Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අලුත උපන් ජීවිතය රැකගන්න දරන වෑයම.....🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මක භාවය පිරිහුණහොත් එය පහසුවෙන් ආපසු හැරවිය නොහැක.

මේ වීඩියෝව මම ගත්තෙ මුහුණු පොතෙන්. මේක දකින සුදුසුකම් ලත් ඕනෑම වෛද්‍යවරයෙක් ඔළුවෙ අත්දෙක ගහගන්නව මේ මොන අපරාධයක්ද කියල. ඒත් සාමාන්‍ය මිනිස්සු මේක වයිරල් වෙනකල් ශෙයා කරන්නෙ 'මිහිපිට දෙවිවරු' වගේ කැප්ෂන්ස් දාල. ඒක වරදක් නෑ. ඒ ඔවුන්ගෙ දැනුම් මට්ටමනෙ.

මේක අපරාධයක් වෙන්නෙ ඇයි? මම කියන්නම්. දරුවෙක් උපතින් පසුව තත්පර කිහිපයක් ඇතුලත ඇඬුවෙ නැතිනම් ඒ කියන්නෙ හුස්ම ගැනීම ආරම්භ කලේ නැතිනම් වෛද්‍යවරයා වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. හුස්ම නොගෙන විනාඩියකට වඩා ගියොත් මොළයට සිදුවන හානිය ජීවිතකාලයටම බලපානව. මේ වීඩියෝවෙ වගේ විනාඩි අටක් හොලව හොලව හිටියොත් ඉවරයි. මේ වගේ අවස්ථාවක සිදුකරන ප්‍රතිජීවනය universal guideline එකකට අනුව වෙන්නෙ. ලෝකෙ කොහේ කලත් එකම ක්‍රමවේද භාවිතා කරන්නෙ. ඒත් මේ වීඩියෝ එකේ ඒ ක්‍රමවේද අහලකවත් නෑ.

මේ වගේ වෙලාවක දරුවව පැත්තකට හරවල ඉක්මනින් sucker machine එකකින් මුඛයේ ශ්‍රාවයන් ඉවත් කරල ඔක්සිජන් සම්බන්ධ කල ඇම්බු බෑග් එකකින් කෘතිම ශ්වසනය දෙන්න ඕනි. හෘදය අක්‍රීය නම් පපු තෙරපුම් දෙන්න ඕන. දරුව නිල්පාට වෙන්න දෙන්න බෑ. රෝස පාටට තියාගන්න ඕන. දරුවව ඉතාම මෘදුව handle කරන්න ඕන. මේ හොලවන හෙලවිල්ලට නම් අනිවාර්යෙන්ම මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් එනව. ශුසුම්නාවට පවා හානි වෙනව. අන්තිමේදි විනාඩි අටකට පස්සෙ දරුව හුස්ම අරගෙන හදවත වැඩ කරයි. ඒත් ජීවිත කාලයටම දරුව මොළය මැරුන අබ්බගාතයෙක් වෙනව.

මට පේන විදිහට මේ වීඩියෝව ඉන්දියාවෙ එකක්. එහෙමනම් මේ වීඩ්යෝ එක ඇත්තටම මුළු ඉන්දියාවටම ලැජ්ජාවක්. නින්දාවක්. මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙ කුසලතා සහ දැනුම එතරම්ම ප්‍රාථමිකයි. මේ සිද්ධිය අපරාධයක්. ඉන්දියාව කියන්නෙ අවිධිමත් වෛද්‍ය අධ්‍යාපනය නිසා සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මක භාවය පහලටම වැටුන රටක්. ඒ අතින් ලංකාවෙ ඔබ පුදුම වාසනාවන්තයි. ලංකාවෙ වෛද්‍ය වරු වෙන්නෙ උසස්පෙළ විභාගයෙන් ඉහලින්ම සමත්වන සුපිරිම මොළ ටිකක්. වෛද්‍ය පීඨවල ඉන්න ආචාර්යවරු කියන්නෙත් වෛද්‍ය පිඨයෙ විභාග වලින් සුපිරියටම සමත් වෙන අති දක්ෂයො ටිකක්.

මේ තත්වය රැකගන්න අපි හැමදාමත් සටන් කල නිසයි අදටත් ඒ ගුණාත්මක භාවය රැඳිල තියෙන්නෙ. ඉදිරියේදී මේ ආර්ථික අර්බුදයට මුවාවෙලා ඩොලර් හොයන්න කියල හතු පිපෙන්නැහේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගනියි. උසස් පෙළ BBB තියන අය එළියට යද්දි SSS තියන අය මුදල් ගෙවල වෛද්‍යවරු වෙයි. දක්ෂ ආචාර්ය වරු රට හැරයයි. නැතිනම් වැඩි වැටුපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යයි. අනාගතේ ලංකාවෙ බිහිවන වෛද්‍යවරුත් දරුවන්ව මේ විදියට මොලේ ජෙල් එකක් වෙනකල් හොලව හොලව ඉඳියි. එතකොට රටේ මිනිස්සුන්ට වෙන්නෙත් හොලව හොලව ඉන්න තමයි.

රටේ වෛද්‍ය ක්ෂේත්රයෙහි ගුණාත්මක භාවය රැකගන්න එක වෛද්‍ය වරුන්ගෙ විතරක් නෙවෙයි ජනතාවගෙත් වගකීමක් වෙන්නෙ ඔන්න ඔය නිසයි. සමහරු ඉන්දියාවෙන් වෙද්‍යවරු ගේනව කියල ගොං කතා කියනකොට ඒවට චූන් නොවී ඒ වගකීම ඔබ දැරිය යුතුයි.

Dr. Darshana Premaratne

[QUOTE="divoomdelux, post: 28930338, member: 189016"] සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මක භාවය පිරිහුණහොත් එය පහසුවෙන් ආපසු හැරවිය නොහැක. මේ වීඩියෝව මම ගත්තෙ මුහුණු පොතෙන්. මේක දකින සුදුසුකම් ලත් ඕනෑම වෛද්‍යවරයෙක් ඔළුවෙ අත්දෙක ගහගන්නව මේ මොන අපරාධයක්ද කියල. ඒත් සාමාන්‍ය මිනිස්සු මේක වයිරල් වෙනකල් ශෙයා කරන්නෙ 'මිහිපිට දෙවිවරු' වගේ කැප්ෂන්ස් දාල. ඒක වරදක් නෑ. ඒ ඔවුන්ගෙ දැනුම් මට්ටමනෙ. මේක අපරාධයක් වෙන්නෙ ඇයි? මම කියන්නම්. දරුවෙක් උපතින් පසුව තත්පර කිහිපයක් ඇතුලත ඇඬුවෙ නැතිනම් ඒ කියන්නෙ හුස්ම ගැනීම ආරම්භ කලේ නැතිනම් වෛද්‍යවරයා වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. හුස්ම නොගෙන විනාඩියකට වඩා ගියොත් මොළයට සිදුවන හානිය ජීවිතකාලයටම බලපානව. මේ වීඩියෝවෙ වගේ විනාඩි අටක් හොලව හොලව හිටියොත් ඉවරයි. මේ වගේ අවස්ථාවක සිදුකරන ප්‍රතිජීවනය universal guideline එකකට අනුව වෙන්නෙ. ලෝකෙ කොහේ කලත් එකම ක්‍රමවේද භාවිතා කරන්නෙ. ඒත් මේ වීඩියෝ එකේ ඒ ක්‍රමවේද අහලකවත් නෑ. මේ වගේ වෙලාවක දරුවව පැත්තකට හරවල ඉක්මනින් sucker machine එකකින් මුඛයේ ශ්‍රාවයන් ඉවත් කරල ඔක්සිජන් සම්බන්ධ කල ඇම්බු බෑග් එකකින් කෘතිම ශ්වසනය දෙන්න ඕනි. හෘදය අක්‍රීය නම් පපු තෙරපුම් දෙන්න ඕන. දරුව නිල්පාට වෙන්න දෙන්න බෑ. රෝස පාටට තියාගන්න ඕන. දරුවව ඉතාම මෘදුව handle කරන්න ඕන. මේ හොලවන හෙලවිල්ලට නම් අනිවාර්යෙන්ම මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් එනව. ශුසුම්නාවට පවා හානි වෙනව. අන්තිමේදි විනාඩි අටකට පස්සෙ දරුව හුස්ම අරගෙන හදවත වැඩ කරයි. ඒත් ජීවිත කාලයටම දරුව මොළය මැරුන අබ්බගාතයෙක් වෙනව. මට පේන විදිහට මේ වීඩියෝව ඉන්දියාවෙ එකක්. එහෙමනම් මේ වීඩ්යෝ එක ඇත්තටම මුළු ඉන්දියාවටම ලැජ්ජාවක්. නින්දාවක්. මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙ කුසලතා සහ දැනුම එතරම්ම ප්‍රාථමිකයි. මේ සිද්ධිය අපරාධයක්. ඉන්දියාව කියන්නෙ අවිධිමත් වෛද්‍ය අධ්‍යාපනය නිසා සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මක භාවය පහලටම වැටුන රටක්. ඒ අතින් ලංකාවෙ ඔබ පුදුම වාසනාවන්තයි. ලංකාවෙ වෛද්‍ය වරු වෙන්නෙ උසස්පෙළ විභාගයෙන් ඉහලින්ම සමත්වන සුපිරිම මොළ ටිකක්. වෛද්‍ය පීඨවල ඉන්න ආචාර්යවරු කියන්නෙත් වෛද්‍ය පිඨයෙ විභාග වලින් සුපිරියටම සමත් වෙන අති දක්ෂයො ටිකක්. මේ තත්වය රැකගන්න අපි හැමදාමත් සටන් කල නිසයි අදටත් ඒ ගුණාත්මක භාවය රැඳිල තියෙන්නෙ. ඉදිරියේදී මේ ආර්ථික අර්බුදයට මුවාවෙලා ඩොලර් හොයන්න කියල හතු පිපෙන්නැහේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගනියි. උසස් පෙළ BBB තියන අය එළියට යද්දි SSS තියන අය මුදල් ගෙවල වෛද්‍යවරු වෙයි. දක්ෂ ආචාර්ය වරු රට හැරයයි. නැතිනම් වැඩි වැටුපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යයි. අනාගතේ ලංකාවෙ බිහිවන වෛද්‍යවරුත් දරුවන්ව මේ විදියට මොලේ ජෙල් එකක් වෙනකල් හොලව හොලව ඉඳියි. එතකොට රටේ මිනිස්සුන්ට වෙන්නෙත් හොලව හොලව ඉන්න තමයි. රටේ වෛද්‍ය ක්ෂේත්රයෙහි ගුණාත්මක භාවය රැකගන්න එක වෛද්‍ය වරුන්ගෙ විතරක් නෙවෙයි ජනතාවගෙත් වගකීමක් වෙන්නෙ ඔන්න ඔය නිසයි. සමහරු ඉන්දියාවෙන් වෙද්‍යවරු ගේනව කියල ගොං කතා කියනකොට ඒවට චූන් නොවී ඒ වගකීම ඔබ දැරිය යුතුයි. Dr. Darshana Premaratne [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom