Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අසාර්ථකත්වය තුළින් සැපතට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසාර්ථකත්වය තුළින් සැපතට.

මිනිසකුට අසාර්ථකත්වය දරා ගැනීම බඩගින්න දරා ගන්නවාටත් වඩා අපහසු කාර්යයකි. අසාර්ථකත්වයන්, පරාජයන්, කඩා වැටීම්, නොගැලපීම් ආදී සියල්ල මනුෂ්‍ය ජීවිතයට පොදු වේ. මෙවැනි අවස්ථාවලදී සමහරුන් පිස්සන් බවට පවා පත්වන බව අප අසා ඇත. තවත් සමහරු හෘදයාබාධයට ලක් වී මියෙති. අතීතයේදී ලය පැලී මිය ගියා යැයි ලෙසට මෙකී කරුණ සඳහන් කොට ඇත. සමහරු බීමට ඇබ්බැහි වෙති. ඇඟ පත තුවාල කර ගනිති. ඉබාගාතේ යති. කෑම නොකති. නොනාති. ඔහේ බලාගත් අත බලාගෙන සිටිති.

මෙවැනි අවස්ථාවක් ඔබේ ජීවිතයටත් ලැබුණහොත් ඔබත් පිස්සකු වනවාද?

බුදු දහම අනුව ජීවිතය පවත්වාගෙන යන්නකුට අසාර්ථකත්වයක්, පරාජයක් වැනි සෘණාත්මක තත්ත්වයක් ජීවිතයට පැමිණීම සිතන්නට තරම් කරුණක් නොවේ. ඔවුන්ට එවැනි විට එක්වරම අංගුලිමාල, පටාචාර, කිසාගෝතමී, අම්බපාලි වැනි චරිත සිහිපත් වෙයි. පටාචාරාවට ද තම ප්‍රියයන්ගේ හදිසි වෙන්වීම් දරා ගැනීමට නොහැකිවීම නිසා මනස විකල් විය. ඇය නිරුවතින් මහමග ගමන් කරමින් බුදුරජාණන්වහන්සේ ඉදිරියට පැමිණියා ය. ඇගේ ගමන අවසන්වූයේ මහරහතන්වහන්සේ නමක් බවට පත්වෙමිනි. එවන් තවත් සැපතක් ලොවේ කොහිද? බලන්න. ඇයට එම තත්ත්වය ඇති නොවුනා නම් ඇය බොහෝදුරට බුදුරජාණන්වහන්සේ හමුවට එන්නට ඉඩ නොතිබිනි. බුදුරජාණන්වහන්සේ ඇයට මළ ප්‍රියයන් ආපසු ගෙනත් දුන්නේ නැත. ඒ වෙනුවට කලේ ඇගේ හිත හැදීමය. කිසිගෝතමීගේ දරුවා මළ පසු ඇයටද අත්වූයේ පටාචාරවට හා සමාන තත්තවයකි. කව්රුන්දෝ ඇයත් බුදුරජාණන්වහන්සේ හමුවට එව්වේ ය. ඇයට කිසිවකු නොමල නිවසකින් අබ ඇට ටිකක් රැගෙන ඒමට පැවරූ උන්වහන්සේ ඇය තුළින්ම සත්‍යය වටහා ගැනීමට ඉඩ හැරි සේක. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇයද රහතුන්වහන්සේලාගෙන් කෙනකු වීමයි. දරුවා නොමැරුනා නම් ඇයද බොහෝවිට බුදුරජාණන්වහන්සේ හමුවට නොඑන්නට ඉඩ තිබිනි. අංගුලිමාල වුවත් එසේය.

මේ සියලු දෙනාටම බුදුරජාණන්වහන්සේ දුන්නේ එකම බෙහෙතකි. ඒ ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමට මග පෙන්වීමයි. ඒ සඳහා ඔවුන්ට ලෝක සත්‍යය උන්වහන්සේ පෙන්වා දුන් සේක.

අද බුදුරජාණන්වහන්සේ නැත. ඇත්තේ උන්වහන්සේද තමන්වහන්සේගේ ගුරුවරයා ලෙසින් සැලකූ සද්ධර්මයයි. ඒ සද්ධර්මය ලෝක සත්‍යය හඳුනා ගැනීමට මිනිසාට උපකාර වේ. ඒ තමා තුලින්ම ය. වෙනත් ආගම්වලදී මෙන් අනුන් තුළින් හෝ අනුන්ට බැඳී සත්‍ය සොයාගැනීමක් බුදු දහමේ නැත. ඒ දහම තුළ දුක කුමක්ද, දුක ඇතිවීමට හේතුව කුමක්ද, දුක නැති කරන්නේ කෙසේද, දුක නැති කිරීමේ මාර්ගය ඇතුළත්ව තිබේ. ඒ මාර්ගයේ ඇවිද යා යුත්තේ තමන්ම ය.

ඔබටත් යම් නොලැබීමක්, අසාර්තකත්වයක් අත්විඳීමට ලැබුණු විට කඩා නොවැටෙන්න උත්සාහ කරන්න. ධර්මයෙන් පිහිට ලබා ගන්න. වැරදුන, නොලැබුන මිනිසුන් බුද්ධ කාලයේද සිට ඇත. අදත් සිටී. හෙටත් ඉනු ඇත. ඔබ බෞද්ධයකු ලෙස සිතා කටයුතු කරන්නේ නම් ඔබට කිසිදා වැටීමක් නැත. එය ලෝක ස්වභාවයයි. ඒ බව තේරුම් ගැනීමට සද්ධර්මයේ වුවමනා තරම් ඉගැන්වීම් ඇත.

ඒ ඉගැන්වීම් පුහුණු කරන්න. නොඅනුමානව අසාර්ථකත්වය තුළින් සැපත ලඟා කර ගැනීමට එයින් ඔබට හැකිවනු ඇත.

[QUOTE="hpalpola, post: 28778059, member: 321413"] [SIZE=4][B]අසාර්ථකත්වය තුළින් සැපතට.[/B] මිනිසකුට අසාර්ථකත්වය දරා ගැනීම බඩගින්න දරා ගන්නවාටත් වඩා අපහසු කාර්යයකි. අසාර්ථකත්වයන්, පරාජයන්, කඩා වැටීම්, නොගැලපීම් ආදී සියල්ල මනුෂ්‍ය ජීවිතයට පොදු වේ. මෙවැනි අවස්ථාවලදී සමහරුන් පිස්සන් බවට පවා පත්වන බව අප අසා ඇත. තවත් සමහරු හෘදයාබාධයට ලක් වී මියෙති. අතීතයේදී ලය පැලී මිය ගියා යැයි ලෙසට මෙකී කරුණ සඳහන් කොට ඇත. සමහරු බීමට ඇබ්බැහි වෙති. ඇඟ පත තුවාල කර ගනිති. ඉබාගාතේ යති. කෑම නොකති. නොනාති. ඔහේ බලාගත් අත බලාගෙන සිටිති. මෙවැනි අවස්ථාවක් ඔබේ ජීවිතයටත් ලැබුණහොත් ඔබත් පිස්සකු වනවාද? බුදු දහම අනුව ජීවිතය පවත්වාගෙන යන්නකුට අසාර්ථකත්වයක්, පරාජයක් වැනි සෘණාත්මක තත්ත්වයක් ජීවිතයට පැමිණීම සිතන්නට තරම් කරුණක් නොවේ. ඔවුන්ට එවැනි විට එක්වරම අංගුලිමාල, පටාචාර, කිසාගෝතමී, අම්බපාලි වැනි චරිත සිහිපත් වෙයි. පටාචාරාවට ද තම ප්‍රියයන්ගේ හදිසි වෙන්වීම් දරා ගැනීමට නොහැකිවීම නිසා මනස විකල් විය. ඇය නිරුවතින් මහමග ගමන් කරමින් බුදුරජාණන්වහන්සේ ඉදිරියට පැමිණියා ය. ඇගේ ගමන අවසන්වූයේ මහරහතන්වහන්සේ නමක් බවට පත්වෙමිනි. එවන් තවත් සැපතක් ලොවේ කොහිද? බලන්න. ඇයට එම තත්ත්වය ඇති නොවුනා නම් ඇය බොහෝදුරට බුදුරජාණන්වහන්සේ හමුවට එන්නට ඉඩ නොතිබිනි. බුදුරජාණන්වහන්සේ ඇයට මළ ප්‍රියයන් ආපසු ගෙනත් දුන්නේ නැත. ඒ වෙනුවට කලේ ඇගේ හිත හැදීමය. කිසිගෝතමීගේ දරුවා මළ පසු ඇයටද අත්වූයේ පටාචාරවට හා සමාන තත්තවයකි. කව්රුන්දෝ ඇයත් බුදුරජාණන්වහන්සේ හමුවට එව්වේ ය. ඇයට කිසිවකු නොමල නිවසකින් අබ ඇට ටිකක් රැගෙන ඒමට පැවරූ උන්වහන්සේ ඇය තුළින්ම සත්‍යය වටහා ගැනීමට ඉඩ හැරි සේක. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇයද රහතුන්වහන්සේලාගෙන් කෙනකු වීමයි. දරුවා නොමැරුනා නම් ඇයද බොහෝවිට බුදුරජාණන්වහන්සේ හමුවට නොඑන්නට ඉඩ තිබිනි. අංගුලිමාල වුවත් එසේය. මේ සියලු දෙනාටම බුදුරජාණන්වහන්සේ දුන්නේ එකම බෙහෙතකි. ඒ ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමට මග පෙන්වීමයි. ඒ සඳහා ඔවුන්ට ලෝක සත්‍යය උන්වහන්සේ පෙන්වා දුන් සේක. අද බුදුරජාණන්වහන්සේ නැත. ඇත්තේ උන්වහන්සේද තමන්වහන්සේගේ ගුරුවරයා ලෙසින් සැලකූ සද්ධර්මයයි. ඒ සද්ධර්මය ලෝක සත්‍යය හඳුනා ගැනීමට මිනිසාට උපකාර වේ. ඒ තමා තුලින්ම ය. වෙනත් ආගම්වලදී මෙන් අනුන් තුළින් හෝ අනුන්ට බැඳී සත්‍ය සොයාගැනීමක් බුදු දහමේ නැත. ඒ දහම තුළ දුක කුමක්ද, දුක ඇතිවීමට හේතුව කුමක්ද, දුක නැති කරන්නේ කෙසේද, දුක නැති කිරීමේ මාර්ගය ඇතුළත්ව තිබේ. ඒ මාර්ගයේ ඇවිද යා යුත්තේ තමන්ම ය. ඔබටත් යම් නොලැබීමක්, අසාර්තකත්වයක් අත්විඳීමට ලැබුණු විට කඩා නොවැටෙන්න උත්සාහ කරන්න. ධර්මයෙන් පිහිට ලබා ගන්න. වැරදුන, නොලැබුන මිනිසුන් බුද්ධ කාලයේද සිට ඇත. අදත් සිටී. හෙටත් ඉනු ඇත. ඔබ බෞද්ධයකු ලෙස සිතා කටයුතු කරන්නේ නම් ඔබට කිසිදා වැටීමක් නැත. එය ලෝක ස්වභාවයයි. ඒ බව තේරුම් ගැනීමට සද්ධර්මයේ වුවමනා තරම් ඉගැන්වීම් ඇත. ඒ ඉගැන්වීම් පුහුණු කරන්න. නොඅනුමානව අසාර්ථකත්වය තුළින් සැපත ලඟා කර ගැනීමට එයින් ඔබට හැකිවනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom