මූලයන් දශමයක් හෝ අඩුවෙන්න හේතුවෙන්නට පුළුවන්. ඔබේ මළගෙදර වේවා, ඔබගේ මගුල්ගෙදර වේවා, ඔබේ සාදයකදී වේවා, තැබෑරුමේදී වේවා, ඔබේ නිවසේදී වේවා, ඔබ අසත්පුරුෂ මත්වතුර දානයන් අනුනට දෙන අයෙකුනම්, තමන් මත්වතුර බොන්නේ අනුනට මත්වතුර දානයක් දෙන අයෙක් නම්, ඔබ සතුටින් විනෝදයෙන් හිතමිතුරන්ට අතත්දිගහැර මුදල් වියදම්කොට දෙන මත වතුර දානයක් යනු ලෝකයේ අසත්පුරුෂම දානයක් බව ධර්මානුකූලව මතක්කොට සිටිනවා. අතීත අසත්පුරුෂ මත්වතුර දානයක් නිසා වයින් ස්ටෝර්ස්a වෛර්ණභාවයෙන් පිරී ගියත්, ඒවා මිලදීගන්න හේතුඵල ධර්මයන් නිසාම, අතීත අසත්පුරුෂ මත්වතුර දානයක් අනුනට ලබාදුන් පුද්ගලයන්ම පෝලිම් ගැසී සිටියත්, මත්වතුර යනු මෙලොව පරලොව දුකේ සැබෑම සංකේතයක් බව නව වසරේදී නුවණින් දකින්න දක්ෂවෙන්න. ලබන්නා වූ අලුත් අවුරුද්දේදී අසත්පුරුෂ මත්වතුර දානයන් දීම නවතා දමා , පැතිරයන නව මත්වතුර සංස්කෘතිය යම් පමණකින් හෝ සීමා කරගැනීමට දක්ෂවෙන්න. ඔබේ ජීවිතයට අදාළ සතුටුදායක මොහොතක එම සතුට අනුවණි සමරන්න, ඔබත් අනුනට අසත්පුරුෂ මත්වතුර දානයන් පූජා කළත්, එම අසත්පුරුෂ මත්වතුර දානයේ ඵලයක් ලෙස, මීළඟ ජීවිතයේ ඔබ යම් හෙයකින් මනුෂ්‍යයෙක් වුවහොත් තරුණ කාලයේදීම මිල අධික ඉස්තරම් මත්වතුර බොන බේබද්දෙක් වීමට හොඳටෝම ඉඩකඩ විවරව ඇත. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ප්‍රනීත දෙය දන්දෙන පිංවතා, ප්‍රනීත දෙයම ඵලය වශයෙන් ලබනවා. නීරස දෙය දන්දෙන පිංවතා නීරස දෙයම ඵලය වශයෙන් පෙරළා ලබනවාය කියලා. ඉහත ධර්මත්රාව තුළ යම් කෙනෙක් විෂ සහිත දෙය අනුනට දන් දෙනවා නම්, ඔහු පෙරළා විෂ සහිත දෙයම ලබනවා. ලබන්නා වූ නව වසරේදී පිංවත් ඔබ තේරුම් ගන්න, හන්දියක් ගානේ පිහිටා ඇති මත්වතුර තැබෑරුම්, හැඩවැඩ වෙමින්, විසිතුරු වෙමින්, මිල අධික මත්වතුර බිහිවෙමින්, සමාජය තුළ ඇතිවෙන මේ මත්වතුර සංස්කෘතිය, සතුට බෙදාගැනීමේ නාමයෙන්, ලෝභකමින් තොරව, අසත්පුරුෂ මත්වතුර දානයන් අනුනට පිදීමේ හේතුඵල ධර්මයක්ය කියලා. ලබන්නා වූ නව වසරේදී අසත්පුරුෂ වූ මත්වතුර, හිතවත්භාවය වෙනුවෙන් දන්දීම නවතා, මත්වතුර බීම උදෙසා, දන්දීම උදෙසා සකස්වෙන ඔබේ අනිත්‍යභාවයට පත්වන්නා වූ සිත ඔබ දන්දෙන්න. එය මෙලොව ශ්‍රේෂ්ඨම මත්වතුර දානය වෙනු ඇත. පරණ පුරුදුවලින් මිදුණු අලුත් අවුරුද්දක් ඔබට, ඔබේ පවුලට, ඔබේ සෞඛ්‍යයට උදාවෙනු ඇත.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom