Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
අ(තී)තරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ අසේල රාජෝත්තමයන් අනුරපුර තම රාජධානිය කරගනිමින් ලංකා භූමිය පාලනය කරන සමයයි. ක්‍රම ක්‍රමයෙන් දැඩි වන්නා වූ චෝල ආක්රමණික බලපෑම් හමුවේ අනුරපුරයේ මෙන්ම රට පුරාම රැකවල් දැඩි කර තිබුණි. ප්‍රධාන වශයෙන් මා තොටින් සහ දඹකොළපටුනින් අනවසරයෙන් ගොඩබෑ ආක්රමණිකයින් රටේ තැන් තැන් වල සංවිධානාත්මක අපරාධ ක්‍රියාත්මක කරමින්, මනුෂ්‍ය ඝාතන සිදු කරමින්, ජනතා ධනය කොල්ල කමින් ජනයා බිය වද්දමින් සිටියෝය.

තවමත් හිරු එළිය බිම පෙනෙන්න ට වැටී නැත. උස් වූ තරු අතරින් ළා හිරු රැස් පෙරී ආවත් තාමත් හිමිදිරි යේ සීතල මැකීගොස් නැත. අනුරපුරයත් මා තොටත් යා කරමින් දිවෙන්නා වූ මගෙහි කඩවත් සීමාවේ රැකවල් යෙදී සිටි සුභගේ සෙබළ කණ්ඩය තමන්ගේ රාත්‍රී මුර සේවය නිමාව දකින්නට අනෙකුත් සෙබලුන් පැමිනෙන්නේ දැයි විමසිලිමත් ව තම උදෑසන ආහාරය පිළියෙල කරමින් සිටියෝ ය.

“සුභ සෙන්පති තුමා ඉස්පාසුවක් නැතුව ඇත්තේ ආපහු අනුරපුරේ ට ගොහින් මාතු නගාව බලන්න යන්න” ළිප ළඟ ඇන තබාගෙන එයට දර එකතු කරමින් සිටි අසිත සුභ වෙත ඇසකින් ඉඟි කරමින් කීවේ ය.

“උඹ මගෙන් මැරුම් කන්නද අසිත හදන්නේ බොරු කයි කතන්දර හදලා?” සුභ අසිත වෙත තම අසිපත දිගු කරමින් තර්ජනාත්මක ව පැවසුවත් ඔහුගේ මුවෙහි වූයේ මන්දස්මිතයකි. මාතු පිළිබඳ හදිසියේ අවදි වූ සිතුවිලි නිසා සුභ ගේ සිතට මහත් ආශ්වාදජනක හැඟීමක් දැණුනි.

“සෙන්පතිතුමා කොපමණ නෑ කියලා පරසක්වල ගැහුවත් අපි දන්නවා නොවැ මාතු නගා කොච්චර ඔබතුමාට කොච්චර ඇඟෑලුම් පානවද කියලා… දැන් ඉතින් ඔන්න ඔය කටයුත්ත මාතු නගාගේ අප්පොච්චටත් කතා කරලා අහවරක් කලොත් නරකද?” පසෙකින් වූ භරණ ද කතාවට හවුල් විය.

“මොන කටයුත්තක් අහවර කරන්නද භරණ? ඔන්න ඔය පල් හෑලි කියෝ කියෝ ඉන්නේ නැතුං පොඩ්ඩක් වට පිට විපරම් කරලා බලහං අනිත් කාණ්ඩේ මග එනවද කියලා. අපි දැන් දවස් දෙකක් තිස්සේ මෙතැන ලැග් ගැහිලා යන එන උංගෙන් කරුණු කාරණා විමස විමසා ඉන්නවා. ගෙදර ගෙහුං ඇළ වෙලා නිදාගන්න උවමනාවක් නැද්ද උඹලට?”

සුභ ගේ අණින් උන් තැනින් නැගී සිටි භරණ මදක් ඉදිරියට පියමැන්නේ මග එන්නන් විපරම් කරන්නටය. නමුත් ඔහුට අඩි දෙක තුනකට වඩා යාමට නොහැකි වූයේ අවට වූ ගස් මණ්ඩියකින් මතුවූ අදිසි රූප දෙකක් ඔහු වෙත පිණීමත් සමගම ශරීරයේ බර වාරු නොවූයෙන් බිම ඇද වැටීම නිසාය. සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් ප්‍රථමව මුහුණ වසාගත් එක් පුද්ගලයෙකු ගේ අතේ වූ කිරිච්චිය දෙවතාවක් භරණගේ පපු කුහරය සොයා ගිය අතර, කිසිදු ශබ්දයක් නොහඟවා හෙතෙම සදහටම නිශ්ශබ්ද වීය.

ඒ සමගම සුභ සහ අසිත වෙතද මුහුණ වසා ගත් මිනිසුන් හය දෙනෙකු කඩා පැන්නේ ඔවුන්වද භරණ ගිය මාර්ගයේ යවන්නට ය. නමුත් ඔවුන් දෙදෙනා හට සූදානම් වීමට මදක් ඉඩ ලැබුණු හෙයින් තමා වෙත පිනූ ආක්‍රමණිකයන්ට මුහුණ දීමට ඔවුන්ට හැකි විය.

ඉන්පසු එහි ඇතිවූයේ මාරාන්තික සටනකි. අට දෙනෙකුට එරෙහිව දෙදෙනෙකු විසින් සිදු කළ ලොමු දැහැගැන්වෙන සටනකි. සුභ ඉතා ඉක්මණින් තමා වෙත ආධාර ලැබේයැ යි බලාපොරොත්තු වීය. මන්ද යත් අටදෙනෙකුට එරෙහිව තමුන් දෙදෙනා මේ මුහුණට මුහුණ සිදුකරනා සටනේ අවසානය කුමක් වේදැයි යන්න දැනටම ඔහුට අවබෝධ වී තිබුණු බැවිනි.

මෙම ආක්‍රමණිකයන් සාමාන්‍ය පල් හොරුන් නොවන බව ඔවුන් ආයුධ හැසිරවූ ආකාරයෙන් සුභට සහ අසිතට තේරී ගියෝය. සාමාන්‍ය පල් හොරුන් හෝ මං පහරන්නන් අසංවිධිතය. ඔවුන්ට නියමිත ප්‍රහාරක ක්‍රමවේදයක් නොවීය. නමුත් මොවුන් අටදෙනා ඉතාමත් සංවිධානාත්මකය. තම ආයුධයන් හැසිරවූයේ ඉතාමත් ප්‍රවීනයන් ලෙසය. එකෙක් පසුබානා විට තවෙකෙක් ඉදිරියට පැමිණියේය. ඒ අතරතුර අනෙක් අයවලුන් වට කොට පහර දීමට උත්සාහ කළෝය.

ක්‍රමයෙන් තම ශක්තියද ක්ෂය වී යනු සුභ සෙන්පතිට දැනුණි. ආක්‍රමණිකයන්ගෙන් එල්ල වූ පහර මැඩ පවත්වමින් හෙතෙම ඉදිරි මග බැලුවේ ඔහුට උපකාර සඳහා අනෙක් සෙබල කණ්ඩය පැමිණෙන්නේදැ යි කියාය. එහෙත් ප්‍රාණය නිරුද්ධ වූ භරණ ගේ සිරුර හැරෙන්නට වෙනත් කිසිම අයෙකු ගේ හා හෝවක් ඉදිරි මගෙහි නොවීය.

පිටුපසින් ගෙල හරහා එල්ල වූ මාරාන්තික පහරක් හමුවේ තම සටන් සගයා අප්‍රාණිකව ඇද වැටෙනු සුභ ගේ ඇසි කොණට පෙනුණි. දැන් ඉතිරි තමන් පමණි. මොවුන් අට දෙනා සමග සටන් කර ජය ගැනීම කළ නොහැක්කකි. එහෙත් මිය යන්නේ නම් අඩුම තරමේ කිහිප දෙනෙකුවත් තමන් සමග පරළොව ගෙන යාමට හෙතෙම ඉටා ගත්තේ ය.

මාරාවේශයෙන් ආක්‍රමණිකයන් වෙත පිනූ සුභ සෙන්පති තම කුඩා කිරිච්චිය එක් අයෙකුගේ ඇලපත හරහා බැස්වූයේය. එසැණින් නිදහස් වූ අත් දෙකෙන්ම ඔසවා ගත් අසිපත එසවූ හෙතෙම තවත් අයෙකුගේ හිසට එය පාත් කලේ ඔහුගේ හිස දෙපලු කරමිනි. අසිපත ආක්‍රමණිකයාගේ හිසෙන් වෙන් කරවාගෙන ආපසු හැරෙන විටම තම වම් ඇලපත හරහා සීතල යමක් ශරීරයට ඇතුලු වෙනු ඔහුට දැණුනි. ශක්තිය ක්‍රමයෙන් තමාගෙන් ඉවත් වී යන බව සුභ ට දැණුනි. අඩපණ වූ හෙතෙම පළමුව දණින් වැටුනු අතර තවදුරටත් තම ශරීරයේ බර දරාගත නොහැකි වූ හෙයින් උඩුබැලිව වැටුනේය.

අවසන් වරට තම ඇස් වලින් ඔහුට දැකගත හැකිවූයේ හිමිදිරි උදයේ හිරු කිරණ පෙරී ආ තුරු වියනයි. කිසිවක් සිදු නොවූවාක් මෙන් අවට වනයේ සියොතුන් නගන ගී හඬද ඔහුට ඇසුණි. ක්‍රමයෙන් බොඳව ගිය ඇස් වලින් ඔහුගේ දර්ශන පථය මැකී ගිය අතර සියොතුන්ගේ හඬද නෑසී ගියේ ඔහුව ඝන අන්ධකරායක තනිකරමිනි.

සියොතුන් හඬ නැගීය. ඒ තවත් උදෑසනකි. ඝණ වනයේ අඳුරු අභ්‍යන්තරයේ එක් කොටසක ප්‍රාණය ඉකුත්වූ මළ සිරුරු තුනක් අතු රිකිලි සහ කොළ රොඩු වලින් වසා තිබුණි. ඒ වෙත හෙමි හෙමින් ඇදී ආ බියසුලු වන සතෙක් සෙමින් ඒ මළ සිරුරු ඉව කරන්නට වූයේය. පළමු මළ සිරුරු දෙකම නරක් වී ඕජස ගලමින් තිබුණේ මරණය සිදුවී දින කිහිපයක් යැයි හඟවන්නට ය. මළ සිරුරු දෙකම හඳුනා ගත නොහැකි තරමටම නරක් වී තිබුණ අතර, ඉහඳ පණුවන්ගෙන් පිරී තිබුණි.

මෙම මළසිරුරු දෙකට මදක් ඈතින් වන්නට තිබූ අනෙක් මළ සිරුරේ විශේෂත්වයක් වීය. එය අනෙක් මළ සිරුරු මෙන් නරක් වී තිබුණක් නොවීය. ඇතැම් විට එය ඉතා ළඟකදී මිය ගිය අයෙකුගේ වන්නට ද පුලුවන. වම් ඇලපතෙහි ලේ ගලාගිය විශාල තුවාලයක් වීය.

වනසතා නරක් වූ මළ සිරුරු ඉව කොට පසුව තෙවැනි මළසිරුර වෙත පැමිණියේ කෙමෙන් පාදාන්තයේ සිට හිස දක්වා ඉව කරන්නට විය. කුමක් හෝ නොසන්සුන් ගතියක් ඌගේ ඉවට දැනුණේ නමුදු ඒ කුමක්දැයි හඳුනා ගැනීමට නොහැකි විය. ක්‍රමයෙන් හිස වෙත ඉව කරමින් පැමිණි ඌට දැකගත හැකි වූයේ මෙතෙක් කල් ප්‍රාණයකින් තොරව සිටියා වූ මළ සිරුර ඇස් හැර තමා දෙස බලා සිටින බවය. එසේම මළ සිරුර සාමාන්‍ය මිනිසෙකු මෙන් හුස්ම ගනිමින් සිටියේය. කොටින්ම එය තවදුරටත් මළ සිරුරක් නොවීය. විපරීතව බියෙන් සළිත වී ගිය වන සතා, පිමි දෙකකින් අසළ වූ වනයේ සැඟවී ගියේ ය.

සුභ සෙන්පති තෙමේ මරණයෙන් නැගිට පැමිණ සිටියේ ය.

“සුරඹා… උඹට ඇහුනද අඬබෙර කාරයා යනවා?”

පිළේ වූ වී ටික අහුලමින් යසී ඇසුවාය.

කුඹුරේ වැඩ කරමින් සිට දහවල් ඇඹුලෙන් පසු ආපසු පැමිණි සුරඹා සිටියේ මුවහත් කිරීමට අවැසි වූ ආයුධ කීපයක් කම්මල්කරු වෙත ගෙනයාමට සූදානම් වෙමිනි.

“මේ පරංගිත් එක්ක ගොවි තැනක් බතක් කරගෙන නිස්කාන්සුවේ ඉන්ට අපිට බැරුවා වගෙයි. ආයෙ සැරයක් මුං සෙංකඩගල නගර සීමාවෙ මායිමටම ඇවිල්ලා. මෙදා පොටේ නම් මුන්ට ඉස්පාසුවක් වෙන එකක් නෑ. රාසිං දෙය්යො හොඳටම කෝප අරන් වගේ” සුරඹා ගෙන් පිලිතුරක් නැති තැන යසී කියවාගෙන ගියාය.

“රාසිං දෙයියෝ එක්ක සෙල්ලං කොරන්න වෙන්නේ නැතුං. මේ හැතිකරේ වටේටම බෝ වෙලා කවදහරි රටටම වින කටින්න කලින් අහවරක් කරලා දාන්නොනෙ.” පැළ පිටුපස සිට ඉදිරිපසට එමින් හිංචා ද කතාවට සම්මාදම් විය.

“මට හයිය හත්තිය තිබුණා නම් මාත් එක පයින් සෙංකඩගල දුවනවා. මාතලේ දිසාවේ ඉඳන් මහා ලොකු සේනාවක් සෙංකඩගල පුරේට ඇදෙන ගමන් කියලා මට කනින් කොනින් ඇහුණා. මෙදා පොටේ දෙකෙන් එකක් අහවරක් වෙලයි මේ කෙලිය නවතින්නේ….”

සුරඹා තවදුරටත් කල්පනාවේ යෙදෙමින් තමන් කරමින් සිටි කාරිය කරගෙන ගියේය. ඔහු නළල රැළි කරමින් කල්පනා කරනා විට නොදැනුවත්ම වම් ඇලපතේ වූ තරමක තුවාල කැළල අත ගෑවුනේ ඔහුටද නොදැනුවත්වම ය.

“මුං අපිට කොයිතරම් හදි කෙරුවද? ගම් බිම් කීයක් නම් කියලා මුං ගිනි ලෑවද? තවත් මුංගේ ලේ පිපාසාව සංසිඳිලා නෑනේ… අච්චර රට වටේම ඉඳගෙන රටේ සාරෙ උරාගෙන බීලා තව මදි වෙලා… දැං වෙළ හෙළඳාමකටවත් පහතරට යන්න බෑ මුංගේ හදි කිරිලි… එච්චර කොරලත් තව සෙංකඩගල නුවරටත් මුං බැලුම් දානවා… අම්මපා මගේ හයිය හත්තිය තිබුණා නම් මං යුද්ධෙට යන්නේ එක පයින්”

සුරඹා ආයුධ ටික පිළිවෙලකට ඔතා පසෙකින් තබා මෙතුවක් හිඳ සිටි ඉරියවුවෙන් නැගිට උරෙහි දමා සිටි ලේන්සුව අතට ගෙන නළලේ වූ සිහින් දා බිඳු පිස දැම්මේය. හිංචා වෙත පැමිණි ඔහු නැමී දෙපා වැන්දේ ය.

“මාමා… මම ගෙහුං එන්නම්…”

“උඹ කොයි යනවද?” විස්මයට පත් හිංචා ඇසුවේ කිසිවක් තේරුම් ගත නොහැකිව යසී දෙසද බලමිනි.

“මං සෙංකඩගල යනවා මාමා” සුරඹා යසීගේ ද දෙපා වැන්දේ ය.

“ඒ අහවල් කාරියකටද?”

“අණබෙරකාරයා කියාගෙන ගියේ… යුද්ධෙට යන්න සේනා රැස්වෙනවා… මේ අහල පහළ ගං තුළානේ හයිය හත්තිය තියෙන හැම එකාම ගොහින්. මං විතරක් මෙහේ ඉඳලා මොනා කරන්ටද? ”

“මට කන්ට බොන්ට දීලා රෑට වැටිලා ඉන්න පැල් කොටේ ඉඩදීපු නැන්දටයි මාමටයි තුරුනුවණේ සරණයි. අපි පෙළක් විට ආයේ මුණ ගැහෙන එකක් නැතිවෙයි”

විස්මයට පත්ව සිටිනා හිංචාට වත්, යසීටවත් වචනයකදු දොඩන්නට ඉඩ නොදී සුරඹා මගට බැස්සේ ය. සෙංකඩගල නුවර බලා ඇදෙනා මාර්ගයේ ඔහු ක්‍රමයෙන් ඉදිරියට ගියේ ආපසු නොබලාය. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක පිළිබඳව ඔහු හොඳින් දැන සිටියේ ය. තමන් වරක් හෝ පසුපස හැරී බැලුවේනම් මේ යන්නට යන ගමන අපහසු වන බව ඔහු හොඳාකාරවම දැන සිටියේය.

එහෙත් මේ ගමන යා යුතුමය. ඔහු හිංචා ගේ පැළට පැමිණි පසු සිංහල අවුරුදු පහළවක් ම ගෙවී ගියේය. තවදුරටත් මෙහි රැඳී සිටියහොත් සිදුවන්නේ අතොරක් නොමැති ප්‍රශ්න රාශියකට මුහුණ දීමටය. ඊට වඩා මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන පිටත්ව යාම වඩාත් නුවණැති ක්‍රියාව බව ඔහුට වැටහුණි.

දුම්බර මිටියාවතේ, කුණ්ඩසාලේ නම් ග්‍රාමයට නුදුරුව කුඩා පැල්පතක් ආසන්නයේ සිදුවූ උක්ත සිදුවීමෙන් දින කීපයකට පසු මේලෝ නම් පරංගි කපිතාන් වරයා විසින් මෙහෙයවූ හාරදහසකට ආසන්න හමුදාවක් සෙංකඩගල වැටලීය. එහෙත් ඒ වන විට රජු ද, නුවර වැසියෝ ද උපක්රමශීලීව පසුබැස ගොස් සිටි අතර ආක්‍රමණිකයන්ට හමුවූයේ පාලුවට ගිය නගරයකි. රිසි පරිදි නගරය කොල්ල කෑ පරංගි ආපසු කොළොම් තොට බලා ගමන් ඇරඹීය.

ආපසු ගමනේදී ගන්නෝරුව ආසන්නයේ රජුගේ හමුදාව විසින් පරංගි බල ඇණිය සිවු දෙසින් වැටලූ අතර මහා යුද්ධයක් ඇති විය. හාරදහසකට ආසන්න පිරිසක් මෙහිදී මැරුම් කෑ අතර, ගැලවී යාමට ඉඩ ලැබුණේ පරංගි සොල්දාදුවන් තිස්තුන් දෙනෙකුට සහ කුලී හේවායන් කිහිප දෙනෙකුට පමණි.

[QUOTE="dakshinasd, post: 26496018, member: 82737"] [SIZE=6] ඒ අසේල රාජෝත්තමයන් අනුරපුර තම රාජධානිය කරගනිමින් ලංකා භූමිය පාලනය කරන සමයයි. ක්‍රම ක්‍රමයෙන් දැඩි වන්නා වූ චෝල ආක්රමණික බලපෑම් හමුවේ අනුරපුරයේ මෙන්ම රට පුරාම රැකවල් දැඩි කර තිබුණි. ප්‍රධාන වශයෙන් මා තොටින් සහ දඹකොළපටුනින් අනවසරයෙන් ගොඩබෑ ආක්රමණිකයින් රටේ තැන් තැන් වල සංවිධානාත්මක අපරාධ ක්‍රියාත්මක කරමින්, මනුෂ්‍ය ඝාතන සිදු කරමින්, ජනතා ධනය කොල්ල කමින් ජනයා බිය වද්දමින් සිටියෝය. තවමත් හිරු එළිය බිම පෙනෙන්න ට වැටී නැත. උස් වූ තරු අතරින් ළා හිරු රැස් පෙරී ආවත් තාමත් හිමිදිරි යේ සීතල මැකීගොස් නැත. අනුරපුරයත් මා තොටත් යා කරමින් දිවෙන්නා වූ මගෙහි කඩවත් සීමාවේ රැකවල් යෙදී සිටි සුභගේ සෙබළ කණ්ඩය තමන්ගේ රාත්‍රී මුර සේවය නිමාව දකින්නට අනෙකුත් සෙබලුන් පැමිනෙන්නේ දැයි විමසිලිමත් ව තම උදෑසන ආහාරය පිළියෙල කරමින් සිටියෝ ය. “සුභ සෙන්පති තුමා ඉස්පාසුවක් නැතුව ඇත්තේ ආපහු අනුරපුරේ ට ගොහින් මාතු නගාව බලන්න යන්න” ළිප ළඟ ඇන තබාගෙන එයට දර එකතු කරමින් සිටි අසිත සුභ වෙත ඇසකින් ඉඟි කරමින් කීවේ ය. “උඹ මගෙන් මැරුම් කන්නද අසිත හදන්නේ බොරු කයි කතන්දර හදලා?” සුභ අසිත වෙත තම අසිපත දිගු කරමින් තර්ජනාත්මක ව පැවසුවත් ඔහුගේ මුවෙහි වූයේ මන්දස්මිතයකි. මාතු පිළිබඳ හදිසියේ අවදි වූ සිතුවිලි නිසා සුභ ගේ සිතට මහත් ආශ්වාදජනක හැඟීමක් දැණුනි. “සෙන්පතිතුමා කොපමණ නෑ කියලා පරසක්වල ගැහුවත් අපි දන්නවා නොවැ මාතු නගා කොච්චර ඔබතුමාට කොච්චර ඇඟෑලුම් පානවද කියලා… දැන් ඉතින් ඔන්න ඔය කටයුත්ත මාතු නගාගේ අප්පොච්චටත් කතා කරලා අහවරක් කලොත් නරකද?” පසෙකින් වූ භරණ ද කතාවට හවුල් විය. “මොන කටයුත්තක් අහවර කරන්නද භරණ? ඔන්න ඔය පල් හෑලි කියෝ කියෝ ඉන්නේ නැතුං පොඩ්ඩක් වට පිට විපරම් කරලා බලහං අනිත් කාණ්ඩේ මග එනවද කියලා. අපි දැන් දවස් දෙකක් තිස්සේ මෙතැන ලැග් ගැහිලා යන එන උංගෙන් කරුණු කාරණා විමස විමසා ඉන්නවා. ගෙදර ගෙහුං ඇළ වෙලා නිදාගන්න උවමනාවක් නැද්ද උඹලට?” සුභ ගේ අණින් උන් තැනින් නැගී සිටි භරණ මදක් ඉදිරියට පියමැන්නේ මග එන්නන් විපරම් කරන්නටය. නමුත් ඔහුට අඩි දෙක තුනකට වඩා යාමට නොහැකි වූයේ අවට වූ ගස් මණ්ඩියකින් මතුවූ අදිසි රූප දෙකක් ඔහු වෙත පිණීමත් සමගම ශරීරයේ බර වාරු නොවූයෙන් බිම ඇද වැටීම නිසාය. සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් ප්‍රථමව මුහුණ වසාගත් එක් පුද්ගලයෙකු ගේ අතේ වූ කිරිච්චිය දෙවතාවක් භරණගේ පපු කුහරය සොයා ගිය අතර, කිසිදු ශබ්දයක් නොහඟවා හෙතෙම සදහටම නිශ්ශබ්ද වීය. ඒ සමගම සුභ සහ අසිත වෙතද මුහුණ වසා ගත් මිනිසුන් හය දෙනෙකු කඩා පැන්නේ ඔවුන්වද භරණ ගිය මාර්ගයේ යවන්නට ය. නමුත් ඔවුන් දෙදෙනා හට සූදානම් වීමට මදක් ඉඩ ලැබුණු හෙයින් තමා වෙත පිනූ ආක්‍රමණිකයන්ට මුහුණ දීමට ඔවුන්ට හැකි විය. ඉන්පසු එහි ඇතිවූයේ මාරාන්තික සටනකි. අට දෙනෙකුට එරෙහිව දෙදෙනෙකු විසින් සිදු කළ ලොමු දැහැගැන්වෙන සටනකි. සුභ ඉතා ඉක්මණින් තමා වෙත ආධාර ලැබේයැ යි බලාපොරොත්තු වීය. මන්ද යත් අටදෙනෙකුට එරෙහිව තමුන් දෙදෙනා මේ මුහුණට මුහුණ සිදුකරනා සටනේ අවසානය කුමක් වේදැයි යන්න දැනටම ඔහුට අවබෝධ වී තිබුණු බැවිනි. මෙම ආක්‍රමණිකයන් සාමාන්‍ය පල් හොරුන් නොවන බව ඔවුන් ආයුධ හැසිරවූ ආකාරයෙන් සුභට සහ අසිතට තේරී ගියෝය. සාමාන්‍ය පල් හොරුන් හෝ මං පහරන්නන් අසංවිධිතය. ඔවුන්ට නියමිත ප්‍රහාරක ක්‍රමවේදයක් නොවීය. නමුත් මොවුන් අටදෙනා ඉතාමත් සංවිධානාත්මකය. තම ආයුධයන් හැසිරවූයේ ඉතාමත් ප්‍රවීනයන් ලෙසය. එකෙක් පසුබානා විට තවෙකෙක් ඉදිරියට පැමිණියේය. ඒ අතරතුර අනෙක් අයවලුන් වට කොට පහර දීමට උත්සාහ කළෝය. ක්‍රමයෙන් තම ශක්තියද ක්ෂය වී යනු සුභ සෙන්පතිට දැනුණි. ආක්‍රමණිකයන්ගෙන් එල්ල වූ පහර මැඩ පවත්වමින් හෙතෙම ඉදිරි මග බැලුවේ ඔහුට උපකාර සඳහා අනෙක් සෙබල කණ්ඩය පැමිණෙන්නේදැ යි කියාය. එහෙත් ප්‍රාණය නිරුද්ධ වූ භරණ ගේ සිරුර හැරෙන්නට වෙනත් කිසිම අයෙකු ගේ හා හෝවක් ඉදිරි මගෙහි නොවීය. පිටුපසින් ගෙල හරහා එල්ල වූ මාරාන්තික පහරක් හමුවේ තම සටන් සගයා අප්‍රාණිකව ඇද වැටෙනු සුභ ගේ ඇසි කොණට පෙනුණි. දැන් ඉතිරි තමන් පමණි. මොවුන් අට දෙනා සමග සටන් කර ජය ගැනීම කළ නොහැක්කකි. එහෙත් මිය යන්නේ නම් අඩුම තරමේ කිහිප දෙනෙකුවත් තමන් සමග පරළොව ගෙන යාමට හෙතෙම ඉටා ගත්තේ ය. මාරාවේශයෙන් ආක්‍රමණිකයන් වෙත පිනූ සුභ සෙන්පති තම කුඩා කිරිච්චිය එක් අයෙකුගේ ඇලපත හරහා බැස්වූයේය. එසැණින් නිදහස් වූ අත් දෙකෙන්ම ඔසවා ගත් අසිපත එසවූ හෙතෙම තවත් අයෙකුගේ හිසට එය පාත් කලේ ඔහුගේ හිස දෙපලු කරමිනි. අසිපත ආක්‍රමණිකයාගේ හිසෙන් වෙන් කරවාගෙන ආපසු හැරෙන විටම තම වම් ඇලපත හරහා සීතල යමක් ශරීරයට ඇතුලු වෙනු ඔහුට දැණුනි. ශක්තිය ක්‍රමයෙන් තමාගෙන් ඉවත් වී යන බව සුභ ට දැණුනි. අඩපණ වූ හෙතෙම පළමුව දණින් වැටුනු අතර තවදුරටත් තම ශරීරයේ බර දරාගත නොහැකි වූ හෙයින් උඩුබැලිව වැටුනේය. අවසන් වරට තම ඇස් වලින් ඔහුට දැකගත හැකිවූයේ හිමිදිරි උදයේ හිරු කිරණ පෙරී ආ තුරු වියනයි. කිසිවක් සිදු නොවූවාක් මෙන් අවට වනයේ සියොතුන් නගන ගී හඬද ඔහුට ඇසුණි. ක්‍රමයෙන් බොඳව ගිය ඇස් වලින් ඔහුගේ දර්ශන පථය මැකී ගිය අතර සියොතුන්ගේ හඬද නෑසී ගියේ ඔහුව ඝන අන්ධකරායක තනිකරමිනි. [/SIZE] [HR][/HR] [SIZE=6] සියොතුන් හඬ නැගීය. ඒ තවත් උදෑසනකි. ඝණ වනයේ අඳුරු අභ්‍යන්තරයේ එක් කොටසක ප්‍රාණය ඉකුත්වූ මළ සිරුරු තුනක් අතු රිකිලි සහ කොළ රොඩු වලින් වසා තිබුණි. ඒ වෙත හෙමි හෙමින් ඇදී ආ බියසුලු වන සතෙක් සෙමින් ඒ මළ සිරුරු ඉව කරන්නට වූයේය. පළමු මළ සිරුරු දෙකම නරක් වී ඕජස ගලමින් තිබුණේ මරණය සිදුවී දින කිහිපයක් යැයි හඟවන්නට ය. මළ සිරුරු දෙකම හඳුනා ගත නොහැකි තරමටම නරක් වී තිබුණ අතර, ඉහඳ පණුවන්ගෙන් පිරී තිබුණි. මෙම මළසිරුරු දෙකට මදක් ඈතින් වන්නට තිබූ අනෙක් මළ සිරුරේ විශේෂත්වයක් වීය. එය අනෙක් මළ සිරුරු මෙන් නරක් වී තිබුණක් නොවීය. ඇතැම් විට එය ඉතා ළඟකදී මිය ගිය අයෙකුගේ වන්නට ද පුලුවන. වම් ඇලපතෙහි ලේ ගලාගිය විශාල තුවාලයක් වීය. වනසතා නරක් වූ මළ සිරුරු ඉව කොට පසුව තෙවැනි මළසිරුර වෙත පැමිණියේ කෙමෙන් පාදාන්තයේ සිට හිස දක්වා ඉව කරන්නට විය. කුමක් හෝ නොසන්සුන් ගතියක් ඌගේ ඉවට දැනුණේ නමුදු ඒ කුමක්දැයි හඳුනා ගැනීමට නොහැකි විය. ක්‍රමයෙන් හිස වෙත ඉව කරමින් පැමිණි ඌට දැකගත හැකි වූයේ මෙතෙක් කල් ප්‍රාණයකින් තොරව සිටියා වූ මළ සිරුර ඇස් හැර තමා දෙස බලා සිටින බවය. එසේම මළ සිරුර සාමාන්‍ය මිනිසෙකු මෙන් හුස්ම ගනිමින් සිටියේය. කොටින්ම එය තවදුරටත් මළ සිරුරක් නොවීය. විපරීතව බියෙන් සළිත වී ගිය වන සතා, පිමි දෙකකින් අසළ වූ වනයේ සැඟවී ගියේ ය. සුභ සෙන්පති තෙමේ මරණයෙන් නැගිට පැමිණ සිටියේ ය. [/SIZE] [HR][/HR] [SIZE=6] “සුරඹා… උඹට ඇහුනද අඬබෙර කාරයා යනවා?” පිළේ වූ වී ටික අහුලමින් යසී ඇසුවාය. කුඹුරේ වැඩ කරමින් සිට දහවල් ඇඹුලෙන් පසු ආපසු පැමිණි සුරඹා සිටියේ මුවහත් කිරීමට අවැසි වූ ආයුධ කීපයක් කම්මල්කරු වෙත ගෙනයාමට සූදානම් වෙමිනි. “මේ පරංගිත් එක්ක ගොවි තැනක් බතක් කරගෙන නිස්කාන්සුවේ ඉන්ට අපිට බැරුවා වගෙයි. ආයෙ සැරයක් මුං සෙංකඩගල නගර සීමාවෙ මායිමටම ඇවිල්ලා. මෙදා පොටේ නම් මුන්ට ඉස්පාසුවක් වෙන එකක් නෑ. රාසිං දෙය්යො හොඳටම කෝප අරන් වගේ” සුරඹා ගෙන් පිලිතුරක් නැති තැන යසී කියවාගෙන ගියාය. “රාසිං දෙයියෝ එක්ක සෙල්ලං කොරන්න වෙන්නේ නැතුං. මේ හැතිකරේ වටේටම බෝ වෙලා කවදහරි රටටම වින කටින්න කලින් අහවරක් කරලා දාන්නොනෙ.” පැළ පිටුපස සිට ඉදිරිපසට එමින් හිංචා ද කතාවට සම්මාදම් විය. “මට හයිය හත්තිය තිබුණා නම් මාත් එක පයින් සෙංකඩගල දුවනවා. මාතලේ දිසාවේ ඉඳන් මහා ලොකු සේනාවක් සෙංකඩගල පුරේට ඇදෙන ගමන් කියලා මට කනින් කොනින් ඇහුණා. මෙදා පොටේ දෙකෙන් එකක් අහවරක් වෙලයි මේ කෙලිය නවතින්නේ….” සුරඹා තවදුරටත් කල්පනාවේ යෙදෙමින් තමන් කරමින් සිටි කාරිය කරගෙන ගියේය. ඔහු නළල රැළි කරමින් කල්පනා කරනා විට නොදැනුවත්ම වම් ඇලපතේ වූ තරමක තුවාල කැළල අත ගෑවුනේ ඔහුටද නොදැනුවත්වම ය. “මුං අපිට කොයිතරම් හදි කෙරුවද? ගම් බිම් කීයක් නම් කියලා මුං ගිනි ලෑවද? තවත් මුංගේ ලේ පිපාසාව සංසිඳිලා නෑනේ… අච්චර රට වටේම ඉඳගෙන රටේ සාරෙ උරාගෙන බීලා තව මදි වෙලා… දැං වෙළ හෙළඳාමකටවත් පහතරට යන්න බෑ මුංගේ හදි කිරිලි… එච්චර කොරලත් තව සෙංකඩගල නුවරටත් මුං බැලුම් දානවා… අම්මපා මගේ හයිය හත්තිය තිබුණා නම් මං යුද්ධෙට යන්නේ එක පයින්” සුරඹා ආයුධ ටික පිළිවෙලකට ඔතා පසෙකින් තබා මෙතුවක් හිඳ සිටි ඉරියවුවෙන් නැගිට උරෙහි දමා සිටි ලේන්සුව අතට ගෙන නළලේ වූ සිහින් දා බිඳු පිස දැම්මේය. හිංචා වෙත පැමිණි ඔහු නැමී දෙපා වැන්දේ ය. “මාමා… මම ගෙහුං එන්නම්…” “උඹ කොයි යනවද?” විස්මයට පත් හිංචා ඇසුවේ කිසිවක් තේරුම් ගත නොහැකිව යසී දෙසද බලමිනි. “මං සෙංකඩගල යනවා මාමා” සුරඹා යසීගේ ද දෙපා වැන්දේ ය. “ඒ අහවල් කාරියකටද?” “අණබෙරකාරයා කියාගෙන ගියේ… යුද්ධෙට යන්න සේනා රැස්වෙනවා… මේ අහල පහළ ගං තුළානේ හයිය හත්තිය තියෙන හැම එකාම ගොහින්. මං විතරක් මෙහේ ඉඳලා මොනා කරන්ටද? ” “මට කන්ට බොන්ට දීලා රෑට වැටිලා ඉන්න පැල් කොටේ ඉඩදීපු නැන්දටයි මාමටයි තුරුනුවණේ සරණයි. අපි පෙළක් විට ආයේ මුණ ගැහෙන එකක් නැතිවෙයි” විස්මයට පත්ව සිටිනා හිංචාට වත්, යසීටවත් වචනයකදු දොඩන්නට ඉඩ නොදී සුරඹා මගට බැස්සේ ය. සෙංකඩගල නුවර බලා ඇදෙනා මාර්ගයේ ඔහු ක්‍රමයෙන් ඉදිරියට ගියේ ආපසු නොබලාය. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක පිළිබඳව ඔහු හොඳින් දැන සිටියේ ය. තමන් වරක් හෝ පසුපස හැරී බැලුවේනම් මේ යන්නට යන ගමන අපහසු වන බව ඔහු හොඳාකාරවම දැන සිටියේය. එහෙත් මේ ගමන යා යුතුමය. ඔහු හිංචා ගේ පැළට පැමිණි පසු සිංහල අවුරුදු පහළවක් ම ගෙවී ගියේය. තවදුරටත් මෙහි රැඳී සිටියහොත් සිදුවන්නේ අතොරක් නොමැති ප්‍රශ්න රාශියකට මුහුණ දීමටය. ඊට වඩා මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන පිටත්ව යාම වඩාත් නුවණැති ක්‍රියාව බව ඔහුට වැටහුණි. [/SIZE] [HR][/HR] [SIZE=6] දුම්බර මිටියාවතේ, කුණ්ඩසාලේ නම් ග්‍රාමයට නුදුරුව කුඩා පැල්පතක් ආසන්නයේ සිදුවූ උක්ත සිදුවීමෙන් දින කීපයකට පසු මේලෝ නම් පරංගි කපිතාන් වරයා විසින් මෙහෙයවූ හාරදහසකට ආසන්න හමුදාවක් සෙංකඩගල වැටලීය. එහෙත් ඒ වන විට රජු ද, නුවර වැසියෝ ද උපක්රමශීලීව පසුබැස ගොස් සිටි අතර ආක්‍රමණිකයන්ට හමුවූයේ පාලුවට ගිය නගරයකි. රිසි පරිදි නගරය කොල්ල කෑ පරංගි ආපසු කොළොම් තොට බලා ගමන් ඇරඹීය. ආපසු ගමනේදී ගන්නෝරුව ආසන්නයේ රජුගේ හමුදාව විසින් පරංගි බල ඇණිය සිවු දෙසින් වැටලූ අතර මහා යුද්ධයක් ඇති විය. හාරදහසකට ආසන්න පිරිසක් මෙහිදී මැරුම් කෑ අතර, ගැලවී යාමට ඉඩ ලැබුණේ පරංගි සොල්දාදුවන් තිස්තුන් දෙනෙකුට සහ කුලී හේවායන් කිහිප දෙනෙකුට පමණි. [/SIZE] [HR][/HR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom