අවුරුදු 550කටත් වැඩි රාහුල හිමිගේ දේහය

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අවුරුදු 550කටත් වැඩි රාහුල හිමිගේ දේහය

    මේ පංචිකා ප්‍රදීපය නම් ග්‍රන්ථය කියන කථාවයි.

    ක්‍රිස්තු වර්ෂ 1412-1467දී පරාක්‍රම බාහු රජු විසින් පින්වත් කුමරුවකු පුත් තනතුරේ තබා ඇති දැඩි කරන ලදී.මෙම කුඩා කුමරුවා විසින් රජු බැහැදුටු පළමු දිනේම මෙම කව කියන ලදී..

    මා වැනි බිළින්දා..
    වර වර ලගට කැන්දා..
    දුක් සැප කුමන්දා..
    අසන නිරිඳෝ වෙන කොයින්දා..


    තොටගමුවේ රාහුල හිමියන් ගැන ප්‍රසිද්ධ කථා අතර එක් අප්‍රසිද්ධ කතාවකුත් තියනවා.මේ කථාව මට එන්නේ අපේ පරම්පරාවෙන්.අපේ පරම්පරාව තොටගමුවේ රාහුල හිමියන්ගේ කාලයෙන් හරියටම බාගයක් පැරණියි.ඒ කියන්නෙ අවුරුදු 300ක්.උන්වහන්සේගේ කාලය අවුරුදු 600ක්

    ගුරුකම් පරපුරක වත්මන් පුරුක මම.මමත් දකුණේ.අපට තොටගමුව අතපොවන මානයේ.අපේ පරම්පරාවත් ඔය යන්ත්‍ර,මන්ත්‍ර,තෙල් බෙහෙත් ශ්‍රස්ත්‍රයට සම්බන්ධයි.අපි ඒවා ඉගනගත්තු අය.අපි පාවිච්චිකලේ අපේ මුතුන් මිත්තන්ගෙ පොත්.මුතුන් මිත්තො පාවිච්චි කළේ ඒ කාලේ හිටිය වෙන අයගෙ පොත්.

    මේ පොත් බොහොමයක් ලිව්වේ රාහුල හාමුදුරුවොයි.උන්වහන්සේගෙ ගුරු විදාගම මෛත්‍රී හාමුදුරුවොයි.ඒ කාලේ පුස්කොල පොත්වලින් කොපි කරගත්තු ඒවා තමයි අදටත් අපි පාවිච්චි කරන්නෙ.

    පාරම්පරික ගුරුන්නාන්සේ දයා ගුණසේන තොරතුරු හෙළිදරව් කරමින් සිටියි

    තොටගමුවේ රාහුල හාමුදුරුවො ගැන ප්‍රසිද්ධ කතා අතර එක් අප්‍රසිද්ධ කතාවක් තියනවා.අපි ඉස්සරලම බලමු අර ප්‍රසිද්ධ කතාව.

    විදාගම මෛත්‍රී හාමුදුරුවෝ හින්දා තෙලක්.ඒ සරස්වතී තෛලය.මේ තෛලය ගුරු හාමුදුරුවො දිව ගෑවෙ අශ්ව ලෝමයෙන්.ඒකත් ගසලා.මේ තෙල පානය කරපු රාහුල හාමුදුරුවෝ සිහි නැති වුනා.ඊට පස්සෙ ගුරු හාමුදුරුවෝ ඇවිල්ලා බෙහෙත් ඔරුවක දාලා සනීප කලා.අද ගෝවේ තියන දේහය දිරන් නැත්තෙ ඒ තෙලේ බලය හින්දා.තාමත් ඒ දේහයේ නියපොතු,කෙස් වැවෙනවා.

    මේක තමයි ජනප්‍රවාදයේ එන කතාව.ඒ වුනාට මම දැන් කියන්න යන්නෙ ජනප්‍රවාදයේ එච්චර අහන්න නැති හැංගිච්ච කතාවක්.

    රාහුල හාමුදුරුවන්ගේ දේහය නොදිරන්නෙ සරස්වතී තෛලය ගොඩක් බීපු නිසා නෙවෙයි.ඒ සිද්ධාලෝක රසය කියන බලවත් තෙල බීපු නිසා.උන්වහන්සේ මේක කලේ ජීවිතේ අන්තිම කාලේ.මේවට අපි කියන්නෙ පුරාණ රහස් තෙල් බෙහෙත් වට්ටෝරු.ඒ කාලේ මේවා ලිවේ පුස්කොල පොත්වල.පස්සෙ ඒවා බලාගෙන අපේ අය ලිව්වා.අද අපි පාවිච්චි කරන්නේ ඒ ලියපු වට්ටෝරු.

    මේ වට්ටෝරුවල ඉතිහාසය ගැන බලපුවාම රාහුල,විදාගම කියන හාමුදුරුවන් ලියපු වට්ටෝරුවලට සමාන කමක් තියනවා

    මට අවුරුදු 300ක් පැරණි අපේ පරම්පරාවෙන් ලැබිලා තියනවා සරස්වතී තෛල වර්ග 6ක් ගැන.මේ තෙල් වර්ග සියල්ලම ගුනදායකයි.හැබැයි එක ප්‍රශ්නයක් තියනවා.මේ තෙල් අතුරින් රාහුල හිමියන් පාවිච්චි කරපු තෙල් වර්ගය ගැන සටහන් කරලා නෑ.ඒ වුනාට ඒක සරස්වතී තෙල් වර්ගයක්.යටින් ලියලා තියනවා මේ විදිහට.

    තෛලය වැළදීම
    අශ්ව ලෝමයක් ගනු.මෙම අශ්ව ලෝමය රජකුට අයත් අශ්වයකුගේ ලෝමයක් වීම මැනවි.එය තෙලේ ලනු.ගසනු,දිවේ ගානු.උදය වරුවේ කිරීම යහපති.

    තෛලයේ ශේෂ්ඨ ගුණ

    තෛලය එසේ සත් දිනක් දිව ගෑමෙන් පණ්ඩිත වේ.දාහතර දිනක් දිව ගෑමේන් කටහඬ කිදුරුනාද වේ.මසක් වැළැදීමෙන් මයුරන්ට මෙන් ඇස් පෙනේ.දෙමසක් වැළැදීමෙන් බ්‍රහස්පති හා සමාන වේ:shocked:.තුන් මසක් වැළැදීමෙන් සරස්වතිය හා සමාන වේ.:oo:මෙය සරස්වතී තෛලයයි.තෛලය සිඳුවා සරස්වතී දිෂ්ටියෙන් ජපකර ගැනීම මැනවි.ඉන්පසු සරස්වතී දැහැනෙන් ජපකිරීම යෙහෙකි.

    21210.jpg

     
    • Like
    Reactions: prageeth119lk

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15726043 said:
    Marketing :lol:

    මම නම් කියෙවුවෙ නැහැ ත්‍රෙඩ් එකට ආපු කමට බම්ප් එකක් දුන්නා:dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මව්බිම = බින්න ඇද බෑමේ ප්‍රමුකයා

    තෛලය එසේ සත් දිනක් දිව ගෑමෙන් පණ්ඩිත වේ.දාහතර දිනක් දිව ගෑමේන් කටහඬ කිදුරුනාද වේ.මසක් වැළැදීමෙන් මයුරන්ට මෙන් ඇස් පෙනේ.දෙමසක් වැළැදීමෙන් බ්‍රහස්පති හා සමාන වේ.තුන් මසක් වැළැදීමෙන් සරස්වතිය හා සමාන වේ.
    :lol::lol:
    පිස්සු හැදෙනවා බන්.:baffled:බලාගෙන හිටියා වගේ ලියලා.:shocked: