පසුගිය ජූලි 18 වැනිදා දේශසීමාව ඔස්සේ උතුරු කොරියාවට පළාගිය අමෙරිකානු සොල්දාදුවා පිළිබඳව උතුරු කොරියානු රජය ප්‍රථම වරට ප්‍රකාශයක් සිදුකර තිබේ.
උතුරු කොරියාවේ KCNA රාජ්‍ය ප්රවෘත්ති සේවාව සඳහන් කළේ අමෙරිකා එක්සත් ජනපදයේ අමානුෂික නොසැලකීම් සහ වර්ගවාදය හේතුවෙන් ඔහු උතුරු කොරියාවේ හෝ වෙනත් තුන්වැනි රටක දේශපාලන රැකවරණ අපේක්ෂා කරන බවය.
ට්‍රැවිස් කිං නමැති මෙම කළු අමෙරිකානු සෙබළා උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් වෙන්කරන ඒකාබද්ධ අධි ආරක්ෂිත කලාපයේ සිවිල් වැසියන්ගේ චාරිකාවකදී පළාගියේ අනපේක්ෂිත ආකාරයෙනි.
ඔහු සිතාමතාම උතුරු කොරියාවට පළාගොස් ඇති බව අමෙරිකානු බලධාරීන් විශ්වාස කරන අතර ඒ නිසාම ඔහු යුද සිරකරුවෙකු ලෙස නම් කළේ නැත.
ට්‍රැවිස් කිං නීතිවිරෝධී ලෙස සිය කැමැත්තෙන්ම උතුරු කොරියාවට පැමිණ ඇති බව එරට බලධාරීන් සිදුකළ පරීක්ෂණයේද නිගමනය වී තිබේ.
ඒ උතුරු කොරියාවේ හෝ තුන්වැනි රටක රැකවරණය ලැබීමේ අපේක්ෂාවෙන් බව උතුරු කොරියානු බලධාරීන්ගේ අදහසයි.
අමෙරිකානු හමුදාව තුළ පවත්නා වර්ගවාදය සහ නොසැලකීම් හේතුවෙන් තමා මෙම තීරණයට එළඹුණු බවට ට්‍රැවිස් කිං සිය පරීක්ෂණයේදී පාපොච්චාරණය කළේ යැයි උතුරු කොරියානු ප්රවෘත්ති සේවාව වැඩිදුරටත් සඳහන් කළේය.
කිසිදු සමානත්වයකින් තොර අමෙරිකානු සමාජය සම්බන්ධයෙන් පැවති මුලාවෙන් තමා මිදුණු බව ට්‍රැවිස් කිං උතුරු කොරියානු බලධාරීන්ට පවසා තිබේ.
ට්‍රැවිස් කිං උතුරු කොරියානු දේශසීමාව තරණය කර පැමිණි මොහොතේ සිට උතුරු කොරියානු මහජන හමුදාවේ සොල්දාදුවන්ගේ පාලනය යටතේ සිටින බවත්, ඔහු පිළිබඳ පරීක්ෂණ මෙතෙක් නිමා වී නොමැති බවත් KCNA ප්රවෘත්ති සේවාව වැඩිදුරටත් සඳහන් කළේය.
ට්‍රැවිස් කිං උතුරු කොරියාවට පළාගිය පසු ඔහුගේ මාමා කෙනෙකු වන මයිරොන් ගේට්ස් පසුගිය අගෝස්තු මාසයේ අමෙරිකානු ප්රවෘත්ති සේවාවක් වෙත ප්‍රකාශ කළේ සිය ඥාති පුත්‍රයා අමෙරිකානු හමුදා මෙහෙයුම් සඳහා යෙදවීමේදී වර්ගවාදයට ලක්වූ බවය.
ඔහු දකුණු කොරියාවේ සිරගත කෙරෙනු පසු බෙහෙවින් වෙනස් පුද්ගලයෙකු බවට පත්ව සිටි බවත් ඔහු සඳහන් කළේය.
ට්‍රැවිස් කිං පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය සිදුකළ විමසීම්වලට උතුරු කොරියාව නිසි ප්‍රතිචාර නොදැක්වූ බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේය.
එමෙන්ම උතුරු කොරියානු ප්රවෘත්ති සේවාව ට්‍රැවිස් කිං පිළිබඳව පැවසූ කරුණු තහවුරු කළ නොහැකි බවත්, ඔහු සුරක්ෂිතව නැවත අමෙරිකාවට පැමිණීම පිළිබඳ අවධානය යොමු කරන බවත් පෙන්ටගනය කියා සිටියේය.
මේ අතර ට්‍රැවිස් කිංගේ මව, සිය පුත්‍රයාට මානුෂීය අන්දමින් සලකන්නැයි උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම ට්‍රැවිස් කිං යළි අමෙරිකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට පිළිබඳව ඔහුගේ මව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රශංසාව පළ කළේය.
ට්‍රැවිස් කිං පිළිබඳව ධවල මන්දිරය නව ප්‍රකාශයක් සිදුකර නොමැත.
කෙසේ නමුත් කලින් උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්රිකයෙකුව සිට, දකුණට පළාවිත් එරට මන්ත්‍රීවරයෙකු වී සිටින 'ටේ යොං හෝ' පෙන්වා දෙන්නේ උතුරු කොරියාව ට්‍රැවිස් කිංට සලකනු ඇත්තේ ස්වෙච්ඡාවෙන් පැමිණි අමෙරිකානු සොල්දාදුවෙකුට වඩා නීතිවිරෝධී ආක්රමණිකයෙකු ලෙස බවය.
ඔහු තුන්වැනි රටකට යාමට හෝ අපේක්ෂා කරන බව ප්‍රකාශ කිරීම තුළින් ට්‍රැවිස් කිං තම රට තුළ දීර්ඝ කාලීනව රඳවා ගැනීමට උතුරු කොරියාව බලාපොරොත්තු නොවන බව පෙනි යන්නේ යැයි 'ටේ යොං හෝ' වැඩිදුරටත් කියා සිටියේය.
එලෙස ට්‍රැවිස් කිං තුන්වැනි රටකට පිටත්කර යවනු ලැබුවහොත් ඔහු නැවත අමෙරිකාවට ගෙන්වා ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙන බව අමෙරිකානු ආරක්ෂක බලධාරීන්ගේ අදහස වී තිබේ.
23 හැවිරිදි ට්රැවිල් කිං යුද සිරකරුවෙකු නොවේ නම් කෙසේ නම් කළ යුතුද යන්න අමෙරිකානු හමුදාවට ද ගැටලුවක් වී තිබේ.
සක්‍රිය සොල්දාදුවෙකු වුවත් සිවිල් ඇඳුමින් සැරසී දකුණු කොරියාව සමග තාක්ෂණිකව තවමත් යුද සිරකරුවෙකු ලෙස නම් කිරීමට නොහැකි වී ඇති බවට සඳහන්ය.
2021 වසරේ අමෙරිකානු හමුදාවට එක්වූ ට්‍රැවිස් කිං දකුණු කොරියාවේදී ඇතිකරගත් ගැටුම් නිසා විනය ක්‍රියාමාර්ගවලට ද භාජනය වූ සොල්දාදුවෙකි.