Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසිරිමත්වූ පාරමිතා පිරීම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසිරිමත්වූ පාරමිතා පිරීම්...

~ අසිරිමත්වූ පාරමිතා පිරීම් ~

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

දානං සීලංච නෙක්ඛම්මං

පඤ්ඤා විරියෙන පංචමං

ඛන්ති සච්චම අධිට්ඨානං

මෙත්ත උපෙක්ඛා ඉමා දස

කාරුණික පින්වත්නි,නිවන යනු නිවීමයි. මොනවායේ නිවීමද? කෙලෙස්වල (පංචනීවරණවල) නිවීමයි. එම නිවීමට නම් දස පාරමිතා පිරිය යුතු ය. දස පාරමී පිරීමෙන් නිවන අවබෝධ කරගත හැකිය. නිවන අවබෝධ කරන මාර්ගය අරි අටඟි මඟ කීවත් දස පාරමී ධර්ම කීවත් දෙකක් නොව එකක්මය. එය පූර්ණය කරන (පුරන) පිරිස බෝධිසත්වයන්ය. ‘බෝධි’ යනු නිවනයි. ‘සත්ව‘ යනු ඇලීමයි. නිවනට ඇලුණු සත්වයන් බෝධි සත්වයන් ය.

නිවනට පත්වන ක්‍රම තුනක් ඇත. එනම්, තුන්තරා බෝධියයි. එම බෝධි තුන බුදු, පසේ බුදු, මහරහත් නම් වේ. සම්මා සම්බෝධිය අවබෝධ කරන උතුමෝ බුද්ධ බෝධි සත්වයෝ ය. පසේ බුදු බව අවබෝධ කරන උතුමෝ පච්චේක බෝධි සත්වයෝය. මහරහත් බව අවබෝධ කරන උතුමෝ ශ්‍රාවක බෝධිසත්වයෝය. නැතහොත් ශ්‍රැත බෝධිසත්වයෝය. නිවන අරමුණු කරගෙන පාරමී පුරන්නෝ බෝධිසත්වයන්ය. පාරමි යනු කුසලපුරුද්දයි. පාරමි දහය නම් දාන, ශීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්ය, ඛන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රි සහ උපේක්ඛා ය. සම්මා සම්බුද්ධත්වය සඳහා එක් පාරමිතාවක් තුන් ආකාරයකට පිරිය යුතුයි. එනම් පාරමි, උපපාරමි, පරමත්ත පාරමි යනුවෙනි. එක් පාරමිතාවක් තුන් ආකාරය බැගින් පාරමි තිහක් වශයෙනි. පසේ බුද්ධත්වය සඳහා පාරමි, උප පාරමි වශයෙන් විස්සක් පිරිය යුතුයි. අරහත් බෝධිය සඳහා පාරමි දහයක් පිරිය යුතුයි.

පින්වත්නි, තුන්තරා බෝධියට පත්වන බෝධිසත්වයන් තුන්වැදෑරුම්ය. ශ්‍රද්ධා අධික බෝධිසත්වයන්, ප්‍රඥා අධික බෝධිසත්වයන්, වීර්ය අධික බෝධිසත්වයන් වශයෙනි. මීට කලින් ලොව පහළ වී වදාළ කාශ්‍යප බුදුන් වහන්සේ ශ්‍රද්ධා අධික ය. අප ගෞතම බුදුන්වහන්සේ ප්‍රඥා අධිකය. මතු පහළ වන මෛත්‍රී බුදුන් වහන්සේ වීර්ය අධිකය. ශ්‍රද්ධාව යනු පැහැදීම, විශ්වාසයයි. ප්‍රඥාව යනු නුවණ, අවබෝධයයි, වීර්ය යනු උත්සාහයයි. බෝධිසත්වයන්ගේ වෙනසක් වූවාට නිවනේ වෙනසක් නැත. කෙසේද කියතහොත් මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා මුහුදට පැමිණි පසු එකකි. එහි වෙනසක් නැත්තාක් මෙනි. බෝධිසත්වයන්ගේ චරිතානුකූලව වෙනසක් වූවාට අවබෝධ කරන නිවනෙහි වෙනසක් හෝ ධර්මයෙහි වෙනසක් හෝ නැත.

සසරේ දුක දැක නිවන අවබෝධය සඳහා ත්‍රිවිධද්වාරයෙන්ම පාරමි පිරිය යුතු ය. මනෝප්‍රනිධාන පාරමි, වාග්ප්‍රනිධාන පාරමි, කායප්‍රනිධාන පාරමි එනම් මනැසින්, වචනයෙන්, කයෙන් වශයෙනි. මෙහිදී මුලින්ම පාරමි පුරන්නේ මනැසිනි. මනෝප්‍රනිධාන පාරමිතාව, සම්බන්ධ පුවත මෙසේ විස්තර කළ හැකි ය. අපගේ සර්වඥයන් වහන්සේ මේ මහා කල්පයෙන් විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට යට නන්ද නම් අසංඛ්‍ය කල්පයෙහි මෙයින් බුදුවරුන් පන්ලක්ෂ දොළොස් දහස් විසිහතර දෙනෙකුට ඈත, බ්‍රහ්ම දේව නම් බුදුන් සමයෙහි කරන්ඨක නම් නුවර අතිදේව නම් රජව ඉපැදුනහ. බ්‍රහ්මදේව නම් බුදුන්වහන්සේ යමාමහ ප්රාතිහාර්යය පානු දැක ‘මමත් මතු අනාගතයේ මහානුභාව සම්පන්න බුදු කෙනෙක් වෙමි’යි සිතාගත්හ. ඉන්පසු එම මහරජ තෙමේ මෙම බ්‍රහ්මදේව බුදුන්වහන්සේට රනින් මල් තුනක් සාදවා පූජා කර පසඟ පිහිටුවා වැඳ ලොව්තුරා බුදු වෙම්වා’යි ප්‍රාර්ථනා කළේ ය. එතැන් පටන් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතක් ඇතුළත ලොව පහළ වූ එක්ලක්ෂ විසිපන්දහසක් බුදුන් දැක ඒ බුද්ධශාසනවල දානාදී පාරමි ධර්ම සම්පූර්ණ කර මනෝප්‍රනිධාන පාරමි ධර්මය සම්පූර්ණ කළේ ය.

මෙයින් අසංඛ්‍ය කල්ප ලක්ෂ දහතුනකට ඉහත වාග්ප්‍රනිධාන ආරම්භ කළේ ය. එම කල්පය සර්ව භද්‍ර නම් අසංඛ්‍ය කල්පයයි. එම කල්පයෙහි ධනංජවතී නම් නුවර සාරද නම් සක්විති රජව උපන. එවකට ලොව පහළ වී සිටියේ පුරාණ ගෞතම බුදුන් වහන්සේ ය. උන්වහන්සේ දැක පැහැදී බුදුන් ප්‍රධාන ලක්ෂයක් මහරහතුන්ට රනින් ආවාස සාදවා පූජා කළේ ය. මෙම බුදුන් වහන්සේගේ ආවාසය සත් මහලින් යුක්ත වන අතර එම ආවාසයේ බිත්ති, වහල, ජනේල, රත්රන්ය. බිත්තිවලට හා බිමට මැණික් ගල් අල්ලා සකස් කර ඇත. පුටු, මේස, ඇඳන් ආදිය රනින් කරවා මැණික් ඔබ්බවා සකස් කළ අතර මෙම මහා විහාරය බුදු පාමොක් මහා සංඝරත්නයට සඟසතු කොට පූජා කළේ ය. එතැන් සිට දින හතක් රත්රන් ලිප්වල, රන් භාජනවල දානය සකස් කර රන් පාත්‍රවල දානය පිළිගැන්වීය. අවසානයේ පුරාණ ගෞතම බුදුන් පාමුල පසඟ පිහිටුවා වැඳගෙන ‘ස්වාමිනි මම මේ මහා දානය දී දිව්‍ය මිනිස් සැප ප්‍රාර්ථනා නොකරමි. මම ද මතු අනාගතයේ දවසක ඔබ වහන්සේ මෙන්, ශාක්‍ය කුලයෙන් නික්ම ගෞතම නමින්, ඇසතු වෘක්ෂ මුලයේ දී දස බිම්බරක් මාර සේනාව පරාජය කොට ලොව්තුරා බුදු වෙමි’ යි ප්‍රාර්ථනා කළේ ය. ඉන්පසු බුදුවරුන් තුන්ලක්ෂ අසූහත්දහසක් දැක ඒ බුද්ධශාසනවල පාරමි ධර්ම සම්පූර්ණ කළේ ය. අසංඛ්‍ය කල්ප ලක්ෂ නවයක් වාග්ප්‍රනිධාන පාරමිතාව පිරුවේ ය. මනෝප්‍රනිධාන කල්ප ලක්ෂ හතයි, වාග්ප්‍රනිධාන කල්ප ලක්ෂ නවයයි. එකතුව අසංඛ්‍ය කල්ප ලක්ෂ දහසයයි. මේ කාලය තුළ පන්ලක්ෂ දොළොස් දහසක් බුදුවරුන් දැක්කේ ය.

මෙයින් අසංඛ්‍ය කල්පලක්ෂ සතරකට ඉහත දීපංකර නම් බුදුන් වහන්සේ සාරමණ්ඩල නම් කල්පයේ ලොව පහළ වී වදාළ සේක. එසඳ බෝධිසත්වයෝ කායප්‍රනිධාන පාරමිතාව සම්පූර්ණ කිරීමට, සුමේධ තාපසව ඉපිද තරුණ බවට පැමිණී කල තම මවුපියන්ගේ වියෝවයෙන් කලකිරී තමාට උරුම ධනය දුගී මගී යාචකයන්ට දන් දී හිමාල වනයට ගොස් සෘෂිප්රවෘජාවෙන් පැවිදිව ධ්‍යාන, අභිඥා උපදවා සිටින කල වස්සාන සමය එළැඹුණු හෙයින් වස්විසීමට තැනක් සොයමින් ඇවිදින විට පිරිසක් එකතු වී පාරක් ශුද්ධ කරමින් සිටිනු දුටුවහ. එම පිරිසගෙන් කුමක් කරන්නේදැයි විචාළහ. හෙට දින දීපංකර බුදුන් ප්‍රධාන රහතන් වහන්සේ හාරලක්ෂයක් මේ රටට දනට වඩින බව දැන්වීය. ඒ අවස්ථාවේ සිත පැහැදී මේ පින්කමට සම්බන්ධ වීමට ඇත්නම් මනායැ’යි සිතා පි‍්‍රය මිතුරනි, මටත් මේ පින්කමට සම්බන්ධ වීමට හැකිදැ’යි විමසුවේ ය. එකල ඔවුහු පිළිවන් බව කියූ පසු මටත් ශුද්ධ කිරීම සඳහා කොටසක් ලබා දෙන්න යැයි ඉල්ලා සිටියේ ය. ඔවුහු මඩගොහොරුවක් සහිත බිමක් ලබා දුන්හ. එය සතුටින් පිළිගෙන බුද්ධ උපස්ථානයක් කරන්නට සුදුසු වේලාව කියා සිතාගෙන, මඩවළ පුරවන්නට පටන් ගත්තේ ය.

මඩවළ පුරවා නිමවෙන්නට කලින් බුදුන් වඩින වෙලාව විය. දීපංකර බුදුන් ප්‍රධාන හාරලක්ෂයක් භික්ෂූන් වඩිනු දැක කළයුතු කිසිවක් නොමැති බව දැන මඩවළ මත දිගා වී බුදු බව පතා, බුදුන් ප්‍රධාන හාරලක්ෂයක් භික්ෂූන් මගේ ශරීරය මතින් වඩින සේක්වායි ප්‍රාර්ථනා කර සිටියේ ය. දීපංකර බුදුන් වහන්සේ, තමා උදෙසා ජීවිතය පූජා කොට සිටින මහා පුරුෂයා දැක අනාගතයෙහි බුදු වන බව දැන භික්ෂූන් අමතා, ‘මහණෙනි, මේ මහා පුරුෂයා අනාගතයෙහි අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරකින් පසු ගෞතම නමින් බුදුවන්නේ යැ’යි නියත විවරණ දී වදාළ සේක. එතැන් සිට බුදුවරුන් විසිහතර නමක දැක ඒ ශාසනවල පාරමි පුරමින් නියත විවරණ ලබා ගත්හ.

ඇස්, ඉස්, මස්, ලේ දන් දෙමින් පැමිණ වෙස්සන්තර ආත්මයේ සෑම දේම හත්සියය බැගින් දන් දුන්නේ ය. රාජ්‍ය, අඹු දරුවන් දන් දී පාරමී සම්පූර්ණ කර මරණින් මතු තුසිත දෙව්ලොව සන්තුසිත දිව්‍ය පුත්‍රයා වශයෙන් ඉපිද සිටියදී සතර වරම් දෙවිවරු පැමිණ,

කාලො යංතෙ මහා වීර

උප්පජ්ජ මාතු කුච්චියං

සදෙවකං තාර යංතො

බුජ්ජස්සු අමතං පදං

යන ගාථාවෙන් ආරාධනා කළහ.

“මහා වීරයන් වහන්ස, දෙවි මිනිසුන්ට අනුකම්පාවෙන් ලොව්තුරා බුදුවීමට මව්කුස ඉපදීමට කාලයයි.”

දෙවියන්ගේ ආරාධනාව පිළිගත් මහා බෝසතාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස්මහ බැලුම් බලා මහා මායා දේවියගේ කුසේ, සුද්ධෝදන මහරජාණන්ට දාව පිළිසිඳ ගෙන දස මස් ඇවෑමෙන් මව්කුසින් බිහි වූ සේක.

කාලං දීපංච දේසංච

කුලං මාතර මෙවච

එතෙ පංච විලොඛෙත්වා

උප්පජ්ජන්ති තථාගත

අවුරුදු විසිනවයක් ගිහිගෙයි සිට, මහල්ලකු, ලෙඩකු, මළමිනියක් හා පැවිදි රුවක් දැක සංසාරයේ ස්වභාවය මේ යැයි අවබෝධ කොට සංසාර දුකින් නිදහස් වීම සඳහා විමුක්තිය සොයා ගැනීමට මහා අභිනිෂ්ක්‍රමණය කළේ ය. සා අවුරුද්දක් දුෂ්කර ක්රියාවේ යෙදි අත්තකිලමතානුයෝගය අනුගමනය කර සත්‍ය අවබෝධ කර ගැනීමට නොහැකි බව අවබෝධ වී මධ්‍යම ප්‍රතිපදාවෙන් දස බිම්බරක් මාර සේනාව පරාජය කර ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වූහ. සසරින් සදහටම මිදුනහ. එදා විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර බ්‍රහ්මදේව බුදුන් දැක කළ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගත්හ.

ත්‍රිවිධ බෝධියෙන් නිවන් අවබෝධ කර ගන්නට කැමැති සියලු දෙනා විසින් බුද්ධ කාරක ධර්ම හෙවත් දස පාරමි ධර්ම සම්පූර්ණ කරනු ලැබිය යුතු ය. ඒ සඳහා පාරමි ධර්ම ගැන හා භාවනා මාර්ගය ගැන අවබෝධයක් තිබිය යුතුයි. පාරමි ධර්ම පුරනවා කීවත්, අරි අටඟි මඟ වඩිනවා කීවත්, ශීල, සමාධි, ප්‍රඥා දියුණු කරනවා කීවත්, සමථ- විපස්සනා වඩනවා කීවත් එකක් බව මතක තබා ගෙන කටයුතු කළ යුතු ය. බුදුවීමට නම් කායප්‍රනිධාන ලෙස අවමවශයෙන් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක්වත් පාරමි පිරිය යුතු ය. පසේ බුදු වීමට නම් කායප්‍රනිධාන පාරමිතාව අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක් වත් පිරිය යුතුයි. රහත්වීමට නම් කායප්‍රනිධාන පාරමිතාව අසංඛ්‍ය කල්ප ලක්ෂ යක්වත් පිරිය යුතු ය.

ජීවිතයේ සෑම මොහොතකම ශ්‍රද්ධාවෙන්, සිහියෙන්, වීර්යයෙන් පාරමී පුර්ණය වන ආකාරයට ගත කළ යුතු ය. කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් යුතුව මේ ගෞතම බුද්ධශාසනයේදීම නිවනින් නිවීමට කටයුතු කිරීම අවැසිය.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

බුදුසරණ අන්තර්ජාල කලාපය - කොළඹිස්සේ විමුක්තිරතන හිමි

[QUOTE="Iron Monger, post: 16348018, member: 349634"] [b]අසිරිමත්වූ පාරමිතා පිරීම්...[/b] [SIZE=5]~ අසිරිමත්වූ පාරමිතා පිරීම් ~ නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස[/SIZE] [SIZE=5] දානං සීලංච නෙක්ඛම්මං[/SIZE] [SIZE=5] පඤ්ඤා විරියෙන පංචමං ඛන්ති සච්චම අධිට්ඨානං මෙත්ත උපෙක්ඛා ඉමා දස කාරුණික පින්වත්නි,නිවන යනු නිවීමයි. මොනවායේ නිවීමද? කෙලෙස්වල (පංචනීවරණවල) නිවීමයි. එම නිවීමට නම් දස පාරමිතා පිරිය යුතු ය. දස පාරමී පිරීමෙන් නිවන අවබෝධ කරගත හැකිය. නිවන අවබෝධ කරන මාර්ගය අරි අටඟි මඟ කීවත් දස පාරමී ධර්ම කීවත් දෙකක් නොව එකක්මය. එය පූර්ණය කරන (පුරන) පිරිස බෝධිසත්වයන්ය. ‘බෝධි’ යනු නිවනයි. ‘සත්ව‘ යනු ඇලීමයි. නිවනට ඇලුණු සත්වයන් බෝධි සත්වයන් ය.[/SIZE] [SIZE=5] නිවනට පත්වන ක්‍රම තුනක් ඇත. එනම්, තුන්තරා බෝධියයි. එම බෝධි තුන බුදු, පසේ බුදු, මහරහත් නම් වේ. සම්මා සම්බෝධිය අවබෝධ කරන උතුමෝ බුද්ධ බෝධි සත්වයෝ ය. පසේ බුදු බව අවබෝධ කරන උතුමෝ පච්චේක බෝධි සත්වයෝය. මහරහත් බව අවබෝධ කරන උතුමෝ ශ්‍රාවක බෝධිසත්වයෝය. නැතහොත් ශ්‍රැත බෝධිසත්වයෝය. නිවන අරමුණු කරගෙන පාරමී පුරන්නෝ බෝධිසත්වයන්ය. පාරමි යනු කුසලපුරුද්දයි. පාරමි දහය නම් දාන, ශීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්ය, ඛන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රි සහ උපේක්ඛා ය. සම්මා සම්බුද්ධත්වය සඳහා එක් පාරමිතාවක් තුන් ආකාරයකට පිරිය යුතුයි. එනම් පාරමි, උපපාරමි, පරමත්ත පාරමි යනුවෙනි. එක් පාරමිතාවක් තුන් ආකාරය බැගින් පාරමි තිහක් වශයෙනි. පසේ බුද්ධත්වය සඳහා පාරමි, උප පාරමි වශයෙන් විස්සක් පිරිය යුතුයි. අරහත් බෝධිය සඳහා පාරමි දහයක් පිරිය යුතුයි.[/SIZE] [SIZE=5] පින්වත්නි, තුන්තරා බෝධියට පත්වන බෝධිසත්වයන් තුන්වැදෑරුම්ය. ශ්‍රද්ධා අධික බෝධිසත්වයන්, ප්‍රඥා අධික බෝධිසත්වයන්, වීර්ය අධික බෝධිසත්වයන් වශයෙනි. මීට කලින් ලොව පහළ වී වදාළ කාශ්‍යප බුදුන් වහන්සේ ශ්‍රද්ධා අධික ය. අප ගෞතම බුදුන්වහන්සේ ප්‍රඥා අධිකය. මතු පහළ වන මෛත්‍රී බුදුන් වහන්සේ වීර්ය අධිකය. ශ්‍රද්ධාව යනු පැහැදීම, විශ්වාසයයි. ප්‍රඥාව යනු නුවණ, අවබෝධයයි, වීර්ය යනු උත්සාහයයි. බෝධිසත්වයන්ගේ වෙනසක් වූවාට නිවනේ වෙනසක් නැත. කෙසේද කියතහොත් මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා මුහුදට පැමිණි පසු එකකි. එහි වෙනසක් නැත්තාක් මෙනි. බෝධිසත්වයන්ගේ චරිතානුකූලව වෙනසක් වූවාට අවබෝධ කරන නිවනෙහි වෙනසක් හෝ ධර්මයෙහි වෙනසක් හෝ නැත.[/SIZE] [SIZE=5] සසරේ දුක දැක නිවන අවබෝධය සඳහා ත්‍රිවිධද්වාරයෙන්ම පාරමි පිරිය යුතු ය. මනෝප්‍රනිධාන පාරමි, වාග්ප්‍රනිධාන පාරමි, කායප්‍රනිධාන පාරමි එනම් මනැසින්, වචනයෙන්, කයෙන් වශයෙනි. මෙහිදී මුලින්ම පාරමි පුරන්නේ මනැසිනි. මනෝප්‍රනිධාන පාරමිතාව, සම්බන්ධ පුවත මෙසේ විස්තර කළ හැකි ය. අපගේ සර්වඥයන් වහන්සේ මේ මහා කල්පයෙන් විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට යට නන්ද නම් අසංඛ්‍ය කල්පයෙහි මෙයින් බුදුවරුන් පන්ලක්ෂ දොළොස් දහස් විසිහතර දෙනෙකුට ඈත, බ්‍රහ්ම දේව නම් බුදුන් සමයෙහි කරන්ඨක නම් නුවර අතිදේව නම් රජව ඉපැදුනහ. බ්‍රහ්මදේව නම් බුදුන්වහන්සේ යමාමහ ප්රාතිහාර්යය පානු දැක ‘මමත් මතු අනාගතයේ මහානුභාව සම්පන්න බුදු කෙනෙක් වෙමි’යි සිතාගත්හ. ඉන්පසු එම මහරජ තෙමේ මෙම බ්‍රහ්මදේව බුදුන්වහන්සේට රනින් මල් තුනක් සාදවා පූජා කර පසඟ පිහිටුවා වැඳ ලොව්තුරා බුදු වෙම්වා’යි ප්‍රාර්ථනා කළේ ය. එතැන් පටන් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතක් ඇතුළත ලොව පහළ වූ එක්ලක්ෂ විසිපන්දහසක් බුදුන් දැක ඒ බුද්ධශාසනවල දානාදී පාරමි ධර්ම සම්පූර්ණ කර මනෝප්‍රනිධාන පාරමි ධර්මය සම්පූර්ණ කළේ ය.[/SIZE] [SIZE=5] මෙයින් අසංඛ්‍ය කල්ප ලක්ෂ දහතුනකට ඉහත වාග්ප්‍රනිධාන ආරම්භ කළේ ය. එම කල්පය සර්ව භද්‍ර නම් අසංඛ්‍ය කල්පයයි. එම කල්පයෙහි ධනංජවතී නම් නුවර සාරද නම් සක්විති රජව උපන. එවකට ලොව පහළ වී සිටියේ පුරාණ ගෞතම බුදුන් වහන්සේ ය. උන්වහන්සේ දැක පැහැදී බුදුන් ප්‍රධාන ලක්ෂයක් මහරහතුන්ට රනින් ආවාස සාදවා පූජා කළේ ය. මෙම බුදුන් වහන්සේගේ ආවාසය සත් මහලින් යුක්ත වන අතර එම ආවාසයේ බිත්ති, වහල, ජනේල, රත්රන්ය. බිත්තිවලට හා බිමට මැණික් ගල් අල්ලා සකස් කර ඇත. පුටු, මේස, ඇඳන් ආදිය රනින් කරවා මැණික් ඔබ්බවා සකස් කළ අතර මෙම මහා විහාරය බුදු පාමොක් මහා සංඝරත්නයට සඟසතු කොට පූජා කළේ ය. එතැන් සිට දින හතක් රත්රන් ලිප්වල, රන් භාජනවල දානය සකස් කර රන් පාත්‍රවල දානය පිළිගැන්වීය. අවසානයේ පුරාණ ගෞතම බුදුන් පාමුල පසඟ පිහිටුවා වැඳගෙන ‘ස්වාමිනි මම මේ මහා දානය දී දිව්‍ය මිනිස් සැප ප්‍රාර්ථනා නොකරමි. මම ද මතු අනාගතයේ දවසක ඔබ වහන්සේ මෙන්, ශාක්‍ය කුලයෙන් නික්ම ගෞතම නමින්, ඇසතු වෘක්ෂ මුලයේ දී දස බිම්බරක් මාර සේනාව පරාජය කොට ලොව්තුරා බුදු වෙමි’ යි ප්‍රාර්ථනා කළේ ය. ඉන්පසු බුදුවරුන් තුන්ලක්ෂ අසූහත්දහසක් දැක ඒ බුද්ධශාසනවල පාරමි ධර්ම සම්පූර්ණ කළේ ය. අසංඛ්‍ය කල්ප ලක්ෂ නවයක් වාග්ප්‍රනිධාන පාරමිතාව පිරුවේ ය. මනෝප්‍රනිධාන කල්ප ලක්ෂ හතයි, වාග්ප්‍රනිධාන කල්ප ලක්ෂ නවයයි. එකතුව අසංඛ්‍ය කල්ප ලක්ෂ දහසයයි. මේ කාලය තුළ පන්ලක්ෂ දොළොස් දහසක් බුදුවරුන් දැක්කේ ය.[/SIZE] [SIZE=5] මෙයින් අසංඛ්‍ය කල්පලක්ෂ සතරකට ඉහත දීපංකර නම් බුදුන් වහන්සේ සාරමණ්ඩල නම් කල්පයේ ලොව පහළ වී වදාළ සේක. එසඳ බෝධිසත්වයෝ කායප්‍රනිධාන පාරමිතාව සම්පූර්ණ කිරීමට, සුමේධ තාපසව ඉපිද තරුණ බවට පැමිණී කල තම මවුපියන්ගේ වියෝවයෙන් කලකිරී තමාට උරුම ධනය දුගී මගී යාචකයන්ට දන් දී හිමාල වනයට ගොස් සෘෂිප්රවෘජාවෙන් පැවිදිව ධ්‍යාන, අභිඥා උපදවා සිටින කල වස්සාන සමය එළැඹුණු හෙයින් වස්විසීමට තැනක් සොයමින් ඇවිදින විට පිරිසක් එකතු වී පාරක් ශුද්ධ කරමින් සිටිනු දුටුවහ. එම පිරිසගෙන් කුමක් කරන්නේදැයි විචාළහ. හෙට දින දීපංකර බුදුන් ප්‍රධාන රහතන් වහන්සේ හාරලක්ෂයක් මේ රටට දනට වඩින බව දැන්වීය. ඒ අවස්ථාවේ සිත පැහැදී මේ පින්කමට සම්බන්ධ වීමට ඇත්නම් මනායැ’යි සිතා පි‍්‍රය මිතුරනි, මටත් මේ පින්කමට සම්බන්ධ වීමට හැකිදැ’යි විමසුවේ ය. එකල ඔවුහු පිළිවන් බව කියූ පසු මටත් ශුද්ධ කිරීම සඳහා කොටසක් ලබා දෙන්න යැයි ඉල්ලා සිටියේ ය. ඔවුහු මඩගොහොරුවක් සහිත බිමක් ලබා දුන්හ. එය සතුටින් පිළිගෙන බුද්ධ උපස්ථානයක් කරන්නට සුදුසු වේලාව කියා සිතාගෙන, මඩවළ පුරවන්නට පටන් ගත්තේ ය.[/SIZE] [SIZE=5] මඩවළ පුරවා නිමවෙන්නට කලින් බුදුන් වඩින වෙලාව විය. දීපංකර බුදුන් ප්‍රධාන හාරලක්ෂයක් භික්ෂූන් වඩිනු දැක කළයුතු කිසිවක් නොමැති බව දැන මඩවළ මත දිගා වී බුදු බව පතා, බුදුන් ප්‍රධාන හාරලක්ෂයක් භික්ෂූන් මගේ ශරීරය මතින් වඩින සේක්වායි ප්‍රාර්ථනා කර සිටියේ ය. දීපංකර බුදුන් වහන්සේ, තමා උදෙසා ජීවිතය පූජා කොට සිටින මහා පුරුෂයා දැක අනාගතයෙහි බුදු වන බව දැන භික්ෂූන් අමතා, ‘මහණෙනි, මේ මහා පුරුෂයා අනාගතයෙහි අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරකින් පසු ගෞතම නමින් බුදුවන්නේ යැ’යි නියත විවරණ දී වදාළ සේක. එතැන් සිට බුදුවරුන් විසිහතර නමක දැක ඒ ශාසනවල පාරමි පුරමින් නියත විවරණ ලබා ගත්හ.[/SIZE] [SIZE=5] ඇස්, ඉස්, මස්, ලේ දන් දෙමින් පැමිණ වෙස්සන්තර ආත්මයේ සෑම දේම හත්සියය බැගින් දන් දුන්නේ ය. රාජ්‍ය, අඹු දරුවන් දන් දී පාරමී සම්පූර්ණ කර මරණින් මතු තුසිත දෙව්ලොව සන්තුසිත දිව්‍ය පුත්‍රයා වශයෙන් ඉපිද සිටියදී සතර වරම් දෙවිවරු පැමිණ,[/SIZE] [SIZE=5] කාලො යංතෙ මහා වීර[/SIZE] [SIZE=5] උප්පජ්ජ මාතු කුච්චියං සදෙවකං තාර යංතො බුජ්ජස්සු අමතං පදං යන ගාථාවෙන් ආරාධනා කළහ.[/SIZE] [SIZE=5] “මහා වීරයන් වහන්ස, දෙවි මිනිසුන්ට අනුකම්පාවෙන් ලොව්තුරා බුදුවීමට මව්කුස ඉපදීමට කාලයයි.”[/SIZE] [SIZE=5] දෙවියන්ගේ ආරාධනාව පිළිගත් මහා බෝසතාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස්මහ බැලුම් බලා මහා මායා දේවියගේ කුසේ, සුද්ධෝදන මහරජාණන්ට දාව පිළිසිඳ ගෙන දස මස් ඇවෑමෙන් මව්කුසින් බිහි වූ සේක.[/SIZE] [SIZE=5] කාලං දීපංච දේසංච[/SIZE] [SIZE=5] කුලං මාතර මෙවච එතෙ පංච විලොඛෙත්වා උප්පජ්ජන්ති තථාගත අවුරුදු විසිනවයක් ගිහිගෙයි සිට, මහල්ලකු, ලෙඩකු, මළමිනියක් හා පැවිදි රුවක් දැක සංසාරයේ ස්වභාවය මේ යැයි අවබෝධ කොට සංසාර දුකින් නිදහස් වීම සඳහා විමුක්තිය සොයා ගැනීමට මහා අභිනිෂ්ක්‍රමණය කළේ ය. සා අවුරුද්දක් දුෂ්කර ක්රියාවේ යෙදි අත්තකිලමතානුයෝගය අනුගමනය කර සත්‍ය අවබෝධ කර ගැනීමට නොහැකි බව අවබෝධ වී මධ්‍යම ප්‍රතිපදාවෙන් දස බිම්බරක් මාර සේනාව පරාජය කර ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වූහ. සසරින් සදහටම මිදුනහ. එදා විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර බ්‍රහ්මදේව බුදුන් දැක කළ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගත්හ.[/SIZE] [SIZE=5] ත්‍රිවිධ බෝධියෙන් නිවන් අවබෝධ කර ගන්නට කැමැති සියලු දෙනා විසින් බුද්ධ කාරක ධර්ම හෙවත් දස පාරමි ධර්ම සම්පූර්ණ කරනු ලැබිය යුතු ය. ඒ සඳහා පාරමි ධර්ම ගැන හා භාවනා මාර්ගය ගැන අවබෝධයක් තිබිය යුතුයි. පාරමි ධර්ම පුරනවා කීවත්, අරි අටඟි මඟ වඩිනවා කීවත්, ශීල, සමාධි, ප්‍රඥා දියුණු කරනවා කීවත්, සමථ- විපස්සනා වඩනවා කීවත් එකක් බව මතක තබා ගෙන කටයුතු කළ යුතු ය. බුදුවීමට නම් කායප්‍රනිධාන ලෙස අවමවශයෙන් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක්වත් පාරමි පිරිය යුතු ය. පසේ බුදු වීමට නම් කායප්‍රනිධාන පාරමිතාව අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක් වත් පිරිය යුතුයි. රහත්වීමට නම් කායප්‍රනිධාන පාරමිතාව අසංඛ්‍ය කල්ප ලක්ෂ යක්වත් පිරිය යුතු ය.[/SIZE] [SIZE=5] ජීවිතයේ සෑම මොහොතකම ශ්‍රද්ධාවෙන්, සිහියෙන්, වීර්යයෙන් පාරමී පුර්ණය වන ආකාරයට ගත කළ යුතු ය. කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් යුතුව මේ ගෞතම බුද්ධශාසනයේදීම නිවනින් නිවීමට කටයුතු කිරීම අවැසිය.[/SIZE] [SIZE=5] ඔබ සැමට සම්මා සම්බුදු සරණයි[/SIZE] [SIZE=5] බුදුසරණ අන්තර්ජාල කලාපය - කොළඹිස්සේ විමුක්තිරතන හිමි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom