අහිමි ඈ වෙත,පීඩනය මා උහුලාගත්
නොකරම නුඹටම අවමන්
දරාගන්නට මමම සිතුවා
කලක් එන තුරු සවිමත්
නුඹම මට අහිමිවුණා
එසැණින්ම කඳුළක් වෙලා
මොහොතක නිහඬ බවින්
විරහවට නිර්වචන සපයමින්
අසමත් අසමත් අසමත්
වරද මාගේ වුවත්
හිතේ නලියන මගේ ගින්දර
නිවන්නට නුඹ තවම අසමත්
සංකල්පය - මාලන් විදානපතිරණ
