Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අවබෝධයෙන් යුතුව පින් කරමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවබෝධයෙන් යුතුව පින් කරමු...

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වැඩසිටි කාලයේ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන් ඉන්දියාව පුරා පැතිර තිබූ බව ශාසන ඉතිහාසය දෙස බැලීමෙන් පෙනී යනවා. මේ මිථ්‍යා විශ්වාස මත ආදිය පසුකාලීනව බෞද්ධයන්ගේ වත් පිළිවෙත් අතරටද එක්ව තිබෙන බව අපට පැහැදිලි වන කරුණකි.

විශේෂයෙන් ලාංකික බෞද්ධ ජනතාවගේ මේ මිථ්‍යා මතයන් ඇතැම් විට දෛනික ජීවිතයට පවා යම් බලපෑමක් ඇති කරනු ලබන බව පෙනෙනවා. මෙය හුදෙක් බෞද්ධ සමාජයටම පමණක් නොව සමස්ත ලෙසින් ප්‍රජාවටම යම් බලපෑමක් ඇති කිරීමට පුළුවන්. විශේෂයෙන්ම මිථ්‍යා මත සනාථ කළ නොහැකි නිසා බෞද්ධයන් යම් හෑල්ලුවකට පවා ලක්විය හැකියි.

හරි හම්බ කරන මුදලින් උපරිම විදිහට දන් පින් කරන්න අපේ බෞද්ධ සමාජය පෙළඹිලා තියෙනවා. එය බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්ම මාර්ගය අනුව යාමක් වුවත් සමහර විට ඇතැම් වත් පිළිවෙත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වරදවා වටහාගෙන නැත්නම් වැරැදි ක්‍රමවේදයට අනුව කටයුතු කරනු ලබන බව පෙනෙනවා.

නිවැරැදි වත් පිළිවෙත් ගැන බෞද්ධයන් දැනුම්වත් වීම බුදුදහම තවත් චිරාත් කාලයක් ස්ථාපිත වීමට හේතු සාධක වනවා.

දානයක් සකස් කිරීමේදී එය නොඉඳුල්ව නැත්නම් ඉඳුල් නොකර පිළිගැන්විය යුතු බවට මතයක් තිබෙනවා. එහෙත් මෙහි සැබෑ අරුත දැන ගැනීමයි වැදගත්. බොහෝ දෙනා සිතන්නේ උයන පිහන කෑම බීම වල ලුණු බැලීම පවා නොකළ යුතු බවයි. එසේ වූ විට සිදුවන්නේ දානය නීරස වීමය. නොඉඳුල් යනුවෙන් හඳුන්වන්නේ පිසින ලද ආහාරය කවුරුන් විසින් හෝ ආහාරයට නොගෙන පිරි නැමීමයි. එසේ නොමැතිව එහි ලුණු ඇඹුල් ආදිය නිසි පමණට ඇත්දැයි නොබලා පිරිනැමීම නොවන බව බෞද්ධයන් වශයෙන් තෝරා ගැනීම බෙහෙවින් වැදගත් වනවා.

පිළියෙල කරනු ලබන ආහාරයේ පළමු කොටස බුද්ධ පූජාව තැබීමෙන් පසු සංඝයා වහන්සේට පිරිනැමීමයි. නොඉඳුල් දානයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

දෙන දෙය හෙවත් දානය ඉතා ප්රණීතව පිරිසිදුව ලබා දිය යුතුය. එසේම දෙන දෙය ධාර්මිකව හරි හම්බ කරගත් දෙයින් ලබා දිය යුතුයි. ධර්මයේ දානය සම්බන්ධව ලබා දී ඇත්තේ එවන් ක්‍රමවේදයක් එසේම යම් පුණ්‍ය කර්මයක් සිදු කිරීමේදී ඒ සඳහා වැය වන නැත්නම් වැය වූ මුදල් සම්බන්ධව සොයා බැලීම නුසුදුසු බවට ඇතැම් අය අතර මතයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන්ද නිසි අවබෝධයක් ඇති කරගැනීම බෞද්ධයන් වශයෙන් අපට බෙහෙවින්ම වැදගත් වනවා.

දානමය පින්කමකදී හෝ වෙනත් පින්කමකදී වැයවන මුදල් ගැන සිතීමේදී යම් තෘෂ්ණාවක් ඇතිවී තම පුණ්‍ය කටයුත්ත නිසියාකාරව කර ගැනීමට එය බාධාවක් වීමට ඉඩ තිබෙන නිසා මෙසේ එවන් මතයක් ජනතාව අතර ගොඩනැඟී ඇති නමුත් දානය යන්නෙහි නිවැරැදි අර්ථයන් අප වටහා ගත යුතුයි. දානය යනුවෙන් “දීම “ යන්න පමණක් අදහස් වන්නේ නැහැ.අප සතු තෘෂ්ණාව “අත්හැරීමයි” එයින් අදහස් වන්නේ ඒ කෙරෙහි ඇති බැඳීම ඉවත් කිරීමයි. එහිදී සිදුවන්නේ. එහෙත් තම අයවැය සමව සිතා බලා විය පැහැදම් කිරීමත් මෙහිදී වැදගත් වනවා.

සාමාන්‍යයෙන් අප සතුටට පත්වන්නේ අපට යමක් ලැබෙන කොටයි. එහෙත් දානයේදි සිදුවන්නේ අප සතු යමක් අත්හැර ඒ සම්බන්ධයෙන් අප සතුටට පත්වීමයි. දානයේ විශේෂම වැදගත්කම එයයි.

දානයේ නියම ආනිසංස ගැන අභිධර්මයේ දක්වා ඇත්තේ “සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික සිතින් දිය යුතු බවයි.

මෙහිදී සෝමනස්ස සහගත යනුවෙන් හඳුන්වන්නේ සතුටු සිතින් කටයුතු කළ යුතු බවයි.

ඤාණ සම්ප්‍රයුක්ත යනුවෙන් හඳුන්වන්නේ තමාගේ නුවණින් කල්පනා කර කර්ම ඵල කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතු බවයි. පුණ්‍ය කර්මයක් කිරීමේදී එමඟින් යහපත් ඵලයක් ලැබෙන බව සිතිය යුතු බවය. අසංඛාරික යනුවෙන් හඳුන්වන්නේ පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී කිසිවකුගේ මෙහෙයවීමෙන් තොරව කටයුතු කිරීමයි.

ඇතැම් පුද්ගලයන් දීමෙන් පසු ඒ ගැන සොයා බැලීමටත් කටයුතු කරනවා. එවන් අවස්ථාවලදී කුසලය සම්පූර්ණ වන්නේ නැහැ. භික්ෂූන් වහන්සේට දානයක් පූජා කිරීමෙන් පසු එම භික්ෂූන් වහන්සේ තමන් විසින් දානය උදෙසා ලබා දුන් දේ පරිහරණය කරනවාද? එසේත් නැතිනම් තවත් අයෙකුට ලබා දෙනවාද? භික්ෂූන් වහන්සේ සිල්වත්ද?

තමන් ආශාව අතහැර දීමෙන් පසු යළි ඒ කෙරෙහි ඇල්මක් ඇති කරගැනීමෙන් සිදුවන්නේ දානය පූජා කිරීමේ පුණ්‍ය කර්මය ලැබුණත් යළි තෘෂ්ණාව හට ගැනීම නිසා කුසලය සම්පූර්ණ නොවීමයි.

අප අතර මුල් බැසගෙන ඇති තවත් සාවද්‍ය කරුණක් වන්නේ අවමංගල්‍යය චාරිත්‍රයි. අඟහරුවාදා සහ සිකුරාදා දිනවල මෘතදේහය ගෙදරට ගෙන නොඑන තත්ත්වයක් බෞද්ධයන් අතර තිබෙනවා. බුදු දහමේ කොතැනකවත් ඒවැන්නක් දක්වා නැහැ.

මිය ගිය පසු දින 7 කින් ධර්ම දේශනා පැවැත්වීම පසුදින දානමය පින්කම් පැවැත්වීම වැනි දින සහිත චාරිත්‍ර බුදුදහමේ දක්වා නැහැ. මිය ගිය පසු එම තැනැත්තා උදෙසා පින් පැමිණවීමට බුදු දහමේ අනු දැන වදාරා තිබෙනවා. එහෙත් දින නියම කර එදිනට පින්කම කළ යුතු යැයි දක්වා නැහැ.

මේ ඉලක්කම් දින සහිත චාරිත්‍ර කාලාන්තරයක් තිස්සේ අපේ සංස්කෘතිය හා මිශ්‍ර වූ බ්‍රාහ්මණයන්ගේ චාරිත්‍රයි. එහි විශාල වරදක් අඩුවක් දක්නට නැතත් ඊටම අනුගත වී අපහසුතාවන්ට පත්වීම සුදුසුයැයි කියන්නට බැහැ.

හත් දවසේ පින්කම පැවැත්වීම සම්බන්ධවද දින ගණන් කිරීමේ ගැටලුවක් අප සමාජයේ දක්නට තිබෙනවා. ඇතැමුන්ගේ මතය වන්නේ මියගිය දිනයේ සිට දින 7 ක් ගණන් කළ යුතු බවයි. තවත් අයගේ මතය වන්නේ මිය ගිය දිනය අතහැර පසු දින සිට දින 7 ගණන් කළ යුතු බවයි.

මිය ගොස් දින 7 කින් පින්කම පැවැත්විය යුතු යැයි නියමයක් නැති නිසා එදින හෝ එදින යොදාගත නොහැකිනම් පසු දින යොදා ගත හැකියි. හරියටම දින 7 කින් පින්කම සිදු කිරීමට යාමේදි බොහෝ විට අපහසුතාවනට පත්වන්නේ භික්ෂූන් වහන්සේයි. පෙර බාර ගන්නා ලද දානමය පින්කම් ආදිය තිබෙන අවස්ථාවල ඒවා මඟහැර යාමට හැකියාවක් භික්ෂූන් වහන්සේට නැහැ. එම නිසා බෞද්ධයන් වශයෙන් අප නම්‍යශීලිව යථාර්ථය සහ නිවැරදිව බුදු දහම අනුව කටයුතු කිරීම බෙහෙවින් වැදගත් වනවා.

මස් මාංශ අනුභවය සම්බන්ධවත් අප නිවැරැදි තත්ත්වය තේරුම්ගත යුතුයි. දෙව්දත් තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ වර 5 න් එකක් වූයේ ‘භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වා මස් මාංශවලින් වැළකිය යුතුය’ යන්නයි. එහෙත් බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම් නොපිළිගත් අතර කැමැති කෙනෙක් එය පිළිගත්තාට වරදක් නැති බව පමණක් අනුදැන වදාළහ.

භික්ෂූන් වහන්සේට දායකයන් විසින් ලබාදෙන දානය වැළැදිය යුතු බවයි. බුදු දහමේ අන්තර්ගත වන්නේ විශේෂයෙන්ම පිණ්ඩපාතයේදී නම් දායකයන් විසින් ලබාදෙන ආහාරමය දානය වර්ගීකරණයක් කරන්නට බැහැ. එහිදී තමන්ට අපත්‍ය නොවන සෞඛ්‍යයට හානිදායක නොවන ආහාර ලැබී ඇත්නම් වැළැඳීය යුතුයි. පිණ්ඩපාතිකාංගය නම් ප්‍රතිපත්තියක් ලෙසින් ආරක්ෂා කරන ලද භික්ෂූන් පිණ්ඩපාත දානයෙන්ම පමණක් යැපුණි. එසේම පත්ත පිණ්ඩිකානය ප්‍රතිපදාවක් ලෙස අනුගමනය කරනු ලබන භික්ෂූන් ආහාරය සම¼ග ලැබෙන කුරුඳු පොතු , කරපිංචා , වැනි කිසිවක් ඉවත නොදමා ඒ සියල්ල වළඳනු ලැබේ. මස් මාංශ අනුභවය සම්බන්ධව බුදු දහමේ දක්වා ඇත්තේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ අනුභව කිරීම සුදුසු බවයි.

බොහෝ දෙනා විසින් අසනු ලබන ප්‍රශ්නයක් වන්නේ සත්ව හිංසාව මෙතරම් අනුගමනය කළත් මාංශ අනුභවයට තහනම් නොපැනවූයේ ඇයිද? යන්නයි. බුදුරජාණන් වහන්සේ එවන් විනය ශික්ෂා පද නොපැනවූයේ කාලයාගේ ඇවෑමෙන් සමාජයේ ඇතිවන වෙනස්කම් හමුවේ බුදුදහම නොසැලී තිබිය යුතු නිසයි.කෙසේ වෙතත් මස් මාංශ අනුභවයෙන් වැළකී සිටින පැවිදි ගිහි දෙපාර්ශ්වයේම ශරීර සෞඛ්‍යයට හිතකර බවද මෙහිදී කිව යුතුයි.

තෙරුවන් සරණයි!

උපුටාගැනීමකි

[QUOTE="asliyanage, post: 29282196, member: 8764"] අවබෝධයෙන් යුතුව පින් කරමු... බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වැඩසිටි කාලයේ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන් ඉන්දියාව පුරා පැතිර තිබූ බව ශාසන ඉතිහාසය දෙස බැලීමෙන් පෙනී යනවා. මේ මිථ්‍යා විශ්වාස මත ආදිය පසුකාලීනව බෞද්ධයන්ගේ වත් පිළිවෙත් අතරටද එක්ව තිබෙන බව අපට පැහැදිලි වන කරුණකි. විශේෂයෙන් ලාංකික බෞද්ධ ජනතාවගේ මේ මිථ්‍යා මතයන් ඇතැම් විට දෛනික ජීවිතයට පවා යම් බලපෑමක් ඇති කරනු ලබන බව පෙනෙනවා. මෙය හුදෙක් බෞද්ධ සමාජයටම පමණක් නොව සමස්ත ලෙසින් ප්‍රජාවටම යම් බලපෑමක් ඇති කිරීමට පුළුවන්. විශේෂයෙන්ම මිථ්‍යා මත සනාථ කළ නොහැකි නිසා බෞද්ධයන් යම් හෑල්ලුවකට පවා ලක්විය හැකියි. හරි හම්බ කරන මුදලින් උපරිම විදිහට දන් පින් කරන්න අපේ බෞද්ධ සමාජය පෙළඹිලා තියෙනවා. එය බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්ම මාර්ගය අනුව යාමක් වුවත් සමහර විට ඇතැම් වත් පිළිවෙත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වරදවා වටහාගෙන නැත්නම් වැරැදි ක්‍රමවේදයට අනුව කටයුතු කරනු ලබන බව පෙනෙනවා. නිවැරැදි වත් පිළිවෙත් ගැන බෞද්ධයන් දැනුම්වත් වීම බුදුදහම තවත් චිරාත් කාලයක් ස්ථාපිත වීමට හේතු සාධක වනවා. දානයක් සකස් කිරීමේදී එය නොඉඳුල්ව නැත්නම් ඉඳුල් නොකර පිළිගැන්විය යුතු බවට මතයක් තිබෙනවා. එහෙත් මෙහි සැබෑ අරුත දැන ගැනීමයි වැදගත්. බොහෝ දෙනා සිතන්නේ උයන පිහන කෑම බීම වල ලුණු බැලීම පවා නොකළ යුතු බවයි. එසේ වූ විට සිදුවන්නේ දානය නීරස වීමය. නොඉඳුල් යනුවෙන් හඳුන්වන්නේ පිසින ලද ආහාරය කවුරුන් විසින් හෝ ආහාරයට නොගෙන පිරි නැමීමයි. එසේ නොමැතිව එහි ලුණු ඇඹුල් ආදිය නිසි පමණට ඇත්දැයි නොබලා පිරිනැමීම නොවන බව බෞද්ධයන් වශයෙන් තෝරා ගැනීම බෙහෙවින් වැදගත් වනවා. පිළියෙල කරනු ලබන ආහාරයේ පළමු කොටස බුද්ධ පූජාව තැබීමෙන් පසු සංඝයා වහන්සේට පිරිනැමීමයි. නොඉඳුල් දානයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. දෙන දෙය හෙවත් දානය ඉතා ප්රණීතව පිරිසිදුව ලබා දිය යුතුය. එසේම දෙන දෙය ධාර්මිකව හරි හම්බ කරගත් දෙයින් ලබා දිය යුතුයි. ධර්මයේ දානය සම්බන්ධව ලබා දී ඇත්තේ එවන් ක්‍රමවේදයක් එසේම යම් පුණ්‍ය කර්මයක් සිදු කිරීමේදී ඒ සඳහා වැය වන නැත්නම් වැය වූ මුදල් සම්බන්ධව සොයා බැලීම නුසුදුසු බවට ඇතැම් අය අතර මතයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන්ද නිසි අවබෝධයක් ඇති කරගැනීම බෞද්ධයන් වශයෙන් අපට බෙහෙවින්ම වැදගත් වනවා. දානමය පින්කමකදී හෝ වෙනත් පින්කමකදී වැයවන මුදල් ගැන සිතීමේදී යම් තෘෂ්ණාවක් ඇතිවී තම පුණ්‍ය කටයුත්ත නිසියාකාරව කර ගැනීමට එය බාධාවක් වීමට ඉඩ තිබෙන නිසා මෙසේ එවන් මතයක් ජනතාව අතර ගොඩනැඟී ඇති නමුත් දානය යන්නෙහි නිවැරැදි අර්ථයන් අප වටහා ගත යුතුයි. දානය යනුවෙන් “දීම “ යන්න පමණක් අදහස් වන්නේ නැහැ.අප සතු තෘෂ්ණාව “අත්හැරීමයි” එයින් අදහස් වන්නේ ඒ කෙරෙහි ඇති බැඳීම ඉවත් කිරීමයි. එහිදී සිදුවන්නේ. එහෙත් තම අයවැය සමව සිතා බලා විය පැහැදම් කිරීමත් මෙහිදී වැදගත් වනවා. සාමාන්‍යයෙන් අප සතුටට පත්වන්නේ අපට යමක් ලැබෙන කොටයි. එහෙත් දානයේදි සිදුවන්නේ අප සතු යමක් අත්හැර ඒ සම්බන්ධයෙන් අප සතුටට පත්වීමයි. දානයේ විශේෂම වැදගත්කම එයයි. දානයේ නියම ආනිසංස ගැන අභිධර්මයේ දක්වා ඇත්තේ “සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික සිතින් දිය යුතු බවයි. මෙහිදී සෝමනස්ස සහගත යනුවෙන් හඳුන්වන්නේ සතුටු සිතින් කටයුතු කළ යුතු බවයි. ඤාණ සම්ප්‍රයුක්ත යනුවෙන් හඳුන්වන්නේ තමාගේ නුවණින් කල්පනා කර කර්ම ඵල කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතු බවයි. පුණ්‍ය කර්මයක් කිරීමේදී එමඟින් යහපත් ඵලයක් ලැබෙන බව සිතිය යුතු බවය. අසංඛාරික යනුවෙන් හඳුන්වන්නේ පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී කිසිවකුගේ මෙහෙයවීමෙන් තොරව කටයුතු කිරීමයි. ඇතැම් පුද්ගලයන් දීමෙන් පසු ඒ ගැන සොයා බැලීමටත් කටයුතු කරනවා. එවන් අවස්ථාවලදී කුසලය සම්පූර්ණ වන්නේ නැහැ. භික්ෂූන් වහන්සේට දානයක් පූජා කිරීමෙන් පසු එම භික්ෂූන් වහන්සේ තමන් විසින් දානය උදෙසා ලබා දුන් දේ පරිහරණය කරනවාද? එසේත් නැතිනම් තවත් අයෙකුට ලබා දෙනවාද? භික්ෂූන් වහන්සේ සිල්වත්ද? තමන් ආශාව අතහැර දීමෙන් පසු යළි ඒ කෙරෙහි ඇල්මක් ඇති කරගැනීමෙන් සිදුවන්නේ දානය පූජා කිරීමේ පුණ්‍ය කර්මය ලැබුණත් යළි තෘෂ්ණාව හට ගැනීම නිසා කුසලය සම්පූර්ණ නොවීමයි. අප අතර මුල් බැසගෙන ඇති තවත් සාවද්‍ය කරුණක් වන්නේ අවමංගල්‍යය චාරිත්‍රයි. අඟහරුවාදා සහ සිකුරාදා දිනවල මෘතදේහය ගෙදරට ගෙන නොඑන තත්ත්වයක් බෞද්ධයන් අතර තිබෙනවා. බුදු දහමේ කොතැනකවත් ඒවැන්නක් දක්වා නැහැ. මිය ගිය පසු දින 7 කින් ධර්ම දේශනා පැවැත්වීම පසුදින දානමය පින්කම් පැවැත්වීම වැනි දින සහිත චාරිත්‍ර බුදුදහමේ දක්වා නැහැ. මිය ගිය පසු එම තැනැත්තා උදෙසා පින් පැමිණවීමට බුදු දහමේ අනු දැන වදාරා තිබෙනවා. එහෙත් දින නියම කර එදිනට පින්කම කළ යුතු යැයි දක්වා නැහැ. මේ ඉලක්කම් දින සහිත චාරිත්‍ර කාලාන්තරයක් තිස්සේ අපේ සංස්කෘතිය හා මිශ්‍ර වූ බ්‍රාහ්මණයන්ගේ චාරිත්‍රයි. එහි විශාල වරදක් අඩුවක් දක්නට නැතත් ඊටම අනුගත වී අපහසුතාවන්ට පත්වීම සුදුසුයැයි කියන්නට බැහැ. හත් දවසේ පින්කම පැවැත්වීම සම්බන්ධවද දින ගණන් කිරීමේ ගැටලුවක් අප සමාජයේ දක්නට තිබෙනවා. ඇතැමුන්ගේ මතය වන්නේ මියගිය දිනයේ සිට දින 7 ක් ගණන් කළ යුතු බවයි. තවත් අයගේ මතය වන්නේ මිය ගිය දිනය අතහැර පසු දින සිට දින 7 ගණන් කළ යුතු බවයි. මිය ගොස් දින 7 කින් පින්කම පැවැත්විය යුතු යැයි නියමයක් නැති නිසා එදින හෝ එදින යොදාගත නොහැකිනම් පසු දින යොදා ගත හැකියි. හරියටම දින 7 කින් පින්කම සිදු කිරීමට යාමේදි බොහෝ විට අපහසුතාවනට පත්වන්නේ භික්ෂූන් වහන්සේයි. පෙර බාර ගන්නා ලද දානමය පින්කම් ආදිය තිබෙන අවස්ථාවල ඒවා මඟහැර යාමට හැකියාවක් භික්ෂූන් වහන්සේට නැහැ. එම නිසා බෞද්ධයන් වශයෙන් අප නම්‍යශීලිව යථාර්ථය සහ නිවැරදිව බුදු දහම අනුව කටයුතු කිරීම බෙහෙවින් වැදගත් වනවා. මස් මාංශ අනුභවය සම්බන්ධවත් අප නිවැරැදි තත්ත්වය තේරුම්ගත යුතුයි. දෙව්දත් තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ වර 5 න් එකක් වූයේ ‘භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වා මස් මාංශවලින් වැළකිය යුතුය’ යන්නයි. එහෙත් බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම් නොපිළිගත් අතර කැමැති කෙනෙක් එය පිළිගත්තාට වරදක් නැති බව පමණක් අනුදැන වදාළහ. භික්ෂූන් වහන්සේට දායකයන් විසින් ලබාදෙන දානය වැළැදිය යුතු බවයි. බුදු දහමේ අන්තර්ගත වන්නේ විශේෂයෙන්ම පිණ්ඩපාතයේදී නම් දායකයන් විසින් ලබාදෙන ආහාරමය දානය වර්ගීකරණයක් කරන්නට බැහැ. එහිදී තමන්ට අපත්‍ය නොවන සෞඛ්‍යයට හානිදායක නොවන ආහාර ලැබී ඇත්නම් වැළැඳීය යුතුයි. පිණ්ඩපාතිකාංගය නම් ප්‍රතිපත්තියක් ලෙසින් ආරක්ෂා කරන ලද භික්ෂූන් පිණ්ඩපාත දානයෙන්ම පමණක් යැපුණි. එසේම පත්ත පිණ්ඩිකානය ප්‍රතිපදාවක් ලෙස අනුගමනය කරනු ලබන භික්ෂූන් ආහාරය සම¼ග ලැබෙන කුරුඳු පොතු , කරපිංචා , වැනි කිසිවක් ඉවත නොදමා ඒ සියල්ල වළඳනු ලැබේ. මස් මාංශ අනුභවය සම්බන්ධව බුදු දහමේ දක්වා ඇත්තේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ අනුභව කිරීම සුදුසු බවයි. බොහෝ දෙනා විසින් අසනු ලබන ප්‍රශ්නයක් වන්නේ සත්ව හිංසාව මෙතරම් අනුගමනය කළත් මාංශ අනුභවයට තහනම් නොපැනවූයේ ඇයිද? යන්නයි. බුදුරජාණන් වහන්සේ එවන් විනය ශික්ෂා පද නොපැනවූයේ කාලයාගේ ඇවෑමෙන් සමාජයේ ඇතිවන වෙනස්කම් හමුවේ බුදුදහම නොසැලී තිබිය යුතු නිසයි.කෙසේ වෙතත් මස් මාංශ අනුභවයෙන් වැළකී සිටින පැවිදි ගිහි දෙපාර්ශ්වයේම ශරීර සෞඛ්‍යයට හිතකර බවද මෙහිදී කිව යුතුයි. තෙරුවන් සරණයි! උපුටාගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom