Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගන්තුකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගන්තුකයෝ

අපට යළිත් කිසි ම දිනෙක අභ්‍යවකාශ ගමන්වල යෙදෙන්නට ලැබෙන්නේ නැත. එපමණක් නො ව පිටසක්වළ ජීවීන් කිසිවකුත් මින්පසු පෘථිවියේ පස් පාගන්නේ වත් නැත. එහි වැරැද්ද බාට් කැමරන් අත ය. කතාව කීමට පෙර කැමරන් යනු කවරකු දැයි ඔබට කියා දීම මගේ යුතුකමයි.

ඔහු ට්වින් ගල්ව්හි ගම්පතියා ය. මම ඔහු ගේ දෙවැනියා වීමි. කැමරන් ඉවසීමක් නැති මිනිසෙකි. ඔහු වඩාත් ම නොඉවසිලිවන්ත වන්නේ ඔහු ගේ ආදායම් බදු වාර්තාව සකසන විට දී ය.

ගම්පතිකමට අමතර ව කැමරන්ට සිල්ලර කඩයක් ද, බැටලු ගොවිපළක සුළු අයිතියක් ද තිබේ. එමෙන් ම ආබාධිත රණවිරුවකු වීම හේතුවෙන් රජයෙන් ලැබෙන විශ්‍රාම වැටුපක් ද, තවත් හෙළි කරන්නට අකැමැති සුළු රැකියා කිහිපයක් ද ඔහු ගේ ආදායම් මාර්ග අතර වේ. කැමරන් ගේ ආදායම් බදු කටයුතු වඩාත් සංකීර්ණ වන්නේ ඒ නිසා ය.

කැමරන් මේ වැඩ කටයුතු ආදායම් බදු විශේෂඥයකුට පැවරූයේ නම් තත්ත්වය මෙතරම් දරුණු නො වනු ඇත. එහෙත් ඔහු එවැන්නකට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.

මේ කියන අප්‍රේල් දහ හතර වැනි දා ඔහු ආදායම් වැඩවලින් හොඳට ම හෙම්බත් වී සිටි දිනයකි.

පා වන පීරිසිය ට්වින් ගල්ව්වලට ගොඩබැස්සේත් අප්‍රේල් දහ හතර වැනි දා ම වීම දෛවෝපගත සිද්ධියකි.

මම එය ගොඩබසිනවා දුටුවෙමි.

මගේ පුටුව තිබෙන්නේ ගම්පති කාර්යාලයේ ඉදිරිපස ආලින්දයේ ය. කැමරන් ආදායම් බදු දත්ත වාර්තාවේ ගිලී සිටියේ ය. ඔහු නිරතුරු ව මට කරන සාප කිරීම්වලින් ඒ වන විට මා සිටියේ හොඳට ම තෙහෙට්ටුවට පත් වී ය.

එය මුලින් ම දිස් වූයේ උල්කාපාතයක ආකාරයට ය. පසුව ආලෝක ධාරා වඩාත් පුළුල් වූ අතර, රොකට් එන්ජින් දෙකකින් දුම් විදින්නට පටන්ගත්තේ ය. එහි බඳින් විහිදුණු සිහින් දිගු පාද ඉතා ම ම සුමුදු ලෙස පොළොව සිපගත්තේ ය. වියළි කොළයක් බිමට වැටෙන විට පවා ඊට වැඩි ශබ්දයක් පිට වනු නිසැක ය.

මිනිස්සු දෙදෙනෙක් ඉන් පිටතට පැමිණියෝ ය.

මට කිසිවක් කියන්නට හෝ කරන්නට වෙලාවක් තිබුණේ නැත.

අඩු ම තරමින් ඇස් පිස දමා බලන්නට වත් කල්පනාවක් තිබුණේ නැත. මම එතැන ම වාඩි වී ගල් වූවාක් මෙන් සිටියෙමි.

කැමරන් මේ කිසිවක් දුටුවේ වත්, ඇසුවේ වත් නැත. පා වන පීරිසියෙන් බැසගත් මිනිස්සු හෙමින් හෙමින් ගෙට ගොඩ වූ හ.

ඔවුන් පැමිණියේ පා වන පීරිසියකින් බව නො දුටුවේ නම් මා නිසැකයෙන් ම සිතනුයේ ඔවුන් සිදාදියෙන් පැමිණි ගැටයන් දෙදෙනකු කියා ය.

ඔවුන් හැඳ සිටියේ තද කළු පැහැති කලිසම් කෝට් ය. එයට ම ගැළපෙන කදිම සපත්තුවලින් දෙපා සැරසී තිබුණු අතර ඔවුහු හිසට උස් කළු තොප්පි පැළඳගෙන සිටිය හ. ඔවුන් ගේ සම තරමක් අඳුරු පැහැති ය. දුඹුරු පැහැති, එහෙත් කාන්තිමත් ඇස්, ඔවුන් ගේ බුද්ධිමත්භාවය මොනවට ප්‍රදර්ශනය කළේ ය.

ආගන්තුකයන් දෙදෙනා ගේ ම මුහුණුවල සටහන් වූයේ බැරෑරැම් පෙනුමකි. හරියට ම රජයේ නිලධාරියකු තමන් යටතේ පවතින කන්තෝරුවක් පරීක්ෂා කරන්නට යන විට මුහුණට ආරුඪ කරගන්නා ආකාරයේ පෙනුමකි.

ඔවුන් ගෙන් එකකු අඩි පහයි අඟල් දහයක් පමණ උස ඇත. අපට බොහෝ ම සමාන ය.

මට මහත් බියක් දැනුණේ ය.

එහෙත් කැමරන් ආගන්තුකයන් දෙදෙනා දෙස බලා සුපුරුදු ලෙසට විරිත්තුවේ ය. ඔහු තම කාර්යාලයට ඇතුළු වන ඕනෑ ම කෙනකුට ආචාර කරන්නේ මේ ආකාරයෙනි.

"මගෙන් මොනව ද කෙරෙන්න ඕන?"

ඔහු ඇසුවේ මේසය මත තිබූ පෝරම කොළ ගොඩට අතින් තට්ටු කරමිනි. එයින් කියෑවුණේ ඔහුට නාස්ති කරන්න වේලාවක් නැති බවයි.

එක් අමුත්තෙක් ඉදිරියට ගියේ ය.

"අපි ඔබ ගේ මිනිස්සු ගැන කාලයක් තිස්සේ සෝදිසියෙන් ඉන්නවා." අමුත්තා වචන උච්චාරණය කළේ තෝරා බේරාගෙන ඉතා ම සීරුවෙනි.

"මගේ මිනිස්සු? මට ඉන්නේ බිරිඳක් විතරයි. ඇයි මොකද.... මොනව ද එයා කළේ?"

"අපි මේ ප්‍රදේශයේ තියන නිසංසල පරිසරයට කැමැතියි. ඒක නිසයි මේ ප්‍රදේශය අපේ සම්බන්ධතාවලට මුලින් ම තෝරාගත්තේ. ඔබ මේ ප්‍රදේශයේ නායකයා, එහෙම නේ ද?"

"ඔව්..... මම තමයි ගම්පති. ඇයි මොකක් ද ඔබේ ප්රශ්නය?"

"අපි මේ පළමුවැනි හමු වීමේ දී ඔබ අඳින පළඳින විදිහට අඳින්න විතරක් නෙමේ, ශරීරයෙන් පවා ඔබේ බාහිර රූපකාරය ලබාගන්න උත්සහ කළා."

"අපි අඳින විදිහ...?" ඔවුන් ගේ ඇඳුම් කැමරන් දුටුවේ එවිට ය.

"ඔබේ සමාජයේ ඉහළ පැළැන්තියේ උදවිය අඳින පළඳින විදියට" අමුත්තා වඩාත් නිවැරැදි වන්නට උත්සාහ ගත්තේ ය.

"ඒ වගේ ම අපි ඔබ පාවිච්චි කරන භාෂාවත් ඉගෙනගත්තා." එක වර ම කැමරන් ගේ මුහුණේ ඉරියව් වෙනස් විය.

"තමුසෙලා පිටරටකින් ද?"

ඔහු විදේශිකයන්ට වැඩි ඇල්ලමක් දැක්වූයේ නැත. එහෙත් ඔහු සාධාරණ ලෙස හැමට සලකන්නට වෙර දැරුවේ ය. පියාඹන පීරිසියෙන් පැමිණි අමුත්තා කතා කළේය. "ඔව්, අපි විදේශිකයෝ තමයි. අපි ආවේ ඔයගොල්ලෝ වතුරින් පිරුණු තැන කියන වීනස්වලින්."

මට අහැපිය ගසන්නට පවා මහත් ආයාසයක් ගන්නට සිදු විය. දෙයියනේ..... මොවුන් සිකුරු ලෝකෙන් පැමිණි ජීවීන් කොටසකි.

එහෙත් කැමරන්ට ඒ කිව් දෙය පිළිබඳ වැඩි නිනව්වක් තිබුණේ නැත.

"හරි.... හරි...... මේ ඇමෙරිකා එක්සත් ජනපදය....."

"මෙහෙ හැම දෙනාට ම සමාන අයිතිවාසිකම් තියෙනවා. ජාතිය... ආගම.... හමේ පාට.... වගේ දේවල් අපි සලකන්නේ නෑ. මම මෙතැන ඉන්නේ ඔබේ සේවයටයි. මට මොනව ද ඔබ වෙනුවෙන් කරන්න පුළුවන්.....?"

"අපි කැමැතියි මේ රටේ පාලකයන් හමු වෙන්න. ඉතා ම ඉක්මනින් ඒගොල්ලන් ව මෙහෙට එක්කරන් එන්න පුළුවන් නම් ලොකු උදව්වක්. අපිට දැනගන්න අවශ්‍යයි ඒගොල්ලෝ අපේ සංවිධානෙට බැඳෙන්න කැමැති ද කියලා...."

කැමරන් ගේ මුහුණ ක්‍රමයෙන් රතු වන්නට පටන්ගත්තේ ය.

"අපේ රට තමුසෙල ගෙ මොකක් ද කෙහෙල්මල් සංවිධානෙකට බැඳෙන්න....? අපි දැනටමත් එක්සත් ජාතීන් ගේ සංවිධානේ සාමාජිකත්වෙ අරගෙනයි ඉන්නේ. ඒ විතරක් නම් මදැ. තමුසෙ මට කියනවා ජනාධිපති ව මෙතනට ගෙන්නන්න ලු. මේ දැන් ට්වින් ගල්ව්වලට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ව ගෙන්වන්න."

කැමරන් එසේ පවසා මා දෙස බැලුවේ මට සිනා යා දොaයි බලන්නට ය. එහෙත් මගේ සියොළඟින් ම දහඩිය ගලමින් තිබිණි.

"කොංග්රස් එකටත් කතා කරන්න ඕනෙ ද? ශ්‍රේෂ්ඨාධිකරණයත් ගෙන්වන්න ද?"

ඔහු ඇසුවේ සමච්චලයට ය.

"ඔව්, ඒ ගොල්ලන්ටත් එන්න පුළුවන් නම් හොඳයි."

කැමරන් කෝපයෙන් පිපිරෙන්නට විය. ඔහු මේසයට වැරෙන් පහරක් ගැසුවේ ය.

"තමුසෙලා ඇවිල්ලා මෙතන මගේ වැඩ අවුල් කරනවා....

තමුසෙලා හිතන්නෙ මේක විහිළුවක් කියල ද? මම කැමැති නෑ පිස්සොත් එක්ක කතා කරන්න. ඉක්මනට මෙතැනින් පිට වුණේ නැත්නම් මම තමුසෙලා ඔක්කො ම අල්ලලා දහ අට මාසෙකට හිරේ අරිනවා.

"ඔබ කියන්නේ අපිට යන්න කියල ද?" සිකුරා විමසුවේ ය.

"දැන්ම ම..... දැන්ම ම යනවලා.... ආයෙමත් මේ පැත්ත පළාතෙ පස් පාගන්න එපා.... කවදා වත්. මම විතරක් නෙවෙයි මහේ ඉන්න කවුරු වත් තමුසෙලාව ආයෙ කවදා වත් දකින්න කැමැති නෑ."

සිකුරා ඒ කිසිවකින් කලබලයට පත් වූයේ නැත.

"මට තේරෙන්නේ ඔබ පාඩුවේ ඉන්න කැමැති පිරිසක්. අපේ සංවිධානෙට බලෙන් බඳවාගන්නෙ නෑ. අපි ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරනවා.

අපි කවදා වත් ආපහු එන්නෙ නැහැ.

තව දෙයක්, අපි ඔබේ ලෝකය ආරක්ෂක චුම්බක ෙéත්රයකින් වට කරනවා. එතකොට කිසි ම කෙනකුට මේ ලෝකයට ඇතුළු වෙන්න බෑ. ඒ වගේ ම ඔබලාටත් මේ ලෝකයෙන් පිට වෙන්න බෑ....."

මේ වන විටත් කැමරන් ගේ ඉවසීමේ සීමාවේ රතු ඉර පැන තිබිණි. ඔහු කෝපයෙන් ගුගුළේ ය. "අයිසේ... මට තමුසෙල ගෙ පණ්ඩිත කතාවලින් වැඩක් නෑ. මම දැන් තුනට ගණන් කරනවා. ඊට කලින් තමුසෙලා නො ගියොත්....."

ඔවුහු යන්නට ගියෝ ය.

මට යළිත් කතා කරන්නට තරම් ශක්තියක් ලැබුණේ ඔවුන් ඉස්තෝප්පු කාමරයෙනුත් එළියට ගිය පසුව ය.

මම කෑගැසුවෙමි. මා මීට කලින් කිසි දිනෙක එලස කතා කොට නැත.

"හැබෑට ම තමුසෙට පිස්සු ද කැමරන්. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ පිටසක්වළින්. ඇයි තමුසෙ ඒගොල්ලන් ව පැන්නුවේ?"

"පිටසක්වළින්?" ඔහු ගේ මුහුණේ සටහන් වූයේ ප්‍රශ්නාර්ථයකි. මට නාස්ති කරන්නට තරම් කාලයක් තිබුණේ නැත. මම ඔහුව කාමරයේ ඉදිරිපස ජනේලය වෙතට ඇදඳගෙන ගියෙමි.

ඔහු මගේ අත ගසා දමන්නට තැත් කළේ ය. එහෙත් මගේ හිතේ තිබුණු ආවේගය ඊට වඩා දැඩි විය. මෙසේ පොරබදින අතරතුර දී ය කැමරන් තවමත් මිදුලේ නවතා තිබූ පියාඹන පීරිසය දුටුවේ. ආගන්තුකයෝ යානයට ගොඩ වෙමින් සිටියෝ ය.

යානය කවපෙත්තක හැඩය ගත් දැවැන්තයෙකි. කදිමට මැද තිබූ එහි පිටත පෘෂ්ඨය විදුලි එළියෙන් දිස්නය දුන්නේ ය.

යානය මෙහොතකින් ගුවන් ගත විය. කැමරන් විවර කරගත් මුවින් යුතු ව බලාගෙන සිටියේ ය.

තවත් ටික වේලාවකින් යානයෙන් නික්මුණු රතු දුඹුරු පැහැති දුම, වාතයෙන් වියෑකී යන්නට විය.

"ඇයි.... තමුසෙ....ඒගොල්ලන්ව පැන්නුවේ? ඒගොල්ලෝ ආවේ ජනාධිපති ව හම්බ වෙන්න. ආයෙමත් නම් ඉතින් කවදා වත් අපිට පියාඹන පීරිසියක් දැකගන්න ලැබෙන එකක් නෑ."

මා කෝපය පාලනය කරගත්තේ අසීරුවෙනි.

"මං හිතුවේ ඒගොල්ලෝ පිටරටකින් ආපු උදවිය කියලයි. තමුසෙට මතක නැද්ද අපේ භාෂාව ඉගෙන ගත්තා කියලාත් කිව්වේ. අනික වචන උච්චාරණය කරපු විධියත් අපිට වඩා වෙනස්."

"ඔහේ මොන ලෝකෙ ද හිටියෙ?"

"ඒගොල්ල හරියට ඉතාලි ජාතිකයො වගෙයි. මම ඇත්තට ම හිතුවේ ඉතාලි ජාතිකයෝ දෙන්නෙක් කියලයි."

"ඇයි ඔහේට ඇහුණෙ නැද්ද.... ඒ මිනිස්සු කිව්වා වීනස්වලින් ආවේ කියලා. ඔව් මගේ කන් දෙකට හොඳට ඇහුණා."

"වීනස්....? සිකුරු ග්‍රහලෝකයෙන්...? කැමරන් ගේ දැස් විශාල විය."

"ඔව්.... ඇයි ඔහෙට ඇහුණේ නැද්ද....? ඒගොල්ලො කිව්වෙ වතුර පිරුණු තැනකින් ආව කියල. වීනස්වල ගොඩක් වතුර තියෙනව කියල ඔහේ අහල නැද්ද?"

කැමරන් මොහොතක් නිහඩ ව සිටියේ ය. පසුව බිම බලාගෙන සෙමෙන් මිමිණුවේ ය.

"වීනස්....වතුර පිරුණු තැනක් ගැන කතා කරපුවම මම හිතුවෙ ඒ වෙනිස් කියලයි"

අයිසැක් ඇසිමොව්ගේ

The Watery Place ප්‍රබන්ධය ඇසුරිනි

දුමිඳු විතාරණ

(ලේඛකයා ගේ 'තරු මිතුරු සහ තවත් කතා' ප්‍රබන්ධ එකතුවෙනි)

[QUOTE="araki, post: 22818098, member: 360239"] [SIZE=4][COLOR=#006600]ආගන්තුකයෝ[/COLOR][/SIZE][FONT=Verdana] [SIZE=4][COLOR=#006600][IMG]http://www.vidusara.com/2017/06/07/prabanda.jpg[/IMG][/COLOR]අපට යළිත් කිසි ම දිනෙක අභ්‍යවකාශ ගමන්වල යෙදෙන්නට ලැබෙන්නේ නැත. එපමණක් නො ව පිටසක්වළ ජීවීන් කිසිවකුත් මින්පසු පෘථිවියේ පස් පාගන්නේ වත් නැත. එහි වැරැද්ද බාට් කැමරන් අත ය. කතාව කීමට පෙර කැමරන් යනු කවරකු දැයි ඔබට කියා දීම මගේ යුතුකමයි. ඔහු ට්වින් ගල්ව්හි ගම්පතියා ය. මම ඔහු ගේ දෙවැනියා වීමි. කැමරන් ඉවසීමක් නැති මිනිසෙකි. ඔහු වඩාත් ම නොඉවසිලිවන්ත වන්නේ ඔහු ගේ ආදායම් බදු වාර්තාව සකසන විට දී ය. ගම්පතිකමට අමතර ව කැමරන්ට සිල්ලර කඩයක් ද, බැටලු ගොවිපළක සුළු අයිතියක් ද තිබේ. එමෙන් ම ආබාධිත රණවිරුවකු වීම හේතුවෙන් රජයෙන් ලැබෙන විශ්‍රාම වැටුපක් ද, තවත් හෙළි කරන්නට අකැමැති සුළු රැකියා කිහිපයක් ද ඔහු ගේ ආදායම් මාර්ග අතර වේ. කැමරන් ගේ ආදායම් බදු කටයුතු වඩාත් සංකීර්ණ වන්නේ ඒ නිසා ය. කැමරන් මේ වැඩ කටයුතු ආදායම් බදු විශේෂඥයකුට පැවරූයේ නම් තත්ත්වය මෙතරම් දරුණු නො වනු ඇත. එහෙත් ඔහු එවැන්නකට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මේ කියන අප්‍රේල් දහ හතර වැනි දා ඔහු ආදායම් වැඩවලින් හොඳට ම හෙම්බත් වී සිටි දිනයකි. පා වන පීරිසිය ට්වින් ගල්ව්වලට ගොඩබැස්සේත් අප්‍රේල් දහ හතර වැනි දා ම වීම දෛවෝපගත සිද්ධියකි. මම එය ගොඩබසිනවා දුටුවෙමි. මගේ පුටුව තිබෙන්නේ ගම්පති කාර්යාලයේ ඉදිරිපස ආලින්දයේ ය. කැමරන් ආදායම් බදු දත්ත වාර්තාවේ ගිලී සිටියේ ය. ඔහු නිරතුරු ව මට කරන සාප කිරීම්වලින් ඒ වන විට මා සිටියේ හොඳට ම තෙහෙට්ටුවට පත් වී ය. එය මුලින් ම දිස් වූයේ උල්කාපාතයක ආකාරයට ය. පසුව ආලෝක ධාරා වඩාත් පුළුල් වූ අතර, රොකට් එන්ජින් දෙකකින් දුම් විදින්නට පටන්ගත්තේ ය. එහි බඳින් විහිදුණු සිහින් දිගු පාද ඉතා ම ම සුමුදු ලෙස පොළොව සිපගත්තේ ය. වියළි කොළයක් බිමට වැටෙන විට පවා ඊට වැඩි ශබ්දයක් පිට වනු නිසැක ය. මිනිස්සු දෙදෙනෙක් ඉන් පිටතට පැමිණියෝ ය. මට කිසිවක් කියන්නට හෝ කරන්නට වෙලාවක් තිබුණේ නැත. අඩු ම තරමින් ඇස් පිස දමා බලන්නට වත් කල්පනාවක් තිබුණේ නැත. මම එතැන ම වාඩි වී ගල් වූවාක් මෙන් සිටියෙමි. කැමරන් මේ කිසිවක් දුටුවේ වත්, ඇසුවේ වත් නැත. පා වන පීරිසියෙන් බැසගත් මිනිස්සු හෙමින් හෙමින් ගෙට ගොඩ වූ හ. ඔවුන් පැමිණියේ පා වන පීරිසියකින් බව නො දුටුවේ නම් මා නිසැකයෙන් ම සිතනුයේ ඔවුන් සිදාදියෙන් පැමිණි ගැටයන් දෙදෙනකු කියා ය. ඔවුන් හැඳ සිටියේ තද කළු පැහැති කලිසම් කෝට් ය. එයට ම ගැළපෙන කදිම සපත්තුවලින් දෙපා සැරසී තිබුණු අතර ඔවුහු හිසට උස් කළු තොප්පි පැළඳගෙන සිටිය හ. ඔවුන් ගේ සම තරමක් අඳුරු පැහැති ය. දුඹුරු පැහැති, එහෙත් කාන්තිමත් ඇස්, ඔවුන් ගේ බුද්ධිමත්භාවය මොනවට ප්‍රදර්ශනය කළේ ය. ආගන්තුකයන් දෙදෙනා ගේ ම මුහුණුවල සටහන් වූයේ බැරෑරැම් පෙනුමකි. හරියට ම රජයේ නිලධාරියකු තමන් යටතේ පවතින කන්තෝරුවක් පරීක්ෂා කරන්නට යන විට මුහුණට ආරුඪ කරගන්නා ආකාරයේ පෙනුමකි. ඔවුන් ගෙන් එකකු අඩි පහයි අඟල් දහයක් පමණ උස ඇත. අපට බොහෝ ම සමාන ය. මට මහත් බියක් දැනුණේ ය. එහෙත් කැමරන් ආගන්තුකයන් දෙදෙනා දෙස බලා සුපුරුදු ලෙසට විරිත්තුවේ ය. ඔහු තම කාර්යාලයට ඇතුළු වන ඕනෑ ම කෙනකුට ආචාර කරන්නේ මේ ආකාරයෙනි. "මගෙන් මොනව ද කෙරෙන්න ඕන?" ඔහු ඇසුවේ මේසය මත තිබූ පෝරම කොළ ගොඩට අතින් තට්ටු කරමිනි. එයින් කියෑවුණේ ඔහුට නාස්ති කරන්න වේලාවක් නැති බවයි. එක් අමුත්තෙක් ඉදිරියට ගියේ ය. "අපි ඔබ ගේ මිනිස්සු ගැන කාලයක් තිස්සේ සෝදිසියෙන් ඉන්නවා." අමුත්තා වචන උච්චාරණය කළේ තෝරා බේරාගෙන ඉතා ම සීරුවෙනි. "මගේ මිනිස්සු? මට ඉන්නේ බිරිඳක් විතරයි. ඇයි මොකද.... මොනව ද එයා කළේ?" "අපි මේ ප්‍රදේශයේ තියන නිසංසල පරිසරයට කැමැතියි. ඒක නිසයි මේ ප්‍රදේශය අපේ සම්බන්ධතාවලට මුලින් ම තෝරාගත්තේ. ඔබ මේ ප්‍රදේශයේ නායකයා, එහෙම නේ ද?" "ඔව්..... මම තමයි ගම්පති. ඇයි මොකක් ද ඔබේ ප්රශ්නය?" "අපි මේ පළමුවැනි හමු වීමේ දී ඔබ අඳින පළඳින විදිහට අඳින්න විතරක් නෙමේ, ශරීරයෙන් පවා ඔබේ බාහිර රූපකාරය ලබාගන්න උත්සහ කළා." "අපි අඳින විදිහ...?" ඔවුන් ගේ ඇඳුම් කැමරන් දුටුවේ එවිට ය. "ඔබේ සමාජයේ ඉහළ පැළැන්තියේ උදවිය අඳින පළඳින විදියට" අමුත්තා වඩාත් නිවැරැදි වන්නට උත්සාහ ගත්තේ ය. "ඒ වගේ ම අපි ඔබ පාවිච්චි කරන භාෂාවත් ඉගෙනගත්තා." එක වර ම කැමරන් ගේ මුහුණේ ඉරියව් වෙනස් විය. "තමුසෙලා පිටරටකින් ද?" ඔහු විදේශිකයන්ට වැඩි ඇල්ලමක් දැක්වූයේ නැත. එහෙත් ඔහු සාධාරණ ලෙස හැමට සලකන්නට වෙර දැරුවේ ය. පියාඹන පීරිසියෙන් පැමිණි අමුත්තා කතා කළේය. "ඔව්, අපි විදේශිකයෝ තමයි. අපි ආවේ ඔයගොල්ලෝ වතුරින් පිරුණු තැන කියන වීනස්වලින්." මට අහැපිය ගසන්නට පවා මහත් ආයාසයක් ගන්නට සිදු විය. දෙයියනේ..... මොවුන් සිකුරු ලෝකෙන් පැමිණි ජීවීන් කොටසකි. එහෙත් කැමරන්ට ඒ කිව් දෙය පිළිබඳ වැඩි නිනව්වක් තිබුණේ නැත. "හරි.... හරි...... මේ ඇමෙරිකා එක්සත් ජනපදය....." "මෙහෙ හැම දෙනාට ම සමාන අයිතිවාසිකම් තියෙනවා. ජාතිය... ආගම.... හමේ පාට.... වගේ දේවල් අපි සලකන්නේ නෑ. මම මෙතැන ඉන්නේ ඔබේ සේවයටයි. මට මොනව ද ඔබ වෙනුවෙන් කරන්න පුළුවන්.....?" "අපි කැමැතියි මේ රටේ පාලකයන් හමු වෙන්න. ඉතා ම ඉක්මනින් ඒගොල්ලන් ව මෙහෙට එක්කරන් එන්න පුළුවන් නම් ලොකු උදව්වක්. අපිට දැනගන්න අවශ්‍යයි ඒගොල්ලෝ අපේ සංවිධානෙට බැඳෙන්න කැමැති ද කියලා...." කැමරන් ගේ මුහුණ ක්‍රමයෙන් රතු වන්නට පටන්ගත්තේ ය. "අපේ රට තමුසෙල ගෙ මොකක් ද කෙහෙල්මල් සංවිධානෙකට බැඳෙන්න....? අපි දැනටමත් එක්සත් ජාතීන් ගේ සංවිධානේ සාමාජිකත්වෙ අරගෙනයි ඉන්නේ. ඒ විතරක් නම් මදැ. තමුසෙ මට කියනවා ජනාධිපති ව මෙතනට ගෙන්නන්න ලු. මේ දැන් ට්වින් ගල්ව්වලට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ව ගෙන්වන්න." කැමරන් එසේ පවසා මා දෙස බැලුවේ මට සිනා යා දොaයි බලන්නට ය. එහෙත් මගේ සියොළඟින් ම දහඩිය ගලමින් තිබිණි. "කොංග්රස් එකටත් කතා කරන්න ඕනෙ ද? ශ්‍රේෂ්ඨාධිකරණයත් ගෙන්වන්න ද?" ඔහු ඇසුවේ සමච්චලයට ය. "ඔව්, ඒ ගොල්ලන්ටත් එන්න පුළුවන් නම් හොඳයි." කැමරන් කෝපයෙන් පිපිරෙන්නට විය. ඔහු මේසයට වැරෙන් පහරක් ගැසුවේ ය. "තමුසෙලා ඇවිල්ලා මෙතන මගේ වැඩ අවුල් කරනවා.... තමුසෙලා හිතන්නෙ මේක විහිළුවක් කියල ද? මම කැමැති නෑ පිස්සොත් එක්ක කතා කරන්න. ඉක්මනට මෙතැනින් පිට වුණේ නැත්නම් මම තමුසෙලා ඔක්කො ම අල්ලලා දහ අට මාසෙකට හිරේ අරිනවා. "ඔබ කියන්නේ අපිට යන්න කියල ද?" සිකුරා විමසුවේ ය. "දැන්ම ම..... දැන්ම ම යනවලා.... ආයෙමත් මේ පැත්ත පළාතෙ පස් පාගන්න එපා.... කවදා වත්. මම විතරක් නෙවෙයි මහේ ඉන්න කවුරු වත් තමුසෙලාව ආයෙ කවදා වත් දකින්න කැමැති නෑ." සිකුරා ඒ කිසිවකින් කලබලයට පත් වූයේ නැත. "මට තේරෙන්නේ ඔබ පාඩුවේ ඉන්න කැමැති පිරිසක්. අපේ සංවිධානෙට බලෙන් බඳවාගන්නෙ නෑ. අපි ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරනවා. අපි කවදා වත් ආපහු එන්නෙ නැහැ. තව දෙයක්, අපි ඔබේ ලෝකය ආරක්ෂක චුම්බක ෙéත්රයකින් වට කරනවා. එතකොට කිසි ම කෙනකුට මේ ලෝකයට ඇතුළු වෙන්න බෑ. ඒ වගේ ම ඔබලාටත් මේ ලෝකයෙන් පිට වෙන්න බෑ....." මේ වන විටත් කැමරන් ගේ ඉවසීමේ සීමාවේ රතු ඉර පැන තිබිණි. ඔහු කෝපයෙන් ගුගුළේ ය. "අයිසේ... මට තමුසෙල ගෙ පණ්ඩිත කතාවලින් වැඩක් නෑ. මම දැන් තුනට ගණන් කරනවා. ඊට කලින් තමුසෙලා නො ගියොත්....." ඔවුහු යන්නට ගියෝ ය. මට යළිත් කතා කරන්නට තරම් ශක්තියක් ලැබුණේ ඔවුන් ඉස්තෝප්පු කාමරයෙනුත් එළියට ගිය පසුව ය. මම කෑගැසුවෙමි. මා මීට කලින් කිසි දිනෙක එලස කතා කොට නැත. "හැබෑට ම තමුසෙට පිස්සු ද කැමරන්. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ පිටසක්වළින්. ඇයි තමුසෙ ඒගොල්ලන් ව පැන්නුවේ?" "පිටසක්වළින්?" ඔහු ගේ මුහුණේ සටහන් වූයේ ප්‍රශ්නාර්ථයකි. මට නාස්ති කරන්නට තරම් කාලයක් තිබුණේ නැත. මම ඔහුව කාමරයේ ඉදිරිපස ජනේලය වෙතට ඇදඳගෙන ගියෙමි. ඔහු මගේ අත ගසා දමන්නට තැත් කළේ ය. එහෙත් මගේ හිතේ තිබුණු ආවේගය ඊට වඩා දැඩි විය. මෙසේ පොරබදින අතරතුර දී ය කැමරන් තවමත් මිදුලේ නවතා තිබූ පියාඹන පීරිසය දුටුවේ. ආගන්තුකයෝ යානයට ගොඩ වෙමින් සිටියෝ ය. යානය කවපෙත්තක හැඩය ගත් දැවැන්තයෙකි. කදිමට මැද තිබූ එහි පිටත පෘෂ්ඨය විදුලි එළියෙන් දිස්නය දුන්නේ ය. යානය මෙහොතකින් ගුවන් ගත විය. කැමරන් විවර කරගත් මුවින් යුතු ව බලාගෙන සිටියේ ය. තවත් ටික වේලාවකින් යානයෙන් නික්මුණු රතු දුඹුරු පැහැති දුම, වාතයෙන් වියෑකී යන්නට විය. "ඇයි.... තමුසෙ....ඒගොල්ලන්ව පැන්නුවේ? ඒගොල්ලෝ ආවේ ජනාධිපති ව හම්බ වෙන්න. ආයෙමත් නම් ඉතින් කවදා වත් අපිට පියාඹන පීරිසියක් දැකගන්න ලැබෙන එකක් නෑ." මා කෝපය පාලනය කරගත්තේ අසීරුවෙනි. "මං හිතුවේ ඒගොල්ලෝ පිටරටකින් ආපු උදවිය කියලයි. තමුසෙට මතක නැද්ද අපේ භාෂාව ඉගෙන ගත්තා කියලාත් කිව්වේ. අනික වචන උච්චාරණය කරපු විධියත් අපිට වඩා වෙනස්." "ඔහේ මොන ලෝකෙ ද හිටියෙ?" "ඒගොල්ල හරියට ඉතාලි ජාතිකයො වගෙයි. මම ඇත්තට ම හිතුවේ ඉතාලි ජාතිකයෝ දෙන්නෙක් කියලයි." "ඇයි ඔහේට ඇහුණෙ නැද්ද.... ඒ මිනිස්සු කිව්වා වීනස්වලින් ආවේ කියලා. ඔව් මගේ කන් දෙකට හොඳට ඇහුණා." "වීනස්....? සිකුරු ග්‍රහලෝකයෙන්...? කැමරන් ගේ දැස් විශාල විය." "ඔව්.... ඇයි ඔහෙට ඇහුණේ නැද්ද....? ඒගොල්ලො කිව්වෙ වතුර පිරුණු තැනකින් ආව කියල. වීනස්වල ගොඩක් වතුර තියෙනව කියල ඔහේ අහල නැද්ද?" කැමරන් මොහොතක් නිහඩ ව සිටියේ ය. පසුව බිම බලාගෙන සෙමෙන් මිමිණුවේ ය. "වීනස්....වතුර පිරුණු තැනක් ගැන කතා කරපුවම මම හිතුවෙ ඒ වෙනිස් කියලයි" අයිසැක් ඇසිමොව්ගේ The Watery Place ප්‍රබන්ධය ඇසුරිනි දුමිඳු විතාරණ (ලේඛකයා ගේ 'තරු මිතුරු සහ තවත් කතා' ප්‍රබන්ධ එකතුවෙනි) [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom