Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
අ(තී)තරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව අවුරුද්දකට විතර කලින් මම ලියපු එකක්. කැමති අය කියවලා බලත්වා!!

අ(තී)තරණය

උදෑසන හයට නාද වූ ඔරලෝසුවේ නාදය නිසා සුබෝධ අවධි වූයේ තරමක තිගැස්මක් සහිතවය. සාමාන්‍යයෙන් ඔරලෝසුවේ එලාර්ම් එකට පෙර අවධි වන ඔහු අද තරමක් ප්‍රමාද වී අවධි වූයේ පෙරදින නින්දට යන විට මධ්‍යම රාත්රියද පසුවී තිබුන නිසාය.

නොයන්නට සිතා සිටි සාදයට සහභාගී වන්නට සිදු වූයේ අසන්යාගේ පෙරැත්ත කිරිමටය. මිට සති තුනකට ප්‍රථමව ඇය විසින් තම පියාගේ මැතිවරණ ජය තහවරු කරනු පිණිස කොළඹ සිටිනා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් උදෙසා සංවිධානය වන්නා වූ මෙම විශේෂ ප්‍රභූ සාදය ගැන පවසන අවස්ථාවේ හෙතෙම තම වෙත ආරාධනයක් ලැබේයැයි සිතුවේ නැත. කොහොමත් මෙවැනි උත්සව වලට සහභාගී වීමට මැලි කමක් දැක් වූ සුබෝධ, විවිධ හේතු කාරණා නිදහසට පවසමින් ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට උත්සහ කලත්, අසන්යා ගේ පෙරැත්ත කිරීම හමුවේ ඊයේ පැවති සාදයට සහභාගී වන්නට සිදුවිය.

රටේ විවිධ ආයතන වල හිමිකරුවන් මෙන්ම නොයෙකුත් මාධ්‍ය ආයතන රැසකම නියෝජිතයින් රැසක් සහභාගී වූ සාදය පැවැත්වුනේ තරු පන්තියේ හෝටලයකය. අනේක විධි කෑම පමණක් නොව, විදේශයන්ගෙන් ගෙන්වන ලද නොයෙක් මත්පැන් වලින්ද පොහොසත් වූ එම සාදය රටේ අති විශේෂම පුද්ගලයන්ට පමණක් සීමා වූවක් විය.

එවැනි සාදයකට සුබෝධ වැන්නෙකුගේ පැමිණීම කාගේත් කුතුහලයට භාජනය වූයේ බොහෝ දෙනෙක් ඔහුව නොහැඳීම නිසා පමණක් නොවීය. ඔහු අසන්යා එදිරිසූරිය ගේ අමුත්තෙක් ලෙස සාදයට සහභාගී වීම නිසාය. කොටින්ම කිවහොත් මීළඟ අගමැති ලෙස පත්වේයැ යි කැට තබා දිවුරිය හැකි සුනන්ද එදිරිසූරිය ගේ එකම දියණියගේ අමුත්තෙකු වූ නිසාය.

ව්‍යාපාරික පුතුන් මෙන්ම තරැණ වියේ සිටි ධනවත් ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගේ උකුසු ඇස් වරින් වර තමා වෙත යොමු වෙනු සුබෝධ ට නොතේරුණා නොවේ. ඒ සියල්ලටම වඩා ඔහුව නොසන්සුන් වූයේ රටේ සිටිනා ප්‍රමුඛතම මාධ්‍යවේදීන් තමා කෙරෙහි අවධානයෙන් සිටිනා බව තේරුණු විටය. අසන්යා ගේ ආරාධනය පිළිගන්නා විට මෙතරම් තත්වය බරපතල එකක් වේ යැයි ඔහු සිතුවේ නැත.

ඔහු පුලුවන් තරම් අන් අයගේ අවධානයට ලක් නොවී සිටීමට උත්සාහ කලත් සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් වූයේ අසන්යා තම පියා වෙත ඔහුව හඳුන්වාදුන් විටය. සුනන්ද තම දියණිය විසින් හඳුන්වා දුන් මෙම තරුණයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේ කෘතහස්ත දේශපාලකයෙකු ලෙස තිස් වසරක් ඔහු ලබා තිබූ දේශපාලන පරිචය තුළ ලැබූ ඉව නිසාය. අසන්යා අතරත් මේ තරුණයා අතරත් මිත්‍රකමකට එහා ගිය යම්කිසි සම්බන්ධයක් ඇති බව ඔහුගේ සියුම් ඉවට ක්ෂණිකව දැනී ගියේ ය. අඩුම වශයෙන් අසන්යාගේ පැත්තෙන් වත් එවැන්නක් තිබිය යුතුම යැයි ඔහු තීරණය කළේ සුබෝධ මුණ ගැසී විනාඩි පහක් යන්නට මත්තෙන්ය. ඉතා සුලු කතාබහකින් අනතුරුව සුබෝධ අසන්යා සමගින් වෙනතක් බලා යද්දී සුන්නද තම පෞද්ගලික ආරක්ෂක අංශ ප්‍රධානී විමලවීර වෙත නිහඬව නියෝග කිහිපයක් නිකුත් කලේ කාටවත් නොපෙනෙන ලෙස විමලවීර ගේ අවධානය සුබෝධ වෙත යොමු කරවමින්ය.

සුනන්ද කෙතරම් සියුම්ව මෙම නියෝග නිකුත් කළත්, අවුරුදු ගණනාවක් තිස්සේ පුරුදු පුහුණු කළ සුබෝධ ගේ සියුම් ඉඳුරන්ට ඒ පිළිබඳව සඟවන්නට නොහැකි විය. තමා ජීවිතයේ කරගත් ලොකුම මෝඩකම් වලින් එකක් අද දින සිදුකරගත් බව ඔහුට පසක් වන විට හෙතෙම ප්‍රමාද වැඩිය.

අසන්යා කෙරෙහි සුබෝධට ඇතිවූයේ නොපහන් හැඟීමකි. ඇයගේ බල කිරීම නොවන්නට ඔහු මෙදින සාදයට සහභාගී වන්නේ නැත. එසේ නොවූවානම් මේ සියල්ල අවුල් වන්නේද නැත. දැන් ඉතින් ඇමති ආරක්ෂක අංශයේ දඩ බල්ලන් රැයක් දවාලක් නොතකා තමා පසුපස ඉව අල්ලනු ඇත. මෙතෙක් කල් නිස්කලංකයේ ගෙවී ගිය ජීවිතය අදින් පසු නොපිට පෙරලෙනු ඇත.

කරන්නට දෙයක් නැත. අසන්යා සමග හෝ සුනන්ද සමග තරහ ඇති කරගෙන පලක් නොමැත. අසන්යා තරුණියක් හැසිරෙන සාමාන්‍ය අයුරින් තමාව ඇයගේ පියා වෙත හඳුන්වා දීමට මේ සාදය අවස්ථාවක් කරගත්තා ය. සුනන්ද නියම පියෙකු තම දියණිය ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇයගේ සිත බැඳි තරුණයා පිළිබඳව සොයා බැලීමට අවශ්‍ය විධි විධාන සකස් කලේය. එකම ප්රශ්නය වූයේ අසන්යා අනාගත අගමැතිවරයා ගේ දියණිය වීමත්, සුබෝධ තුළ ඈ කෙරෙහි එවැනි අල්ප මාත්රයකදු හැඟීමක් නොතිබීමත් ය.

සුබෝධ ට තමා කෙරෙහිම කෝපයක් ඇතිවිය. අසන්යා තමා කෙරෙහි වැඩිපුර උනන්දු වන බව දැනට මාස කිහිපයක සිට ඔහුට හැඟී තිබුණි. මේ සිදුවීම, තම අත්දැකීම් මත පදනම්ව මීට පෙර හඳුනාගන්න ට ඔහුට හැකිවිය යුතුව තිබුණි. සියල්ල සුලුවෙන් තැකුවා වැඩිය. දැන් ඉතින් අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් ය.

අසන්යා හා සුබෝධ ගේ හමුවීම අහඹුවක් ම වීය. කුඩා අවශේෂ සිද්ධියක් හමුවේ දැන ඇඳින ගැනීමට ලැබුණු ඔවුන් දෙදෙනා පසුව මිතුරන් ලෙස ආශ්‍රය කළෝ ය. එහෙත් නැතිනම් අසන්යා එලෙසින් සිතා සිටියා ය. අසන්යා සමග බොහෝ කුළුපගව කාලය ගත කලත් සුබෝධ ඇත්තටම මිතුරුකමක් ගොඩනංවා ගත්තේ හෝ කිසිම ආකාරයක බැඳීමක් ඇය සමග ඇති කරගත්තේ නැත. ඔහුට ජීවිතයේ මිතුරන් සිටියේ ද නැත. ජීවිතයේ බොහෝ කාලයක් හෙතෙම තනිව ජීවත් විය. මිතුරන් ඇති වී නැති වී යනු ඔහු බොහෝ වරක් දැක තිබුණි. එනිසා අලුතින් සබඳකම් හෝ මිතුරුකම් ඇතිකර ගැනීමට හෙතෙම මැළි විය.

සුබෝධ ට ජීවිතයේ සඟවන්නට බොහෝ දේවල් විය. ඔහුගේ උපතේ සිට මේ දක්වා සියල්ලම කිසිම කෙනෙකුට විස්තර කල නොහැකි සංකීර්ණ සිද්ධි දාමයකි. ඔහු ඉපදුනේ කොහිද, මව පියා කවුරුන්ද, මෙපමණ කල් කලේ කුමක්ද යන්න සමාජයට කෙසේ කියා දෙන්නද යන්න පිළිබඳ ඔහුට වැටහීමක් නොවීය. මීටත් වඩා, බොහෝ දෙනෙකුට ප්රශ්නය වනුයේ කිසිම විදිහකින් උපයාගත් ආකාරය හෝ ලබාගත් ආකාරය පෙන්විය නොහැකි අති විශාල ධනස්කන්දය යි. එසේම ඒ සියල්ල පාලනය වන්නා වූ එකිනෙකට සම්බන්ධයක් නොමැති, විවිධ ක්ෂේත්රවල ක්‍රියාත්මක වන්නා වූ තිහකට වැඩිවූ ආයතන සමූහය යි. කොටින්ම ඒ ඒ ආයතනවල ප්‍රධාන විධායක නිළධාරීන් පවා අයිතිකරු පිළිබඳ දැන සිටියේ නැත. ඒ සියල්ලම වසන් කොට අවශ්‍ය පරිදි තම පාලන කටයුතු ගෙනයාමට සුබෝධ දක්ෂයෙක් විය. ආයතන ඉදිරියේ සිට විධායක නිළධාරීන් ඇත්ත වශයෙන්ම සුබෝධ ගේ ඉත්තන් විය. එහෙත් ඇත්ත වශයෙන්ම තමන්ව පාලනය වන්නේ යන්තම් වයසින් අවුරුදු තිහක් පමණ වන තරුණයෙක් බව ඔවුන් කිසිවෙකුත් හීනෙන් වත් සිතන්නට නැත.

සුබෝධ තම නිදියහනින් නැගිට එළිය පෙනෙනා විසල් වීදුරු කවුලුව වෙත ගියේ ය. බේරේ වැවටත්, කොළඹ කොටුවටත් මායිම්ව අලුතින්ම ඉදිවූ අති නවීන මහල් සංකීර්ණයක තිස් පස්වන මහලේ විශාල නිවාස ඒකකයක් වූ ඔහුගේ නිවසේ කාමර සියල්ලටම වාගේ පිටත අංශක එකසිය විස්සකට ආසන්න පරාසයක් නැරඹිය හැකි පුළුල් ජනේල වලින් සමන්විත විය. මුලු නිවසම වායු සමීකරණය කර තිබුනේ පිටතින් පැමිණෙන හිරු රශ්මියේ සැර ඇතුළට කිසිදු ලෙසකින් නොදැනෙන්නට ය.

ඔහුට මින් අවුරුදු ගණනකට පෙර තමන් ජීවත් වූ අනුරාධපුරයේ නිවස මතක් වීය. එය ඇත්තටම නිවසක් නොවීය. වේලී ගිය පිදුරු වලින් සෙවිල්ලුනු වහලක් සහ මැටියෙන් සහ ගොම වලින් පදම් වූ රළු පොළවකින් සමන්විත කුඩා පැළක් වූ එය, දොළකට මායිම් ව පිහිටි අති විශාල කුඹුක් ගසක් යට පිහිටියේ ය. ඉන්පසු ඔහුට මතක්වූයේ මහනුවරට මදක් ඔබ්බින් කුණ්ඩසාලේ දිවිගෙවූ කුඩා නිවසයි. එසේම ඔහුට කොළඹ කොටුව අසබඩ, මුහුද පෙනෙන මානයේ දිවි ගෙවූ, රළු බදාමයෙන් හැඩවූ කුඩා නිවස ද මතක් වීය. මේ නිවස්නයන් තුන ඔහු දිවි ගෙවූ අනෙක් සියලු ස්ථාන වලට වඩා සුවිශේෂී තැනක් හිමිකර ගත්තේ ය. ඒ ජීවිතය කෙතරම් නිරවුල් වීද? කෙතරම් සරල වීද?

සුබෝධ ට තට්ටු තිස් පහක් පහලින් පණ ගැන් වී එන කොළඹ නගරය පෙනුණි. ක්‍රම ක්‍රමයෙන් නව දවසකට හැඩවෙන කොළඹ නගරයේ, තම ඉරණම තීරණය වන අවසාන දින කීපය අදින් ආරම්භ වනු ඇතැයි ඔහුට සිතුණි. ඇත්ත වශයෙන්ම එය සිදුවූයේ ඊයේ රාත්‍රියේ ය. මේ වන විටත් දඩ බල්ලන් තමන් ගේ අතීතය, කළ කී දේ සොයමින් ඉව ඇල්ලීම ආරම්භ කර ඇත. තව දිනක් හෝ දෙකක් යාමට මත්තෙන් මේ සියල්ල අත හැර ඔහුට පලා යාමට සිදුවනු ඇත.

ඔහුට මෙලෙස පළා යාම නුපුරුදු දෙයක් නොවීය. මීට පෙර කිහිප වතාක්ම ඔහු මෙලෙසින් පළා ගොස් ඇත. එහෙත්, නවීන තාක්ෂණය නිසා එය පෙර මෙන් පහසු ක්‍රියාවක් නොවනු ඇත. කරන්නට රාජකාරී බොහෝමයකි. ගන්නට තීරණ රැසකි. සුබෝධ අවිඥාණිකවම වම් ඇලපතේ වූ පැරණි තුවාල කැළල අතගාන්නට වූයේ බොහෝ කළකට පෙර සිදුවූ ඒ තුවාළයේ වේදනාව තවම දැනෙන්නාක් මෙනි.

[QUOTE="dakshinasd, post: 26496015, member: 82737"] මේ කතාව අවුරුද්දකට විතර කලින් මම ලියපු එකක්. කැමති අය කියවලා බලත්වා!! [CENTER][SIZE=6][B]අ(තී)තරණය [/B][/SIZE][/CENTER] [SIZE=6]උදෑසන හයට නාද වූ ඔරලෝසුවේ නාදය නිසා සුබෝධ අවධි වූයේ තරමක තිගැස්මක් සහිතවය. සාමාන්‍යයෙන් ඔරලෝසුවේ එලාර්ම් එකට පෙර අවධි වන ඔහු අද තරමක් ප්‍රමාද වී අවධි වූයේ පෙරදින නින්දට යන විට මධ්‍යම රාත්රියද පසුවී තිබුන නිසාය. නොයන්නට සිතා සිටි සාදයට සහභාගී වන්නට සිදු වූයේ අසන්යාගේ පෙරැත්ත කිරිමටය. මිට සති තුනකට ප්‍රථමව ඇය විසින් තම පියාගේ මැතිවරණ ජය තහවරු කරනු පිණිස කොළඹ සිටිනා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් උදෙසා සංවිධානය වන්නා වූ මෙම විශේෂ ප්‍රභූ සාදය ගැන පවසන අවස්ථාවේ හෙතෙම තම වෙත ආරාධනයක් ලැබේයැයි සිතුවේ නැත. කොහොමත් මෙවැනි උත්සව වලට සහභාගී වීමට මැලි කමක් දැක් වූ සුබෝධ, විවිධ හේතු කාරණා නිදහසට පවසමින් ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට උත්සහ කලත්, අසන්යා ගේ පෙරැත්ත කිරීම හමුවේ ඊයේ පැවති සාදයට සහභාගී වන්නට සිදුවිය. රටේ විවිධ ආයතන වල හිමිකරුවන් මෙන්ම නොයෙකුත් මාධ්‍ය ආයතන රැසකම නියෝජිතයින් රැසක් සහභාගී වූ සාදය පැවැත්වුනේ තරු පන්තියේ හෝටලයකය. අනේක විධි කෑම පමණක් නොව, විදේශයන්ගෙන් ගෙන්වන ලද නොයෙක් මත්පැන් වලින්ද පොහොසත් වූ එම සාදය රටේ අති විශේෂම පුද්ගලයන්ට පමණක් සීමා වූවක් විය. එවැනි සාදයකට සුබෝධ වැන්නෙකුගේ පැමිණීම කාගේත් කුතුහලයට භාජනය වූයේ බොහෝ දෙනෙක් ඔහුව නොහැඳීම නිසා පමණක් නොවීය. ඔහු අසන්යා එදිරිසූරිය ගේ අමුත්තෙක් ලෙස සාදයට සහභාගී වීම නිසාය. කොටින්ම කිවහොත් මීළඟ අගමැති ලෙස පත්වේයැ යි කැට තබා දිවුරිය හැකි සුනන්ද එදිරිසූරිය ගේ එකම දියණියගේ අමුත්තෙකු වූ නිසාය. ව්‍යාපාරික පුතුන් මෙන්ම තරැණ වියේ සිටි ධනවත් ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගේ උකුසු ඇස් වරින් වර තමා වෙත යොමු වෙනු සුබෝධ ට නොතේරුණා නොවේ. ඒ සියල්ලටම වඩා ඔහුව නොසන්සුන් වූයේ රටේ සිටිනා ප්‍රමුඛතම මාධ්‍යවේදීන් තමා කෙරෙහි අවධානයෙන් සිටිනා බව තේරුණු විටය. අසන්යා ගේ ආරාධනය පිළිගන්නා විට මෙතරම් තත්වය බරපතල එකක් වේ යැයි ඔහු සිතුවේ නැත. ඔහු පුලුවන් තරම් අන් අයගේ අවධානයට ලක් නොවී සිටීමට උත්සාහ කලත් සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් වූයේ අසන්යා තම පියා වෙත ඔහුව හඳුන්වාදුන් විටය. සුනන්ද තම දියණිය විසින් හඳුන්වා දුන් මෙම තරුණයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේ කෘතහස්ත දේශපාලකයෙකු ලෙස තිස් වසරක් ඔහු ලබා තිබූ දේශපාලන පරිචය තුළ ලැබූ ඉව නිසාය. අසන්යා අතරත් මේ තරුණයා අතරත් මිත්‍රකමකට එහා ගිය යම්කිසි සම්බන්ධයක් ඇති බව ඔහුගේ සියුම් ඉවට ක්ෂණිකව දැනී ගියේ ය. අඩුම වශයෙන් අසන්යාගේ පැත්තෙන් වත් එවැන්නක් තිබිය යුතුම යැයි ඔහු තීරණය කළේ සුබෝධ මුණ ගැසී විනාඩි පහක් යන්නට මත්තෙන්ය. ඉතා සුලු කතාබහකින් අනතුරුව සුබෝධ අසන්යා සමගින් වෙනතක් බලා යද්දී සුන්නද තම පෞද්ගලික ආරක්ෂක අංශ ප්‍රධානී විමලවීර වෙත නිහඬව නියෝග කිහිපයක් නිකුත් කලේ කාටවත් නොපෙනෙන ලෙස විමලවීර ගේ අවධානය සුබෝධ වෙත යොමු කරවමින්ය. සුනන්ද කෙතරම් සියුම්ව මෙම නියෝග නිකුත් කළත්, අවුරුදු ගණනාවක් තිස්සේ පුරුදු පුහුණු කළ සුබෝධ ගේ සියුම් ඉඳුරන්ට ඒ පිළිබඳව සඟවන්නට නොහැකි විය. තමා ජීවිතයේ කරගත් ලොකුම මෝඩකම් වලින් එකක් අද දින සිදුකරගත් බව ඔහුට පසක් වන විට හෙතෙම ප්‍රමාද වැඩිය. අසන්යා කෙරෙහි සුබෝධට ඇතිවූයේ නොපහන් හැඟීමකි. ඇයගේ බල කිරීම නොවන්නට ඔහු මෙදින සාදයට සහභාගී වන්නේ නැත. එසේ නොවූවානම් මේ සියල්ල අවුල් වන්නේද නැත. දැන් ඉතින් ඇමති ආරක්ෂක අංශයේ දඩ බල්ලන් රැයක් දවාලක් නොතකා තමා පසුපස ඉව අල්ලනු ඇත. මෙතෙක් කල් නිස්කලංකයේ ගෙවී ගිය ජීවිතය අදින් පසු නොපිට පෙරලෙනු ඇත. කරන්නට දෙයක් නැත. අසන්යා සමග හෝ සුනන්ද සමග තරහ ඇති කරගෙන පලක් නොමැත. අසන්යා තරුණියක් හැසිරෙන සාමාන්‍ය අයුරින් තමාව ඇයගේ පියා වෙත හඳුන්වා දීමට මේ සාදය අවස්ථාවක් කරගත්තා ය. සුනන්ද නියම පියෙකු තම දියණිය ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇයගේ සිත බැඳි තරුණයා පිළිබඳව සොයා බැලීමට අවශ්‍ය විධි විධාන සකස් කලේය. එකම ප්රශ්නය වූයේ අසන්යා අනාගත අගමැතිවරයා ගේ දියණිය වීමත්, සුබෝධ තුළ ඈ කෙරෙහි එවැනි අල්ප මාත්රයකදු හැඟීමක් නොතිබීමත් ය. සුබෝධ ට තමා කෙරෙහිම කෝපයක් ඇතිවිය. අසන්යා තමා කෙරෙහි වැඩිපුර උනන්දු වන බව දැනට මාස කිහිපයක සිට ඔහුට හැඟී තිබුණි. මේ සිදුවීම, තම අත්දැකීම් මත පදනම්ව මීට පෙර හඳුනාගන්න ට ඔහුට හැකිවිය යුතුව තිබුණි. සියල්ල සුලුවෙන් තැකුවා වැඩිය. දැන් ඉතින් අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් ය. අසන්යා හා සුබෝධ ගේ හමුවීම අහඹුවක් ම වීය. කුඩා අවශේෂ සිද්ධියක් හමුවේ දැන ඇඳින ගැනීමට ලැබුණු ඔවුන් දෙදෙනා පසුව මිතුරන් ලෙස ආශ්‍රය කළෝ ය. එහෙත් නැතිනම් අසන්යා එලෙසින් සිතා සිටියා ය. අසන්යා සමග බොහෝ කුළුපගව කාලය ගත කලත් සුබෝධ ඇත්තටම මිතුරුකමක් ගොඩනංවා ගත්තේ හෝ කිසිම ආකාරයක බැඳීමක් ඇය සමග ඇති කරගත්තේ නැත. ඔහුට ජීවිතයේ මිතුරන් සිටියේ ද නැත. ජීවිතයේ බොහෝ කාලයක් හෙතෙම තනිව ජීවත් විය. මිතුරන් ඇති වී නැති වී යනු ඔහු බොහෝ වරක් දැක තිබුණි. එනිසා අලුතින් සබඳකම් හෝ මිතුරුකම් ඇතිකර ගැනීමට හෙතෙම මැළි විය. සුබෝධ ට ජීවිතයේ සඟවන්නට බොහෝ දේවල් විය. ඔහුගේ උපතේ සිට මේ දක්වා සියල්ලම කිසිම කෙනෙකුට විස්තර කල නොහැකි සංකීර්ණ සිද්ධි දාමයකි. ඔහු ඉපදුනේ කොහිද, මව පියා කවුරුන්ද, මෙපමණ කල් කලේ කුමක්ද යන්න සමාජයට කෙසේ කියා දෙන්නද යන්න පිළිබඳ ඔහුට වැටහීමක් නොවීය. මීටත් වඩා, බොහෝ දෙනෙකුට ප්රශ්නය වනුයේ කිසිම විදිහකින් උපයාගත් ආකාරය හෝ ලබාගත් ආකාරය පෙන්විය නොහැකි අති විශාල ධනස්කන්දය යි. එසේම ඒ සියල්ල පාලනය වන්නා වූ එකිනෙකට සම්බන්ධයක් නොමැති, විවිධ ක්ෂේත්රවල ක්‍රියාත්මක වන්නා වූ තිහකට වැඩිවූ ආයතන සමූහය යි. කොටින්ම ඒ ඒ ආයතනවල ප්‍රධාන විධායක නිළධාරීන් පවා අයිතිකරු පිළිබඳ දැන සිටියේ නැත. ඒ සියල්ලම වසන් කොට අවශ්‍ය පරිදි තම පාලන කටයුතු ගෙනයාමට සුබෝධ දක්ෂයෙක් විය. ආයතන ඉදිරියේ සිට විධායක නිළධාරීන් ඇත්ත වශයෙන්ම සුබෝධ ගේ ඉත්තන් විය. එහෙත් ඇත්ත වශයෙන්ම තමන්ව පාලනය වන්නේ යන්තම් වයසින් අවුරුදු තිහක් පමණ වන තරුණයෙක් බව ඔවුන් කිසිවෙකුත් හීනෙන් වත් සිතන්නට නැත. සුබෝධ තම නිදියහනින් නැගිට එළිය පෙනෙනා විසල් වීදුරු කවුලුව වෙත ගියේ ය. බේරේ වැවටත්, කොළඹ කොටුවටත් මායිම්ව අලුතින්ම ඉදිවූ අති නවීන මහල් සංකීර්ණයක තිස් පස්වන මහලේ විශාල නිවාස ඒකකයක් වූ ඔහුගේ නිවසේ කාමර සියල්ලටම වාගේ පිටත අංශක එකසිය විස්සකට ආසන්න පරාසයක් නැරඹිය හැකි පුළුල් ජනේල වලින් සමන්විත විය. මුලු නිවසම වායු සමීකරණය කර තිබුනේ පිටතින් පැමිණෙන හිරු රශ්මියේ සැර ඇතුළට කිසිදු ලෙසකින් නොදැනෙන්නට ය. ඔහුට මින් අවුරුදු ගණනකට පෙර තමන් ජීවත් වූ අනුරාධපුරයේ නිවස මතක් වීය. එය ඇත්තටම නිවසක් නොවීය. වේලී ගිය පිදුරු වලින් සෙවිල්ලුනු වහලක් සහ මැටියෙන් සහ ගොම වලින් පදම් වූ රළු පොළවකින් සමන්විත කුඩා පැළක් වූ එය, දොළකට මායිම් ව පිහිටි අති විශාල කුඹුක් ගසක් යට පිහිටියේ ය. ඉන්පසු ඔහුට මතක්වූයේ මහනුවරට මදක් ඔබ්බින් කුණ්ඩසාලේ දිවිගෙවූ කුඩා නිවසයි. එසේම ඔහුට කොළඹ කොටුව අසබඩ, මුහුද පෙනෙන මානයේ දිවි ගෙවූ, රළු බදාමයෙන් හැඩවූ කුඩා නිවස ද මතක් වීය. මේ නිවස්නයන් තුන ඔහු දිවි ගෙවූ අනෙක් සියලු ස්ථාන වලට වඩා සුවිශේෂී තැනක් හිමිකර ගත්තේ ය. ඒ ජීවිතය කෙතරම් නිරවුල් වීද? කෙතරම් සරල වීද? සුබෝධ ට තට්ටු තිස් පහක් පහලින් පණ ගැන් වී එන කොළඹ නගරය පෙනුණි. ක්‍රම ක්‍රමයෙන් නව දවසකට හැඩවෙන කොළඹ නගරයේ, තම ඉරණම තීරණය වන අවසාන දින කීපය අදින් ආරම්භ වනු ඇතැයි ඔහුට සිතුණි. ඇත්ත වශයෙන්ම එය සිදුවූයේ ඊයේ රාත්‍රියේ ය. මේ වන විටත් දඩ බල්ලන් තමන් ගේ අතීතය, කළ කී දේ සොයමින් ඉව ඇල්ලීම ආරම්භ කර ඇත. තව දිනක් හෝ දෙකක් යාමට මත්තෙන් මේ සියල්ල අත හැර ඔහුට පලා යාමට සිදුවනු ඇත. ඔහුට මෙලෙස පළා යාම නුපුරුදු දෙයක් නොවීය. මීට පෙර කිහිප වතාක්ම ඔහු මෙලෙසින් පළා ගොස් ඇත. එහෙත්, නවීන තාක්ෂණය නිසා එය පෙර මෙන් පහසු ක්‍රියාවක් නොවනු ඇත. කරන්නට රාජකාරී බොහෝමයකි. ගන්නට තීරණ රැසකි. සුබෝධ අවිඥාණිකවම වම් ඇලපතේ වූ පැරණි තුවාල කැළල අතගාන්නට වූයේ බොහෝ කළකට පෙර සිදුවූ ඒ තුවාළයේ වේදනාව තවම දැනෙන්නාක් මෙනි. [/SIZE] [HR][/HR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom