Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසාර්ථක රාජ්‍යයේ මේ උගතුන් රට හැර යන කාලයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගේ රටේ සිට තවත් රටකට සංක්‍රමණය වීම ලෝක ප්රවණතාවකි. විවිධ හේතූන් මත මිනිස්සු රට රටවල් අතර සංක්‍රමණය වීම අද සාමාන්‍ය සිදුවීමකි. නමුත් ලංකාවේ මේ මොහොතේ ඇති වී තිබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයකි. ලංකාව තුළ මේ මොහොතේ දක්නට ලැබෙනුයේ රටේ ජීවත් වන මිනිස්සුන්ට ජීවත් වීම පිළිබදව කාලාන්තරයක් තිස්සේ තිබුණු බලාපොරොත්තු අහිමි වීම තුළ මිනිස්සු රට හැර යාමේ තත්ත්වයකි. එහිදී උගත් පුද්ගලයන්ද, නූගත් පුද්ගලයන්ද, ගැහැනුද, පිරිමිද, ශිෂ්‍යයන්ද ලෙසින් වර්ග කිරීමකින් තොරව පුද්ගලයන් රට හැර යාමේ ප්‍රවණතාවකට පැමිණ තිබේ. මොකක් හෝ ක්‍රමයකින් ගුවන් යානාවක් පැමිණියහොත් එහි එල්ලී මාලදිවයිනට හෝ ඉතියෝපියාවට හෝ පනිනවාය යන හැඟීමෙන් ලංකාවේ පුද්ගලයන් මේ වන විට සිය මනස සූදානම් කරගෙන තිබේ. එම මානසිකත්වය වර්ධනය වීම විශාල ගැටලුවකි.

දිනෙන් දින මිනිසුන්ගේ බලාපොරොත්තු විරහිතවීම්, ජීවන වියදම ඉහළ යෑම, ඒ හරහා අවස්ථා අහිමි වීම යන කාරණා හේතුවෙන් මිනිසුන් තුළ වර්ධනය වුණු පීඩනය නිසා කෙසේ හෝ වෙනත් රටකට පැන යාමේ මානසිකත්වය නිර්මාණය වී ඇත. පසුගිය වසරත් මේ වසරත් අතරදී විශාල ලෙසින් මේ මානසිකත්වය මත විදෙස්ගත වුණු පිරිස පැහැදිලි ලෙස වැඩි වී තිබේ. මෙයින් ඇතිවන ඛේදවාචකය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා අප සමග පැවැත්වූ සාකාච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.

අධ්‍යාපන අවස්ථා අහිමි වීම මත රට හැර යාම

ලංකාවේ අධ්‍යාපනයට මෑත කාලයක් වනතුරුත් විශාල පිළිගැනීමක් තිබිණි. අ.පො.ස සාමාන්‍ය පෙළ, අ.පො.ස උසස් පෙළ යනු ජාත්‍යන්තර මට්ටමේ තිබුණු අධ්‍යාපන සුදුසුකමකි. මීට පෙර සිසුන් උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ලංකාව තුළ පෙනී සිට එම ප්‍රතිඵල විදෙස් විශ්වවිද්‍යාලවලට පෙන්වාය. නමුත් අද ඒ පිළිබදව තිබෙන විශ්වාසයද බිඳවැටී තිබේ. අපට මොනවා වුණත් කමක් නෑ අපේ දරුවන් හෝ ගොඩයන්න ඕනේ වැනි ආකල්පයෙන් දරුවන්ව හෝ වෙන රටකට යැවීමට අද වන විට දෙමාපියන් පෙලඹී ඇත. දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ලංකාවේසිට මොනවා හෝ අයුරකින් ජීවත් වීමට හැකිය යන බලාපොරොත්තුව අද වන විට බිඳීගොස් තිබේ.

මේ ආකාරයට දරුවන් රට හැර යාමේ ප්‍රතිඵලය මේ වන විටත් රටට විශාල ලෙසින් බලපා තිබේ. බහුතරයක් දරුවන් පිටරට යෑම තුළ අධ්‍යාපන ක්ෂේත්රයේදී දරුවන් අතර තිබෙන තරගකාරීත්වය අඩු වෙයි. එහිදී හොඳම දරුවන් පිටට ගිය පසු තරගකාරීත්වය නැති වීම තුළ ඉතිරි වන දරුවන් මානසික පීඩනයකට ලක්විය හැක. එමෙන්ම 'තමන්ගේම පන්තියේ සිටි තමන්ගේ යාළුවා යනවා, මට මේක ඇතුළෙ කරගන්න දෙයක් නැහැ කියන මානසිකත්වය දරුවන්ට ඇති වෙයි. සිසුන් රට හැර යාමේ ප්‍රතිඵලය තවත් වසර දහයකින් හෝ පහළොවකින් නොව එය මේ වන විටත් ඇති වී තිබේ. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ උසස් පෙළට මුහුණ දුන් සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් අද වන විට විදෙස්ගත වී තිබේ. මේ වන විට විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. ආර්ථික අපහසුතා හේතුවෙන් විශ්වවිද්‍යාල නඩත්තු කරගැනීමට නොහැකි වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලවල දරුවන් ආචාර්යවරුන් විශ්වවිද්‍යාලය හැර ගොස් තිබේ. විශේෂයෙන් පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි හදාරමින් සිටි දරුවන් ලංකාවේ කරන පශ්චාත් උපාධිය අත්හැර ලංකාවෙන් පිටව ගොස් ඇත. එයින් ලංකාව ඇතුළේ නව දැනුම ඇති කළ හැකි පිරිස රටට අහිමි වෙයි. එය ඉතා දරුණු ඛේදවාචකයකි.

දේශීය ව්‍යාපාරිකයන් රට හැර යාම සහ ව්‍යවසායකත්වයට ඉඩ අහිමි වීම

එමෙන්ම මහා පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර වසා දමා රට හැර ගොස් තිබීම පසුගිය කාලය පුරාවට වැඩි වශයෙන් සිදුවී ඇත. ඔවුන්ට ලංකාව ඇතුළෙ ලාභ ඉපයීම පිළිබඳ විශ්වාසය ගිලිහී ගොස් තිබේ. විශේෂයෙන් ඩොලරය උච්චාවචනය වීම තුළ ඔවුන්ට ස්ථාවර මට්ටමක ව්‍යාපාරය තබා ගත නොහැක. අද අලු ආයෝජන, අලුත් ව්‍යාපාර ඇති නොවන තත්ත්වයක් දක්වා පැමිණ තිබේ. ලංකාවේ විශාල බැංකු පොලී අනුපාත සහ දැඩි බදු ප්‍රතිපත්ති මත අලුත් ව්‍යවසායකයෙක් බිහිවේ යැයි සිතිය නොහැකි. අසාර්ථක රාජ්‍යයක බැංකු ණයක් ගෙන හෝ නව ව්‍යවසායකයෙක් ව්‍යාපාර ලෝකයට එකතු වෙන්නේ නැත.

පුහුණු ශ්‍රමිකයන් රට යැවීමෙන් රට සංවර්ධනය කරන්නට හීන දකින ළිං මැඩි මානසිකත්වය

රටෙන් මිනිස්සුන්ව එළියට යවා ඒ මිනිස්සුන්ගෙන් හම්බකරගෙන කත ක්‍රමයකට දේශපාලඥයන්ත්රට පත්කර තිබේ. එම ළිං මැඩි මානසිකත්වයෙන් අප එළියට පැමිණිය යුතුයි. ඊට එහා ගිය නිෂ්පාදන ආර්ථිකයට ලංකාව ගෙන යා යුතුය. පුහුණු හෝ නුපුහුණු මිනිසුන් පිටරටට යවා ඔවුන්ගෙන් අප යැපීමට උත්සාහ කරනවා නම්, රටක් ලෙසට අපට ඉදිරියට යා නොහැක. අපි ගෘහ සේවයට කාන්තාවන් යවා එහි අහිතකර ප්‍රතිඵලය අද අත්විඳිමින් සිටියි. ගෘහ සේවයට ගිය කාන්තාවන්ගෙන් බහුතරයකගේ පවුල් ජීවිත, දරුවන් අද අනාථ තත්ත්වයකට ඇද වැටී තිබෙනු දක්නට ලැබේ. පුහුණු ශ්‍රමිකයෙක් ලෙසින් අද රට යන්නේ එවැනි දරුවෙකුගේ මවක් හෝ පියෙකි. මාපිය සෙනෙහස අහිමි වුණු දරුවෙකුගේ අනාගතය විශාල ඛේදවාචකයකට පත්වීමට ඇති ඉඩකඩ වැඩිය. රටෙන් එළියට රටේ මිනිසුන් යවා රටක් කිසිදා සංවර්ධනය කළ නොහැක. එලෙස දියුණු වූ රටවල් ලෝකයේ කොහේවත් නොමැත. අප කළ යුත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කළ හැකි ශ්‍රමිකයන් පිරිසක් රට තුළ නිර්මාණය කිරීමය.

මේ වසරේදී වේගවත් බුද්ධිගලනයක් සිදුවිය හැකිය

අද සමාජ මාධ්‍ය තුළ පවා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පඩිපතෙන් අනිසි ලෙස බදු අය කර ගැනීම පිළිබඳවය. සැබැවින්ද එය විශාල ප්රශ්නයකි. ඕනෑම රටකට ගියත් උපයන ආදායමෙත් යම්කිසි ප්‍රමාණයකට රජයට බදු ගෙවිය යුතුය. නමුත් ලංකාව ඇතුළේ සාමාන්‍ය මිනිහාගෙන් ගන්නා බදු මුදල කොහේටද යන්නේ? මෙම බදු මුදල් යන්නේ රටට කිසිම සේවයක් නොකරන එක්තරා මිනිස් ස්කණ්ඩායමක නඩත්තුව වෙනුවෙනි. එයින් රටට කිසිදු සේවයක් ඉටු නොවේ. එවැනි තත්ත්වයකදී අපි ඇයි බදු ගෙවන්නේ යන ගැටලුව ජනතාවට ඇතිවේ. එමෙන්ම ලංකාවේ තිබෙන ජීවන වියදම ඉහළ යෑම සමග එකවරම බදු මුදල් ඉහළ ගිය විට ලෝකයේ වෙනත් රටක මීට වඩා හොඳ අවස්ථාවන් තිබෙනවා නම්, තමන්ගේ උගත්කමට සරිලන රැකියා අවස්ථාවන් තිබෙනවා නම් කිසිදු පුද්ගලයෙක් එක් මොහොතක්වත් ලංකාවේ රැදෙයි කියා සිතිය නොහැක.

විශේෂයෙන් උගත් පිරිස් එලෙස රට හැර යාමේ තත්ත්වයට පැමිණේ. මෙපමණ කාලයක් බුද්ධිගලනයට වඩා සිදුවූයේ මිනිසුන් රට හැර යාම පමණි. නමුත් මින් මතුවට උගත් පුද්ගලයන් ඊට හැර යාම වඩාත් වේගයෙන් සිදුවෙයි. එහි ප්‍රතිඵලය බුද්ධිගලනය වේගයෙන් වැඩි වීමයි. උගත් පුද්ගලයෙක් තමන්ගේ සුදුසුකම්වලට තවත් රටවල තිඛෙන අවස්ථා සොයා ඉක්මනින් රටින් පිටවීමට පෙළඹී තිබේ. නිසැක වශයෙන්ම මේ බදු අය කර ගැනීමේ ක්‍රමවේදය ඇතුළෙ මේ වසරේදී වැඩි බුද්ධිගලනයක් ඇති විය හැක. එමෙන්ම එවැනි උගත් පුද්ගලයන් රට හැර යන්නේ තමන්ගේ දරු පවුල් සමගය. එයින් රටට ඇතිවන බලපෑමද ඉතා විශාලය.

බුද්ධිමතුන් රට හැර ගිය පසු ලංකාවේ අනාගතය

බුද්ධිමතුන් රට හැර ගිය විට ලංකාවේ සියලු පරම්පරාවලට එය විශාල මරු පහරක් ක්වනු ඇත. රටේ උද්ධමනය වැඩි වූයේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නිසා නොවේ. දේශපාලනඥයන් අනවශ්‍ය ආකාරයට රාජ්‍යයේ වියදම වැඩි කර ගැනීම හරහා ඔවුන් වැඩිපුර මුදල් අච්චු ගැසීම සිදුකළහ. ඒ හරහා ලංකාවේ තිබෙන ද්‍රවශීලී මූල්‍ය පහසුකම නැති වීම තුළින් උද්ධමනය වැඩි විය. ඒ උද්ධමනය වැඩි වීමේ බර දරාගන්න බැරි මොහොතක බදු අය කර ගැනීමේ ප්‍රතිපත්තිය තුළ අනිවාර්යයෙන්ම උගත් බුද්ධිමත් පිරිස රට හැර යයි. ලංකාවේ නිෂ්පාදන සහ සේවා ආර්ථිකයට දායකත්වයක් දැක්විය හැකි වෛද්‍යවරුන්, ආචාර්යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් රට හැර යාමට පටන්ගෙන තිබේ. ඉන්පසුව ලංකාව තුළ ඉතිරිවන පිරිසෙන් රට වෙනත් දිශානතියකට ගෙන යන පිරිස අඩුවෙයි. වේල් තුන වේල් දෙකකට එකක් දක්වා අඩු වී තිබෙන රටේ පහළම ස්ථරයේ සිටින මිනිසුන්ට මේ බුද්ධිගලනය විශාල මරු පහරක් විය හැක. එහි පීඩනය පසුගිය වසරේදී සිදුවුණු අරගලයට වඩා විශාල අරගලයක් සහ ලේ වැගිරීමක් දක්වා යා හැකිය. එමෙන්ම මෙම තත්ත්වය මත රටේ මධ්‍යම පාන්තිකයන්ට දැඩි බලපෑමක් ඇති වියහැක. රටේ මධ්‍යම පන්තියක් ඉතිරි නොවන තැනකට රට පත්විය හැක. මධ්‍යම පන්තිය ලෙස දැකපු රජයේ සේවකයෝ, ගුරුවරු සියලුදෙනා විශාල වේගයකින් තුන්වෙනි පන්තියට කඩාගෙන වැටේ. ඔවුන් උගත් බුද්ධිමත්, ඔවුන්ට සමාප් අවබෝධය තිබේ,

ඔවුන් රටේ නීතිය පිළිබඳව දැනුම්වත්ය. මේ සමාජ අවබෝධය තිබෙන පුද්ගලයා යම්කිසි කැරැල්ලක් නිර්මාණය කර ගනිමින් නැවත පාරට ආවොත්, එය මැඬපැවැත්වීම සුළුපටු කාර්යයක් නොවනු ඇත. මන්ද එම කැරැල්ල ඇතිවන්නේ රටේ පවතින නීතියත් නීතිය දන්නා මහජනතාවත් අතරය.

ඔවුන් පොලීසියේ හෝ හමුදාවේ මැර ප්‍රහාරවලට යවන්නේ නැත. ලෝකයේම යම්කිසි ආකාරයෙන් දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් බල තුලනය සම්බන්ධයෙන් අර්බුදයක් තිබේ. ලංකාව අතහැර යුරෝපයට, ඔස්ට්‍රේලියාවට, නවසීලන්තයට ගියත් එම රටවලද යම්කිසි උද්ධමනයක්, අර්බුදකාරීභාවයක් තිඛෙනු දක්නට ලැබේ. නමුත් රට හැර යන පිරිස්වලට එම රට ඉක්මනින් යථා තත්ත්වයට පත්වේය යන බලාපොරොත්තුවක් තිබේ. ලංකාව පිළිබඳව එලෙස බලාපොරොත්තුවක් පේන තෙක් මානයකවත් දක්නට නැත. හරියට අයවැයක් හදාගන්න බැරි, ඡන්දයකට යන වියදමක් හරියට අයවැයකට දාගන්න බැරි පිරිසක් ඉන්ත රටක බලාපොරොත්තුවක් තබාගත නොහැක. රටේ ජීවත් වීමට හැකි ආකාරයේ යම්කිසි පොඩි හෝ බලාපොරොත්තුවක් මේ රටේ දේශපාලනඥයන්ට දිය හැකි නම් එදාට මේ රටේ බුද්ධිගලනය නවත්වාගත හැකිය.

මොරටුව විශ්වවිද්‍යාලයේ

මහාචාර්ය රංගික හල්වතුර

සටහන - කැළුම් දේවින්ද

[QUOTE="SLK_sri, post: 28554287, member: 569192"] තමන්ගේ රටේ සිට තවත් රටකට සංක්‍රමණය වීම ලෝක ප්රවණතාවකි. විවිධ හේතූන් මත මිනිස්සු රට රටවල් අතර සංක්‍රමණය වීම අද සාමාන්‍ය සිදුවීමකි. නමුත් ලංකාවේ මේ මොහොතේ ඇති වී තිබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයකි. ලංකාව තුළ මේ මොහොතේ දක්නට ලැබෙනුයේ රටේ ජීවත් වන මිනිස්සුන්ට ජීවත් වීම පිළිබදව කාලාන්තරයක් තිස්සේ තිබුණු බලාපොරොත්තු අහිමි වීම තුළ මිනිස්සු රට හැර යාමේ තත්ත්වයකි. එහිදී උගත් පුද්ගලයන්ද, නූගත් පුද්ගලයන්ද, ගැහැනුද, පිරිමිද, ශිෂ්‍යයන්ද ලෙසින් වර්ග කිරීමකින් තොරව පුද්ගලයන් රට හැර යාමේ ප්‍රවණතාවකට පැමිණ තිබේ. මොකක් හෝ ක්‍රමයකින් ගුවන් යානාවක් පැමිණියහොත් එහි එල්ලී මාලදිවයිනට හෝ ඉතියෝපියාවට හෝ පනිනවාය යන හැඟීමෙන් ලංකාවේ පුද්ගලයන් මේ වන විට සිය මනස සූදානම් කරගෙන තිබේ. එම මානසිකත්වය වර්ධනය වීම විශාල ගැටලුවකි. දිනෙන් දින මිනිසුන්ගේ බලාපොරොත්තු විරහිතවීම්, ජීවන වියදම ඉහළ යෑම, ඒ හරහා අවස්ථා අහිමි වීම යන කාරණා හේතුවෙන් මිනිසුන් තුළ වර්ධනය වුණු පීඩනය නිසා කෙසේ හෝ වෙනත් රටකට පැන යාමේ මානසිකත්වය නිර්මාණය වී ඇත. පසුගිය වසරත් මේ වසරත් අතරදී විශාල ලෙසින් මේ මානසිකත්වය මත විදෙස්ගත වුණු පිරිස පැහැදිලි ලෙස වැඩි වී තිබේ. මෙයින් ඇතිවන ඛේදවාචකය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා අප සමග පැවැත්වූ සාකාච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත. අධ්‍යාපන අවස්ථා අහිමි වීම මත රට හැර යාම ලංකාවේ අධ්‍යාපනයට මෑත කාලයක් වනතුරුත් විශාල පිළිගැනීමක් තිබිණි. අ.පො.ස සාමාන්‍ය පෙළ, අ.පො.ස උසස් පෙළ යනු ජාත්‍යන්තර මට්ටමේ තිබුණු අධ්‍යාපන සුදුසුකමකි. මීට පෙර සිසුන් උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ලංකාව තුළ පෙනී සිට එම ප්‍රතිඵල විදෙස් විශ්වවිද්‍යාලවලට පෙන්වාය. නමුත් අද ඒ පිළිබදව තිබෙන විශ්වාසයද බිඳවැටී තිබේ. අපට මොනවා වුණත් කමක් නෑ අපේ දරුවන් හෝ ගොඩයන්න ඕනේ වැනි ආකල්පයෙන් දරුවන්ව හෝ වෙන රටකට යැවීමට අද වන විට දෙමාපියන් පෙලඹී ඇත. දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ලංකාවේසිට මොනවා හෝ අයුරකින් ජීවත් වීමට හැකිය යන බලාපොරොත්තුව අද වන විට බිඳීගොස් තිබේ. මේ ආකාරයට දරුවන් රට හැර යාමේ ප්‍රතිඵලය මේ වන විටත් රටට විශාල ලෙසින් බලපා තිබේ. බහුතරයක් දරුවන් පිටරට යෑම තුළ අධ්‍යාපන ක්ෂේත්රයේදී දරුවන් අතර තිබෙන තරගකාරීත්වය අඩු වෙයි. එහිදී හොඳම දරුවන් පිටට ගිය පසු තරගකාරීත්වය නැති වීම තුළ ඉතිරි වන දරුවන් මානසික පීඩනයකට ලක්විය හැක. එමෙන්ම 'තමන්ගේම පන්තියේ සිටි තමන්ගේ යාළුවා යනවා, මට මේක ඇතුළෙ කරගන්න දෙයක් නැහැ කියන මානසිකත්වය දරුවන්ට ඇති වෙයි. සිසුන් රට හැර යාමේ ප්‍රතිඵලය තවත් වසර දහයකින් හෝ පහළොවකින් නොව එය මේ වන විටත් ඇති වී තිබේ. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ උසස් පෙළට මුහුණ දුන් සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් අද වන විට විදෙස්ගත වී තිබේ. මේ වන විට විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. ආර්ථික අපහසුතා හේතුවෙන් විශ්වවිද්‍යාල නඩත්තු කරගැනීමට නොහැකි වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලවල දරුවන් ආචාර්යවරුන් විශ්වවිද්‍යාලය හැර ගොස් තිබේ. විශේෂයෙන් පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි හදාරමින් සිටි දරුවන් ලංකාවේ කරන පශ්චාත් උපාධිය අත්හැර ලංකාවෙන් පිටව ගොස් ඇත. එයින් ලංකාව ඇතුළේ නව දැනුම ඇති කළ හැකි පිරිස රටට අහිමි වෙයි. එය ඉතා දරුණු ඛේදවාචකයකි. දේශීය ව්‍යාපාරිකයන් රට හැර යාම සහ ව්‍යවසායකත්වයට ඉඩ අහිමි වීම එමෙන්ම මහා පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර වසා දමා රට හැර ගොස් තිබීම පසුගිය කාලය පුරාවට වැඩි වශයෙන් සිදුවී ඇත. ඔවුන්ට ලංකාව ඇතුළෙ ලාභ ඉපයීම පිළිබඳ විශ්වාසය ගිලිහී ගොස් තිබේ. විශේෂයෙන් ඩොලරය උච්චාවචනය වීම තුළ ඔවුන්ට ස්ථාවර මට්ටමක ව්‍යාපාරය තබා ගත නොහැක. අද අලු ආයෝජන, අලුත් ව්‍යාපාර ඇති නොවන තත්ත්වයක් දක්වා පැමිණ තිබේ. ලංකාවේ විශාල බැංකු පොලී අනුපාත සහ දැඩි බදු ප්‍රතිපත්ති මත අලුත් ව්‍යවසායකයෙක් බිහිවේ යැයි සිතිය නොහැකි. අසාර්ථක රාජ්‍යයක බැංකු ණයක් ගෙන හෝ නව ව්‍යවසායකයෙක් ව්‍යාපාර ලෝකයට එකතු වෙන්නේ නැත. පුහුණු ශ්‍රමිකයන් රට යැවීමෙන් රට සංවර්ධනය කරන්නට හීන දකින ළිං මැඩි මානසිකත්වය රටෙන් මිනිස්සුන්ව එළියට යවා ඒ මිනිස්සුන්ගෙන් හම්බකරගෙන කත ක්‍රමයකට දේශපාලඥයන්ත්රට පත්කර තිබේ. එම ළිං මැඩි මානසිකත්වයෙන් අප එළියට පැමිණිය යුතුයි. ඊට එහා ගිය නිෂ්පාදන ආර්ථිකයට ලංකාව ගෙන යා යුතුය. පුහුණු හෝ නුපුහුණු මිනිසුන් පිටරටට යවා ඔවුන්ගෙන් අප යැපීමට උත්සාහ කරනවා නම්, රටක් ලෙසට අපට ඉදිරියට යා නොහැක. අපි ගෘහ සේවයට කාන්තාවන් යවා එහි අහිතකර ප්‍රතිඵලය අද අත්විඳිමින් සිටියි. ගෘහ සේවයට ගිය කාන්තාවන්ගෙන් බහුතරයකගේ පවුල් ජීවිත, දරුවන් අද අනාථ තත්ත්වයකට ඇද වැටී තිබෙනු දක්නට ලැබේ. පුහුණු ශ්‍රමිකයෙක් ලෙසින් අද රට යන්නේ එවැනි දරුවෙකුගේ මවක් හෝ පියෙකි. මාපිය සෙනෙහස අහිමි වුණු දරුවෙකුගේ අනාගතය විශාල ඛේදවාචකයකට පත්වීමට ඇති ඉඩකඩ වැඩිය. රටෙන් එළියට රටේ මිනිසුන් යවා රටක් කිසිදා සංවර්ධනය කළ නොහැක. එලෙස දියුණු වූ රටවල් ලෝකයේ කොහේවත් නොමැත. අප කළ යුත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කළ හැකි ශ්‍රමිකයන් පිරිසක් රට තුළ නිර්මාණය කිරීමය. මේ වසරේදී වේගවත් බුද්ධිගලනයක් සිදුවිය හැකිය අද සමාජ මාධ්‍ය තුළ පවා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පඩිපතෙන් අනිසි ලෙස බදු අය කර ගැනීම පිළිබඳවය. සැබැවින්ද එය විශාල ප්රශ්නයකි. ඕනෑම රටකට ගියත් උපයන ආදායමෙත් යම්කිසි ප්‍රමාණයකට රජයට බදු ගෙවිය යුතුය. නමුත් ලංකාව ඇතුළේ සාමාන්‍ය මිනිහාගෙන් ගන්නා බදු මුදල කොහේටද යන්නේ? මෙම බදු මුදල් යන්නේ රටට කිසිම සේවයක් නොකරන එක්තරා මිනිස් ස්කණ්ඩායමක නඩත්තුව වෙනුවෙනි. එයින් රටට කිසිදු සේවයක් ඉටු නොවේ. එවැනි තත්ත්වයකදී අපි ඇයි බදු ගෙවන්නේ යන ගැටලුව ජනතාවට ඇතිවේ. එමෙන්ම ලංකාවේ තිබෙන ජීවන වියදම ඉහළ යෑම සමග එකවරම බදු මුදල් ඉහළ ගිය විට ලෝකයේ වෙනත් රටක මීට වඩා හොඳ අවස්ථාවන් තිබෙනවා නම්, තමන්ගේ උගත්කමට සරිලන රැකියා අවස්ථාවන් තිබෙනවා නම් කිසිදු පුද්ගලයෙක් එක් මොහොතක්වත් ලංකාවේ රැදෙයි කියා සිතිය නොහැක. විශේෂයෙන් උගත් පිරිස් එලෙස රට හැර යාමේ තත්ත්වයට පැමිණේ. මෙපමණ කාලයක් බුද්ධිගලනයට වඩා සිදුවූයේ මිනිසුන් රට හැර යාම පමණි. නමුත් මින් මතුවට උගත් පුද්ගලයන් ඊට හැර යාම වඩාත් වේගයෙන් සිදුවෙයි. එහි ප්‍රතිඵලය බුද්ධිගලනය වේගයෙන් වැඩි වීමයි. උගත් පුද්ගලයෙක් තමන්ගේ සුදුසුකම්වලට තවත් රටවල තිඛෙන අවස්ථා සොයා ඉක්මනින් රටින් පිටවීමට පෙළඹී තිබේ. නිසැක වශයෙන්ම මේ බදු අය කර ගැනීමේ ක්‍රමවේදය ඇතුළෙ මේ වසරේදී වැඩි බුද්ධිගලනයක් ඇති විය හැක. එමෙන්ම එවැනි උගත් පුද්ගලයන් රට හැර යන්නේ තමන්ගේ දරු පවුල් සමගය. එයින් රටට ඇතිවන බලපෑමද ඉතා විශාලය. බුද්ධිමතුන් රට හැර ගිය පසු ලංකාවේ අනාගතය බුද්ධිමතුන් රට හැර ගිය විට ලංකාවේ සියලු පරම්පරාවලට එය විශාල මරු පහරක් ක්වනු ඇත. රටේ උද්ධමනය වැඩි වූයේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නිසා නොවේ. දේශපාලනඥයන් අනවශ්‍ය ආකාරයට රාජ්‍යයේ වියදම වැඩි කර ගැනීම හරහා ඔවුන් වැඩිපුර මුදල් අච්චු ගැසීම සිදුකළහ. ඒ හරහා ලංකාවේ තිබෙන ද්‍රවශීලී මූල්‍ය පහසුකම නැති වීම තුළින් උද්ධමනය වැඩි විය. ඒ උද්ධමනය වැඩි වීමේ බර දරාගන්න බැරි මොහොතක බදු අය කර ගැනීමේ ප්‍රතිපත්තිය තුළ අනිවාර්යයෙන්ම උගත් බුද්ධිමත් පිරිස රට හැර යයි. ලංකාවේ නිෂ්පාදන සහ සේවා ආර්ථිකයට දායකත්වයක් දැක්විය හැකි වෛද්‍යවරුන්, ආචාර්යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් රට හැර යාමට පටන්ගෙන තිබේ. ඉන්පසුව ලංකාව තුළ ඉතිරිවන පිරිසෙන් රට වෙනත් දිශානතියකට ගෙන යන පිරිස අඩුවෙයි. වේල් තුන වේල් දෙකකට එකක් දක්වා අඩු වී තිබෙන රටේ පහළම ස්ථරයේ සිටින මිනිසුන්ට මේ බුද්ධිගලනය විශාල මරු පහරක් විය හැක. එහි පීඩනය පසුගිය වසරේදී සිදුවුණු අරගලයට වඩා විශාල අරගලයක් සහ ලේ වැගිරීමක් දක්වා යා හැකිය. එමෙන්ම මෙම තත්ත්වය මත රටේ මධ්‍යම පාන්තිකයන්ට දැඩි බලපෑමක් ඇති වියහැක. රටේ මධ්‍යම පන්තියක් ඉතිරි නොවන තැනකට රට පත්විය හැක. මධ්‍යම පන්තිය ලෙස දැකපු රජයේ සේවකයෝ, ගුරුවරු සියලුදෙනා විශාල වේගයකින් තුන්වෙනි පන්තියට කඩාගෙන වැටේ. ඔවුන් උගත් බුද්ධිමත්, ඔවුන්ට සමාප් අවබෝධය තිබේ, [CENTER][/CENTER] ඔවුන් රටේ නීතිය පිළිබඳව දැනුම්වත්ය. මේ සමාජ අවබෝධය තිබෙන පුද්ගලයා යම්කිසි කැරැල්ලක් නිර්මාණය කර ගනිමින් නැවත පාරට ආවොත්, එය මැඬපැවැත්වීම සුළුපටු කාර්යයක් නොවනු ඇත. මන්ද එම කැරැල්ල ඇතිවන්නේ රටේ පවතින නීතියත් නීතිය දන්නා මහජනතාවත් අතරය. ඔවුන් පොලීසියේ හෝ හමුදාවේ මැර ප්‍රහාරවලට යවන්නේ නැත. ලෝකයේම යම්කිසි ආකාරයෙන් දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් බල තුලනය සම්බන්ධයෙන් අර්බුදයක් තිබේ. ලංකාව අතහැර යුරෝපයට, ඔස්ට්‍රේලියාවට, නවසීලන්තයට ගියත් එම රටවලද යම්කිසි උද්ධමනයක්, අර්බුදකාරීභාවයක් තිඛෙනු දක්නට ලැබේ. නමුත් රට හැර යන පිරිස්වලට එම රට ඉක්මනින් යථා තත්ත්වයට පත්වේය යන බලාපොරොත්තුවක් තිබේ. ලංකාව පිළිබඳව එලෙස බලාපොරොත්තුවක් පේන තෙක් මානයකවත් දක්නට නැත. හරියට අයවැයක් හදාගන්න බැරි, ඡන්දයකට යන වියදමක් හරියට අයවැයකට දාගන්න බැරි පිරිසක් ඉන්ත රටක බලාපොරොත්තුවක් තබාගත නොහැක. රටේ ජීවත් වීමට හැකි ආකාරයේ යම්කිසි පොඩි හෝ බලාපොරොත්තුවක් මේ රටේ දේශපාලනඥයන්ට දිය හැකි නම් එදාට මේ රටේ බුද්ධිගලනය නවත්වාගත හැකිය. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර සටහන - කැළුම් දේවින්ද [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom