Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු_දිවා_කෑම_මේසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු_දිවා_කෑම_මේසය

අලූත් අවුරුදු දිවා කෑම මේසය

මේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයයි. අලුත් අවුරුද්දට නෑදෑ හිතමිතුරන් සඳහා දිවා භෝජනය සකස් කරන්නට ඔබට සිදුවනු ඇත. අද අපි මෙවැනි භෝජන සංග්‍රහයකට සූදානම් කළ හැකි බත් සහ ව්‍යංජන වර්ග ඉදිරිපත් කරමු.

හත්මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය :

කජු (අමුකජු) ග්‍රෑම් 100

තිබ්බටු හෝ වම්බටු ග්‍රෑම් 100

කොස්ඇට ග්‍රෑම් 100

මෑ කරල් ග්‍රෑම් 100

රතු තම්පලා ග්‍රෑම් 100

වට්ටක්කා හෝ වට්ටක්කා

කරටි ග්‍රෑම් 100

අළුකෙසෙල් හෝ උයන කෙසෙල් වර්ගයකින් ග්‍රෑම් 100

රතුලූනු ග්‍රෑම් 50

අමුමිරිස් කරල් 4යි

සුදුලූනු බික් 4යි

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

උළුහාල් තේ හැඳි 1/2

තුනපහ කුඩු තේ හැඳි 2

මිරිස් කුඩු තේ හැඳි 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

කහ කුඩු ස්වල්පයක්

ලුණු රසට අනුව

සියඹලා බොර ටිකක්

මිටිකිරි අඬු කෝප්ප 2

දියකිරි අඬු කෝප්ප 4

සාදන ආකාරය :

කජු ටික හොඳින් කිරි යන ලෙස සෝදන්න. (වියළි කජු භාවිතා කරන්නේ නම් හොඳින් සෝදා පෙඟෙන්නට තබන්න)

කොස්ඇට ටික තලා පොතු හැර ගන්න. වම්බටු, මෑ කරල්, වට්ටක්කා, තම්පලා, අළුකෙසෙල් කුඩාවට කපා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එයට දියකිරි දමා රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, සිහින්ව කපා දමන්න. එයටම අනෙකුත් සියලුම පහේ වර්ග ද එකතු කරන්න. දැන් කජු සහ කොස්ඇට එකතු කර තැම්බෙන්නට හරින්න. ඒවා තැම්බි ගෙන එද්දී තිබ්බටු හෝ වම්බටු, මෑ කරල්, වට්ටක්කා, අළුකෙසෙල් ආදිය එකතු කරන්න. ඒවා ද තැම්බිගෙන එද්දී තම්පලා සහ වට්ටක්කා කරටි ටික සමග මිටිකිරි එකතු කර ටික වේලාවක් තැම්බෙන්නට හරින්න. ඉන්පසු තිබ්බටු, කොස්ඇට ආදිය හොඳින් පොඩි වන ලෙස හැඳි ගා ගන්න.

අවශ්‍ය නම් මෙයට අබ ඇට ටිකක් පුපුරවා තෙම්පරාදුවක් ද කරගත හැකිය. එසේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට හත් මාළුව සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයන්ගේ වෙනස්කම් දැකිය හැකිය. සමහර ප්‍රදේශවල මෙයට කරවල, කරවල කටු ආදිය ද එකතු කරනු ලැබේ. එබැවින් අල වර්ගයක්, දළු වර්ගයක්, කොළ එළවළුවක්, කොස්ඇට, කජු ආදිය එක් කරගෙන හත්මාලුව සකසා ගත හැකිය. මෙය පෝෂණයෙන් ඉතා ඉහළ ව්‍යංජනයකි.

මාළු අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය :

තලපත් මාළු ග්‍රෑම් 250

හතරට පලාගත් අමුමිරිස්

කරල් 4

විනාකිරෙන් අඹරාගත් අබ තේ හැඳි 2

සුදුලූනු (අඹරාගත්) තේ හැඳි 1

ඉඟුරු (අඹරාගත්) තේ හැඳි 1

සුද්දකරගත් රතුලූනු ගෙඩි ග්‍රෑම් 100

විනාකිරි අඬු කෝප්ප 1/2

මිරිස් කුඩු තේ හැඳි 1

කහකුඩු තේ හැඳි 1/4

ලුණු රසට අනුව

තෙල්

සීනි තේ හැඳි 1

සාදන ආකාරය :

මාළුවල කටු ඉවත් කර හොඳින් සෝදා කුඩා කැබැලිවලට කපා ගන්න. දැන් එයට කහ, ලුණු අත ගා සීසන් වන්නට පැය 1/2ක් පමණ තබන්න. පසුව රත් වූ ගැඹුරු තෙලේ දමා රන්වන් පාට වනතුරු බැද ගන්න.

දැන් වෙනත් භාජනයක් ළිප තබා තෙල් ටිකක් දමා රත් කරන්න. රත් වී ගෙන එන විට අඹරාගත් ඉඟුරු, සුදුලූනු දමා බැදෙන්නට හරින්න. දැන් රතුලූනු ගෙඩි සහ අමුමිරිස් ද,

මිරිස් කුඩු, කහ කුඩු, අබ ද ලුණු ද එකතු කරන්න. තෙම්පරාදු වී ගෙන එන විට විනාකිරි, සීනි එකතු කරන්න. හොඳින් නටා ගෙන එන විට බැදගත් මාළු කැබැලි දමා විනාඩි 5ක් පමණ කලවම් කරන්න. බිමට බා නිවෙන්නට හැර වියළි මැටි මුට්ටියක දමා රෙදි කඩකින් වසා ගැට ගසා දිනක් පමණ තබා කෑමට ගන්න.

දුන්තෙල් බත

අවශ්‍ය ද්‍රව්‍ය :

සූදුරු සම්බා කිලෝ ග්‍රෑම් 1

ලොකු ලූනු ගෙඩි 3යි

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

කජු ග්‍රෑම් 50

වියළි මිදි ග්‍රෑම් 50

කරදමුංගු කරල් 3යි

කරාබු නැටි 4යි

කුරුඳු පොතු කැබැල්ලක්

මිටිකිරි අඬු කෝප්ප 1

දුන්තෙල් අඬු කෝප්ප 1/4

ලුණු රසට අනුව

තෙල්

සාදන ආකාරය :

හාල් ගරා සෝදා දිය බේරෙන්නට තබන්න. ලූනුවලින් අඩක් පෙති කපා ගන්න. ඉතිරිය සිහින්ව ලියා ගන්න. දැන් සිහින්ව ලියාගත් ලූනු සහ කුඩාවට කැපූ කජු ගැඹුරු තෙලේ දමා රන්වන් පාටට බැදගන්න. එය පසෙකින් තබන්න.

දැන් බත පිසීමට සුදුසු භාජනයක් ගෙන එයට දුන්තෙල් ටික දමා රත් කරන්න. රත්වන විට රම්පේ, කරපිංචා, තලාගත් කුරුඳු, කරාබු නැටි, කරදමුංගු එකතු කරන්න. දැන් ලූනු පෙති ටික දමන්න. හොඳින් තෙම්පරාදු වන විට සහල් ටික ද දමා විනාඩි 5ක් පමණ හැඳිගාමින් තෙම්පරාදු කරගන්න. දැන් අවශ්‍ය තරමට වඩා ටිකක් අඩුවෙන් වතුර තබා ලුණු ද එකතු කර හොඳින් කලවම් කර බත ඉදෙන්නට හරින්න. බත ඉදීගෙන එන විට මිටිකිරි කෝප්පය දමා කලවම් කර මදගින්දරේ මෘදු වන තුරු බත පිස ගන්න. බත ඉදුනු පසු තරමක් ලොකු බඳුනකට දමා බැදගත් ලූනු, කජු සහ වියළි මිදි කලවම් කර ගන්න.

මාළු කළු කජු ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය :

තලපත් ග්‍රෑම් 500

කබලේ බැදගත් කජු ග්‍රෑම් 100

අඹරාගත් ගොරකා ග්‍රෑම් 50

ගම්මිරිස් මේස හැඳි 1

අමුමිරිස් කරල් 4යි

රතුලූනු ග්‍රෑම් 50

අඹරාගත් ඉඟුරු තේ හැඳි 1/2

අඹරාගත් සුදුලූනු තේ හැඳි 1/2

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

ලුණු රසට අනුව

වතුර අඬු කෝප්ප 1/2

සාදන ආකාරය :

කජු ටික ගලේ අඹරා ගන්න. මාළු පිරිසිදු කර තරමක කැබැලි කපා ගන්න. රම්පේ, කරපිංචා කුඩාවට කපන්න. අමුමිරිස් හතරට පලන්න. රතූලුනු ගෙඩි පිටින්ම සුද්දකර ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එයට අඹරාගත් ගොරකා, කජු, රම්පේ, කරපිංචා, අමුමිරිස් කැබැලි, රතුලූනු, ගම්ම්රිස්, ලුණු, ඉඟුරු, සුදුලූනු සහ වතුර දමා බොරයක් සාදා ගන්න. දැන් මාළු කැබැලි මෙම බොරයේ බස්වා හොඳින් බොරය තවරා වෙනත් මැටි හට්ටියක ප්‍රවේශමෙන් අඩුක් කර ගන්න. දැන් ඉතිරි වන ඉස්ම ටික උඩින් වත් කරන්න. ළිප තබා මද ගින්දරේ තම්බා ගන්න.

උපදෙස් : ප්‍රවීණ සූපවේදී සුජිත් ආරියරත්න

සටහන : නිර්මලා කුමාරි සේනාරත්න

අල මිශ්‍ර වම්බටු කරිය

අවශ්‍ය ද්‍රව්‍ය:-

වම්බටු ග්‍රෑම් 500

අල ග්‍රෑම් 500

ලූනු ග්‍රෑම් 100

කරපිංචා ඉත්තක්

සුදුලූනු මේස හැඳි ½

විනාකිරි තේ හැඳි 02

කුරුඳු පොතු කැබැල්ලක්

අබ මේස හැඳි 01

අමු තුනපහ මේස හැඳි ½

මිරිස් කුඩු මේස හැඳි ½

කහ තේ හැඳි ½

පොල් කිරි කෝප්ප 02

තෙල්

රස පදමට ලුණු

පිළියෙළ කිරීම:-

වම්බටු සහ අල කොටු කපා කහ සහ ලුණු අත ගා වෙන වෙනම බැද ගන්න. රම්පේ, අමුමිරිස් සහ කරපිංචා ගැඹුරු තෙලේ බඳින්න.

භාජනයක් ළිප තබා පොල් කිරි දමා රත් වූ පසු එයට අඹරාගත් අබ, කුරුඳු පොතු, සුදු ලූනු, තුනපහ, මිරිස් හා බැදගත් සියල්ලද දමා උතුරන විට බැදගත් අල සහ වම්බටු එක්කරගන්න. රස පදමට ලුණු දමා ඉස්ම අඩු වීගෙන එන විට ළිපෙන් ඉවතට ගන්න.

කුකුල් මස් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය :-

කුකුල් මස් කිලෝ 01

කොත්තමල්ලි කුඩු මේස හැඳි 1½

කජු ග්‍රෑම් 30

මිරිස් කරල් 03

කරපිංචා ඉත්තක්

මිරිස් කුඩු මේස හැඳි 1½

කරදමුංගු කරල් 03-04

සුදු කැකුලු හාල් මේස හැඳි ½

පොල් මේස හැඳි 01

සුදුලූනු බික් 02

සූදුරු, මාදුරු තේ හැඳි 02 බැගින්

රම්පේ

තෙල් හෝ බටර් ඔයිල්

කුඩා ඉඟුරු කැබැල්ලක්

මීකිරි මේස හැඳි 03

තක්කාලි ගෙඩි 02

කුඩා සේර කැබැල්ලක්

ලුණු

ලූනු ග්‍රෑම් 50

පිළියෙළ කිරීම:-

කුකුල් මස් සෝදා පිරිසිදු කර කැබලි කපා ගන්න. ලූනු, මිරිස් සිහින්ව ලියාගන්න.

දැන් පොල්, හාල්, සූදුරු, මාදුරු කබලේ දමා බැද ගන්න. කජු ද රන්වන් පැහැ වනතුරු බැද අඹරා ගන්න. දැන් අඹරාගත් සියල්ල හා අනෙක් තුනපහ මස් කැබලිවල දවටා පැය බාගයක් පමණ සීසන් කර ගන්න.

ඒ අතරතුර වෙනත් භාජනයක් ළිප තබා තෙල් හෝ බටර් ඔයිල් රත්කර ඉඟුරු, රම්පේ, කරපිංචා, සේර, ලූනු, මිරිස්, කරදමුංගු, කරාබු නැටි දමා බැද ගන්න. හොඳින් බැදුනු පසු සීසන් කරගත් මස් එක් කරන්න. මස්, තෙලෙන් තැම්බිගෙන එන විට මීකිරි, තක්කාලි සහ බැදගත් කජු එක්කරන්න. රස අනුව ලුණු දමන්න. ඉස්ම හිඳුණු පසු ළිපෙන් ගන්න.

විශේෂ බතක්

අවශ්‍ය ද්‍රව්‍ය:-

සුදු සම්බා කිලෝ 01

පොල්කිරි කෝප්ප 03

මස් තැම්බූ වතුර පයින්ට් 03

බටර් ග්‍රෑම් 100

සුදුලූනු බික් 04

ලූනු ග්‍රෑම් 150

කරදමුංගු, කරාබු නැටි

ලුණු

ප්ලම්ස් ග්‍රෑම් 50

කජු ග්‍රෑම් 50

කැරට් ග්‍රෑම් 100

කහ ස්වල්පයක්

බටර් ඔයිල්

පිළියෙළ කිරීම:-

බටර් ඔයිල් රත්කර එයට කපාගත් ලූනු, සුදුලූනු හා කරදමුංගු, කරාබු නැටි දමා බැදගන්න. ඉන්පසු සෝදාගත් හාල් දමා මස් තැම්බූ වතුරින් බත පිස ගන්න. පොල්කිරිවලට කහ දියකර එක්කරන්න. අවශ්‍ය පමණට ලුණු දමන්න. පසුව ප්ලම්ස්, කජු හා කැරට්, බටර් ඔයිල්වල වෙන වෙනම බැද බතට මිශ්‍ර කරන්න.

ඉස්සෝ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:-

ඉස්සෝ ග්‍රෑම් 500

අමුමිරිස් ග්‍රෑම් 100

වියළි මිරිස් කරල් කිහිපයක්

ඉඟුරු කැබැල්ලක්

සියඹලා ඉස්ම මේස හැඳි 01

විනාකිරි කෝප්ප ¼

කහ, ලුණු

තෙල්

ලූනු ග්‍රෑම් 100

පිළියෙළ කිරීම:-

ඉස්සෝ පිරිසිදු කර කහ සහ ලුණු අත ගා ගැඹුරු තෙලේ බදින්න. රතුලූනු, අමුමිරිස් ලියා ගන්න. සුදුලූනු සහ ඉඟුරු, විනාකිරි ස්වල්පයකින් අඹරා රත්වූ තෙලට දමන්න.

ඉන්පසු වියළි මිරිස් කැබලි කපා දමන්න. ඉස්සෝ මිශ්‍ර කරන්න.

මෙයට සියඹලා ඉතිරි විනාකිරි ඉස්ම, ලුණු සහ ලූනු, මිරිස් දමා කලවම් කරන්න.

[QUOTE="Anti BBS, post: 18182434, member: 525431"] [b]අවුරුදු_දිවා_කෑම_මේසය[/b] [B] [SIZE=6]අලූත් අවුරුදු දිවා කෑම මේසය[/SIZE] [/B] [SIZE=4]මේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයයි. අලුත් අවුරුද්දට නෑදෑ හිතමිතුරන් සඳහා දිවා භෝජනය සකස් කරන්නට ඔබට සිදුවනු ඇත. අද අපි මෙවැනි භෝජන සංග්‍රහයකට සූදානම් කළ හැකි බත් සහ ව්‍යංජන වර්ග ඉදිරිපත් කරමු.[/SIZE] [SIZE=5][B]හත්මාලුව[/B][/SIZE] [SIZE=4]අවශ්‍ය ද්‍රව්‍ය : කජු (අමුකජු) ග්‍රෑම් 100 තිබ්බටු හෝ වම්බටු ග්‍රෑම් 100 කොස්ඇට ග්‍රෑම් 100 මෑ කරල් ග්‍රෑම් 100 රතු තම්පලා ග්‍රෑම් 100 වට්ටක්කා හෝ වට්ටක්කා කරටි ග්‍රෑම් 100 අළුකෙසෙල් හෝ උයන කෙසෙල් වර්ගයකින් ග්‍රෑම් 100 රතුලූනු ග්‍රෑම් 50 අමුමිරිස් කරල් 4යි සුදුලූනු බික් 4යි රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් උළුහාල් තේ හැඳි 1/2 තුනපහ කුඩු තේ හැඳි 2 මිරිස් කුඩු තේ හැඳි 1 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 කහ කුඩු ස්වල්පයක් ලුණු රසට අනුව සියඹලා බොර ටිකක් මිටිකිරි අඬු කෝප්ප 2 දියකිරි අඬු කෝප්ප 4 සාදන ආකාරය : කජු ටික හොඳින් කිරි යන ලෙස සෝදන්න. (වියළි කජු භාවිතා කරන්නේ නම් හොඳින් සෝදා පෙඟෙන්නට තබන්න) කොස්ඇට ටික තලා පොතු හැර ගන්න. වම්බටු, මෑ කරල්, වට්ටක්කා, තම්පලා, අළුකෙසෙල් කුඩාවට කපා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එයට දියකිරි දමා රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, සිහින්ව කපා දමන්න. එයටම අනෙකුත් සියලුම පහේ වර්ග ද එකතු කරන්න. දැන් කජු සහ කොස්ඇට එකතු කර තැම්බෙන්නට හරින්න. ඒවා තැම්බි ගෙන එද්දී තිබ්බටු හෝ වම්බටු, මෑ කරල්, වට්ටක්කා, අළුකෙසෙල් ආදිය එකතු කරන්න. ඒවා ද තැම්බිගෙන එද්දී තම්පලා සහ වට්ටක්කා කරටි ටික සමග මිටිකිරි එකතු කර ටික වේලාවක් තැම්බෙන්නට හරින්න. ඉන්පසු තිබ්බටු, කොස්ඇට ආදිය හොඳින් පොඩි වන ලෙස හැඳි ගා ගන්න. අවශ්‍ය නම් මෙයට අබ ඇට ටිකක් පුපුරවා තෙම්පරාදුවක් ද කරගත හැකිය. එසේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට හත් මාළුව සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයන්ගේ වෙනස්කම් දැකිය හැකිය. සමහර ප්‍රදේශවල මෙයට කරවල, කරවල කටු ආදිය ද එකතු කරනු ලැබේ. එබැවින් අල වර්ගයක්, දළු වර්ගයක්, කොළ එළවළුවක්, කොස්ඇට, කජු ආදිය එක් කරගෙන හත්මාලුව සකසා ගත හැකිය. මෙය පෝෂණයෙන් ඉතා ඉහළ ව්‍යංජනයකි.[/SIZE] [SIZE=5][B]මාළු අච්චාරුව[/B][/SIZE] [SIZE=4]අවශ්‍ය ද්‍රව්‍ය :[/SIZE][SIZE=4] තලපත් මාළු ග්‍රෑම් 250 හතරට පලාගත් අමුමිරිස් කරල් 4 විනාකිරෙන් අඹරාගත් අබ තේ හැඳි 2 සුදුලූනු (අඹරාගත්) තේ හැඳි 1 ඉඟුරු (අඹරාගත්) තේ හැඳි 1 සුද්දකරගත් රතුලූනු ගෙඩි ග්‍රෑම් 100 විනාකිරි අඬු කෝප්ප 1/2 මිරිස් කුඩු තේ හැඳි 1 කහකුඩු තේ හැඳි 1/4 ලුණු රසට අනුව තෙල් සීනි තේ හැඳි 1[/SIZE] [SIZE=4]සාදන ආකාරය : මාළුවල කටු ඉවත් කර හොඳින් සෝදා කුඩා කැබැලිවලට කපා ගන්න. දැන් එයට කහ, ලුණු අත ගා සීසන් වන්නට පැය 1/2ක් පමණ තබන්න. පසුව රත් වූ ගැඹුරු තෙලේ දමා රන්වන් පාට වනතුරු බැද ගන්න. දැන් වෙනත් භාජනයක් ළිප තබා තෙල් ටිකක් දමා රත් කරන්න. රත් වී ගෙන එන විට අඹරාගත් ඉඟුරු, සුදුලූනු දමා බැදෙන්නට හරින්න. දැන් රතුලූනු ගෙඩි සහ අමුමිරිස් ද, මිරිස් කුඩු, කහ කුඩු, අබ ද ලුණු ද එකතු කරන්න. තෙම්පරාදු වී ගෙන එන විට විනාකිරි, සීනි එකතු කරන්න. හොඳින් නටා ගෙන එන විට බැදගත් මාළු කැබැලි දමා විනාඩි 5ක් පමණ කලවම් කරන්න. බිමට බා නිවෙන්නට හැර වියළි මැටි මුට්ටියක දමා රෙදි කඩකින් වසා ගැට ගසා දිනක් පමණ තබා කෑමට ගන්න.[/SIZE] [SIZE=4][B][SIZE=5]දුන්තෙල් බත[/SIZE] [/B] අවශ්‍ය ද්‍රව්‍ය : සූදුරු සම්බා කිලෝ ග්‍රෑම් 1 ලොකු ලූනු ගෙඩි 3යි රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් කජු ග්‍රෑම් 50 වියළි මිදි ග්‍රෑම් 50 කරදමුංගු කරල් 3යි කරාබු නැටි 4යි කුරුඳු පොතු කැබැල්ලක් මිටිකිරි අඬු කෝප්ප 1 දුන්තෙල් අඬු කෝප්ප 1/4 ලුණු රසට අනුව තෙල්[/SIZE] [SIZE=4]සාදන ආකාරය : හාල් ගරා සෝදා දිය බේරෙන්නට තබන්න. ලූනුවලින් අඩක් පෙති කපා ගන්න. ඉතිරිය සිහින්ව ලියා ගන්න. දැන් සිහින්ව ලියාගත් ලූනු සහ කුඩාවට කැපූ කජු ගැඹුරු තෙලේ දමා රන්වන් පාටට බැදගන්න. එය පසෙකින් තබන්න. දැන් බත පිසීමට සුදුසු භාජනයක් ගෙන එයට දුන්තෙල් ටික දමා රත් කරන්න. රත්වන විට රම්පේ, කරපිංචා, තලාගත් කුරුඳු, කරාබු නැටි, කරදමුංගු එකතු කරන්න. දැන් ලූනු පෙති ටික දමන්න. හොඳින් තෙම්පරාදු වන විට සහල් ටික ද දමා විනාඩි 5ක් පමණ හැඳිගාමින් තෙම්පරාදු කරගන්න. දැන් අවශ්‍ය තරමට වඩා ටිකක් අඩුවෙන් වතුර තබා ලුණු ද එකතු කර හොඳින් කලවම් කර බත ඉදෙන්නට හරින්න. බත ඉදීගෙන එන විට මිටිකිරි කෝප්පය දමා කලවම් කර මදගින්දරේ මෘදු වන තුරු බත පිස ගන්න. බත ඉදුනු පසු තරමක් ලොකු බඳුනකට දමා බැදගත් ලූනු, කජු සහ වියළි මිදි කලවම් කර ගන්න.[/SIZE] [SIZE=4][B][SIZE=5]මාළු කළු කජු ඇඹුල[/SIZE] [/B] අවශ්‍ය ද්‍රව්‍ය : තලපත් ග්‍රෑම් 500 කබලේ බැදගත් කජු ග්‍රෑම් 100 අඹරාගත් ගොරකා ග්‍රෑම් 50 ගම්මිරිස් මේස හැඳි 1 අමුමිරිස් කරල් 4යි රතුලූනු ග්‍රෑම් 50 අඹරාගත් ඉඟුරු තේ හැඳි 1/2 අඹරාගත් සුදුලූනු තේ හැඳි 1/2 රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් ලුණු රසට අනුව වතුර අඬු කෝප්ප 1/2[/SIZE] [SIZE=4]සාදන ආකාරය : කජු ටික ගලේ අඹරා ගන්න. මාළු පිරිසිදු කර තරමක කැබැලි කපා ගන්න. රම්පේ, කරපිංචා කුඩාවට කපන්න. අමුමිරිස් හතරට පලන්න. රතූලුනු ගෙඩි පිටින්ම සුද්දකර ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එයට අඹරාගත් ගොරකා, කජු, රම්පේ, කරපිංචා, අමුමිරිස් කැබැලි, රතුලූනු, ගම්ම්රිස්, ලුණු, ඉඟුරු, සුදුලූනු සහ වතුර දමා බොරයක් සාදා ගන්න. දැන් මාළු කැබැලි මෙම බොරයේ බස්වා හොඳින් බොරය තවරා වෙනත් මැටි හට්ටියක ප්‍රවේශමෙන් අඩුක් කර ගන්න. දැන් ඉතිරි වන ඉස්ම ටික උඩින් වත් කරන්න. ළිප තබා මද ගින්දරේ තම්බා ගන්න.[/SIZE] [SIZE=4] [I]උපදෙස් : ප්‍රවීණ සූපවේදී සුජිත් ආරියරත්න[/I][/SIZE] [SIZE=4][I]සටහන : නිර්මලා කුමාරි සේනාරත්න[/I][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=5][B]අල මිශ්‍ර වම්බටු කරිය[/B][/SIZE] [SIZE=4]අවශ්‍ය ද්‍රව්‍ය:- වම්බටු ග්‍රෑම් 500 අල ග්‍රෑම් 500 ලූනු ග්‍රෑම් 100 කරපිංචා ඉත්තක් සුදුලූනු මේස හැඳි ½ විනාකිරි තේ හැඳි 02 කුරුඳු පොතු කැබැල්ලක් අබ මේස හැඳි 01 අමු තුනපහ මේස හැඳි ½ මිරිස් කුඩු මේස හැඳි ½ කහ තේ හැඳි ½ පොල් කිරි කෝප්ප 02 තෙල් රස පදමට ලුණු[/SIZE] [SIZE=4]පිළියෙළ කිරීම:- වම්බටු සහ අල කොටු කපා කහ සහ ලුණු අත ගා වෙන වෙනම බැද ගන්න. රම්පේ, අමුමිරිස් සහ කරපිංචා ගැඹුරු තෙලේ බඳින්න. භාජනයක් ළිප තබා පොල් කිරි දමා රත් වූ පසු එයට අඹරාගත් අබ, කුරුඳු පොතු, සුදු ලූනු, තුනපහ, මිරිස් හා බැදගත් සියල්ලද දමා උතුරන විට බැදගත් අල සහ වම්බටු එක්කරගන්න. රස පදමට ලුණු දමා ඉස්ම අඩු වීගෙන එන විට ළිපෙන් ඉවතට ගන්න. [/SIZE] [SIZE=4][SIZE=5][B]කුකුල් මස් කරිය [/B][/SIZE] අවශ්‍ය ද්‍රව්‍ය :- කුකුල් මස් කිලෝ 01 කොත්තමල්ලි කුඩු මේස හැඳි 1½ කජු ග්‍රෑම් 30 මිරිස් කරල් 03 කරපිංචා ඉත්තක් මිරිස් කුඩු මේස හැඳි 1½ කරදමුංගු කරල් 03-04 සුදු කැකුලු හාල් මේස හැඳි ½ පොල් මේස හැඳි 01 සුදුලූනු බික් 02 සූදුරු, මාදුරු තේ හැඳි 02 බැගින් රම්පේ තෙල් හෝ බටර් ඔයිල් කුඩා ඉඟුරු කැබැල්ලක් මීකිරි මේස හැඳි 03 තක්කාලි ගෙඩි 02 කුඩා සේර කැබැල්ලක් ලුණු ලූනු ග්‍රෑම් 50[/SIZE] [SIZE=4]පිළියෙළ කිරීම:- කුකුල් මස් සෝදා පිරිසිදු කර කැබලි කපා ගන්න. ලූනු, මිරිස් සිහින්ව ලියාගන්න. දැන් පොල්, හාල්, සූදුරු, මාදුරු කබලේ දමා බැද ගන්න. කජු ද රන්වන් පැහැ වනතුරු බැද අඹරා ගන්න. දැන් අඹරාගත් සියල්ල හා අනෙක් තුනපහ මස් කැබලිවල දවටා පැය බාගයක් පමණ සීසන් කර ගන්න. ඒ අතරතුර වෙනත් භාජනයක් ළිප තබා තෙල් හෝ බටර් ඔයිල් රත්කර ඉඟුරු, රම්පේ, කරපිංචා, සේර, ලූනු, මිරිස්, කරදමුංගු, කරාබු නැටි දමා බැද ගන්න. හොඳින් බැදුනු පසු සීසන් කරගත් මස් එක් කරන්න. මස්, තෙලෙන් තැම්බිගෙන එන විට මීකිරි, තක්කාලි සහ බැදගත් කජු එක්කරන්න. රස අනුව ලුණු දමන්න. ඉස්ම හිඳුණු පසු ළිපෙන් ගන්න. [B][SIZE=5]විශේෂ බතක්[/SIZE][/B][/SIZE] [SIZE=4]අවශ්‍ය ද්‍රව්‍ය:- සුදු සම්බා කිලෝ 01 පොල්කිරි කෝප්ප 03 මස් තැම්බූ වතුර පයින්ට් 03 බටර් ග්‍රෑම් 100 සුදුලූනු බික් 04 ලූනු ග්‍රෑම් 150 කරදමුංගු, කරාබු නැටි ලුණු ප්ලම්ස් ග්‍රෑම් 50 කජු ග්‍රෑම් 50 කැරට් ග්‍රෑම් 100 කහ ස්වල්පයක් බටර් ඔයිල්[/SIZE] [SIZE=4]පිළියෙළ කිරීම:- බටර් ඔයිල් රත්කර එයට කපාගත් ලූනු, සුදුලූනු හා කරදමුංගු, කරාබු නැටි දමා බැදගන්න. ඉන්පසු සෝදාගත් හාල් දමා මස් තැම්බූ වතුරින් බත පිස ගන්න. පොල්කිරිවලට කහ දියකර එක්කරන්න. අවශ්‍ය පමණට ලුණු දමන්න. පසුව ප්ලම්ස්, කජු හා කැරට්, බටර් ඔයිල්වල වෙන වෙනම බැද බතට මිශ්‍ර කරන්න.[/SIZE] [SIZE=4][B][SIZE=5]ඉස්සෝ අච්චාරු[/SIZE] [/B] අවශ්‍ය ද්‍රව්‍ය:- ඉස්සෝ ග්‍රෑම් 500 අමුමිරිස් ග්‍රෑම් 100 වියළි මිරිස් කරල් කිහිපයක් ඉඟුරු කැබැල්ලක් සියඹලා ඉස්ම මේස හැඳි 01 විනාකිරි කෝප්ප ¼ කහ, ලුණු තෙල් ලූනු ග්‍රෑම් 100[/SIZE] [SIZE=4]පිළියෙළ කිරීම:- ඉස්සෝ පිරිසිදු කර කහ සහ ලුණු අත ගා ගැඹුරු තෙලේ බදින්න. රතුලූනු, අමුමිරිස් ලියා ගන්න. සුදුලූනු සහ ඉඟුරු, විනාකිරි ස්වල්පයකින් අඹරා රත්වූ තෙලට දමන්න. ඉන්පසු වියළි මිරිස් කැබලි කපා දමන්න. ඉස්සෝ මිශ්‍ර කරන්න. මෙයට සියඹලා ඉතිරි විනාකිරි ඉස්ම, ලුණු සහ ලූනු, මිරිස් දමා කලවම් කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom