අවසන් හුස්ම - Must Listen

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
    අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
    නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න
    මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න

    මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
    පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම
    රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
    මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම

    පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
    මම නැති දාක නපුරක් නුඹ හට වේද
    තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
    හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය

     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තුන්හෙලේ ගිනි අවුලපු කෙනෙක් වුනත් - හොද සින්දු කියපු ඒකෙක්

     
    • Like
    Reactions: Walter White