ආගම් විරෝධය සහ සිංහල අපේ ශ්‍රේෂ්ඨත්වය රැක
Machanla Me ganath hithala balanne .....Uputa ganeemaki......NOT MY OPINION....
ආගම් විරෝධය සහ සිංහල අපේ ශ්‍රේෂ්ඨත්වය රැක ගැනීම.
දැනට මාස කිහිපයක සිට මාගේ ඊ මේල් ලිපියනයට දිගින් දිගටම ලැබෙන්නට පටන්ගත් එක්තරා ආකාරයක ඊ මේල් ලිපි එකතුවක් පිළිබඳව ලිවීමට සිත්වූයේ බොහෝ දිනකට පෙර සිටය. නමුත් ලිවීම කෙතෙක් දුරට සුදුසුද යන්න දෙවරක් සිතිය යුතු බැවින් තරමක් එය ප්‍රමාද කිරීමට සිදුවිය. තව දුරටත් මුණිවත රැකීමෙන් වන සෙතක් නොමැති බැවින් මෙසේ ලිවීමට පටන් ගත්තෙමි.
ප්‍රශ්නය නම් ඊ මේල් සහ සියළුම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉවක් බවක් නොමැතිව මේ දිනවල පැතිර යන එක්තරා ආගමකට ඒ හා බැඳුණු ජාතියට විරෝධය පාමින් පැතිර යන පණිවිඩ ගොන්නයි.
මම සිංහල බෞද්ධයෙක් බව ප්‍රථමයෙන්ම කිවයුතුය. එමෙන්ම මෙම ලිපිය ලියනු ලබන්නේ බුද්ධාගමට හෝ අන් කිසිදු ආගමකට අපහාසයක් සිදු කිරීමට නොවන බවද සිංහල හෝ වෙනත් කිසිදු ජාතියකට අපහාසයක් කිරීමටද නොවන බවද පැවසීමට කැමැත්තෙමි. එසේම මෙහිදී මම කිසිදු පැත්තක් ගැනීමෙන් වැළකී සිටින බවද සඳහන් කරන්නෙමි.
පුද්ගලිකව මමද මාගේ ආගමට මෙන්ම ජාතියටද බොහෝ සෙයින් ආදරය කරන්නෙමි. එම නිසා මාගේ ජාතිකයන් පහත් තත්වයට වැටීම තව දුරටත් බලා සිටීමට නොහැක්කෙමි. ඉහත සඳහන් කරන ලද ලිපි ඔබටත් ලැබී ඇත්නම් ඒවාගේ සඳහන් වන පහත් මට්ටමේ භාෂා ශෛලිය පිළිබඳව මම තවදුරටත් කිවයුතු නොවේ. ආගම් විරෝධයක් හෝ ජාති විරෝධයක් ඕනෑම කෙනෙකුන් තුළ ඕනෑම ජාතියක් කෙරෙහි තිබිය හැකිය. මා තුළද තරමක් දුරට එය ඇති බව මම පිළිගන්නෙමි. එහෙත් ගැටළුව ඇත්තේ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙහිදීය. යමකට විරෝධය දැක්වීමේදී හෝ හෙළාදැකීමේදී සදාචාරයක් තිබිය යුතුය. විරෝධය පෑමේ නිදහස එක් එක් අයට ඕනෑ පරිදි වෙනස් කරගතහැක්කක් නොවේ. අද අපේ සිංහල පිරිස් විසින් උක්ත ජාතියට විරෝධය පෑමේ ව්‍යාපාරයේදී එම සදාචාරය පිළිබඳව තුට්ටුවකටවත් මායිම් නොකරන බව එම පණිවිඩ දකින ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත.
සම්මත පිළිවෙල නම් ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ එවැන්නක් පළ කිරීමේදී සම්මත මෙන්ම සීලාචාර වචන භාවිතා කිරීම සහ ඕනෑම විරෝධයකදී එය පිළිගතහැකි මට්ටමේ සාක්ෂි සමඟ හුවා දැක්වීමයි. එම ලිපිවල තිබූ බොහොමයක් වචන මා හට මෙම ලිපියේ සඳහන් කිරීමට පවා නොහැකි මට්ටමේ තිබේ. මේ වචන වෙනුවට සමාජය විසින් ශිෂ්ඨ සම්පන්න යැයි පිළිගත් වචන පාවිච්චි කළ යුතුය යන්න මාගේ අදහසයි. මෙවන් වචන භාවිතා කිරීමේදී සිතා බැලිය යුතු කරුණ නම් එහිදී හාස්‍යයට මෙන්ම අපහාසයට පාත්‍රවන්නේ එය ඉලක්ක කළ පාර්ශවයද එසේත් නැතිනම් තමන්මද යන වගයි.
සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව ජාතීන් කිහිපයක් ජීවත් වන රටකි. සිංහල ජාතිය ප්‍රධාන ජාතිය ලෙසද මුස්ලිම්, හින්දු සහ අනෙකුත් ජාතීන්ද ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය සම්පූර්ණ කරනු ලබයි. මේ රට සිංහල බෞද්ධ අපගේ බව මමද ආඩම්බරයෙන් පවසමි. එහෙත් අපේ සිංහල ජාතිය ප්‍රථමයෙන් රට තුළ මුල් බැසගත් නිසා හෝ බහුතර ජාතිය වූ නිසා වෙනත් ජාතීන් පාගා දැමීමට වඩා, අපගේ රට ජාතිය මෙන්ම අගමද රුක ගැනීම උදෙසා ඊට වඩා ජවසම්පන්න දෙයක් කිරීමට අප ජාතියට හැකියාවක් නැත්තේ නොවේ. එය කළ යුත්තේ මෙම රට තමන්ගේ යැයි කියාගෙන අන් ජාතීන් පාගා දැමීමෙන් නොවන අතර තමන්ගේ ජාතිය නඟා සිටුවීමෙනි.
අපි දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දරුණු ජන වාර්ගික අරගලයකින් පීඩා වින්දෙමු. කවුරුන් විසින්හෝ කිනම් බලවේගයක් විසින්හෝ එම පිළිලය අප රටින් තුරන් කර දමන ලදී. එවන් අත්දැකීමක මතකයන් වියැකීයන්නටත් ප්‍රථමයෙන් තවත් ආගම් යුද්ධයක් අප රටට අවශ්‍ය නොවන බවත් එවැන්නකට මුහුණදීමේ සූදානමක් හෝ හැකියාවක් අපට නොමැති බවත් අපි දනිමු. එවැන්නක් ආරමිභ වුවහොත් එය පසුගිය අරගලයටත් වඩා දරුණු ලේ වැගිරීම් සහිත ජුගුප්සාජනක සහ ලැජ්ජා සහගත ගැටුමක් වනු නොඅනුමානය.
අපගේ ජාතිය, ආගම හා භාෂාව ශ්‍රේෂ්ඨ බව මා ඇතුළු සියළුම සිංහලයන් දනිමු. පවසන්නෙමු. එහෙත් මේ විශ්වගේ ශ්‍රේෂ්ඨත්වයෙන් යුතු වන්නේ අපගේ ජාතිය, ආගම හා භාෂාව පමණක් යැයි කිසි විටෙකත් නොසිතිය යුතුය. අපගේ ජාතියට වඩා ශ්‍රේෂ්ඨ ජාතීන් මේ ලෝකයේ හෝ විශ්වයේ නොසිටින්නටද හැකිය. නමුත් තිබෙන්නටද නොහැකියාවක් නොමැත. මන්ද එවැන්නක ශ්‍රේෂ්ඨත්වය කිසිවෙකුටත් මෙපමණකැයි මැනීමේ හැකියාවක් නොමැති බැවිනි. එය එක් එක් අයගේ සිතීමේ පිළිවෙල මත රඳාපවතින අතර එය එකකට එකක් සාපේක්ෂද වන්නේය. තවද අප විශිෂ්ඨ යැයිද ඒ තරම් විශිෂ්ඨ කිසිවක් හෝ කිසිවෙක් නොමැති බවද සිතන්නට පටන් ගැනීමම එම ජාතියේම විනාශයට අත වැනීමකි. එසේ වූ පමණින් තමන්ගේ වැරදි හෝ අඩුපාඩුකම් නිවැරදි කරගැනීම එම ජාතිය විසින් අතහැර දමනු ඇත.
බුද්ධාගම පිළිබඳව තරම් මා හට අන් ආගම් පිළිබඳව සම්පූර්ණ දැනුමක් නොමැති නිසා එය පැහැදිලි කිරීමට ආගම වෙනුවට භාෂාව යොදා ගැනීමට කැමැත්තෙමි. අපගේ භාෂාවට අපි කොපමණ ගරු කළත් ආදරය කළත් සිංහල භාෂාව මේ ලෝකයෙන් වඳවීගෙන යන භාෂා අතරට එක්වී ඇති බව අප විසින් පිළිගත යුතුය. සිංහල භාෂාවට නව වචන එක්වීමේ ප්‍රමාදය එයට එක් සරල උදාහරණයක් ලෙස ගත හැකිය. පරිගණකය යන වචනය සෑදීමෙන් පසු එහිම යම් යම් මුහුණුවරයන්ගෙන් යුතු උපාංග සඳහා නම් ලැබී නොමැති බව අපි දනිමු. අතේ ගෙනයාහැකි පරිගණකය, අත්ල මත තබා වැඩ කළ හැකි පරිගණකය යනාදී වචන ප්‍රායෝගිකව භාවිතා කළ හැකි වචන නොවේ. එමෙන්ම අපගේ භාෂාව අවශ්‍ය පරිදි දියුණු වන්නේ නම් බ්ලොග්, මයික්‍රෝ බ්ලොග් යනාදී වචන මෙන්ම වීඩියෝ, ඕඩියෝ යනාදී වචනද අපට අවශ්‍ය නොවනු ඇත. තවද මේ වන විට කෙනෙකුට සුභ උදෑසනක් යැයි සිංහලෙන් පැවසීම තවෙකෙකුගේ හාස්‍යයට ලක් වීමට වුවත් ප්‍රමාණවත්ය. තත්වය තේරුම් ගැනීමට තව තවත් උදාහරණ දැක්වීම අවශ්‍ය නොවන බව මාගේ හැඟීමයි.
සත්‍යය නම් වර්තමානයේ අපේ රට සංස්කෘතික, සමාජීය, දේශපාලනික මෙන්ම සදාචාරාත්මක අතින් සැලකිය යුතු පිරිහීමකට ලක්ව සිටීමයි. එවන් අඩියක සිටින අප අනවශ්‍ය ආගම්වාදී ගැටුම් වලට අතවනමින් මෙවන් ක්‍රියා කිරීම ගැන දෙවරක් සිතිය යුතුය. අනෙක් කරුණ නම් විශිෂ්ඨ යැයි සම්මත අපගේ සිංහල ජාතිය ඉහත සඳහන් කරන පරිදි තවත් පාර්ශවයකට විරෝධය පෑමේදී මීට වඩා බුද්ධිමත් විය යුතුය. අපගේ තත්වය කඩා වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා එය අත්‍යවශ්‍ය සාධකයකි.
අපගේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ පිරිස් විසින් ලියා පළ කරනු ලබන ඇතැම් ලිපි ලිවීමේදී හා පාඨකයන් විසින් ඒවා කියවීමේදී ඉහත සඳහන් කළ කරුණු පිළිබඳව මඳක් හෝ සැළකිලිමත් වන්නේ නම් සිංහල අපගේ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ලොවටම පසක් කළ හැකි වන්නේය.
මෙතෙක් කථාවේ සාරාංශය මෙසේය. මෙවන් දේවල් පළ කිරීමේදී වලදී හැකිතාක් සාධාරණ හා ශිෂ්ඨ සම්පන්න විය යුතුය. අප ශිෂ්ඨ සම්පන්න ජාතියක් යැයි අනෙක් ජාතීන්ට පෙන්විය යුතුය. තවද මෙවන් ලිපි ප්‍රසිද්ධ කිරීමට වැය කරන කාලයෙන් අපගේ ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය දැනුවත්කිරීම් අපේ සිංහලයන් ඉලක්ක කරගෙන සිදු කළ යුතුය. තවත් ජාතියක් විනාශ කිරීම වෙනුවට අපේ ජාතිය නඟා සිටුවීම සිදු කළ යුතුය.
යම් කෙනෙක් මෙම ලිපිය කියවීමෙන් පසුව ආගම් විරෝධියෙක් යැයි කියමින් මා හට බැන වැදීමටද ඉඩ ඇත. එහිදී නැවත වරක් මතක් කර දිය යුතු වන්නේ මේ උත්සාහය අපගේ ජාතිය, ආගම හා රට රුක ගැනීමට විනා අන් කිසිවකට නොවන බවයි.
ලිපිය කියවූ ඔබගේ අදහස් ස්තුති පූර්වකව බලාපොරොත්තු වන අතර මෙම අදහස් සංවාදයට විවෘත බවද මතක් කරමි.