Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
අ(තී)තරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටුව පේන තෙක් මානයේ වූ තම නිවසින් එළියට පැමිණි සුභිත, සෙමින් සෙමින් ඉදිරියට ඇදුනේය. එතරම් කලබලයක් නොවූ ඒ උදෑසන ගාලුපාර දිගේ ඇදෙනා බර කරත්ත වලද වූයේ අලස ස්වභාවයකි. ගාල්ල සිට පැමිණෙන අශ්ව කෝච්චියද හෙමි හෙමින් කොටුව දෙසට ඇදුනේ වෙනදා තරම් ඉක්මන් ස්වභාවයකින් තොරවය.

ගාලු පාරෙන් එපිට වූ කුඩා පොල් අතු මණ්ඩිය දිගේ ඉදිරියට ගිය සුභිත, වෙරළ ආසන්නයේ නතර වීය. මෙහි වෙරළ ගල්කිස්සේ තරම් දියනෑමට සුදුසු නොවීය. ඉතා වේගයෙන් පැමිණි රළ පහර වෙරළ හෝදාගෙන යාම වැළක්වීමට යොදා තිබූ කලුගල් වල හැපුනේ සුදෝ සුදු පෙණ කැටි විසිකරමිනි.

උදෑසනම ශරීර ව්‍යායාමය සඳහාත්, හිරු එළියේ ඇවිදීම සඳහාත් ගාලු පාර ආසන්නයේ දිවෙන බිම් තීරුවට පැමිණි බොහෝමයක් දෙනා දැන් දැන් නැවතත් තම තමන්ගේ නිවෙස් වලට යන්නට ගොසිනි. ඔවුන්ගෙන් බහුතරයක් කොටුව හෝ තදාසන්න ආයතන පරිශ්‍ර වල රැකියාව කරනා, කොල්ලුපිටියේ හෝ බම්බලපිටිය ආසන්නයේ පදිංචි සුදු ජාතිකයින් වූහ. ඇතැම් ඉරිදා දිනක කුරුඳුවත්ත, මරදාන වැනි ඈත පළාත් වලින්ද ඔවුහු තම විවේකය ගත කිරීමට හා සතුටු සාමීචියේ යෙදීමට මෙම වෙරළ තීරයට පැමිණෙති.

ක්‍රම ක්‍රමයෙන් හිරු රශ්මිය දැඩිවන්නට වූ බැවින් සුභිත අසල වූ පොල් ගසක් යටට ගියේය. ඒ වටා වූ වඩා උස්නොවූ ගස් මණ්ඩිය සහ වැල්ල වසා පැවති තණ බිස්ස නිසා වූයේ සිසිල් ස්වභාවයකි.

තමා ගාල්ලේ සිට කොළඹට පැමිණ දැනට අවුරුදු හයකට ආසන්න කාලයක් ගතවී ඇතැයි සුභිතට සිතුනි. තව උපරිම අවුරුදු හතරක් හෝ පහක් තමාට මෙහි සිටීමට හැකි වනු ඇත. ඉන්පසු පෙර පරිදිම අලුත් තැනක් සොයා යා යුතුව ඇත. මෙලෙස තැනින් තැනට මාරු වෙමින් යාම ඔහුටම දැන් එපා වෙමින් පවතී. වරෙක ඔහුට සිතුනේ වරාය ට පැමිණෙන නැවක නැගී ලෝකයේ කොහේ හෝ තැනකට යාත්‍රා කර සදහටම මනුෂ්‍ය පථයෙන් වසං වී යෑමටය.

බොහෝ කාලයකට පෙර වරක් ගිංතොට වරායේ වූ අරාබි වෙළඳ නැවකින් හෙතම දිවයිනෙන් පිටත්ව තූර්කියේ කොන්ස්තන්තිනෝපලයටත්, ඉන්පසු මිසරයටත් යාත්‍රා කලේය. අවුරුදු ගණනාවක් එහි ජීවත් වූ සුභිත ට දරුණු උණ රෝගයක් වැළඳුනි. වසංගතයක් මෙන් මුලු මිසරය පුරාම පැතිරී ගිය ඒ උණ රෝගය නිසා අති වීශාල පිරිසකට තම ජීවිත අහිමි විය. අවසානයේ තමන්ගේ කාලය පැමිණ ඇතියි සිතූ ඔහුට නැවතත් මවුරට බලා ඒමට දැඩිව සිත් විය. අධික ලෙඩින් පෙළෙමින් හෙතෙම ඉන්දියාවට යාත්‍රා කරමින් තිබූ වෙළඳ නැවක නැගී මිසරයෙන් පිටත්ව ඉන්දියාවටත්, එතනින් මවුරටටත් පැමිණියේය. නැවත මවුරටට පැමිණ ඉතා සුලු කාලයකින් ඔහු සම්පූර්ණයෙන් සුවපත් වූයේය. ඉන් පසුව කිහිප වරකම් දේශාටන චාරිකාවල නිරත වුනත් හෙතෙම ඇවසානයේ මවුරට වෙතම පැමිණියේ ය.

“සුභී… උඹ ඇවිල්ලා ගොඩක් වෙලාද?” තමාට පසුපසින් ඇසුණ මහළු කටහඬ නිසා සුභිත හිඳ සිටි තැනින් නැගිට්ටේ ඇඳුමේ වූ වැලි ගසාලමින්ය. ඇන්ඩර්සන් මහතා පමණක් නොව එම මහත්මියද පැමිණ සිටින බව දුටු ඔහු තරමක් විශ්මයට පත් විය. ඇන්ඩර්සන් මහත්මිය ඔහු වෙත මද සිනාවක් පෑවාය.

“නෑ මහත්තයා… දැන් ටික වෙලාවක් වෙනවා” සුභිත ද පිළිතුරු දුන්නේ පැහැදිලි ඉංග්‍රීසියෙනි.

“අපි මෙතනින් පොඩ්ඩක් වාඩි වෙමු කොල්ලෝ. ලුසීට යි මටයි උඹට කියන්න දෙයක් තියෙනවා” ඇන්ඩර්සන් මහතා තම බිරියට හෙවන ඇති තැනක වූ කුඩා ගල්පරයක වාඩි වීමට උපකාරී වෙමින් පැවසුවේය.

“උඹ දැන් අපිත් එකක් වැඩකරන්න පටන් ඇරන් අවුරුදු පහළවක් විතර ඇති නේද?”

“එහෙමයි… මං ගාල්ලේ ඉස්ටෝරුවේ වැඩ බලන්නයි මුලින්ම ආවේ..”

ඇන්ඩර්සන් මහතා බිමට නැඹුරු කරගත් හිසකින් යුතුව කල්පනා කරන්නට විය. කිසිදු කතාවක් නැති විනාඩි කිහිපයක් ගියේ වෙරළේ රළ බිඳෙන හඬටත්, ගාලු පාරේ හෙමි හෙමින් ගෑටූ බර කරත්තයක රෝද සද්දයටත් පමණක් ඉඩ දෙමිනි.

“උඹ දන්නවද සුභී මම ඉන්නේ අසනීපෙන්… මගේ මහළු වයසත් එක්ක දැන් එක එක ලෙඩ මතු වෙන්න පටන් අරන්…” ඇන්ඩර්සන් නිහඬතාව බිඳිමින් පැවසුවේය.

“ඒ ඔක්කොටම වඩා මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා… මෙහේ ඉන්න හොඳම දොස්තරවරුන්ටත් පෙන්නුවා මම. ඒත් ඒ හැමදෙනාම කියන්නේ මගේ වයසත් එක්ක මේ ලෙඩේ හොඳ කරන්න බෑ කියලා”

සුභිත කල්පනාකාරීව ඇන්ඩර්සන් දෙස බලා සිටියේය.

“දොස්තරලා දැන් කියන්නේ මේ ලෙඩේ හින්දා මට ආපහු එංගලන්තෙට යන්න කියලා. ලංකාවේ තියෙන මේ කාළගුනය නිසා මගේ අසනීපේ තව වැඩි වෙන්න පුලුවන් කියලා එයාලා කියනවා… ඊටත් වඩා…”

ඇන්ඩර්සන් දිගු හුස්මක් හෙළුවේය.

“දැන් එන්න එන්නම කෝපි වගාව සවුත්තු වේගෙන යනවා. අපේ ලැබෙන ආදායමත් සැළකිය යුතු මට්ටමකින් අඩුවේගෙන යනවා. දැන් උඩරට කෝපි වෙනුවට තේ වවන්න හුඟක් අය කල්පනා කරනවා. ඒක හුඟක් වෙලාවට සාර්ථක වේවි. නමුත්.. දැන් ඒ වෙනුවෙන් මටවත්, නෝනටවත් වෙහෙසෙන්න විදිහක් නෑ.. අපේ කිසිම දෙයක් බලාගන්න දරුවෙක් අපි දෙන්නට නෑ…” ඇන්ඩර්සන් මහත්මිය බිම බලාගත්තාය.

“සුභී… මම ලංකාවට ආවේ කොල්ලා කාලේ. තනි මතේට. දැන් අවුරුදු හතළිහකටත් කලින්.. ඇවිත් හැමදේම මුල ඉඳං පටන් ගත්තා. මම හැදුනේ මේ රටේ. ලුසීව මට හමුවුණේ මේ රටේදි. සල්ලි හොයලා ධනවතෙක් වුනේ මේ රටේදි. ඒත් දැන් මේ ඔක්කොම දාලා ආපහු මවු රටට යන්න වෙලා පුතා… ලුසී විතරක් මාත් එක්ක ආපහු යාවි…” ඇන්ඩර්සන් මහතා කියවාගෙන ගියේය.

“සුභී… අපි කැමතියි යනකොට අපි මෙතෙක් කල් හොයපු සේරම දේවල් උඹ වෙනුවෙන් දීල යන්න. අපිට ගෙනියන්න දේවල් නෑ පුතා. උඹ මේ රටේ එකෙක් වෙලත් අපි දෙන්න ගේ තනි නොතනියට හැම වෙලේම හිටියා. විස්වාසවන්ත මිතුරෙක් වුනා. කොටින්ම අපේ උන්ට වඩා මං උඹව විස්වාස කරනවා…”

“මං මේ හැමදේම ලුසී එක්ක කතා කරලා තීරණයකට ආවේ. අවශ්‍ය සියලුම නීති කටයුතු මම සිද්ද කරලා තියෙන්නේ. උඹට ඉක්මණට ඒ දේවල් ගැන දැනගන්න ලැබේවි. එංගලන්තේ අපේ ජීවිතේට අවශ්‍ය වෙන සුලු මුදලක් ඇරෙන්න අනිත් සියලුම වත්කම් උඹේ නමට හරවලා මම යන්නේ… මට උඹේ ස්තූතියක් එපා පුතා. දරුවෝ නැති අපිව මේ රටේ ඉද්දි බලාගත්තේ උඹ. ඒ වගේම උඹ හොඳ එකෙක්. මේ සියල්ල උඹ උපයා ගත්ත දේවල්….”

සුභිත සියල්ලම අසා සිටියේ වචනයකුදු නොදොඩාය. ඔහුගේ වම් ඇලපතෙහි වූ තුවාල කැළල රිදෙන්නට වූයේ හිතේ වූ ශෝකය ඉන් පිට දමන්නාක් මෙනි. හෙතෙම හෙමින් සැරේ එය පිරි මැද්දේ අවිඤාණිකවම ය.

“මට උඹටත් අපිත් එක්ක ආපහු යන්න එන්න කියන්න හිතුනා. ඒත් මං දන්නවා උඹ කවමදාකවත් ලංකාව දාලා යන්නේ නෑ කියලා. ඒ වගේම අපේ අවසාන කාලේ උඹට බරක් වෙන්න කැමතිත් නෑ මම…”

“පරිස්සමින් මේ දේවල් බලා ගනින්. උඹට හොඳට දියුණු වෙන්න පුලුවන් එකෙක්. සල්ලි බුද්ධිමත්ව ආයෝජනය කරපන්. අවසාන වශයෙන් අපි දෙන්නා වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරපන් පුතා…” ඇන්ඩර්සන් අවසාන වශයෙන් කීවේ සුභිත ගේ දෙවුර අල්වා ගෙනය.

සුබෝධ තමන්ට අවශ්‍ය වේයැයි සිතුන සියලු දේම හවස් වන විට නිවසින් පිට කර තිබුණි. ඇත්ත වශයෙන්ම ඔහුගේ බඩු බාණ්ඩ කියා එතරම් දෙයක් තිබුණේ නැත. අවසන් වරටත් නිවසේ ගබඩා කාමරය පරීක්ෂා කොට එහි තිබූ අන්තිම බඩු කිහිපය පෙට්ටි වලට බහාලමින් සිටියේය.

අනුරාධපුරයට යුගයට අයත් ඇත් රුවක් කැටයම් කළ මාල පළඳනාවක් සහ රිදී ආභරණ කිහිපයක්, මහනුවර යුගයට අයත් වූ වැඩ දැමූ කුඩා කිණිස්සක්, රන් මාලයක් සහ පුස්කොළපොත් කිහිපයක් සහ තවත් විවිධ යුගවලට අයත් විවිධ භාණ්ඩ කිහිපයක් අවසාන පෙට්ටියට දැමූ සුබෝධ තමාට මගහැරුණු යමක් වීදැයි වටපිට බැලුවේය. ගබඩා කාමරයේ මුල්ලට වන්නට තබා තිබූ කුඩා ස්පිනික්ස් ප්‍රතිමාවේ අනුරුවද, කොන්සතන්තිනෝපලයේදී තමන් මිළට කුඩා රිදීමුවා මංජුසාවද ඔහුගේ නෙතු ගැටුණි. ස්පිිනික්ස් ප්‍රතිමාව ඔහු මිසරයේ ජීවත් වන කාලයේ දැන හඳුනාගත් මිසර රාජකීය පවුලට නෑකම් කියන්නෙකුගෙන් තෑගි ලැබුණක් වීය. ඒ භාණ්ඩ දෙකද පෙට්ටියේ පරිස්සමින් ඇසිරූ හෙතෙම එය වසා මුද්‍රා තැබුවේය. අවසානයේ පරිගණකයෙන් මුද්‍රණය කළ ලිපිනයක් එහි ඇලෙව්වේය.

“ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය, කොළඹ 07”

මාස කිහිපයනකට පසුව පරිගණකයෙන් මුද්‍රණය කරන ලද ඉතා කුඩා ලිපියක් අසන්යා වෙත ලැබුණි. එය එවා තිබුණේ ඇයෙග් කාර්යාලයට ලැබෙන පරිදිය.

අනුරාධපුරයෙන් කිලෝමීටර හතළිහක් පමණ වන්නට දුරින් විල්පත්තුව රක්ෂිතයට මායිම්ව පිහිටි යකටුව විද්‍යාලයේ විදුහල්පතිතුමා තම රාජකාරී මේසය මත වූ ලිපිය නැවත වරක් අතට ගෙන කියවීය.

“… ඔබ විද්‍යාලයේ පවතින අඩුපාඩු සළකා බලා ඉංග්‍රීසි සහ ඉතිහාසය විෂය ඉගැන්වීම පිණිස නව ගුරු භවතෙකු මේ මස 17 වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබගේ විද්‍යාලයට අනුයුක්ත කර ඇති බව සතුටින් දන්වා සිටිමි. නව ගුරුභවතා වන සුභාග මහවිතාරණ මහතා මේ මස 17 වන දින හෝ ඊට ප්‍රථම දිනක ඔබ වෙත වාර්තා කරනු ඇත. ඔහු වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි”

[QUOTE="dakshinasd, post: 26496022, member: 82737"] [SIZE=6] කොළඹ කොටුව පේන තෙක් මානයේ වූ තම නිවසින් එළියට පැමිණි සුභිත, සෙමින් සෙමින් ඉදිරියට ඇදුනේය. එතරම් කලබලයක් නොවූ ඒ උදෑසන ගාලුපාර දිගේ ඇදෙනා බර කරත්ත වලද වූයේ අලස ස්වභාවයකි. ගාල්ල සිට පැමිණෙන අශ්ව කෝච්චියද හෙමි හෙමින් කොටුව දෙසට ඇදුනේ වෙනදා තරම් ඉක්මන් ස්වභාවයකින් තොරවය. ගාලු පාරෙන් එපිට වූ කුඩා පොල් අතු මණ්ඩිය දිගේ ඉදිරියට ගිය සුභිත, වෙරළ ආසන්නයේ නතර වීය. මෙහි වෙරළ ගල්කිස්සේ තරම් දියනෑමට සුදුසු නොවීය. ඉතා වේගයෙන් පැමිණි රළ පහර වෙරළ හෝදාගෙන යාම වැළක්වීමට යොදා තිබූ කලුගල් වල හැපුනේ සුදෝ සුදු පෙණ කැටි විසිකරමිනි. උදෑසනම ශරීර ව්‍යායාමය සඳහාත්, හිරු එළියේ ඇවිදීම සඳහාත් ගාලු පාර ආසන්නයේ දිවෙන බිම් තීරුවට පැමිණි බොහෝමයක් දෙනා දැන් දැන් නැවතත් තම තමන්ගේ නිවෙස් වලට යන්නට ගොසිනි. ඔවුන්ගෙන් බහුතරයක් කොටුව හෝ තදාසන්න ආයතන පරිශ්‍ර වල රැකියාව කරනා, කොල්ලුපිටියේ හෝ බම්බලපිටිය ආසන්නයේ පදිංචි සුදු ජාතිකයින් වූහ. ඇතැම් ඉරිදා දිනක කුරුඳුවත්ත, මරදාන වැනි ඈත පළාත් වලින්ද ඔවුහු තම විවේකය ගත කිරීමට හා සතුටු සාමීචියේ යෙදීමට මෙම වෙරළ තීරයට පැමිණෙති. ක්‍රම ක්‍රමයෙන් හිරු රශ්මිය දැඩිවන්නට වූ බැවින් සුභිත අසල වූ පොල් ගසක් යටට ගියේය. ඒ වටා වූ වඩා උස්නොවූ ගස් මණ්ඩිය සහ වැල්ල වසා පැවති තණ බිස්ස නිසා වූයේ සිසිල් ස්වභාවයකි. තමා ගාල්ලේ සිට කොළඹට පැමිණ දැනට අවුරුදු හයකට ආසන්න කාලයක් ගතවී ඇතැයි සුභිතට සිතුනි. තව උපරිම අවුරුදු හතරක් හෝ පහක් තමාට මෙහි සිටීමට හැකි වනු ඇත. ඉන්පසු පෙර පරිදිම අලුත් තැනක් සොයා යා යුතුව ඇත. මෙලෙස තැනින් තැනට මාරු වෙමින් යාම ඔහුටම දැන් එපා වෙමින් පවතී. වරෙක ඔහුට සිතුනේ වරාය ට පැමිණෙන නැවක නැගී ලෝකයේ කොහේ හෝ තැනකට යාත්‍රා කර සදහටම මනුෂ්‍ය පථයෙන් වසං වී යෑමටය. බොහෝ කාලයකට පෙර වරක් ගිංතොට වරායේ වූ අරාබි වෙළඳ නැවකින් හෙතම දිවයිනෙන් පිටත්ව තූර්කියේ කොන්ස්තන්තිනෝපලයටත්, ඉන්පසු මිසරයටත් යාත්‍රා කලේය. අවුරුදු ගණනාවක් එහි ජීවත් වූ සුභිත ට දරුණු උණ රෝගයක් වැළඳුනි. වසංගතයක් මෙන් මුලු මිසරය පුරාම පැතිරී ගිය ඒ උණ රෝගය නිසා අති වීශාල පිරිසකට තම ජීවිත අහිමි විය. අවසානයේ තමන්ගේ කාලය පැමිණ ඇතියි සිතූ ඔහුට නැවතත් මවුරට බලා ඒමට දැඩිව සිත් විය. අධික ලෙඩින් පෙළෙමින් හෙතෙම ඉන්දියාවට යාත්‍රා කරමින් තිබූ වෙළඳ නැවක නැගී මිසරයෙන් පිටත්ව ඉන්දියාවටත්, එතනින් මවුරටටත් පැමිණියේය. නැවත මවුරටට පැමිණ ඉතා සුලු කාලයකින් ඔහු සම්පූර්ණයෙන් සුවපත් වූයේය. ඉන් පසුව කිහිප වරකම් දේශාටන චාරිකාවල නිරත වුනත් හෙතෙම ඇවසානයේ මවුරට වෙතම පැමිණියේ ය. “සුභී… උඹ ඇවිල්ලා ගොඩක් වෙලාද?” තමාට පසුපසින් ඇසුණ මහළු කටහඬ නිසා සුභිත හිඳ සිටි තැනින් නැගිට්ටේ ඇඳුමේ වූ වැලි ගසාලමින්ය. ඇන්ඩර්සන් මහතා පමණක් නොව එම මහත්මියද පැමිණ සිටින බව දුටු ඔහු තරමක් විශ්මයට පත් විය. ඇන්ඩර්සන් මහත්මිය ඔහු වෙත මද සිනාවක් පෑවාය. “නෑ මහත්තයා… දැන් ටික වෙලාවක් වෙනවා” සුභිත ද පිළිතුරු දුන්නේ පැහැදිලි ඉංග්‍රීසියෙනි. “අපි මෙතනින් පොඩ්ඩක් වාඩි වෙමු කොල්ලෝ. ලුසීට යි මටයි උඹට කියන්න දෙයක් තියෙනවා” ඇන්ඩර්සන් මහතා තම බිරියට හෙවන ඇති තැනක වූ කුඩා ගල්පරයක වාඩි වීමට උපකාරී වෙමින් පැවසුවේය. “උඹ දැන් අපිත් එකක් වැඩකරන්න පටන් ඇරන් අවුරුදු පහළවක් විතර ඇති නේද?” “එහෙමයි… මං ගාල්ලේ ඉස්ටෝරුවේ වැඩ බලන්නයි මුලින්ම ආවේ..” ඇන්ඩර්සන් මහතා බිමට නැඹුරු කරගත් හිසකින් යුතුව කල්පනා කරන්නට විය. කිසිදු කතාවක් නැති විනාඩි කිහිපයක් ගියේ වෙරළේ රළ බිඳෙන හඬටත්, ගාලු පාරේ හෙමි හෙමින් ගෑටූ බර කරත්තයක රෝද සද්දයටත් පමණක් ඉඩ දෙමිනි. “උඹ දන්නවද සුභී මම ඉන්නේ අසනීපෙන්… මගේ මහළු වයසත් එක්ක දැන් එක එක ලෙඩ මතු වෙන්න පටන් අරන්…” ඇන්ඩර්සන් නිහඬතාව බිඳිමින් පැවසුවේය. “ඒ ඔක්කොටම වඩා මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා… මෙහේ ඉන්න හොඳම දොස්තරවරුන්ටත් පෙන්නුවා මම. ඒත් ඒ හැමදෙනාම කියන්නේ මගේ වයසත් එක්ක මේ ලෙඩේ හොඳ කරන්න බෑ කියලා” සුභිත කල්පනාකාරීව ඇන්ඩර්සන් දෙස බලා සිටියේය. “දොස්තරලා දැන් කියන්නේ මේ ලෙඩේ හින්දා මට ආපහු එංගලන්තෙට යන්න කියලා. ලංකාවේ තියෙන මේ කාළගුනය නිසා මගේ අසනීපේ තව වැඩි වෙන්න පුලුවන් කියලා එයාලා කියනවා… ඊටත් වඩා…” ඇන්ඩර්සන් දිගු හුස්මක් හෙළුවේය. “දැන් එන්න එන්නම කෝපි වගාව සවුත්තු වේගෙන යනවා. අපේ ලැබෙන ආදායමත් සැළකිය යුතු මට්ටමකින් අඩුවේගෙන යනවා. දැන් උඩරට කෝපි වෙනුවට තේ වවන්න හුඟක් අය කල්පනා කරනවා. ඒක හුඟක් වෙලාවට සාර්ථක වේවි. නමුත්.. දැන් ඒ වෙනුවෙන් මටවත්, නෝනටවත් වෙහෙසෙන්න විදිහක් නෑ.. අපේ කිසිම දෙයක් බලාගන්න දරුවෙක් අපි දෙන්නට නෑ…” ඇන්ඩර්සන් මහත්මිය බිම බලාගත්තාය. “සුභී… මම ලංකාවට ආවේ කොල්ලා කාලේ. තනි මතේට. දැන් අවුරුදු හතළිහකටත් කලින්.. ඇවිත් හැමදේම මුල ඉඳං පටන් ගත්තා. මම හැදුනේ මේ රටේ. ලුසීව මට හමුවුණේ මේ රටේදි. සල්ලි හොයලා ධනවතෙක් වුනේ මේ රටේදි. ඒත් දැන් මේ ඔක්කොම දාලා ආපහු මවු රටට යන්න වෙලා පුතා… ලුසී විතරක් මාත් එක්ක ආපහු යාවි…” ඇන්ඩර්සන් මහතා කියවාගෙන ගියේය. “සුභී… අපි කැමතියි යනකොට අපි මෙතෙක් කල් හොයපු සේරම දේවල් උඹ වෙනුවෙන් දීල යන්න. අපිට ගෙනියන්න දේවල් නෑ පුතා. උඹ මේ රටේ එකෙක් වෙලත් අපි දෙන්න ගේ තනි නොතනියට හැම වෙලේම හිටියා. විස්වාසවන්ත මිතුරෙක් වුනා. කොටින්ම අපේ උන්ට වඩා මං උඹව විස්වාස කරනවා…” “මං මේ හැමදේම ලුසී එක්ක කතා කරලා තීරණයකට ආවේ. අවශ්‍ය සියලුම නීති කටයුතු මම සිද්ද කරලා තියෙන්නේ. උඹට ඉක්මණට ඒ දේවල් ගැන දැනගන්න ලැබේවි. එංගලන්තේ අපේ ජීවිතේට අවශ්‍ය වෙන සුලු මුදලක් ඇරෙන්න අනිත් සියලුම වත්කම් උඹේ නමට හරවලා මම යන්නේ… මට උඹේ ස්තූතියක් එපා පුතා. දරුවෝ නැති අපිව මේ රටේ ඉද්දි බලාගත්තේ උඹ. ඒ වගේම උඹ හොඳ එකෙක්. මේ සියල්ල උඹ උපයා ගත්ත දේවල්….” සුභිත සියල්ලම අසා සිටියේ වචනයකුදු නොදොඩාය. ඔහුගේ වම් ඇලපතෙහි වූ තුවාල කැළල රිදෙන්නට වූයේ හිතේ වූ ශෝකය ඉන් පිට දමන්නාක් මෙනි. හෙතෙම හෙමින් සැරේ එය පිරි මැද්දේ අවිඤාණිකවම ය. “මට උඹටත් අපිත් එක්ක ආපහු යන්න එන්න කියන්න හිතුනා. ඒත් මං දන්නවා උඹ කවමදාකවත් ලංකාව දාලා යන්නේ නෑ කියලා. ඒ වගේම අපේ අවසාන කාලේ උඹට බරක් වෙන්න කැමතිත් නෑ මම…” “පරිස්සමින් මේ දේවල් බලා ගනින්. උඹට හොඳට දියුණු වෙන්න පුලුවන් එකෙක්. සල්ලි බුද්ධිමත්ව ආයෝජනය කරපන්. අවසාන වශයෙන් අපි දෙන්නා වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරපන් පුතා…” ඇන්ඩර්සන් අවසාන වශයෙන් කීවේ සුභිත ගේ දෙවුර අල්වා ගෙනය. [/SIZE] [HR][/HR] [SIZE=6] සුබෝධ තමන්ට අවශ්‍ය වේයැයි සිතුන සියලු දේම හවස් වන විට නිවසින් පිට කර තිබුණි. ඇත්ත වශයෙන්ම ඔහුගේ බඩු බාණ්ඩ කියා එතරම් දෙයක් තිබුණේ නැත. අවසන් වරටත් නිවසේ ගබඩා කාමරය පරීක්ෂා කොට එහි තිබූ අන්තිම බඩු කිහිපය පෙට්ටි වලට බහාලමින් සිටියේය. අනුරාධපුරයට යුගයට අයත් ඇත් රුවක් කැටයම් කළ මාල පළඳනාවක් සහ රිදී ආභරණ කිහිපයක්, මහනුවර යුගයට අයත් වූ වැඩ දැමූ කුඩා කිණිස්සක්, රන් මාලයක් සහ පුස්කොළපොත් කිහිපයක් සහ තවත් විවිධ යුගවලට අයත් විවිධ භාණ්ඩ කිහිපයක් අවසාන පෙට්ටියට දැමූ සුබෝධ තමාට මගහැරුණු යමක් වීදැයි වටපිට බැලුවේය. ගබඩා කාමරයේ මුල්ලට වන්නට තබා තිබූ කුඩා ස්පිනික්ස් ප්‍රතිමාවේ අනුරුවද, කොන්සතන්තිනෝපලයේදී තමන් මිළට කුඩා රිදීමුවා මංජුසාවද ඔහුගේ නෙතු ගැටුණි. ස්පිිනික්ස් ප්‍රතිමාව ඔහු මිසරයේ ජීවත් වන කාලයේ දැන හඳුනාගත් මිසර රාජකීය පවුලට නෑකම් කියන්නෙකුගෙන් තෑගි ලැබුණක් වීය. ඒ භාණ්ඩ දෙකද පෙට්ටියේ පරිස්සමින් ඇසිරූ හෙතෙම එය වසා මුද්‍රා තැබුවේය. අවසානයේ පරිගණකයෙන් මුද්‍රණය කළ ලිපිනයක් එහි ඇලෙව්වේය. “ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය, කොළඹ 07” මාස කිහිපයනකට පසුව පරිගණකයෙන් මුද්‍රණය කරන ලද ඉතා කුඩා ලිපියක් අසන්යා වෙත ලැබුණි. එය එවා තිබුණේ ඇයෙග් කාර්යාලයට ලැබෙන පරිදිය. [/SIZE] [SIZE=6] අනුරාධපුරයෙන් කිලෝමීටර හතළිහක් පමණ වන්නට දුරින් විල්පත්තුව රක්ෂිතයට මායිම්ව පිහිටි යකටුව විද්‍යාලයේ විදුහල්පතිතුමා තම රාජකාරී මේසය මත වූ ලිපිය නැවත වරක් අතට ගෙන කියවීය. “… ඔබ විද්‍යාලයේ පවතින අඩුපාඩු සළකා බලා ඉංග්‍රීසි සහ ඉතිහාසය විෂය ඉගැන්වීම පිණිස නව ගුරු භවතෙකු මේ මස 17 වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබගේ විද්‍යාලයට අනුයුක්ත කර ඇති බව සතුටින් දන්වා සිටිමි. නව ගුරුභවතා වන සුභාග මහවිතාරණ මහතා මේ මස 17 වන දින හෝ ඊට ප්‍රථම දිනක ඔබ වෙත වාර්තා කරනු ඇත. ඔහු වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom