Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසිරිමත්-පසේබුදු-පෙළහර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසිරිමත්-පසේබුදු-පෙළහර

අප මේ ගත කරන්නේ බුද්ධ කාලයකයි. මෙය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයයි. වරින් වර බුදුවරුන්ගේ යුග ලෝකයෙහි පහළ වෙනවා. මේ කල්පයේදී දැනට බුදුවරුන්ගේ යුග සතරක් ඇති වී තිබෙනවා. මෛත්‍රී බුදුරජුන්ගේ යුගය තවම පහළ වී නෑ. එය පස්වෙනි යුගයයි. මේ පස් යුගයම ඇතිවෙන්නේ එකම කල්පයකයි. එනිසා වෙන්න ඇති මේ කල්පයට ‘මහා භද්‍ර කල්පය’ කියා කියන්නේ.මෙම මහා භද්‍ර කල්පයේදී මුලින්ම පහළ වූයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. එකල මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දාහ වෙද්දී කෝණාගමණ බුදුරජුන්ගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී තමයි කාශ්‍යප බුදුරජුන්ගේ යුගය පහළ වුණේ. අප සරණ ගිය ගෞතම බුදුරජුන්ගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සයි. දැන් ඒ මිනිස් ආයුෂ කෙමෙන් අඩු වී ගෙන යන බව ඉතාම පැහැදිලියි. මේ සියලූ යුග බිහිකළ බුදුවරු අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටයි. උන්වහන්සේලාගේ ප්‍රධාන බුද්ධකෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකරගත් ශ්‍රාවක පිරිස් බිහි වන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ පමණයි. එවිට ඒ ශ්රාවකයින් තම ශ්‍රද්ධාව මුල් කොට පැවිදි වෙනවා. ඒ බුදුවරුන් විසින් පෙන්වන ලද ආර්ය මාර්ගයෙහි ගමන් කරනවා. සසරෙන් එතෙර වෙනවා. එම වැඩපිළිවෙල හඳුන්වන්නේ ‘බුද්ධ ශාසනය’ යන නමිනුයි.

එසේ බුදුසසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුන්ද පහළ වෙනවා. උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ යන නාමයෙනුයි. හෙළ බස් වහරින් කියන්නේ ‘පසේබුදු’ කියාය. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරයි. අපේ බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට සුළු කලකට පෙර පවා ‘මාතංග’ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩසිට තිබෙනවා.

එසේ නම් පසේබුදුවරු පහළ වන්නේ කොයි කාලයකද? පසේබුදුවරු පහළ වන්නේ සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමට පෙර බව දැන් අපි දන්නවා. එය මෙසේ තේරුම් ගනිමු. දැන් පවතින්නේ ගෞතම බුදුසසුනයි. කෙමෙන් කෙමෙන් මේ බුදු සසුනද අතුරුදහන් වී යනු ඇත. එය බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහතෙරුන් හට පැහැදිලිව දේශනා කළ අයුරු සංයුත්ත නිකායේ ‘සද්ධම්ම පතිරූපක’ සූත්‍රයේ සඳහන්ව තිබේ. එනම් බුදු සසුනක් අතුරුදහන් වීමට කරුණු පහක් හේතු වෙනවා. යම් දිනෙක තථාගතයන් වහන්සේගේ සිව්වණක් පිරිස වන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ බුදුරජුන්ට ගෞරව නොකරත්ද, බුදුසරණින් බැහැරව සිටිත්ද, ධර්මයට ගෞරව නොකරත්ද, දහම් සරණින් බැහැරව සිටිත්ද, සංඝයාට ගෞරව නොකරත්ද, සඟ සරණින් බැහැරව සිටිත්ද, ශික්ෂාවට ගෞරව නොකරත්ද, ශික්ෂාවෙන් බැහැර වෙත්ද, සමාධියට ගෞරව නොකරත්ද, සමාධියෙන් බැහැරව සිටිත්ද, එකල්හී බුදු සසුන අතුරුදහන් වී යනු ඇත.

මේ අයුරින් ශාසනය අතුරුදහන් වෙමින් ගිය කල බලවත් වන්නේ අධර්මයයි. එවිට මව්පියන් නොහඳුනන, ගුරුවරුන් නොහඳුනන, කෙළෙහිගුණ නොදන්නා, අසත්පුරුෂ හැඟුමින් බලවත් පිරිස වැඩිවේ. ඒ හේතුවෙන් ආයුෂ කෙමෙන් අඩු වී යයි. වසර දහය දක්වා ආයුෂ අඩුවන බව ‘චක්කවත්තී සීහනාද’ සූත්‍රයේ පෙන්වා දී තිබේ. ආයුෂ වසර දහය දක්වා අඩු වූ විට එකිනෙකා කෙරෙහි පළිගැනීම බලවත් වන මෘග සඤ්ඤාව මිනිසුන් තුළ ඇති වේ. එවිට ඔවුන් පෙළඹෙන්නේ එකිනෙකා ඝාතනය කිරීම පිණිසයි. මේ හේතුවෙන් සත් දිනෙක මහා යුද්ධයක් ඇති වේ. එයින් බොහෝ ජනයා මරණයට පත් වේ. මෙසේ මිනිස් ආයුෂ දස වසරක් දක්වා අඩු වී යන මේ තාක් කාලය තුළ පසේබුදුවරු පහළ නොවේ.

සත් දිනක් පවතින යුද්ධයෙන් පසු ඉතිරි වන ජනයා එකිනෙකා වැළඳ ගෙන හඬන්නට පටන් ගනී. ඔවුන්ගේ දිවි ගැලවී තිබීම ඔවුන් ලද භාග්‍යයක් කොට සළකයි. ඉන්පසු ඔවුන් කරන්නේ පිරිහී යාමට හේතු පිරික්සීමයි. ඒ හේතුවෙන් යළිත් ක්‍රමක්‍රමයෙන් ඔවුන් තුළ ගුණදම් වැඞී යනු ඇත. ඒ අනුව මව්පිය ගුරුවර ගෞරවය, කෘතගුණ ආදී මානව ගුණධර්ම වැඬේ. ආයුෂයද සීඝ්රයෙන් වැඩෙන්නට පටන් ගනී.

එසේ ක්‍රමක්‍රමයෙන් වැඩි වී යන මිනිස් ආයුෂ වසර අසූ දහස දක්වා වැඞී ගිය කල දඹදිව කේතුමතී නුවර මෛත්‍රී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වනු ඇත. ඒ සම්බුදු රජුන් පහළ වීමට පෙර පසේ බුදුවරුන්ගේ යුගයක් ඇති වේ. එම යුගය තුළ පසේබුදු බව පිණිස තම තමන්ගේ පින සකස් වූ මහා පින්වන්තයන් මනුලොව උපදිනු ඇත. තම තමන්ට වැටහෙන ක්‍රම ඔස්සේ නුවණ මෙහෙයවා පසේබුදු බවට පත්වෙනු ඇත.

සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ‘ඛග්ගවිසාණ’ සූත්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි. සම්බුදු නුවණින්ම මතුකරගත් අද්භූත දෙයකි. ලොව කිසිවෙක් නොදන්නා, නොවැටහුණු ඒ පසේබුදුවරුන්ගේ ලෝකය ගැන මේ අයුරින් හෝ දැනගන්නට ලැබීම පවා අප ලද වාසනාවකි.

මේ කථාව දෙස බලන්න. මෙය පසේබුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිත කථාවයි. මෙම පසේබුදුරජාණන් වහන්සේ පහළ වූයේ අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වෙන්නට පෙරයි. එනම් වසර විසිදහසක ආයුෂ තිබෙන කාලයේ ලොව පහළ වූ කාශ්‍යප බුදු සසුනෙහි තරුණයෙක් පැවිදිව සිටියා. එහිදී ඔහු විසිදහසක් අවුරුදු මහණදම් පුරද්දී වැඩිපුර පුරුදු කොට තිබෙන්නේ ‘ගත පච්චාගත’ වතයි. ඒ කියන්නේ භික්ෂුවක් ගමට පිඬු සිඟා වඩින විට, කුටියෙන් පළමු පියවර තබන්නේ කිසියම් භාවනා අරමුණකින් යුක්තවයි. ඒ භික්ෂුව පිඬු සිඟා වඩින අතරතුර මුණගැසෙන කිසිදු බාහිර අරමුණක් නිසා හෝ තම භාවනා මනසිකාරය වෙනස් කරගන්නේ නෑ. ඒ තුළම රැඳී ඉන්නවා. ඒ භාවනා අරමුණෙන්ම ආපසු කුටියට වඩිනවා. බාහිර ලෝකය හා එක් නොවී සිතෙහි නගා ගත් එම කුසල අරමුණු මත රැඳී පිඬු සිඟා යෑමත්, ආපසු ඒමත් එකම අයුරින් කරන නිසා එයට ගත පච්චාගත වත කියනවා. සැබැවින්ම මෙය ඉතා දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කර දේ පවා පිනැතියන් කරනවා.

ඉතින් මේ භික්ෂුවට එසේ ගත පච්චාගත වත පුරමින් පවා මහත් උත්සාහ කරද්දීත් කාශ්‍යප බුදුසසුනේදී මාර්ගඵලාවබෝධයක් ලබා ගන්නට නොහැකි වුණා. නමුත් එ් උත්සාහය අපතේ ගියේ නෑ. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපන්නා. පසේබුදුවරු පහළ වෙන යුගයේදී, එනම් සම්බුදුවරයෙක් පහළ වෙන්නට කලින් මේ පින්වත් දෙවියන් දෙව්ලොවින් චුත වුණා. මනුලොව බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳගත්තා. මේ දරුවා මහා ප්‍රඥාවන්තයෙක්. පිය රජතුමා මේ පින්වත් කුමරා තරුණ වියට පැමිණෙද්දී රජකම පැවරුවා. මොහු දැන් ඉතාමත් දැහැමින් රජ කරනවා.

අවබෝධය පිණිස රැස් කරගත් පින විපාක දෙන අයුරු හරි පුදුමයි. රජකම කරන අතරේ මොහු භාවනාවට යොමු වුණා. රාත්‍රියට සඳළුතලයට ගොඩවෙනවා. පුන් සඳ දෙස ඇස් පිය නොහෙලා බලා සිටිනවා. ඉන්පසු දෑස පියා ගන්නවා. ඒ පුන්සඳේ ඡායාව සිතෙන් මතු කරගන්නවා. ඒ අනුව සිත පිහිටුවාගෙන කසිණ වඩනවා. මේ කාලය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී නැති කලක් නිසා සතර සතිපට්ඨානය දන්න කවුරුවත් නෑ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දන්න කවුරුවත් නෑ. කසිණ වැනි කිසියම් භාවනාවක් තමයි කිරීමට තියෙන්නේ. ඉතින් මේ රජුගේ සිත එම භාවනාවෙන් එකඟ වුණා. ටිකෙන් ටික භාවනාවටම සිත ගියා. ඔහු ඇමතියෙකු කැඳවා රාජ කෘත්‍යය ඔහුට භාර දී උඩු මහලේම නැවතී භාවනා කරන්න පටන් ගත්තා.

අඩ මසක් ගතවුණා. රජතුමා පේන්න නෑ. වෙනදට එහෙම නොවෙයි. රජතුමාගේ ප්‍රධානත්වයෙන් රාජකීය උත්සව තියෙනවා. සම්භාෂණ තියනවා. උද්‍යාන ක්‍රීඩා තියෙනවා. දැන් මේ කිසිත් නැති නිසා රජතුමා කොහිදැයි බිසව ඇමතිවරුන්ගෙන් විමසුවා. එතකොට රජකම පිළිගත් ඇමතියා සියලූ දේ පවසා සිටියා. එවිට බිසවගේ මුවින් පිටවුණේ ඒ ඇමතියා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක්.

“ඕහෝ…! එහෙමද? එතකොට රජකම පවරා තිබෙන්නේ ඔබටයි… ම්…. එහෙම නම් මාව අයිතිත් ඔබටයි. ඒ නිසා ඔබ මගේ යහන් ගැබට පැමිණිය යුතුයි.”

ඇමතියා තැති ගත්තා. හද ගැස්ම වැඩිවුණා. කම්පා වුණා.

“අහෝ…! බිසවුන් වහන්ස, මට සමාවුව මැනැව. රජතුමා මට මේ රාජ කෘත්‍ය පැවරුවේ උන්වහන්සේට භාවනා කිරීම පිණිස පමණයි. එනිසා මට එවැනි යෝජනාවකට එකඟ වෙන්න කිසිසේත් පුළුවන්කමක් නැහැ….”

එතකොට ඒ බිසව ඇමතියාට තව වතාවක් කියලා, තුන්වන වතාවේ තර්ජනය කළා.

“ඒයි ඇමතියා….! මං මේ රාජ්‍යයේ රාජ මහේෂිකාව බව නුඹ දැන සිටියොත් හොඳයි! මට ඔය රාජ කෘත්‍යයෙන් නුඹව බැහැර කිරීම සුළු දෙයක්. එමතුද නොවෙයි! නුඹට ජීවිතයෙන් පවා සමුගන්න සිදුවේවි…! එනිසා දැනගනින්… මේක යෝජනාවක් නෙවෙයි, රජ බිසවකගේ අණක්…!”

අන්තිමේදී බිසවගේ අණට කීකරු වෙන්න ඇමතියාට සිදුවුණා. ඇමතියාත් ක්‍රමක්‍රමයෙන් එයට ඇබ්බැහි වී ගියා. කලක් යද්දී මේ ඇමතියාගේ රහස් ක්‍රියා කලාපය ගැන රජතුමාට සැළවුණා. එක දවසක් රජතුමා අතටම අල්ලා ගත්තා. වධ හිංසා කිරීමට අසතුටු රජු මේ ඇමතියාව රාජ්‍යයෙන් නෙරපා හැරියා.

එතකොට ඇමතියා වෙනත් ප්‍රාදේශීය රජෙකු ළඟට ගියා. ගිහින් ඔහුගේ රාජ සේවයට බැඳුණා. ඒ ප්‍රාදේශීය රජුගේ සිත දිනා ගත්තා.

“මහරජතුමනි, පිළව් නැති මී වදයක් නම් තියෙනවා. නමුත් එය අනුභව කරන්නට කවුරුවත් නෑ.”

“එම්බා ඇමතිය…, ඒ කුමක්ද? නුඹ මට විහිළු කරනවාද…?”

“අනේ රජතුමනි, මට කමා වනු මැනැව. මා මේ පවසන්නේ සත්‍යයක්. එනම් බරණැස් නුවර රජකම ගැනයි. මා කියන්නේ අසත්‍යයක් නම්, ඔබවහන්සේගේ චරපුරුෂයන් ලවා විමසා බලන සේක්වා!”

ඒ ප්‍රාදේශීය රජු චරපුරුෂයන් යැව්වා. ඔවුන් බරණැස් නුවරට ගොස් උමං සාරාගෙන බරණැස් රාජ මාළිගාවේ රජුගේ යහන් ගැබින් මතුවුණා. එවිට රජු චර පුරුෂයන්ගෙන් ප්‍රශ්න කළා. ඔවුන් ප්‍රකාශ කර සිටියේ තමන් සොරුන් බවත්, සොරකම් කිරීමේ අදහසින් පැමිණි බවත්ය. එවිට බරණැස් රජු ඔවුන්ට සමාව දී අවවාද කොට, ධනයද දී පිටත් කළා.

ධනය රැගත් චර පුරුෂයන් ප්‍රාදේශීය රජු කරා පැමිණි සියල්ල සැළකළා.

“රජතුමනි, ඒ බරණැස් රජතුමා සිල්වත් කෙනෙක්. ප්‍රාණඝාත නොකරන කෙනෙක්. සොරකම් කිරීමට ගිය අපට තෑගි භෝග දුන්නා. තමන්ගේ බලය රාජ්‍ය තුළ පතුරුවා හැරීමක් නැති බවයි පෙනෙන්නේ…”

එයින් කරුණු තහවුරු කරගත් ඒ ප්‍රාදේශීය රජු බරණැස් නුවර මායිම් නගරයක් යටත් කර ගැනීම පිණිස පිටත්ව ගියා.

“මට මේ නගරය ඕන. දුන්නෙ නැත්නම් යුද්ධ කොට අල්ලා ගන්නවා” කියලා බරණැස් රජු වෙත ඇමතියෙක් පිටත් කළා. එතකොට බරණැස් රජතුමා මෙහෙම කිව්වා.

“මං යුද්ධ කරන්න කැමති නෑ. නගරය දෙන්නම්.”

එතකොට ඒ සතුරු රජතුමා පහසුවෙන්ම නගරය අල්ලා ගත්තා. බරණැස් රජුගේ ඇමතිවරු මෙයට කැමති වුණේ නෑ. ඔවුන් රජතුමාව දැනුවත් කළා.

“මහ රජතුමනි, මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ. අපි යුද්ධ කරමු!”

“නෑ! මං කිසිම මනුෂ්‍ය ඝාතනයකට කැමති නෑ…. කොටින්ම යුද්ධය මං ප්‍රතික්ෂේප කරනවා.”

“මහ රජතුමනි, එහෙම නම් අපි ඔහුව ජීවග්රාහයෙන් අල්ලා ගනිමු. ඒ ගැන ඔබවහන්සේ නොසිතන සේක්වා! අප සමඟ වඩින සේක්වා!”

“හැබැයි ඇමැතිවරුනි, ඔය මනුෂ්‍ය ඝාතන, දරුණු වධහිංසා, මංකොල්ලකෑම් ආදියට මං කැමැති නෑ. එනිසා එ්වා නොකරන බවට පොරොන්දු වෙනවා නම් විතරක් මං එන්නම්.”

“මහ රජතුමනි, අපි ඔබවහන්සේගේ අදහසේමයි ඉන්නේ…. ඔවුන්ව භය කරලා පන්නමු.”

ඉතින් ඒ රජු සිව්රඟ සේනා සමඟ කළගෙඩි ඇතුළේ පහන් දල්වා ගෙන රාත්‍රියේම පිටත් වුණා.

ඒ වෙද්දී අර ප්‍රාදේශීය රජු බරණැස සමීපයේ නගරයක් අල්ලාගෙන සිටියා. ඔහු සේනාවට මෙහෙම කිව්වා.

“කොල්ලනේ…. මෙහෙ කා එක්ක සටන් කරන්නද? ඒ නිසා දැන් ? බෝ වුණා. නුඹලා හිතුමනාපේ නිදා ගනිල්ලා…” කියලා බලකායත් සමඟ නින්දට ගියා.

බරණැස් රජතුමා සේනාව සමඟ ගොස් සතුරු රජ ප්‍රධාන පිරිස වැටලූවා. කළගෙඩිවල තිබූ සියළු පහන් ඉවතට ගෙන එකවර දැල්වූවා. මහත් හඬ නැංවූවා. සතුරු රජුගේ බලසේනාව හොඳටම බියට පත්වුණා. රජතුමාව අවදිකළා. රජතුමාත් බියපත්ව විලාප නගා හැඬුවා.

බරණැස් රජුගේ ඇමතිවරු අර සතුරු රජු ජීවග්රාහයෙන් අල්ලා ගත්තා. මහරජතුමා ඒ රජුට පවා සමාව දුන්නා. බරණැස් නුවරට සමීප ජනපදයක රජකමට පත්කළා. ඔවුන් යහළුවන් වුණා.

ආයෙමත් රජතුමා ක්‍රමක්‍රමයෙන් මෙත් සිත දියුණු කරන්න පටන් ගත්තා. කිසි සත්වයෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොවීමට මෙත් පැතිරුවා. ඒ තුළින් ධ්‍යාන උපදවා ගන්නට රජතුමා සමත් වුණා. නමුත් යුධ කෝළාහල, ලෙඩ දුක් ආදිය නිසා උපන් සත්වයා දුකට පත්ව සිටින අයුරු රජතුමාට හොඳින් වැටහුණා. උපදින තාක් මේ දුකට මුහුණ දිය යුතු බව රජතුමාට තේරුණා. ඉපදීමට හේතු විමසුවා. ඉපදීමට හේතුව භවය බවත්, භවයට හේතුව උපාදාන බවත්, උපාදායට හේතුව තණ්හාව බවත්, තණ්හාවට හේතුව විඳීම බවත්, විඳීමට හේතුව ස්පර්ශය බවත්, ස්පර්ශයට හේතුව ආයතන හය බවත්, ආයතන හයට හේතුව නාමරූප බවත්, නාමරූපවලට හේතුව විඤ්ඤාණය බවත්, විඤ්ඤාණයට හේතුව සංස්කාර බවත්, සංස්කාරවලට හේතුව අවිද්‍යාව බවත් අවබෝධ වුණා. එ් අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කොට පටිච්චසමුප්පාදයෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. නිකෙලෙස් වුණා. පසේබුදු බවට පත්වුණා.

ඒත් තවම ඒ පසේබුදුන් සිටින්නේ රජඇඳුම් ඇතිවයි. එදා ඒ පසේබුදුන් හස්තිරාජයා පිට නැඟ සිටියා. ඇමතිවරු පැමිණ මෙහෙම කිව්වා.

“පින්වත් මහරජතුමනි, දැන් සුදුසු කාලය පැමිණුනා. බල සෙනඟට සත්කාර කළ යුතුයි. පරාජිත සේනාවට බත් වැටුප් දිය යුතුයි.”

“පින්වත් දරුවෙනි, මට තවදුරටත් රාජ්‍ය කෘත්‍ය අදාළ නෑ. මං මේ සියලූ බන්ධනයන්ගෙන් නිදහස්ව හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද කෙනෙක්.”

ඇමතිවරු පුදුම වුණා. රජකම් කරමින් සිටි මේ පින්වත් රජතුමා දැන් කතා කරන්නේ නිකෙලෙස් මුනිවරයෙකුගේ භාෂාවෙනුයි. ඔවුන්ට අදහා ගත නොහැකි වුණා.

“මහරජතුමනි, ඔබවහන්සේගේ මේ ප්‍රකාශ ගැන අපට පුදුම නොවී සිටින්නට බැහැ. අප අසා තිබෙනවා හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද උතුමන් ගැන. ‘පච්චේකබුද්ධ’ නමිනුයි ඒ උතුමන් හඳුන්වන්නේ. නමුත් එ් පසේබුදුවරයන් වහන්සේලා යනු ඔවැනි රාජාභරණයෙන් සැරසී සිටින අය නොවේ.”

“එසේ නම් පින්වත් දරුවෙනි, පසේබුදුවරුන් සිටින්නේ කවර වස්ත්‍ර දරමින්ද?”

“මහරජතුමනි, පසේබුදුවරුන් කෙස් රැුවුල් බාලයි සිටින්නේ. පොරවා ගෙන සිටින්නේ සිවුරු පිරිකරයි. ආහාර ගන්නේ පාත‍්‍රයකයි. ඒ උතුමන් අයිති වන්නේ ශ්‍රමණ පිරිසටයි.”

මොහොතක් නිහඬව සිටි රජතුමා දකුණතින් හිස පිරිමැද්දා. එසැණින්ම රාජවේශය නොපෙනී ගියා. කෙස් රැවුල් බාගත්, මනා ලෙස සිවුරු පොරවා ගත්, පාත්‍රයක් දරා ගත් සැට වයස් පිරුණු මහ තෙර නමකගේ රූපයක් පෙනී ගියා.

එකෙණෙහිම ඒ පසේබුදුරජුන් අභිඤ්ඤා බලයෙන් ඇතා පිටින් ඉවත්ව අහසට පැන නැංගා. මවාගත් නෙළුමක් තුළ භාවනා ඉරියව්වෙන් වැඩසිටියා. ඇමැතිවරු නමස්කාර කළා.

“අනේ ස්වාමීනී, ඔබවහන්සේ මෙවැනි අවබෝධයක් ඇති කරගත්තේ කොහොමද? ඔබවහන්සේ නම් ඒකාන්තයෙන්ම ඒ පච්චේකබුද්ධ කෙනෙක් විය යුතුයි. ඔබවහන්සේ සමඟ අපිත් එන්න කැමතියි. ඔබවහන්සේගේ ගමනට අපවත් කැඳවාගන්නා සේක්වා!”

“පින්වත් දරුවෙනි, මේ ජීවිතාවබෝධය පිණිස මට මෙත් සිත මුල් වුණා. කිසි කරුණක් නිසා හෝ මා තුළ වෛරයක් හටගත්තේ නෑ. අමනාපයක් හටගත්තේ නෑ. ඒ මෙත් සිතින්මයි මං මේ ලෝකය ගැන හිතුවේ. ඉපදෙන්නට හේතු වූ හැමදෙයක්ම මට වැටහුණා. මං ඒ සියලූ දේවල් ප්රහාණය කළා. දැන් මං නිදහස්…! මට තියෙන්නේ හුදෙකලාවේ යන ගමනක්.”

මෙසේ වදාළ පසේබුදුරජුන් මෙම ගාථාව වදාළා.

සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං

අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං

න පුත්තමිච්ඡෙය්ය කුතෝ සහායං

ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“මං ඉන්නෙ මේ ලෝකයේ සියලූ සත්වයන් කෙරෙහිම දඬුවම් කිරීම අත්හැරලයි. ඔවුන්ගෙන් කිසි කෙනෙකුටවත් මං පීඩාවක් කරන්නෙ නෑ. ඒ වගේම මං මේ යන ගමනේදී මගේ දරුවෙකු වත් එක්කගෙන යන්න කැමති නැති එකේ උදව්කාරයෙක් කොහොම එක්කං යන්නද? ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

මේ අයුරින් හුදෙකලාවේම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් දඹදිව ඉසිගිලි පර්වතයෙහි වැඩසිටි බවට අපගේ බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේලාගේ නම්ගොත් පවා වදාළා.

මේ පසේබුදුවරයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ ‘ගන්ධමාන’ නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි ‘මංජූසක’ නම් විශාල වෘක්ෂයක් තියෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසකයි. එම මල ‘රන්මල්’ නමින් හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් නොවේ. මෙය කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයකි. මේවා වර්ණවත් රත් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳිද මිශ්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට අනෙත් පසේ බුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බවයි.

එසේ රන්මල් හටගන්නා සුවිශාල වූ මංජූසක රුක්සෙවණට උන්වහන්සේලා රැස් වෙනවා. රැස් වී ඵලසමවත් සුවයෙන් වැඩසිටිනවා. පොහොය දවසට උන්වහන්සේලා තම තමන්ගේ ගුණධර්ම සතුටෙන් අනුමෝදන් වෙනවා. පිළිසඳර කථාවෙහි යෙදෙනවා. උන්වහන්සේලාගේ අවබෝධය සමාන බව වටහා ගන්නවා. නමුත් අවබෝධ කිරීමේදී එම අවබෝධය පිණිස ප්‍රවේශ වන ආකාරයේ වෙනස්කම් සාකච්ඡුා කරනවා. එවිටයි කලින් පහළ වී සිටි බුදුවරුන් අවබෝධය ලද ආකාරය ගැන අලූත් පසේබුදුවරුන්ගෙන් විමසන්නේ. ඒ මොහොතේදී තමයි උන්වහන්සේලා තමන් තමන්ගේ අත්දැකීම් පාදක කරගත් මෙවැනි ගාථාවන් වදාරන්නේ.

ඇත්තෙන්ම පසේබුදුවරු කියා කොටසක් මිනිස් ලොව වැඩසිටිය බවට පුරාවිද්‍යාත්මකව හෝ වෙනත් ඓතිහාසික මූලාශ්‍රයකින් හෝ දැනගත හැකි ක්‍රමයක් නැහැ. අතීත බුදුවරුන්ගේ ලෝකය වගෙයි. ඒ සියල්ල අනිත්‍ය නම් වූ සනාතන දහම තුළ සැඟවී යනවා. නමුත් මේ සියල්ල නිරාවරණය කරගත හැකි අනාවරණ ප්‍රඥා ඇති අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනැවින් හෙළිදරව් කරනවා. අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරුන් පිළිබඳව මෙම විස්තරය නොකරන්නට අපට කිසිසේත්ම මෙවැනි දේ ගැන දැනගත හැකි ක්‍රමයක් නැහැ. කිසිවෙක් නොදන්නා අතීතයක හුදෙකලාවේ සැඟව ගිය මේ අපූර්ව ගාථා පවා යළි සොයා ගන්නවා. ශ්‍රාවකයන්ට හෙළිදරව් කරනවා. සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත්!

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත

අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

[QUOTE="hirashgeff, post: 22377623, member: 15895"] [b]අසිරිමත්-පසේබුදු-පෙළහර[/b] [SIZE="3"]අප මේ ගත කරන්නේ බුද්ධ කාලයකයි. මෙය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයයි. වරින් වර බුදුවරුන්ගේ යුග ලෝකයෙහි පහළ වෙනවා. මේ කල්පයේදී දැනට බුදුවරුන්ගේ යුග සතරක් ඇති වී තිබෙනවා. මෛත්‍රී බුදුරජුන්ගේ යුගය තවම පහළ වී නෑ. එය පස්වෙනි යුගයයි. මේ පස් යුගයම ඇතිවෙන්නේ එකම කල්පයකයි. එනිසා වෙන්න ඇති මේ කල්පයට ‘මහා භද්‍ර කල්පය’ කියා කියන්නේ.මෙම මහා භද්‍ර කල්පයේදී මුලින්ම පහළ වූයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. එකල මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දාහ වෙද්දී කෝණාගමණ බුදුරජුන්ගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී තමයි කාශ්‍යප බුදුරජුන්ගේ යුගය පහළ වුණේ. අප සරණ ගිය ගෞතම බුදුරජුන්ගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සයි. දැන් ඒ මිනිස් ආයුෂ කෙමෙන් අඩු වී ගෙන යන බව ඉතාම පැහැදිලියි. මේ සියලූ යුග බිහිකළ බුදුවරු අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටයි. උන්වහන්සේලාගේ ප්‍රධාන බුද්ධකෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකරගත් ශ්‍රාවක පිරිස් බිහි වන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ පමණයි. එවිට ඒ ශ්රාවකයින් තම ශ්‍රද්ධාව මුල් කොට පැවිදි වෙනවා. ඒ බුදුවරුන් විසින් පෙන්වන ලද ආර්ය මාර්ගයෙහි ගමන් කරනවා. සසරෙන් එතෙර වෙනවා. එම වැඩපිළිවෙල හඳුන්වන්නේ ‘බුද්ධ ශාසනය’ යන නමිනුයි. එසේ බුදුසසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුන්ද පහළ වෙනවා. උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ යන නාමයෙනුයි. හෙළ බස් වහරින් කියන්නේ ‘පසේබුදු’ කියාය. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරයි. අපේ බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට සුළු කලකට පෙර පවා ‘මාතංග’ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩසිට තිබෙනවා. එසේ නම් පසේබුදුවරු පහළ වන්නේ කොයි කාලයකද? පසේබුදුවරු පහළ වන්නේ සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමට පෙර බව දැන් අපි දන්නවා. එය මෙසේ තේරුම් ගනිමු. දැන් පවතින්නේ ගෞතම බුදුසසුනයි. කෙමෙන් කෙමෙන් මේ බුදු සසුනද අතුරුදහන් වී යනු ඇත. එය බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහතෙරුන් හට පැහැදිලිව දේශනා කළ අයුරු සංයුත්ත නිකායේ ‘සද්ධම්ම පතිරූපක’ සූත්‍රයේ සඳහන්ව තිබේ. එනම් බුදු සසුනක් අතුරුදහන් වීමට කරුණු පහක් හේතු වෙනවා. යම් දිනෙක තථාගතයන් වහන්සේගේ සිව්වණක් පිරිස වන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ බුදුරජුන්ට ගෞරව නොකරත්ද, බුදුසරණින් බැහැරව සිටිත්ද, ධර්මයට ගෞරව නොකරත්ද, දහම් සරණින් බැහැරව සිටිත්ද, සංඝයාට ගෞරව නොකරත්ද, සඟ සරණින් බැහැරව සිටිත්ද, ශික්ෂාවට ගෞරව නොකරත්ද, ශික්ෂාවෙන් බැහැර වෙත්ද, සමාධියට ගෞරව නොකරත්ද, සමාධියෙන් බැහැරව සිටිත්ද, එකල්හී බුදු සසුන අතුරුදහන් වී යනු ඇත. මේ අයුරින් ශාසනය අතුරුදහන් වෙමින් ගිය කල බලවත් වන්නේ අධර්මයයි. එවිට මව්පියන් නොහඳුනන, ගුරුවරුන් නොහඳුනන, කෙළෙහිගුණ නොදන්නා, අසත්පුරුෂ හැඟුමින් බලවත් පිරිස වැඩිවේ. ඒ හේතුවෙන් ආයුෂ කෙමෙන් අඩු වී යයි. වසර දහය දක්වා ආයුෂ අඩුවන බව ‘චක්කවත්තී සීහනාද’ සූත්‍රයේ පෙන්වා දී තිබේ. ආයුෂ වසර දහය දක්වා අඩු වූ විට එකිනෙකා කෙරෙහි පළිගැනීම බලවත් වන මෘග සඤ්ඤාව මිනිසුන් තුළ ඇති වේ. එවිට ඔවුන් පෙළඹෙන්නේ එකිනෙකා ඝාතනය කිරීම පිණිසයි. මේ හේතුවෙන් සත් දිනෙක මහා යුද්ධයක් ඇති වේ. එයින් බොහෝ ජනයා මරණයට පත් වේ. මෙසේ මිනිස් ආයුෂ දස වසරක් දක්වා අඩු වී යන මේ තාක් කාලය තුළ පසේබුදුවරු පහළ නොවේ. සත් දිනක් පවතින යුද්ධයෙන් පසු ඉතිරි වන ජනයා එකිනෙකා වැළඳ ගෙන හඬන්නට පටන් ගනී. ඔවුන්ගේ දිවි ගැලවී තිබීම ඔවුන් ලද භාග්‍යයක් කොට සළකයි. ඉන්පසු ඔවුන් කරන්නේ පිරිහී යාමට හේතු පිරික්සීමයි. ඒ හේතුවෙන් යළිත් ක්‍රමක්‍රමයෙන් ඔවුන් තුළ ගුණදම් වැඞී යනු ඇත. ඒ අනුව මව්පිය ගුරුවර ගෞරවය, කෘතගුණ ආදී මානව ගුණධර්ම වැඬේ. ආයුෂයද සීඝ්රයෙන් වැඩෙන්නට පටන් ගනී. එසේ ක්‍රමක්‍රමයෙන් වැඩි වී යන මිනිස් ආයුෂ වසර අසූ දහස දක්වා වැඞී ගිය කල දඹදිව කේතුමතී නුවර මෛත්‍රී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වනු ඇත. ඒ සම්බුදු රජුන් පහළ වීමට පෙර පසේ බුදුවරුන්ගේ යුගයක් ඇති වේ. එම යුගය තුළ පසේබුදු බව පිණිස තම තමන්ගේ පින සකස් වූ මහා පින්වන්තයන් මනුලොව උපදිනු ඇත. තම තමන්ට වැටහෙන ක්‍රම ඔස්සේ නුවණ මෙහෙයවා පසේබුදු බවට පත්වෙනු ඇත. සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ‘ඛග්ගවිසාණ’ සූත්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි. සම්බුදු නුවණින්ම මතුකරගත් අද්භූත දෙයකි. ලොව කිසිවෙක් නොදන්නා, නොවැටහුණු ඒ පසේබුදුවරුන්ගේ ලෝකය ගැන මේ අයුරින් හෝ දැනගන්නට ලැබීම පවා අප ලද වාසනාවකි. මේ කථාව දෙස බලන්න. මෙය පසේබුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිත කථාවයි. මෙම පසේබුදුරජාණන් වහන්සේ පහළ වූයේ අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වෙන්නට පෙරයි. එනම් වසර විසිදහසක ආයුෂ තිබෙන කාලයේ ලොව පහළ වූ කාශ්‍යප බුදු සසුනෙහි තරුණයෙක් පැවිදිව සිටියා. එහිදී ඔහු විසිදහසක් අවුරුදු මහණදම් පුරද්දී වැඩිපුර පුරුදු කොට තිබෙන්නේ ‘ගත පච්චාගත’ වතයි. ඒ කියන්නේ භික්ෂුවක් ගමට පිඬු සිඟා වඩින විට, කුටියෙන් පළමු පියවර තබන්නේ කිසියම් භාවනා අරමුණකින් යුක්තවයි. ඒ භික්ෂුව පිඬු සිඟා වඩින අතරතුර මුණගැසෙන කිසිදු බාහිර අරමුණක් නිසා හෝ තම භාවනා මනසිකාරය වෙනස් කරගන්නේ නෑ. ඒ තුළම රැඳී ඉන්නවා. ඒ භාවනා අරමුණෙන්ම ආපසු කුටියට වඩිනවා. බාහිර ලෝකය හා එක් නොවී සිතෙහි නගා ගත් එම කුසල අරමුණු මත රැඳී පිඬු සිඟා යෑමත්, ආපසු ඒමත් එකම අයුරින් කරන නිසා එයට ගත පච්චාගත වත කියනවා. සැබැවින්ම මෙය ඉතා දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කර දේ පවා පිනැතියන් කරනවා. ඉතින් මේ භික්ෂුවට එසේ ගත පච්චාගත වත පුරමින් පවා මහත් උත්සාහ කරද්දීත් කාශ්‍යප බුදුසසුනේදී මාර්ගඵලාවබෝධයක් ලබා ගන්නට නොහැකි වුණා. නමුත් එ් උත්සාහය අපතේ ගියේ නෑ. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපන්නා. පසේබුදුවරු පහළ වෙන යුගයේදී, එනම් සම්බුදුවරයෙක් පහළ වෙන්නට කලින් මේ පින්වත් දෙවියන් දෙව්ලොවින් චුත වුණා. මනුලොව බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳගත්තා. මේ දරුවා මහා ප්‍රඥාවන්තයෙක්. පිය රජතුමා මේ පින්වත් කුමරා තරුණ වියට පැමිණෙද්දී රජකම පැවරුවා. මොහු දැන් ඉතාමත් දැහැමින් රජ කරනවා. අවබෝධය පිණිස රැස් කරගත් පින විපාක දෙන අයුරු හරි පුදුමයි. රජකම කරන අතරේ මොහු භාවනාවට යොමු වුණා. රාත්‍රියට සඳළුතලයට ගොඩවෙනවා. පුන් සඳ දෙස ඇස් පිය නොහෙලා බලා සිටිනවා. ඉන්පසු දෑස පියා ගන්නවා. ඒ පුන්සඳේ ඡායාව සිතෙන් මතු කරගන්නවා. ඒ අනුව සිත පිහිටුවාගෙන කසිණ වඩනවා. මේ කාලය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී නැති කලක් නිසා සතර සතිපට්ඨානය දන්න කවුරුවත් නෑ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දන්න කවුරුවත් නෑ. කසිණ වැනි කිසියම් භාවනාවක් තමයි කිරීමට තියෙන්නේ. ඉතින් මේ රජුගේ සිත එම භාවනාවෙන් එකඟ වුණා. ටිකෙන් ටික භාවනාවටම සිත ගියා. ඔහු ඇමතියෙකු කැඳවා රාජ කෘත්‍යය ඔහුට භාර දී උඩු මහලේම නැවතී භාවනා කරන්න පටන් ගත්තා. අඩ මසක් ගතවුණා. රජතුමා පේන්න නෑ. වෙනදට එහෙම නොවෙයි. රජතුමාගේ ප්‍රධානත්වයෙන් රාජකීය උත්සව තියෙනවා. සම්භාෂණ තියනවා. උද්‍යාන ක්‍රීඩා තියෙනවා. දැන් මේ කිසිත් නැති නිසා රජතුමා කොහිදැයි බිසව ඇමතිවරුන්ගෙන් විමසුවා. එතකොට රජකම පිළිගත් ඇමතියා සියලූ දේ පවසා සිටියා. එවිට බිසවගේ මුවින් පිටවුණේ ඒ ඇමතියා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක්. “ඕහෝ…! එහෙමද? එතකොට රජකම පවරා තිබෙන්නේ ඔබටයි… ම්…. එහෙම නම් මාව අයිතිත් ඔබටයි. ඒ නිසා ඔබ මගේ යහන් ගැබට පැමිණිය යුතුයි.” ඇමතියා තැති ගත්තා. හද ගැස්ම වැඩිවුණා. කම්පා වුණා. “අහෝ…! බිසවුන් වහන්ස, මට සමාවුව මැනැව. රජතුමා මට මේ රාජ කෘත්‍ය පැවරුවේ උන්වහන්සේට භාවනා කිරීම පිණිස පමණයි. එනිසා මට එවැනි යෝජනාවකට එකඟ වෙන්න කිසිසේත් පුළුවන්කමක් නැහැ….” එතකොට ඒ බිසව ඇමතියාට තව වතාවක් කියලා, තුන්වන වතාවේ තර්ජනය කළා. “ඒයි ඇමතියා….! මං මේ රාජ්‍යයේ රාජ මහේෂිකාව බව නුඹ දැන සිටියොත් හොඳයි! මට ඔය රාජ කෘත්‍යයෙන් නුඹව බැහැර කිරීම සුළු දෙයක්. එමතුද නොවෙයි! නුඹට ජීවිතයෙන් පවා සමුගන්න සිදුවේවි…! එනිසා දැනගනින්… මේක යෝජනාවක් නෙවෙයි, රජ බිසවකගේ අණක්…!” අන්තිමේදී බිසවගේ අණට කීකරු වෙන්න ඇමතියාට සිදුවුණා. ඇමතියාත් ක්‍රමක්‍රමයෙන් එයට ඇබ්බැහි වී ගියා. කලක් යද්දී මේ ඇමතියාගේ රහස් ක්‍රියා කලාපය ගැන රජතුමාට සැළවුණා. එක දවසක් රජතුමා අතටම අල්ලා ගත්තා. වධ හිංසා කිරීමට අසතුටු රජු මේ ඇමතියාව රාජ්‍යයෙන් නෙරපා හැරියා. එතකොට ඇමතියා වෙනත් ප්‍රාදේශීය රජෙකු ළඟට ගියා. ගිහින් ඔහුගේ රාජ සේවයට බැඳුණා. ඒ ප්‍රාදේශීය රජුගේ සිත දිනා ගත්තා. “මහරජතුමනි, පිළව් නැති මී වදයක් නම් තියෙනවා. නමුත් එය අනුභව කරන්නට කවුරුවත් නෑ.” “එම්බා ඇමතිය…, ඒ කුමක්ද? නුඹ මට විහිළු කරනවාද…?” “අනේ රජතුමනි, මට කමා වනු මැනැව. මා මේ පවසන්නේ සත්‍යයක්. එනම් බරණැස් නුවර රජකම ගැනයි. මා කියන්නේ අසත්‍යයක් නම්, ඔබවහන්සේගේ චරපුරුෂයන් ලවා විමසා බලන සේක්වා!” ඒ ප්‍රාදේශීය රජු චරපුරුෂයන් යැව්වා. ඔවුන් බරණැස් නුවරට ගොස් උමං සාරාගෙන බරණැස් රාජ මාළිගාවේ රජුගේ යහන් ගැබින් මතුවුණා. එවිට රජු චර පුරුෂයන්ගෙන් ප්‍රශ්න කළා. ඔවුන් ප්‍රකාශ කර සිටියේ තමන් සොරුන් බවත්, සොරකම් කිරීමේ අදහසින් පැමිණි බවත්ය. එවිට බරණැස් රජු ඔවුන්ට සමාව දී අවවාද කොට, ධනයද දී පිටත් කළා. ධනය රැගත් චර පුරුෂයන් ප්‍රාදේශීය රජු කරා පැමිණි සියල්ල සැළකළා. “රජතුමනි, ඒ බරණැස් රජතුමා සිල්වත් කෙනෙක්. ප්‍රාණඝාත නොකරන කෙනෙක්. සොරකම් කිරීමට ගිය අපට තෑගි භෝග දුන්නා. තමන්ගේ බලය රාජ්‍ය තුළ පතුරුවා හැරීමක් නැති බවයි පෙනෙන්නේ…” එයින් කරුණු තහවුරු කරගත් ඒ ප්‍රාදේශීය රජු බරණැස් නුවර මායිම් නගරයක් යටත් කර ගැනීම පිණිස පිටත්ව ගියා. “මට මේ නගරය ඕන. දුන්නෙ නැත්නම් යුද්ධ කොට අල්ලා ගන්නවා” කියලා බරණැස් රජු වෙත ඇමතියෙක් පිටත් කළා. එතකොට බරණැස් රජතුමා මෙහෙම කිව්වා. “මං යුද්ධ කරන්න කැමති නෑ. නගරය දෙන්නම්.” එතකොට ඒ සතුරු රජතුමා පහසුවෙන්ම නගරය අල්ලා ගත්තා. බරණැස් රජුගේ ඇමතිවරු මෙයට කැමති වුණේ නෑ. ඔවුන් රජතුමාව දැනුවත් කළා. “මහ රජතුමනි, මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ. අපි යුද්ධ කරමු!” “නෑ! මං කිසිම මනුෂ්‍ය ඝාතනයකට කැමති නෑ…. කොටින්ම යුද්ධය මං ප්‍රතික්ෂේප කරනවා.” “මහ රජතුමනි, එහෙම නම් අපි ඔහුව ජීවග්රාහයෙන් අල්ලා ගනිමු. ඒ ගැන ඔබවහන්සේ නොසිතන සේක්වා! අප සමඟ වඩින සේක්වා!” “හැබැයි ඇමැතිවරුනි, ඔය මනුෂ්‍ය ඝාතන, දරුණු වධහිංසා, මංකොල්ලකෑම් ආදියට මං කැමැති නෑ. එනිසා එ්වා නොකරන බවට පොරොන්දු වෙනවා නම් විතරක් මං එන්නම්.” “මහ රජතුමනි, අපි ඔබවහන්සේගේ අදහසේමයි ඉන්නේ…. ඔවුන්ව භය කරලා පන්නමු.” ඉතින් ඒ රජු සිව්රඟ සේනා සමඟ කළගෙඩි ඇතුළේ පහන් දල්වා ගෙන රාත්‍රියේම පිටත් වුණා. ඒ වෙද්දී අර ප්‍රාදේශීය රජු බරණැස සමීපයේ නගරයක් අල්ලාගෙන සිටියා. ඔහු සේනාවට මෙහෙම කිව්වා. “කොල්ලනේ…. මෙහෙ කා එක්ක සටන් කරන්නද? ඒ නිසා දැන් ? බෝ වුණා. නුඹලා හිතුමනාපේ නිදා ගනිල්ලා…” කියලා බලකායත් සමඟ නින්දට ගියා. බරණැස් රජතුමා සේනාව සමඟ ගොස් සතුරු රජ ප්‍රධාන පිරිස වැටලූවා. කළගෙඩිවල තිබූ සියළු පහන් ඉවතට ගෙන එකවර දැල්වූවා. මහත් හඬ නැංවූවා. සතුරු රජුගේ බලසේනාව හොඳටම බියට පත්වුණා. රජතුමාව අවදිකළා. රජතුමාත් බියපත්ව විලාප නගා හැඬුවා. බරණැස් රජුගේ ඇමතිවරු අර සතුරු රජු ජීවග්රාහයෙන් අල්ලා ගත්තා. මහරජතුමා ඒ රජුට පවා සමාව දුන්නා. බරණැස් නුවරට සමීප ජනපදයක රජකමට පත්කළා. ඔවුන් යහළුවන් වුණා. ආයෙමත් රජතුමා ක්‍රමක්‍රමයෙන් මෙත් සිත දියුණු කරන්න පටන් ගත්තා. කිසි සත්වයෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොවීමට මෙත් පැතිරුවා. ඒ තුළින් ධ්‍යාන උපදවා ගන්නට රජතුමා සමත් වුණා. නමුත් යුධ කෝළාහල, ලෙඩ දුක් ආදිය නිසා උපන් සත්වයා දුකට පත්ව සිටින අයුරු රජතුමාට හොඳින් වැටහුණා. උපදින තාක් මේ දුකට මුහුණ දිය යුතු බව රජතුමාට තේරුණා. ඉපදීමට හේතු විමසුවා. ඉපදීමට හේතුව භවය බවත්, භවයට හේතුව උපාදාන බවත්, උපාදායට හේතුව තණ්හාව බවත්, තණ්හාවට හේතුව විඳීම බවත්, විඳීමට හේතුව ස්පර්ශය බවත්, ස්පර්ශයට හේතුව ආයතන හය බවත්, ආයතන හයට හේතුව නාමරූප බවත්, නාමරූපවලට හේතුව විඤ්ඤාණය බවත්, විඤ්ඤාණයට හේතුව සංස්කාර බවත්, සංස්කාරවලට හේතුව අවිද්‍යාව බවත් අවබෝධ වුණා. එ් අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කොට පටිච්චසමුප්පාදයෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. නිකෙලෙස් වුණා. පසේබුදු බවට පත්වුණා. ඒත් තවම ඒ පසේබුදුන් සිටින්නේ රජඇඳුම් ඇතිවයි. එදා ඒ පසේබුදුන් හස්තිරාජයා පිට නැඟ සිටියා. ඇමතිවරු පැමිණ මෙහෙම කිව්වා. “පින්වත් මහරජතුමනි, දැන් සුදුසු කාලය පැමිණුනා. බල සෙනඟට සත්කාර කළ යුතුයි. පරාජිත සේනාවට බත් වැටුප් දිය යුතුයි.” “පින්වත් දරුවෙනි, මට තවදුරටත් රාජ්‍ය කෘත්‍ය අදාළ නෑ. මං මේ සියලූ බන්ධනයන්ගෙන් නිදහස්ව හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද කෙනෙක්.” ඇමතිවරු පුදුම වුණා. රජකම් කරමින් සිටි මේ පින්වත් රජතුමා දැන් කතා කරන්නේ නිකෙලෙස් මුනිවරයෙකුගේ භාෂාවෙනුයි. ඔවුන්ට අදහා ගත නොහැකි වුණා. “මහරජතුමනි, ඔබවහන්සේගේ මේ ප්‍රකාශ ගැන අපට පුදුම නොවී සිටින්නට බැහැ. අප අසා තිබෙනවා හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද උතුමන් ගැන. ‘පච්චේකබුද්ධ’ නමිනුයි ඒ උතුමන් හඳුන්වන්නේ. නමුත් එ් පසේබුදුවරයන් වහන්සේලා යනු ඔවැනි රාජාභරණයෙන් සැරසී සිටින අය නොවේ.” “එසේ නම් පින්වත් දරුවෙනි, පසේබුදුවරුන් සිටින්නේ කවර වස්ත්‍ර දරමින්ද?” “මහරජතුමනි, පසේබුදුවරුන් කෙස් රැුවුල් බාලයි සිටින්නේ. පොරවා ගෙන සිටින්නේ සිවුරු පිරිකරයි. ආහාර ගන්නේ පාත‍්‍රයකයි. ඒ උතුමන් අයිති වන්නේ ශ්‍රමණ පිරිසටයි.” මොහොතක් නිහඬව සිටි රජතුමා දකුණතින් හිස පිරිමැද්දා. එසැණින්ම රාජවේශය නොපෙනී ගියා. කෙස් රැවුල් බාගත්, මනා ලෙස සිවුරු පොරවා ගත්, පාත්‍රයක් දරා ගත් සැට වයස් පිරුණු මහ තෙර නමකගේ රූපයක් පෙනී ගියා. එකෙණෙහිම ඒ පසේබුදුරජුන් අභිඤ්ඤා බලයෙන් ඇතා පිටින් ඉවත්ව අහසට පැන නැංගා. මවාගත් නෙළුමක් තුළ භාවනා ඉරියව්වෙන් වැඩසිටියා. ඇමැතිවරු නමස්කාර කළා. “අනේ ස්වාමීනී, ඔබවහන්සේ මෙවැනි අවබෝධයක් ඇති කරගත්තේ කොහොමද? ඔබවහන්සේ නම් ඒකාන්තයෙන්ම ඒ පච්චේකබුද්ධ කෙනෙක් විය යුතුයි. ඔබවහන්සේ සමඟ අපිත් එන්න කැමතියි. ඔබවහන්සේගේ ගමනට අපවත් කැඳවාගන්නා සේක්වා!” “පින්වත් දරුවෙනි, මේ ජීවිතාවබෝධය පිණිස මට මෙත් සිත මුල් වුණා. කිසි කරුණක් නිසා හෝ මා තුළ වෛරයක් හටගත්තේ නෑ. අමනාපයක් හටගත්තේ නෑ. ඒ මෙත් සිතින්මයි මං මේ ලෝකය ගැන හිතුවේ. ඉපදෙන්නට හේතු වූ හැමදෙයක්ම මට වැටහුණා. මං ඒ සියලූ දේවල් ප්රහාණය කළා. දැන් මං නිදහස්…! මට තියෙන්නේ හුදෙකලාවේ යන ගමනක්.” මෙසේ වදාළ පසේබුදුරජුන් මෙම ගාථාව වදාළා. සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං න පුත්තමිච්ඡෙය්ය කුතෝ සහායං ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ “මං ඉන්නෙ මේ ලෝකයේ සියලූ සත්වයන් කෙරෙහිම දඬුවම් කිරීම අත්හැරලයි. ඔවුන්ගෙන් කිසි කෙනෙකුටවත් මං පීඩාවක් කරන්නෙ නෑ. ඒ වගේම මං මේ යන ගමනේදී මගේ දරුවෙකු වත් එක්කගෙන යන්න කැමති නැති එකේ උදව්කාරයෙක් කොහොම එක්කං යන්නද? ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.” මේ අයුරින් හුදෙකලාවේම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් දඹදිව ඉසිගිලි පර්වතයෙහි වැඩසිටි බවට අපගේ බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේලාගේ නම්ගොත් පවා වදාළා. මේ පසේබුදුවරයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ ‘ගන්ධමාන’ නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි ‘මංජූසක’ නම් විශාල වෘක්ෂයක් තියෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසකයි. එම මල ‘රන්මල්’ නමින් හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් නොවේ. මෙය කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයකි. මේවා වර්ණවත් රත් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳිද මිශ්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට අනෙත් පසේ බුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බවයි. එසේ රන්මල් හටගන්නා සුවිශාල වූ මංජූසක රුක්සෙවණට උන්වහන්සේලා රැස් වෙනවා. රැස් වී ඵලසමවත් සුවයෙන් වැඩසිටිනවා. පොහොය දවසට උන්වහන්සේලා තම තමන්ගේ ගුණධර්ම සතුටෙන් අනුමෝදන් වෙනවා. පිළිසඳර කථාවෙහි යෙදෙනවා. උන්වහන්සේලාගේ අවබෝධය සමාන බව වටහා ගන්නවා. නමුත් අවබෝධ කිරීමේදී එම අවබෝධය පිණිස ප්‍රවේශ වන ආකාරයේ වෙනස්කම් සාකච්ඡුා කරනවා. එවිටයි කලින් පහළ වී සිටි බුදුවරුන් අවබෝධය ලද ආකාරය ගැන අලූත් පසේබුදුවරුන්ගෙන් විමසන්නේ. ඒ මොහොතේදී තමයි උන්වහන්සේලා තමන් තමන්ගේ අත්දැකීම් පාදක කරගත් මෙවැනි ගාථාවන් වදාරන්නේ. ඇත්තෙන්ම පසේබුදුවරු කියා කොටසක් මිනිස් ලොව වැඩසිටිය බවට පුරාවිද්‍යාත්මකව හෝ වෙනත් ඓතිහාසික මූලාශ්‍රයකින් හෝ දැනගත හැකි ක්‍රමයක් නැහැ. අතීත බුදුවරුන්ගේ ලෝකය වගෙයි. ඒ සියල්ල අනිත්‍ය නම් වූ සනාතන දහම තුළ සැඟවී යනවා. නමුත් මේ සියල්ල නිරාවරණය කරගත හැකි අනාවරණ ප්‍රඥා ඇති අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනැවින් හෙළිදරව් කරනවා. අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරුන් පිළිබඳව මෙම විස්තරය නොකරන්නට අපට කිසිසේත්ම මෙවැනි දේ ගැන දැනගත හැකි ක්‍රමයක් නැහැ. කිසිවෙක් නොදන්නා අතීතයක හුදෙකලාවේ සැඟව ගිය මේ අපූර්ව ගාථා පවා යළි සොයා ගන්නවා. ශ්‍රාවකයන්ට හෙළිදරව් කරනවා. සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත්! සාදු! සාදු!! සාදු!!! පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom