Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අස්සකො ලෝකෝ සබ්බං පහාය ගමනීයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]d1J9g7Q4TGw[/MEDIA]

“මහරජ, තථාගතයන් වහන්සේ වදාළ ධර්මපද සතරක් ඇත්තේ ය. මම ඒවා දැන, ඒවා දැක, ඒවා අසා පැවිදි වූයෙමි. මහරජ “උපනීයති ලොකො අද්ධුවෝ” යනු තථාගතයන් වහන්සේ වදාළ එක් ධර්ම පදයෙකි. “අත්තානෝ ලොකො අනභිස්සරො” යනු එක් ධර්මපදයෙකි. “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යනු එක් ධර්ම පදයෙකි. “ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො” යනු එක් ධර්ම පදයෙකි. මහරජ මේ මා දත්, මා දුටු, මා ඇසු ධර්ම පද සතරය’යි තෙරුන් වහන්සේ වදාළ සේක.

(1) “උපනීයති ලොකො අද්ධුවො” යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයන් ගේ එක් ස්වභාවයක නැවතී සිටීමක් නැත. ආයුඃක්ෂයවීමෙන් ඔවුහු ජරා මරණයන් කරා ගෙන යනු ලැබෙත්ය යනු යි.

(2) “අත්තානො ලොකො අනභිස්සරො” යන ධර්මපදයෙහි තේරුම - සත්ත්වයාට පිහිට වන්නට සමත් කෙනෙකු නැතියෙක් ය, සනසන්නට කෙනෙකු නැතියෙක් ය යනුයි. සත්ත්වයාට ජරා මරණාදියට නො පැමිණ විසීමට - පිහිට වීමට සමත් කෙනෙක් නැත. සත්ත්වයා සැනසීමට සමත් කෙනෙක් නැත යනු යි.

(3) “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයා හට ඇත්ත වශයෙන් අයත් දෙයක් නැත. මාගේ ය, මාගේ යයි කියා ගෙන සිටින සියල්ල ම ඔහුට හැර යාමට සිදු වේ ය යනු යි.

(4) “ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො” යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයාට කොතෙක් ලැබුණත් මදිය. ඇති වීමක් නැත. හේ හැම කල්හි ම තෘෂ්ණාවට දාසයෙක යනු යි.

ඉක්බිති රජතුමා හා රට්ඨපාල තෙරුන් වහන්සේ අතර ඇති වූ කථාව මෙසේ ය -

රජතුමා - පින්වත් රට්ඨපාලයන් වහන්ස, උපනීයති ලොකො අද්ධුවොයි ඔබ වහන්සේ කීවහු ය. එහි තේරුම කවරේ ද?

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබට අතීතයේ හස්තිශිල්ප, අස්ව

ශිල්පාදියෙහි දක්ෂ භාවයක් ඇති, හොඳට කාය ශක්තිය ඇති, විසිවස් විසිපස් වස් වයස ඇති කාලයක් තිබුණේ නොවේ ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඒ හරිය කුමට කියමු ද? එදා මට සිතුණේ මම සෘද්ධිමතෙක්ය කියා ය. මාගේ ශක්තිය තිබුණු සැටි එසේ ය.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, දැනුත් නුඹට ඒ සපන්කම් කළ

හැකි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, කුමට කියනවාද? දැන් මම අසූ අවුරුදු වයසෙහි සිටිමි. දැන් පය තැබුවා ම මාගේ පය නවතින්නේ තබන තැන නොව අන් තැනක ය. දැන් මගේ හැටි ඔහොම තමා. පෙර තුබූ ඒ බල පුළුවන්කාරකම් කිසිවක් දැන් මට නැත.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ “උපනීයති ලොකො අද්ධුවො” යි වදාළේ ඔය කාරණය නිසා ය.

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඉතා පුදුමයි. “උපනීයති ලොකො අද්ධුවො” යන බුද්ධ වචනය හරියට හරි. ඒ බව මට දැන් හොඳින් ම වැටහුණා.

පින්වත් රට්ඨපාලයන් වහන්ස, අපේ රජ වාසලට හස්ති සේනාවක් ද ඇත්තේ ය. අශ්ව සේනාවක් ද ඇත්තේ ය. රථ සේනාවක් ද ඇත්තේය. පාබල සේනාවක් ද ඇත්තේ ය. රට්ඨපාලයන් වහන්ස, අපට විපතක් පැමිණි කල්හි ඒ සේනාවෝ අප වෙනුවෙන් සටන් කරන්නාහ. අප ආරක්ෂා කරන්නාහ. “අත්තානො ලොකො අනභිස්සරො, යි ඔබ වහන්සේ සත්ත්වයාට පිහිට විය හැකි කෙනෙකු නැතය’යි කියන සේක. එහි තේරුම කුමක් ද?

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබගේ ශරීරයෙහි නො නැසී පවත්නා යම්කිසි රෝගයක් ඇත් ද?

රජතුමා - එසේ ය; රට්ඨපාලයන් වහන්ස, මාගේ ශරීරයෙහි නපුරු වාතාබාධයක් ඇත්තේ ය. එය උත්සන්න වූ ඇතැම් අවස්ථාවල කොරව්‍ය රජු දැන් දැන් මැරෙනු ඇතැයි මාගේ නෑ මිතුරෝ රැස්ව බලා සිටිති.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබට ඇති වන ඒ වේදනාව ඒ පැමිණෙන නෑ මිතුරන් සමඟ බෙදාගෙන විඳිමින් ඔබට සැනසිල්ලක් ලබා ගන්නට බැරි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, කොතෙකුත් නෑ මිතුරන් සිටියත් වේදනාව බෙදා ගෙන විඳින්නට නුපුළුවන. ඒ වේදනාව විඳින්නට වන්නේ මට පමණක් ය. එයින් කොටසක් බාර ගැනීමට සමතෙක් නැත.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, තථාගතයන් වහන්සේ “අත්තානො ලොකො අනභිස්සරො” යන ධර්ම පදය වදාළේ ඔය කාරණය ගැන ය.

රජතුමා - පින්වත් රට්ඨපාලයන් වහන්ස, ඒ තථාගතයන් වහන්සේ ගේ දැනුම ඉතා පුදුමයි. “අත්තානො ලොකො අනභිස්සරො” යන බණ පදය හරියට ම හරි.

පින්වත් රට්ඨපාලයන් වහන්ස, නිධානවල ද ගබඩාවල ද බොහෝ ධනය අපට තිබේ. “අස්සකෝ ලොකො සබ්බං පහාය ගමනීයං” සත්ත්වයාට අයත් කිසිවක් නැතය, සියල්ල හැර දමා යා යුතුය යි නුඹ වහන්සේ කියන්නාහුය. එහි තේරුම කුමක් ද?

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබ දැන් බොහෝ වස්තු රැස්කර ගෙන පස්කම් සැප විඳින්නෙහි ය. ඒ වස්තුව එසේ ම තිබිය දී ඒවා අනුන්ට භුක්ති විඳිමට හැර, ඔබට පමණක් පරලෝ යන්නට සිදු වෙනවා මිස ඒවා ගෙන ගොස් පරලොව ද භුක්ති විඳින්නට ලැබෙනවා ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඒ ධනය එසේ ම තුබූ තුබූ තැන්වල තිබියදී පරලොව යන්නට සිදු වෙනවා මිස කිසිවක් ගෙන යන්නට නො ලැබෙන්නේ ය.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, තථාගතයන් වහන්සේ “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යන ධර්ම පදය වදාලේ ඒ කාරණය නිසා ය.

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, තථාගත වචනය ඉතා ආශ්චර්‍ය්‍ය යි. එය එසේ ම යි. පින්වත් රට්ඨපාලයන් වහන්ස, “ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො” යි නුඹ වහන්සේ තවත් ධර්ම පදයක් කීවහු ය. එහි තේරුම කුමක් ද?

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබ දැන් බොහෝ සම්පත් ඇති මේ කුරුරට අයත් කරගෙන එයට අධිපති ව වාසය කරනවා නේ ද?

රජතුමා - එහෙමයි රට්ඨපාලයන් වහන්ස.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබට විශ්වාස කළහැකි මිනිසකු අවුත්, දේවයන් වහන්ස, නැගෙනහිර දිග ඔබට පහසුවෙන් යටත් කර ගත හැකි ජනපදයක් ඇත. නුඹ වහන්සේ විසින් එයත් යටත් කරගනු මැනව යි කියත හොත් ඔබ කුමක් කරන්නෙහි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස. එයත් යටත් කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, දකුණු දිගින් කෙනෙක් අවුත් එසේ කියුවහොත් ඔබ කුමක් කරන්නෙහි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඒ ජනපදයත් අයත් කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, බස්නාහිරින් කෙනකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, එයත් අයිති කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, උතුරෙන් කෙනෙකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද?

රජතුමා - එයත් යටත් කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, මුහුදෙන් එතර සිටි කෙනකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද?

රජතුමා - එයත් අයිති කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, තථාගතයන් වහන්සේ විසින් “ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො” යන ධර්මපදය වදාලේ ඔය කරුණ ගැන ය.

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ආශ්චර්යයි. තථාගතයන් වහන්සේ වදාළ ඒ ධර්මපදය එසේ ම යි. සත්ත්වයනට ඇති වීමක් නම් වන්නේ ම නැත.

ඉක්බිති රට්ඨපාල තෙරුන් වහන්සේ රජුට ගාථා තෙළෙසකින් දහම් දෙසූ සේක. ඒ ගාථා හා ඒවායේ තේරුම මෙසේ ය : (ඒවා රසවත් ගාථාය. සිංහලයෙන් තේරුම් කිරීමේදී පාළි වචන අනුව ම තේරුම් කළ හොත් ඒවායේ රසය නො ලැබේ. එබැවින් ගාථාවල රසය නො නැසෙන පරිදි සිංහලයට ගැලපෙන සැටියට ඒවායේ තේරුම දක්වනු ලැබේ.)

පස්සාමි ලොකෙ සධනෙ මනුස්සෙ

ලද්ධාන විත්තං න දදන්ති මොහා

ලුද්ධා ධනං සන්නිචයං කරොන්ති

භීය්යොව කාමෙ අභිපත්ථයන්ති

ලෝකයෙහි පොහොසත්තු ඇතහ. ඔවුහු වස්තුව ඇත ද, ලෝභය නිසා කිසිවකුට කිසිවක් නො දෙති. ලෝභයෙන් ධනය ම රැස් කරති. තව තවත් කම් සැප ම පතති.

රාජා පසය්හ පඨවිං ජිනිත්වා

සසාගරන්තං මහිමාවසන්තො

ඔරං සමුද්දස්ස අතිත්තරූපො

පාරං සමුද්දස්ස’පි පත්ථයෙථ

සාගරය දක්වා ඇති මේ පොළොව අයිති කර ගෙන සිටින රජුට එපමණින් ඇති නොවී සාගරයෙන් ඔබ රටවල් ගැන ද සිතන්නේ ය.

රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා

අවීත තණ්හා මරණං උපෙන්ති

ඌණාව හුත්වාත ජහන්ති දෙහං

කාමෙහි ලොකම්හි න’හත්ථී තිත්ති

රජ ද අන්‍ය බොහෝ මනුෂ්‍යයෝ ද ලෝභය දුරු නො කොට ම මැරෙති. ඔවුහු රැස් කළ වස්තුව ඇති නොවී ම මැරෙති. ලෝකයෙහි මිනිසුන්ට කාමයන් ඇති වීමක් නම් නැත. කෙතෙක් ලැබූවත් ඔවුන්ට මදිම ය.

කන්දන්ති තං ඤාති පරිකිරිය කෙසෙ

අහො වතා නො අමරාති චාහු

වත්ථෙන තං පාරුතං නීහරිත්වා

චිතං සමොධාය තතො ඩහන්ති.

නෑයෝ ඒ මිය ගිය තැනැත්තා ගැන අනේ අපේ තාත්තා, අනේ අපේ අම්මා, අනේ අපේ මල්ලී, අනේ අපේ හොඳ නංගී යනාදීන් කියමින් හිසකේ අවුල් කර ගෙන හඬති. එසේ කොට මළ තැනැත්තාට රෙද්දක් පොරවා බැහැරට ගෙන ගොස් දර සෑයක් කොට එහි තබා දවති.

සො ඩය්හති සුලෙහි චිතුජ්ජමානො

එකෙන වත්ථෙන පහාය භොගෙ

න මීයමානස්ස භවන්ති තාණා

ඤාතීධමිත්තා අථවා සහායා

ඒ මළ තැනැත්තා හම්බ කළ සියල්ල අත හැර, හැඳි වත පමණකින් එහි ගොස් මිනී දවන්නන්ගේ හුල් පහරට ලක් වෙමින් ගිනි ගොඩේ දැවෙන්නේ ය. මේ ලෝකයෙහි මැරෙන්නහුට පිහිට වන නෑයෙක් මිතුරෙක් නැත්තේ ය.

දායාදකා තස්ස ධනං හරන්ති

සත්තෝ පන ගච්ඡති යෙන කම්මං

න මීයමානං ධනමන්වෙති කිඤ්චි

පුත්තා ච දාරා ච ධනං ච රට්ඨං

ඒ මළහු තණ්හාවෙන් රැස් කළ ධනය උරුමක්කාරයෝ බෙදා ගනිති. මළ තැනැත්තේ කම් වූ පරිදිදෙන් සුගතියට හෝ අපායට යේ; ඔහු හා යන ධනයක් නැත. නෑයෙක් මිතුරෙක් ද නැත. රටක් ද නැත.

න දීඝ මායුං ලභතෙ ධනෙන

න චාපි චිත්තෙන ජරං විහන්ති

අප්පං හි දං ජිවිතං ආහු ධීරා

අසස්සතං විප්පරිණාම ධම්මං

ධනය නිසා ධනවතාට ලෝකයෙහි අන්‍යයන් ජීවත් වෙන කාලයට අධික කාලයක් ජීවත් වන්නට නො ලැබේ. ධනය නිසා ධනවතා ජරාවට නො පැමිණෙන්නේ ද නො වේ. මේ ජිවිතය අල්පය යි ද, අස්ථීරය යි ද, පෙරෙළන දෙයකැ යි ද නුවණැත්තෝ කීහු.

අඞ්ඪා දලිද්දා ච ඵුසන්ති ඵස්සා

බාලො ච ධීරො ච තථෙව ඵුට්ඨො

බාලෙ හි බාල්‍යා වධිතොව සෙති

ධීරො ච නාවෙධති එස්ස පුට්ඨො

පොහොසත් නො පොහොසත් හැම දෙන ම මැරෙන්නා හ. බාලයෝ ත් පණ්ඩිතයෝත් එසේ ම මැරෙන්නා හ. මරණ කාලයේ දී බාලයා මා විසින් පිනක් කර නො ගතිමි යි තැවි තැවී නිදන්නේ ය. පව් නො කළ බැවින් හා පින් කළ බැවින් නුවණැත්තේ මරණ කාලයේ දී තැවීමක් නැති ව බියක් නැති ව මැරෙන්නේ ය.

තස්මා හි පඤ්ඤාව ධනෙන සෙය්යො

යාය වොසානං ඉධාධිගච්ඡති

අසො සිත්තා හි භවාභවෙසු

පාපානි කම්මානි කරොන්ති මොහා

ප්‍රඥාව කරණකොට මේ ලෝකයේ සකල කෘත්‍යයන්ගේ අවසානය වූ අර්හත්වයට පැමිණිය හැකි වන බැවින් ධනයට වඩා ප්‍රඥාව ම උතුම්, අර්හත්වයට නො පැමිණීම නිසා කුඩා මහත් භවයන්හි, මෝහයෙන් සත්ත්වයා පව්කම් කරන්නේ ය.

උපෙති ගබ්භං ච පරඤ්ච ලොකං

සංසාරමාපජ්ජ පරම්පරාය

තස්සප්ප පඤ්ඤො අභිසද්දහන්තො

උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං

පව් කරන්නා වූ සත්ත්වයා භව පරම්පරාවෙන් සංසාරයට පැමිණ ගර්භයට ද පරලොවට ද යයි. නුවණ නැති තැනැත්තේ ඔහුගේ වචන අදහා ක්‍රියා කොට තෙමේත් ගර්භයට හා පරලොවට යයි.

චොරො යථා සන්ධිමුඛෙ ගහීතො

සකම්මනා භඤ්ඤති පාප ධම්මො

එවං පජා පෙච්ච පරම්හි ලොකෙ

සකම්මනා භඤ්ඤති පාප ධම්මො

ගෙය බින්ද සිදුර ලඟ ම සිට අසු වූ සොරා තමා කළ වරදට ගෙහිමියන්ගෙන් ගුටිබැට හා රජයෙන් දඬුවම් ද, ලබන්නාක් මෙන් පව් කළ තැනැත්තේ පසුව පරලෙව් හි අපායේ දී තමා කළ අපරාධ ගැන දඬුවම් ලබන්නේ ය.

කාමාහි චිත්‍රා මධුරා මනොරමා

වීරූපරූපෙන මථෙන්ති චිත්තං

ආදීනවං කාමගුණෙසු දිස්වා

තස්මා අහං පබ්බජිතො’ස්මි රාජ.

විසිතුරු වූ මිහිර වූ සිත් අලවන්නා වූ කාමයෝ නා නා ආකාරයෙන් සත්ත්වයා ගේ සිත පෙළත්, මහරජ, මම මෙ ලොව ද දෙව්ලොව ද ඇති කාමයන් ගේ දොස් දැක පැවිදි වූයෙමි.

“දුමප්ඵලා නෙව පතන්ති මානවා

දහරා ච වුද්ධා ච සරීරභේදා

එතම්පි දිස්වා පබ්බජිතො’ම්හි රාජ

අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො”

ළදරු වූ ද, මහලු වූ ද, මනුෂ්‍යයෝ ගස්වල ගෙඩි වැටෙන්නාක් මෙන් මැරී වැටෙති. මහරජ, මම එය ද දැක පැවිදි වූයෙමි. වැරදීමක් නැති ඒකාන්තයෙන් නිවනට පමුණුවන්නා වූ පැවිද්ද ම උතුම්.

රට්ඨපාල තෙරුන් වහන්සේගේ චරිතය නිමි.

[QUOTE="asliyanage, post: 27061724, member: 8764"] [MEDIA=youtube]d1J9g7Q4TGw[/MEDIA] “මහරජ, තථාගතයන් වහන්සේ වදාළ ධර්මපද සතරක් ඇත්තේ ය. මම ඒවා දැන, ඒවා දැක, ඒවා අසා පැවිදි වූයෙමි. මහරජ “උපනීයති ලොකො අද්ධුවෝ” යනු තථාගතයන් වහන්සේ වදාළ එක් ධර්ම පදයෙකි. “අත්තානෝ ලොකො අනභිස්සරො” යනු එක් ධර්මපදයෙකි. “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යනු එක් ධර්ම පදයෙකි. “ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො” යනු එක් ධර්ම පදයෙකි. මහරජ මේ මා දත්, මා දුටු, මා ඇසු ධර්ම පද සතරය’යි තෙරුන් වහන්සේ වදාළ සේක. [B](1) “උපනීයති ලොකො අද්ධුවො” [/B]යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයන් ගේ එක් ස්වභාවයක නැවතී සිටීමක් නැත. ආයුඃක්ෂයවීමෙන් ඔවුහු ජරා මරණයන් කරා ගෙන යනු ලැබෙත්ය යනු යි. [B](2) “අත්තානො ලොකො අනභිස්සරො” [/B]යන ධර්මපදයෙහි තේරුම - සත්ත්වයාට පිහිට වන්නට සමත් කෙනෙකු නැතියෙක් ය, සනසන්නට කෙනෙකු නැතියෙක් ය යනුයි. සත්ත්වයාට ජරා මරණාදියට නො පැමිණ විසීමට - පිහිට වීමට සමත් කෙනෙක් නැත. සත්ත්වයා සැනසීමට සමත් කෙනෙක් නැත යනු යි. [B](3) “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” [/B]යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයා හට ඇත්ත වශයෙන් අයත් දෙයක් නැත. මාගේ ය, මාගේ යයි කියා ගෙන සිටින සියල්ල ම ඔහුට හැර යාමට සිදු වේ ය යනු යි. [B](4) “ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො” [/B]යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයාට කොතෙක් ලැබුණත් මදිය. ඇති වීමක් නැත. හේ හැම කල්හි ම තෘෂ්ණාවට දාසයෙක යනු යි. ඉක්බිති රජතුමා හා රට්ඨපාල තෙරුන් වහන්සේ අතර ඇති වූ කථාව මෙසේ ය - රජතුමා - පින්වත් රට්ඨපාලයන් වහන්ස, [B]උපනීයති ලොකො අද්ධුවොයි [/B]ඔබ වහන්සේ කීවහු ය. එහි තේරුම කවරේ ද? [B]රට්ඨපාල තෙරුන් වහන්සේ [/B]- මහරජ, ඔබට අතීතයේ හස්තිශිල්ප, අස්ව ශිල්පාදියෙහි දක්ෂ භාවයක් ඇති, හොඳට කාය ශක්තිය ඇති, විසිවස් විසිපස් වස් වයස ඇති කාලයක් තිබුණේ නොවේ ද? [B]රජතුමා[/B] - රට්ඨපාලයන් වහන්ස, ඒ හරිය කුමට කියමු ද? එදා මට සිතුණේ මම සෘද්ධිමතෙක්ය කියා ය. මාගේ ශක්තිය තිබුණු සැටි එසේ ය. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ [/B]- මහරජ, දැනුත් නුඹට ඒ සපන්කම් කළ හැකි ද? [B]රජතුමා[/B] - රට්ඨපාලයන් වහන්ස, කුමට කියනවාද? දැන් මම අසූ අවුරුදු වයසෙහි සිටිමි. දැන් පය තැබුවා ම මාගේ පය නවතින්නේ තබන තැන නොව අන් තැනක ය. දැන් මගේ හැටි ඔහොම තමා. පෙර තුබූ ඒ බල පුළුවන්කාරකම් කිසිවක් දැන් මට නැත. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ[/B] - මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ [B]“උපනීයති ලොකො අද්ධුවො”[/B] යි වදාළේ ඔය කාරණය නිසා ය. [B]රජතුමා [/B]- රට්ඨපාලයන් වහන්ස, ඉතා පුදුමයි. [B]“උපනීයති ලොකො අද්ධුවො”[/B] යන බුද්ධ වචනය හරියට හරි. ඒ බව මට දැන් හොඳින් ම වැටහුණා. පින්වත් රට්ඨපාලයන් වහන්ස, අපේ රජ වාසලට හස්ති සේනාවක් ද ඇත්තේ ය. අශ්ව සේනාවක් ද ඇත්තේ ය. රථ සේනාවක් ද ඇත්තේය. පාබල සේනාවක් ද ඇත්තේ ය. රට්ඨපාලයන් වහන්ස, අපට විපතක් පැමිණි කල්හි ඒ සේනාවෝ අප වෙනුවෙන් සටන් කරන්නාහ. අප ආරක්ෂා කරන්නාහ. [B]“අත්තානො ලොකො අනභිස්සරො[/B], යි ඔබ වහන්සේ සත්ත්වයාට පිහිට විය හැකි කෙනෙකු නැතය’යි කියන සේක. එහි තේරුම කුමක් ද? [B]රට්ඨපාල තෙරුන් වහන්සේ[/B] - මහරජ, ඔබගේ ශරීරයෙහි නො නැසී පවත්නා යම්කිසි රෝගයක් ඇත් ද? [B]රජතුමා [/B]- එසේ ය; රට්ඨපාලයන් වහන්ස, මාගේ ශරීරයෙහි නපුරු වාතාබාධයක් ඇත්තේ ය. එය උත්සන්න වූ ඇතැම් අවස්ථාවල කොරව්‍ය රජු දැන් දැන් මැරෙනු ඇතැයි මාගේ නෑ මිතුරෝ රැස්ව බලා සිටිති. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ [/B]- මහරජ, ඔබට ඇති වන ඒ වේදනාව ඒ පැමිණෙන නෑ මිතුරන් සමඟ බෙදාගෙන විඳිමින් ඔබට සැනසිල්ලක් ලබා ගන්නට බැරි ද? [B]රජතුමා[/B] - රට්ඨපාලයන් වහන්ස, කොතෙකුත් නෑ මිතුරන් සිටියත් වේදනාව බෙදා ගෙන විඳින්නට නුපුළුවන. ඒ වේදනාව විඳින්නට වන්නේ මට පමණක් ය. එයින් කොටසක් බාර ගැනීමට සමතෙක් නැත. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ[/B] - මහරජ, තථාගතයන් වහන්සේ [B]“අත්තානො ලොකො අනභිස්සරො”[/B] යන ධර්ම පදය වදාළේ ඔය කාරණය ගැන ය. [B]රජතුමා[/B] - පින්වත් රට්ඨපාලයන් වහන්ස, ඒ තථාගතයන් වහන්සේ ගේ දැනුම ඉතා පුදුමයි. [B]“අත්තානො ලොකො අනභිස්සරො” [/B]යන බණ පදය හරියට ම හරි. පින්වත් රට්ඨපාලයන් වහන්ස, නිධානවල ද ගබඩාවල ද බොහෝ ධනය අපට තිබේ. [B]“අස්සකෝ ලොකො සබ්බං පහාය ගමනීයං”[/B] සත්ත්වයාට අයත් කිසිවක් නැතය, සියල්ල හැර දමා යා යුතුය යි නුඹ වහන්සේ කියන්නාහුය. එහි තේරුම කුමක් ද? [B]රට්ඨපාල තෙරුන් වහන්සේ [/B]- මහරජ, ඔබ දැන් බොහෝ වස්තු රැස්කර ගෙන පස්කම් සැප විඳින්නෙහි ය. ඒ වස්තුව එසේ ම තිබිය දී ඒවා අනුන්ට භුක්ති විඳිමට හැර, ඔබට පමණක් පරලෝ යන්නට සිදු වෙනවා මිස ඒවා ගෙන ගොස් පරලොව ද භුක්ති විඳින්නට ලැබෙනවා ද? [B]රජතුමා[/B] - රට්ඨපාලයන් වහන්ස, ඒ ධනය එසේ ම තුබූ තුබූ තැන්වල තිබියදී පරලොව යන්නට සිදු වෙනවා මිස කිසිවක් ගෙන යන්නට නො ලැබෙන්නේ ය. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ [/B]- මහරජ, තථාගතයන් වහන්සේ [B]“අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං”[/B] යන ධර්ම පදය වදාලේ ඒ කාරණය නිසා ය. [B]රජතුමා[/B] - රට්ඨපාලයන් වහන්ස, තථාගත වචනය ඉතා ආශ්චර්‍ය්‍ය යි. එය එසේ ම යි. පින්වත් රට්ඨපාලයන් වහන්ස, [B]“ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො”[/B] යි නුඹ වහන්සේ තවත් ධර්ම පදයක් කීවහු ය. එහි තේරුම කුමක් ද? [B]රට්ඨපාල තෙරුන් වහන්සේ[/B] - මහරජ, ඔබ දැන් බොහෝ සම්පත් ඇති මේ කුරුරට අයත් කරගෙන එයට අධිපති ව වාසය කරනවා නේ ද? [B]රජතුමා[/B] - එහෙමයි රට්ඨපාලයන් වහන්ස. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ[/B] - මහරජ, ඔබට විශ්වාස කළහැකි මිනිසකු අවුත්, දේවයන් වහන්ස, නැගෙනහිර දිග ඔබට පහසුවෙන් යටත් කර ගත හැකි ජනපදයක් ඇත. නුඹ වහන්සේ විසින් එයත් යටත් කරගනු මැනව යි කියත හොත් ඔබ කුමක් කරන්නෙහි ද? [B]රජතුමා [/B]- රට්ඨපාලයන් වහන්ස. එයත් යටත් කර ගනිමි. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ[/B] - මහරජ, දකුණු දිගින් කෙනෙක් අවුත් එසේ කියුවහොත් ඔබ කුමක් කරන්නෙහි ද? [B]රජතුමා[/B] - රට්ඨපාලයන් වහන්ස, ඒ ජනපදයත් අයත් කර ගනිමි. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ[/B] - මහරජ, බස්නාහිරින් කෙනකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද? [B]රජතුමා[/B] - රට්ඨපාලයන් වහන්ස, එයත් අයිති කර ගනිමි. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ [/B]- මහරජ, උතුරෙන් කෙනෙකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද? [B]රජතුමා[/B] - එයත් යටත් කර ගනිමි. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ[/B] - මහරජ, මුහුදෙන් එතර සිටි කෙනකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද? [B]රජතුමා[/B] - එයත් අයිති කර ගනිමි. [B]රට්ඨපාල තෙරුන් වහන්සේ[/B] - මහරජ, තථාගතයන් වහන්සේ විසින් [B]“ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො” [/B]යන ධර්මපදය වදාලේ ඔය කරුණ ගැන ය. [B]රජතුමා[/B] - රට්ඨපාලයන් වහන්ස, ආශ්චර්යයි. තථාගතයන් වහන්සේ වදාළ ඒ ධර්මපදය එසේ ම යි. සත්ත්වයනට ඇති වීමක් නම් වන්නේ ම නැත. ඉක්බිති රට්ඨපාල තෙරුන් වහන්සේ රජුට ගාථා තෙළෙසකින් දහම් දෙසූ සේක. ඒ ගාථා හා ඒවායේ තේරුම මෙසේ ය : (ඒවා රසවත් ගාථාය. සිංහලයෙන් තේරුම් කිරීමේදී පාළි වචන අනුව ම තේරුම් කළ හොත් ඒවායේ රසය නො ලැබේ. එබැවින් ගාථාවල රසය නො නැසෙන පරිදි සිංහලයට ගැලපෙන සැටියට ඒවායේ තේරුම දක්වනු ලැබේ.) පස්සාමි ලොකෙ සධනෙ මනුස්සෙ ලද්ධාන විත්තං න දදන්ති මොහා ලුද්ධා ධනං සන්නිචයං කරොන්ති භීය්යොව කාමෙ අභිපත්ථයන්ති ලෝකයෙහි පොහොසත්තු ඇතහ. ඔවුහු වස්තුව ඇත ද, ලෝභය නිසා කිසිවකුට කිසිවක් නො දෙති. ලෝභයෙන් ධනය ම රැස් කරති. තව තවත් කම් සැප ම පතති. රාජා පසය්හ පඨවිං ජිනිත්වා සසාගරන්තං මහිමාවසන්තො ඔරං සමුද්දස්ස අතිත්තරූපො පාරං සමුද්දස්ස’පි පත්ථයෙථ සාගරය දක්වා ඇති මේ පොළොව අයිති කර ගෙන සිටින රජුට එපමණින් ඇති නොවී සාගරයෙන් ඔබ රටවල් ගැන ද සිතන්නේ ය. රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා අවීත තණ්හා මරණං උපෙන්ති ඌණාව හුත්වාත ජහන්ති දෙහං කාමෙහි ලොකම්හි න’හත්ථී තිත්ති රජ ද අන්‍ය බොහෝ මනුෂ්‍යයෝ ද ලෝභය දුරු නො කොට ම මැරෙති. ඔවුහු රැස් කළ වස්තුව ඇති නොවී ම මැරෙති. ලෝකයෙහි මිනිසුන්ට කාමයන් ඇති වීමක් නම් නැත. කෙතෙක් ලැබූවත් ඔවුන්ට මදිම ය. කන්දන්ති තං ඤාති පරිකිරිය කෙසෙ අහො වතා නො අමරාති චාහු වත්ථෙන තං පාරුතං නීහරිත්වා චිතං සමොධාය තතො ඩහන්ති. නෑයෝ ඒ මිය ගිය තැනැත්තා ගැන අනේ අපේ තාත්තා, අනේ අපේ අම්මා, අනේ අපේ මල්ලී, අනේ අපේ හොඳ නංගී යනාදීන් කියමින් හිසකේ අවුල් කර ගෙන හඬති. එසේ කොට මළ තැනැත්තාට රෙද්දක් පොරවා බැහැරට ගෙන ගොස් දර සෑයක් කොට එහි තබා දවති. සො ඩය්හති සුලෙහි චිතුජ්ජමානො එකෙන වත්ථෙන පහාය භොගෙ න මීයමානස්ස භවන්ති තාණා ඤාතීධමිත්තා අථවා සහායා ඒ මළ තැනැත්තා හම්බ කළ සියල්ල අත හැර, හැඳි වත පමණකින් එහි ගොස් මිනී දවන්නන්ගේ හුල් පහරට ලක් වෙමින් ගිනි ගොඩේ දැවෙන්නේ ය. මේ ලෝකයෙහි මැරෙන්නහුට පිහිට වන නෑයෙක් මිතුරෙක් නැත්තේ ය. දායාදකා තස්ස ධනං හරන්ති සත්තෝ පන ගච්ඡති යෙන කම්මං න මීයමානං ධනමන්වෙති කිඤ්චි පුත්තා ච දාරා ච ධනං ච රට්ඨං ඒ මළහු තණ්හාවෙන් රැස් කළ ධනය උරුමක්කාරයෝ බෙදා ගනිති. මළ තැනැත්තේ කම් වූ පරිදිදෙන් සුගතියට හෝ අපායට යේ; ඔහු හා යන ධනයක් නැත. නෑයෙක් මිතුරෙක් ද නැත. රටක් ද නැත. න දීඝ මායුං ලභතෙ ධනෙන න චාපි චිත්තෙන ජරං විහන්ති අප්පං හි දං ජිවිතං ආහු ධීරා අසස්සතං විප්පරිණාම ධම්මං ධනය නිසා ධනවතාට ලෝකයෙහි අන්‍යයන් ජීවත් වෙන කාලයට අධික කාලයක් ජීවත් වන්නට නො ලැබේ. ධනය නිසා ධනවතා ජරාවට නො පැමිණෙන්නේ ද නො වේ. මේ ජිවිතය අල්පය යි ද, අස්ථීරය යි ද, පෙරෙළන දෙයකැ යි ද නුවණැත්තෝ කීහු. අඞ්ඪා දලිද්දා ච ඵුසන්ති ඵස්සා බාලො ච ධීරො ච තථෙව ඵුට්ඨො බාලෙ හි බාල්‍යා වධිතොව සෙති ධීරො ච නාවෙධති එස්ස පුට්ඨො පොහොසත් නො පොහොසත් හැම දෙන ම මැරෙන්නා හ. බාලයෝ ත් පණ්ඩිතයෝත් එසේ ම මැරෙන්නා හ. මරණ කාලයේ දී බාලයා මා විසින් පිනක් කර නො ගතිමි යි තැවි තැවී නිදන්නේ ය. පව් නො කළ බැවින් හා පින් කළ බැවින් නුවණැත්තේ මරණ කාලයේ දී තැවීමක් නැති ව බියක් නැති ව මැරෙන්නේ ය. තස්මා හි පඤ්ඤාව ධනෙන සෙය්යො යාය වොසානං ඉධාධිගච්ඡති අසො සිත්තා හි භවාභවෙසු පාපානි කම්මානි කරොන්ති මොහා ප්‍රඥාව කරණකොට මේ ලෝකයේ සකල කෘත්‍යයන්ගේ අවසානය වූ අර්හත්වයට පැමිණිය හැකි වන බැවින් ධනයට වඩා ප්‍රඥාව ම උතුම්, අර්හත්වයට නො පැමිණීම නිසා කුඩා මහත් භවයන්හි, මෝහයෙන් සත්ත්වයා පව්කම් කරන්නේ ය. උපෙති ගබ්භං ච පරඤ්ච ලොකං සංසාරමාපජ්ජ පරම්පරාය තස්සප්ප පඤ්ඤො අභිසද්දහන්තො උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං පව් කරන්නා වූ සත්ත්වයා භව පරම්පරාවෙන් සංසාරයට පැමිණ ගර්භයට ද පරලොවට ද යයි. නුවණ නැති තැනැත්තේ ඔහුගේ වචන අදහා ක්‍රියා කොට තෙමේත් ගර්භයට හා පරලොවට යයි. චොරො යථා සන්ධිමුඛෙ ගහීතො සකම්මනා භඤ්ඤති පාප ධම්මො එවං පජා පෙච්ච පරම්හි ලොකෙ සකම්මනා භඤ්ඤති පාප ධම්මො ගෙය බින්ද සිදුර ලඟ ම සිට අසු වූ සොරා තමා කළ වරදට ගෙහිමියන්ගෙන් ගුටිබැට හා රජයෙන් දඬුවම් ද, ලබන්නාක් මෙන් පව් කළ තැනැත්තේ පසුව පරලෙව් හි අපායේ දී තමා කළ අපරාධ ගැන දඬුවම් ලබන්නේ ය. කාමාහි චිත්‍රා මධුරා මනොරමා වීරූපරූපෙන මථෙන්ති චිත්තං ආදීනවං කාමගුණෙසු දිස්වා තස්මා අහං පබ්බජිතො’ස්මි රාජ. විසිතුරු වූ මිහිර වූ සිත් අලවන්නා වූ කාමයෝ නා නා ආකාරයෙන් සත්ත්වයා ගේ සිත පෙළත්, මහරජ, මම මෙ ලොව ද දෙව්ලොව ද ඇති කාමයන් ගේ දොස් දැක පැවිදි වූයෙමි. “දුමප්ඵලා නෙව පතන්ති මානවා දහරා ච වුද්ධා ච සරීරභේදා එතම්පි දිස්වා පබ්බජිතො’ම්හි රාජ අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො” ළදරු වූ ද, මහලු වූ ද, මනුෂ්‍යයෝ ගස්වල ගෙඩි වැටෙන්නාක් මෙන් මැරී වැටෙති. මහරජ, මම එය ද දැක පැවිදි වූයෙමි. වැරදීමක් නැති ඒකාන්තයෙන් නිවනට පමුණුවන්නා වූ පැවිද්ද ම උතුම්. [B]රට්ඨපාල තෙරුන් වහන්සේගේ චරිතය නිමි.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom