Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසාර්ථක වුණු ඇමෙරිකානු ජනාධිපති ඝාතන තැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසාර්ථක වුණු ඇමෙරිකානු ජනාධිපති ඝාතන තැත

ලෝක පොලිස් කාරයා හැටියට හැඳින්වෙන ඇමෙරිකානු ජනාධිපති පුටුවට ලෙහෙසියෙන් කෙනෙක්ට පත් වෙන්නට බැහැ. ඒ වගේම තමයි යමෙක් ඒ තැනට පත් වුණොත් ඔහුට ලැබෙන අසීමාන්තික බලතල සමඟම ඔහු කෙරෙහි එන අභියෝග වලත් නිමාවක් නැහැ. බැලූ බැල්මට වාසනාවක් වගේ පෙනුණාට මෙය දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කොටින්ම ජීවිතයට එල්ල වෙන තර්ජන වුණත් අඩුවක් නැහැ. ඒ කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ බල පරාක්‍රමය උපයෝගී කරගෙන තම පළමු පුරවැසියා දිවි හිමියෙන් රැක ගන්නට හැකි උපරිමය කරනවා. එයට සාක්ෂියක් තමයි වසර 220ක් පමණ ඉතිහාසයකට උරුමකම් කියන ඇ.එ.ජ. ජනාධිපති තනතුරේ යෙදී සිටියදීම ඝාතනය වුණු ජනාධිපති වරු 4 දෙනෙක් පමණක් හමුවීම. ඒ 1865 දී ඒබ්‍රහම් ලින්කන්, 1881 දී ජේම්ස් ගාර්ෆීල්ඩ්, 1901 දී විලියම් මැකෙන්ලි හා 1963 දී ජෝන් එෆ්. කෙනඩි යන සිව් දෙනායි. මෑතකදී දිවුරුම් දුන් වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතියි. ඉතින් 45න් 4ක් කියන්නේ සැලකිය යුතු සංඛ්‍යාවක් කියලා කෙනෙක් තර්ක කරාවි. නමුත් පහත දැක්වෙන ඒ තරම් ප්‍රසිද්ධියට පත් නොවුණු අසාර්ථක වුණු ඇමරිකානු ජනපති ඝාතන තැත් බැරි වෙලාවත් සාර්ථක වුණානම් ඒක කොයි තරම් වැඩි අගයක් වෙන්න තිබ්බාද කියලා මේ ලිපිය කියවීමෙන් පස්සේ මඳකට හිතලා බලන්න.

(ජෝන් එෆ්. කෙනඩි ඝාතනය වීමට මොහොතකට පෙර – mott.social )

ජෝන් එෆ්. කෙනඩි නූලෙන් බේරෙයි

(savingjackiek.com)

ජෝන් එෆ්. කෙනඩි ඇමෙරිකාව බිහි කළ කඩවසම්ම එමෙන්ම තරුණම ජනාධිපති කෙනෙකි. ඉතා අවාසනාවන්ත ලෙස 1963 වසරේදී ඔහු ලී හාවි ඔස්වල්ඩ් නැමැත්තෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය බව ලොවම දනී. නමුත් ඒ ඔහු කෙරෙහි වූ පළමුවෙනි ඝාතන ප්රයත්නයෙන් නොවේ. ඔහු කෙරේ මාරයාගෙ සෙවනැල්ල මුලින්ම පතිත වන්නේ 1960 වසරේ දී ඔහු ජනාධිපති අපේක්ෂකයා වූ සමයේදී ය. කතෝලික විරෝධියෙකු වූ කතෝලිකයෙකු වූ කෙනඩි රිචර්ඩ් පැල්වික් නැමත්තෙක් සිය කාරයේ ඩයිනමයිට් පුරවා කතෝලිකයෙකු වූ කෙනඩිව පුපුරවා ඝාතනය කිරීමට සැලසුම් කළේ ය. නමුත් ඔහුට කෙනඩි පවුලේ වෙනකෙකු තුවාල කිරීමට අවශ්‍යතාවයක් නොවීය. සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ගිය දිනයේ කෙනඩි සිය පවුල අසලින් නොහෙල්ලීම නිසා අවසාන මොහොතේ පැල්වික් සිය සැලැස්ම හකුලා ගත්තේය.

ජෝන් එෆ් කෙනඩි ඝාතනය කරන්නට තවත් අසාර්ථක ප්රයත්නයන් දෙකක් ගෙන ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. පුදුමයට කාරණය නම් මේ දෙකම සැලසුම් කර තිබුණේ එකම දිනයක එකම ස්ථානයක සිදු කිරීම සඳහායි. රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට කෙනඩි 1963 නොවැම්බර් 2 වන දා චිකාගෝ නුවරට යාමට යොදාගෙන තිබිණි. මේ අතර ඔහුව ඝාතනය කිරීමට කියුබානුවන් 4 දෙනෙක් සැදී පැහැදී සිටියහ. ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා ජනපති ඝාතනය කිරීම ඔවුන්ගෙ සැලස්ම වී තිබිණි. නමුත් ඉන් එක් අයෙක් ගත් වැරදි තීරණයක් නිසා සැලැස්ම පොලිසියට හසු විය. මේ අතර තවත් අන්ත දක්ෂිශිකයෙකු වන තොමස් වැලී නැමැත්තෙක් තනිවම කෙනඩි ඝාතනයට සැලැස්මක් අඳිමින් සිටියේ ය. ඔහුගේ අවාසනාවට පොලීසියට ඔහු ගැන ඉව වැටිණි.

මේ අතර එදිනම වියට්නාම ජනපති ඝාතනය වීම නිසා කෙනඩි සිය චිකාගෝ සංචාරය අවලංගු කළේය. මෙසේ තවත් ඝාතන තැත් දෙකකින් බේරීමට තරම් කෙනඩිගේ දෛවය ඔහුට කාරුණික විය. නමුත් අවාසනාව නම් ඒ කාරුණිකත්වය පැවතියේ තවත් දින 20ක් පමණි. නොවැම්බර් 22 දා ඩලස් හිදී ඔහුගේ ඉරණම උණ්ඩයකින් විසඳුණි.

තැපෑලෙන් ආ ටෲමන් ගේ මාරයා

( www.history.com)

හැරී ටෲමන් ඇමෙරිකාව සතු වූ දක්ෂ හමුදා නිලධාරියෙකි. දෙවන ලෝක යුද්ධ සමයේ ඇමෙරිකාවේ ජනපති වූ ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් ට අනතුරුව ජනපති වූයේ මොහුයි. ටෲමන් කෙරෙහිත් ඝාතන ප්රයත්න 2ක් සිදු වී ඇත.

ඉන් පළමු වැන්න යුදෙව් ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් 1947 දී උත්සාහ කරන ලදී. පුපුරන ද්‍රව්‍ය සහිත පාර්සලයක් ඔවුන් විසින් ටෲමන්ට එවන ලදි. නමුත් ඒ කාලයේ එංගලන්තයේ සිදුවූ පාර්සල් බෝම්බ් පිපිරීමක් නිසා අමෙරිකානු ආරක්ශක අංශ මෙවැන්නක් ගැන විමසිල්ලෙන් සිටියහ. පාර්සලය නිෂ්ක්‍රීය කෙරිණි.

1950 වසරේදී පියොටෝ රිකෝ ජාතිකයන් වන ඔස්කාර් කොලැසෝ හා ග්රිසෙලියො ටොරෙසොලා නම් දෙදෙනෙක් ගිනි අවි ඇතැති ව එවකට ජනපති පවුල නතර වී සිටි බ්ලෙයාර් මැදුරට කඩා වැදී ජනපති ටෲමන් ඝාතනයට උත්සාහ කළහ. පොලිස් නිලධාරීන් තිදෙනෙක්ට වෙඩි තබා තුවාල කළ හැකි වුවද අවසානයේ ධවල මන්දිර ආරක්ෂක අංශ වලට යටත් වීමට ඔවුනට සිදු විය. ඝාතන තැත් දෙකෙන්ම ගැලවුණු ජනපති ටෲමන් අවුරුදු 88ක් ආයු විඳීමට තරම් වාසනාවන්ත විය.

බින් ලාඩන් ගෙන් ගැලවුණු බිල් ක්ලින්ටන්

(en.wikipedia.org)

1993 වන විට ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ ප්‍රසිද්ධ චරිතයක් නොවේ. නමුත් 1996 දී ඔහු බිල් ක්ලින්ටන් ජනාධිපති තුමාව ඝාතනය කරන්නට ඉතාමත් ආසන්න සාර්ථක උත්සාහයක නිරත වෙනවා. 1993 දී ලෝක වෙළඳ මධ්‍යස්ථානය ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් විය. මෙයට ඔසාමාගේ සම්බන්ධයක් නොවීය. නමුත් මේ සමඟ ක්ලින්ටන්ගේ විදේශ ගමන් සම්බන්ධ ආරක්ෂාව තවත් තර කෙරිණි.

1996 දී ක්ලින්ටන් පිලිපීනයට ගියේ ආසියා-ෆැසිෆික් ආර්ථික සහයෝගිතා සැසියට සහභාගී වීම සඳහාය. මෙහිදී ක්ලින්ටන් එක්තරා දේශපාලඥයෙකු හමු වීමට සංචාරයක් සැලසුම් කළේ ය. සංචාරය පිටත් වීමට ඔන්න මෙන්න තිබියදී රහස් පොලිස් නිලධාරියෙක්ට අහම්බෙන් රහස් සංවාදයක් කණ වැකුණි. රහස් භාෂාවෙන්වූ එම පණිවුඩයේ සඳහන් වූයේ ජනපති සමඟ පාලම පිපිරවීමක් ගැන බව ඔහු තේරුම් ගත්තේය. සංචාරය වහාම අවලංගු කෙරිණි. මෙය 2009 පමණ වන තුරු ධවල මන්දිරය රහසක් හැටියට තබා ගත්තේය.

හර්බට් හූවර් ජනපති වන්නටත් පෙර ඉලක්ක වෙයි

(haikudeck.com)

හර්බට් හූවර් ජනාධිපති අපේක්ෂකයා 1928 ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දිවුරුම් දීමට ප්‍රථමයෙන් ප්‍රාදේශීය ආර්ථික ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ඇමෙරිකාවට සංචාරය කළේ ය. මේ අතර ඔහු ආජන්ටිනාවට පැමිණීමට දිනකට-දෙකකට පෙර මැනුවෙල් ස්කාර්සෝ නැමැත්තෙක් ගැන සැක සිතී පොලීසිය විසින් ඔහුගේ නවාතැන පරීක්ෂා කරන ලදී. එහිදී ගිනි අවි, බෝම්බ හා ජනපති ගේ ගමන් මාර්ගය සටහන් කරන ලද සිතියම සොයාගන්නා ලදි. වඩාත් විශේෂිත කාරණය වන්නේ මොහු සිතියම ගෙන තිබෙන්නේ හූවර්ගේ පෞද්ගලික භාරයේ තිබියදී වීමයි. පොලීසිය ඉක්මන් නොවුණානම් ජනපති තුමාගේ ඉරණම දිවුරුම් දීමට පෙරම විසඳෙන්නට තිබිණි.

ජෝර්ජ් ඩබ්. බුෂ් ට ග්‍රෙනේඩයක් අත වනයි

The George W. Bush Presidential Library and Museum

ජෝර්ජ් ඩබ්. බුෂ් 2005 වසරේ ජොර්ජියාවේ සංචාරය කළ අවස්ථාවක ජනතාව අමතමින් සිටියදී ව්ලැඩිමීර් අරුටිනියානි නැමැත්තෙක් ඔහු වෙත ග්රෙනේඩයකින් දමා ගැසුවේය. ග්‍රෙනේඩය ජනපතිට මීටර් 30 කට වඩා නුදුරෙන් පතිත විය. නමුත් ව්ලැඩිමීර්ගේ ම වරදකින් එය ග්‍රෙනේඩයක් බව සැඟවීමට ඔතා තිබූ ලේන්සුව තදට වෙලී තිබිණි. එනිසා එය පුපුරා නොගියේ ය. බුෂ් ගේ ජීවිතය රැකුණි.

ලින්කන්ට පෙර හිස්වැස්ම සිදුරු වෙයි

(www.biography.com)

1864 වසරේදී වෙඩි වැදී ඝාතනය වීමට අවුරුද්දකට පමණ මත්තෙන් රාත්‍රියේ අසු පිටින් යන විට ඒබ්‍රහම් ලින්කන් ජනපති තුමා වෙඩි පහරකට ඉලක්ක විය. නමුත් එතුමාගේ වාසනාවකට ඒ මොහොතේම වෙඩි හඬ ඇසී අශ්වයා එහෙ මෙහෙ දැඟලීම නිසා මූණිස්ස්ම හිසට අඟල් කීපයක් ඉහලින් ඇදී ගොස් හිස් වැස්මේ සිදුරක් ඇති කර තිබිණි. ජනපති තුමා මෙය රහසක් වශයෙන් තබා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නත් 1865 දී ඔහුගේ මරණයත් සමඟ එය ප්‍රසිධියට පත් විය.

ඔබාමා හමුවට ආ ‘රයිසින්’ තෑග්ග

(commons.wikimedia.org)

2013 අප්‍රේල් මස 17 වන දින ජනාධිපති බැරැක් ඔබාමා නමට තැපෑලෙන් ආ පාර්සලය ගැන ආරක්ෂක අංශ වලට සැක සිතී පරික්ෂා කිරීමේදී ප්‍රබල විෂක් වන රයිසින් අඩංගු බව සොයාගන්නා ලදි. පුද්ගලයන් දෙදෙනෙක් දැනට මේ ක්‍රියාව හේතුවෙන් අත් අඩංගුවේ පසුවෙති. රයිසීන් ප්‍රබල විෂ සහිත ප්‍රෝටීනයක් වන අතර ජෛව රසායනික අවියක් වශයෙන් කීප තැනකදීම යොදාගෙන ඇත.

රිචර්ඩ් නික්සන් හමුවට අහසින් එන්නට ආ අමුත්තා

(www.khanacademy.org)

රිචර්ඩ් නික්සන් ජනපති තුමා ඇමෙරිකා ඉතිහාසයේ ඉල්ලා අස්වූ එකම ජනපති වරයායි. 1974 වසරෙදී සැමුවෙල් බයික් නැමැත්තෙක් ගුවන් යානයක් පැහැරගෙන එය ධවල මන්දිරයට කඩා වද්දවා ජනපති නික්සන් මරාගෙන මැරීමට උත්සාහයක් දැරීය. නමුත් ජනපති තුමාගේ වාසනාවට ඔහුට වෙඩි තබා පාලනය කර ගැනීමට ගුවන් තොටුපොල ආරක්ෂක අංශ සමත් විය. බයික් සිය දිවි නසාගන්න ලදි.

නික්සන් ජනපති තුමා 1972 දීද ඝාතන ප්රයත්නයක් යැයි සැලකිය හැකි සිද්ධියකින් ගැලවුණි. ආතර් බ්‍රෙමර් නැමැත්තෙක් සැලසුම් කර කැනඩාවේදී ජනපති තුමාට වෙඩි තැබීමට උත්සාහ කලත් අසලටවත් ඒමට නොහැකි විය. පසුව ඔහු ඒ වෙනුවට තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වූ ජෝර්ජ් වොලස් ට වෙඩි තබන ලදි. ඉන් ඔහුගේ දිවි ගැලවුණත් ජීවිත කාලයටම රෝද පුටුවකට සීමා විය.

ජේම්ස් බියුකැනන්ගේ විෂ වුණු සමාරම්භක උළෙල

(http://www.wikiwand.com)

ජේම්ස් බියුකැනන් අවිවාහකයෙක් ලෙස ජනපති පුටුවට පත් වන්නේ 1856 ජනාධිපතිවරණයෙනි. 1857 මාර්තු 4 වැනි දින ඔහුගේ සමාරම්භක උළෙල ජයට පැවත්වුණි. නමුත් වැඩි වේලා යන්නට මත්තෙන් එකා දෙන්නා බඩේ අමාරුව සෑදී කෙඳිරි ගාන්නට පටන් ගන්නා ලදී. තත්වය වඩාත් බැරෑරුම් කරමින් ජනපති තුමා ඇතුළු බොහෝ දෙනෙක්ට අතීසාරය සෑදී තිබිණි. සමහරුන්ගේ තත්වය බරපතල විය. වාසනාවට ජනපති තුමා ඉක්මණින්ම සුව වූ ගොඩට අයත් විය. නමුත් 30 දෙනෙක් පමණ සිද්ධියෙන් මිය ගිය අතර එහි පාර්ලිමේන්තුවට තේරී පත් වූවන්ද වූහ. මෙය හෝටලයේ මළ අපවහන පද්ධතියේ දෝෂයක් නිසා සිදු වූවක් ලෙස සැලකුවත් වර්තමානයේදී සැලකෙන්නේ හිතා මතා කළ දෙයක් විධියටයි.

පෙනහැල්ල පසාරු වුවත් ජනපති රේගන් බේරෙයි

(biography.com)

හොලිවුඩ් නිළි ජූඩි ෆොස්ටර්ට පෙම් බැඳි උන්මත්තකයෙක් වූ ජෝන් හින්ක්ලි නැමත්තෙක් 1981 වසෙරේදී ජනපති රොනල්ඩ් රේගන්ට වෙඩි තැබීය. එක් වෙඩි උණ්ඩයක් ජනපතිගේ පෙනහැල්ලක් පසාරු කරගෙන ගියත් ජීවත් වීමේ වාසනාව එතුමාට ලැබිණි.

ඉහත දැක්වුණු ඝාතන තැත් වලට අමතරව තවත් තැත් කීපයක්ම ඇමරිකානු ජනපති ඉතිහාසය කියවන විට හමුවේ. ඇන්ඩෲ ජැක්සන්, තිය්ඩෝර් රූස්වෙල්ට්, ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්, ජෙරල්ඩ් ෆොර්ඩ්, ජිමී කාටර්, ජොර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) වැන්නවුන්ද ඝාතන ප්රයත්න වලට මුහුණ දී තිබේ. ඉතින් මෙයින් පෙනෙන්නට ඇත්තේ ලෝක පොලිස්කාරයාගේ භූමිකාව රඟ දැක්වීම හිතනවාට වඩා අවධානම් කාර්යයක් බවයි.

Roar

[QUOTE="Idias, post: 23439852, member: 556682"] [b]අසාර්ථක වුණු ඇමෙරිකානු ජනාධිපති ඝාතන තැත[/b] [SIZE=4]ලෝක පොලිස් කාරයා හැටියට හැඳින්වෙන ඇමෙරිකානු ජනාධිපති පුටුවට ලෙහෙසියෙන් කෙනෙක්ට පත් වෙන්නට බැහැ. ඒ වගේම තමයි යමෙක් ඒ තැනට පත් වුණොත් ඔහුට ලැබෙන අසීමාන්තික බලතල සමඟම ඔහු කෙරෙහි එන අභියෝග වලත් නිමාවක් නැහැ. බැලූ බැල්මට වාසනාවක් වගේ පෙනුණාට මෙය දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කොටින්ම ජීවිතයට එල්ල වෙන තර්ජන වුණත් අඩුවක් නැහැ. ඒ කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ බල පරාක්‍රමය උපයෝගී කරගෙන තම පළමු පුරවැසියා දිවි හිමියෙන් රැක ගන්නට හැකි උපරිමය කරනවා. එයට සාක්ෂියක් තමයි වසර 220ක් පමණ ඉතිහාසයකට උරුමකම් කියන ඇ.එ.ජ. ජනාධිපති තනතුරේ යෙදී සිටියදීම ඝාතනය වුණු ජනාධිපති වරු 4 දෙනෙක් පමණක් හමුවීම. ඒ 1865 දී ඒබ්‍රහම් ලින්කන්, 1881 දී ජේම්ස් ගාර්ෆීල්ඩ්, 1901 දී විලියම් මැකෙන්ලි හා 1963 දී ජෝන් එෆ්. කෙනඩි යන සිව් දෙනායි. මෑතකදී දිවුරුම් දුන් වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතියි. ඉතින් 45න් 4ක් කියන්නේ සැලකිය යුතු සංඛ්‍යාවක් කියලා කෙනෙක් තර්ක කරාවි. නමුත් පහත දැක්වෙන ඒ තරම් ප්‍රසිද්ධියට පත් නොවුණු අසාර්ථක වුණු ඇමරිකානු ජනපති ඝාතන තැත් බැරි වෙලාවත් සාර්ථක වුණානම් ඒක කොයි තරම් වැඩි අගයක් වෙන්න තිබ්බාද කියලා මේ ලිපිය කියවීමෙන් පස්සේ මඳකට හිතලා බලන්න.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/2.-kennedy-assasin-701x380.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](ජෝන් එෆ්. කෙනඩි ඝාතනය වීමට මොහොතකට පෙර – mott.social )[/SIZE] [B][SIZE=4]ජෝන් එෆ්. කෙනඩි නූලෙන් බේරෙයි[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/3.-kenady.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](savingjackiek.com)[/SIZE] [SIZE=4]ජෝන් එෆ්. කෙනඩි ඇමෙරිකාව බිහි කළ කඩවසම්ම එමෙන්ම තරුණම ජනාධිපති කෙනෙකි. ඉතා අවාසනාවන්ත ලෙස 1963 වසරේදී ඔහු ලී හාවි ඔස්වල්ඩ් නැමැත්තෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය බව ලොවම දනී. නමුත් ඒ ඔහු කෙරෙහි වූ පළමුවෙනි ඝාතන ප්රයත්නයෙන් නොවේ. ඔහු කෙරේ මාරයාගෙ සෙවනැල්ල මුලින්ම පතිත වන්නේ 1960 වසරේ දී ඔහු ජනාධිපති අපේක්ෂකයා වූ සමයේදී ය. කතෝලික විරෝධියෙකු වූ කතෝලිකයෙකු වූ කෙනඩි රිචර්ඩ් පැල්වික් නැමත්තෙක් සිය කාරයේ ඩයිනමයිට් පුරවා කතෝලිකයෙකු වූ කෙනඩිව පුපුරවා ඝාතනය කිරීමට සැලසුම් කළේ ය. නමුත් ඔහුට කෙනඩි පවුලේ වෙනකෙකු තුවාල කිරීමට අවශ්‍යතාවයක් නොවීය. සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ගිය දිනයේ කෙනඩි සිය පවුල අසලින් නොහෙල්ලීම නිසා අවසාන මොහොතේ පැල්වික් සිය සැලැස්ම හකුලා ගත්තේය[B].[/B][/SIZE] [SIZE=4]ජෝන් එෆ් කෙනඩි ඝාතනය කරන්නට තවත් අසාර්ථක ප්රයත්නයන් දෙකක් ගෙන ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. පුදුමයට කාරණය නම් මේ දෙකම සැලසුම් කර තිබුණේ එකම දිනයක එකම ස්ථානයක සිදු කිරීම සඳහායි. රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට කෙනඩි 1963 නොවැම්බර් 2 වන දා චිකාගෝ නුවරට යාමට යොදාගෙන තිබිණි. මේ අතර ඔහුව ඝාතනය කිරීමට කියුබානුවන් 4 දෙනෙක් සැදී පැහැදී සිටියහ. ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා ජනපති ඝාතනය කිරීම ඔවුන්ගෙ සැලස්ම වී තිබිණි. නමුත් ඉන් එක් අයෙක් ගත් වැරදි තීරණයක් නිසා සැලැස්ම පොලිසියට හසු විය. මේ අතර තවත් අන්ත දක්ෂිශිකයෙකු වන තොමස් වැලී නැමැත්තෙක් තනිවම කෙනඩි ඝාතනයට සැලැස්මක් අඳිමින් සිටියේ ය. ඔහුගේ අවාසනාවට පොලීසියට ඔහු ගැන ඉව වැටිණි.[/SIZE] [SIZE=4]මේ අතර එදිනම වියට්නාම ජනපති ඝාතනය වීම නිසා කෙනඩි සිය චිකාගෝ සංචාරය අවලංගු කළේය. මෙසේ තවත් ඝාතන තැත් දෙකකින් බේරීමට තරම් කෙනඩිගේ දෛවය ඔහුට කාරුණික විය. නමුත් අවාසනාව නම් ඒ කාරුණිකත්වය පැවතියේ තවත් දින 20ක් පමණි. නොවැම්බර් 22 දා ඩලස් හිදී ඔහුගේ ඉරණම උණ්ඩයකින් විසඳුණි.[/SIZE] [B][SIZE=4]තැපෑලෙන් ආ ටෲමන් ගේ මාරයා[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/4.-truman-701x935.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]( [url]www.history.com[/url])[/SIZE] [SIZE=4]හැරී ටෲමන් ඇමෙරිකාව සතු වූ දක්ෂ හමුදා නිලධාරියෙකි. දෙවන ලෝක යුද්ධ සමයේ ඇමෙරිකාවේ ජනපති වූ ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් ට අනතුරුව ජනපති වූයේ මොහුයි. ටෲමන් කෙරෙහිත් ඝාතන ප්රයත්න 2ක් සිදු වී ඇත.[/SIZE] [SIZE=4]ඉන් පළමු වැන්න යුදෙව් ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් 1947 දී උත්සාහ කරන ලදී. පුපුරන ද්‍රව්‍ය සහිත පාර්සලයක් ඔවුන් විසින් ටෲමන්ට එවන ලදි. නමුත් ඒ කාලයේ එංගලන්තයේ සිදුවූ පාර්සල් බෝම්බ් පිපිරීමක් නිසා අමෙරිකානු ආරක්ශක අංශ මෙවැන්නක් ගැන විමසිල්ලෙන් සිටියහ. පාර්සලය නිෂ්ක්‍රීය කෙරිණි.[/SIZE] [SIZE=4]1950 වසරේදී පියොටෝ රිකෝ ජාතිකයන් වන ඔස්කාර් කොලැසෝ හා ග්රිසෙලියො ටොරෙසොලා නම් දෙදෙනෙක් ගිනි අවි ඇතැති ව එවකට ජනපති පවුල නතර වී සිටි බ්ලෙයාර් මැදුරට කඩා වැදී ජනපති ටෲමන් ඝාතනයට උත්සාහ කළහ. පොලිස් නිලධාරීන් තිදෙනෙක්ට වෙඩි තබා තුවාල කළ හැකි වුවද අවසානයේ ධවල මන්දිර ආරක්ෂක අංශ වලට යටත් වීමට ඔවුනට සිදු විය. ඝාතන තැත් දෙකෙන්ම ගැලවුණු ජනපති ටෲමන් අවුරුදු 88ක් ආයු විඳීමට තරම් වාසනාවන්ත විය.[/SIZE] [B][SIZE=4]බින් ලාඩන් ගෙන් ගැලවුණු බිල් ක්ලින්ටන්[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/5.-clinton-701x935.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](en.wikipedia.org)[/SIZE] [SIZE=4]1993 වන විට ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ ප්‍රසිද්ධ චරිතයක් නොවේ. නමුත් 1996 දී ඔහු බිල් ක්ලින්ටන් ජනාධිපති තුමාව ඝාතනය කරන්නට ඉතාමත් ආසන්න සාර්ථක උත්සාහයක නිරත වෙනවා. 1993 දී ලෝක වෙළඳ මධ්‍යස්ථානය ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් විය. මෙයට ඔසාමාගේ සම්බන්ධයක් නොවීය. නමුත් මේ සමඟ ක්ලින්ටන්ගේ විදේශ ගමන් සම්බන්ධ ආරක්ෂාව තවත් තර කෙරිණි.[/SIZE] [SIZE=4]1996 දී ක්ලින්ටන් පිලිපීනයට ගියේ ආසියා-ෆැසිෆික් ආර්ථික සහයෝගිතා සැසියට සහභාගී වීම සඳහාය. මෙහිදී ක්ලින්ටන් එක්තරා දේශපාලඥයෙකු හමු වීමට සංචාරයක් සැලසුම් කළේ ය. සංචාරය පිටත් වීමට ඔන්න මෙන්න තිබියදී රහස් පොලිස් නිලධාරියෙක්ට අහම්බෙන් රහස් සංවාදයක් කණ වැකුණි. රහස් භාෂාවෙන්වූ එම පණිවුඩයේ සඳහන් වූයේ ජනපති සමඟ පාලම පිපිරවීමක් ගැන බව ඔහු තේරුම් ගත්තේය. සංචාරය වහාම අවලංගු කෙරිණි. මෙය 2009 පමණ වන තුරු ධවල මන්දිරය රහසක් හැටියට තබා ගත්තේය.[/SIZE] [B][SIZE=4]හර්බට් හූවර් ජනපති වන්නටත් පෙර ඉලක්ක වෙයි[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/6.-hoover-701x526.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](haikudeck.com)[/SIZE] [SIZE=4]හර්බට් හූවර් ජනාධිපති අපේක්ෂකයා 1928 ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දිවුරුම් දීමට ප්‍රථමයෙන් ප්‍රාදේශීය ආර්ථික ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ඇමෙරිකාවට සංචාරය කළේ ය. මේ අතර ඔහු ආජන්ටිනාවට පැමිණීමට දිනකට-දෙකකට පෙර මැනුවෙල් ස්කාර්සෝ නැමැත්තෙක් ගැන සැක සිතී පොලීසිය විසින් ඔහුගේ නවාතැන පරීක්ෂා කරන ලදී. එහිදී ගිනි අවි, බෝම්බ හා ජනපති ගේ ගමන් මාර්ගය සටහන් කරන ලද සිතියම සොයාගන්නා ලදි. වඩාත් විශේෂිත කාරණය වන්නේ මොහු සිතියම ගෙන තිබෙන්නේ හූවර්ගේ පෞද්ගලික භාරයේ තිබියදී වීමයි. පොලීසිය ඉක්මන් නොවුණානම් ජනපති තුමාගේ ඉරණම දිවුරුම් දීමට පෙරම විසඳෙන්නට තිබිණි.[/SIZE] [B][SIZE=4]ජෝර්ජ් ඩබ්. බුෂ් ට ග්‍රෙනේඩයක් අත වනයි[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/P27178-05-701x468.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]The George W. Bush Presidential Library and Museum[/SIZE] [SIZE=4]ජෝර්ජ් ඩබ්. බුෂ් 2005 වසරේ ජොර්ජියාවේ සංචාරය කළ අවස්ථාවක ජනතාව අමතමින් සිටියදී ව්ලැඩිමීර් අරුටිනියානි නැමැත්තෙක් ඔහු වෙත ග්රෙනේඩයකින් දමා ගැසුවේය. ග්‍රෙනේඩය ජනපතිට මීටර් 30 කට වඩා නුදුරෙන් පතිත විය. නමුත් ව්ලැඩිමීර්ගේ ම වරදකින් එය ග්‍රෙනේඩයක් බව සැඟවීමට ඔතා තිබූ ලේන්සුව තදට වෙලී තිබිණි. එනිසා එය පුපුරා නොගියේ ය. බුෂ් ගේ ජීවිතය රැකුණි.[/SIZE] [B][SIZE=4]ලින්කන්ට පෙර හිස්වැස්ම සිදුරු වෙයි[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/8.-lincoln-701x701.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]([url]www.biography.com[/url])[/SIZE] [SIZE=4]1864 වසරේදී වෙඩි වැදී ඝාතනය වීමට අවුරුද්දකට පමණ මත්තෙන් රාත්‍රියේ අසු පිටින් යන විට ඒබ්‍රහම් ලින්කන් ජනපති තුමා වෙඩි පහරකට ඉලක්ක විය. නමුත් එතුමාගේ වාසනාවකට ඒ මොහොතේම වෙඩි හඬ ඇසී අශ්වයා එහෙ මෙහෙ දැඟලීම නිසා මූණිස්ස්ම හිසට අඟල් කීපයක් ඉහලින් ඇදී ගොස් හිස් වැස්මේ සිදුරක් ඇති කර තිබිණි. ජනපති තුමා මෙය රහසක් වශයෙන් තබා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නත් 1865 දී ඔහුගේ මරණයත් සමඟ එය ප්‍රසිධියට පත් විය.[/SIZE] [B][SIZE=4]ඔබාමා හමුවට ආ ‘රයිසින්’ තෑග්ග[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/9.-Obama-701x954.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](commons.wikimedia.org)[/SIZE] [SIZE=4]2013 අප්‍රේල් මස 17 වන දින ජනාධිපති බැරැක් ඔබාමා නමට තැපෑලෙන් ආ පාර්සලය ගැන ආරක්ෂක අංශ වලට සැක සිතී පරික්ෂා කිරීමේදී ප්‍රබල විෂක් වන රයිසින් අඩංගු බව සොයාගන්නා ලදි. පුද්ගලයන් දෙදෙනෙක් දැනට මේ ක්‍රියාව හේතුවෙන් අත් අඩංගුවේ පසුවෙති. රයිසීන් ප්‍රබල විෂ සහිත ප්‍රෝටීනයක් වන අතර ජෛව රසායනික අවියක් වශයෙන් කීප තැනකදීම යොදාගෙන ඇත.[/SIZE] [B][SIZE=4]රිචර්ඩ් නික්සන් හමුවට අහසින් එන්නට ආ අමුත්තා[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/10.-Nixon-701x828.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]([url]www.khanacademy.org[/url])[/SIZE] [SIZE=4]රිචර්ඩ් නික්සන් ජනපති තුමා ඇමෙරිකා ඉතිහාසයේ ඉල්ලා අස්වූ එකම ජනපති වරයායි. 1974 වසරෙදී සැමුවෙල් බයික් නැමැත්තෙක් ගුවන් යානයක් පැහැරගෙන එය ධවල මන්දිරයට කඩා වද්දවා ජනපති නික්සන් මරාගෙන මැරීමට උත්සාහයක් දැරීය. නමුත් ජනපති තුමාගේ වාසනාවට ඔහුට වෙඩි තබා පාලනය කර ගැනීමට ගුවන් තොටුපොල ආරක්ෂක අංශ සමත් විය. බයික් සිය දිවි නසාගන්න ලදි.[/SIZE] [SIZE=4]නික්සන් ජනපති තුමා 1972 දීද ඝාතන ප්රයත්නයක් යැයි සැලකිය හැකි සිද්ධියකින් ගැලවුණි. ආතර් බ්‍රෙමර් නැමැත්තෙක් සැලසුම් කර කැනඩාවේදී ජනපති තුමාට වෙඩි තැබීමට උත්සාහ කලත් අසලටවත් ඒමට නොහැකි විය. පසුව ඔහු ඒ වෙනුවට තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වූ ජෝර්ජ් වොලස් ට වෙඩි තබන ලදි. ඉන් ඔහුගේ දිවි ගැලවුණත් ජීවිත කාලයටම රෝද පුටුවකට සීමා විය.[/SIZE] [B][SIZE=4]ජේම්ස් බියුකැනන්ගේ විෂ වුණු සමාරම්භක උළෙල[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/11.-buchanan-701x891.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]([url]http://www.wikiwand.com[/url])[/SIZE] [SIZE=4]ජේම්ස් බියුකැනන් අවිවාහකයෙක් ලෙස ජනපති පුටුවට පත් වන්නේ 1856 ජනාධිපතිවරණයෙනි. 1857 මාර්තු 4 වැනි දින ඔහුගේ සමාරම්භක උළෙල ජයට පැවත්වුණි. නමුත් වැඩි වේලා යන්නට මත්තෙන් එකා දෙන්නා බඩේ අමාරුව සෑදී කෙඳිරි ගාන්නට පටන් ගන්නා ලදී. තත්වය වඩාත් බැරෑරුම් කරමින් ජනපති තුමා ඇතුළු බොහෝ දෙනෙක්ට අතීසාරය සෑදී තිබිණි. සමහරුන්ගේ තත්වය බරපතල විය. වාසනාවට ජනපති තුමා ඉක්මණින්ම සුව වූ ගොඩට අයත් විය. නමුත් 30 දෙනෙක් පමණ සිද්ධියෙන් මිය ගිය අතර එහි පාර්ලිමේන්තුවට තේරී පත් වූවන්ද වූහ. මෙය හෝටලයේ මළ අපවහන පද්ධතියේ දෝෂයක් නිසා සිදු වූවක් ලෙස සැලකුවත් වර්තමානයේදී සැලකෙන්නේ හිතා මතා කළ දෙයක් විධියටයි.[/SIZE] [B][SIZE=4]පෙනහැල්ල පසාරු වුවත් ජනපති රේගන් බේරෙයි[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/06/12.-reagan-701x701.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](biography.com)[/SIZE] [SIZE=4]හොලිවුඩ් නිළි ජූඩි ෆොස්ටර්ට පෙම් බැඳි උන්මත්තකයෙක් වූ ජෝන් හින්ක්ලි නැමත්තෙක් 1981 වසෙරේදී ජනපති රොනල්ඩ් රේගන්ට වෙඩි තැබීය. එක් වෙඩි උණ්ඩයක් ජනපතිගේ පෙනහැල්ලක් පසාරු කරගෙන ගියත් ජීවත් වීමේ වාසනාව එතුමාට ලැබිණි.[/SIZE] [SIZE=4]ඉහත දැක්වුණු ඝාතන තැත් වලට අමතරව තවත් තැත් කීපයක්ම ඇමරිකානු ජනපති ඉතිහාසය කියවන විට හමුවේ. ඇන්ඩෲ ජැක්සන්, තිය්ඩෝර් රූස්වෙල්ට්, ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්, ජෙරල්ඩ් ෆොර්ඩ්, ජිමී කාටර්, ජොර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) වැන්නවුන්ද ඝාතන ප්රයත්න වලට මුහුණ දී තිබේ. ඉතින් මෙයින් පෙනෙන්නට ඇත්තේ ලෝක පොලිස්කාරයාගේ භූමිකාව රඟ දැක්වීම හිතනවාට වඩා අවධානම් කාර්යයක් බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom