Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවන සැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවන සැටි.🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻

සත්‍යය වසන්නා වූ ස්වභාවයෙන් අවිද්‍යාව අන්ධකාරයක් වැනි ය. කාරණය වරදවා දක්වන්නා වූ ස්වභාවයෙන් පාට කන්නාඩියක් වැනි ය. නිල් කන්නාඩියකින් ලෝකය බලන්නා හට හැම දෙයක් ම නිල් පැහැයට පෙනේ. එමෙන් අවිද්‍යාසහගත සිතින් තමාගේ පඤ්චස්කන්ධය හා බාහිර ලෝකයත් බලන්නා වූ හෙවත් සිතන්නා වූ තැනැත්තාට ඇති සැටියට නොව අවිද්යාපටලයේ සැටියට ඒවා අන් ආකාරයකට පෙනේ. දුඃඛ සත්‍යය වසන අවිද්‍යාවෙන් යුක්ත වූ සිතින් තමා ගේ හා අනුන් ගේ ස්කන්ධයන් බලන්නා වූ තැනැත්තා හට, ජාති ජරා ව්‍යාධි මරණාදි ගිනිවලින් වෙළී ඒ ගිනිදැල් මැද ගිනි පෙනෙල්ලක් සේ පවත්නා වූ, කිසිම හරයක් නැත්තා වූ, නිතර ම දුක් ගෙන දෙන්නා වූ පඤ්චස්කන්ධය, පරම සුන්දර දෙයක් ලෙස පෙනෙන්නේ ය. ලෝකයෙහි ඇති ඉතා ම උතුම් දෙය ඉතා ම වටිනා දෙය සැටියට පෙනෙන්නේ ය. එසේ පෙනීමෙන් ඔහුට ස්වකීය පඤ්චස්කන්ධය කෙරෙහි මහත් ඇල්මක් ඇති වේ. අන්‍ය ඇතැම් පුද්ගලයන්ගේ පඤ්චස්කන්ධයන් පිළිබඳව ද එයට දෙවැනි තරමේ හෝ ඒ තරමේ ම හේ ඇල්මක් ඇති වේ.

සමුදය සත්‍ය වසන මෝහය අප්‍රහීණ බැවින් ඔහුට ඒ ඇල්ම දුක් ඇතිවීමේ හේතුව බව නො පෙනෙන්නේ ය. ඔහුට පෙනෙන්නේ ඒ ඇලම සැපයට හේතුවක් ලෙසය. ඒ ඇල්ම උතුම් කොට ගන්නා වූ තැනැත්තේ සමහරවිට එයින්, “මම දරුවන්ට ආලය ඇත්තා වූ නෑයන්ට - මිතුරන්ට - රටට - ජාතියට ආලය ඇත්තා වූ කෙනෙක් වෙමිය” යි තමා ගැන ආඩම්බර ද වෙයි. ආලයක් නැතියවුන් පහත් කොට ද සිතයි. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රතිච්ඡාදනය කරන අවිද්‍යාවෙන් වැසීම නිසා සත්ත්වයා හට ඒ දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයාගේ පැවැත්ම ම සුවයක් සැටියට පෙනේ.

දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය වසන අවිද්‍යාව නිසා සත්ත්වයා හට, ඒ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධය පවත්වා ගැනීම සඳහා ද, සුවපත් කරනු සඳහා ද, මතු මතු ද, පඤ්චස්කන්ධය ලැබීම සඳහා ද, කරන්නා වූ ක්‍රියා රාශිය, සැපය ඇතිකර ගැනීමේ මාර්ගය සැටියට පෙනෙන්නේ ය. අවිද්‍යාව නිසා සිදුවන මේ වැරදි හැඟීම් නිසා සත්ත්ව තෙමේ වර්තමාන ස්කන්ධ පඤ්චකය පෝෂණය කිරීම සඳහා ද ආරක්ෂා කිරීම සඳහා ද ක්‍රියා කරන්නට වන්නේය. ඒ ක්‍රියා අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාරයෝ ය.

අවිද්‍යාවෙන් මුළා වූ සත්ත්ව තෙමේ තමාගේ පඤ්චස්කන්ධය පෝ්ෂණය කිරීම හා සුවපත් කරනු පිණිස ද, පුත්‍රදාරාදි අන්‍යයන් පෝෂණය කිරීම හා සැපවත් කරනු පිණිස ද, සමහර විට එළුවන්, කුකුළන්, මසුන් ආදි සතුන් මරයි. සමහර විට සොරකම් කරයි. අනුන් අයත් දෑ බලයෙන් ගනියි. වඤ්චා කොට ගනියි. සමහර විට පරදාර සේවනය කෙරෙයි. බොරු කියයි. සුරාපානය කරයි. කේලාම් කියා ඔවුනොවුන් බිඳවයි. අහිතයන්ට පරුෂ වචනයෙන් බණී. පලක් නැති කථා කරයි. අනුන් ගේ සම්පතට ආශා කරයි. මිථ්‍යාදෘෂ්ටි ගනී. මේ අවිද්‍යාව හේතු කොට වර්තමාන ස්කන්ධයන් සම්බන්ධයෙන් අපුඤ්ඤාභි සංඛාරය ඇති වන ආකාරය යි.

සමහර විට සත්ත්ව තෙමේ මෙලොව යහපත සඳහා දෙවියන් සතුටු කිරීම පිණිස පින් කරයි. අන්‍යයන් සතුටු කිරීම පිණිස ද දානාදි පින්කම් කරයි. ග්රහදෝෂාදිය දුරුවන්නට සිතා පින්කම් කරයි. ප්‍රාණඝාතාදියෙන් වැළකෙයි. මෙත් වැඩීම් ආදි භාවනා කෙරෙයි. මේ වර්තමාන පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පුඤ්ඤාභිසංඛාරය ඇති වන ආකාරය යි.

වඩාත් මුළාවට පැමිණි තැනැත්තේ අනාගතයෙහි පොහොසතකු වීමේ සිටුවරයකු වීමේ රජකු වීමේ දෙවියකු වීමේ බ්‍රහ්මයකු වීමේ බලාපොරොත්තුවෙන් සමහර විට සතුන් මරා දෙවියන් පුදයි. බොහෝ සතුන් මරා මහා යාග පවත්වයි. ගෝශීල ගෝව්‍රත කුක්කරශීල කුක්කරව්රතාදි මිථ්‍යා ශීල ව්‍රතයන් පුරයි. මේ අනාගතස්කන්ධ සම්බන්ධයෙන් අපුඤ්ඤාභිසංඛාරය ඇති වන ආකාරය යි.

සද්ධර්ම ශ්‍රවණ සත්පුරුෂ සේවනාදියෙන් දානාදි පින්කම් කොට මතු දෙවි මිනිස් සැප ලැබිය හැකි බව දත් තැනැත්තෝ දෙවි මිනිස් සැප සඳහා දන් දෙති. ප්‍රාණඝාතාදි පාපයෙන් වළකිති. මාපියාදීන්ට සත්කාර කරති. මෛත්‍රී ආදි භාවනා කරති. රූපාරූප බ්‍රහ්ම සම්පත්තිය ගැන ඇසුවෝ ධ්‍යාන භාවනා කරති. මේ අනාගත ස්කන්ධයන් සම්බන්ධයෙන් අවිද්‍යාව නිසා පුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර දෙක ඇති වන ආකාරය යි.

අවිද්‍යාව හේතු කොට සංස්කාර හටගැනේය යි කීමෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ම මිස අනිකකට හේතු නො වන්නේය යි ද, සංස්කාරය ඇතිවන්නේ අවිද්‍යාව නමැති එක ම හේතුවෙනැයි ද නො ගත යුතු ය. සංස්කාරයන් ගෙන් අන්‍ය වූ තවත් බොහෝ ඵල අවිද්‍යාවෙන් ඇති කරනු ලැබේ. සංස්කාරයන් ඇතිවීමට ද අවිද්‍යාවෙන් අන්‍ය බොහෝ හේතු ද ඇත්තේ ය. සංස්කාරාදි ඵල ධර්මයන් ඇතිවීමට තිබිය යුතු සියලු ම හේතු දක්වා පටිච්චසමුප්පාදය දේශනා කළ හොත් එය ඉතා දීර්ඝ වූ ද හුණපඳුරක් සේ අතිශයින් අවුල් වූ ද, ලෙහෙසියෙන් තේරුම් ගත නො හෙන්නා වූ දේශනයක් වන්නේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් ප්‍රධාන වූ ද, ප්‍රකට වූ ද, එක් එක් හේතුව බැගින් ගෙන පටිච්චසමුප්පාදය දේශනා කරන ලදී.

පිසන තැනැත්තාය - ලිපය - දරය - ගිනිය - සැළියය යන මේවා බත ඇති වීමේ හේතු ය. පිසන තැනැත්තකු ඇත ද ලිපක් ඇත ද දර ඇත ද ගිනි ඇත ද සැළිය ඇත ද ගොවියා ගොවිකම් කොට සහල් නො නිපදවන ලද නම්, පිසන තැනැත්තා ආදි හේතූන්ට බත ඇති කළ හැකි නො වේ. එබැවින් ගොවියා ගේ ගොවිකම් කිරීම බත ඇතිවීමේ ප්‍රධාන හේතුව බව කිය යුතු ය. එමෙන් සත්පුරුෂ සේවන - අසත්පුරුෂ සේවන - සද්ධර්ම ශ්‍රවණ - අසද්ධර්ම ශ්‍රවණ - යෝනිසෝමනස්කාර - අයෝනිසෝමනස්කාර - වස්තු - ආරම්මණාදි බොහෝ සංස්කාර හේතූන් ඇත ද, අවිද්‍යාව ප්‍රහීණ නම් ඒ හේතූහු සංස්කාරයන් ඉපදවීමට සමත් නො වෙති. තිබිය යුතු අන්‍ය හේතූන් ගෙන් සමහරක් අඩු වුව ද අවිද්‍යාව ඇතහොත් සංස්කාරය ද ඇති වන්නේ ය. එබැවින් අවිද්‍යාව සංස්කාරයන්ගේ ප්‍රධාන හේතුව ද වේ. ප්‍රකට හේතුව ද වේ. විඤ්ඤාණාදීන්ගේ හේතුඵල තත්ත්වය ද මෙසේ ම සලකා ගත යුතුය. මෙසේ ප්‍රධාන වූ ද ප්‍රකට වූ ද හේතූන් පමණක් ගෙන දේශනා කරන කල්හි පටිච්චසමුප්පාදය සංක්ෂේප වූ ද නිරවුල් වූ ද ශ්‍රාවකයන්ට පහසුවෙන් තේරුම් ගත හැකි වූ ද දැරියහැකි වූ ද දේශනයක් වන්නේ ය.

අවිද්‍යාව අකුශලයකි. ඒකාන්තයෙන් අනිෂ්ට ඵලයක් ඇති කරන්නකි. කුශලයට විරුද්ධ වූවකි. කුශලයට විරුද්ධ වූ අවිද්‍යාව තමාට සමාන වූ අකුශලයකට මිස තමා හා විරුද්ධ වූ පුණ්‍යාභිසංඛාර ආනෙඤ්ජාභිසංස්කාරයන්ට හේතු වන්නේ කෙසේ ද? යන ප්රශ්නය මෙහි දී නැගිය හැකි ය.

ලෝකයෙහි හේතුව වනාහි සෑම කල්හි තමාට සමාන වූ තමාට අවිරුද්ධ වූ ඵලයක් ම උපදවන්නක් නො වේ. සමහර විට හේතුව තමාට සම වූ තමාට මිත්‍ර වූ ඵලයක් උපදවයි. සමහර විට තමාට නො සම වූ ද තමාට විරුද්ධ වූ ද ඵලයක් උපදවයි. දුර්වර්ණ වූ ද දුර්ගන්ධ වූ ද අපවිත්‍ර වූ ද මඩින්, වර්ණවත් වූ ද සුගන්ධවත් වූ ද පවිත්‍ර වූ ද පද්මය උපදවයි. දරයෙන් එයම නසන්නා වූ එයට පරම සතුරු වූ ගින්න උපදවයි. එහෙයින් අවිද්‍යාව නිසා එය හා නො සම වූ එයට විරුද්ධ වූ පුඤ්ඤාභිසංඛාරය හා ආනෙඤ්ජාභිසංඛාරය ඇති වේ ය යි කීමෙහි දෝෂයක් නැති බව දත යුතු ය.

මේ පටිච්චසමුප්පාදය අවිද්‍යාව මුල් කොට දේශනා කර තිබෙනුයේ ප්‍රකෘතිවාදීන් කියන ප්‍රකෘතිය මෙන් ද, දේවවාදීන් කියන මැවුම්කාර දෙවියා මෙන් ද, අවිද්‍යාව යම්කිසි හේතුවක් නැතිව ඉබේ ම හටගත් ධර්මයක් නිසා නො වේ. චක්‍රයක් සේ සෑදී තිබෙන ධර්ම සමූහයක් ගැන කියන කල්හි කොතැනකින් වුව ද පටන් ගෙන කිය හැකි ය. පටිච්චසමුප්පාදය ද චක්‍රයක් වී තිබෙන ධර්ම පරම්පරාවකි. එබැවින් එය කොතැනකින් වුව ද පටන් ගෙන නොකිය හැකි නොවේ. පටිච්චසමුප්පාද දේශනා ඇත්තේ ද එකක් ම නොවේ. තථාගතයන් වහන්සේ විසින් පටිච්චසමුප්පාදය දේශිත සූත්‍ර ධර්ම නිදානවග්ගසංයුත්තකයේම සිය ගණනෙකි. විභංග පාළියේ ද පටිච්චසමුප්පාද දේශනා බොහෝ ගණනෙකි. තවත් නොයෙක් තැන්වල නොයෙක් අයුරින් පටිච්චසමුප්පාදය දේශනා කර තිබේ. මෙහි දක්වන ලදුයේ විභංගප්රකරණයේ එන අවිද්යාමූලික ප්රතීත්යසමුත්පාදයකි.

ප්රතීත්යසමුත්පාදාංගයන් අතුරෙන් අවිද්‍යා - තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකි. ප්‍රධාන ධර්ම දෙකකි. සුරාපානයෙන් මත් වූ තැනැත්තා විසින් තමාට අහිත වූ දෑ කරන්නාක් මෙන් අවිද්‍යාවෙන් මූඪ වූ සත්ත්ව තෙමේ තමාට අහිත වන්නා වූ ප්‍රාණඝාතාදි පාපකර්මයන් කරන බැවින් අවිද්‍යාව දුර්ගතිගාමී කර්මයට විශේෂ හේතුවක් වේ. භවතෘෂ්ණාවෙන් මඩනා ලද සත්ත්ව තෙමේ මතු සුගතියෙහි ඉපදීමට පින් කරන බැවින් තෘෂ්ණාව සුගතිගාමී කර්මයට විශේෂයෙන් හේතුවෙයි. මෙසේ දුර්ගති - සුගතිගාමී කර්මයන්ට විශේෂයෙන් හේතු වන බැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකැ යි ද ප්‍රධාන ධර්ම දෙකකැ යි ද කියනු ලැබේ.

අවිද්‍යා - තෘෂ්නා දෙක මෙසේ මූල ධර්ම වශයෙන් හා ප්‍රධාන ධර්ම වශයෙන් සැලකිය යුතු බැවින් තථාගතයන් වහන්සේ සමහර තැනක දී අවිද්‍යාවෙන් පටන් ගෙන ද, සමහර තැනක දී තෘෂ්ණාවෙන් පටන් ගෙන ද, පටිච්චසමුප්පාදය දේශනා කළ සේක. එයින් අවිද්‍යාවේ හෝ තෘෂ්ණාවේ අහේතුක බවක් හෝ ලෝකයෙහි මුලින් ම ඇති වූ බවක් හෝ අදහස් කරනු නො ලැබේ. ඒවා සංස්කාරාදීන් මෙන් ම හේතුවෙන් හට ගන්නා ධර්මයෝ ය. මේ සංසාර චක්‍රය සිඳ දුකින් මිදී නිවනට පැමිණිමට කළ යුත්තේ ද අවිද්‍යා තෘෂ්ණා දෙක ප්රහාණය කිරීම ය. ඒ දෙක ප්රහාණය කළ කල්හි සංසාර චක්‍රය සිඳේ. එය ද ඒ දෙක මුල් කොට දේශනා කිරීමේ එක් කාරණයකි.

පටිච්චසමුප්පාද විවරණය නම් කෘතිය ඇසුරිනි ,,,,,,

[QUOTE="asliyanage, post: 30683795, member: 8764"] අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවන සැටි.🍁🪻🍁🪻🍁🪻🍁🪻🍁🪻🍁🪻🍁🪻🍁🪻🍁🪻🍁 සත්‍යය වසන්නා වූ ස්වභාවයෙන් අවිද්‍යාව අන්ධකාරයක් වැනි ය. කාරණය වරදවා දක්වන්නා වූ ස්වභාවයෙන් පාට කන්නාඩියක් වැනි ය. නිල් කන්නාඩියකින් ලෝකය බලන්නා හට හැම දෙයක් ම නිල් පැහැයට පෙනේ. එමෙන් අවිද්‍යාසහගත සිතින් තමාගේ පඤ්චස්කන්ධය හා බාහිර ලෝකයත් බලන්නා වූ හෙවත් සිතන්නා වූ තැනැත්තාට ඇති සැටියට නොව අවිද්යාපටලයේ සැටියට ඒවා අන් ආකාරයකට පෙනේ. දුඃඛ සත්‍යය වසන අවිද්‍යාවෙන් යුක්ත වූ සිතින් තමා ගේ හා අනුන් ගේ ස්කන්ධයන් බලන්නා වූ තැනැත්තා හට, ජාති ජරා ව්‍යාධි මරණාදි ගිනිවලින් වෙළී ඒ ගිනිදැල් මැද ගිනි පෙනෙල්ලක් සේ පවත්නා වූ, කිසිම හරයක් නැත්තා වූ, නිතර ම දුක් ගෙන දෙන්නා වූ පඤ්චස්කන්ධය, පරම සුන්දර දෙයක් ලෙස පෙනෙන්නේ ය. ලෝකයෙහි ඇති ඉතා ම උතුම් දෙය ඉතා ම වටිනා දෙය සැටියට පෙනෙන්නේ ය. එසේ පෙනීමෙන් ඔහුට ස්වකීය පඤ්චස්කන්ධය කෙරෙහි මහත් ඇල්මක් ඇති වේ. අන්‍ය ඇතැම් පුද්ගලයන්ගේ පඤ්චස්කන්ධයන් පිළිබඳව ද එයට දෙවැනි තරමේ හෝ ඒ තරමේ ම හේ ඇල්මක් ඇති වේ. සමුදය සත්‍ය වසන මෝහය අප්‍රහීණ බැවින් ඔහුට ඒ ඇල්ම දුක් ඇතිවීමේ හේතුව බව නො පෙනෙන්නේ ය. ඔහුට පෙනෙන්නේ ඒ ඇලම සැපයට හේතුවක් ලෙසය. ඒ ඇල්ම උතුම් කොට ගන්නා වූ තැනැත්තේ සමහරවිට එයින්, “මම දරුවන්ට ආලය ඇත්තා වූ නෑයන්ට - මිතුරන්ට - රටට - ජාතියට ආලය ඇත්තා වූ කෙනෙක් වෙමිය” යි තමා ගැන ආඩම්බර ද වෙයි. ආලයක් නැතියවුන් පහත් කොට ද සිතයි. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රතිච්ඡාදනය කරන අවිද්‍යාවෙන් වැසීම නිසා සත්ත්වයා හට ඒ දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයාගේ පැවැත්ම ම සුවයක් සැටියට පෙනේ. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය වසන අවිද්‍යාව නිසා සත්ත්වයා හට, ඒ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධය පවත්වා ගැනීම සඳහා ද, සුවපත් කරනු සඳහා ද, මතු මතු ද, පඤ්චස්කන්ධය ලැබීම සඳහා ද, කරන්නා වූ ක්‍රියා රාශිය, සැපය ඇතිකර ගැනීමේ මාර්ගය සැටියට පෙනෙන්නේ ය. අවිද්‍යාව නිසා සිදුවන මේ වැරදි හැඟීම් නිසා සත්ත්ව තෙමේ වර්තමාන ස්කන්ධ පඤ්චකය පෝෂණය කිරීම සඳහා ද ආරක්ෂා කිරීම සඳහා ද ක්‍රියා කරන්නට වන්නේය. ඒ ක්‍රියා අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාරයෝ ය. අවිද්‍යාවෙන් මුළා වූ සත්ත්ව තෙමේ තමාගේ පඤ්චස්කන්ධය පෝ්ෂණය කිරීම හා සුවපත් කරනු පිණිස ද, පුත්‍රදාරාදි අන්‍යයන් පෝෂණය කිරීම හා සැපවත් කරනු පිණිස ද, සමහර විට එළුවන්, කුකුළන්, මසුන් ආදි සතුන් මරයි. සමහර විට සොරකම් කරයි. අනුන් අයත් දෑ බලයෙන් ගනියි. වඤ්චා කොට ගනියි. සමහර විට පරදාර සේවනය කෙරෙයි. බොරු කියයි. සුරාපානය කරයි. කේලාම් කියා ඔවුනොවුන් බිඳවයි. අහිතයන්ට පරුෂ වචනයෙන් බණී. පලක් නැති කථා කරයි. අනුන් ගේ සම්පතට ආශා කරයි. මිථ්‍යාදෘෂ්ටි ගනී. මේ අවිද්‍යාව හේතු කොට වර්තමාන ස්කන්ධයන් සම්බන්ධයෙන් අපුඤ්ඤාභි සංඛාරය ඇති වන ආකාරය යි. සමහර විට සත්ත්ව තෙමේ මෙලොව යහපත සඳහා දෙවියන් සතුටු කිරීම පිණිස පින් කරයි. අන්‍යයන් සතුටු කිරීම පිණිස ද දානාදි පින්කම් කරයි. ග්රහදෝෂාදිය දුරුවන්නට සිතා පින්කම් කරයි. ප්‍රාණඝාතාදියෙන් වැළකෙයි. මෙත් වැඩීම් ආදි භාවනා කෙරෙයි. මේ වර්තමාන පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පුඤ්ඤාභිසංඛාරය ඇති වන ආකාරය යි. වඩාත් මුළාවට පැමිණි තැනැත්තේ අනාගතයෙහි පොහොසතකු වීමේ සිටුවරයකු වීමේ රජකු වීමේ දෙවියකු වීමේ බ්‍රහ්මයකු වීමේ බලාපොරොත්තුවෙන් සමහර විට සතුන් මරා දෙවියන් පුදයි. බොහෝ සතුන් මරා මහා යාග පවත්වයි. ගෝශීල ගෝව්‍රත කුක්කරශීල කුක්කරව්රතාදි මිථ්‍යා ශීල ව්‍රතයන් පුරයි. මේ අනාගතස්කන්ධ සම්බන්ධයෙන් අපුඤ්ඤාභිසංඛාරය ඇති වන ආකාරය යි. සද්ධර්ම ශ්‍රවණ සත්පුරුෂ සේවනාදියෙන් දානාදි පින්කම් කොට මතු දෙවි මිනිස් සැප ලැබිය හැකි බව දත් තැනැත්තෝ දෙවි මිනිස් සැප සඳහා දන් දෙති. ප්‍රාණඝාතාදි පාපයෙන් වළකිති. මාපියාදීන්ට සත්කාර කරති. මෛත්‍රී ආදි භාවනා කරති. රූපාරූප බ්‍රහ්ම සම්පත්තිය ගැන ඇසුවෝ ධ්‍යාන භාවනා කරති. මේ අනාගත ස්කන්ධයන් සම්බන්ධයෙන් අවිද්‍යාව නිසා පුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර දෙක ඇති වන ආකාරය යි. අවිද්‍යාව හේතු කොට සංස්කාර හටගැනේය යි කීමෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ම මිස අනිකකට හේතු නො වන්නේය යි ද, සංස්කාරය ඇතිවන්නේ අවිද්‍යාව නමැති එක ම හේතුවෙනැයි ද නො ගත යුතු ය. සංස්කාරයන් ගෙන් අන්‍ය වූ තවත් බොහෝ ඵල අවිද්‍යාවෙන් ඇති කරනු ලැබේ. සංස්කාරයන් ඇතිවීමට ද අවිද්‍යාවෙන් අන්‍ය බොහෝ හේතු ද ඇත්තේ ය. සංස්කාරාදි ඵල ධර්මයන් ඇතිවීමට තිබිය යුතු සියලු ම හේතු දක්වා පටිච්චසමුප්පාදය දේශනා කළ හොත් එය ඉතා දීර්ඝ වූ ද හුණපඳුරක් සේ අතිශයින් අවුල් වූ ද, ලෙහෙසියෙන් තේරුම් ගත නො හෙන්නා වූ දේශනයක් වන්නේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් ප්‍රධාන වූ ද, ප්‍රකට වූ ද, එක් එක් හේතුව බැගින් ගෙන පටිච්චසමුප්පාදය දේශනා කරන ලදී. පිසන තැනැත්තාය - ලිපය - දරය - ගිනිය - සැළියය යන මේවා බත ඇති වීමේ හේතු ය. පිසන තැනැත්තකු ඇත ද ලිපක් ඇත ද දර ඇත ද ගිනි ඇත ද සැළිය ඇත ද ගොවියා ගොවිකම් කොට සහල් නො නිපදවන ලද නම්, පිසන තැනැත්තා ආදි හේතූන්ට බත ඇති කළ හැකි නො වේ. එබැවින් ගොවියා ගේ ගොවිකම් කිරීම බත ඇතිවීමේ ප්‍රධාන හේතුව බව කිය යුතු ය. එමෙන් සත්පුරුෂ සේවන - අසත්පුරුෂ සේවන - සද්ධර්ම ශ්‍රවණ - අසද්ධර්ම ශ්‍රවණ - යෝනිසෝමනස්කාර - අයෝනිසෝමනස්කාර - වස්තු - ආරම්මණාදි බොහෝ සංස්කාර හේතූන් ඇත ද, අවිද්‍යාව ප්‍රහීණ නම් ඒ හේතූහු සංස්කාරයන් ඉපදවීමට සමත් නො වෙති. තිබිය යුතු අන්‍ය හේතූන් ගෙන් සමහරක් අඩු වුව ද අවිද්‍යාව ඇතහොත් සංස්කාරය ද ඇති වන්නේ ය. එබැවින් අවිද්‍යාව සංස්කාරයන්ගේ ප්‍රධාන හේතුව ද වේ. ප්‍රකට හේතුව ද වේ. විඤ්ඤාණාදීන්ගේ හේතුඵල තත්ත්වය ද මෙසේ ම සලකා ගත යුතුය. මෙසේ ප්‍රධාන වූ ද ප්‍රකට වූ ද හේතූන් පමණක් ගෙන දේශනා කරන කල්හි පටිච්චසමුප්පාදය සංක්ෂේප වූ ද නිරවුල් වූ ද ශ්‍රාවකයන්ට පහසුවෙන් තේරුම් ගත හැකි වූ ද දැරියහැකි වූ ද දේශනයක් වන්නේ ය. අවිද්‍යාව අකුශලයකි. ඒකාන්තයෙන් අනිෂ්ට ඵලයක් ඇති කරන්නකි. කුශලයට විරුද්ධ වූවකි. කුශලයට විරුද්ධ වූ අවිද්‍යාව තමාට සමාන වූ අකුශලයකට මිස තමා හා විරුද්ධ වූ පුණ්‍යාභිසංඛාර ආනෙඤ්ජාභිසංස්කාරයන්ට හේතු වන්නේ කෙසේ ද? යන ප්රශ්නය මෙහි දී නැගිය හැකි ය. ලෝකයෙහි හේතුව වනාහි සෑම කල්හි තමාට සමාන වූ තමාට අවිරුද්ධ වූ ඵලයක් ම උපදවන්නක් නො වේ. සමහර විට හේතුව තමාට සම වූ තමාට මිත්‍ර වූ ඵලයක් උපදවයි. සමහර විට තමාට නො සම වූ ද තමාට විරුද්ධ වූ ද ඵලයක් උපදවයි. දුර්වර්ණ වූ ද දුර්ගන්ධ වූ ද අපවිත්‍ර වූ ද මඩින්, වර්ණවත් වූ ද සුගන්ධවත් වූ ද පවිත්‍ර වූ ද පද්මය උපදවයි. දරයෙන් එයම නසන්නා වූ එයට පරම සතුරු වූ ගින්න උපදවයි. එහෙයින් අවිද්‍යාව නිසා එය හා නො සම වූ එයට විරුද්ධ වූ පුඤ්ඤාභිසංඛාරය හා ආනෙඤ්ජාභිසංඛාරය ඇති වේ ය යි කීමෙහි දෝෂයක් නැති බව දත යුතු ය. මේ පටිච්චසමුප්පාදය අවිද්‍යාව මුල් කොට දේශනා කර තිබෙනුයේ ප්‍රකෘතිවාදීන් කියන ප්‍රකෘතිය මෙන් ද, දේවවාදීන් කියන මැවුම්කාර දෙවියා මෙන් ද, අවිද්‍යාව යම්කිසි හේතුවක් නැතිව ඉබේ ම හටගත් ධර්මයක් නිසා නො වේ. චක්‍රයක් සේ සෑදී තිබෙන ධර්ම සමූහයක් ගැන කියන කල්හි කොතැනකින් වුව ද පටන් ගෙන කිය හැකි ය. පටිච්චසමුප්පාදය ද චක්‍රයක් වී තිබෙන ධර්ම පරම්පරාවකි. එබැවින් එය කොතැනකින් වුව ද පටන් ගෙන නොකිය හැකි නොවේ. පටිච්චසමුප්පාද දේශනා ඇත්තේ ද එකක් ම නොවේ. තථාගතයන් වහන්සේ විසින් පටිච්චසමුප්පාදය දේශිත සූත්‍ර ධර්ම නිදානවග්ගසංයුත්තකයේම සිය ගණනෙකි. විභංග පාළියේ ද පටිච්චසමුප්පාද දේශනා බොහෝ ගණනෙකි. තවත් නොයෙක් තැන්වල නොයෙක් අයුරින් පටිච්චසමුප්පාදය දේශනා කර තිබේ. මෙහි දක්වන ලදුයේ විභංගප්රකරණයේ එන අවිද්යාමූලික ප්රතීත්යසමුත්පාදයකි. ප්රතීත්යසමුත්පාදාංගයන් අතුරෙන් අවිද්‍යා - තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකි. ප්‍රධාන ධර්ම දෙකකි. සුරාපානයෙන් මත් වූ තැනැත්තා විසින් තමාට අහිත වූ දෑ කරන්නාක් මෙන් අවිද්‍යාවෙන් මූඪ වූ සත්ත්ව තෙමේ තමාට අහිත වන්නා වූ ප්‍රාණඝාතාදි පාපකර්මයන් කරන බැවින් අවිද්‍යාව දුර්ගතිගාමී කර්මයට විශේෂ හේතුවක් වේ. භවතෘෂ්ණාවෙන් මඩනා ලද සත්ත්ව තෙමේ මතු සුගතියෙහි ඉපදීමට පින් කරන බැවින් තෘෂ්ණාව සුගතිගාමී කර්මයට විශේෂයෙන් හේතුවෙයි. මෙසේ දුර්ගති - සුගතිගාමී කර්මයන්ට විශේෂයෙන් හේතු වන බැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකැ යි ද ප්‍රධාන ධර්ම දෙකකැ යි ද කියනු ලැබේ. අවිද්‍යා - තෘෂ්නා දෙක මෙසේ මූල ධර්ම වශයෙන් හා ප්‍රධාන ධර්ම වශයෙන් සැලකිය යුතු බැවින් තථාගතයන් වහන්සේ සමහර තැනක දී අවිද්‍යාවෙන් පටන් ගෙන ද, සමහර තැනක දී තෘෂ්ණාවෙන් පටන් ගෙන ද, පටිච්චසමුප්පාදය දේශනා කළ සේක. එයින් අවිද්‍යාවේ හෝ තෘෂ්ණාවේ අහේතුක බවක් හෝ ලෝකයෙහි මුලින් ම ඇති වූ බවක් හෝ අදහස් කරනු නො ලැබේ. ඒවා සංස්කාරාදීන් මෙන් ම හේතුවෙන් හට ගන්නා ධර්මයෝ ය. මේ සංසාර චක්‍රය සිඳ දුකින් මිදී නිවනට පැමිණිමට කළ යුත්තේ ද අවිද්‍යා තෘෂ්ණා දෙක ප්රහාණය කිරීම ය. ඒ දෙක ප්රහාණය කළ කල්හි සංසාර චක්‍රය සිඳේ. එය ද ඒ දෙක මුල් කොට දේශනා කිරීමේ එක් කාරණයකි. පටිච්චසමුප්පාද විවරණය නම් කෘතිය ඇසුරිනි ,,,,,, . . . . . [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom