Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවමානය ඉවතට අභිමානය සුරතට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවමානය ඉවතට අභිමානය සුරතට...

ශ්‍රී ලාංකික ජනතාව පමණක් නොව ඔවුන් සතු වූ සංස්කෘතික ආඪ්‍යත්වය ද සාහසික ලෙස විනාශ කර දැමීමේ අපරාධයට වගකිව යුත්තේ කලින් කල මේ රට ආක්‍රමණය කළ පිරිස් බව ඉතා පැහැදිලිය. වසර දෙසීයක් තරම් වූ මෑත ඉතිහාසය තුළින් වුවද අපට හමුවන බොහෝ සාක්ෂි මේ ආක්‍රමණිකයන්ට එරෙහිව ඉදිරිපත් කළ හැකි ඵෙතිහාසික චෝදනා පත්‍රයක් වැන්න.

ශිෂ්ටාචාරය අතින් පමණක් නොව සංස්කෘතික වටිනාකම් අතින්ද අපට හිමි වූ ගෞරවනිය තත්ත්වය ඒ කිසිදු ආක්‍රමණිකයකුට නොවු බව ඒ ඉතිහාසයේ තුලාව අපට පෙන්වා දෙනු නිසැකය. සියවස් ගණනක් ඈතට ඇදී යන අනුරාධපුර යුගයෙන් ඇරඹුණු සභ්‍යත්වයේ ගමන අඩපණ වූ ආකාරය ඒ ඉතිහාසය ඔස්සේ පියවර තබන කවරකුට වුවද වටහා ගත හැකිය.

පෘතුගීසීන්ගේ සිට ඉංග්‍රීසින් දක්වා වූ පාලන වකවානු තුළදී අපට මුහුණ දීමට සිදුවු අභියෝග දරා ගත හැකි වූයේද අප තුළ වූ අදීන සභ්‍යත්ව ලක්ෂණය නිසා බව අද ඇතැම් සමාජ විද්‍යාඥයෝද පෙන්වා දෙති. බටහිර අධිරාජ්‍යවාදි පාලකයන් විසින් හික්මවන ලද ජාතියක් බවට අප පත්වී තිබෙන බව කීමට ලජ්ජා විය යුතු නැත. එහෙත් අපට තිබෙන ලජ්ජාව නම් බටහිරයන්ගේ ශිෂ්ටත්වය හා මානව ධර්මතා අගැයීම් හුවා දක්වන අයගේ දෙඩවීම් අසා සිටීමය.

බටහිර අධිරාජ්‍යවාදයට යටත් නොවී ස්වදේශික අභිමානයකින් නැඟී සිටි උඩරට නායකයන්ගේ ජාතික සටන්වලින් අපට පෙනී යන්නේද ලාංකික ජනතාව තුළ වූ ස්වදේශික හැඟීම් සමුදාය හා ජාතික අභිමානයයි. ඉංග්‍රීසින්ට යටත් නොවී ඔවුන් සමඟ සටන් කළ ඌව වෙල්ලස්ස ජනතාවගේ අභිමානය පසු කාලීනව අගය කළ ඉංග්‍රීසි ඉතිහාසඥයෝ ද වූහ.

ඉංග්රීසින්ගේ දුෂ්ට අරමුණු වටහා ගත් උඩරට විමුක්ති නායකයන් අතර සිටි කැප්පෙටිපොල ඇතුළු දහ නව දෙනකු එවක ඉංග්‍රිසි ආණ්ඩුකාරයා වූ රොබට් බ්රවුන්රිග් විසින් ද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබ ඇත. 1818 ජනවාරි 10 වැනිදා ප්‍රකාශයට පත් කළ අංක 851 දරන ආණ්ඩුවේ ගැසට් පත්‍රයට අනුව දේශද්‍රෝහීන්ගේ නම් මෙසේය.

කැප්පැටිපොල දිසාවේ, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහා බෙත්ම රටේරාල (කතරගම), කුඩා බෙත්ම රටේරාල (කතරගම), පලංගොල්ල මොහොට්ටාලේ, වත්තේකාලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලෙ, පොසේරෙවත්තේ විදානෙ, කිව්ලෙගෙදර මොහොට්ටාලේ, කළුගමුවේ මොහොට්ටාලේ, උඩුමාදුර මොහොට්ටාලේ, කොහුකුඹුරේ වලව්වේ රටේරාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බුටුවේ රටේරාල, හගිනිගහවෙල රටේරාල, මහ බදුල්ලේ ගම්මානේ රටේ රාල, බුළුපිටියේ මොහොට්ටාලෙ, පල්ලේ මල්හෙයායේ ගමිතිරාලේ ඊට අයත් වූහ. මේ වීරයන් 19 දෙනාට දේශ ද්‍රෝහී හංවඩුව ගැසූ ඉංග්‍රීසින් එයින් නොනැවති ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා කළ සාහසික මෙහෙයුම් ගැනද ඉතිහාසයේ ලියැවී තිබේ.

ඉංග්‍රිසීන් මෙරට පාලනය අපට පවරා ගොසින් කොපමණ කලක් ගත වී තිබේද? එහෙත් වසර දෙසීයකට ආසන්න කාලයක් ඔව්හු වීරයන් නොව දේශද්‍රෝහීන් ලෙස හඳුන්වා ඉතිහාසයේ අඳුරු මුල්ලක රඳවා තැබූහ. රොබට් බ්රවුන්රිග් නමැති ඉංග්‍රිසි ආණ්ඩුකාරයාගේ නියෝගයෙන් දේශද්‍රෝහී හංවඩුව ගසා අවමානයට පත් කළ ඒ ජාතික වීරයන්ට නිසි බුහුමන ලබාදීම ඵෙතිහාසික වරදක් නිවැරදි කිරීමක් පමණක් නොව විශිෂ්ට ලංකා පුත්‍රයන්ට කළ සුවිශිෂ්ට පූජාවක් වැන්න.

දේශප්‍රේමීන් ගැන දොඩන, දේශප්‍රේමීන්ගේ අභිමානය සුරැකීය යුතුයැයි මොර දෙන කිසිවකුට මේ ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයේ නියමුවන් සිහිපත් නොවීමද සංවේගයකි. කැප්පෙටිපොල දිසාවේ ඇතුළු මෙම වීරයෝ ජාතිය වෙනුවෙන් දංගෙඩියට බිලි වූහ. ඒ අභීත රණකාමිත්වයට ස්වදේශික ආලයට උත්තමාචාර දැක්වීමට මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට සිහිපත් වූයේද නැත. අද ජාතියේ බුහුමනට පාත්‍ර වී සිටින මේ විරුවන්ගේ පරපුරේ සිටින සියල්ලන්ටම මේ ගෞරවනීය පියවර ඉමහත් අස්වැසිල්ලක් වනු නිසැකය. 1818 ජනවාරි 10 වැනිදා ඉංග්‍රිසි පාලකයකු විසින් පනවන ලද දේශද්‍රෝහී දණ්ඩනය ඉවත් කර ජාතියේ ආචාරය ඔවුන්ට පිරිනැමීම සඳහා 2016 දෙසැම්බර් 8 වැනිදා තෙක් කාලයක් ගතවී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවී නම් තවමත් ඒ ද්‍රෝහී දණ්ඩනය එසේම පවතිනු ඇත.

පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට වසර ගණනක් මුළුල්ලේ යටත් කර ගැනීමට නොහැකි වූ උඩරට රාජධානිය අල්ලා ගැනීම සඳහා ඉංග්‍රිසීන් විසින් කරන ලද මෙහෙයුමෙහි කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැක්කේ 1815 මාර්තු 2 වැනිදා අත්සන් කරන ලද “උඩරට ගිවිසුම” නමැති කුප්‍රකට ලියැවිල්ලය. උඩරට රදලයන් හා නායක හිමිවරුන් මුළා කොට වංචනික ලෙස උඩරට ගිවිසුම අත්සන් කරවා ගත් ඉංග්‍රිසීන් ජය පැන් බොද්දී එයට අනුමැතිය දුන් නායකයෝම සිය විරෝධය දැක්වූහ. එවකට ඌවේ දිසා භාරය හිමි වූ මොනරවිල කැප්පෙටිපොළ තමන් දැරූ තනතුර අතහැර ජාතික නිදහස වෙනුවෙන් කැපවීමට එකඟ වී ඇත.

1818 ජනවාරි 1 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් කැප්පෙටිපොල ඇතුළු සියලු නායකයන් ද්‍රෝහීන් ලෙස ප්‍රසිද්ධ කර සියලු දෙනාම අත් අඩංගුවට ගැනිමේ නියෝගයක්ද නිකුත් විය.

“ගරුතර මහරජාණන් වහන්සේගේ හමුදාවනට පහර දෙමින් උතුම් වූ ඉංග්‍රිසී ආණ්ඩුවට විරුද්ධව රටපුරා කැරලිගැසීම්වලට අනුබල දෙන හා කැරලිගැසීම් පතුරුවා හරින මොවුන් හැම දෙනාම ඉංග්‍රිසී ආණ්ඩුවේ හතුරෝ වෙති. පහත නම් සඳහන් වන්නේ උතුම් වූ ඉංග්‍රිසි ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන රාජද්‍රෝහීන් බැව් මෙයින් දන්වා සිටී. ”

ඉංග්රිසින් බියෙන් වෙව්ලවා අන්ද මන්ද කළ කැප්පෙටිපොල දිසාව පිළිබඳ එන ඵෙතිහාසික තොරතුරු ද මේ මව්බිමේ උපන් කවරකුගේ සිතට වුවද අමුතුම මිහිරක් අභිමානයක් දනවනු ඇත. ඉංග්රිසින්ගේ අත්අඩංගුවට පත් වූ කැප්පෙටිපොල හා මඩුගල්ලේ වධක භූමියට රැගෙන ආ ආකාරයද ඉතිහාසයේ ත්‍රාසජනක නාටකයක විලාසයෙන් දක්වා ඇත.

ගහලයා අසිපත මදිමින් සිටියදී කිසිදු චකිතයකින් තොරව කටහඬ අවදි කළ කැප්පෙටිපොල දිය බඳුනක් ගෙන්වා මුව දොවා ගත්තේය. පසුව සිය කෙස් වැටිය හිස මුදුනට තබා බැන්දේය. අනතුරුව දළඳා මැදුර දිසාවට මුහුණලා හිඳ ගෙන පාලි ගාථා කීපයක් ගායනා කළේය. ගාථාව නිමවන විට හිස ගෙලින් වෙන් කරන ලෙස ඉල්ලා තමා අත වූ කුඩා පුස්කොළ පොත බදුල්ලේ විසූ සෝවස් නම් මිතුරකුට දෙන ලෙස ද පැවසීය. ගහලයාද ඒ අසා තිගැස්සුණි. එක පහරින් ගෙල සිඳලීමට අසමත් වු හේ දැස පියා වෙර යොදා දෙවැනි වර මෙම වීරයාගේ හිස වෙන් කළ අයුරු ඉතිහාසයේ සඳහන් වේ. කෙසේ හෝ මේ බ්‍රිතාන්‍ය අධිරාජවාදී මහත්වරුන් විසින් එදා අපගේ මාතෘභූමියට කරන ලද භෞතික මෙන්ම ආධ්‍යාත්මික හානිද බොහෝ විය. සිරභාරයට ගත නොහැකි හැම දෙනෙකුම මරා දැමීම එදා ඔවුන්ගේ යුක්තිධර්මය විය. ඌවේ කැරැල්ල ලෙස හැඳින්වුණු මේ සටන ඉංග්‍රිසීන්ට අමතක නොවන පාඩම් රැසක් ඉගැන්වූ බවද ඉතිහාසඥයෝම සඳහන් කරති. ඉංග්‍රිසි ජාතිකයකු වූ ජෝන් ඩේව් සඳහන් කළේ සුද්දන් විනාශ කළේ සිංහලේ අභිමානය පමණක් නොව ඔවුන්ගේ ආර්ථික හා සාමාජික ජීවිත හා විහාර, දේවාල, වතුපිටි ආදී සියල්ලම බවය. එහෙත් තාක්ෂණ දැනුම නොවී නම් බ්‍රිතාන්‍යයට කිසිදිනක මේ රණකාමී වීරයන් හා ඔවුන්ගේ අභිමානය බිඳ දැමීමට නොහැකි වන බවද ඔහු සඳහන් කර ඇත.

මේ හැරුණු විට වෙල්ලස්ස උරුමය ජාතියට මතක් කර දුන් කලාකරුවෝ කීප දෙනෙක්ද වූහ. කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මේ වීරාභිවාදනයට සුරම්‍ය ගායන ශිල්පී ගුණදාස කපුගේ කැඳවා ආකාසයට මුදා හල ගීත නාදය අදත් ජනහද පිළිරැව් නොදේද?

බිම්බරක් සෙනඟ ගැවසුණු

චන්ද්‍ර සූර්යයා ඉපදුණු

ස්වර්ණ භූමියේ මනරම්

මාලිගාව කෝ!

දේශද්‍රෝහීන් යැයි එදා කළ අවමන

ජාතියේ නමින් ඉවතට - හිමි වීය බුහුමන

ගොවි පුතෙකු රජරටින් ජාතියට බිහිඋන

කළ එපුද ලියැවෙයි ඉතිහාසයේ හෙට දින

සුමේධ ජයබාහු සිළුමිණට ලියූ සටහනකි..

[QUOTE="chinmak, post: 21041959, member: 516779"] [b]අවමානය ඉවතට අභිමානය සුරතට...[/b] [CENTER][IMG]http://www.silumina.lk/2016/12/18/af16126.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ශ්‍රී ලාංකික ජනතාව පමණක් නොව ඔවුන් සතු වූ සංස්කෘතික ආඪ්‍යත්වය ද සාහසික ලෙස විනාශ කර දැමීමේ අපරාධයට වගකිව යුත්තේ කලින් කල මේ රට ආක්‍රමණය කළ පිරිස් බව ඉතා පැහැදිලිය. වසර දෙසීයක් තරම් වූ මෑත ඉතිහාසය තුළින් වුවද අපට හමුවන බොහෝ සාක්ෂි මේ ආක්‍රමණිකයන්ට එරෙහිව ඉදිරිපත් කළ හැකි ඵෙතිහාසික චෝදනා පත්‍රයක් වැන්න. ශිෂ්ටාචාරය අතින් පමණක් නොව සංස්කෘතික වටිනාකම් අතින්ද අපට හිමි වූ ගෞරවනිය තත්ත්වය ඒ කිසිදු ආක්‍රමණිකයකුට නොවු බව ඒ ඉතිහාසයේ තුලාව අපට පෙන්වා දෙනු නිසැකය. සියවස් ගණනක් ඈතට ඇදී යන අනුරාධපුර යුගයෙන් ඇරඹුණු සභ්‍යත්වයේ ගමන අඩපණ වූ ආකාරය ඒ ඉතිහාසය ඔස්සේ පියවර තබන කවරකුට වුවද වටහා ගත හැකිය. පෘතුගීසීන්ගේ සිට ඉංග්‍රීසින් දක්වා වූ පාලන වකවානු තුළදී අපට මුහුණ දීමට සිදුවු අභියෝග දරා ගත හැකි වූයේද අප තුළ වූ අදීන සභ්‍යත්ව ලක්ෂණය නිසා බව අද ඇතැම් සමාජ විද්‍යාඥයෝද පෙන්වා දෙති. බටහිර අධිරාජ්‍යවාදි පාලකයන් විසින් හික්මවන ලද ජාතියක් බවට අප පත්වී තිබෙන බව කීමට ලජ්ජා විය යුතු නැත. එහෙත් අපට තිබෙන ලජ්ජාව නම් බටහිරයන්ගේ ශිෂ්ටත්වය හා මානව ධර්මතා අගැයීම් හුවා දක්වන අයගේ දෙඩවීම් අසා සිටීමය. බටහිර අධිරාජ්‍යවාදයට යටත් නොවී ස්වදේශික අභිමානයකින් නැඟී සිටි උඩරට නායකයන්ගේ ජාතික සටන්වලින් අපට පෙනී යන්නේද ලාංකික ජනතාව තුළ වූ ස්වදේශික හැඟීම් සමුදාය හා ජාතික අභිමානයයි. ඉංග්‍රීසින්ට යටත් නොවී ඔවුන් සමඟ සටන් කළ ඌව වෙල්ලස්ස ජනතාවගේ අභිමානය පසු කාලීනව අගය කළ ඉංග්‍රීසි ඉතිහාසඥයෝ ද වූහ. ඉංග්රීසින්ගේ දුෂ්ට අරමුණු වටහා ගත් උඩරට විමුක්ති නායකයන් අතර සිටි කැප්පෙටිපොල ඇතුළු දහ නව දෙනකු එවක ඉංග්‍රිසි ආණ්ඩුකාරයා වූ රොබට් බ්රවුන්රිග් විසින් ද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබ ඇත. 1818 ජනවාරි 10 වැනිදා ප්‍රකාශයට පත් කළ අංක 851 දරන ආණ්ඩුවේ ගැසට් පත්‍රයට අනුව දේශද්‍රෝහීන්ගේ නම් මෙසේය. කැප්පැටිපොල දිසාවේ, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහා බෙත්ම රටේරාල (කතරගම), කුඩා බෙත්ම රටේරාල (කතරගම), පලංගොල්ල මොහොට්ටාලේ, වත්තේකාලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලෙ, පොසේරෙවත්තේ විදානෙ, කිව්ලෙගෙදර මොහොට්ටාලේ, කළුගමුවේ මොහොට්ටාලේ, උඩුමාදුර මොහොට්ටාලේ, කොහුකුඹුරේ වලව්වේ රටේරාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බුටුවේ රටේරාල, හගිනිගහවෙල රටේරාල, මහ බදුල්ලේ ගම්මානේ රටේ රාල, බුළුපිටියේ මොහොට්ටාලෙ, පල්ලේ මල්හෙයායේ ගමිතිරාලේ ඊට අයත් වූහ. මේ වීරයන් 19 දෙනාට දේශ ද්‍රෝහී හංවඩුව ගැසූ ඉංග්‍රීසින් එයින් නොනැවති ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා කළ සාහසික මෙහෙයුම් ගැනද ඉතිහාසයේ ලියැවී තිබේ. ඉංග්‍රිසීන් මෙරට පාලනය අපට පවරා ගොසින් කොපමණ කලක් ගත වී තිබේද? එහෙත් වසර දෙසීයකට ආසන්න කාලයක් ඔව්හු වීරයන් නොව දේශද්‍රෝහීන් ලෙස හඳුන්වා ඉතිහාසයේ අඳුරු මුල්ලක රඳවා තැබූහ. රොබට් බ්රවුන්රිග් නමැති ඉංග්‍රිසි ආණ්ඩුකාරයාගේ නියෝගයෙන් දේශද්‍රෝහී හංවඩුව ගසා අවමානයට පත් කළ ඒ ජාතික වීරයන්ට නිසි බුහුමන ලබාදීම ඵෙතිහාසික වරදක් නිවැරදි කිරීමක් පමණක් නොව විශිෂ්ට ලංකා පුත්‍රයන්ට කළ සුවිශිෂ්ට පූජාවක් වැන්න. දේශප්‍රේමීන් ගැන දොඩන, දේශප්‍රේමීන්ගේ අභිමානය සුරැකීය යුතුයැයි මොර දෙන කිසිවකුට මේ ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයේ නියමුවන් සිහිපත් නොවීමද සංවේගයකි. කැප්පෙටිපොල දිසාවේ ඇතුළු මෙම වීරයෝ ජාතිය වෙනුවෙන් දංගෙඩියට බිලි වූහ. ඒ අභීත රණකාමිත්වයට ස්වදේශික ආලයට උත්තමාචාර දැක්වීමට මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට සිහිපත් වූයේද නැත. අද ජාතියේ බුහුමනට පාත්‍ර වී සිටින මේ විරුවන්ගේ පරපුරේ සිටින සියල්ලන්ටම මේ ගෞරවනීය පියවර ඉමහත් අස්වැසිල්ලක් වනු නිසැකය. 1818 ජනවාරි 10 වැනිදා ඉංග්‍රිසි පාලකයකු විසින් පනවන ලද දේශද්‍රෝහී දණ්ඩනය ඉවත් කර ජාතියේ ආචාරය ඔවුන්ට පිරිනැමීම සඳහා 2016 දෙසැම්බර් 8 වැනිදා තෙක් කාලයක් ගතවී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවී නම් තවමත් ඒ ද්‍රෝහී දණ්ඩනය එසේම පවතිනු ඇත. පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට වසර ගණනක් මුළුල්ලේ යටත් කර ගැනීමට නොහැකි වූ උඩරට රාජධානිය අල්ලා ගැනීම සඳහා ඉංග්‍රිසීන් විසින් කරන ලද මෙහෙයුමෙහි කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැක්කේ 1815 මාර්තු 2 වැනිදා අත්සන් කරන ලද “උඩරට ගිවිසුම” නමැති කුප්‍රකට ලියැවිල්ලය. උඩරට රදලයන් හා නායක හිමිවරුන් මුළා කොට වංචනික ලෙස උඩරට ගිවිසුම අත්සන් කරවා ගත් ඉංග්‍රිසීන් ජය පැන් බොද්දී එයට අනුමැතිය දුන් නායකයෝම සිය විරෝධය දැක්වූහ. එවකට ඌවේ දිසා භාරය හිමි වූ මොනරවිල කැප්පෙටිපොළ තමන් දැරූ තනතුර අතහැර ජාතික නිදහස වෙනුවෙන් කැපවීමට එකඟ වී ඇත. 1818 ජනවාරි 1 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් කැප්පෙටිපොල ඇතුළු සියලු නායකයන් ද්‍රෝහීන් ලෙස ප්‍රසිද්ධ කර සියලු දෙනාම අත් අඩංගුවට ගැනිමේ නියෝගයක්ද නිකුත් විය. “ගරුතර මහරජාණන් වහන්සේගේ හමුදාවනට පහර දෙමින් උතුම් වූ ඉංග්‍රිසී ආණ්ඩුවට විරුද්ධව රටපුරා කැරලිගැසීම්වලට අනුබල දෙන හා කැරලිගැසීම් පතුරුවා හරින මොවුන් හැම දෙනාම ඉංග්‍රිසී ආණ්ඩුවේ හතුරෝ වෙති. පහත නම් සඳහන් වන්නේ උතුම් වූ ඉංග්‍රිසි ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන රාජද්‍රෝහීන් බැව් මෙයින් දන්වා සිටී. ” ඉංග්රිසින් බියෙන් වෙව්ලවා අන්ද මන්ද කළ කැප්පෙටිපොල දිසාව පිළිබඳ එන ඵෙතිහාසික තොරතුරු ද මේ මව්බිමේ උපන් කවරකුගේ සිතට වුවද අමුතුම මිහිරක් අභිමානයක් දනවනු ඇත. ඉංග්රිසින්ගේ අත්අඩංගුවට පත් වූ කැප්පෙටිපොල හා මඩුගල්ලේ වධක භූමියට රැගෙන ආ ආකාරයද ඉතිහාසයේ ත්‍රාසජනක නාටකයක විලාසයෙන් දක්වා ඇත. ගහලයා අසිපත මදිමින් සිටියදී කිසිදු චකිතයකින් තොරව කටහඬ අවදි කළ කැප්පෙටිපොල දිය බඳුනක් ගෙන්වා මුව දොවා ගත්තේය. පසුව සිය කෙස් වැටිය හිස මුදුනට තබා බැන්දේය. අනතුරුව දළඳා මැදුර දිසාවට මුහුණලා හිඳ ගෙන පාලි ගාථා කීපයක් ගායනා කළේය. ගාථාව නිමවන විට හිස ගෙලින් වෙන් කරන ලෙස ඉල්ලා තමා අත වූ කුඩා පුස්කොළ පොත බදුල්ලේ විසූ සෝවස් නම් මිතුරකුට දෙන ලෙස ද පැවසීය. ගහලයාද ඒ අසා තිගැස්සුණි. එක පහරින් ගෙල සිඳලීමට අසමත් වු හේ දැස පියා වෙර යොදා දෙවැනි වර මෙම වීරයාගේ හිස වෙන් කළ අයුරු ඉතිහාසයේ සඳහන් වේ. කෙසේ හෝ මේ බ්‍රිතාන්‍ය අධිරාජවාදී මහත්වරුන් විසින් එදා අපගේ මාතෘභූමියට කරන ලද භෞතික මෙන්ම ආධ්‍යාත්මික හානිද බොහෝ විය. සිරභාරයට ගත නොහැකි හැම දෙනෙකුම මරා දැමීම එදා ඔවුන්ගේ යුක්තිධර්මය විය. ඌවේ කැරැල්ල ලෙස හැඳින්වුණු මේ සටන ඉංග්‍රිසීන්ට අමතක නොවන පාඩම් රැසක් ඉගැන්වූ බවද ඉතිහාසඥයෝම සඳහන් කරති. ඉංග්‍රිසි ජාතිකයකු වූ ජෝන් ඩේව් සඳහන් කළේ සුද්දන් විනාශ කළේ සිංහලේ අභිමානය පමණක් නොව ඔවුන්ගේ ආර්ථික හා සාමාජික ජීවිත හා විහාර, දේවාල, වතුපිටි ආදී සියල්ලම බවය. එහෙත් තාක්ෂණ දැනුම නොවී නම් බ්‍රිතාන්‍යයට කිසිදිනක මේ රණකාමී වීරයන් හා ඔවුන්ගේ අභිමානය බිඳ දැමීමට නොහැකි වන බවද ඔහු සඳහන් කර ඇත. මේ හැරුණු විට වෙල්ලස්ස උරුමය ජාතියට මතක් කර දුන් කලාකරුවෝ කීප දෙනෙක්ද වූහ. කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මේ වීරාභිවාදනයට සුරම්‍ය ගායන ශිල්පී ගුණදාස කපුගේ කැඳවා ආකාසයට මුදා හල ගීත නාදය අදත් ජනහද පිළිරැව් නොදේද? බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ! දේශද්‍රෝහීන් යැයි එදා කළ අවමන ජාතියේ නමින් ඉවතට - හිමි වීය බුහුමන ගොවි පුතෙකු රජරටින් ජාතියට බිහිඋන කළ එපුද ලියැවෙයි ඉතිහාසයේ හෙට දින සුමේධ ජයබාහු සිළුමිණට ලියූ සටහනකි..[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom