Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අසුභ භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසුභ භාවනාව වඩන හැටි

දැන් ඔබ ටිකෙන් ටික ජීවිතයට වුවමනා කරන මූලික දේවල් ලබා ගන්නවා. ඒ තමයි සිහිය දියුණු කරන ආකාරය, වීරිය දියුණු කරන ආකාරය, නුවණ දියුණු කරන ආකාරය. මේ ලබාගන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්. එහෙමනම් මා ඔබට කියා දෙන්නේ මා සොයාගත් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සොයාගත්තු දෙයක්. එතකොට මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ඉඳගෙනයි ඔබට කියාදෙන්නෙ. එහෙම නම් මේ ධර්මයේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වන්නේ බුදුරජාණන් වහන්සේටයි.

ධාන්‍ය ගොඩෙන් ගත් ධාන්‍ය ටික….

දවසක් උත්තර කියන රහතන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ල ඇහුවා, ”ඔබවහන්සේ ලස්සනට ධර්මය දේශනා කරනවා, මේ ධර්මය ඔබවහන්සේ තුළ ඇතිවෙච්ච එකක්ද? එහෙම නැත්නම් ඔබවහන්සේ කාගෙන්වත් අහලද මේවා කියන්නේ?” කියල. ඉතින් උත්තර කියන රහතන් වහන්සේ ප්‍රකාශ කළා, ”පින්වත, මේ ලෝකයේ සුභාෂිත වූ යමක් ඇද්ද, සියල්ල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචන. අප කරන්නේ ඒවා උපුටා දක්වල කතාබස් කරන එකයි.” ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න උපමාවක් කිව්වා, ”ධාන්‍ය ගොඩක් තියෙනවා. මේ ධාන්‍ය ගොඩෙන් ඕනෙ කෙනෙකුට ඕනෙ ප්‍රමාණයක් අරගෙන යන්න පුළුවන්. ඉතින් එක එක්කෙනා තම තමන්ගේ භාජනවල ප්‍රමාණයට ඒ ධාන්‍ය අරගෙන යනවා. ඒ වගේ තමයි තම තමන්ගේ හැකියාව මත, දක්ෂතාවය මත ඒ ධර්මය ඉගෙන ගන්නවා.

ගිහි අයට අසුභය අකැපද?

ඉතින් ඒ වගේ තමයි මේ වෙලාවේ මේ ඉගෙන ගන්න ධර්මය ඔබේ හැකියාව මත තමයි මේ ධර්මය අල්ලගන්නෙ. දැන් අපි ඔබට උගන්වන්නෙ සමහර විට ඔබ අකමැති එකක්. මේකට කියන්නෙ ‘අසුභ භාවනාව’ කියල. ඔබ අකමැති වුණාට කරන්න දෙයක් නෑ. ඔබ මේ ගැන පොඞ්ඩක් හිතුවොත් ඔබට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. අසුභ භාවනාව කරන්න ඉස්සෙල්ල අසුභ භාවනාව ගැන ආකල්ප ටිකක් තියෙනවා මේ රටේ. ඒවා තමයි මේ ”අසුභ භාවනාව කළ යුතු නෑ. ගිහි අය කළ යුතු නෑ. ගිහි අය ඒ විදිහට කල්පනා කළ යුතු නෑ. අසුභ භාවනාව ගිහි අයට අදාල නෑ. ඒකෙන් ගිහි ජීවිතය කඩාකප්පල් වෙනවා” කියල කියනවා. මේක සත්‍යයක් නම්, ඔබ චුට්ටක් හිතල බලන්න වෛද්‍යවරු, හෙද හෙදියන් කොයිතරම් මේ රෝගීන් අතපත ගානවද? කොයිතරම් අසුභ දර්ශන දකින්න ලැබෙනවද? ඒ වගේ ම කොයි තරම් ජීවමාන මිනිස්සුන්ගේ අත පය කපල, කොයි තරම් අසුභ කොටස් දකිනවද? ඊළඟට මිනී කපන මිනිස්සුු කොච්චර මේවා දකිනවද? එහෙම නම් ඒ සියලු දෙනාගේ ජීවිත කඩාකප්පල් විය යුතුයි. එහෙමනම් ඒ සියලු දෙනාගේ ජීවිත අසාර්ථක විය යුතුයි. ඒක නෙමෙයි හේතුව. කාමයට වසඟ වූ සිත් ඇති, කාමයෙන් උන්මාදයට පත්වෙච්ච උදවිය අසුභ කියන වචනයට තරහයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ද්වේශ කරනවා. (ධම්මදෙස්සී පරාභවෝ) ධර්මයට ද්වේශ කරන කෙනා තමයි පිරිහෙන්නේ. කවදාවත් ධර්මයට කැමති කෙනා පිරිහෙන්නේ නෑ. (ධම්මකාමෝ භවං හෝති)

අසුභ භාවනාවට ප්‍රවේශ වෙන්නේ මෙහෙමයි…

මේ නිසා අසුභ භාවනාවෙදිත් එක එක්කෙනා එක එක දේවල් කියයි. ඒක නෙමෙයි වැදගත් වෙන්නෙ, ඔබ මේ ජීවිතයේ තියෙන ඇත්ත දකින්න, ඇත්ත අවබෝධ කරන්න සූදානම් ද කියන එකයි. හැබැයි මේකෙදි මේ භාවනාවට ප්‍රවේශ වෙන්න ඔබ මේ පිළිබඳව යම්කිසි දැනුමක් ලබාගන්න ඕනෙ. දැන් අසුභ භාවනාව කියන්නේ කුණප කොටස් ගැන ඒ විදිහටම බැලීම. උදාහරණයක් විදිහට අපි ගනිමු කොණ්ඩෙ. දැන් කොණ්ඩෙ දිග කෙනෙක් ඉන්නවා. මෙයා මේ කොණ්ඩෙට ආදරෙයි. මෙයා මොකද කරන්නේ, මේ කොණ්ඩෙ අතට අරගෙන අතගානවා. කොණ්ඩෙ පීරනකොට කෙස් ගහක් ගැලවිලා ආවොත්, ඒ කෙස් ගහ ගලෝල එයා අරන් තියනවා. අපි ගමු නියපොතු. නියපොතුවලට කෙනෙක් කැමතියි. නියපොත්ත වැවෙන්න ඇරල ලස්සනට නියපොත්ත කපනව හැඬේට. නියපොත්තට පාට ගානවා. ගාල එයා සතුටක් ලබනවා. අපි ගමු දත්. දත් නිරන්තරයෙන්ම මැදල මැදල, දත් පිරිසිදු කරල, එයා කණ්ණාඩිය ළඟට ගිහිල්ල හිනාවෙලා, දත් දිහා බලල සතුටක් ලබනවා. අපි ගමු සම. එයා හමේ සුන්දරත්වය දිහා බල බල සතුටක් ලබනවා. එබඳු ජීවිතයක් ගෙවන කෙනෙකුට මේ කුණප කොටස් බලනව කිව්වම ඒක අමුතු එකක් තමයි.

හැමදාම ලස්සනට ඉන්නට පුළුවන්ද?

නමුත් අපට අදාල වෙන්නෙ ඒක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මක් නිසාද මේක වදාළේ කියන එක. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය වදාළේ අපි පැටලිච්ච තැනක් මේක. අපට හැමදාම ලස්සන කොණ්ඩයක් තියා ගන්න පුළුවන් නම්, අපට හැමදාම ලස්සන නියපොතු තියාගන්න පුළුවන් නම්, අපට හැමදාම පුළුවන් නම් ලස්සනට මේ ජීවිතය පවත්වන්න ප්‍රශ්නයක් නෑ. නමුත් පින්වතුනි, අපි ජරා ජීර්ණ වෙන කාලයක් එනවා. අන්න එතකොට මේ ජීවිතය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. ඒ අවබෝධය මේ දැන් අපි මේ ජීවිතය තුළ ලබාගෙන තියෙන්නට ඕනෙ. මේ නිසා අසුභ භාවනාවෙදි අන්න ඒක උපකාර වෙනවා.

කුකුල් පිහාටුව පිච්චුවා වගේ…

බුදුරජාණන් වහන්සේ වදාළා, නියම විදිහට අසුභ භාවනාව වැඩුවා නම්, කුකුල් පිහාටුව පිච්චුවා වගේ කියල. දැන් කුකුල් පිහාටුවක් අරගෙන ඉටිපන්දමකට ඇල්ලුවොත්, ඒ කුකුල් පිහාටුව ඇකිලිල ඇකිලිල පිච්චිලා යනවා. ඊට පස්සේ ඒක දිගඅරින්න බෑ පරණ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාළා, අසුභ භාවනාව නියම විදිහට වැඩුවොත්, එයා සම්පුර්ණයෙන්ම නිෂ්කාමී හිතක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් එයා හොඳ උපේක්ෂාවක් දියුණු කරගන්නවා.

සුභ සඤ්ඤාවෙන් අසුභය වැඩුවොත්….

සමාධියක් වඩන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙන එකක්. ඒ නිසා අසුභ භාවනාවෙදිත් ඒ ගැන හොඳ කල්පනාවෙන් සිටින්නට ඕනෙ, ඒක අවශ්‍ය දෙයක් කියල. හැබැයි අසුභ භාවනාව වඩාගෙන යද්දි ඔබට අප්පිරියාවක් ඇතිවුණොත්, ඇත්තෙන්ම ඔබ අසුභය වඩල නෑ. ඔබ වඩල තියෙන්නෙ සුභ සඤ්ඤාවක්මයි. ඒ නිසා අසුභයේදී ඔබට කරන්න තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නුවා. ඔන්න ධාන්‍ය තියෙන මල්ලක් පෙන්නුවා. එක එක ධාන්‍ය තියෙන මල්ලක් තියෙනවා දෙපැත්ත කට තියෙන. ඉතින් මේ මල්ල අරගෙන ඇස් පේන එක්කෙනෙක් මොකද කරන්නේ, මේ ධාන්‍ය මල්ල ලෙහනව. ලෙහල මේ ධාන්‍ය ටික සේරම හලල, ගොඩගහනව මේවා හාල්, මේවා කඩල, මේවා මෑ, මේවා මුං ඇට, මේවා කව්පි ආදී වශයෙන් ගොඩගහනවා. මෙන්න මේ විදිහට යටි පතුලෙන් උඩ, කෙස් රොදෙන් යට, හමකින් ආවරණය වෙච්ච නොයෙක් ආකාරයේ කුණප කොටස් පිරිච්ච මේ කය දිහා අර ධාන්‍ය මල්ල ලෙහල වෙන් කර කර බලනවා වගේ අන්න නුවණැති කෙනා බලන්න පටන් ගන්නවා.

කයේ තියෙන ඇත්ත ගැනම – පවතීවා නිතර සිහිය…

බලන්නෙ කොහොමද? එයා නිශ්ශබ්දව, ශාන්ත තැනකට වෙලා හිතනවා මේ කයේ තියෙනවා කෙස් කුණප කොටසක්. මේ කයේ තියෙනවා ලොම්. එයා වෙන් වශයෙන් බලන්නෙ. එකට නෙවෙයි. ඊළඟට එයා බලනවා මේ කයේ තියෙනව නියපොතු. මේ කයේ තියෙනවා දත්. මේ කයේ තියෙනවා සම. මේ කයේ තියෙනවා මස්. මේ කයේ තියෙනවා නහර වැල්. මේ කයේ තියෙනවා ඇට. මේ කයේ තියෙනවා ඇට මිදුළු. මේ කයේ තියෙනවා වකුගඩු. මේ කයේ තියෙනවා හදවත. මේ කයේ තියෙනවා දලඹුව. මේ කයේ තියෙනවා පෙණහළු. මේ කයේ තියෙනවා අක්මාව. මේ කයේ තියෙනවා කුඩා බඩවැල්. මේ කයේ තියෙනවා මහා බඩවැල. මේ කයේ තියෙනවා අසුචි. ඔන්න ඔය විදිහට තමන්ගේ ශරීරයේ කොටස් බලනව.

එහෙම තවත් කොටස් බලනවා. මේ කයේ තියෙනව පිත. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා සෙම. මේ ශරීරයේ හටගන්නවා සැරව. මේ කයේ තියෙනවා ලේ. මේ කයේ තියෙනව දහඩිය. මේ ශරීරයේ දහඩියත් එක්කම ගලන ගතියක් තියෙනවා (තෙල් ගතියක් තියෙනවා) ඒකට කියන්නෙ තෙල්මන්ද. මේ කයේ තියෙනවා කඳුළු. මේ කයේ තියෙනවා වුරුණු තෙල්. ඒ වගේම මේ කයේ තියෙනවා කෙළ. ඒ වගේම මේ කයේ තියෙනවා සොටු. ඒ වගේම මේ කයේ තියෙනවා සඳමිදුළු. මේ කයේ තියෙනවා මුත්‍ර. මේවා සම්පූර්ණයෙන්ම වෙන් කර කර වෙන් කර කර බලනවා. බලන්නෙ කොයි විදිහටද? දෙපැත්තෙ කට තියෙන ධාන්‍ය මල්ලක් ලෙහල බලනවා වගේ.

ජීවිතය සුන්දර කරගන්න නම් අසුභය වඩන්න…

දැන් ඔබට තේරුම් ගන්න පුළුවනි මේකෙන්, බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් භාවයට පත්වුණේ කොයි විදිහට ජීවිතය දිහා බලල ද කියල. අන්න එහෙම නම් ඔබටත් ඔබේ ජීවිතයේ නිදහස් භාවයක් ඇති බව අත්දකින්නට නම්, ජීවිතය බලන විදිහ තමයි ඒක. මොකද ජීවිතයේ සුන්දරත්වයට පත්වෙන්නෙ බැඳීමකින් නෙවෙයි. බැඳීම් වලින් නිදහස් වීමෙන්මයි ජීවිතය සුන්දරත්වයට පත්වෙන්නේ. එහෙම නම් ජීවිතය සුන්දරත්වයට පත්වෙන්න උපකාරවන ධර්මයක් තමයි මේ කුණප කොටස් බලන එක. ඉතින් මේ විදිහට කුණප කොටස් බැලීමේදී ඔබ තනිකරම මනසින් මවාගෙන මේක කරන්නෙ. මනසින් මවාගත්ත කියල ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්නෙ නෑ. එහෙනම් ඔබේ ජීවිතයේ ඔබ වැසිකිලි ගිය වෙලාවට, ඔබ කැසිකිලි ගිය වෙලාවට, ඔබ මළපහකරපු වෙලාවට, ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්න ඕනෙ. ඔබේ ජීවිතය එහෙම කඩාකප්පල් වෙන්නෙ නෑ.

ආනාපානසතියට පෙර….

හැමදේකම තියෙන ස්වාභාවික දේ මේ ශරීරය තුළත් තියෙනවා කියල ඔබ අවබෝධ කරගන්නවා. ඔබ දැකගන්නවා. ඔබ තේරුම් ගන්නවා. ඒ නිසා මේක ඔබ මනාකොට තේරුම් ගන්නට ඕනෙ. ඒ නිසා අසුභ භාවනාව ටිකෙන් ටික ඔබේ ජීවිතයට පුරුදු කරගන්න. පුරුදු කරල, සාමාන්‍යයෙන් භාවනාව වැඩෙන්නෙ නැති කෙනෙකුට වුනත්, අසුභ භාවනාව කිරීම තුළ ආනාපානසතිය කරන්න සුදුසුකම් ලැබෙනවා. ආනාපානසතිය සියලු දෙනාටම කරන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරල නෑ. සමහර අය ඉන්නවා ස්වාභාවිකවම හොඳට සිහිය පිහිටන අය. අන්න ඒ කෙනා ආනාපානසතිය කරන්නට ඕනෙ. එහෙම නැත්නම් ඒකට ප්‍රවේශ වෙන්නට ඉස්සෙල්ල වුණත් අසුභ භාවනාව බොහොම හොඳයි. අඩුගානෙ විනාඩි විස්සක් තිහක් කෙනෙකුට කරන්න පුළුවන් නම්, එයාට ජීවිතයේ ලොකු දියුණුවක් ලබාගන්නට පුළුවන්.

– අසුභ භාවනාව –

1. මේ කයේ තිබෙන්නා වූ ‘කෙස්’ කුණු වී යන හෙයින්ද, දුගඳ හමන හෙයින් ද, පිළිකුල් ශරීරයක පිහිටි හෙයින් ද, දිරා යන හෙයින් ද, දැකීම් වශයෙන් ද, ස්පර්ශ කිරීම් වශයෙන් ද, පිළිකුලයි….. පිළිකුලයි….. පිළිකුලයි…..

2. ලොම්….

3. නිය…

4. දත්…

5. සම…

6. මස්…

7. නහර…

8. ඇට…

9. ඇටමිදුළු…

10. වකුගඩු…

11. හදවත…

12. අක්මාව…

13. දළබුව…

14. බඩදිව…

15. පෙනහළු…

16. කුඩා බඩවැල…

17. මහා බඩවැල…

18. නොදිරූ ආහාර…

19. අසූචි…

20. හිස්මොළ…

21. පිත…

22. සෙම…

23. සැරව…

24. ලේ…

25. දහදිය…

26. තෙල්මන්දය…

27. කඳුළු…

28. වුරුණු තෙල්…

29. කෙළ…

30. සොටු…

31. සඳමිදුළු…

32. මුත්‍ර…

[QUOTE="asliyanage, post: 26788278, member: 8764"] අසුභ භාවනාව වඩන හැටි දැන් ඔබ ටිකෙන් ටික ජීවිතයට වුවමනා කරන මූලික දේවල් ලබා ගන්නවා. ඒ තමයි සිහිය දියුණු කරන ආකාරය, වීරිය දියුණු කරන ආකාරය, නුවණ දියුණු කරන ආකාරය. මේ ලබාගන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්. එහෙමනම් මා ඔබට කියා දෙන්නේ මා සොයාගත් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සොයාගත්තු දෙයක්. එතකොට මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ඉඳගෙනයි ඔබට කියාදෙන්නෙ. එහෙම නම් මේ ධර්මයේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වන්නේ බුදුරජාණන් වහන්සේටයි. ධාන්‍ය ගොඩෙන් ගත් ධාන්‍ය ටික…. දවසක් උත්තර කියන රහතන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ල ඇහුවා, ”ඔබවහන්සේ ලස්සනට ධර්මය දේශනා කරනවා, මේ ධර්මය ඔබවහන්සේ තුළ ඇතිවෙච්ච එකක්ද? එහෙම නැත්නම් ඔබවහන්සේ කාගෙන්වත් අහලද මේවා කියන්නේ?” කියල. ඉතින් උත්තර කියන රහතන් වහන්සේ ප්‍රකාශ කළා, ”පින්වත, මේ ලෝකයේ සුභාෂිත වූ යමක් ඇද්ද, සියල්ල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචන. අප කරන්නේ ඒවා උපුටා දක්වල කතාබස් කරන එකයි.” ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න උපමාවක් කිව්වා, ”ධාන්‍ය ගොඩක් තියෙනවා. මේ ධාන්‍ය ගොඩෙන් ඕනෙ කෙනෙකුට ඕනෙ ප්‍රමාණයක් අරගෙන යන්න පුළුවන්. ඉතින් එක එක්කෙනා තම තමන්ගේ භාජනවල ප්‍රමාණයට ඒ ධාන්‍ය අරගෙන යනවා. ඒ වගේ තමයි තම තමන්ගේ හැකියාව මත, දක්ෂතාවය මත ඒ ධර්මය ඉගෙන ගන්නවා. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]ගිහි අයට අසුභය අකැපද? ඉතින් ඒ වගේ තමයි මේ වෙලාවේ මේ ඉගෙන ගන්න ධර්මය ඔබේ හැකියාව මත තමයි මේ ධර්මය අල්ලගන්නෙ. දැන් අපි ඔබට උගන්වන්නෙ සමහර විට ඔබ අකමැති එකක්. මේකට කියන්නෙ ‘අසුභ භාවනාව’ කියල. ඔබ අකමැති වුණාට කරන්න දෙයක් නෑ. ඔබ මේ ගැන පොඞ්ඩක් හිතුවොත් ඔබට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. අසුභ භාවනාව කරන්න ඉස්සෙල්ල අසුභ භාවනාව ගැන ආකල්ප ටිකක් තියෙනවා මේ රටේ. ඒවා තමයි මේ ”අසුභ භාවනාව කළ යුතු නෑ. ගිහි අය කළ යුතු නෑ. ගිහි අය ඒ විදිහට කල්පනා කළ යුතු නෑ. අසුභ භාවනාව ගිහි අයට අදාල නෑ. ඒකෙන් ගිහි ජීවිතය කඩාකප්පල් වෙනවා” කියල කියනවා. මේක සත්‍යයක් නම්, ඔබ චුට්ටක් හිතල බලන්න වෛද්‍යවරු, හෙද හෙදියන් කොයිතරම් මේ රෝගීන් අතපත ගානවද? කොයිතරම් අසුභ දර්ශන දකින්න ලැබෙනවද? ඒ වගේ ම කොයි තරම් ජීවමාන මිනිස්සුන්ගේ අත පය කපල, කොයි තරම් අසුභ කොටස් දකිනවද? ඊළඟට මිනී කපන මිනිස්සුු කොච්චර මේවා දකිනවද? එහෙම නම් ඒ සියලු දෙනාගේ ජීවිත කඩාකප්පල් විය යුතුයි. එහෙමනම් ඒ සියලු දෙනාගේ ජීවිත අසාර්ථක විය යුතුයි. ඒක නෙමෙයි හේතුව. කාමයට වසඟ වූ සිත් ඇති, කාමයෙන් උන්මාදයට පත්වෙච්ච උදවිය අසුභ කියන වචනයට තරහයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ද්වේශ කරනවා. (ධම්මදෙස්සී පරාභවෝ) ධර්මයට ද්වේශ කරන කෙනා තමයි පිරිහෙන්නේ. කවදාවත් ධර්මයට කැමති කෙනා පිරිහෙන්නේ නෑ. (ධම්මකාමෝ භවං හෝති) [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]අසුභ භාවනාවට ප්‍රවේශ වෙන්නේ මෙහෙමයි… මේ නිසා අසුභ භාවනාවෙදිත් එක එක්කෙනා එක එක දේවල් කියයි. ඒක නෙමෙයි වැදගත් වෙන්නෙ, ඔබ මේ ජීවිතයේ තියෙන ඇත්ත දකින්න, ඇත්ත අවබෝධ කරන්න සූදානම් ද කියන එකයි. හැබැයි මේකෙදි මේ භාවනාවට ප්‍රවේශ වෙන්න ඔබ මේ පිළිබඳව යම්කිසි දැනුමක් ලබාගන්න ඕනෙ. දැන් අසුභ භාවනාව කියන්නේ කුණප කොටස් ගැන ඒ විදිහටම බැලීම. උදාහරණයක් විදිහට අපි ගනිමු කොණ්ඩෙ. දැන් කොණ්ඩෙ දිග කෙනෙක් ඉන්නවා. මෙයා මේ කොණ්ඩෙට ආදරෙයි. මෙයා මොකද කරන්නේ, මේ කොණ්ඩෙ අතට අරගෙන අතගානවා. කොණ්ඩෙ පීරනකොට කෙස් ගහක් ගැලවිලා ආවොත්, ඒ කෙස් ගහ ගලෝල එයා අරන් තියනවා. අපි ගමු නියපොතු. නියපොතුවලට කෙනෙක් කැමතියි. නියපොත්ත වැවෙන්න ඇරල ලස්සනට නියපොත්ත කපනව හැඬේට. නියපොත්තට පාට ගානවා. ගාල එයා සතුටක් ලබනවා. අපි ගමු දත්. දත් නිරන්තරයෙන්ම මැදල මැදල, දත් පිරිසිදු කරල, එයා කණ්ණාඩිය ළඟට ගිහිල්ල හිනාවෙලා, දත් දිහා බලල සතුටක් ලබනවා. අපි ගමු සම. එයා හමේ සුන්දරත්වය දිහා බල බල සතුටක් ලබනවා. එබඳු ජීවිතයක් ගෙවන කෙනෙකුට මේ කුණප කොටස් බලනව කිව්වම ඒක අමුතු එකක් තමයි. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]හැමදාම ලස්සනට ඉන්නට පුළුවන්ද? නමුත් අපට අදාල වෙන්නෙ ඒක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මක් නිසාද මේක වදාළේ කියන එක. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය වදාළේ අපි පැටලිච්ච තැනක් මේක. අපට හැමදාම ලස්සන කොණ්ඩයක් තියා ගන්න පුළුවන් නම්, අපට හැමදාම ලස්සන නියපොතු තියාගන්න පුළුවන් නම්, අපට හැමදාම පුළුවන් නම් ලස්සනට මේ ජීවිතය පවත්වන්න ප්‍රශ්නයක් නෑ. නමුත් පින්වතුනි, අපි ජරා ජීර්ණ වෙන කාලයක් එනවා. අන්න එතකොට මේ ජීවිතය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. ඒ අවබෝධය මේ දැන් අපි මේ ජීවිතය තුළ ලබාගෙන තියෙන්නට ඕනෙ. මේ නිසා අසුභ භාවනාවෙදි අන්න ඒක උපකාර වෙනවා. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]කුකුල් පිහාටුව පිච්චුවා වගේ… බුදුරජාණන් වහන්සේ වදාළා, නියම විදිහට අසුභ භාවනාව වැඩුවා නම්, කුකුල් පිහාටුව පිච්චුවා වගේ කියල. දැන් කුකුල් පිහාටුවක් අරගෙන ඉටිපන්දමකට ඇල්ලුවොත්, ඒ කුකුල් පිහාටුව ඇකිලිල ඇකිලිල පිච්චිලා යනවා. ඊට පස්සේ ඒක දිගඅරින්න බෑ පරණ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාළා, අසුභ භාවනාව නියම විදිහට වැඩුවොත්, එයා සම්පුර්ණයෙන්ම නිෂ්කාමී හිතක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් එයා හොඳ උපේක්ෂාවක් දියුණු කරගන්නවා. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]සුභ සඤ්ඤාවෙන් අසුභය වැඩුවොත්…. සමාධියක් වඩන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙන එකක්. ඒ නිසා අසුභ භාවනාවෙදිත් ඒ ගැන හොඳ කල්පනාවෙන් සිටින්නට ඕනෙ, ඒක අවශ්‍ය දෙයක් කියල. හැබැයි අසුභ භාවනාව වඩාගෙන යද්දි ඔබට අප්පිරියාවක් ඇතිවුණොත්, ඇත්තෙන්ම ඔබ අසුභය වඩල නෑ. ඔබ වඩල තියෙන්නෙ සුභ සඤ්ඤාවක්මයි. ඒ නිසා අසුභයේදී ඔබට කරන්න තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නුවා. ඔන්න ධාන්‍ය තියෙන මල්ලක් පෙන්නුවා. එක එක ධාන්‍ය තියෙන මල්ලක් තියෙනවා දෙපැත්ත කට තියෙන. ඉතින් මේ මල්ල අරගෙන ඇස් පේන එක්කෙනෙක් මොකද කරන්නේ, මේ ධාන්‍ය මල්ල ලෙහනව. ලෙහල මේ ධාන්‍ය ටික සේරම හලල, ගොඩගහනව මේවා හාල්, මේවා කඩල, මේවා මෑ, මේවා මුං ඇට, මේවා කව්පි ආදී වශයෙන් ගොඩගහනවා. මෙන්න මේ විදිහට යටි පතුලෙන් උඩ, කෙස් රොදෙන් යට, හමකින් ආවරණය වෙච්ච නොයෙක් ආකාරයේ කුණප කොටස් පිරිච්ච මේ කය දිහා අර ධාන්‍ය මල්ල ලෙහල වෙන් කර කර බලනවා වගේ අන්න නුවණැති කෙනා බලන්න පටන් ගන්නවා. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]කයේ තියෙන ඇත්ත ගැනම – පවතීවා නිතර සිහිය… බලන්නෙ කොහොමද? එයා නිශ්ශබ්දව, ශාන්ත තැනකට වෙලා හිතනවා මේ කයේ තියෙනවා කෙස් කුණප කොටසක්. මේ කයේ තියෙනවා ලොම්. එයා වෙන් වශයෙන් බලන්නෙ. එකට නෙවෙයි. ඊළඟට එයා බලනවා මේ කයේ තියෙනව නියපොතු. මේ කයේ තියෙනවා දත්. මේ කයේ තියෙනවා සම. මේ කයේ තියෙනවා මස්. මේ කයේ තියෙනවා නහර වැල්. මේ කයේ තියෙනවා ඇට. මේ කයේ තියෙනවා ඇට මිදුළු. මේ කයේ තියෙනවා වකුගඩු. මේ කයේ තියෙනවා හදවත. මේ කයේ තියෙනවා දලඹුව. මේ කයේ තියෙනවා පෙණහළු. මේ කයේ තියෙනවා අක්මාව. මේ කයේ තියෙනවා කුඩා බඩවැල්. මේ කයේ තියෙනවා මහා බඩවැල. මේ කයේ තියෙනවා අසුචි. ඔන්න ඔය විදිහට තමන්ගේ ශරීරයේ කොටස් බලනව. එහෙම තවත් කොටස් බලනවා. මේ කයේ තියෙනව පිත. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා සෙම. මේ ශරීරයේ හටගන්නවා සැරව. මේ කයේ තියෙනවා ලේ. මේ කයේ තියෙනව දහඩිය. මේ ශරීරයේ දහඩියත් එක්කම ගලන ගතියක් තියෙනවා (තෙල් ගතියක් තියෙනවා) ඒකට කියන්නෙ තෙල්මන්ද. මේ කයේ තියෙනවා කඳුළු. මේ කයේ තියෙනවා වුරුණු තෙල්. ඒ වගේම මේ කයේ තියෙනවා කෙළ. ඒ වගේම මේ කයේ තියෙනවා සොටු. ඒ වගේම මේ කයේ තියෙනවා සඳමිදුළු. මේ කයේ තියෙනවා මුත්‍ර. මේවා සම්පූර්ණයෙන්ම වෙන් කර කර වෙන් කර කර බලනවා. බලන්නෙ කොයි විදිහටද? දෙපැත්තෙ කට තියෙන ධාන්‍ය මල්ලක් ලෙහල බලනවා වගේ. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]ජීවිතය සුන්දර කරගන්න නම් අසුභය වඩන්න… දැන් ඔබට තේරුම් ගන්න පුළුවනි මේකෙන්, බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් භාවයට පත්වුණේ කොයි විදිහට ජීවිතය දිහා බලල ද කියල. අන්න එහෙම නම් ඔබටත් ඔබේ ජීවිතයේ නිදහස් භාවයක් ඇති බව අත්දකින්නට නම්, ජීවිතය බලන විදිහ තමයි ඒක. මොකද ජීවිතයේ සුන්දරත්වයට පත්වෙන්නෙ බැඳීමකින් නෙවෙයි. බැඳීම් වලින් නිදහස් වීමෙන්මයි ජීවිතය සුන්දරත්වයට පත්වෙන්නේ. එහෙම නම් ජීවිතය සුන්දරත්වයට පත්වෙන්න උපකාරවන ධර්මයක් තමයි මේ කුණප කොටස් බලන එක. ඉතින් මේ විදිහට කුණප කොටස් බැලීමේදී ඔබ තනිකරම මනසින් මවාගෙන මේක කරන්නෙ. මනසින් මවාගත්ත කියල ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්නෙ නෑ. එහෙනම් ඔබේ ජීවිතයේ ඔබ වැසිකිලි ගිය වෙලාවට, ඔබ කැසිකිලි ගිය වෙලාවට, ඔබ මළපහකරපු වෙලාවට, ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්න ඕනෙ. ඔබේ ජීවිතය එහෙම කඩාකප්පල් වෙන්නෙ නෑ. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]ආනාපානසතියට පෙර…. හැමදේකම තියෙන ස්වාභාවික දේ මේ ශරීරය තුළත් තියෙනවා කියල ඔබ අවබෝධ කරගන්නවා. ඔබ දැකගන්නවා. ඔබ තේරුම් ගන්නවා. ඒ නිසා මේක ඔබ මනාකොට තේරුම් ගන්නට ඕනෙ. ඒ නිසා අසුභ භාවනාව ටිකෙන් ටික ඔබේ ජීවිතයට පුරුදු කරගන්න. පුරුදු කරල, සාමාන්‍යයෙන් භාවනාව වැඩෙන්නෙ නැති කෙනෙකුට වුනත්, අසුභ භාවනාව කිරීම තුළ ආනාපානසතිය කරන්න සුදුසුකම් ලැබෙනවා. ආනාපානසතිය සියලු දෙනාටම කරන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරල නෑ. සමහර අය ඉන්නවා ස්වාභාවිකවම හොඳට සිහිය පිහිටන අය. අන්න ඒ කෙනා ආනාපානසතිය කරන්නට ඕනෙ. එහෙම නැත්නම් ඒකට ප්‍රවේශ වෙන්නට ඉස්සෙල්ල වුණත් අසුභ භාවනාව බොහොම හොඳයි. අඩුගානෙ විනාඩි විස්සක් තිහක් කෙනෙකුට කරන්න පුළුවන් නම්, එයාට ජීවිතයේ ලොකු දියුණුවක් ලබාගන්නට පුළුවන්. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG]– අසුභ භාවනාව –[IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG] 1. මේ කයේ තිබෙන්නා වූ ‘කෙස්’ කුණු වී යන හෙයින්ද, දුගඳ හමන හෙයින් ද, පිළිකුල් ශරීරයක පිහිටි හෙයින් ද, දිරා යන හෙයින් ද, දැකීම් වශයෙන් ද, ස්පර්ශ කිරීම් වශයෙන් ද, පිළිකුලයි….. පිළිකුලයි….. පිළිකුලයි….. 2. ලොම්…. 3. නිය… 4. දත්… 5. සම… 6. මස්… 7. නහර… 8. ඇට… 9. ඇටමිදුළු… 10. වකුගඩු… 11. හදවත… 12. අක්මාව… 13. දළබුව… 14. බඩදිව… 15. පෙනහළු… 16. කුඩා බඩවැල… 17. මහා බඩවැල… 18. නොදිරූ ආහාර… 19. අසූචි… 20. හිස්මොළ… 21. පිත… 22. සෙම… 23. සැරව… 24. ලේ… 25. දහදිය… 26. තෙල්මන්දය… 27. කඳුළු… 28. වුරුණු තෙල්… 29. කෙළ… 30. සොටු… 31. සඳමිදුළු… 32. මුත්‍ර… [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom