Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
2 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ගේ මුහුණුපොතෙන්.

අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා අසීමිතය. එබැවින් සෞඛ්‍ය සේවයට වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍යය. රජය මගින් විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සඳහා වැයකරන අතර විදේශීය ආයතන සහ දේශීය දානපතියන් විසින්ද රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වලට සැලකිය යුතු තරම් ප්‍රමානයක් (05% පමන) ලබාදෙයි. සියළු රෝහල් වලට මෙලෙස පරිත්‍යාග ලැබෙන අතර ඒ අතරින් ප්‍රධානතම රෝහල් වන්නේ අපේක්ෂා රෝහල සහ ළමා රෝහලයි. මෙලෙස ලැබෙන පරිත්‍යාග රෝහලේ ප්‍රධාන සැලැස්මට සහ ප්‍රමුඛතාවට අනුව ලබාගැනීම සේවාවටද පරිත්‍යාගයටද සාධාරණය ඉටුකිරීමකි.

අපේක්ෂා රෝහලට ළමා පිලිකා සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් යනු හඳුනාගත් ප්රමුඛතාවකි. ඒ වෙනුවෙන් එක්සත් රාජධානියේ පුහුනුව ලත් විශේෂඥ වෛද්‍යවරියක්ද අනුයුක්ත කොට ඇති අතර පසුගිය වසර කිහිපය තුල අලුත් ගොඩනැගිලි සෑදීම නතරකර තිබූ නිසා ප්‍රමාද වූ මෙම ප්රමුඛ අවශ්‍යතාව ඉටුකිරීමට කතරගම දේවාලයේ බස්නායක නිළමේ සහ අනිකුත් පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වීම පැසසියයුතු කරුනකි. එම ඒකකය විවෘත කිරීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුනි දෙදෙනාම සහභාගී වන්නේ එම පරිත්‍යාගයට සහ පරිත්‍යාගශීලීන්හට කරන ගෞරවයක් වශයෙනි. එහිදී වෛද්‍ය නලින්ද සිය කතාවේදී පරිත්‍යාගශීලීන් සියළු දෙනාහට ස්තුතිකරන අතර රජයේ අරමුදල් සහ අනිකුත් අරමුදල් රෝහල් වල අවශ්‍යතාවයන් ගේ ප්‍රමුඛතාව අනුව වැයකිරීමේ වැදගත්කම පැහැදිලිකරන ලදී. නලින්ද ගේ කතාවට අත් දෙකම උස්සා එකඟවිය හැකිය.

විසිවසරකට ආසන්න මගේ වෛද්‍ය පරිපාලන ජීවිතයේදී මා දුටු අවශ්‍යතාව හා ප්‍රමුඛතාව නොසලකා කරනලද වැයකිරීම් පිළිබඳ සියගනන් උදාහරන දිය හැක.

වරක් එවකට සිටි ඇමතිවරයා මා අමතා නුවර එළිය රෝහලට MRI යන්ත්‍රයක් ලබාදෙන්නදැයි විමසූ විට නුවරඑළිය රෝහලේ ප්‍රමුඛතාව CT Scanner යන්ත්‍රයක් මිස අඩු අවශ්‍යතාවක් සහ අධික නඩත්තු පිරිවැයක් සහිත MRI යන්ත්‍රය නොවන බව දැනුම් දුන්නෙමි. MRI යන්ත්‍රයක් ලබාදෙන්නේනම් වඩා සුදුසු ස්ථාන වන්නේ බදුල්ල පලාත් මහ රෝහල හෝ පේරාදෙනිය හෝ මහනුවර රෝහල් බවද දේශපාලන බලපෑම් මත හම්බන්තොට රෝහලට MRI යන්ත්‍රයක් ලබාදීමට තීරණය කිරීමද වැරදි ක්‍රියාවක් බවත් එය ලබා දීමට සුදුසු රෝහල මාතර මහරෝහල බවත් පැවසුවෙමි. කලකට පෙර විදේශීය ආයතනයක් මගින් ඩෙංගි සහ ලෙප්ටොස්පයිරෝසිස් හඳුනාගැනීම සඳහා PCR යන්ත්‍ර දෙකක් යාපනය සහ නුවරඑළිය රෝහල් වලට ලබාදීමට ඉදිරිපත් වූ අතර එම පරිත්‍යාග වෙනත් කිසිම රෝහලකට කල නොහැකි බවත් දැනුම්දෙන ලදී. ඒ කොරෝනා පැමිනීමට කලකට පෙර බැවින් PCR යන්ත්‍ර රෝහල් වල බහුල කාලයක් නොවිනි. යන්ත්‍රයට එක් වරකට අවශ්‍ය සාම්පල් ගනන මාස ගනනකටවත් එකතු නොවන නුවරඑළිය රෝහලේ අවශ්‍යතාවයක් නොවුනු මේ යන්ත්‍රය ඉඩපහසුකම් නොමැති බැවින් තාවකාලික පදනමින් බව පවසා අවශ්‍යතාව පැවති පේරාදෙනිය රෝහලේ ස්ථාපිත කර පරිත්‍යාග ආයතනයේ සිතද සතුටුකර රටේ අවශ්‍යතාවද ඉටුකර ගතිමි.

තැන තැන අපිලිවලට ගොඩනැගිලි සාදා ඉතා සීමිත ඉඩකඩක් ඉතිරි ව ඇති මාතර මහරෝහලට තනිතට්ටුවේ ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමට පැමිනි දේශීය ආයතනයකට පරිත්‍යාගය නොලැබුනත් මේ සුළු ඉඩකඩේ තවත් තනිමහල් ගොඩනැගිල්ලක් සෑදීමට ඉඩදිය නොහැකි බව පවසා දීර්ඝ ලෙස සාකච්ඡා කර එම පරිත්‍යාගයෙන් බාහිර රෝගී අංශය, සායන සහ ඩිස්පැන්සරිය අළුත්වැඩියා කිරීමට එකඟකරගතිමි.

ප්‍රමුඛතා හඳුනා නොගත් පරිත්‍යාග පිළිබඳ උදාහරන අපේක්ෂා රෝහලෙන්ම ලබාදිය හැක. පරිත්‍යාගශීලියාට අවශ්‍ය වූයේ PET Scanner යක් ලබාදෙන්නය. ඒ ඔහුගේ පෞද්ගලික මුදලින් නොව ජනතාවගෙන් මුදල් එකතුකිරීමෙනි. රෝහලේ ප්‍රමුඛතාව MRI යන්ත්‍රයකි. (ප්‍රධානම අවශ්‍යතාවක් වුවද තවමත් MRI නැත. රජයේ අරමුදල් මගින් මේ වසරේදී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ). විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලනයේ ඉල්ලීම නොසලකා දේශපාලන සම්බන්ධකම් හරහා පරිත්‍යාගශීලියා අඩු ප්‍රමුඛතාව පරිත්‍යාග කලේය. මිලියන සිය ගනනක යන්ත්‍රයක් මහරගමද, ජාතික රෝහලේද තිබේ. මිලියන ගනනක් වාර්ෂික නඩත්තුව සඳහාද කාර්යමණ්ඩලය සඳහාද වැයකරන අතර මහරගම යන්ත්‍රය සතියට එක් දිනක්ද, ජාතික රෝහලේ යන්ත්‍රය සතියට එක් දිනක්ද ක්‍රියාත්මක කරයි. ජාතික රෝහලේ PET යන්ත්‍රය පමනක් තිබුනේ නම් සතියට දින දෙකක් වැඩකර මිලියන් සිය ගනනක් ඉතිරිකර පිලිකා රෝහලට අත්‍යාවශ්‍ය MRI යන්ත්‍රයක්ද ලබාගත හැකිව තිබුනි. වසර කිහිපයකට පෙර රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතාව නොසලකා ළමා වාට්ටුවට යාබදව පරිත්‍යාගයකින් ඉඳිකල තට්ටු හතරක ගොඩනැගිල්ලේ තට්ටු දෙකක්ම කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්වයකය.

තවත් උදාහරණ බොහෝය. වෛද්‍ය පරිපාලකයින් බොහෝ දෙනෙකුට කියන්න මෙවැනි කතා ඇත. රජයේ අරමුදල් වුවද, ජනතාවගේ පරිත්‍යාග වුවද සියලු මුදල් වගකීමෙන් වියදම් කිරීම අත්‍යාවශ්‍යය. නලින්ද කිව්වේ එයයි.

Dr Aruna Jayasekara

Director

Apeksha Hospital

Maharagama

[QUOTE="yom, post: 30452581, member: 368399"] මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ගේ මුහුණුපොතෙන්. 📍 .......................................... අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා අසීමිතය. එබැවින් සෞඛ්‍ය සේවයට වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍යය. රජය මගින් විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සඳහා වැයකරන අතර විදේශීය ආයතන සහ දේශීය දානපතියන් විසින්ද රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වලට සැලකිය යුතු තරම් ප්‍රමානයක් (05% පමන) ලබාදෙයි. සියළු රෝහල් වලට මෙලෙස පරිත්‍යාග ලැබෙන අතර ඒ අතරින් ප්‍රධානතම රෝහල් වන්නේ අපේක්ෂා රෝහල සහ ළමා රෝහලයි. මෙලෙස ලැබෙන පරිත්‍යාග රෝහලේ ප්‍රධාන සැලැස්මට සහ ප්‍රමුඛතාවට අනුව ලබාගැනීම සේවාවටද පරිත්‍යාගයටද සාධාරණය ඉටුකිරීමකි. අපේක්ෂා රෝහලට ළමා පිලිකා සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් යනු හඳුනාගත් ප්රමුඛතාවකි. ඒ වෙනුවෙන් එක්සත් රාජධානියේ පුහුනුව ලත් විශේෂඥ වෛද්‍යවරියක්ද අනුයුක්ත කොට ඇති අතර පසුගිය වසර කිහිපය තුල අලුත් ගොඩනැගිලි සෑදීම නතරකර තිබූ නිසා ප්‍රමාද වූ මෙම ප්රමුඛ අවශ්‍යතාව ඉටුකිරීමට කතරගම දේවාලයේ බස්නායක නිළමේ සහ අනිකුත් පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වීම පැසසියයුතු කරුනකි. එම ඒකකය විවෘත කිරීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුනි දෙදෙනාම සහභාගී වන්නේ එම පරිත්‍යාගයට සහ පරිත්‍යාගශීලීන්හට කරන ගෞරවයක් වශයෙනි. එහිදී වෛද්‍ය නලින්ද සිය කතාවේදී පරිත්‍යාගශීලීන් සියළු දෙනාහට ස්තුතිකරන අතර රජයේ අරමුදල් සහ අනිකුත් අරමුදල් රෝහල් වල අවශ්‍යතාවයන් ගේ ප්‍රමුඛතාව අනුව වැයකිරීමේ වැදගත්කම පැහැදිලිකරන ලදී. නලින්ද ගේ කතාවට අත් දෙකම උස්සා එකඟවිය හැකිය. විසිවසරකට ආසන්න මගේ වෛද්‍ය පරිපාලන ජීවිතයේදී මා දුටු අවශ්‍යතාව හා ප්‍රමුඛතාව නොසලකා කරනලද වැයකිරීම් පිළිබඳ සියගනන් උදාහරන දිය හැක. වරක් එවකට සිටි ඇමතිවරයා මා අමතා නුවර එළිය රෝහලට MRI යන්ත්‍රයක් ලබාදෙන්නදැයි විමසූ විට නුවරඑළිය රෝහලේ ප්‍රමුඛතාව CT Scanner යන්ත්‍රයක් මිස අඩු අවශ්‍යතාවක් සහ අධික නඩත්තු පිරිවැයක් සහිත MRI යන්ත්‍රය නොවන බව දැනුම් දුන්නෙමි. MRI යන්ත්‍රයක් ලබාදෙන්නේනම් වඩා සුදුසු ස්ථාන වන්නේ බදුල්ල පලාත් මහ රෝහල හෝ පේරාදෙනිය හෝ මහනුවර රෝහල් බවද දේශපාලන බලපෑම් මත හම්බන්තොට රෝහලට MRI යන්ත්‍රයක් ලබාදීමට තීරණය කිරීමද වැරදි ක්‍රියාවක් බවත් එය ලබා දීමට සුදුසු රෝහල මාතර මහරෝහල බවත් පැවසුවෙමි. කලකට පෙර විදේශීය ආයතනයක් මගින් ඩෙංගි සහ ලෙප්ටොස්පයිරෝසිස් හඳුනාගැනීම සඳහා PCR යන්ත්‍ර දෙකක් යාපනය සහ නුවරඑළිය රෝහල් වලට ලබාදීමට ඉදිරිපත් වූ අතර එම පරිත්‍යාග වෙනත් කිසිම රෝහලකට කල නොහැකි බවත් දැනුම්දෙන ලදී. ඒ කොරෝනා පැමිනීමට කලකට පෙර බැවින් PCR යන්ත්‍ර රෝහල් වල බහුල කාලයක් නොවිනි. යන්ත්‍රයට එක් වරකට අවශ්‍ය සාම්පල් ගනන මාස ගනනකටවත් එකතු නොවන නුවරඑළිය රෝහලේ අවශ්‍යතාවයක් නොවුනු මේ යන්ත්‍රය ඉඩපහසුකම් නොමැති බැවින් තාවකාලික පදනමින් බව පවසා අවශ්‍යතාව පැවති පේරාදෙනිය රෝහලේ ස්ථාපිත කර පරිත්‍යාග ආයතනයේ සිතද සතුටුකර රටේ අවශ්‍යතාවද ඉටුකර ගතිමි. තැන තැන අපිලිවලට ගොඩනැගිලි සාදා ඉතා සීමිත ඉඩකඩක් ඉතිරි ව ඇති මාතර මහරෝහලට තනිතට්ටුවේ ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමට පැමිනි දේශීය ආයතනයකට පරිත්‍යාගය නොලැබුනත් මේ සුළු ඉඩකඩේ තවත් තනිමහල් ගොඩනැගිල්ලක් සෑදීමට ඉඩදිය නොහැකි බව පවසා දීර්ඝ ලෙස සාකච්ඡා කර එම පරිත්‍යාගයෙන් බාහිර රෝගී අංශය, සායන සහ ඩිස්පැන්සරිය අළුත්වැඩියා කිරීමට එකඟකරගතිමි. ප්‍රමුඛතා හඳුනා නොගත් පරිත්‍යාග පිළිබඳ උදාහරන අපේක්ෂා රෝහලෙන්ම ලබාදිය හැක. පරිත්‍යාගශීලියාට අවශ්‍ය වූයේ PET Scanner යක් ලබාදෙන්නය. ඒ ඔහුගේ පෞද්ගලික මුදලින් නොව ජනතාවගෙන් මුදල් එකතුකිරීමෙනි. රෝහලේ ප්‍රමුඛතාව MRI යන්ත්‍රයකි. (ප්‍රධානම අවශ්‍යතාවක් වුවද තවමත් MRI නැත. රජයේ අරමුදල් මගින් මේ වසරේදී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ). විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලනයේ ඉල්ලීම නොසලකා දේශපාලන සම්බන්ධකම් හරහා පරිත්‍යාගශීලියා අඩු ප්‍රමුඛතාව පරිත්‍යාග කලේය. මිලියන සිය ගනනක යන්ත්‍රයක් මහරගමද, ජාතික රෝහලේද තිබේ. මිලියන ගනනක් වාර්ෂික නඩත්තුව සඳහාද කාර්යමණ්ඩලය සඳහාද වැයකරන අතර මහරගම යන්ත්‍රය සතියට එක් දිනක්ද, ජාතික රෝහලේ යන්ත්‍රය සතියට එක් දිනක්ද ක්‍රියාත්මක කරයි. ජාතික රෝහලේ PET යන්ත්‍රය පමනක් තිබුනේ නම් සතියට දින දෙකක් වැඩකර මිලියන් සිය ගනනක් ඉතිරිකර පිලිකා රෝහලට අත්‍යාවශ්‍ය MRI යන්ත්‍රයක්ද ලබාගත හැකිව තිබුනි. වසර කිහිපයකට පෙර රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතාව නොසලකා ළමා වාට්ටුවට යාබදව පරිත්‍යාගයකින් ඉඳිකල තට්ටු හතරක ගොඩනැගිල්ලේ තට්ටු දෙකක්ම කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්වයකය. තවත් උදාහරණ බොහෝය. වෛද්‍ය පරිපාලකයින් බොහෝ දෙනෙකුට කියන්න මෙවැනි කතා ඇත. රජයේ අරමුදල් වුවද, ජනතාවගේ පරිත්‍යාග වුවද සියලු මුදල් වගකීමෙන් වියදම් කිරීම අත්‍යාවශ්‍යය. නලින්ද කිව්වේ එයයි. Dr Aruna Jayasekara Director Apeksha Hospital Maharagama [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom