Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුෂ්විට්ස් ඝාතකාගාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුෂ්විට්ස් ලිපි අංක 2

අවුෂ්විට්ස් ලිපි අංක 2

අවුෂ්විට්ස් 1 (ප්‍රධාන කඳවුර)

අවුෂ්විට්ස් පිහිටා ඇති ප්‍රදේශය හැඳින්වෙන්නේ Oświęcim (ඔස්විඒචිම්) නමින්. කලින් ලිපියේ කී පරිදිම මුලින්ම මෙය ඝාතකාගාරයක් ලෙස නොව පෝලන්තයේ දේශපාලන සිරකරුවන් සඳහා වූ කඳවුරක්. දෙවන ලෝක යුද්ධයට පෙර ඔස්ට්‍රියානු හා පෝලන්ත හමුදා බැරැක්ක ලෙස භාවිතා වූ තනි තට්ටුවේ ගොඩනැගිලි 16ක් පිහිටා තිබීම, ප්‍රවාහනයට පහසු ස්ථානයක් වීම මෙන්ම ගම්බද පෙදෙසක් නිසා අවධානය අඩු වීමද මෙම ප්‍රදේශය තෝරා ගැනීමට විශේෂ හේතුවක් වුනා. SS අනුඛණ්ඩයේ ප්‍රධානී “හෙන්රිච් හිම්ලර්” 1940 අප්‍රේල් මස භූමිය පරීක්ෂා කර අනුමැතිය ලබා දීමෙන් අනතුරුව “රුඩොල්ෆ් හුස්” යටතේ අවුෂ්විට්ස් 1 ආරම්භ කලා. ආරම්භයේ සිටම අවුෂ්විට්ස් 1 යනු කඳවුරු සංකීර්ණයේ පරිපාලන මධ්‍යස්ථානය උනා. බැරැක්ක අවට ජීවත් වූ 1200ක ජනතාව ඉවත්කර Oświęcim අවටම ජීවත් වූ 300ක පමණ යුදෙව්වන් මෙහි ගෙන ආවේ කඳවුර ඉදිකිරීමේ ශ්‍රමය ලබා ගැනීමට. 1940-1941 කාලසීමාව අතරතුර Oświęcim අවට ජීවත් වූ 17,000 ක වැසියන් ඉවත් කලේ කඳවුර පුළුල් කිරීමේ ඉඩ ලබා ගැනීමට. 1943 ඔක්තෝබර් මසදී පැමිණි 6,000ක පමණ නාසි භටයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්නේ භාවිතයට නාසින් විසින් පාසැල්, ක්‍රීඩා පිටි ඇතුලු නේවාසික ප්‍රදේශයක්ද ඉදිකලා. මුල්ම සිරකරුවන් උනේ ජර්මනියේ සිර කඳවුරකින් මෙහි එවූ 30 දෙනෙකුගෙන් සමන්විත ජර්මානු අපරාධකරුවන් පිරිසක්. ඒ 1940 මැයි මසදී. පළමුවෙන්ම 1940 ජූනි 14 දිනදී දුම්රිය මගින් මෙහි ගෙන ආ සිරකරුවන් විශාල කණ්ඩායමට කතෝලිකයන්, නාසි විරෝධී පෝලන්ත ජාතිකයන් හා යුදෙව්වන් 20 ඇතුලත් උනා. 1941 මාර්තු වන විට 10,900 ක් දක්වා සිරකරුවන් සංඛ්‍යාව වර්ධනය වී තිබුණා. 1940 අවසන වන විට නාසි හමුදා කඳවුර පුලුල් කිරීමට ඒ අවටින්ම වර්ග කිලෝමීටර් 40ක ප්‍රදේශයක් තෝරාගෙන තිබුණා. අවුෂ්විට්ස් 1 ප්‍රධාන ගේට්ටුවේ “Arbeit macht frei” යනුවෙන් සඳහන් වී තිබෙනවා. මෙහි තේරුම “වැඩකිරීම (ඔබව) නිදහස් කරයි” යන්නයි.

ගෑස් කාමරයකදී ඝාතනය කෙරුනු සිරකරුවෙකුගේ සිරුර පිළිස්සීම සඳහා ආදාහනාගාරයක් තුලට ඇතුල් කරන අයුරු

අවුෂ්විට්ස් 2 (බිර්කෙනාවු)

1941 ගිම්හානයේ සෝවියට් හමුදාවට විරුද්ධව නාසින් ජයගත් “බාර්බරෝසා මෙහෙයුම” නාසි ජර්මනියේ යුදෙව්වන් කෙරෙහි තිබූ දැක්ම වෙනස් කිරීමට සමත් වුනා. එම මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ සොවියට් භටයන් විශාල පිරිසක් නාසි හමුදාවේ යුද සිරකරුවන් බවට පත්වුනා. නාසි පාලක “ඇඩොල්ෆ් හිට්ලර්” බලයට පත්වීමේදී ලබා දුන් ජන්ද පොරොන්දුවක් වූ යුදෙව්වන් යුරෝපයෙන් පලවා හැරීමේ ක්‍රියාවලියේදී යුදෙව්වන් සහ සෝවියට් යුද සිරකරුවන් ගාල් කර තැබීමේ ගැටලුවට පිළියමක් ලෙස අවුෂ්විට්ස් කඳවුර විශාල කිරීමට යෝජනා වුනා. SS ප්‍රධානී “හයින්රිච් හිම්ලර්” නියෝග කළේ සිරකරුවන් 50,000 කට සෑහෙන ලෙස අවුෂ්විට්ස් විශාල කිරීමටයි. නමුත් පැවති වාතාවරනය හමුවේ එම අගය 150,000 දක්වාත්, ඉන් පසු 200,000 දක්වාත් ඉහල නැගුනා. 1941 ඔක්තෝබර් මසදී අවුෂ්විට්ස් 1 සිරකඳවුර වෙත ගෙන ආ 10,000 ක් වූ සෝවියට් යුද සිර කරුවන්ගෙන් 1942 මාර්තු වන විට ඉතිරිව සිටියේ 945 දෙනෙකු පමණයි. මේ සියලු දෙනා අවුෂ්විට්ස් 2 නොහොත් බිර්කෙනාවු වෙත මාරු කර යැවුනා. මොවුන්ගෙන් බහුතරයක් හාමත් වීමෙන් හා බෝවෙන රෝගයන්ගෙන් පීඩා විඳ මැයි මස වනවිට මිය ගියා. මේ වනවිට හිට්ලර් යුදෙව් සංහාරයට තීරණය කර තිබුණු නිසා බිර්කෙනාවු කඳවුර ශ්‍රම හා ඝාතන කඳවුරක් බවට වෙනස්කම් සිදු කෙරුනා. අවුෂ්විට්ස් - බිර්කෙනාවු අනුස්මරණ කෞතුකාගාරයේ ඇස්තමේන්තු වලට අනුව ලක්ෂ 13 ක් හෙවත් මිලියන් 1.3 ක පිරිසක් බිර්කෙනාවු ක්‍රියාත්මකව තිබූ කාලයේ එහි යවා ඇති අතර මොවුන්ගෙන් මිලියන 1.1 ක් ම යුදෙව්වන්.

ඉදිකිරීමේ ප්‍රධානී “කාල් බිස්චොෆ්” යටතේ ආදාහනාගාර 4 ක්, පිළිගැනීමේ (ඇතුල්වීමේ) ගොඩනැගිල්ලක් හා සිය ගණනක අනෙකුත් ගොඩනැගිලි සැලසුම් කර ඉදිකෙරුනා. ඔහුගේ සැලසුම් අනුව එක් බැරැක්කයක් සිරකරුවන් 550ක් සඳහා වූ අතර එය පසුව ඔහු විසින්ම 744 ක් සඳහා වෙනස් කෙරුනා. නමුත් SS හමුදාව මගින් මෙහි සිරකරුවන් ගාල් කිරීම සඳහා ඉඩ වෙන් කිරීමට නොවෙහෙසුනේ සිරකරුවන් රඳවා තබා ගැනීමට නොව ඔවුන්ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ නිසාවෙන්.

ඝාතනය වූ මිලියන 1.3 ක සිරකරුවන්ගේ පාවහන් අද අවුෂ්විට්ස් කෞතුකාගාරයේ දක්නට ඇති අයුරු

පළමු ගෑස් කාමරය “රතු නිවාසය”යනුවෙන් හැඳින්වූ අතර SS භටයන් එය හැඳින්වූයේ “1 බංකරය” නමින්. එය ගඩොලින් නිමකල පැරණි ගොඩනැගිල්ලක් වූ අතර අභ්‍යයන්තරයේ වූ සියල්ල ඉවත් කර හා ජනේල ගඩොලින් වසා දමා ගෑස් කාමරයකට පරිවර්තනය කෙරුනා. රතු නිවාසය 1942 මාර්තු මස පටන් ක්‍රියාත්මක කෙරුනු අතර දෙවෙනි ගෑස් කාමරය “සුදු නිවාසය” හෝ “2 බංකරය” ද ඉන් සති කිහිපයකින් පසුව ගොඩනැංවුනා. හිම්ලර් අවුෂ්විට්ස් කඳවුරු සංකීර්ණය පරික්ෂා කිරීමට 1942 ජූලි 17 හා 18 දිනයන්හිදී පැමිනි අතර ගෑස් කාමරවල ක්‍රියාකාරිත්වය පෙන්වීමට සුදු නිවාසයට භාවිතා කෙරුනේ සිරකරුවන් පිරිසක් සමගින්. මෑත ඉතිහාසයේ සිදුවූ මිලේච්ජ ඝාතනයන් කොපමනක්දැයි වටහා ගැනීම ඉහත කරුණින්ම ඔබට හැකිවේවි. සිරකරුවන් පිරිසකට ගෑස් කාමර තුලදී ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනේ එක් නාසි හමුදා ප්‍රධානියෙක්ට එහි ක්‍රියාකාරිත්වය පෙන්වීමට පමණයි. මේ සංචාරයේදී ඉදිකිරීමට නියමිතව තිබූ අවුෂ්විට්ස් 3 හෙවත් “මොනොවිට්ස්” කඳවුරු භූමියද හිම්ලර් පරික්ෂාවට ලක් කලේ එය ඝාතකාගාරයක් නොව ශ්‍රම කඳවුරක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට කර තිබූ වැදගත් සැලසුහම් නිසාවෙන්. මොනොවිට්ස් සංකීර්ණය “අයි. ජී. ෆා(ර්)බන්” (IG Farben) නම්වූ කම්හල ඉදිකිරීමට යොදා ගනු ලැබුවේ අසලින්ම පිහිටි බිර්කෙනාවු හා අවුෂ්විට්ස් 1 කඳවුරු වලින් අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් සපයා ගත හැකි වූ හෙයින්. කම්හලේ හිමිකරුවන් වැටුප් ගෙව්වේ කම්කරුවන්ට නොව නාසි හමුදාවටයි. එම මුදලද සාමාන්‍ය ගෙවිය යුතු වැටුපට සාපේක්ෂව සොච්චම් මුදලක්. නමුත් මෙහි ශ්‍රම හමුදාව වූ අවුෂ්විට්ස් සිරකරුවන්ට ලැබුනේ දිනකට එක් වතාවක කෑම වේලක් පමණයි (ජල පහසුව තිබූ නමුත් ඒවා බීමට තරම් පිරිසිදු නොවූ විෂ සහිත ජලය වූ බව සඳහන්). මේ ලිපි පෙලේ ඉදිරියේදී කඳවුරේ ජීවිතය ගෙවුනු හැටි හා ගෑස් කාමර ගැන විස්තර කරන්නම්.

නිසි පෝෂනයක් නොලැබීමෙන් ඇටසැකිලි පමනක් ඉතිරිව ඇති සිරකරුවන් අවුෂ්විට්ස් කඳවුරේදී

“අංක 2 ආදාහනාගාරය” ඉදිකරීමට පටන් ගැනුනේ 1943 මුල් මාස කිහිපයේදී ගෑස් කාමරවල ධාරිතාව (එක් වර ඝාතනය කල හැකි ප්‍රමාණය) වැඩි කිරීමට ගත් තීරණයත් සමගයි. මේ ආදාහනාගාරයට සම්බන්ධව පොලොව යට පවා කොටස් ඉදි වුනා. විශේෂයෙන්ම මේ හා සම්බන්ධ ගෑස් කාමර වායුව ගලා යා නොහැකිව සීල් වන දොරවල් සවිකෙරුනා. ජනේල කිසිවක් නොතිබූ මේ ගොඩනැගිලි වල එක් වායු ප්‍රතිරෝධී (gas-tight) දොරට අමතරව වහලයේ ඉහල කුඩා වායු ප්‍රතිරෝධී සිදුරු කිහිපයක් තිබුනේ මාරාන්තික “දියරමය සයනයිඩ්” අඩංගු ගෑස් බඳුන් ඇතුලට විසි කිරීමටයි. මේවා දියරමය සයනයිඩ් ලෙස හැඳින්වුවත් එය ටින් තුල තිබුනේ පව්ඩර් ආකාරයෙන්. බඳුන් විවෘත කිරීම නිසා වාතයට නිරාවරණය වීම නිසා මේවා දුම් (ගෑස්) පිට කරීම ආරම්භ කලේ ද්‍රව බවට පත්වෙමින් බවයි සඳහන්. අදටත් අවුෂ්විට්ස් කෞතුකාගාරයේ මේ ගෑස් ටින් දහස් ගනනක් ප්‍රදර්ශනයට තබා ඇත්තේ මෙහි සිදුවූ අමානුෂික ඝාතනයන් ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට පහසු වන ලෙසයි. අංක 2 ආදාහනාගාරයට අමතරව අංක 3,4 හා 5 නමින් තවත් ආදාහනාගාර 3ක් ගොඩ නැගුනේ ගෑස් කාමර වල ඝාතනය කෙරෙන සිරකරුවන් පුළුස්සා දැමීමටයි. 1943 ජූනි වන විට ආදාහනාගාර 4ක් ක්‍රියාත්මක වූ බවයි සඳහන් වෙන්නේ.

[QUOTE="stylus4, post: 22797525, member: 58717"] [b]අවුෂ්විට්ස් ලිපි අංක 2[/b] [SIZE="3"]අවුෂ්විට්ස් ලිපි අංක 2 [B]අවුෂ්විට්ස් 1 (ප්‍රධාන කඳවුර)[/B] අවුෂ්විට්ස් පිහිටා ඇති ප්‍රදේශය හැඳින්වෙන්නේ Oświęcim (ඔස්විඒචිම්) නමින්. කලින් ලිපියේ කී පරිදිම මුලින්ම මෙය ඝාතකාගාරයක් ලෙස නොව පෝලන්තයේ දේශපාලන සිරකරුවන් සඳහා වූ කඳවුරක්. දෙවන ලෝක යුද්ධයට පෙර ඔස්ට්‍රියානු හා පෝලන්ත හමුදා බැරැක්ක ලෙස භාවිතා වූ තනි තට්ටුවේ ගොඩනැගිලි 16ක් පිහිටා තිබීම, ප්‍රවාහනයට පහසු ස්ථානයක් වීම මෙන්ම ගම්බද පෙදෙසක් නිසා අවධානය අඩු වීමද මෙම ප්‍රදේශය තෝරා ගැනීමට විශේෂ හේතුවක් වුනා. SS අනුඛණ්ඩයේ ප්‍රධානී “හෙන්රිච් හිම්ලර්” 1940 අප්‍රේල් මස භූමිය පරීක්ෂා කර අනුමැතිය ලබා දීමෙන් අනතුරුව “රුඩොල්ෆ් හුස්” යටතේ අවුෂ්විට්ස් 1 ආරම්භ කලා. ආරම්භයේ සිටම අවුෂ්විට්ස් 1 යනු කඳවුරු සංකීර්ණයේ පරිපාලන මධ්‍යස්ථානය උනා. බැරැක්ක අවට ජීවත් වූ 1200ක ජනතාව ඉවත්කර Oświęcim අවටම ජීවත් වූ 300ක පමණ යුදෙව්වන් මෙහි ගෙන ආවේ කඳවුර ඉදිකිරීමේ ශ්‍රමය ලබා ගැනීමට. 1940-1941 කාලසීමාව අතරතුර Oświęcim අවට ජීවත් වූ 17,000 ක වැසියන් ඉවත් කලේ කඳවුර පුළුල් කිරීමේ ඉඩ ලබා ගැනීමට. 1943 ඔක්තෝබර් මසදී පැමිණි 6,000ක පමණ නාසි භටයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්නේ භාවිතයට නාසින් විසින් පාසැල්, ක්‍රීඩා පිටි ඇතුලු නේවාසික ප්‍රදේශයක්ද ඉදිකලා. මුල්ම සිරකරුවන් උනේ ජර්මනියේ සිර කඳවුරකින් මෙහි එවූ 30 දෙනෙකුගෙන් සමන්විත ජර්මානු අපරාධකරුවන් පිරිසක්. ඒ 1940 මැයි මසදී. පළමුවෙන්ම 1940 ජූනි 14 දිනදී දුම්රිය මගින් මෙහි ගෙන ආ සිරකරුවන් විශාල කණ්ඩායමට කතෝලිකයන්, නාසි විරෝධී පෝලන්ත ජාතිකයන් හා යුදෙව්වන් 20 ඇතුලත් උනා. 1941 මාර්තු වන විට 10,900 ක් දක්වා සිරකරුවන් සංඛ්‍යාව වර්ධනය වී තිබුණා. 1940 අවසන වන විට නාසි හමුදා කඳවුර පුලුල් කිරීමට ඒ අවටින්ම වර්ග කිලෝමීටර් 40ක ප්‍රදේශයක් තෝරාගෙන තිබුණා. අවුෂ්විට්ස් 1 ප්‍රධාන ගේට්ටුවේ “Arbeit macht frei” යනුවෙන් සඳහන් වී තිබෙනවා. මෙහි තේරුම “වැඩකිරීම (ඔබව) නිදහස් කරයි” යන්නයි. [IMG]https://i.pinimg.com/474x/18/14/68/1814686564b0fa026687ee28fabe3b95--auschwitz-ovens.jpg[/IMG] ගෑස් කාමරයකදී ඝාතනය කෙරුනු සිරකරුවෙකුගේ සිරුර පිළිස්සීම සඳහා ආදාහනාගාරයක් තුලට ඇතුල් කරන අයුරු [B]අවුෂ්විට්ස් 2 (බිර්කෙනාවු)[/B] 1941 ගිම්හානයේ සෝවියට් හමුදාවට විරුද්ධව නාසින් ජයගත් “බාර්බරෝසා මෙහෙයුම” නාසි ජර්මනියේ යුදෙව්වන් කෙරෙහි තිබූ දැක්ම වෙනස් කිරීමට සමත් වුනා. එම මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ සොවියට් භටයන් විශාල පිරිසක් නාසි හමුදාවේ යුද සිරකරුවන් බවට පත්වුනා. නාසි පාලක “ඇඩොල්ෆ් හිට්ලර්” බලයට පත්වීමේදී ලබා දුන් ජන්ද පොරොන්දුවක් වූ යුදෙව්වන් යුරෝපයෙන් පලවා හැරීමේ ක්‍රියාවලියේදී යුදෙව්වන් සහ සෝවියට් යුද සිරකරුවන් ගාල් කර තැබීමේ ගැටලුවට පිළියමක් ලෙස අවුෂ්විට්ස් කඳවුර විශාල කිරීමට යෝජනා වුනා. SS ප්‍රධානී “හයින්රිච් හිම්ලර්” නියෝග කළේ සිරකරුවන් 50,000 කට සෑහෙන ලෙස අවුෂ්විට්ස් විශාල කිරීමටයි. නමුත් පැවති වාතාවරනය හමුවේ එම අගය 150,000 දක්වාත්, ඉන් පසු 200,000 දක්වාත් ඉහල නැගුනා. 1941 ඔක්තෝබර් මසදී අවුෂ්විට්ස් 1 සිරකඳවුර වෙත ගෙන ආ 10,000 ක් වූ සෝවියට් යුද සිර කරුවන්ගෙන් 1942 මාර්තු වන විට ඉතිරිව සිටියේ 945 දෙනෙකු පමණයි. මේ සියලු දෙනා අවුෂ්විට්ස් 2 නොහොත් බිර්කෙනාවු වෙත මාරු කර යැවුනා. මොවුන්ගෙන් බහුතරයක් හාමත් වීමෙන් හා බෝවෙන රෝගයන්ගෙන් පීඩා විඳ මැයි මස වනවිට මිය ගියා. මේ වනවිට හිට්ලර් යුදෙව් සංහාරයට තීරණය කර තිබුණු නිසා බිර්කෙනාවු කඳවුර ශ්‍රම හා ඝාතන කඳවුරක් බවට වෙනස්කම් සිදු කෙරුනා. අවුෂ්විට්ස් - බිර්කෙනාවු අනුස්මරණ කෞතුකාගාරයේ ඇස්තමේන්තු වලට අනුව ලක්ෂ 13 ක් හෙවත් මිලියන් 1.3 ක පිරිසක් බිර්කෙනාවු ක්‍රියාත්මකව තිබූ කාලයේ එහි යවා ඇති අතර මොවුන්ගෙන් මිලියන 1.1 ක් ම යුදෙව්වන්. ඉදිකිරීමේ ප්‍රධානී “කාල් බිස්චොෆ්” යටතේ ආදාහනාගාර 4 ක්, පිළිගැනීමේ (ඇතුල්වීමේ) ගොඩනැගිල්ලක් හා සිය ගණනක අනෙකුත් ගොඩනැගිලි සැලසුම් කර ඉදිකෙරුනා. ඔහුගේ සැලසුම් අනුව එක් බැරැක්කයක් සිරකරුවන් 550ක් සඳහා වූ අතර එය පසුව ඔහු විසින්ම 744 ක් සඳහා වෙනස් කෙරුනා. නමුත් SS හමුදාව මගින් මෙහි සිරකරුවන් ගාල් කිරීම සඳහා ඉඩ වෙන් කිරීමට නොවෙහෙසුනේ සිරකරුවන් රඳවා තබා ගැනීමට නොව ඔවුන්ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ නිසාවෙන්. [IMG]http://l7.alamy.com/zooms/fb1a808e75054b42ac8beac2a90f8ea3/display-of-prisoners-shoes-auschwitz-i-owicim-poland-c54wt6.jpg[/IMG] ඝාතනය වූ මිලියන 1.3 ක සිරකරුවන්ගේ පාවහන් අද අවුෂ්විට්ස් කෞතුකාගාරයේ දක්නට ඇති අයුරු පළමු ගෑස් කාමරය “රතු නිවාසය”යනුවෙන් හැඳින්වූ අතර SS භටයන් එය හැඳින්වූයේ “1 බංකරය” නමින්. එය ගඩොලින් නිමකල පැරණි ගොඩනැගිල්ලක් වූ අතර අභ්‍යයන්තරයේ වූ සියල්ල ඉවත් කර හා ජනේල ගඩොලින් වසා දමා ගෑස් කාමරයකට පරිවර්තනය කෙරුනා. රතු නිවාසය 1942 මාර්තු මස පටන් ක්‍රියාත්මක කෙරුනු අතර දෙවෙනි ගෑස් කාමරය “සුදු නිවාසය” හෝ “2 බංකරය” ද ඉන් සති කිහිපයකින් පසුව ගොඩනැංවුනා. හිම්ලර් අවුෂ්විට්ස් කඳවුරු සංකීර්ණය පරික්ෂා කිරීමට 1942 ජූලි 17 හා 18 දිනයන්හිදී පැමිනි අතර ගෑස් කාමරවල ක්‍රියාකාරිත්වය පෙන්වීමට සුදු නිවාසයට භාවිතා කෙරුනේ සිරකරුවන් පිරිසක් සමගින්. මෑත ඉතිහාසයේ සිදුවූ මිලේච්ජ ඝාතනයන් කොපමනක්දැයි වටහා ගැනීම ඉහත කරුණින්ම ඔබට හැකිවේවි. සිරකරුවන් පිරිසකට ගෑස් කාමර තුලදී ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනේ එක් නාසි හමුදා ප්‍රධානියෙක්ට එහි ක්‍රියාකාරිත්වය පෙන්වීමට පමණයි. මේ සංචාරයේදී ඉදිකිරීමට නියමිතව තිබූ අවුෂ්විට්ස් 3 හෙවත් “මොනොවිට්ස්” කඳවුරු භූමියද හිම්ලර් පරික්ෂාවට ලක් කලේ එය ඝාතකාගාරයක් නොව ශ්‍රම කඳවුරක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට කර තිබූ වැදගත් සැලසුහම් නිසාවෙන්. මොනොවිට්ස් සංකීර්ණය “අයි. ජී. ෆා(ර්)බන්” (IG Farben) නම්වූ කම්හල ඉදිකිරීමට යොදා ගනු ලැබුවේ අසලින්ම පිහිටි බිර්කෙනාවු හා අවුෂ්විට්ස් 1 කඳවුරු වලින් අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් සපයා ගත හැකි වූ හෙයින්. කම්හලේ හිමිකරුවන් වැටුප් ගෙව්වේ කම්කරුවන්ට නොව නාසි හමුදාවටයි. එම මුදලද සාමාන්‍ය ගෙවිය යුතු වැටුපට සාපේක්ෂව සොච්චම් මුදලක්. නමුත් මෙහි ශ්‍රම හමුදාව වූ අවුෂ්විට්ස් සිරකරුවන්ට ලැබුනේ දිනකට එක් වතාවක කෑම වේලක් පමණයි (ජල පහසුව තිබූ නමුත් ඒවා බීමට තරම් පිරිසිදු නොවූ විෂ සහිත ජලය වූ බව සඳහන්). මේ ලිපි පෙලේ ඉදිරියේදී කඳවුරේ ජීවිතය ගෙවුනු හැටි හා ගෑස් කාමර ගැන විස්තර කරන්නම්. [IMG]https://liveraf.files.wordpress.com/2012/05/nazi_medical_experiments_3gif.gif?w=640[/IMG] නිසි පෝෂනයක් නොලැබීමෙන් ඇටසැකිලි පමනක් ඉතිරිව ඇති සිරකරුවන් අවුෂ්විට්ස් කඳවුරේදී “අංක 2 ආදාහනාගාරය” ඉදිකරීමට පටන් ගැනුනේ 1943 මුල් මාස කිහිපයේදී ගෑස් කාමරවල ධාරිතාව (එක් වර ඝාතනය කල හැකි ප්‍රමාණය) වැඩි කිරීමට ගත් තීරණයත් සමගයි. මේ ආදාහනාගාරයට සම්බන්ධව පොලොව යට පවා කොටස් ඉදි වුනා. විශේෂයෙන්ම මේ හා සම්බන්ධ ගෑස් කාමර වායුව ගලා යා නොහැකිව සීල් වන දොරවල් සවිකෙරුනා. ජනේල කිසිවක් නොතිබූ මේ ගොඩනැගිලි වල එක් වායු ප්‍රතිරෝධී (gas-tight) දොරට අමතරව වහලයේ ඉහල කුඩා වායු ප්‍රතිරෝධී සිදුරු කිහිපයක් තිබුනේ මාරාන්තික “දියරමය සයනයිඩ්” අඩංගු ගෑස් බඳුන් ඇතුලට විසි කිරීමටයි. මේවා දියරමය සයනයිඩ් ලෙස හැඳින්වුවත් එය ටින් තුල තිබුනේ පව්ඩර් ආකාරයෙන්. බඳුන් විවෘත කිරීම නිසා වාතයට නිරාවරණය වීම නිසා මේවා දුම් (ගෑස්) පිට කරීම ආරම්භ කලේ ද්‍රව බවට පත්වෙමින් බවයි සඳහන්. අදටත් අවුෂ්විට්ස් කෞතුකාගාරයේ මේ ගෑස් ටින් දහස් ගනනක් ප්‍රදර්ශනයට තබා ඇත්තේ මෙහි සිදුවූ අමානුෂික ඝාතනයන් ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට පහසු වන ලෙසයි. අංක 2 ආදාහනාගාරයට අමතරව අංක 3,4 හා 5 නමින් තවත් ආදාහනාගාර 3ක් ගොඩ නැගුනේ ගෑස් කාමර වල ඝාතනය කෙරෙන සිරකරුවන් පුළුස්සා දැමීමටයි. 1943 ජූනි වන විට ආදාහනාගාර 4ක් ක්‍රියාත්මක වූ බවයි සඳහන් වෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom