Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආචාර්ය නෙල්සන් රෙජිනෝල්ඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආචාර්ය නෙල්සන් රෙජිනෝල්ඩ්

ඇමෙරිකාවේ NASA ආයතනය ශ්‍රී ලාංකිකයන්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නො වන්නේ 1969 දී සිදු වූ මුල් ම මානව චන්ද්‍ර ගවේෂණ චාරිකාවේ සිට ම එම ආයතනයේ මෙහෙයුම් කටයුතු අපේ අය මාධ්‍ය හරහා හොඳින් අසා, දැක ඇති බැවිනි.

ආචාර්ය නෙල්සන් ලෙස්ලි රෙජිනෝල්ඩ්

NASA ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සමූහයක් සේවයේ නියුතු ව සිටින බව ද ප්‍රකට කරුණකි. මේ අය අතරින් අප රටේ උදවිය බොහෝ විට අසා ඇත්තේ 1960 දශකය අවසානයේ සිදු වූ සඳ තරණයට ද පෙර සිට එම ආයතනයේ සේවය කළ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, වර්තමානයේ එහි සේවය කරන ආචාර්ය සරත් ගුණපාල වැනි කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කිහිප දෙනකු ගැන ය.

එයින් කියවෙන්නේ NASA ආයතනයේ සේවය කරන සෙසු ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ගැන ද දැනගැනීමට අපේ අය තුළ උනන්දුවක් නැති ය යන්න නො ව, එවැනි අය ගැන දැනගැනීමට ජනමාධ්‍ය හරහා අවස්ථාව උදා වන්නේ විරල ව යන්න ය.

එවැනි ශ්‍රී ලාංකික විද්‍යාඥයකු සමග දිවයින ඉරිදා සංග්‍රහය වෙනුවෙන් පිළිසඳරක යෙදීමේ අවස්ථාව ඉකුත් දා අපට උදා වුණේ ය. මේ අවස්ථාවට මඟපෑදුණේ ඉකුත් අගෝස්තු 21 වැනි දා ඇමෙරිකාවට දර්ශනය වූ පූර්ණ සූර්යග්‍රහණයත් සමඟිනි.

එදින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.45ට පමණ ඇමෙරිකාවේ දී දැකගන්නට ලැබුණු පූර්ණ සූර්යග්‍රහණය අළලා NASA ආයතනයෙන් සිදු කළ, ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අපට දැකගන්නට ලැබුණු සජීවී ටෙලිවිෂන් විකාශයෙහි ආරම්භක රූප රාමුවල ම මේ ශ්‍රී ලාංකික විද්‍යාඥයා දක්නට සිටියේ ය. ඔහු ආචාර්ය නෙල්සන් ලෙස්ලි රෙජිනෝල්ඩ් ය. NASA ආයතනයට අයත් මේරිලන්ඩ්, ග්‍රීන්බෙල්ට්හි පිහිටි ගොඩර්ඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ සේවය කරන ඔහු සූර්ය භෞතික විද්‍යාව (Solar Physics) පිළිබඳ විශේෂඥයෙකි. අප රටේ වැඩි දෙනකු මේ ශ්‍රී ලාංකිකයා ගැන අසා නැතිවා විය හැකි මුත්, ඔහු NASA ආයතනයේ මේ වන විට 20 වසරක දීර්ඝ සේවා කාලයක් සපුරා ඇති කීර්තිමත් විද්‍යාඥයෙකි.

මහනුවර ඉපිද, කොළඹට පැමිණෙන ඔහු, පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ සමත් වීම දක්වා අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයෙනි. අනතුරුව පේරාදෙණිය සරසවියට ඇතුළත් වන ඔහු, එහි දී භෞතික විද්‍යාව හා ශුද්ධ ගණිතය පිළිබඳ සිය මූලික විද්‍යාවේදී උපාධිය ගෞරව සාමර්ථ්‍යයක් සහිතව සම්පූර්ණ කිරීමට සමත් විය. එම උපාධියෙහි වූ ජාත්‍යන්තර ප්‍රමිතිය සැලකිල්ලට ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් සරසවිය ඔහුට සෘජු ශිෂ්‍යත්වයක් පිරිනැමූ අතර ඒ අනුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේ ය. ඒ 1994 දී ය. ඩෙලවෙයාර් සරසවියෙන් 1997 දී සිය විද්‍යාපති (MSc.) උපාධිය සම්පූර්ණ කරන ඔහු 1998 වසරේ දී NASA ආයතනයෙන් පිරිනමන ලද පර්යේෂණ සාමාජිකත්වයක් යටතේ ගොඩර්ඩ් මධ්‍යස්ථානයට හාපුරා කියා සම්බන්ධ වන්නේ සිය ආචාර්ය උපාධි නිබන්ධයට අදාළ පර්යේෂණ කටයුතුවල නියෑළීම පිණිස ය.

ඉකුත් අගෝස්තු 21 වැනි දා ආචාර්ය නෙල්සන් ඉන්ටනෙට් හරහා උක්ත විඩියෝ විකාශය නරඹමින් සිටි මිලියනය ඉක්මවූ ප්‍රේක්ෂකයන් දැනුවත් කරමින්, මෙවර සූර්යග්‍රහණය නිරීක්ෂණය පිණිස NASA ආයතනය විශේෂයෙන් යොදාගෙන තිබූ ධ්‍රැවීකරණ ආලෝක කැමරාවේ (Polari'ation camera) තීරණාත්මක ක්රියාකාරිත්වයකට තමන් වගකියන අයුරු පැහැදිලි කර දුන්නේ ය.

තත්පර කිහිපයක් ඇතුළත තරංග ආයාම 4ක් ඔස්සේ එක වර ප්‍රතිබිම්බ ලබාගත හැකි වන ලෙස මේ කැමරාව සකසා තිබේ. මේ හරහා ලබාගැනෙන ප්‍රතිබිම්බ මඟින් සූර්ය වායුගෝලයට අයත් 'කොරෝනාවේ' අඩංගු ඉලෙක්ට්‍රොaනවල උෂ්ණත්ව වෙනස්කම් සහ ඉලෙක්ට්‍රොaන ගලා යන වේගය යන දත්ත ලබාගත හැකි ය. (මෙකී දත්ත ලබාගැනීමේ වැදගත්කම මේ ලිපියේ ඉදිරි තැනක සඳහන් වේ).

මෙවර පූර්ණ සූර්යග්‍රහණය පැවතුණේ තත්පර 120ක් වැනි කෙටි කාලයක් පමණක් බැවින් නිවැරැදි වේලාවට, නිවැරැදි ප්‍රතිබිම්බ, දර්ශන පථය මධ්‍යයට ලබාගැනෙන බවට වගබලාගැනීම ආචාර්ය නෙල්සන් ගේ වගකීම විය.

"මේ වගේ අවස්ථාවක උපකරණය හදිසියේ අක්‍රිය වෙන්න බෑ. වැරැදි බොත්තම ඔබන්න බෑ. මොකද ඔබට වෙනසක් කරන්න, වෙන තීරණයකට යන්න කාලයක් ඇත්තෙ නෑ". ඔහු තමන් ගේ වගකීමෙහි භාරදූර ස්වභාවය පැහැදිලි කර දුන්නේ එලෙසිනි.

එහෙත් පුළුල් ලෙස සලකා බැලුව හොත් මේ නිරීක්ෂණ කටයුත්තට ආචාර්ය නෙල්සන් ගේ දායකත්වය ඊටත් එහා ගිය එකකි. නිරීක්ෂණය සඳහා යොදාගත් ධ්‍රැවීකරණ ආලෝක කැමරාව අන්තර්ගත ව තිබෙන ISCORE (Imaging Spectrograph of Coronal Electrons) නම් උපකරණයේ මහ මොළකරු ඔහු ය. එය කලකට ඉහත දී සිය ආචාර්ය උපාධි පර්යේෂණය සඳහා සැලසුම් කළ MACS (Multi Aperture Coronal Spectrograph) නම් උපකරණය වැඩිදියුණු කරනු පිණිස ඔහු විසින් පසු කලෙක සැලසුම් කරන ලද්දකි. ISCORE උපකරණය ඉකුත් සමය තුළ රටවල් කිහිපයකට ම දිස් වූ පූර්ණ සූර්යග්‍රහණ අවස්ථාවල කොරෝනාව නිරීක්ෂණය පිණිස NASA විද්‍යාඥයන් විසින් යොදාගන්නා ලදි.

මෙවර යෙදුණු පූර්ණ සූර්යග්‍රහණ අවස්ථාවේ දී කොරෝනාවේ දත්ත ලබාගැනීමේ අවස්ථාවට ආචාර්ය නෙල්සන් එක් ව සිටියේ විද්‍යාඥ නැට් ගෝපාලස්වාමි ගේ ප්‍රධානත්වයෙන් යුත්, ඔරිගන් ප්‍රාන්තයට අයත් මැඩ්රාස් නගරයේ සිට ක්‍රියාත්මක වන නිරීක්ෂකයන් කණ්ඩායමක සාමාජිකයකු වශයෙනි.

කොරෝනාව යනු සූර්ය වායුගෝලයට අයත්, හිරු වෙතින් ඉවත දෙසට පැතිර ඇති තුන්වැනි ස්තරයයි. පෘථිවියේ සිට කරන නිරීක්ෂණයක දී කොරෝනාව පැහැදිලිව දැකබලාගෙන අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත්තේ හිරු, සඳු හමුවේ මුළුමනින් ම මුවා වන පූර්ණ සූර්යග්‍රහණයක දී පමණි. මක්නිසා ද යත් කොරෝනාව සාමාන්‍යයෙන්, අපේ චන්ද්‍රයා බබළන තරම් දීප්තියකින් බබළන්නේ වී නමුත්, එහි දීප්තිය සූර්යයා ගේ වඩාත් දීප්තිමත් ඇතුළත මුහුණතෙහි බැබැළීම හමුවේ අප්‍රකට ව පවතින බැවිනි. පූර්ණ සූර්යග්‍රහණයක දී හිරු ගේ ඇතුළත මුහුණත කාල වර්ණ දීසියකින් මුවා කළාක් මෙන් මුළුමනින් ම සඳු ගෙන් මුවා වී අඳුරු වන බැවින් හිරු වටා ඇති කොරෝනාව, (වඩාත් නිවැරැදිව පැවසුව හොත් කොරෝනාවේ පහළට වන්නට පිහිටි ප්‍රදේශය), ඉස්මතු ව පෙනෙන්නට ගනියි. (ඡායාරූපය බලන්න).

කොරෝනාව නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් විශේෂ උනන්දුවක් දක්වන්නේ ඇයි ද යන්න කුතුහලය දනවන කතාන්දරයකි. ඒ කතාන්දරය ඇසීමට පෙර එවැනි ම කුතුහලයකින් පිරි අපේ කතා නායකයා ගේ තොරතුරු බිඳක් ඇසීමට ඔබ කැමැති වනු නිසැක ය.

උපතින් ද්‍රවිඩ ජාතිකයකු වුවත් නෙල්සන් රෙජිනෝල්ඩ් උසස් පෙළ දක්වා ම අධ්‍යාපනය ලබන්නේ සිංහල මාධ්‍යයෙනි. අනෙකක් තබා ඔහු සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල විෂයය සඳහා හිමි කරගන්නේ විශිෂ්ට සම්මාන සාමර්ථ්‍යයකි.

"අපේ පවුලේ හිතවතෙක් තමයි මගේ මවුපියන්ට යෝජනා කළේ මට සිංහලෙන් අධ්‍යාපනය ලබා දීම වැදගත් කියලා. රටේ වැඩි ප්‍රතිශතයක් ජනතාව සිංහල නිසා සිංහල මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය ලබා තිබීම අනාගතයට වැදගත් කියා ඔහු කල්පනා කළා වෙන්න පුළුවන්. ඔහු ගේ උපාධිධාරී දියනියන් දෙදෙනා ලවා මට සිංහලෙන් ඉගෙනගන්න වැඩිදුර උදව් කරන්නම් කියාත් ඔහු කිව්වා."

"එතකොට නුවර ප්‍රදේශයේ උසස් මට්ටමේ සිංහල මාධ්‍ය රජයේ පාසල් තිබිය දී දුර බැහැර ගෙවා ඇවිත් ඔබ කොළඹ පෞද්ගලික පාසලකට ඇතුළත් වෙන්නේ?"

"ඒ කාලේ රජයේ රෙගුලාසියක් තිබුණා සිංහල මාධ්‍ය රජයේ පාසල්වලට ද්‍රවිඩ ළමයින් ඇතුළත් කරගන්නේ නැහැ කියලා. ඒ නිසා මහනුවර ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි වගේ ප්‍රසිද්ධ පාසල්වලට පවා ඇතුළත් වීමට මට අවස්ථාව ලැබුණේ නැහැ"

ඒ අනුව කුඩා නෙල්සන්ට සිදු වන්නේ අසීරුවෙන් නමුත් නිවසට, ගමට සමු දී කොළඹ බෝඩින් ජීවිතයකට හැඩගැසෙන්නට ය. ඔහු පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ අවසන් වන තුරු ම (පාසල් නිවාඩු කාලය හැර) ගත කළේ පාසලේ නේවාසිකාගාරයෙහි ය.

"පාසලේ දී මම කොයි තරම් සිංහලට නැඹුරු වුණා ද කියනව නම් මගේ මවුපියන් මට ඉංග්‍රීසියෙන් ලියුම් ලියද්දී මම ඔවුන්ට ලියුම් ලිව්වේ සිංහලෙන්. ඔවුන් සිංහල කියවන්න දන්නෙ නැති නිසා අහල පහළ ගෙදරකට ගිහින් තමයි ලියුම් කියවගත්තේ"

ඔහු ගේ මව නාවලපිටිය ශාන්ත ඇන්ඩෲ බාලිකා විද්‍යාලයයේ ගුරුවරියක් විය. (ඇය විශ්‍රාම ගියේ එහි ද්‍රවිඩ අංශයේ විදුහල්පතිනිය වශයෙනි). පියා සේවය කළේ පේරාදෙණිය සරසවියේ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා ඒකකයේ තාක්ෂණ ශිල්පියකු වශයෙනි.

ආචාර්ය නෙල්සන් අදට ද මේරිලන්ඩ්හි බ්රයන්ස් රෝඩ් නගරයේ පිහිටි නිවසේ සිට ගොඩර්ඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඇති පැයක කාලයක් ගත වන දුර ප්‍රමාණය සිය මෝටර් රථය පදවාගෙන යන අතරතුර සිංහල වේග රිද්ම ගීත රස විඳින බව අප හා පැවසී ය.

"එතකොට විද්‍යාඥයකු වෙන්න ඔබ පොලඹවා ලූ සාධක මොනවා ද?"

ආචාර්ය නෙල්සන් පසු කාලයක, සිය පාසල් මිතුරකු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කපිතාන් අනිල් ජයසිංහ සමග නියමු කුටියෙහි අසුනක හිඳගෙන කොළඹ සිට ලන්ඩනය වෙත ගමන් කිරීමේ විරල වරමක් උදා කරගත් අතර තමන් විසින් ම සැලසුම් කරන ලද විශේෂ වර්ණාවලිමානයක් භාවිතයෙන් සිය පළමු සූර්යග්‍රහණ නිරීක්ෂණ අත්දැකීම ලද තුර්කියේ හසාර් නදිය ආශ්රිත ප්‍රදේශය ඉහළින් ගුවන් යානය ගමන් කළ අවස්ථාව සිය ජීවිතයේ අමතක නො වන අත්දැකීමක් වූ බව සඳහන් කරයි.

"ඔව් ඒකත් රසවත් කතාවක්. මම සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ පංති පටන්ගන්න තුරු ඉන්න කාලය තමයි ලංකාවේ රූපවාහිනිය වේගයෙන් ව්‍යාප්ත වීමට පටන්ගනිමින් තිබූ කාලය. අපේ පාසලටත් ටීටී එකක් ගෙනාවා. හොස්ටල් එකේ ළමයින්ට සතියකට එක දවසක් පැයක් ඒ ටීවී එක බලන්න අවසර දීලා තිබුණා. ඉතින් අපි හැම සිකුරාදා ම රාත්‍රි ආහාරයෙන් පස්සේ ටීවී එක තිබුණු කාමරයට දුවනවා. අපි ආසාවෙන් බැලුවේ 'ඒ ටීම්', 'නයිට් රයිඩර්' වගේ වැඩසටහන් තමයි. ඔහොම යනකොට අපේ උප විදුහල්පති තුමා, චිකේරා පියතුමා කිව්වා ඔය ළමයින්ට ඕවා බලලා හරියන්නෙ නැහැ ඒ වෙනුවට CNN ප්රවෘත්ති බලන්න කියලා. අපිට බල කළ නිසා අකැමැත්තෙන් වුණත් ඊට පස්සේ ඒ වෙලාවට ඒ ඇමෙරිකන් නාළිකාවේ ප්රවෘත්ති බලන්න අපිට සිද්ධ වුණා. වැඩියෙන් ම විකාශය වුණේ නීරස දේශපාලනික ප්රවෘත්ති තමයි.

හැබැයි දවසක් මගේ ජීවිතයේ තීරණාත්මක පෙරළියක් ඇති කිරීමට මුල් වූ ප්‍රවෘත්තියක් එහි පෙන්නුවා. ඒ NASA ආයතනයේ අභ්‍යවකාශ ෂටල යානයක් උඩුගුවන්ගත වීම. මම ඒකට මොන තරම් වශී වුණා ද කියනව නම් පහුව දා පුස්තකාලයට ගිහින් ඒ ගැන ඩේලි නිව්ස් පත්තරේ පිටුවක් පුරා පළ වෙලා තිබුණු විස්තරයත් කියෙව්වා. ඒ ෂටල ගමනට එක් වෙලා හිටපු ගගනගාමීන් වැඩි දෙනෙක් හමුදාවට සම්බන්ධ අය බව මට පෙනී ගියා. හැබැයි එක්කෙනෙක් හිටියා තාරකා භෞතික විද්‍යාඥයෙක් (Astrophysicist). එතකොට මට තේරුණා අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ වෙන්න හමුදාමය නො වන අයටත් පුළුවන් බව.

මම ඉක්මනට අපේ භෞතික විද්‍යා ගුරුතුමා, කීර්ති පෙරේරා මහත්මයා ළ`ගට ගිහින් ඇහුවා කවුද තාරකා භෞතික විද්‍යාඥයෙක් කියන්නේ කියලා. ඔහු පහදලා දුන්නා ඒ, අභ්‍යවකාශය ගැන හදාරන භෞතික විද්‍යාඥයෙක් බව.

අන්න ඒ වෙලාවේ තමයි මට හිතුණේ මමත් කවදා හරි මේ වගේ තාරකා භෞතික විද්‍යාඥයෙක් වෙන්න ඕන කියලා.

ඉතින් එදා ඉඳලා මම සිහින මැව්වේ ඒ ගැන තමයි. හැබැයි මගේ යාළුවෝ, මවුපියෝ, නෑදැයො විතරක් නෙමෙයි සමහර ගුරුවරු පවා හිතුවේ මම ළ`ගා කරගන්න බැරි ඉලක්කයක් ගැන සිහින මවනවා කියලයි. අනෙක් ළමයි වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වගේ කවුරුත් දන්න අනාගත ඉලක්ක ගැන කියද්දී මම විතරක් තාරකා භෞතික විද්‍යාඥයෙක් වෙනවා කිව්වම සමහර වෙලාවට ඒ අය හිතුවේ මේක මම කියන්නේ විහිළුවට කියලයි. මේ ගැන කිව්වම සමහර යාළුවෝ මට විහිළු කරනවා 'එහෙනම් ඔයා හඳට ගියා ම අපිට පෝස්ට්කාඩ් එකක් එවන්න අමතක කරන්න එපා' කියලා. එක ගුරුවරයෙක් මේක හාස්‍යයකට අරගෙන ඇහුවා 'ඇයි ඔයාට පිස්සන් කොටුවට යන්න අනාගත බලාපොරොත්තුවක් නැත්තෙ' කියලා.

එක දවසක් ළඟ ම ඥතියකුට මේක කියලා ඇය ඒක වටහාගත්තේ මම ජ්‍යෙdතිශාස්ත්රඥයෙක් (Astrologer) වෙන්න යනවා කියලා. ඇය ඒ ගැන මගේ මවුපියන්ටත් පැමිණිලි කළා.

හැබැයි මම ඒ එකකින් වත් සැලුණේ නැහැ."

නෙල්සන් සිසුවා ගේ විශේෂත්වය වූයේ අනාගත ඉලක්කයක් සහිත ව අධ්‍යාපන කටයුතුවල මැනැවින් නියෑළෙන අතර ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම්වල ද යෙදී ඒ අංශවලින් ද ඉහළ සමත්කම් දැක්වීමයි.

ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයයේ හොකී, පැසිපන්දු, කිමිදුම් ක්‍රීඩා පිළිබඳ වර්ණලාභියෙකි. ඔහු විද්‍යාලයීය කැඩෙට් සහ බොක්සිං කණ්ඩායම්වල ද සාමාජිකයෙක් විය. ඔහු පසු කලෙක පේරාදෙණිය සරසවියට පිවිසි පසු එහි රග්බි සහ හොකී කණ්ඩායම්වල ද වර්ණලාභියෙක් විය. පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලබන අතර අන්තර් විශ්වවිද්‍යාල භෞතික විද්‍යා දැනුම මිනුම තරගයෙන් ඔහු පළමු ස්ථානය දිනාගත්තේ ය.

"ඔබ කොහොම ද මේ අංශ දෙක ම සමබරව පවත්වාගෙන ගියේ?" අපි ඇසුවෙමු.

"ඇත්තට ම බාහිර ක්‍රියාකාරකම්වලින් ශිෂ්‍යයකු ලබන විනය, හික්මීම, පුහුණුව, ඉවසීම ඔහු ගේ අධ්‍යාපන කටයුතුවලට වගේ ම අනාගත ජීවිතයටත් ආශිර්වාදයක් මිස අගතියක් වන්නෙ නැහැ. විශේෂයෙන් ක්‍රීඩා අංශයකින් මේ බොහෝ දේවල් ශිෂ්‍යයකුට ඉගෙනගත හැකි වනවා. මම හොකී කණ්ඩායම තුළ දී එහෙම නැත්නම් කෙඩෙට් කණ්ඩායම තුළ දී නායකයා ගේ අණ උපරිමයෙන් පිළිපදිනවා. හැබැයි එළියෙ දි ඔවුන්ට නොයෙක් උසුළු විසුළු කරනවා වෙන්න පුළුවන්. වාද කරනවා වෙන්න පුළුවන්. පිටියෙ දි වෙනස්. අප නායකයා එක්ක, පුහුණුකරු එක්ක, විනිශ්චයකරු එක්ක වාද කරන්න යන්නෙ නෑ. මේ කණ්ඩායම් හැඟීම පසු කාලෙක NASA පර්යේෂණ කණ්ඩායම්වල සාමාජිකයකු ලෙස කටයුතු කරද්දීත් මට බොහෝ ප්‍රයෝජනවත් වුණා."

NASA ආයතනයේ පර්යේෂකයන් සාමාන්‍යයෙන් තමන්ට පමණක් ලකුණු දමාගැනීමට උත්සාහ නො කරන බවත්, සැම විට ම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන බවත්, ලැබෙන ඕනෑ ම වගකීමක් මනා අවබෝධයකින් යුතු ව ඉටු කරන බවත් ආචාර්ය නෙල්සන් පවසයි.

"අභ්‍යවකාශ වැඩසටහන්වල සාර්ථකත්වයට ඒ හැඟීම අත්‍යවශ්‍යයි. තමන් ගැන විතරක් ලොකුවට හිතාගෙන හිටියොත්a ඒක කරන්න බැහැ. උදාහරණයක් විදියට එක අවස්ථාවක Solar Orbitor කියන සූර්ය නිරීක්ෂණ යානයේ සවි කෙරෙන SPICE (Spectral Imaging of the Coronal Environment) නම් උපකරණයේ සියලු ම ඇණ මුරිච්චි පිරිසිදු කර දීමේ වගකීම මට පැවරුණා. ඇණ දහස් ගණනක්. ඔබ හිතන්න පුළුවන් ඒක ඇණ ගොඩ භාජනයක දාලා සේදීම වගේ සරල වැඩක් කියලා. ඒක ඊට වඩා බැරෑරුම් වගකීමක්. මුලින් ම ඉහළ උෂ්ණත්වයක් යටතේ රත් කරලා, ජීවාණුහරණය කරලා, අපද්‍රව්‍ය ඉවත් කරලා ඊට පස්සේ සාම්පල අරගෙන අණ්වීක්ෂයකින් පරීක්ෂා කර බලන්න ඕන, සියුම් දූවිලි අංශු තවදුරටත් රැඳී තිබෙනව ද කියලා. තිබුණොත් ඒවා ඉවත් කරන්න ඕන. අභ්‍යවකාශය රික්තයක් නිසා මේ දූවිලි අංශු එළියට ඇදිලා ඇවිත් දෘෂ්‍ය (ප්‍රකාශ) උපකරණවල කාචවල බැඳී දර්ශන පථය අවහිර වෙන්න පුළුවන්. එහෙම දෙයක් වුණොත් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවපු ඩොලර් මිලියන ගණනක් වූ ආයෝජනය ම ඉවරයි.

ඉතින් තමන් ගේ වගකීමේ ඇති බැරෑරුම්කම ගැන හොඳ අවබෝධයකින්, කණ්ඩායම් හැඟීමෙන්, බොහොම ඉවසීමෙන් මේ දේවල් කරන්න ජීවිතයේ මුල් අවධියේ පටන් ම මනා ශික්ෂණයක් ලබා තිබීම හරි වැදගත් වනවා."

ආචාර්ය නෙල්සන් NASA පර්යේෂකයකු ලෙස මේ වන විට පූර්ණ සූර්යග්‍රහණ අවස්ථාවල අදාළ විද්‍යාත්මක දත්ත එක්රැස් කිරීම සඳහා තමන් විසින් සැලසුම් කර වැඩිදියුණු කරන ලද උපකරණ ද රැගෙන ලොව පුරා රටවල් කිහිපයක ම චාරිකා කර තිබේ. (සූර්යග්‍රහණ සැම රටකට ම දිස් නො වන බැවින්, හොඳින් දිස් වන රටවලට යැමට විද්‍යාඥයන්ට සිදු වේ). අප්‍රිකාව, ලිබියාව, චීනය හා පසුගිය වසරේ දී ඉන්දුනිසියාව යන රටවල දී ඔහු NASA කණ්ඩායම් සාමාජිකයකු හා සූර්ය කොරෝනා අධ්‍යයන විශේෂඥයකු ලෙස සූර්යග්‍රහණ අවස්ථාවල විද්‍යාත්මක දත්ත රැස් කිරීමට සහභාගි වී ඇත.

"මේ චාරිකාවල දී ඔබ මුහුණ පෑ අමතක නො වන අත්දැකීම් එමට ඇති?"

"ඔව්. මේ චාරිකාවල දී මුහුණපෑ අභියෝග, දුෂ්කරතා බොහොමයි. ලෝකයේ විවිධ ස්ථානවලට යන්න වෙනවා විතරක් නෙමෙයි සූර්යග්‍රහණය හොඳින් ම පෙනෙන ස්ථාන හැම විට ම සුවපහසු ස්ථාන වෙන්නෙත් නැහැ. වරක් අපිට දකුණු අප්‍රිකාවේ කෲගර් ජාතික උද්‍යානය කියන, දරුණු වනජීවීන් ගැවසෙන කලාපයක් තුළ සිට අපේ රාජකාරිය කරන්න සිද්ධ වුණා. මේ වනෝද්‍යානයේ විශාලත්වය ශ්‍රී ලංකාව තරම්ෘ සූර්යග්‍රහණය හොඳින් නිරීක්ෂණය කරන්න නම් අපිට මේ අතිවිශාල වනෝද්‍යානයේ මැදට ම යන්න සිද්ධ වුණා. රයිනෝසිරස්ලා, හයිනාවුන් වගේ වන සතුන් හැම තැන ම. මේ වගේ ස්ථානවල නවාතැන් පහසුකම්, භාණ්ඩ ප්‍රවාහනය, විදුලි බලය මේ සියල්ලමත් අභියෝග.

ලිබියාවේ දී අපිට සිද්ධ වුණේ සහරා කාන්තාරයේ මැදට ගිහින් නිරීක්ෂණ කටයුතු සිදු කරන්න. ලිබියානු රජය අපිව චිනුක් හෙලිකොප්ටර්වලින් තමයි ඒ ස්ථානයට ප්‍රවාහනය කළේ. චීනයේ දී අපි හිටියේ ගෝබි කාන්තාරය මැද කූඩාරම් ගහගෙන.

ඉන්දුනීසියාවේ විදුලි උපකරණ ක්‍රියාත්මක කෙරෙන්නේ වෝල්ට් 230න් නිසා අපේ උපකරණ නිසි අයුරින් ක්‍රියා කරවන්න අපිට අපේ ම ජෙනරේටර් ගෙනියන්න සිද්ධ වුණා.

එතකොට මදුරුවන් දෂ්ටනය වගේ දේවලින් වන හානිවලින් ආරක්ෂා වෙන්න ඒ ඒ රටවලට බලපාන විශේෂිත රෝගවලට ප්‍රතිශක්තිකරණය වී යා යුතු වනවා.

සමහර අවස්ථාවල නොයෙක් අවහිරතා නිසා අපිට කලට වෙලාවට නිරීක්ෂණ අඩවියට ළ`ගා වෙන්න බැරි වෙනවා. තුර්කියේ දී අපි අදාළ ප්‍රදේශයට ළ`ගා වුණේ හරියට ම සූර්යගග්රහණය පැවති දවසේ. අපිට උපකරණ අටවන්න ඉතිරි වෙලා තිබුනේ පැය 3ක කාලයක් පමණයි."

ආචාර්ය නෙල්සන් ඇතුළු කණ්ඩායම වසර ගණනක් තිස්සේ මේ අයුරින් දුෂ්කරතා මධ්‍යයේ සූර්ය කොරෝනාව නිරීක්ෂණය කරන්නේ, වසර 200 ගණනක් තිස්සේ විසඳීමට නොහැකි ව පවතින 'සූර්ය ප්‍රහේළිකා' දෙකක් විසඳීමට අවශ්‍ය විද්‍යාත්මක දත්ත එක්රැස් කරගැනීමට ය.

අධිකතර තාපයක් යටතේ රසායනික ප්‍රතික්‍රියා සිදු වන සූර්ය මධ්‍යයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් කෙල්වින් මිලියන 15ක් පමණ අගයකි. එතැන් සිට හිරු මතුපිට වෙතට පැමිණෙත් ම උෂ්ණත්වය කෙල්වින් 6000ක් පමණ දක්වා පහළ අගයක් ගනියි. දැන්, ඊටත් ඔබ්බෙන් ඇති සූර්ය වායුගෝලයේ උෂ්ණත්වය අඩු විය යුතු වැඩි විය යුතු ද? හරි නම් අඩු විය යුතු ය. එහෙත් එහි උෂ්ණත්වය කෙල්වින් මිලියන 1ක් තරම් යළිත් ඉහළ අගයකට නඟියිෘ

"මේක, ගිනි මැළයක් ළ`ග ඉඳන් ටිකක් ඈතට ගියා ම රස්නය අඩු වෙලා තව ඈතට ගියා ම රස්නය වැඩි වනවා වගේ හරි අමුතු ම සිදුවීමක්"

ආචාර්ය නෙල්සන් උදාහරණයකින් එය පැහැදිලි කරයි. සූර්ය කොරෝනීය තාපන ගැටලුව (Solar Coronal Heating Problem) යනුවෙන් හඳුන්වනු ලබන මෙය විද්‍යාඥයන් අන්දමන්ද කළ කොරෝනාවේ පළමු ප්රහේළිකාවයි.

අනෙක් ප්රහේළිකාව හඳුන්වනු ලබන්නේ සූර්ය කොරෝනීය ත්වරණ ගැටලුව (Solar Coronal Acceleration Problem) නමිනි. ආචාර්ය නෙල්සන් එය මෙසේ පැහැදිලි කරයි.

"ගලක් අතින් විසි කළොත් අතින් ගිලිහුණු වහා ම ප්‍රවේගය ඉහළ අගයක් ගන්නවා. ඊට පස්සේ යම් දුරක් දක්වා ප්‍රවේගය අඩු වෙනවා. අන්න ඒ වගේ සැම විට ම සූර්යයා සතු වායුගෝලයේ සිට ආරෝපිත අංශු ඉවතට විසි කෙරෙනවා. සූර්ය සුළං (Solar wind) ලෙස තමයි මේ සංසිද්ධිය හැඳින්වෙන්නේ. ඉතින් මේවායේ ප්‍රවේගය ඒවා නිකුත් වූ වහා ම වැඩි අගයක තිබුණත් යම් දුරක් ගමන් කළ පසු අඩු විය යුතුයි. ඒත් සූර්ය කොරෝනාව තුළ දී එහි ප්‍රවේගය අසාමාන්‍ය ලෙස වැඩි වන්නට පටන්ගන්නවා. මේ තමයි අනෙක් ප්රහේළිකාව."

දැනට තිබෙන භෞතික විද්‍යා සිද්ධාන්තවලින් මේ සංසිද්ධි දෙක පැහැදිලි කළ නො හැකි ය. ආචාර්ය නෙල්සන් පවසන්නේ මේ ප්‍රහේළිකා දෙක විසඳීමට සමත් වන ජගතකු අනිවාර්යයෙන් ම නොබෙල් ත්‍යාගයට හිමිකම් ලබන බව ය. ඒ නිසා ම මේ අබිරහස් අනාවරණය කරගැනීම සඳහා ලොව පුරා පර්යේෂකයෝ රාශියක් ඉතා උෙද්‍යාaගයෙන් පර්යේෂණවල නියෑළී සිටිති. කෙසේ වෙතත් ආචාර්ය නෙල්සන් පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම වෙහෙසන්නේ නොබෙල් ත්‍යාගයට හිමිකම් කීමට නො ව එම පර්යේෂකයන්ට අවශ්‍ය විශ්වසනීය දත්ත එක්රැස් කර ලබා දීමට බව ය.

ආචාර්ය නෙල්සන් සිය ආචාර්ය උපාධිය ලැබීමෙන් අනතුරුව ඇමෙරිකාවේ කතෝලික සරසවියට අනුබද්ධ තාරකා භෞතීය හා පරිගණන විද්‍යා ආයතනය හරහා තවදුරටත් ගොඩර්ඩ්හි පර්යේෂණ කටයුතුවලට දායකත්වය ලබා දුන්නේ ය. එහි දී STEREO නම් සූර්ය ගවේෂණ යානයෙහි සවි කෙරුණු COR1 උපකරණය ද, Solar Orbiter සූර්ය ගවේෂණ යානයේ සවි කළ SPICE උපකරණය ද, දැනට අත්හදා බැලෙමින් පවතින කොරෝනාව ඡායාරූපගත කිරීමේ GMC නම් උපකරණය ද සැලසුම් කළ කණ්ඩායම්වල සාමාජිකයකු ලෙස ඔහු කටයුතු කළේ ය.

ආචාර්ය නෙල්සන් රෙජිනෝල්ඩ් එක්සත් රාජධානියේ CIMA ආයතනයේ වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳ උපාධිධාරියෙක් ද වේ. සූර්ය නිරීක්ෂණයට අදාළ පර්යේෂණ කටයුතු මූල්‍යමය සීමාවන් තුළ කළමනාකරණය කරගැනීමට එම උපාධියෙන් ලද දැනුම තමාට බෙහෙවින් ඉවහල් වන බව ඔහු සඳහන් කරයි.

දිවයින පත්තරෙ ගිය ලිපිය මෙතනින් ගිහින් කියවන්න

සම්පුර්න ලිපිය

[QUOTE="thiwanka000, post: 22210508, member: 502428"] [b]ආචාර්ය නෙල්සන් රෙජිනෝල්ඩ්[/b] [size=6]ඇමෙරිකාවේ NASA ආයතනය ශ්‍රී ලාංකිකයන්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නො වන්නේ 1969 දී සිදු වූ මුල් ම මානව චන්ද්‍ර ගවේෂණ චාරිකාවේ සිට ම එම ආයතනයේ මෙහෙයුම් කටයුතු අපේ අය මාධ්‍ය හරහා හොඳින් අසා, දැක ඇති බැවිනි. ආචාර්ය නෙල්සන් ලෙස්ලි රෙජිනෝල්ඩ් NASA ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සමූහයක් සේවයේ නියුතු ව සිටින බව ද ප්‍රකට කරුණකි. මේ අය අතරින් අප රටේ උදවිය බොහෝ විට අසා ඇත්තේ 1960 දශකය අවසානයේ සිදු වූ සඳ තරණයට ද පෙර සිට එම ආයතනයේ සේවය කළ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, වර්තමානයේ එහි සේවය කරන ආචාර්ය සරත් ගුණපාල වැනි කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කිහිප දෙනකු ගැන ය. එයින් කියවෙන්නේ NASA ආයතනයේ සේවය කරන සෙසු ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ගැන ද දැනගැනීමට අපේ අය තුළ උනන්දුවක් නැති ය යන්න නො ව, එවැනි අය ගැන දැනගැනීමට ජනමාධ්‍ය හරහා අවස්ථාව උදා වන්නේ විරල ව යන්න ය. එවැනි ශ්‍රී ලාංකික විද්‍යාඥයකු සමග දිවයින ඉරිදා සංග්‍රහය වෙනුවෙන් පිළිසඳරක යෙදීමේ අවස්ථාව ඉකුත් දා අපට උදා වුණේ ය. මේ අවස්ථාවට මඟපෑදුණේ ඉකුත් අගෝස්තු 21 වැනි දා ඇමෙරිකාවට දර්ශනය වූ පූර්ණ සූර්යග්‍රහණයත් සමඟිනි. එදින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.45ට පමණ ඇමෙරිකාවේ දී දැකගන්නට ලැබුණු පූර්ණ සූර්යග්‍රහණය අළලා NASA ආයතනයෙන් සිදු කළ, ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අපට දැකගන්නට ලැබුණු සජීවී ටෙලිවිෂන් විකාශයෙහි ආරම්භක රූප රාමුවල ම මේ ශ්‍රී ලාංකික විද්‍යාඥයා දක්නට සිටියේ ය. ඔහු ආචාර්ය නෙල්සන් ලෙස්ලි රෙජිනෝල්ඩ් ය. NASA ආයතනයට අයත් මේරිලන්ඩ්, ග්‍රීන්බෙල්ට්හි පිහිටි ගොඩර්ඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ සේවය කරන ඔහු සූර්ය භෞතික විද්‍යාව (Solar Physics) පිළිබඳ විශේෂඥයෙකි. අප රටේ වැඩි දෙනකු මේ ශ්‍රී ලාංකිකයා ගැන අසා නැතිවා විය හැකි මුත්, ඔහු NASA ආයතනයේ මේ වන විට 20 වසරක දීර්ඝ සේවා කාලයක් සපුරා ඇති කීර්තිමත් විද්‍යාඥයෙකි. මහනුවර ඉපිද, කොළඹට පැමිණෙන ඔහු, පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ සමත් වීම දක්වා අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයෙනි. අනතුරුව පේරාදෙණිය සරසවියට ඇතුළත් වන ඔහු, එහි දී භෞතික විද්‍යාව හා ශුද්ධ ගණිතය පිළිබඳ සිය මූලික විද්‍යාවේදී උපාධිය ගෞරව සාමර්ථ්‍යයක් සහිතව සම්පූර්ණ කිරීමට සමත් විය. එම උපාධියෙහි වූ ජාත්‍යන්තර ප්‍රමිතිය සැලකිල්ලට ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් සරසවිය ඔහුට සෘජු ශිෂ්‍යත්වයක් පිරිනැමූ අතර ඒ අනුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේ ය. ඒ 1994 දී ය. ඩෙලවෙයාර් සරසවියෙන් 1997 දී සිය විද්‍යාපති (MSc.) උපාධිය සම්පූර්ණ කරන ඔහු 1998 වසරේ දී NASA ආයතනයෙන් පිරිනමන ලද පර්යේෂණ සාමාජිකත්වයක් යටතේ ගොඩර්ඩ් මධ්‍යස්ථානයට හාපුරා කියා සම්බන්ධ වන්නේ සිය ආචාර්ය උපාධි නිබන්ධයට අදාළ පර්යේෂණ කටයුතුවල නියෑළීම පිණිස ය. ඉකුත් අගෝස්තු 21 වැනි දා ආචාර්ය නෙල්සන් ඉන්ටනෙට් හරහා උක්ත විඩියෝ විකාශය නරඹමින් සිටි මිලියනය ඉක්මවූ ප්‍රේක්ෂකයන් දැනුවත් කරමින්, මෙවර සූර්යග්‍රහණය නිරීක්ෂණය පිණිස NASA ආයතනය විශේෂයෙන් යොදාගෙන තිබූ ධ්‍රැවීකරණ ආලෝක කැමරාවේ (Polari'ation camera) තීරණාත්මක ක්රියාකාරිත්වයකට තමන් වගකියන අයුරු පැහැදිලි කර දුන්නේ ය. තත්පර කිහිපයක් ඇතුළත තරංග ආයාම 4ක් ඔස්සේ එක වර ප්‍රතිබිම්බ ලබාගත හැකි වන ලෙස මේ කැමරාව සකසා තිබේ. මේ හරහා ලබාගැනෙන ප්‍රතිබිම්බ මඟින් සූර්ය වායුගෝලයට අයත් 'කොරෝනාවේ' අඩංගු ඉලෙක්ට්‍රොaනවල උෂ්ණත්ව වෙනස්කම් සහ ඉලෙක්ට්‍රොaන ගලා යන වේගය යන දත්ත ලබාගත හැකි ය. (මෙකී දත්ත ලබාගැනීමේ වැදගත්කම මේ ලිපියේ ඉදිරි තැනක සඳහන් වේ). මෙවර පූර්ණ සූර්යග්‍රහණය පැවතුණේ තත්පර 120ක් වැනි කෙටි කාලයක් පමණක් බැවින් නිවැරැදි වේලාවට, නිවැරැදි ප්‍රතිබිම්බ, දර්ශන පථය මධ්‍යයට ලබාගැනෙන බවට වගබලාගැනීම ආචාර්ය නෙල්සන් ගේ වගකීම විය. "මේ වගේ අවස්ථාවක උපකරණය හදිසියේ අක්‍රිය වෙන්න බෑ. වැරැදි බොත්තම ඔබන්න බෑ. මොකද ඔබට වෙනසක් කරන්න, වෙන තීරණයකට යන්න කාලයක් ඇත්තෙ නෑ". ඔහු තමන් ගේ වගකීමෙහි භාරදූර ස්වභාවය පැහැදිලි කර දුන්නේ එලෙසිනි. එහෙත් පුළුල් ලෙස සලකා බැලුව හොත් මේ නිරීක්ෂණ කටයුත්තට ආචාර්ය නෙල්සන් ගේ දායකත්වය ඊටත් එහා ගිය එකකි. නිරීක්ෂණය සඳහා යොදාගත් ධ්‍රැවීකරණ ආලෝක කැමරාව අන්තර්ගත ව තිබෙන ISCORE (Imaging Spectrograph of Coronal Electrons) නම් උපකරණයේ මහ මොළකරු ඔහු ය. එය කලකට ඉහත දී සිය ආචාර්ය උපාධි පර්යේෂණය සඳහා සැලසුම් කළ MACS (Multi Aperture Coronal Spectrograph) නම් උපකරණය වැඩිදියුණු කරනු පිණිස ඔහු විසින් පසු කලෙක සැලසුම් කරන ලද්දකි. ISCORE උපකරණය ඉකුත් සමය තුළ රටවල් කිහිපයකට ම දිස් වූ පූර්ණ සූර්යග්‍රහණ අවස්ථාවල කොරෝනාව නිරීක්ෂණය පිණිස NASA විද්‍යාඥයන් විසින් යොදාගන්නා ලදි. මෙවර යෙදුණු පූර්ණ සූර්යග්‍රහණ අවස්ථාවේ දී කොරෝනාවේ දත්ත ලබාගැනීමේ අවස්ථාවට ආචාර්ය නෙල්සන් එක් ව සිටියේ විද්‍යාඥ නැට් ගෝපාලස්වාමි ගේ ප්‍රධානත්වයෙන් යුත්, ඔරිගන් ප්‍රාන්තයට අයත් මැඩ්රාස් නගරයේ සිට ක්‍රියාත්මක වන නිරීක්ෂකයන් කණ්ඩායමක සාමාජිකයකු වශයෙනි. කොරෝනාව යනු සූර්ය වායුගෝලයට අයත්, හිරු වෙතින් ඉවත දෙසට පැතිර ඇති තුන්වැනි ස්තරයයි. පෘථිවියේ සිට කරන නිරීක්ෂණයක දී කොරෝනාව පැහැදිලිව දැකබලාගෙන අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත්තේ හිරු, සඳු හමුවේ මුළුමනින් ම මුවා වන පූර්ණ සූර්යග්‍රහණයක දී පමණි. මක්නිසා ද යත් කොරෝනාව සාමාන්‍යයෙන්, අපේ චන්ද්‍රයා බබළන තරම් දීප්තියකින් බබළන්නේ වී නමුත්, එහි දීප්තිය සූර්යයා ගේ වඩාත් දීප්තිමත් ඇතුළත මුහුණතෙහි බැබැළීම හමුවේ අප්‍රකට ව පවතින බැවිනි. පූර්ණ සූර්යග්‍රහණයක දී හිරු ගේ ඇතුළත මුහුණත කාල වර්ණ දීසියකින් මුවා කළාක් මෙන් මුළුමනින් ම සඳු ගෙන් මුවා වී අඳුරු වන බැවින් හිරු වටා ඇති කොරෝනාව, (වඩාත් නිවැරැදිව පැවසුව හොත් කොරෝනාවේ පහළට වන්නට පිහිටි ප්‍රදේශය), ඉස්මතු ව පෙනෙන්නට ගනියි. (ඡායාරූපය බලන්න). කොරෝනාව නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් විශේෂ උනන්දුවක් දක්වන්නේ ඇයි ද යන්න කුතුහලය දනවන කතාන්දරයකි. ඒ කතාන්දරය ඇසීමට පෙර එවැනි ම කුතුහලයකින් පිරි අපේ කතා නායකයා ගේ තොරතුරු බිඳක් ඇසීමට ඔබ කැමැති වනු නිසැක ය. උපතින් ද්‍රවිඩ ජාතිකයකු වුවත් නෙල්සන් රෙජිනෝල්ඩ් උසස් පෙළ දක්වා ම අධ්‍යාපනය ලබන්නේ සිංහල මාධ්‍යයෙනි. අනෙකක් තබා ඔහු සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල විෂයය සඳහා හිමි කරගන්නේ විශිෂ්ට සම්මාන සාමර්ථ්‍යයකි. "අපේ පවුලේ හිතවතෙක් තමයි මගේ මවුපියන්ට යෝජනා කළේ මට සිංහලෙන් අධ්‍යාපනය ලබා දීම වැදගත් කියලා. රටේ වැඩි ප්‍රතිශතයක් ජනතාව සිංහල නිසා සිංහල මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය ලබා තිබීම අනාගතයට වැදගත් කියා ඔහු කල්පනා කළා වෙන්න පුළුවන්. ඔහු ගේ උපාධිධාරී දියනියන් දෙදෙනා ලවා මට සිංහලෙන් ඉගෙනගන්න වැඩිදුර උදව් කරන්නම් කියාත් ඔහු කිව්වා." "එතකොට නුවර ප්‍රදේශයේ උසස් මට්ටමේ සිංහල මාධ්‍ය රජයේ පාසල් තිබිය දී දුර බැහැර ගෙවා ඇවිත් ඔබ කොළඹ පෞද්ගලික පාසලකට ඇතුළත් වෙන්නේ?" "ඒ කාලේ රජයේ රෙගුලාසියක් තිබුණා සිංහල මාධ්‍ය රජයේ පාසල්වලට ද්‍රවිඩ ළමයින් ඇතුළත් කරගන්නේ නැහැ කියලා. ඒ නිසා මහනුවර ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි වගේ ප්‍රසිද්ධ පාසල්වලට පවා ඇතුළත් වීමට මට අවස්ථාව ලැබුණේ නැහැ" ඒ අනුව කුඩා නෙල්සන්ට සිදු වන්නේ අසීරුවෙන් නමුත් නිවසට, ගමට සමු දී කොළඹ බෝඩින් ජීවිතයකට හැඩගැසෙන්නට ය. ඔහු පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ අවසන් වන තුරු ම (පාසල් නිවාඩු කාලය හැර) ගත කළේ පාසලේ නේවාසිකාගාරයෙහි ය. "පාසලේ දී මම කොයි තරම් සිංහලට නැඹුරු වුණා ද කියනව නම් මගේ මවුපියන් මට ඉංග්‍රීසියෙන් ලියුම් ලියද්දී මම ඔවුන්ට ලියුම් ලිව්වේ සිංහලෙන්. ඔවුන් සිංහල කියවන්න දන්නෙ නැති නිසා අහල පහළ ගෙදරකට ගිහින් තමයි ලියුම් කියවගත්තේ" ඔහු ගේ මව නාවලපිටිය ශාන්ත ඇන්ඩෲ බාලිකා විද්‍යාලයයේ ගුරුවරියක් විය. (ඇය විශ්‍රාම ගියේ එහි ද්‍රවිඩ අංශයේ විදුහල්පතිනිය වශයෙනි). පියා සේවය කළේ පේරාදෙණිය සරසවියේ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා ඒකකයේ තාක්ෂණ ශිල්පියකු වශයෙනි. ආචාර්ය නෙල්සන් අදට ද මේරිලන්ඩ්හි බ්රයන්ස් රෝඩ් නගරයේ පිහිටි නිවසේ සිට ගොඩර්ඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඇති පැයක කාලයක් ගත වන දුර ප්‍රමාණය සිය මෝටර් රථය පදවාගෙන යන අතරතුර සිංහල වේග රිද්ම ගීත රස විඳින බව අප හා පැවසී ය. "එතකොට විද්‍යාඥයකු වෙන්න ඔබ පොලඹවා ලූ සාධක මොනවා ද?" ආචාර්ය නෙල්සන් පසු කාලයක, සිය පාසල් මිතුරකු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කපිතාන් අනිල් ජයසිංහ සමග නියමු කුටියෙහි අසුනක හිඳගෙන කොළඹ සිට ලන්ඩනය වෙත ගමන් කිරීමේ විරල වරමක් උදා කරගත් අතර තමන් විසින් ම සැලසුම් කරන ලද විශේෂ වර්ණාවලිමානයක් භාවිතයෙන් සිය පළමු සූර්යග්‍රහණ නිරීක්ෂණ අත්දැකීම ලද තුර්කියේ හසාර් නදිය ආශ්රිත ප්‍රදේශය ඉහළින් ගුවන් යානය ගමන් කළ අවස්ථාව සිය ජීවිතයේ අමතක නො වන අත්දැකීමක් වූ බව සඳහන් කරයි. "ඔව් ඒකත් රසවත් කතාවක්. මම සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ පංති පටන්ගන්න තුරු ඉන්න කාලය තමයි ලංකාවේ රූපවාහිනිය වේගයෙන් ව්‍යාප්ත වීමට පටන්ගනිමින් තිබූ කාලය. අපේ පාසලටත් ටීටී එකක් ගෙනාවා. හොස්ටල් එකේ ළමයින්ට සතියකට එක දවසක් පැයක් ඒ ටීවී එක බලන්න අවසර දීලා තිබුණා. ඉතින් අපි හැම සිකුරාදා ම රාත්‍රි ආහාරයෙන් පස්සේ ටීවී එක තිබුණු කාමරයට දුවනවා. අපි ආසාවෙන් බැලුවේ 'ඒ ටීම්', 'නයිට් රයිඩර්' වගේ වැඩසටහන් තමයි. ඔහොම යනකොට අපේ උප විදුහල්පති තුමා, චිකේරා පියතුමා කිව්වා ඔය ළමයින්ට ඕවා බලලා හරියන්නෙ නැහැ ඒ වෙනුවට CNN ප්රවෘත්ති බලන්න කියලා. අපිට බල කළ නිසා අකැමැත්තෙන් වුණත් ඊට පස්සේ ඒ වෙලාවට ඒ ඇමෙරිකන් නාළිකාවේ ප්රවෘත්ති බලන්න අපිට සිද්ධ වුණා. වැඩියෙන් ම විකාශය වුණේ නීරස දේශපාලනික ප්රවෘත්ති තමයි. හැබැයි දවසක් මගේ ජීවිතයේ තීරණාත්මක පෙරළියක් ඇති කිරීමට මුල් වූ ප්‍රවෘත්තියක් එහි පෙන්නුවා. ඒ NASA ආයතනයේ අභ්‍යවකාශ ෂටල යානයක් උඩුගුවන්ගත වීම. මම ඒකට මොන තරම් වශී වුණා ද කියනව නම් පහුව දා පුස්තකාලයට ගිහින් ඒ ගැන ඩේලි නිව්ස් පත්තරේ පිටුවක් පුරා පළ වෙලා තිබුණු විස්තරයත් කියෙව්වා. ඒ ෂටල ගමනට එක් වෙලා හිටපු ගගනගාමීන් වැඩි දෙනෙක් හමුදාවට සම්බන්ධ අය බව මට පෙනී ගියා. හැබැයි එක්කෙනෙක් හිටියා තාරකා භෞතික විද්‍යාඥයෙක් (Astrophysicist). එතකොට මට තේරුණා අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ වෙන්න හමුදාමය නො වන අයටත් පුළුවන් බව. මම ඉක්මනට අපේ භෞතික විද්‍යා ගුරුතුමා, කීර්ති පෙරේරා මහත්මයා ළ`ගට ගිහින් ඇහුවා කවුද තාරකා භෞතික විද්‍යාඥයෙක් කියන්නේ කියලා. ඔහු පහදලා දුන්නා ඒ, අභ්‍යවකාශය ගැන හදාරන භෞතික විද්‍යාඥයෙක් බව. අන්න ඒ වෙලාවේ තමයි මට හිතුණේ මමත් කවදා හරි මේ වගේ තාරකා භෞතික විද්‍යාඥයෙක් වෙන්න ඕන කියලා. ඉතින් එදා ඉඳලා මම සිහින මැව්වේ ඒ ගැන තමයි. හැබැයි මගේ යාළුවෝ, මවුපියෝ, නෑදැයො විතරක් නෙමෙයි සමහර ගුරුවරු පවා හිතුවේ මම ළ`ගා කරගන්න බැරි ඉලක්කයක් ගැන සිහින මවනවා කියලයි. අනෙක් ළමයි වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වගේ කවුරුත් දන්න අනාගත ඉලක්ක ගැන කියද්දී මම විතරක් තාරකා භෞතික විද්‍යාඥයෙක් වෙනවා කිව්වම සමහර වෙලාවට ඒ අය හිතුවේ මේක මම කියන්නේ විහිළුවට කියලයි. මේ ගැන කිව්වම සමහර යාළුවෝ මට විහිළු කරනවා 'එහෙනම් ඔයා හඳට ගියා ම අපිට පෝස්ට්කාඩ් එකක් එවන්න අමතක කරන්න එපා' කියලා. එක ගුරුවරයෙක් මේක හාස්‍යයකට අරගෙන ඇහුවා 'ඇයි ඔයාට පිස්සන් කොටුවට යන්න අනාගත බලාපොරොත්තුවක් නැත්තෙ' කියලා. එක දවසක් ළඟ ම ඥතියකුට මේක කියලා ඇය ඒක වටහාගත්තේ මම ජ්‍යෙdතිශාස්ත්රඥයෙක් (Astrologer) වෙන්න යනවා කියලා. ඇය ඒ ගැන මගේ මවුපියන්ටත් පැමිණිලි කළා. හැබැයි මම ඒ එකකින් වත් සැලුණේ නැහැ." නෙල්සන් සිසුවා ගේ විශේෂත්වය වූයේ අනාගත ඉලක්කයක් සහිත ව අධ්‍යාපන කටයුතුවල මැනැවින් නියෑළෙන අතර ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම්වල ද යෙදී ඒ අංශවලින් ද ඉහළ සමත්කම් දැක්වීමයි. ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයයේ හොකී, පැසිපන්දු, කිමිදුම් ක්‍රීඩා පිළිබඳ වර්ණලාභියෙකි. ඔහු විද්‍යාලයීය කැඩෙට් සහ බොක්සිං කණ්ඩායම්වල ද සාමාජිකයෙක් විය. ඔහු පසු කලෙක පේරාදෙණිය සරසවියට පිවිසි පසු එහි රග්බි සහ හොකී කණ්ඩායම්වල ද වර්ණලාභියෙක් විය. පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලබන අතර අන්තර් විශ්වවිද්‍යාල භෞතික විද්‍යා දැනුම මිනුම තරගයෙන් ඔහු පළමු ස්ථානය දිනාගත්තේ ය. "ඔබ කොහොම ද මේ අංශ දෙක ම සමබරව පවත්වාගෙන ගියේ?" අපි ඇසුවෙමු. "ඇත්තට ම බාහිර ක්‍රියාකාරකම්වලින් ශිෂ්‍යයකු ලබන විනය, හික්මීම, පුහුණුව, ඉවසීම ඔහු ගේ අධ්‍යාපන කටයුතුවලට වගේ ම අනාගත ජීවිතයටත් ආශිර්වාදයක් මිස අගතියක් වන්නෙ නැහැ. විශේෂයෙන් ක්‍රීඩා අංශයකින් මේ බොහෝ දේවල් ශිෂ්‍යයකුට ඉගෙනගත හැකි වනවා. මම හොකී කණ්ඩායම තුළ දී එහෙම නැත්නම් කෙඩෙට් කණ්ඩායම තුළ දී නායකයා ගේ අණ උපරිමයෙන් පිළිපදිනවා. හැබැයි එළියෙ දි ඔවුන්ට නොයෙක් උසුළු විසුළු කරනවා වෙන්න පුළුවන්. වාද කරනවා වෙන්න පුළුවන්. පිටියෙ දි වෙනස්. අප නායකයා එක්ක, පුහුණුකරු එක්ක, විනිශ්චයකරු එක්ක වාද කරන්න යන්නෙ නෑ. මේ කණ්ඩායම් හැඟීම පසු කාලෙක NASA පර්යේෂණ කණ්ඩායම්වල සාමාජිකයකු ලෙස කටයුතු කරද්දීත් මට බොහෝ ප්‍රයෝජනවත් වුණා." NASA ආයතනයේ පර්යේෂකයන් සාමාන්‍යයෙන් තමන්ට පමණක් ලකුණු දමාගැනීමට උත්සාහ නො කරන බවත්, සැම විට ම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන බවත්, ලැබෙන ඕනෑ ම වගකීමක් මනා අවබෝධයකින් යුතු ව ඉටු කරන බවත් ආචාර්ය නෙල්සන් පවසයි. "අභ්‍යවකාශ වැඩසටහන්වල සාර්ථකත්වයට ඒ හැඟීම අත්‍යවශ්‍යයි. තමන් ගැන විතරක් ලොකුවට හිතාගෙන හිටියොත්a ඒක කරන්න බැහැ. උදාහරණයක් විදියට එක අවස්ථාවක Solar Orbitor කියන සූර්ය නිරීක්ෂණ යානයේ සවි කෙරෙන SPICE (Spectral Imaging of the Coronal Environment) නම් උපකරණයේ සියලු ම ඇණ මුරිච්චි පිරිසිදු කර දීමේ වගකීම මට පැවරුණා. ඇණ දහස් ගණනක්. ඔබ හිතන්න පුළුවන් ඒක ඇණ ගොඩ භාජනයක දාලා සේදීම වගේ සරල වැඩක් කියලා. ඒක ඊට වඩා බැරෑරුම් වගකීමක්. මුලින් ම ඉහළ උෂ්ණත්වයක් යටතේ රත් කරලා, ජීවාණුහරණය කරලා, අපද්‍රව්‍ය ඉවත් කරලා ඊට පස්සේ සාම්පල අරගෙන අණ්වීක්ෂයකින් පරීක්ෂා කර බලන්න ඕන, සියුම් දූවිලි අංශු තවදුරටත් රැඳී තිබෙනව ද කියලා. තිබුණොත් ඒවා ඉවත් කරන්න ඕන. අභ්‍යවකාශය රික්තයක් නිසා මේ දූවිලි අංශු එළියට ඇදිලා ඇවිත් දෘෂ්‍ය (ප්‍රකාශ) උපකරණවල කාචවල බැඳී දර්ශන පථය අවහිර වෙන්න පුළුවන්. එහෙම දෙයක් වුණොත් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවපු ඩොලර් මිලියන ගණනක් වූ ආයෝජනය ම ඉවරයි. ඉතින් තමන් ගේ වගකීමේ ඇති බැරෑරුම්කම ගැන හොඳ අවබෝධයකින්, කණ්ඩායම් හැඟීමෙන්, බොහොම ඉවසීමෙන් මේ දේවල් කරන්න ජීවිතයේ මුල් අවධියේ පටන් ම මනා ශික්ෂණයක් ලබා තිබීම හරි වැදගත් වනවා." ආචාර්ය නෙල්සන් NASA පර්යේෂකයකු ලෙස මේ වන විට පූර්ණ සූර්යග්‍රහණ අවස්ථාවල අදාළ විද්‍යාත්මක දත්ත එක්රැස් කිරීම සඳහා තමන් විසින් සැලසුම් කර වැඩිදියුණු කරන ලද උපකරණ ද රැගෙන ලොව පුරා රටවල් කිහිපයක ම චාරිකා කර තිබේ. (සූර්යග්‍රහණ සැම රටකට ම දිස් නො වන බැවින්, හොඳින් දිස් වන රටවලට යැමට විද්‍යාඥයන්ට සිදු වේ). අප්‍රිකාව, ලිබියාව, චීනය හා පසුගිය වසරේ දී ඉන්දුනිසියාව යන රටවල දී ඔහු NASA කණ්ඩායම් සාමාජිකයකු හා සූර්ය කොරෝනා අධ්‍යයන විශේෂඥයකු ලෙස සූර්යග්‍රහණ අවස්ථාවල විද්‍යාත්මක දත්ත රැස් කිරීමට සහභාගි වී ඇත. "මේ චාරිකාවල දී ඔබ මුහුණ පෑ අමතක නො වන අත්දැකීම් එමට ඇති?" "ඔව්. මේ චාරිකාවල දී මුහුණපෑ අභියෝග, දුෂ්කරතා බොහොමයි. ලෝකයේ විවිධ ස්ථානවලට යන්න වෙනවා විතරක් නෙමෙයි සූර්යග්‍රහණය හොඳින් ම පෙනෙන ස්ථාන හැම විට ම සුවපහසු ස්ථාන වෙන්නෙත් නැහැ. වරක් අපිට දකුණු අප්‍රිකාවේ කෲගර් ජාතික උද්‍යානය කියන, දරුණු වනජීවීන් ගැවසෙන කලාපයක් තුළ සිට අපේ රාජකාරිය කරන්න සිද්ධ වුණා. මේ වනෝද්‍යානයේ විශාලත්වය ශ්‍රී ලංකාව තරම්ෘ සූර්යග්‍රහණය හොඳින් නිරීක්ෂණය කරන්න නම් අපිට මේ අතිවිශාල වනෝද්‍යානයේ මැදට ම යන්න සිද්ධ වුණා. රයිනෝසිරස්ලා, හයිනාවුන් වගේ වන සතුන් හැම තැන ම. මේ වගේ ස්ථානවල නවාතැන් පහසුකම්, භාණ්ඩ ප්‍රවාහනය, විදුලි බලය මේ සියල්ලමත් අභියෝග. ලිබියාවේ දී අපිට සිද්ධ වුණේ සහරා කාන්තාරයේ මැදට ගිහින් නිරීක්ෂණ කටයුතු සිදු කරන්න. ලිබියානු රජය අපිව චිනුක් හෙලිකොප්ටර්වලින් තමයි ඒ ස්ථානයට ප්‍රවාහනය කළේ. චීනයේ දී අපි හිටියේ ගෝබි කාන්තාරය මැද කූඩාරම් ගහගෙන. ඉන්දුනීසියාවේ විදුලි උපකරණ ක්‍රියාත්මක කෙරෙන්නේ වෝල්ට් 230න් නිසා අපේ උපකරණ නිසි අයුරින් ක්‍රියා කරවන්න අපිට අපේ ම ජෙනරේටර් ගෙනියන්න සිද්ධ වුණා. එතකොට මදුරුවන් දෂ්ටනය වගේ දේවලින් වන හානිවලින් ආරක්ෂා වෙන්න ඒ ඒ රටවලට බලපාන විශේෂිත රෝගවලට ප්‍රතිශක්තිකරණය වී යා යුතු වනවා. සමහර අවස්ථාවල නොයෙක් අවහිරතා නිසා අපිට කලට වෙලාවට නිරීක්ෂණ අඩවියට ළ`ගා වෙන්න බැරි වෙනවා. තුර්කියේ දී අපි අදාළ ප්‍රදේශයට ළ`ගා වුණේ හරියට ම සූර්යගග්රහණය පැවති දවසේ. අපිට උපකරණ අටවන්න ඉතිරි වෙලා තිබුනේ පැය 3ක කාලයක් පමණයි." ආචාර්ය නෙල්සන් ඇතුළු කණ්ඩායම වසර ගණනක් තිස්සේ මේ අයුරින් දුෂ්කරතා මධ්‍යයේ සූර්ය කොරෝනාව නිරීක්ෂණය කරන්නේ, වසර 200 ගණනක් තිස්සේ විසඳීමට නොහැකි ව පවතින 'සූර්ය ප්‍රහේළිකා' දෙකක් විසඳීමට අවශ්‍ය විද්‍යාත්මක දත්ත එක්රැස් කරගැනීමට ය. අධිකතර තාපයක් යටතේ රසායනික ප්‍රතික්‍රියා සිදු වන සූර්ය මධ්‍යයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් කෙල්වින් මිලියන 15ක් පමණ අගයකි. එතැන් සිට හිරු මතුපිට වෙතට පැමිණෙත් ම උෂ්ණත්වය කෙල්වින් 6000ක් පමණ දක්වා පහළ අගයක් ගනියි. දැන්, ඊටත් ඔබ්බෙන් ඇති සූර්ය වායුගෝලයේ උෂ්ණත්වය අඩු විය යුතු වැඩි විය යුතු ද? හරි නම් අඩු විය යුතු ය. එහෙත් එහි උෂ්ණත්වය කෙල්වින් මිලියන 1ක් තරම් යළිත් ඉහළ අගයකට නඟියිෘ "මේක, ගිනි මැළයක් ළ`ග ඉඳන් ටිකක් ඈතට ගියා ම රස්නය අඩු වෙලා තව ඈතට ගියා ම රස්නය වැඩි වනවා වගේ හරි අමුතු ම සිදුවීමක්" ආචාර්ය නෙල්සන් උදාහරණයකින් එය පැහැදිලි කරයි. සූර්ය කොරෝනීය තාපන ගැටලුව (Solar Coronal Heating Problem) යනුවෙන් හඳුන්වනු ලබන මෙය විද්‍යාඥයන් අන්දමන්ද කළ කොරෝනාවේ පළමු ප්රහේළිකාවයි. අනෙක් ප්රහේළිකාව හඳුන්වනු ලබන්නේ සූර්ය කොරෝනීය ත්වරණ ගැටලුව (Solar Coronal Acceleration Problem) නමිනි. ආචාර්ය නෙල්සන් එය මෙසේ පැහැදිලි කරයි. "ගලක් අතින් විසි කළොත් අතින් ගිලිහුණු වහා ම ප්‍රවේගය ඉහළ අගයක් ගන්නවා. ඊට පස්සේ යම් දුරක් දක්වා ප්‍රවේගය අඩු වෙනවා. අන්න ඒ වගේ සැම විට ම සූර්යයා සතු වායුගෝලයේ සිට ආරෝපිත අංශු ඉවතට විසි කෙරෙනවා. සූර්ය සුළං (Solar wind) ලෙස තමයි මේ සංසිද්ධිය හැඳින්වෙන්නේ. ඉතින් මේවායේ ප්‍රවේගය ඒවා නිකුත් වූ වහා ම වැඩි අගයක තිබුණත් යම් දුරක් ගමන් කළ පසු අඩු විය යුතුයි. ඒත් සූර්ය කොරෝනාව තුළ දී එහි ප්‍රවේගය අසාමාන්‍ය ලෙස වැඩි වන්නට පටන්ගන්නවා. මේ තමයි අනෙක් ප්රහේළිකාව." දැනට තිබෙන භෞතික විද්‍යා සිද්ධාන්තවලින් මේ සංසිද්ධි දෙක පැහැදිලි කළ නො හැකි ය. ආචාර්ය නෙල්සන් පවසන්නේ මේ ප්‍රහේළිකා දෙක විසඳීමට සමත් වන ජගතකු අනිවාර්යයෙන් ම නොබෙල් ත්‍යාගයට හිමිකම් ලබන බව ය. ඒ නිසා ම මේ අබිරහස් අනාවරණය කරගැනීම සඳහා ලොව පුරා පර්යේෂකයෝ රාශියක් ඉතා උෙද්‍යාaගයෙන් පර්යේෂණවල නියෑළී සිටිති. කෙසේ වෙතත් ආචාර්ය නෙල්සන් පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම වෙහෙසන්නේ නොබෙල් ත්‍යාගයට හිමිකම් කීමට නො ව එම පර්යේෂකයන්ට අවශ්‍ය විශ්වසනීය දත්ත එක්රැස් කර ලබා දීමට බව ය. ආචාර්ය නෙල්සන් සිය ආචාර්ය උපාධිය ලැබීමෙන් අනතුරුව ඇමෙරිකාවේ කතෝලික සරසවියට අනුබද්ධ තාරකා භෞතීය හා පරිගණන විද්‍යා ආයතනය හරහා තවදුරටත් ගොඩර්ඩ්හි පර්යේෂණ කටයුතුවලට දායකත්වය ලබා දුන්නේ ය. එහි දී STEREO නම් සූර්ය ගවේෂණ යානයෙහි සවි කෙරුණු COR1 උපකරණය ද, Solar Orbiter සූර්ය ගවේෂණ යානයේ සවි කළ SPICE උපකරණය ද, දැනට අත්හදා බැලෙමින් පවතින කොරෝනාව ඡායාරූපගත කිරීමේ GMC නම් උපකරණය ද සැලසුම් කළ කණ්ඩායම්වල සාමාජිකයකු ලෙස ඔහු කටයුතු කළේ ය. ආචාර්ය නෙල්සන් රෙජිනෝල්ඩ් එක්සත් රාජධානියේ CIMA ආයතනයේ වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳ උපාධිධාරියෙක් ද වේ. සූර්ය නිරීක්ෂණයට අදාළ පර්යේෂණ කටයුතු මූල්‍යමය සීමාවන් තුළ කළමනාකරණය කරගැනීමට එම උපාධියෙන් ලද දැනුම තමාට බෙහෙවින් ඉවහල් වන බව ඔහු සඳහන් කරයි.[/size][img]http://www.divaina.com/2017/09/10/nasa2.jpg[/img] [Color=red][Size=5]දිවයින පත්තරෙ ගිය ලිපිය මෙතනින් ගිහින් කියවන්න[/size][/color] [Url=http://www.divaina.com/2017/09/10/feature44.html][size=5]සම්පුර්න ලිපිය [/size][/url][size=5][/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom