අළුත් ව්‍යවස්ථාව

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    එක එකාට බැන බැන ඉන්නේ නැතුව ව්‍යවස්ථාවට අදහස් දීපල්ලා. වෙලාවක් නැතුව අයිඩියා තියනවා නම් පල්ලෙහා කොටන් පලයන් කම්පයිල් කරලා දාන්නම්.
    Brainstorm එකක් වගේ. කිසිම අයිඩියා එකක් ගොන් අයිඩියා එකක් නෙවෙයි.



    ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම අරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා පවසයි.

    ඒ අනුව, මේ සම්බන්ධයෙන් යම් පුරවැසියෙකු යෝජනා, මත හෝ අදහස් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එම යෝජනා, මත හෝ අදහස් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන කවර හෝ භාෂා මාධ්‍යකින් 2020 නොවැම්බර් 30 වන දිනට හෝ එදින පෙර ලේකම්, විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක 02, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ www.moj.gov.lk නිල වෙබ් අඩවියෙන් හෝ
    2020.10.20 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ලබාගත හැකි බව අධිකරණ අමාත්‍යාංශය ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටී.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අපේ අදහස් අරන් ඕව හදනවනං මොනවා කරන්න බැරිද මම අහන්නෙ :baffled:
    එහෙම හැම එකාම හිතන නිසා තමයි අවුල.
    අඳුරට ශාප නොකර එක පහනක්වත් දල්වපං
     
    • Like
    Reactions: LazyLizard

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    කාගේ සල්ලිද බන් මේ නාස්ති කරන්නේ? කලින් ආන්ඩුවෙන් හෙන නාඩගමක් නැටුවා නේද? ඒකේ මිනිස්සුන්න්ගේ අදහස් ගත්තනේ..