Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම්

අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම්

ආසියාවේ පළමුවැනි තැපැල් ගෙන යන අශ්ව කෝච්චිය ලංකාවේ ධාවනය වෙයි.

කොළඹ සිට මහනුවරට ප්‍රථම මේල් කෝච් හෙවත් අශ්ව කෝච්චි ගමනට පැය 14 ක්.

කොළඹ සිට මහනුවරට ගමන් ගාස්තුව පැන්ස 7 කි.

රේස්වලට නුසුදුසු අශ්වයන් අශ්ව කෝච්චිවලට තෝරා ගනිති.

මඩුවන්වෙල රටේ මහත්තයා ජර්මන් කුමාරයකු සමග අශ්ව කෝච්චියේ යයි.

අශ්ව කෝච්චියේ ‘‘බොක්ස් සීට්’’ එකේ යන්න ප්‍රභූහූ පොරකති.

පොල්ගහවෙල සිට කුරුණෑගල ගිය අශ්ව කෝච්චිය පල්ලමකට වැටී උඩුකුරුව පෙරළෙයි.

සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක අශ්ව කෝච්චියේ කොටස් මිලදී ගනී.

අශ්ව කෝච්චි ඉතිහාසයේ බිහිසුණු අනතුර දෙහිවල පාලම උඩදී සිදුවෙයි.

ආසියාවේ ප්‍රථම තැපැල් ගෙන යන අශ්ව කෝච්චිය ඉංග්‍රීසි පාලන සමයේ යොදවන ලද්දේ ලංකාවෙහිය. මේ අනුව මෙරට දුම්රිය සේවය පටන් ගැනීමට ප්‍රථම ඉංග්‍රීසි පාලන සමයේදී ගමනාගමනය පිණිසත් තැපැල් ගෙන යාම පිණිසත් භාවිතා කළ වාහනය අශ්ව කෝච්චියයි. 1832 පෙබරවාරි 01 වෙනිදා සර් රොබට් විල්මට් හෝටන් ආණ්ඩුකාරයාගේ කාලයේ (1831-1837) කොළඹ සිට මහනුවරට ප්‍රථම ‘‘මේල් කෝච්’’ (Mail Coach) හෙවත් අශ්ව කෝච්චිය යවන ලදී. මුළු ආසියාවටම මීට පෙර ‘‘මේල් කෝච්’’ තැපැල් රථයක් තිබී නැත. කොළඹ සිට මහනුවරට යන ගමනට පැය දහ හතරක් ගතවී ඇති අතර, මහනුවර සිට කොළඹට එන්නට ගතව ඇත්තේ පැය දොළහක් බව ශාස්ත්‍රාචාර්ය ජයතිස්ස පෙරේරා ‘‘නවයුගය’’ සඟරාවට 1956 වසරේ ලියා තිබුණි. කොළඹ ගාලු පාරෙහි තනි අයකු යෙදූ අශ්ව කෝච්චියක් ද තිබී ඇත. මෙහි ගමන් ගාස්තුව හැතැප්මකට පැන්ස 7 කි. කොළඹ සිට ගාල්ලට ගාස්තුව පවුම් දෙකකි.

පසුව ගාල්ලේ සිට කළුතරටත්, කොළඹ සිට රත්නපුරයට ද ගම්පොල සිට නුවරඑළියටත්, මහනුවර සිට මාතලේටද පොල්ගහවෙල සිට කුරුණෑගලට ද අශ්ව කෝච්චි ගමන් කර ඇත. මේ කුමන මාර්ගයක අශ්ව කෝච්චිය ගමන් කළද මගීන් විඳි හිරිහැර සහ අපහසුකම් ගැන විස්තර සඟරාවල තිබුණි. එකල තිබූ මාර්ග ද යහපත් නොවීය. නමුත් වයස අවුරුදු 18 සිට 60 දක්වා වූ සියලුම නිරෝගී මිනිසුන් දුම්රිය දුවන මාර්ගවල නිසි තත්ත්වයේ තබා ගැනීමට අවුරුද්දකට දවස් හයක් ඒවායේ වැඩ කළ යුතු යයි 1848 පැනවූ ආඥාවක් නිසා එම වසරෙන් පසු දුම්රිය ගිය මාර්ගවල තත්ත්වය මදක් යහපත් වෙන්නට විය.

එදා අශ්ව කෝච්චියකින් ගමන් කළ අයෙක් 1940 වසරේ සඟරාවකට මෙසේ විස්තර කර තිබුණි.

‘‘අපි ගමන් කළ කෝච්චිය තුළ දෙපසෙහි පළල්වූ දිග ආසනයක් බැගින් විය. මේ එක් ආසනයක තුන්දෙනෙකුට වාඩිගත හැක. කෝච්චියෙහි පෙර කොටසෙහි රියදුරා වාඩිගන්නා ආසනය. රියෙහි පහළින් තනා තිබෙන මේ ආසනයෙහි එක් කෙනෙකුට හෝ දෙදෙනෙකුට වාඩිවිය හැක. පසු කොටසෙහිද පසු පාර්ශ්වය බලාගෙන වාඩිවී සිටිය හැකි සුව පහසු නොවූ තවත් අසුනකි. එහි වාඩි ගන්නේ ආරක්ෂකයායි. කෝච්චියෙහි වහළ රඳවා ඇත්තේ යකඩ පට්ටම් උඩය. ඇමෙරිකානු රෙදි වලින් මැසූ කවුළු රෙදි රථය දෙපැත්තෙහි එල්වා තිබෙන්නේ ඒවා උවමනා විටක උස් පහත් කරන්ට හැකිවන අන්දමටය.’’

කෝච්චි අදින්ට බඳින අශ්වයන් සෑම විටම ශක්ති සම්පන්න සතුන් වූ නමුත් සමහර විට රේස් තරගවලට නුසුදුසු වූ රේස් අශ්වයන් මේ සඳහා තෝරාගනු ලැබීය. එක් රථයකට අශ්වයින් දෙදෙනකු බඳින්නාහ. මොවුන් එකෙක් පවුම් 50 සිට 70 දක්වා වටින බව පැවසේ. එහි සඳහන් වෙන අන්දමට මගීන්ගේ බඩු බාහිරාදිය කෝච්චියේ වහල උඩද, එහි බිමද තබන්නාහ. රියදුරු ඇඳ සිටියේ තද නිල් පාටින් යුත් කෝට් එකක්ද කලිසමක් සහ කළු පාට සපත්තු දෙකක්ය. ආරක්ෂකයාද පැළඳ ඇත්තේ එසේම වූ කෝට් කලිසම වෙනුවට ඔහු සරුවාලයක් වැනි ඇඳුමක් පැළඳ ඔහු සපත්තු පැළඳ නොසිටියේය.

අශ්ව කෝච්චි දුවන කාලයේ පාරවලට තාර දමා නොතිබුණ නිසා කෝච්චිය ඇදගෙන දිවීම අශ්වයන්ට මහත් කරදරයක් වී ඇත. අශ්වයෝ ඉක්මනින් විඩාවට පත්වෙන අතර ඇතැම් විට රෝල් නොකර කළුගල් දැමූ කොටස්වලද රථය ඇදගෙන යාමට සිදුව ඇත. මෙබඳු තැන්වලදී අශ්වයා දැක්කීමට ගන්නේ අහල පහළ පොල් වතු වලින් ඇහිඳ ගත් පොල් පිතිය. නැතහොත් වැටවල පැල ඉනිය. සමහර විට අශ්වයෝ තමන්ට කරන මේ නිග්‍රහයට පළිගැනීමක් වශයෙන් රථය බෝක්කු පල්ලම්වලට අැද දමන බව අශ්ව කෝච්චි යුගයේ තොරතුරු මැයෙන් 1956 වසරේ නව යුගය සඟරාවට ලිපියක් ලියූ පඩිකාර මුහන්දිරම් පී.එෆ්. අභයවික්‍රම මහතා සඳහන් කර ඇත. මේ ලේඛකයා අශ්ව කෝච්චි යුගයේ රසකතා ද කීමට අමතක කර නැත. මේ ඉන් එකකි.

‘‘කඳු රටවල ප්‍රධානීහු, රටේ මහත්වරුද, පහත රට මුදලි මුහන්දිරම්වරුන්ද, අසුන් පිට නැගී ගොස් අශ්ව කෝච්චියට ළඟාවෙත්. මෙසේ ගමන් කළ එක් රටේ මහත්මයෙක් නම් ජේ.ඩබ්ලිව්. මඩුවන්වෙල රෙට් මහත්මයාය. මේ රටේ මහත්මයා ස්වකීය වලව්වේ සිට අශ්වයින් පිට ගොස් රක්වානේදී හෝ රත්නපුරයේදී කෝච්චියට නගිත්. මහ පාර නැති හරියේ යාමට පිටයන අසුන් හත්දෙනෙක් සිටි බැව් කියත්.

මෙසේ ගිය එක් දිනක් රට බැලීමට ආ රාජවාංශික ජර්මන් කුමාරයෙකුට කෝච්චිය වෙන්කර තිබුණේය. මඩුවන්වෙල රටේ මහත්මයා කෝච්චියට නගින්ට යන විට එහි සිටි සේවකයෙක් සුදු කුමාරයෙකුට කෝච්චිය වෙන්කර තිබෙනවාය කියා නගින්ට එපාය කීවේලු.

‘‘ඕ එහෙමද, උන්නැහේ සුදු කුමාරයා මම කළු කුමාරයා’’ කියා රථයට නැංගේය. රටේ මහත්මයාගේ සූට්කේස් බෑග් ආදිය ද කෝච්චියට පැටවූහ. මෙයින් කලබලයට පත් රථයේ සේවකයෝ දුව ආහ. එසේ ඇවිත් බැලූ කල මඩුවන්වෙල රටේ මහත්මයා බව දැක විශ්මයට පත්ව සමාව ඇයදියහ. ජර්මන් කුමාරයා රටේ මහත්මයාගේ මිත්‍ර භාවයට පැමිණ තෑගි බෝග පවා හුවමාරු කරගත්තේ යැයි කියති.’’

අශ්ව කෝච්චිය මුල් යුගයේ ඉංග්‍රීසි ආණ්ඩුව මගින් ආරම්භ කළත් පසුව මහජනයාට ඉල්ලුම් කර ලබාගැනීමට දැන්වීම් ප්‍රසිද්ධ කොට පිළිගත් ඉල්ලුම්කරුට දෙන ලදී. තැපැල් ගෙන යාමට මාස්පතා මුදලක් ගෙවනු ලැබීය. සමහර මුදලාලිලා මෙයින් ධනවත් වූ අතර සමහරු පාඩු ලැබූහ. වැඩි වශයෙන් මේවා ඉල්ලුම් කර ලබාගත්තේ රා අරක්කු රේන්ද වලින් මිල මුදල් රැස්කර ගත් පොහොසත් අය බව පවසා ඇති පඩිකාර මුහන්දිරම් අභයවික්‍රම මහතා තවත් රසවත් කතාවක් පවසා තිබුණි.

‘‘එක් දිනක් ගම්බද සෑහෙන්නෙක් කලින් පැමිණ අශ්ව කෝච්චියේ ‘‘බොක්ස් සීට්’’ එකේ වාඩිවී සිටියේය. මේ ‘‘බොක්ස් සීට්’’ එකේ යාමට කව්රුත් බොහෝ කැමතිය. පෙනීමට ලොකුකමකුත්, ගමනේ පහසුකමකුත් තිබෙන නිසාය. කෝච්චිය පිටත්වෙන්ට ඔන්න මෙන්න කියා සිටියදී උස මහත පෙනීමක් ඇති කාසි කැරැල්ලකුත් සහිත ඔර්ලෝසු මාලයක් දැමූ මුදලාලි කෙනෙක් ඇවිත් කලින් වාඩිගෙන සිටි තැනැත්තාට නැගිටින්ට කීවේය.

‘‘මා කලින් පැමිණ සීට් එක ගෙන සිටි නිසා සීට් එක මගේ’’ මගියා කීවේය.

‘‘සීට් එක ඔහේගේ වෙන්ට පුළුවනි, නමුත් කෝච්චිය එහෙම පිටින්ම මගේ’’ යයි මුදලාලි කීවේය.

ඉන් ලජ්ජාවට පත් මගියා හෙමි හෙමින් බැස ගියේය.

අශ්ව කෝච්චි ගමනක දී වෙන හදිසි අනතුරු ගැන විස්තර එකල සඟරාවල පළවී තිබුණි. ඒ තොරතුරු අනුව තද වර්ෂාවලදී කොළඹ - රත්නපුර පාර වතුරෙන් යටවෙන නිසා එකී මාර්ගය හදිසි අනතුරුවලට ප්‍රසිද්ධියක් ලැබී තිබිණ. එක් උදෑසනකදී එක් මගියෙකු ගමන් කළ අශ්ව කෝච්චියක් පොල්ගහවෙල සිට කුරුණෑගලට යන විට පල්ලමකට ගොස් දෙවරක්ම උඩුකුරුව පෙරළී ඇත. කෝච්චියක් ගඟකට ලිස්සායාම හෝ ඇළකට වැටීම එතරම් අරුම පුදුම සිදුවීමක් නොවන බව පවසා ඇති ඒ සඟරාවේ සඳහන්ව ඇති තවත් සිදුවීමක් මෙසේ විස්තර කර ඇත.

‘‘එක් අවස්ථාවකදී එක් කෝච්චියක් අශ්වයින් මාරු කිරීම සඳහා අශ්ව හලක් තිබූ තැනක නතර කරන ලදී. මෙහිවූ මාර්ගය බෑවුම් සහිත විය. අශ්වයින් ලිහා දැමූ කෝච්චිකාරයාට කෝච්චියේ රෝදවලට අඩ තබන්ට අමතක වූයේය. පළමුවෙන් සෙමින් සෙමින් පස්සට පල්ලම් බැසි කෝච්චියේ වේගය අධිකවන්ට වී එය ගොස් යාර පනහක් පහතින්වූ කෝපි වත්තකට ඇද වැටිණ. මේ සිද්ධිය වෙන විට වාසනාවකට මෙන් එහි සිටි මගීන් එය තුළින් නික්මිලාය. කෝච්චිය පාවිච්චියට සුදුසු සේ තනා ආපසු එය මාර්ගයට ගැනීමට යන වියදම කෝච්චියේ වටිනාකමට වඩා වූ හෙයින් එය වැටුණු තැනම තිබෙන්ට හරින ලදී.

කොළඹ සිට මහනුවරට අශ්ව කෝච්චියේ යාමට පවුම් 2 1/2 ක් වූ බවද අතරතුර මගීන් ගෙන් හැතැප්මකට පැන්ස 9 ක් බැගින්ද අයකර ඇත. මහර (හැ. 8 1/2), හෙනරත්ගොඩ (හැ. 16 1/2), උතුවන්කන්ද (හැ. 55) මේ මාර්ගයේ නැවතුම්පොළවල් කිහිපයකි. සිංහල විශ්ව කෝෂයේ දෙවැනි කාණ්ඩයේ මෙසේ සඳහන්ව ඇත. උතුවන්කන්දේ දී සුප්‍රකට සොරදෙටුවකු වූ සරදියෙල් විසින් අශ්ව කෝච්චි කීපවරක්ම ආපසු හරවා යවන ලද බව ද මේ නිසාම ඔහු ඇල්ලීමට හමුදා යැවීමට සිදුවූ බවද කියන පුවතක් ද එය සඳහන් වී ඇත.

‘‘රෝයල් මේල්’’ අශ්ව කෝච්චි සේවාව පසුව පවත්වාගෙන යන ලද්දේ රජය සම්බන්ධිත පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් බවත්, මෙයට අවශ්‍ය පවුම් 2000, පවුම් 50 කොටස් වලින් ලබාගන්නා ලද බව නුවරඑළියේ හේමපාල විසින් ලියූ ‘‘අශ්ව කෝච්චියෙන් ආකාශ යාත්‍රාවට’’ කෘතියේ සඳහන් වී ඇත. ඔහු පවසා ඇති අන්දමට ඉන් කොටස් 6 ක්ම ලංකාණ්ඩුකාරයාගේ (සර් රොබට් විල්මට් හෝටන්) විය. සෙසු කොටස් මෙහි සිටි යුරෝපීයයන් ගත් අතර සම්පූර්ණ කොටසක් ගත් එකදු සිංහලෙයක් හෝ නොවීය. මෙහිදී සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා පවා ගනු ලැබ ඇත්තේ කොටසකින් භාගයක් පමණය.

රෝයල් මේල් අශ්ව කෝච්චි සේවාව ආරම්භ කොට දින තුනකට පසු ඒ පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වූ ‘ද කලම්බු ජර්නල්’හි පළ කොට ඇති බව පවසා ඇති නුවරඑළියේ හේමපාල, ‘ලක්මිණි පහණ’ පත්‍රයේ සඳහනක් ද උපුටා දක්වයි.

‘දැන් ඉතින් මේල් අශ්ව කෝච්චිය අරඹා ඇති හෙයින් සිලිං 9 ක් සපයා ගත හැකි ඕනෑම කෙනෙකුට රට ඇතුළට යෑමට මාර්ගය විවෘතව ඇත. යටත් පිරිසෙයින් මේ කාරණය අතින්වත් අප ඉන්දියාවට වඩා ඉදිරියෙන් ගමන් කර ඇති බව කිව යුතු අතරම ලෝකයේ කුඩා දිවයිනක් වන ලංකාවට ඉංග්‍රීසි ක්‍රම සහ සිරිත් විරිත් හඳුන්වාදීමෙන් කළ හැකි සේවය මහත් බව පෙන්වා දිය යුතුය.

අශ්ව කෝච්චිය පටන් ගන්නේ අලුයම 4 ට නිසා මහහේන දක්වාම ඉර අව්වක් නැතිවම යා හැක. රථයේ ලාම්පු හොඳාකාර ඇති හෙයින් රාත්‍රී කාලයේ අන්ධකාරයෙන්ද අනතුරක් සිදුවිය නොහැක්කේ විශේෂයෙන්ම රථාචාර්යා මාර්ගය ගැන හොඳ දැනීමක් ඇති කරගැනීම නියත නිසාය. අශ්වයන් බැඳ තැබීමට ඉස්තාල සෑදූ විගසම මේ සේවය මහනුවර දක්වාම දීර්ඝ කරන්නට යන බැව් දැනගන්නට තිබේ.

අශ්ව කෝච්චි හදිසි අනතුරුවලට මුහුණ පෑ අවස්ථා ඉහත දක්වන ලදී. මින් බිහිසුණු අනතුර සිදුවී ඇත්තේ කොළඹ, ගාල්ල අශ්ව කෝච්චිය 1859 දී දෙහිවල පාලම උඩදී අනතුරට පත්වීමෙන් බව පැවසේ. අශ්ව කෝච්චියක ගමන් කිරීමේදී ඇතිවෙන ලොමු ඩැහැගන්වන දේ මෙන්ම ප්රීතිජනක දේද සිදුවී ඇත. පසුව කී දෙයින් කෙනෙක් සතුටට පත් කරවන්නට නම් පෙර කී දේ කෙනෙකු බියට පත් නොවි යුතුය. ප්‍රීතිමත්, හාස්‍යජනක, විස්මිත වූ අශ්ව කෝච්චි ගමන ලංකාවේ ආර්ථික, ජීවිතයද සමාජ ජීවිතයද වෙනස් කර වූයේ 1865 ඔක්තෝබර් 02 වෙනිදා දුම්රිය සේවාව මුල්වරට ආරම්භ කිරීමෙන් පසුය. 1867 වසරේ තැපැල් ගෙන යෑම දුම්රියට බාරදෙන ලදී. 1921 වෙන විට අශ්ව කෝච්චි සේවාව සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් තිබුණි.

උතුවන්කන්දේ සරදියෙල් ඇල්ලීමට අශ්ව කෝච්චි යොදා ගනියි.

[QUOTE="araki, post: 22810955, member: 360239"] [b]අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම්[/b] [B][SIZE=4]අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම්[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4]ආසියාවේ පළමුවැනි තැපැල් ගෙන යන අශ්ව කෝච්චිය ලංකාවේ ධාවනය වෙයි. කොළඹ සිට මහනුවරට ප්‍රථම මේල් කෝච් හෙවත් අශ්ව කෝච්චි ගමනට පැය 14 ක්. කොළඹ සිට මහනුවරට ගමන් ගාස්තුව පැන්ස 7 කි. රේස්වලට නුසුදුසු අශ්වයන් අශ්ව කෝච්චිවලට තෝරා ගනිති. මඩුවන්වෙල රටේ මහත්තයා ජර්මන් කුමාරයකු සමග අශ්ව කෝච්චියේ යයි. අශ්ව කෝච්චියේ ‘‘බොක්ස් සීට්’’ එකේ යන්න ප්‍රභූහූ පොරකති. පොල්ගහවෙල සිට කුරුණෑගල ගිය අශ්ව කෝච්චිය පල්ලමකට වැටී උඩුකුරුව පෙරළෙයි. සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක අශ්ව කෝච්චියේ කොටස් මිලදී ගනී. අශ්ව කෝච්චි ඉතිහාසයේ බිහිසුණු අනතුර දෙහිවල පාලම උඩදී සිදුවෙයි. [/SIZE] [SIZE=4]ආසියාවේ ප්‍රථම තැපැල් ගෙන යන අශ්ව කෝච්චිය ඉංග්‍රීසි පාලන සමයේ යොදවන ලද්දේ ලංකාවෙහිය. මේ අනුව මෙරට දුම්රිය සේවය පටන් ගැනීමට ප්‍රථම ඉංග්‍රීසි පාලන සමයේදී ගමනාගමනය පිණිසත් තැපැල් ගෙන යාම පිණිසත් භාවිතා කළ වාහනය අශ්ව කෝච්චියයි. 1832 පෙබරවාරි 01 වෙනිදා සර් රොබට් විල්මට් හෝටන් ආණ්ඩුකාරයාගේ කාලයේ (1831-1837) කොළඹ සිට මහනුවරට ප්‍රථම ‘‘මේල් කෝච්’’ (Mail Coach) හෙවත් අශ්ව කෝච්චිය යවන ලදී. මුළු ආසියාවටම මීට පෙර ‘‘මේල් කෝච්’’ තැපැල් රථයක් තිබී නැත. කොළඹ සිට මහනුවරට යන ගමනට පැය දහ හතරක් ගතවී ඇති අතර, මහනුවර සිට කොළඹට එන්නට ගතව ඇත්තේ පැය දොළහක් බව ශාස්ත්‍රාචාර්ය ජයතිස්ස පෙරේරා ‘‘නවයුගය’’ සඟරාවට 1956 වසරේ ලියා තිබුණි. කොළඹ ගාලු පාරෙහි තනි අයකු යෙදූ අශ්ව කෝච්චියක් ද තිබී ඇත. මෙහි ගමන් ගාස්තුව හැතැප්මකට පැන්ස 7 කි. කොළඹ සිට ගාල්ලට ගාස්තුව පවුම් දෙකකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3a95d0503e.jpg[/IMG][/SIZE] [SIZE=4]පසුව ගාල්ලේ සිට කළුතරටත්, කොළඹ සිට රත්නපුරයට ද ගම්පොල සිට නුවරඑළියටත්, මහනුවර සිට මාතලේටද පොල්ගහවෙල සිට කුරුණෑගලට ද අශ්ව කෝච්චි ගමන් කර ඇත. මේ කුමන මාර්ගයක අශ්ව කෝච්චිය ගමන් කළද මගීන් විඳි හිරිහැර සහ අපහසුකම් ගැන විස්තර සඟරාවල තිබුණි. එකල තිබූ මාර්ග ද යහපත් නොවීය. නමුත් වයස අවුරුදු 18 සිට 60 දක්වා වූ සියලුම නිරෝගී මිනිසුන් දුම්රිය දුවන මාර්ගවල නිසි තත්ත්වයේ තබා ගැනීමට අවුරුද්දකට දවස් හයක් ඒවායේ වැඩ කළ යුතු යයි 1848 පැනවූ ආඥාවක් නිසා එම වසරෙන් පසු දුම්රිය ගිය මාර්ගවල තත්ත්වය මදක් යහපත් වෙන්නට විය.[/SIZE] [SIZE=4] එදා අශ්ව කෝච්චියකින් ගමන් කළ අයෙක් 1940 වසරේ සඟරාවකට මෙසේ විස්තර කර තිබුණි. [/SIZE] [SIZE=4]‘‘අපි ගමන් කළ කෝච්චිය තුළ දෙපසෙහි පළල්වූ දිග ආසනයක් බැගින් විය. මේ එක් ආසනයක තුන්දෙනෙකුට වාඩිගත හැක. කෝච්චියෙහි පෙර කොටසෙහි රියදුරා වාඩිගන්නා ආසනය. රියෙහි පහළින් තනා තිබෙන මේ ආසනයෙහි එක් කෙනෙකුට හෝ දෙදෙනෙකුට වාඩිවිය හැක. පසු කොටසෙහිද පසු පාර්ශ්වය බලාගෙන වාඩිවී සිටිය හැකි සුව පහසු නොවූ තවත් අසුනකි. එහි වාඩි ගන්නේ ආරක්ෂකයායි. කෝච්චියෙහි වහළ රඳවා ඇත්තේ යකඩ පට්ටම් උඩය. ඇමෙරිකානු රෙදි වලින් මැසූ කවුළු රෙදි රථය දෙපැත්තෙහි එල්වා තිබෙන්නේ ඒවා උවමනා විටක උස් පහත් කරන්ට හැකිවන අන්දමටය.’’ [/SIZE] [SIZE=4]කෝච්චි අදින්ට බඳින අශ්වයන් සෑම විටම ශක්ති සම්පන්න සතුන් වූ නමුත් සමහර විට රේස් තරගවලට නුසුදුසු වූ රේස් අශ්වයන් මේ සඳහා තෝරාගනු ලැබීය. එක් රථයකට අශ්වයින් දෙදෙනකු බඳින්නාහ. මොවුන් එකෙක් පවුම් 50 සිට 70 දක්වා වටින බව පැවසේ. එහි සඳහන් වෙන අන්දමට මගීන්ගේ බඩු බාහිරාදිය කෝච්චියේ වහල උඩද, එහි බිමද තබන්නාහ. රියදුරු ඇඳ සිටියේ තද නිල් පාටින් යුත් කෝට් එකක්ද කලිසමක් සහ කළු පාට සපත්තු දෙකක්ය. ආරක්ෂකයාද පැළඳ ඇත්තේ එසේම වූ කෝට් කලිසම වෙනුවට ඔහු සරුවාලයක් වැනි ඇඳුමක් පැළඳ ඔහු සපත්තු පැළඳ නොසිටියේය. [/SIZE] [SIZE=4]අශ්ව කෝච්චි දුවන කාලයේ පාරවලට තාර දමා නොතිබුණ නිසා කෝච්චිය ඇදගෙන දිවීම අශ්වයන්ට මහත් කරදරයක් වී ඇත. අශ්වයෝ ඉක්මනින් විඩාවට පත්වෙන අතර ඇතැම් විට රෝල් නොකර කළුගල් දැමූ කොටස්වලද රථය ඇදගෙන යාමට සිදුව ඇත. මෙබඳු තැන්වලදී අශ්වයා දැක්කීමට ගන්නේ අහල පහළ පොල් වතු වලින් ඇහිඳ ගත් පොල් පිතිය. නැතහොත් වැටවල පැල ඉනිය. සමහර විට අශ්වයෝ තමන්ට කරන මේ නිග්‍රහයට පළිගැනීමක් වශයෙන් රථය බෝක්කු පල්ලම්වලට අැද දමන බව අශ්ව කෝච්චි යුගයේ තොරතුරු මැයෙන් 1956 වසරේ නව යුගය සඟරාවට ලිපියක් ලියූ පඩිකාර මුහන්දිරම් පී.එෆ්. අභයවික්‍රම මහතා සඳහන් කර ඇත. මේ ලේඛකයා අශ්ව කෝච්චි යුගයේ රසකතා ද කීමට අමතක කර නැත. මේ ඉන් එකකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_eabf0ddfba.jpg[/IMG][/SIZE] [SIZE=4]‘‘කඳු රටවල ප්‍රධානීහු, රටේ මහත්වරුද, පහත රට මුදලි මුහන්දිරම්වරුන්ද, අසුන් පිට නැගී ගොස් අශ්ව කෝච්චියට ළඟාවෙත්. මෙසේ ගමන් කළ එක් රටේ මහත්මයෙක් නම් ජේ.ඩබ්ලිව්. මඩුවන්වෙල රෙට් මහත්මයාය. මේ රටේ මහත්මයා ස්වකීය වලව්වේ සිට අශ්වයින් පිට ගොස් රක්වානේදී හෝ රත්නපුරයේදී කෝච්චියට නගිත්. මහ පාර නැති හරියේ යාමට පිටයන අසුන් හත්දෙනෙක් සිටි බැව් කියත්.[/SIZE] [SIZE=4] මෙසේ ගිය එක් දිනක් රට බැලීමට ආ රාජවාංශික ජර්මන් කුමාරයෙකුට කෝච්චිය වෙන්කර තිබුණේය. මඩුවන්වෙල රටේ මහත්මයා කෝච්චියට නගින්ට යන විට එහි සිටි සේවකයෙක් සුදු කුමාරයෙකුට කෝච්චිය වෙන්කර තිබෙනවාය කියා නගින්ට එපාය කීවේලු. ‘‘ඕ එහෙමද, උන්නැහේ සුදු කුමාරයා මම කළු කුමාරයා’’ කියා රථයට නැංගේය. රටේ මහත්මයාගේ සූට්කේස් බෑග් ආදිය ද කෝච්චියට පැටවූහ. මෙයින් කලබලයට පත් රථයේ සේවකයෝ දුව ආහ. එසේ ඇවිත් බැලූ කල මඩුවන්වෙල රටේ මහත්මයා බව දැක විශ්මයට පත්ව සමාව ඇයදියහ. ජර්මන් කුමාරයා රටේ මහත්මයාගේ මිත්‍ර භාවයට පැමිණ තෑගි බෝග පවා හුවමාරු කරගත්තේ යැයි කියති.’’ අශ්ව කෝච්චිය මුල් යුගයේ ඉංග්‍රීසි ආණ්ඩුව මගින් ආරම්භ කළත් පසුව මහජනයාට ඉල්ලුම් කර ලබාගැනීමට දැන්වීම් ප්‍රසිද්ධ කොට පිළිගත් ඉල්ලුම්කරුට දෙන ලදී. තැපැල් ගෙන යාමට මාස්පතා මුදලක් ගෙවනු ලැබීය. සමහර මුදලාලිලා මෙයින් ධනවත් වූ අතර සමහරු පාඩු ලැබූහ. වැඩි වශයෙන් මේවා ඉල්ලුම් කර ලබාගත්තේ රා අරක්කු රේන්ද වලින් මිල මුදල් රැස්කර ගත් පොහොසත් අය බව පවසා ඇති පඩිකාර මුහන්දිරම් අභයවික්‍රම මහතා තවත් රසවත් කතාවක් පවසා තිබුණි. [/SIZE] [SIZE=4]‘‘එක් දිනක් ගම්බද සෑහෙන්නෙක් කලින් පැමිණ අශ්ව කෝච්චියේ ‘‘බොක්ස් සීට්’’ එකේ වාඩිවී සිටියේය. මේ ‘‘බොක්ස් සීට්’’ එකේ යාමට කව්රුත් බොහෝ කැමතිය. පෙනීමට ලොකුකමකුත්, ගමනේ පහසුකමකුත් තිබෙන නිසාය. කෝච්චිය පිටත්වෙන්ට ඔන්න මෙන්න කියා සිටියදී උස මහත පෙනීමක් ඇති කාසි කැරැල්ලකුත් සහිත ඔර්ලෝසු මාලයක් දැමූ මුදලාලි කෙනෙක් ඇවිත් කලින් වාඩිගෙන සිටි තැනැත්තාට නැගිටින්ට කීවේය.[/SIZE] [SIZE=4] ‘‘මා කලින් පැමිණ සීට් එක ගෙන සිටි නිසා සීට් එක මගේ’’ මගියා කීවේය. ‘‘සීට් එක ඔහේගේ වෙන්ට පුළුවනි, නමුත් කෝච්චිය එහෙම පිටින්ම මගේ’’ යයි මුදලාලි කීවේය. ඉන් ලජ්ජාවට පත් මගියා හෙමි හෙමින් බැස ගියේය. [/SIZE] [SIZE=4]අශ්ව කෝච්චි ගමනක දී වෙන හදිසි අනතුරු ගැන විස්තර එකල සඟරාවල පළවී තිබුණි. ඒ තොරතුරු අනුව තද වර්ෂාවලදී කොළඹ - රත්නපුර පාර වතුරෙන් යටවෙන නිසා එකී මාර්ගය හදිසි අනතුරුවලට ප්‍රසිද්ධියක් ලැබී තිබිණ. එක් උදෑසනකදී එක් මගියෙකු ගමන් කළ අශ්ව කෝච්චියක් පොල්ගහවෙල සිට කුරුණෑගලට යන විට පල්ලමකට ගොස් දෙවරක්ම උඩුකුරුව පෙරළී ඇත. කෝච්චියක් ගඟකට ලිස්සායාම හෝ ඇළකට වැටීම එතරම් අරුම පුදුම සිදුවීමක් නොවන බව පවසා ඇති ඒ සඟරාවේ සඳහන්ව ඇති තවත් සිදුවීමක් මෙසේ විස්තර කර ඇත.[/SIZE] [SIZE=4] ‘‘එක් අවස්ථාවකදී එක් කෝච්චියක් අශ්වයින් මාරු කිරීම සඳහා අශ්ව හලක් තිබූ තැනක නතර කරන ලදී. මෙහිවූ මාර්ගය බෑවුම් සහිත විය. අශ්වයින් ලිහා දැමූ කෝච්චිකාරයාට කෝච්චියේ රෝදවලට අඩ තබන්ට අමතක වූයේය. පළමුවෙන් සෙමින් සෙමින් පස්සට පල්ලම් බැසි කෝච්චියේ වේගය අධිකවන්ට වී එය ගොස් යාර පනහක් පහතින්වූ කෝපි වත්තකට ඇද වැටිණ. මේ සිද්ධිය වෙන විට වාසනාවකට මෙන් එහි සිටි මගීන් එය තුළින් නික්මිලාය. කෝච්චිය පාවිච්චියට සුදුසු සේ තනා ආපසු එය මාර්ගයට ගැනීමට යන වියදම කෝච්චියේ වටිනාකමට වඩා වූ හෙයින් එය වැටුණු තැනම තිබෙන්ට හරින ලදී. [/SIZE] [SIZE=4]කොළඹ සිට මහනුවරට අශ්ව කෝච්චියේ යාමට පවුම් 2 1/2 ක් වූ බවද අතරතුර මගීන් ගෙන් හැතැප්මකට පැන්ස 9 ක් බැගින්ද අයකර ඇත. මහර (හැ. 8 1/2), හෙනරත්ගොඩ (හැ. 16 1/2), උතුවන්කන්ද (හැ. 55) මේ මාර්ගයේ නැවතුම්පොළවල් කිහිපයකි. සිංහල විශ්ව කෝෂයේ දෙවැනි කාණ්ඩයේ මෙසේ සඳහන්ව ඇත. උතුවන්කන්දේ දී සුප්‍රකට සොරදෙටුවකු වූ සරදියෙල් විසින් අශ්ව කෝච්චි කීපවරක්ම ආපසු හරවා යවන ලද බව ද මේ නිසාම ඔහු ඇල්ලීමට හමුදා යැවීමට සිදුවූ බවද කියන පුවතක් ද එය සඳහන් වී ඇත. ‘‘රෝයල් මේල්’’ අශ්ව කෝච්චි සේවාව පසුව පවත්වාගෙන යන ලද්දේ රජය සම්බන්ධිත පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් බවත්, මෙයට අවශ්‍ය පවුම් 2000, පවුම් 50 කොටස් වලින් ලබාගන්නා ලද බව නුවරඑළියේ හේමපාල විසින් ලියූ ‘‘අශ්ව කෝච්චියෙන් ආකාශ යාත්‍රාවට’’ කෘතියේ සඳහන් වී ඇත. ඔහු පවසා ඇති අන්දමට ඉන් කොටස් 6 ක්ම ලංකාණ්ඩුකාරයාගේ (සර් රොබට් විල්මට් හෝටන්) විය. සෙසු කොටස් මෙහි සිටි යුරෝපීයයන් ගත් අතර සම්පූර්ණ කොටසක් ගත් එකදු සිංහලෙයක් හෝ නොවීය. මෙහිදී සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා පවා ගනු ලැබ ඇත්තේ කොටසකින් භාගයක් පමණය. [/SIZE] [SIZE=4]රෝයල් මේල් අශ්ව කෝච්චි සේවාව ආරම්භ කොට දින තුනකට පසු ඒ පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වූ ‘ද කලම්බු ජර්නල්’හි පළ කොට ඇති බව පවසා ඇති නුවරඑළියේ හේමපාල, ‘ලක්මිණි පහණ’ පත්‍රයේ සඳහනක් ද උපුටා දක්වයි. ‘දැන් ඉතින් මේල් අශ්ව කෝච්චිය අරඹා ඇති හෙයින් සිලිං 9 ක් සපයා ගත හැකි ඕනෑම කෙනෙකුට රට ඇතුළට යෑමට මාර්ගය විවෘතව ඇත. යටත් පිරිසෙයින් මේ කාරණය අතින්වත් අප ඉන්දියාවට වඩා ඉදිරියෙන් ගමන් කර ඇති බව කිව යුතු අතරම ලෝකයේ කුඩා දිවයිනක් වන ලංකාවට ඉංග්‍රීසි ක්‍රම සහ සිරිත් විරිත් හඳුන්වාදීමෙන් කළ හැකි සේවය මහත් බව පෙන්වා දිය යුතුය. [/SIZE] [SIZE=4]අශ්ව කෝච්චිය පටන් ගන්නේ අලුයම 4 ට නිසා මහහේන දක්වාම ඉර අව්වක් නැතිවම යා හැක. රථයේ ලාම්පු හොඳාකාර ඇති හෙයින් රාත්‍රී කාලයේ අන්ධකාරයෙන්ද අනතුරක් සිදුවිය නොහැක්කේ විශේෂයෙන්ම රථාචාර්යා මාර්ගය ගැන හොඳ දැනීමක් ඇති කරගැනීම නියත නිසාය. අශ්වයන් බැඳ තැබීමට ඉස්තාල සෑදූ විගසම මේ සේවය මහනුවර දක්වාම දීර්ඝ කරන්නට යන බැව් දැනගන්නට තිබේ. අශ්ව කෝච්චි හදිසි අනතුරුවලට මුහුණ පෑ අවස්ථා ඉහත දක්වන ලදී. මින් බිහිසුණු අනතුර සිදුවී ඇත්තේ කොළඹ, ගාල්ල අශ්ව කෝච්චිය 1859 දී දෙහිවල පාලම උඩදී අනතුරට පත්වීමෙන් බව පැවසේ. අශ්ව කෝච්චියක ගමන් කිරීමේදී ඇතිවෙන ලොමු ඩැහැගන්වන දේ මෙන්ම ප්රීතිජනක දේද සිදුවී ඇත. පසුව කී දෙයින් කෙනෙක් සතුටට පත් කරවන්නට නම් පෙර කී දේ කෙනෙකු බියට පත් නොවි යුතුය. ප්‍රීතිමත්, හාස්‍යජනක, විස්මිත වූ අශ්ව කෝච්චි ගමන ලංකාවේ ආර්ථික, ජීවිතයද සමාජ ජීවිතයද වෙනස් කර වූයේ 1865 ඔක්තෝබර් 02 වෙනිදා දුම්රිය සේවාව මුල්වරට ආරම්භ කිරීමෙන් පසුය. 1867 වසරේ තැපැල් ගෙන යෑම දුම්රියට බාරදෙන ලදී. 1921 වෙන විට අශ්ව කෝච්චි සේවාව සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් තිබුණි. උතුවන්කන්දේ සරදියෙල් ඇල්ලීමට අශ්ව කෝච්චි යොදා ගනියි. [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom