අස්ගිරියෙන් දෙවන රතු එලිය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අස්ගිරියෙන් දෙවන රතු එලිය

    අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් පෙරේදා (20දා) සිදුකළ ප්‍රකාශයට උරණ වූ රජය අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් රන්ගිරි දඹුලු සිද්ධස්ථානය රජයට පවරාගෙන පාලනය කිරීමට කටයුතු කරන බවත් මෙය ගැටඹේ රාජෝපවනාරාමයට කටුකම්බි ගැසීමට සමාන දෙයක් බවත් රන්ගිරි දඹුලු විහාරාධිපති අස්ගිරි ජේ‍යෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම මංගල හිමියෝ ඊයේ (21දා) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.

    මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

    රංගිරි දඹුලු රජමහා විහාරය රජයට පවරාගෙන සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලට දෙන බවට අපට දැනගන්න ලැබුණා. මේ සඳහා අගමැතිවරයාගේ සහයෝගයෙන් අකිල විරාජ් ඇමැතිතුමා පුරාවිද්‍යා කටයුතු ඇමැතිවරයා බවට පත් කළා. අස්ගිරි විහාරයේ සිද්ධස්ථානයක් වන බෞද්ධ දේවාලගම් පනත යටතේ ක්‍රියාත්මක වන රංගිරි දඹුලු රජමහා විහාරය දැන් පවරා ගන්න කටයුතු කරන බවට දැනගන්න තිබෙනවා.

    අප අස්ගිරි විහාරයේදී පසුගිය 20 වන දින අස්ගිරි කාරක සංඝ සභාව එක්රැස්වී රටේ වත්මන් තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා කළා. එයට සමගාමීව අප රජයට ප්‍රකාශයක්ද නිකුත් කළා. ඒ ප්‍රකාශයේ යම් යම් කටයුතු සඳහා මමත් සම්බන්ධ වුණා. ඒ නිසා අපට රිදවීම සඳහා රන්ගිරි දඹුලු සිද්ධස්ථානය රජයට පවරාගෙන පාලනය කරන්න උත්සාහ කරනවා. ගැටඹේ රාජෝපවනාරාමයටත් කටුකම්බි ගැසුවේ මේ ආකාරයටමයි. මේ සිද්ධීන් දෙක අතර යම් සම්බන්ධයක් පවතිනවා. ඒ යහපාලන රජයේ තත්ත්වයන් කියා අප සිතනවා. අප මේවාට කම්පා වන්නේ නැහැ. අප මහා විහාරයීය භික්ෂුන් වහන්සේලා ලෙස ඉදිරියටත් රට ජාතිය සමාජය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන බව අප අකිල විරාජ් ඇමැතිවරයාට නොබියව පවසනවා.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    19396723_1812204139109474_6856910309011261468_n.jpg
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් උත්තරීතර් උනාද? විවස්තාව අලුතෙන් ගේන එකට් සහය දක්වපු වෙලේ කුලබෙදේට මගුල් මඩුව බැන් කරපුවහම බලුසරි බැන්නෙත් උබලම නේද?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තම්බියා,කුරුසයා,හින්දුවා,බොදුනුවා කියලා නැ හම්බකරන් කන එක වහන්න ගියාම තද වෙනවා. විහාරයක් පල්ලියක්, පන්සලක් ආන්ඩුවට ගන්න සෙට් උනාම තරහා යනවා.. ඒක සාමාන්යයි.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    _84705172_hi028121489.jpg

    මිනිස්සු ලයිට් බල බල ඉන්නකොට රනිල එට්කා ගේම දෙයි.
    අන්න ඔකයි වෙන්නේ. ඉස්සරහට මහින්දයා දේශපාලනේට එන එක වලක්වන්න, උපරිමේට මුස්ලිම් උන්ට පෙන්නනවා ආගම් බීතීකාව. දැන් යන සැම්පලේට මලාට මුස්ලිම් එකෙක් ආයේ මහින්දට දෙන්නේ නැ. මේ ආන්ඩුව මෙහෙම නම් මහින්ද කොහොම හිටීද කියලා උන් බය කරලා. දැන් නැති ප්‍රශ්නයක් ඇති කරලා මිනිස්සු ඒකට යොමු කරලා ගහන්නයි තියෙන්නේ ගැටේ.. රනිල පොන්නයා උනාට දස්සයා මිනිපියුලේට් වලට. රටේ ප්‍රශ්න එකසිය ගානට. ඩෙන්ගු, සයිටම්, කුනු.. මේ එකකටවත් එලි පත්තු නොවුන උන්, පන්සලේ පින්කැටේ නැති වෙනකොට ඔක්කොම එලි පත්තු කරනවා.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    What is the Dambulla Temple issue?

    The present temple management has done alterations to the ancient preserving so that it is going to loose UNESCO heritage site status.

    What is going to do by Government is to take over the management to Cultural Triangle and do manage the property and preserve the ancient status. There will not be any change to ownership to Asgiriya Chapter.