Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසාධ්‍ය රෝගියකු Ventilator එකකින් විසන්ධි කල හැක්කේ කවර තත්ත්ව යටතේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසාධ්‍ය රෝගියකු Ventilator එකකින් විසන්ධි කල හැක්කේ කවර තත්ත්ව යටතේද?

ජැක්සන් ඇන්තනි මහතා වසරකට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයක වෙන්ටිලේටරයක සහය ඇතිව ජීවිතයත් මරණයත් අතර සටනක් කොට පසුගිය දා ඉන් පරාජය ලැබුවා. ඔහුව වෙන්ටිලේටරයෙන් ඉවත් කල යුතුය යන්න ගැන සමාජයේ ඇතිවූ බොහොමයක් අදහස් නීතිමය, විද්‍යාත්මක හෝ සදාචාරාත්මක නොවන ද්වේශය මුල්කොටගත් ප්‍රකාශ බව පැහැදිලියි. සමහර වෛද්‍යවරු පවා එවැනි මත පළකිරීම කණගාටුවට කරුණක්.

සැබැවින්ම රෝගියකුට වෙන්ටිලේටරයකින් ලබාදෙන ස්වශන ආධාර එසේ නතරකල හැකිද? මේ ගැන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න මම අදහස් කලා.

යම් රෝගියකුට තනිවම හුස්මගන්න බැරිවුනාම ඒකට උපකාර කරන්න තමයි වෙන්ටිලේටරයට සම්බන්ධ කරන්නෙ. ඒ කියන්නෙ ඒ වෙලාවට එහෙම සපෝට් නොකලොත් රෝගියා හුස්ම ගන්න බැරුව ශ්වසනයට අදාල මාංශ පේශි විඩාවට පත්වෙනව. රුධිරයේ ඔක්සිජන් අඩුවෙලා කාබන්ඩයොක්සයිඩ් වැඩිවෙනව. රුධිරයේ Ph අගය අඩුවෙලා මිනිත්තු කීපයකින් සිහිය නැතිවෙලා මියයනව.

මෙහෙම Ventilator එකකට සම්බන්ධ කලාම ඒකෙන් ගලවන තීරණය ඒ තරම් සරල එකක් නෙමෙයි. එක්කො ඒ ලෙඩාට තනිවම හුස්ම ගන්න පුලුවන් තරමට සුව වෙන්න ඕන. නැතිනම් ලෙඩාගෙ හෘද ස්පන්දනය නතර වෙන්න ඕන (මියයන්න ඕන). මීට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාව තුල තවත් එක් අවස්ථාවක් තියනව ventilator එකෙන් ගලවන්න නීතිමය ප්‍රතිපාදන සලසල තියෙන. ඒ තමයි පූර්ණ වශයෙන් මොළය මියයෑම (clinical brain death). මෙයින් පරිබාහිරව රෝගියෙක් වෙන්ටිලේටරයකින් ඉවත් කලොත් අපේ රටේ නීතියට අනුව එය මිනී මැරුමක් බවට පත්වෙනව. ජැක්සන් ඇන්තනී මහතාට අදාලව ඔන්න ඔය මිනීමැරුම වෙනුවෙන් තමයි සමහර අය පහුගිය කාලෙ පෙනී හිටියෙ.

ඉතින් රෝගියකු මියයාම හෝ සුවවීම කියන්නෙ සරලව හඳුනගන්න පුළුවන් දෙයක්නෙ. ඒත් brain death කියන එක හඳුනා ගැනීම ඉතාම සංකීර්ණ කාරනයක්. අදාල ලෙඩාට ප්‍රතිකාර නොකරපු, ලෙඩාව ඇහැටවත් නොදැකපු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට තබා අදාල රෝගියාට ප්‍රතිකාර කරන්න සම්භන්ධ නොවුන කිසිම බාහිර වෛද්‍යවරයෙකුටවත් හැකියාවක් හෝ නීතිමය බලයක් නෑ රෝගියකුගෙ මොළය මියගොස් ඇති බව තීරණය කරන්න.

ඉතින් අපි දැන් බලමු කොහොමද Brain death confirm කරන්නෙ කියල. Brain death confirmation test එක කරන්න තීරණය කරන්නත් මූලික අවශ්‍යතා කීපයක් තියනව. මුලින්ම රෝගියාව භාර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සහ රෝගියාට අදාල අංශයේ ප්‍රධාන විශේෂඥ වෙද්‍යවරයා එක්ව අනුමාන කල යුතුයි රෝගියාගේ මොලය මියගොස් ඇතිබව. ඒ විතරක් නෙවෙයි. රෝගී ප්‍රතිකාර වලට සම්භන්ධවූ එකඳු විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ විරුද්ධ වුනොත් brain death confirmation test එක කරන්න බෑ. මෙතනදි රෝගියාගේ මොළය මියගොස් ඇතිබවට සැකකරන්න සාධාරණ හේතු තිබිය යුතුයි. ඔහුගේ රෝගය හෝ අනතුරේ ස්වභාවය, සායනික පරික්ෂාව, රුධිර පරීක්ෂණ වාර්තා වල ප්‍රතිඵල, CT scan/MRI ආදිය මගින් මොළය මියගොස් ඇති බවට සාධාරණ සැකයකින් තොරව පැහැදිලි කල හැකි විය යුතුයි.

මේ මූලික සාධක සියල්ල සම්පූර්ණ කරපු රෝගියෙකුගේ තමයි අපි මොලය මැරිලද කියල පරික්ෂා කරන්නෙ. මෙතැනදී මොලය, සුෂුම්නා ශීර්ෂකය සහ ඒ ආශ්රිත කපාල ස්නායුවල අක්‍රීය බව සංකීර්ණ පරීක්ෂාවකින් තහවුරු කරගන්න ඕනි. අවසාන වශයෙන් රෝගියාගෙ ස්වභාවික ස්වසනය තියෙනවද කියන එක පරික්ෂා කරනව. මේ සඳහා සිහින් බටයක් මගින් පෙනහළු තුළට ඔක්සිජන් වායුව ලබා දෙන අතර විනාඩි 10 ක පමණ කාලයක් ventilator එකෙන් විසන්ධි කොට තබනවා. මේ කාලය තුළ ස්වභාවික ස්වසන චලන පවතිනවද යන්න පරීක්ෂා කරනවා. මොළය මිය ගොස් ඇති නම් කිසිදු ස්වසන ප්රයත්නයක් මේ කාලය තුළ දකින්න බැහැ. ඇත්තටම මේ සම්පූර්ණ පරීක්ෂා කරන ක්‍රියාවලිය සාමාන්‍ය කෙනෙකුට පැහැදිලි කරල තේරුම් කරවන්න බැරි තරම් සංකීර්ණ ක්‍රියාවලියක්. මේ brain death confirmation පරික්ෂණය එක්කෝ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් ඉදිරියේ හෝ නැතිනම් එක් විශේෂඥ වෛද්‍යවරයෙක් සහ දැඩි සත්කාර ඒකකයක වසර පහකට වඩා පළපුරුද්දක් තියෙන සාමාන්‍ය වෛද්‍යවරයෙකු ඉදිරියේ කල යුතුයි.

මේ පරීක්ෂණය තුළදී එකදු පියවරකදී හෝ රෝගියාගේ කිසියම් හෝ ප්‍රතිචාරයක් තිබුණහොත් පරීක්ෂාව එතනින් අත් හිටුවනවා. (නමුත් ශුසුම්නා ප්රතීක ක්‍රියා හරහා සිදුවන යම් චලන තිබිය හැකියි)

Brain death confirmation පරීක්ෂාවේ සම්පූර්ණ වගකීම රෝගියාට ප්‍රතිකාර කල වෛද්‍යවරුන්ට පැවරෙන අතර කිසිදු පරිපාලනමය හෝ නීතිමය අධිකාරියකට එම තීරණයට බලපෑම් කරන්න බැහැ.

වැදගත්ම කාරණය තමයි බටහිර දියුණු රටවල් වල මෙම පරීක්ෂාව කරන්නේ අවයව පරිත්‍යාග කිරීමට ඉඩ සැලසීමේ අරමුණින් මිස එම රෝගියා ventilator එකෙන් ඉවත් කොට තවත් රෝගියකුට එම අවස්ථාව සැලසීමේ අරමුණින් නොවීම.

නිවැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට මට නොහැකි වුනත් දැනට ලංකාවේ පවතින 1000 කට අඩු දැඩිසත්කාර ඇඳන්වල මේ මොහොතේ සිටින රෝගීන්ගෙන් 5% කටවත් brain death confirmation කිරීමේ අවශ්‍යතාව නොපවතින බව මගේ හැඟීමයි. එවැනි අවශ්‍යතා ඔබ හිතන තරම් සුලභ නොවීම ඊට හේතුවයි.

වැදගත්ම කාරණය තමයි මේ විදිහට මොළය මියගිය බවට තහවුරු කල රෝගියකුට අපේ රටේ මොකද කරන්නෙ කියන එක. ආගමික සහ සංස්කෘතික කරුණු හේතුවෙන් එහෙම ලේසියෙන් මේ වගේ ලෙඩෙක් අමු අමුවෙ වෙන්ටිලේටරයෙන් ගලවන්නෙ නෑ. අවයව පරිත්‍යාගයකදී නම් පවුලේ අයගෙ පූර්ණ කැමැත්ත මත එහෙම කරනව. එහෙම නැතත් මෙවැනි මොළය මියගිය අයෙකුට වෙන්ටිලේටරයක වැඩි කලක් ඉන්න බැහැ. Cough reflex එක සම්පූර්ණයෙන්ම නතරවී ඇති බැවින් ඉක්මනින්ම නියුමෝනියාව හැදිල Septicemia තත්වයට ගිහින් ස්වභාවිකව මියයනව.

මම වසර හතක් ප්‍රධාන රෝහලක දැඩි සත්කාර ඒකකයක වැඩ කරල තියනව. ඒ ඒකකයෙ ඇඳන් අටක් තිබුන. ඒ මුලු කාලයටම අවස්ථා දහයක් විතර ඔය කියන brain death test එක positive වෙලා ඇති. ඒ අයගෙන් එක් අයෙකු පමණක් වකුගඩු දන්දීමෙන් පසුව ශල්‍යාගාරය තුලදි ඔය කියන වෙන්ටිලේටරයෙන් විසන්ධි කලා. ඉතිරි රෝගීන් කෙටි කාලයක් තුල විවිධ හේතු මත ස්වභාවිකව මියගියා. බටහිර වෛද්‍ය විද්‍යාව අමුවෙන්ම සරණ ගිහින් ඔය රෝගීන්ගෙ බට ගලවන්න අපි කව්රුවත් ඉක්මන් වුනේ නෑ. ඒකට හේතුව අහන්න එපා. ඒකට කාටවත් හේතු දක්වන්න අවශ්‍යත් නැහැ. මොකද ඒක ඒ රෝගියාට ප්‍රතිකාර කල වෙද්‍යවරුන් ස්වාධීනව ගතයුතු තීරණයක් නිසා.

වැදගත්ම කාරණය මම අවසන් වශයෙන් කියමින් මම මේ ලිපිය අවසන් කරන්නං. ඇඳන් හත අටක් තියන ICU එකක මොළය මියගිය රෝගියකුගෙන් එක ඇඳක් ඇහිරිලා තිබුන කියල මම දැඩි සත්කාර ඒකකයෙ වැඩ කරපු වසර හතක කාලය තුල බේරගන්න පුළුවන් රෝගී තත්වයක් තිබුන එකඳු දරුවෙකුට, තරුණයෙකුට, මැදිවියේ හෝ මැදිවිය ඉක්මවූ පුද්ගලයෙකුට, ගැබිනි මවකට, පසු ප්‍රසව මවකට ICU bed එකක් නැතුව මැරෙන්න දීල නෑ. ඔය ඇඳන් හත අට නිවැරදිව කලමණාකරණය කරල අවශ්‍ය කෙනාට කොහොමහරි ඇඳක් දෙන්න එදා හිටපු මගේ විශිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා Haritha Mahesh Dharmakeerthi කටයුතු කලා. ඔහු අපට දැනුම පමණක් නොව මනුස්සකම් පවා කියල දුන්න. සුවවෙමින් පවතින රෝගියකු වාට්ටුවකට යවල කොහොම හරි අවශ්‍ය ලෙඩෙකුට ඇඳක් දුන්න. අපි වාට්ටු වලට ගිහින් ඒ රෝගීන් අවදානමෙන් මිදෙන තුරු follow up කලා. අවදානම් රෝගීන් ICU එකට ගන්න තෙක් වාට්ටුවලට ගිහින් ඒ කාර්ය මණ්ඩලයට උදව් කලා. මම හිතනව බොහොමයක් වෛද්‍යවරු එහෙමයි කියල.

ලෝකයේ දියුණුම රටවල් වලත් අසීමිතව ICU BEDS පවත්වගෙන යන්නෙ නෑ. ඒක concept එකක්. යම් සීමා කිරීමක් කරනව. අවශ්‍යම කෙනාට intensive care එක ලබාදීමට සහ තිබෙන resources ප්‍රශස්ථ විදිහට කලමණාකරණය කරන්නයි එහෙම කරන්නෙ.

ජැක්සන් ඇන්තනි නිසා තව මිනිස්සු ගණනාවක් ICU care නැතුව මැරුන කියන එක පට්ටපල් බොරුවක්. සාපරාධී වෛරී සහගත සාවද්‍ය දේශපාලනික ප්‍රකාශයක්. 100% ක්ම නොවුනත් බේරගන්න ලොකු ඉඩකඩක් තියන ඕනම ලෙඩෙකුට කොහොමහරි ICU ඇඳක් හොයල දෙනව අපේ වෛද්‍යවරු. තමන්ගෙ රෝහලේ නැතිනම් වෙනත් රෝහලක හරි. ඒ වෙනුවෙන් ඔවුන්ට කලහැකි ලොකු කාර්යභාරයක් තියනව.

සටහන : වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න

https: //www.facebook.com/100001243180829/posts/pfbid0eKZfu4ioe3AhHsXcgWkhTJjRBFuhUVpwnr1R6s4LwhiVvW15tZqeavapMXWagSm6l/?app=fbl

[QUOTE="fukamura, post: 29287635, member: 585098"] අසාධ්‍ය රෝගියකු Ventilator එකකින් විසන්ධි කල හැක්කේ කවර තත්ත්ව යටතේද? ජැක්සන් ඇන්තනි මහතා වසරකට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයක වෙන්ටිලේටරයක සහය ඇතිව ජීවිතයත් මරණයත් අතර සටනක් කොට පසුගිය දා ඉන් පරාජය ලැබුවා. ඔහුව වෙන්ටිලේටරයෙන් ඉවත් කල යුතුය යන්න ගැන සමාජයේ ඇතිවූ බොහොමයක් අදහස් නීතිමය, විද්‍යාත්මක හෝ සදාචාරාත්මක නොවන ද්වේශය මුල්කොටගත් ප්‍රකාශ බව පැහැදිලියි. සමහර වෛද්‍යවරු පවා එවැනි මත පළකිරීම කණගාටුවට කරුණක්. සැබැවින්ම රෝගියකුට වෙන්ටිලේටරයකින් ලබාදෙන ස්වශන ආධාර එසේ නතරකල හැකිද? මේ ගැන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න මම අදහස් කලා. යම් රෝගියකුට තනිවම හුස්මගන්න බැරිවුනාම ඒකට උපකාර කරන්න තමයි වෙන්ටිලේටරයට සම්බන්ධ කරන්නෙ. ඒ කියන්නෙ ඒ වෙලාවට එහෙම සපෝට් නොකලොත් රෝගියා හුස්ම ගන්න බැරුව ශ්වසනයට අදාල මාංශ පේශි විඩාවට පත්වෙනව. රුධිරයේ ඔක්සිජන් අඩුවෙලා කාබන්ඩයොක්සයිඩ් වැඩිවෙනව. රුධිරයේ Ph අගය අඩුවෙලා මිනිත්තු කීපයකින් සිහිය නැතිවෙලා මියයනව. මෙහෙම Ventilator එකකට සම්බන්ධ කලාම ඒකෙන් ගලවන තීරණය ඒ තරම් සරල එකක් නෙමෙයි. එක්කො ඒ ලෙඩාට තනිවම හුස්ම ගන්න පුලුවන් තරමට සුව වෙන්න ඕන. නැතිනම් ලෙඩාගෙ හෘද ස්පන්දනය නතර වෙන්න ඕන (මියයන්න ඕන). මීට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාව තුල තවත් එක් අවස්ථාවක් තියනව ventilator එකෙන් ගලවන්න නීතිමය ප්‍රතිපාදන සලසල තියෙන. ඒ තමයි පූර්ණ වශයෙන් මොළය මියයෑම (clinical brain death). මෙයින් පරිබාහිරව රෝගියෙක් වෙන්ටිලේටරයකින් ඉවත් කලොත් අපේ රටේ නීතියට අනුව එය මිනී මැරුමක් බවට පත්වෙනව. ජැක්සන් ඇන්තනී මහතාට අදාලව ඔන්න ඔය මිනීමැරුම වෙනුවෙන් තමයි සමහර අය පහුගිය කාලෙ පෙනී හිටියෙ. ඉතින් රෝගියකු මියයාම හෝ සුවවීම කියන්නෙ සරලව හඳුනගන්න පුළුවන් දෙයක්නෙ. ඒත් brain death කියන එක හඳුනා ගැනීම ඉතාම සංකීර්ණ කාරනයක්. අදාල ලෙඩාට ප්‍රතිකාර නොකරපු, ලෙඩාව ඇහැටවත් නොදැකපු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට තබා අදාල රෝගියාට ප්‍රතිකාර කරන්න සම්භන්ධ නොවුන කිසිම බාහිර වෛද්‍යවරයෙකුටවත් හැකියාවක් හෝ නීතිමය බලයක් නෑ රෝගියකුගෙ මොළය මියගොස් ඇති බව තීරණය කරන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද Brain death confirm කරන්නෙ කියල. Brain death confirmation test එක කරන්න තීරණය කරන්නත් මූලික අවශ්‍යතා කීපයක් තියනව. මුලින්ම රෝගියාව භාර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සහ රෝගියාට අදාල අංශයේ ප්‍රධාන විශේෂඥ වෙද්‍යවරයා එක්ව අනුමාන කල යුතුයි රෝගියාගේ මොලය මියගොස් ඇතිබව. ඒ විතරක් නෙවෙයි. රෝගී ප්‍රතිකාර වලට සම්භන්ධවූ එකඳු විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ විරුද්ධ වුනොත් brain death confirmation test එක කරන්න බෑ. මෙතනදි රෝගියාගේ මොළය මියගොස් ඇතිබවට සැකකරන්න සාධාරණ හේතු තිබිය යුතුයි. ඔහුගේ රෝගය හෝ අනතුරේ ස්වභාවය, සායනික පරික්ෂාව, රුධිර පරීක්ෂණ වාර්තා වල ප්‍රතිඵල, CT scan/MRI ආදිය මගින් මොළය මියගොස් ඇති බවට සාධාරණ සැකයකින් තොරව පැහැදිලි කල හැකි විය යුතුයි. මේ මූලික සාධක සියල්ල සම්පූර්ණ කරපු රෝගියෙකුගේ තමයි අපි මොලය මැරිලද කියල පරික්ෂා කරන්නෙ. මෙතැනදී මොලය, සුෂුම්නා ශීර්ෂකය සහ ඒ ආශ්රිත කපාල ස්නායුවල අක්‍රීය බව සංකීර්ණ පරීක්ෂාවකින් තහවුරු කරගන්න ඕනි. අවසාන වශයෙන් රෝගියාගෙ ස්වභාවික ස්වසනය තියෙනවද කියන එක පරික්ෂා කරනව. මේ සඳහා සිහින් බටයක් මගින් පෙනහළු තුළට ඔක්සිජන් වායුව ලබා දෙන අතර විනාඩි 10 ක පමණ කාලයක් ventilator එකෙන් විසන්ධි කොට තබනවා. මේ කාලය තුළ ස්වභාවික ස්වසන චලන පවතිනවද යන්න පරීක්ෂා කරනවා. මොළය මිය ගොස් ඇති නම් කිසිදු ස්වසන ප්රයත්නයක් මේ කාලය තුළ දකින්න බැහැ. ඇත්තටම මේ සම්පූර්ණ පරීක්ෂා කරන ක්‍රියාවලිය සාමාන්‍ය කෙනෙකුට පැහැදිලි කරල තේරුම් කරවන්න බැරි තරම් සංකීර්ණ ක්‍රියාවලියක්. මේ brain death confirmation පරික්ෂණය එක්කෝ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් ඉදිරියේ හෝ නැතිනම් එක් විශේෂඥ වෛද්‍යවරයෙක් සහ දැඩි සත්කාර ඒකකයක වසර පහකට වඩා පළපුරුද්දක් තියෙන සාමාන්‍ය වෛද්‍යවරයෙකු ඉදිරියේ කල යුතුයි. මේ පරීක්ෂණය තුළදී එකදු පියවරකදී හෝ රෝගියාගේ කිසියම් හෝ ප්‍රතිචාරයක් තිබුණහොත් පරීක්ෂාව එතනින් අත් හිටුවනවා. (නමුත් ශුසුම්නා ප්රතීක ක්‍රියා හරහා සිදුවන යම් චලන තිබිය හැකියි) Brain death confirmation පරීක්ෂාවේ සම්පූර්ණ වගකීම රෝගියාට ප්‍රතිකාර කල වෛද්‍යවරුන්ට පැවරෙන අතර කිසිදු පරිපාලනමය හෝ නීතිමය අධිකාරියකට එම තීරණයට බලපෑම් කරන්න බැහැ. වැදගත්ම කාරණය තමයි බටහිර දියුණු රටවල් වල මෙම පරීක්ෂාව කරන්නේ අවයව පරිත්‍යාග කිරීමට ඉඩ සැලසීමේ අරමුණින් මිස එම රෝගියා ventilator එකෙන් ඉවත් කොට තවත් රෝගියකුට එම අවස්ථාව සැලසීමේ අරමුණින් නොවීම. නිවැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට මට නොහැකි වුනත් දැනට ලංකාවේ පවතින 1000 කට අඩු දැඩිසත්කාර ඇඳන්වල මේ මොහොතේ සිටින රෝගීන්ගෙන් 5% කටවත් brain death confirmation කිරීමේ අවශ්‍යතාව නොපවතින බව මගේ හැඟීමයි. එවැනි අවශ්‍යතා ඔබ හිතන තරම් සුලභ නොවීම ඊට හේතුවයි. වැදගත්ම කාරණය තමයි මේ විදිහට මොළය මියගිය බවට තහවුරු කල රෝගියකුට අපේ රටේ මොකද කරන්නෙ කියන එක. ආගමික සහ සංස්කෘතික කරුණු හේතුවෙන් එහෙම ලේසියෙන් මේ වගේ ලෙඩෙක් අමු අමුවෙ වෙන්ටිලේටරයෙන් ගලවන්නෙ නෑ. අවයව පරිත්‍යාගයකදී නම් පවුලේ අයගෙ පූර්ණ කැමැත්ත මත එහෙම කරනව. එහෙම නැතත් මෙවැනි මොළය මියගිය අයෙකුට වෙන්ටිලේටරයක වැඩි කලක් ඉන්න බැහැ. Cough reflex එක සම්පූර්ණයෙන්ම නතරවී ඇති බැවින් ඉක්මනින්ම නියුමෝනියාව හැදිල Septicemia තත්වයට ගිහින් ස්වභාවිකව මියයනව. මම වසර හතක් ප්‍රධාන රෝහලක දැඩි සත්කාර ඒකකයක වැඩ කරල තියනව. ඒ ඒකකයෙ ඇඳන් අටක් තිබුන. ඒ මුලු කාලයටම අවස්ථා දහයක් විතර ඔය කියන brain death test එක positive වෙලා ඇති. ඒ අයගෙන් එක් අයෙකු පමණක් වකුගඩු දන්දීමෙන් පසුව ශල්‍යාගාරය තුලදි ඔය කියන වෙන්ටිලේටරයෙන් විසන්ධි කලා. ඉතිරි රෝගීන් කෙටි කාලයක් තුල විවිධ හේතු මත ස්වභාවිකව මියගියා. බටහිර වෛද්‍ය විද්‍යාව අමුවෙන්ම සරණ ගිහින් ඔය රෝගීන්ගෙ බට ගලවන්න අපි කව්රුවත් ඉක්මන් වුනේ නෑ. ඒකට හේතුව අහන්න එපා. ඒකට කාටවත් හේතු දක්වන්න අවශ්‍යත් නැහැ. මොකද ඒක ඒ රෝගියාට ප්‍රතිකාර කල වෙද්‍යවරුන් ස්වාධීනව ගතයුතු තීරණයක් නිසා. වැදගත්ම කාරණය මම අවසන් වශයෙන් කියමින් මම මේ ලිපිය අවසන් කරන්නං. ඇඳන් හත අටක් තියන ICU එකක මොළය මියගිය රෝගියකුගෙන් එක ඇඳක් ඇහිරිලා තිබුන කියල මම දැඩි සත්කාර ඒකකයෙ වැඩ කරපු වසර හතක කාලය තුල බේරගන්න පුළුවන් රෝගී තත්වයක් තිබුන එකඳු දරුවෙකුට, තරුණයෙකුට, මැදිවියේ හෝ මැදිවිය ඉක්මවූ පුද්ගලයෙකුට, ගැබිනි මවකට, පසු ප්‍රසව මවකට ICU bed එකක් නැතුව මැරෙන්න දීල නෑ. ඔය ඇඳන් හත අට නිවැරදිව කලමණාකරණය කරල අවශ්‍ය කෙනාට කොහොමහරි ඇඳක් දෙන්න එදා හිටපු මගේ විශිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා Haritha Mahesh Dharmakeerthi කටයුතු කලා. ඔහු අපට දැනුම පමණක් නොව මනුස්සකම් පවා කියල දුන්න. සුවවෙමින් පවතින රෝගියකු වාට්ටුවකට යවල කොහොම හරි අවශ්‍ය ලෙඩෙකුට ඇඳක් දුන්න. අපි වාට්ටු වලට ගිහින් ඒ රෝගීන් අවදානමෙන් මිදෙන තුරු follow up කලා. අවදානම් රෝගීන් ICU එකට ගන්න තෙක් වාට්ටුවලට ගිහින් ඒ කාර්ය මණ්ඩලයට උදව් කලා. මම හිතනව බොහොමයක් වෛද්‍යවරු එහෙමයි කියල. ලෝකයේ දියුණුම රටවල් වලත් අසීමිතව ICU BEDS පවත්වගෙන යන්නෙ නෑ. ඒක concept එකක්. යම් සීමා කිරීමක් කරනව. අවශ්‍යම කෙනාට intensive care එක ලබාදීමට සහ තිබෙන resources ප්‍රශස්ථ විදිහට කලමණාකරණය කරන්නයි එහෙම කරන්නෙ. ජැක්සන් ඇන්තනි නිසා තව මිනිස්සු ගණනාවක් ICU care නැතුව මැරුන කියන එක පට්ටපල් බොරුවක්. සාපරාධී වෛරී සහගත සාවද්‍ය දේශපාලනික ප්‍රකාශයක්. 100% ක්ම නොවුනත් බේරගන්න ලොකු ඉඩකඩක් තියන ඕනම ලෙඩෙකුට කොහොමහරි ICU ඇඳක් හොයල දෙනව අපේ වෛද්‍යවරු. තමන්ගෙ රෝහලේ නැතිනම් වෙනත් රෝහලක හරි. ඒ වෙනුවෙන් ඔවුන්ට කලහැකි ලොකු කාර්යභාරයක් තියනව. සටහන : වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න https: //www.facebook.com/100001243180829/posts/pfbid0eKZfu4ioe3AhHsXcgWkhTJjRBFuhUVpwnr1R6s4LwhiVvW15tZqeavapMXWagSm6l/?app=fbl [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom