Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස මහා සංගීතඥයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස මහා සංගීතඥයා

කේමදාස සංගීතයේ ශිෂ්ටාචාරමය කාර්ය    Written by Administrator Friday, 18 February 2011 14:07 ලියනගේ අමරකීර්ති

(ලියනගේ අමරකීර්ති විසින් රචිත ‘පහන සහ කැඩපත’ කෘතියෙන් උපුටා ගැනිණි)

”බැරි සිල්, කැලෑමල් වැනි සංගීත නාටක හා සෝබන සිත, සැපත සොයා වැනි චිත්‍රපටවල දෙක තුනකට සැපයූ සංගීතයේ සිට සංගීත සංධ්වනි දක්වා තනිව ගමන් කොට දේශීය ගී සම්ප්රදායේ ඒකාකාරිත්වය සහ සීමා බිඳ හෙලිය හැකි ව්‍යාපාරයක් තනිව ගොඩ න`ගන්නට කල්පනා කිරීම සිංහල සංගීතඥයන් අතර කේමදාසට පමණක් පහළ වුණ අදහසකි. භාරතීය රාගධාරි සංගීතයට වැඩි කිසිවක් බැ?රුම්ව ප්‍රගුණ නොකළ සිංහල සංගීතඥයන් අතර සමහර විට ළදරු වලිප්පුවක් මෙන් පහළ වූ ඒ අදහස සිංහල ලලිත කලා ඉතිහාසයේ නව පිටුවක් පෙරලීය.”

එරික් ඉලයප්ආරච්චි( කේමදාස: විචාරාත්මක චරිතාපදානය)

මෙකල රූපවාහිනි චැනලවල නොයෙක් සින්දු කීමේ තරග පැවැත්වෙයි. ශී‍්‍ර ලංකාවට ඇති එකම සංස්කෘතික ඌනතාව ගීතය යැයි සලකන්නාක් මෙනි. ගායක ගායිකාවන් බිහි වන තරමේ හැටියට කෙනෙකුට සිතෙන්නේ සිංහල ජනයා සහජයෙන්ම ගායන හැකියාව ඇති ජාතියක් බවයි. එහෙත් සංගීතමය වශයෙන් ගත් කල මෙම දහස් ගණන් ගායක ගායිකාවන් සංගීතය විෂයක් ලෙස වර්ධනය කරන්නේද සිංහල සංගීතයේ නිම් වළලූ පුළුල් කරන්නේද නැත. සින්දුව සංගීතයේ පරිධියෙහි පවතින චූල ශානරයක් බව මෙම නව සංගීත විනෝද කර්මාන්ත කාරයන් දන්නේ නැත. මෙම නව ගායක ගායිකාවන් බොහෝ විට කරන්නේ එච් ආර් ජෝතිපාල මුළු ජීවිත කාලය පුරාම සංගීතයට කැපවී කළ නිර්මාණ යළි කියා මසකින් දෙකකින් ජෝතිපාලට ජීවිත කාලයටම ඉපයූ ධනයට වැඩි ධනයක් ඉපයීමයි. ඒ සුපර් ස්ටාර්ස්ලා උපයන ධනයෙන් සෑහෙන ප්‍රතිශතයක් ඔවුන් බිහි කළ ටෙලිවිෂන් සමාගම්වලට ගෙවිය යුතුවීමෙන් පෙනෙන්නේ සුපර් ස්ටාර් කර්මාන්තය යනු සංවිධානාත්මක ව්‍යාපාරයක් බවයි.

මෙම ජනප්‍රිය ගායනා තරග පොරොන්දු වන්නේද කෝටිපතියෙකු කිරීම වැනි භෞතික වාසි පමණි. දිනන දරුවන් ලෝකයේ විශිෂ්ටතම සංගීත සරසවි වෙත යවා උගන්වන බවට පොරොන්දු සුපර් ස්ටාර්ස්ලාට ලැබෙන්නේ නැත. මේ තරගවලට අමතරව සින්දු ප්‍රචාරය කරන ජනප්‍රිය වැඩසටහන් මගින් සැපයෙන්නේද ලාබ සංගීත රස වින්දනයකි. ටෙලි නාට්‍යයත් ගීත වැඩසටහනත් නූතන ලංකාවේ මහා කලාව බවට පත් වී ඇත. මට හිතෙන හැටියට මෙය සංස්කෘතික ඛාදනයක පලයක් මිස වර්ධනයක් නොවේ. මේ ගීතය හා නැටුම විනෝද කර්මාන්තය තුළ කෙරෙන එක්තරා භාණ්ඩ නිෂ්පාදනයක් නොවේද? ඩාන්සින් ස්ටාර් කර්මාන්තය මුදල් උපයන සැටියෙන් මෙය ඉතා නිරුවත්ව පෙනේ. එහෙත් මේ ප්‍රවණතාව ගැන සමබර විචාරයක් ඇති බවක් නම් නොපෙනේ. මෙවන් පසුබිමක පේ්්රමසිරි කේමදාසගේ සංගීත භාවිතාව විචාරාත්මකව හැදෑරීම අවශ්‍ය වෙයි.

සංගීතය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නැති මා කේමදාස ගැන කරන මේ රචනය රසිකයෙකුගේ වින්දන සටහනක් පමණි.

මා අවසන් වරට රස විඳි කේමදාස නිර්මාණය අග්නි ඔපෙරාවයි. මහ නුවර පාසැල් රංග ශාලාවකදී නැරඹූ ඒ ඔපෙරාව මට අමතක නොවන කලාත්මක අත්දැකීමක් වීයයි කිව නොහැකිය. දස වසරක් බටහිර රටක ජීවත් වීම නිසා ඔපෙරා සංගීත කණ්ඩ සිම්පනි ඕකෙස්ට්රා මගින් වාදනය කරනු සජීවීව දැක තිබුණු මට අග්නි සංගීතයද හඬද ගායනයද එතරම් ප්‍රාණවත්ව හා ප්‍රමෝදවත්ව දැනුණේ නැත. කේමදාසයන්ගේ ඇතැම් ශිෂ්‍යාවන් අරුමපුදුම ගායනා කෞෂල්යයෙන්ද අද්වීතීය කටහඬින් පොහොසත් ගායිකාවන් බවද මම දනිමි.

ඔපෙරා සංගීතය විශාල වාද්‍ය වෘන්දයක් මගින් වැයෙන කල අපගේ සිරුරුවල බර හාස්කමකින් අඩුව ගොස් පොළොවෙන් ඉහල රිද්ම හා කම්පන සහිත ලෝකයකට එස වී ගියාක් මෙන් අපට දැනේ. මේ වූකලී ජනප්‍රිය වේග රිද්ම සංගීතයට නටන විට ඇති වන කායික මෝහනය හා රිද්ම ගත වීමට වෙනස් අත්දැකීමකි.

වේග රිද්ම සංගීතයට නැටීමද වරදක් නොවේ. කවර වූ අකාරයක සංගීතයට නැටීම ශාරීරික මානසික විමුක්තියක් බුක්ති විඳීමකි. කානිවල් හෙවත් සැණකෙළිය සාමාජික මිනිසා එක්තරා සාමාජික හා දෘෂ්ටිවාදාත්මක සමබිමකට ගෙන එන ප්‍රජාතන්ත්‍රකරණයක් බව මිඛායෙල් බක්තීන් කීවේ ඒ නිසාය. ජනප්‍රිය සංගීතයෙහි සැණකෙළිමයත්වය නැටුමට සහභාගි වන්නන් හා නරඹන්නන් අතර පරතරය බිඳ දමයි. සංගීතයට නටන විට අප කවුරුත් එක වගේය.

නියම හඬින් වැයෙන ඔපෙරා සංගීතයෙන් අප ඔසවනු ලැබීම ජනප්‍රිය සංගීතයට නැටීමෙන් ලබන සැණකෙළිමය සුන්දරත්වයට වඩා වෙනස් එකකි. සැණකෙළිමය එසවීම අපාලිත නිදහස් එසවීමක් නම් ඔපෙරා සංගීතයෙන් කරනු ලබන එසවීම වින්‍යාස ගත කරන ලද පාලිත එසවීමකි. සංගීතඥයා විසින් කරන ලද ස්වර රචනය මිනිස් කටහඬ හා වාද්‍ය සංගීතය ඔස්සේ පැමිණ අපේ සිරුරු විනිවිද ඇතුල් වී සිරුරුවල බර සංගීතය තුළට දිය කරගෙන අපද සමග පාවෙන්නාක් මෙන් දැනෙන නිසා අප සංගීතඥයාගේ ස්වර රචනාව ඇතුලට ඇදගනු ලැබුවාක් මෙන් අපිද සංගීත ගත වෙමු. ඔපෙරාවේ අන්තර්ගතය පිළිබඳ සන්නිවේදනය සඳහා අප සූදානම් කෙරන්නේ එසේය. අනික ඔපෙරා රංගන ශිල්පියා සිය පා ඇඟිලි තුඩු මත නටමින්ද උස් වූ නිකටින් මිනිස් මට්ටමට වඩා ඉහළින් ඇස් එල්ල කරමින්ද මෙලොවින් ඉහළට එසවෙන්නට තැත් කරන බවක් අ`ගවයි. ඔපෙරා රංගන ශිල්පියාගේ ශබ්ද භාෂාව අඟවන්නේ සාමාන්‍ය මෙලොව මිනිසාට වඩා දිව්‍ය ලෝකය හා මිනිස් ලෝකය අතර සිටින උත්කෘෂ්ට ජීවී පිරිසකගේ විලාසයකි. ඒ නිසා සාමාන්‍ය මිනිසුන් වන අපට කොහොමටත් ඔපෙරාව සමග නටන්නට බැරිය.

අග්නි ඔපෙරාව නරඹද්දී එවැනි සංගීත අත්දැකීමක් මම නොවින්දෙමි. එනමුත් එහි කේමදාසයන්ගේ අනන්‍යතාව සඳහන් වන ගායනාමය විශිෂ්ටත්වය හා කටහඬ භාවිතය දක්නට තිබිණ. සමහර විට එය හා බැඳීමට මා අසමත් වූයේ එහි රංග වින්‍යාසයේ වූ සාමාන්‍ය බවත් එහි කතා පුවත සමග (මානසවිලේදී මෙන්) සංස්කෘතික හා උපවිඥානමය සම්බන්ධයක් නොතිබීමත් විය හැකිය. යමක් මා නොවිඳි නිසාම ඒ කලා කෘතියවත්, ඒ කලා මාධ්‍යවත් අපට නොගැලපේය යනුවෙන් සමස්ත ජාතියම වෙනුවෙන් තීරණ ගැනීමට මට අවශ්‍ය නැත. සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා, ජෑස්, බ්ලූස් ආදී ඕනෑම කලා මාධ්‍යයක් අප සංස්කෘතිය තුළට පැමිණීම ප්රගතිශීලී කාර්යකි. සංස්කෘතීන් ආගන්තුක ශානරයන් වැළඳ ගන්නේ සෙමින් සෙමිනි. සංස්කෘතීන් මිශ්‍ර වන විට සංස්කෘතීන්ට රිදෙන්නේ නැත. රිදෙනවා නම් රිදෙන්නේ තමන් සංස්කෘතීන්හි ආරක්ෂකයන් යැයි කියන මිනිසුන්ටය.

මුල් කාලීන සිංහල නවකතාවට නවකතා කියවන සැටිද පාඨක ලෝකයට උගන්වන්නට සිදු විය. ඕර්සන් වෙල්ස් විසි වැනි සියවසේ මුලදී පිටසක්වල ජීවීන් ඇසුරින් කරන ලද ගුවන් විදුලි නාට්‍යයක් නිසා ඇමරිකාවම කැළඹිණි. රූපවාහිනිය පැමිණීමට පෙර තිබූ ප්‍රබලම ජනසන්නිවේදන මාධ්‍යය වූ රේඩියෝවෙන් නාට්‍යය නම් ශානරයක් විකාශනය කළ හැකියැයි නොදත් ග්‍රාමීය ඇමරිකානු වැසියෝ සැබවින්ම පිටසක්වල ජීවීන් එතැයි කළබල වූහ. රේඩියෝ නාට්‍යය නම් ශානරයට රසිකයන් හුරුපුරුදු කිරීම යනු ඕර්සන් වෙල්ස් වැනි මුල් කාලීන රේඩියෝ නාට්‍යකරුවන් කළ යුතු වූ තමන්ගේ නාට්‍යය ඔස්සේම කළ යුතු වූ දෙයකි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසද කළේ ඔපෙරාව නම් ශානරය වෙත ලංකාවේ රසික සමාජය පරිවර්තනය කිරීමයි. මේ වූකලී ජනතාව යන දෙසට ප්රතිවිරුද්ධව යාමකි. ජනතාව සමග ඒ දෙසටම යන්නෝ චූල කලාකරුවෝ වෙති.

සංගීතය පාරිශුද්ධම කලාව වන අතර ”ඔපෙරාව සාමාන්‍යයෙන්ම සැලකෙන්නේ උසස් කලාවේ ශ්‍රේෂ්ඨතම ස්වරූපය ලෙස” යැයි දාර්ශනික ගෝර්ඩන් ග්රැහැම් ෆිලෝසොෆි ඔෆ් ද ආර්ට් කෘතියේලා ලිවීය. මහාචාර්ය ග්රහැම් රසික විචාරක සමාජය හමුවේ අභියෝගයක්ද තැබීය. ඒ නම් කලාවේ ස්වභාවය විස්තර කරන්නට තැත් කරන ඕනෑම කෙනෙකු සංගීතයේ ස්වභාවය නිසි ලෙස විස්තර කළ යුතුය යන්නයි. මා ඊට යමක් එක් කරන්නට කැමතිය. ඕනෑම කලාවක ස්වභාවය විස්තර කරන්නට තැත් කරන අය සංගීතයද එහි ඉහලම කලාව වන ඔපෙරාවද විස්තර කරන්නට තැත් හැකියාව ලද යුතුය. එසේ නැතිව කිසිම කලාවක සෞන්දර්ය හා ශිෂ්ටාචාරමය කාර්ය විස්තර කරන්නට අමාරුය. පූර්ව නූතන යුගයේ සිටම සෞන්දර්ය ගැන කතා කළ බටහිර දාර්ශනිකයන් සංගතීය ගැන විශේෂ අවධානයක් යොමු කිරීමේ රහස මෙය විය යුතුය.

සංගීතය ගැන කතා කරන අය කාර්ය සංගීතය හා පරම සංගීතය යනුවෙන් යනුවෙන් දෙවර්ගයක් විස්තර කරති. මා කාර්ය සංගීතය යන යෙදුම භාවිත කරන්නේ ප්‍රොග්‍රෑම් මියුසික් යන යෙදුම ඇඟවීමටයි. දළ වශයෙන් ඉන් ඇඟවෙන්නේ කිසියම් කාර්යක් සඳහා සංගීතය භාවිත කිරීමයි. මිනිස් ජීවිතය හෝ අන් යමක් ගැන වචන වැනි දේහි සහායද ඇතිව යමක් ප්‍රකාශ කරන්නට තැත් කරන සංගීතය මේ ගණයෙහි ගැනේ. පරම සංගීතය එවැනි කාර්යක නොයොදන ලද ශුද්ධ සංගීතයයි. ඒ අර්ථයෙන් කේමදාසයන්ට විවිධාකාර හේතු නිසා යෙදෙන්නට සිදු වූයේ කාර්ය සංගීතයේත් ඉතා පරිධියෙහි ඇති ගී තනු නිර්මාණය වැනි දේය.

සංධ්වනි වැනි ඉහළ ගණයේ නිර්මාණ සඳහා කාලය හා ධනය සපයා ගැනීමටත් ඔහුට පහළු ගණයේ නිර්මාණ කරන්නට සිදු විය.

එහෙත් ගීතයෙන් එපිටට ගිය සංගීත ඥානයක් නැති රසික සමාජයකිනුත් ගීත ගැන සැහැල්ලූ හා සාහිත්යික විචාර සැපයීම බරපතල විචාර කාර්යක් ලෙස ගත් චිචාරක පිරිසකගෙනුත් එම කාර්යට සහය ලැබුණේ නැත. කේමදාස වැඩ කළේ ඔහු හා දුෂ්කර ගමනකට සූදානම් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටික දෙනෙකු සමගය. එරික් ඉලයප්ආරච්චි වැනි ප්රබුද්ධ ලේඛකයෙකු ඔහු හා පසුකලෙක එක් වුවද ඒ දෙදෙනාගේ මුණ ගැසීම සෑහෙන තරම් පරක්කු වූ මුණ ගැසීමකි. ඒ විශිෂ්ට කවියාට ඒ මහා සංගීතඥයා සමග මුසුව වැඩෙන්නට දෛවය විසින් ලබා දී තිබුණේ ඉතා අකාරුණික යැයි කිවහැකි තරම් කෙටි කාලයකි. ගුණදාස අමරසේකර වැනි ඒකමානීය සංස්කෘතියේ බුද්ධිමය ඒකාධිපතියන් විසින් නිගරු කරනු ලැබුවද කේමදාස යනු දුප්පත් සංගීත සංස්කෘතියක් පොහොසත් කරන්නට දායක වූ අසිරිමත් නිර්මාණකරුවෙකු බව කිව යුතුය. ගීතය වැනි ශිෂ්ටාරමය වශයෙන් බරක් දරා සිටිය නොහැකි චූල කලාවක ගිලීමට තරම් දරිද්‍ර වූ ඒ ගිලීම නිසාම තවත් දරිද්‍ර වන අපේ රටට සංගීතය වැනි උත්කෘෂ්ට කලාවක නියම ප්රතිපදානය දායක කරන්නට කේමදාස ගත් තැත ශිෂ්ටාරමය කාර්යකි. එරික් ඉලයප්ආරච්චි ලියූ පේ‍්‍රමසිරි කේමදාස: විචාරාත්මක චරිතප්‍රදානය කියවන කල නොගැලපෙන රටක උපන් ඉසිවරයෙකු පිළිබඳ ශෝකයද, තම මව් රට එක්තරා සංස්කෘතික දුප්පත්කමකින් මුද වන්නට තැත් කළ වීරයෙකු පිළිබඳ උද්යෝගී හැඟීමද ඇති වන්නේ ඒ නිසාය.

සිනමාව වේදිකා නාට්‍යය හා ගීතය යන ඔහුට ලැබුණ නිර්මාණ අවකාශය කේමදාස භාවිත කළේ ඔපෙරාකරුවෙකුගේ පුහුණුවීම් බිම ලෙස යැයි විටෙක සිතේ. හංස විලක්, තුන්වෙනි යාමය, සිරි මැදුර, ගුරුගෙදර ආදී චිත්‍රපටවලට ඔහු සැපයූ සංගීතය තුළින්ද ඒවායේ එන ගීත තුළින්ද අපට ඇසෙන්නේ සිනමාවේ සෙවනැල්ල යට සිටින ඔපෙරාවේ නාදයම වැන්න.

”හඳුනා ගත්තොත් ඔබ මා” ගීය අප මුල් වරට ඇසූ ළමා වියේදීම එහි මිනිස් කටහඬ, විශේෂයෙන් ස්ත්‍රී කටහඬ, භාවිත වී ඇති ආකාරයෙන් අපි විස්මගන්වනු ලැබීමු. රේඩියෝවෙන් පමණක් සංගීතය රස විඳි වැඩ කරන පාන්තික පසුබිමක් සහිත මා සංගීතයේ විවිධ විභවතා ගැන මුල් වරට සංවේදී වූයේ එවන් නිර්මාණ මගිනි. මා වැනි තවත් බොහෝ අයගේ ශ්‍රවණ ශක්‍යතා හා නාද සංවේදීතාවේ වපසරිය මෙවන් නිර්මාණ මගින් වර්ධනය වන්නට ඇත. ඒ නිසා සිදු වූ වැදගත්ම කාර්යක් නම් ගීතය යනු ‘සින්දුකර කියන කවිය’ නොවන බව අපේ පරම්පරාවට ඒත්තුයාමයx කරුණාරත්න අබේසේකර වැනි අයගේ ‘වචන කේන්ද්‍රීය ගීත’ වැඩි වශයෙන් අසමින් සිටි අපට වචනවල ආධිපත්‍යයෙන් තොර ගීයක් පැවතිය හැකි බව කේමදාස විසින් පළමු වරට පෙන්නා දෙන ලදීx

කලෙක මා රාවය පුවත්පතේ සේවය කරමින් සිටියදී කේමදාස මාස්ටර් සමග සම්මුඛ සාකච්ඡුාවක් කරන්නට ලැබිණ. 1994 නොවැම්බර් 20 වෙනිදා රාවයේ පළ වූ ඒ සම්මුඛ සාකච්ඡුාවේ තැනක මෙසේ එයි:

”ඔබ වචනයේ හෙවත් සාහිත්යික රචනාවෙන් ඔබ්බේ වූ සංගීතයක් පිළිබඳ කතා කරන්නේ මන්දැයි විමසන ලදුව කේමදාසයෝ මෙසේ කීහ:

බලන්න කවියා ගීතයක් ලියා මට බාර දෙනවාx මෙය ලියන්න අවශ්‍ය පෑන විතරයිx සංගීතඥයාට සම්පත් රාශියක් තියෙනවාx සංගීත භාණ්ඩ, කටහඬ, වාදක මණ්ඩලය යනාදී සම්පත් විශාල ප්‍රමාණයක් තියාගෙන අර ගීත රචනාවේ ආකෘතිය තුළම රැුඳී සිටීම හරිද? නිර්මාණශීලීද?

සංගීත ආකෘතිය පටන්ගන්නෙ ගීත රචනාවේ ආකෘතිය නැවතුණ තැන සිට. හරියට නවකතාවක් හා සිනමාව අතර වෙනස වගේ. ලේඛකයාට වඩා සිනමාකරුට සම්පත් තියෙනවා. නළුනිළියො, කැමරාව, සංස්කරණ උපකරණ, ආලෝකය සංගීතය යනාදී. සංගීතඥයා කියන්නේ කවියේ යටින් ඉරි අඳින්නෙක් නෙවෙයි”

අපට අර දැනුණ අමුතු ගීය ඔස්සේ කේමදාස නම් සංගීතඥයා ගවේෂණය කරන්නේ කවරක්දැයි මෙම ප්‍රකාශය තුළ මනාව ගැබ්වෙයිx මා ඔහු හා සාකච්ඡුා කළේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසින් කේමදාසයන් ජාතික සංගීත අධ්‍යාපනය බාර ප්‍රධානියා ලෙස පත් කිරීම නිමිත්තෙනිx අපගේ ගතානුගතික පාසැල් අධ්‍යාපනය තුළ කේමදාස වැන්නෙකුගේ ගවේෂණශීලී නිර්මාණකත්වයට තැනක් නැතx ඒ ජාතික ආයතනයේදී ඔහුට ප්‍රයෝජනයවත් යමක් කරන්නට ලැබිණියි මම නොසිතමිx ඉලයප්ආරච්චි විසින් ලියන ලද උක්ත චරිතාපදානයේ එන ලෙස කේමදාස සිව් වසරක ජාතික අධ්‍යාපන සේවයෙන් ඉවත් වූයේ එහි වූ ගතානුගතිකයන් විසින් රිදවන ලද සිත් ඇතිවය.

සාමාන්‍යයෙන් කවීන් ලෙස පෙරහුරු ලබා ගීත රචකයන් වන අය අතින් ලියවෙන ගීත රචනාවල වචනයේ ආධිපත්‍යයක් තිබීම ස්වභාවිකය. අනික් අතට ලංකාවේ රසිකයන් හා විචාරකයන් පුහුණුවන්නේ සාහිත්යික ආධිපත්‍යයක් සහිත ආධ්‍යාපන ක්‍රමයක් තුළය. අපේ සමහර විචාරකයන් ගීත විචාරය කරන මිණුම් දඬු නවකතා විචාරයේ මිණුම් දඬුවලින්මය. මේ නිසා ගීතයද යම් බාහිර යථාර්ථයක ප්‍රතිනිර්මාණයක් ලෙස ගන්නා විචාරකයා ගීතයේ හොඳ නරක විචාරය කරන්නේ ඒ ප්‍රතිනිර්මාණය හා බාහිර යථාර්ථය හරියට ගැලපේදැයි සලකා බලමිනි. ගම්පෙරළිය එයට පසුබිම් වූ කාලයේ දකුණු ලක හා කෙතරම් ගැලපේදැයි සලකා බලන්නාක් මෙනි. සංගීතය තබා නවකතාව නිසි ලෙස කියවීමටවත් සපුරා නොගැලපෙන මේ ප්‍රතිනිර්මාණවාදී කියවීම අපේ විචාරකයන් සංගීතය කියවන ක්රමයද වේ. ශුද්ධ සංගීතය රස විඳිය යුත්තේ කිසිවක ප්‍රතිනිර්මාණයක් ලෙස නොව ස්වාධීන ගොඩ නැංවීමක් ලෙසය. ඉන් අප ලබන්නේ ශ්‍රවණමය ලෝකයක නැවුම් අත්දැකීමකි. පරම සංගීතය විශේෂයෙන් එවැනිය. ශුද්ධ සංගීතයට හා ලලිත කලාවට සෞන්දර්ය ශක්තිය ලැබෙන්නේ ඒවාට ඇති ප්රජානන ශක්තිය හෙවත් දැනුම් සැපයීමේ ශක්තිය නිසා නොව ඉන්ද්‍රය සංජානනය තිව්ර කරන ලද සුන්දරත්ව වින්දනයක් සැපයීමේ ශක්තිය නිසා බව ඉමෑනුවෙල් කාන්ට් ක්රීටීක් ඔෆ් ජජ්මන්ට් කෘතියේදී කී කියුම නිවැරිදිය. ඒ අදහස කාන්ට්ගෙන් පසු ගත වූ සියවස් දෙකේදී තවත් වර්ධනය වී ඇත. සංගීතය යමක් ගැන ප්රතිනිර්මාණාත්මක ඥානයක් සපයන දෙයක් ලෙස සංගීතය දැනුම් මාදිලියක ගොඩට දමා කරන්නේ විසාල වරදකි.

පරම ලක්ෂණ සහිත සංගීතයේ ගුණාත්මකත්වය මැනීමේදී් වපසරිය හා පරිමාව අංග දෙකෙහි ස්වභාවය නිසා ඇති වන සංකීර්ණත්වය සලකා බලනු ලැබේ. මේ අංග නිසා සිම්පනියක ඇති වන ව්‍යූහමය සංකීර්ණතාවට ජනපි‍්‍රය සිංදුවක එන සංගීතයට කිට්ටු වන්නටත් බැරි බව මහාචාර්ය ගෝර්ඩන් ග්රැහැම් කියයි. එහෙත් කේමදාසයන් තනු සැපයූ ගීත සංගීතමය වපසරිය හා පරිමාව අතින් සාමාන්‍ය සිංහල ගීතවලට වඩා බොහෝ ඉහලය. කේමදාසයන් කාර්ය සංගීත නිර්මාණය කළේද පරම සංගීතයට ළංවීමටද තැත් දරමිනි.

මෙකල යහමින් මුදල් උපයන හා ‘කෙල්ලො කොල්ලො පිස්සු වට්ටන’ ගීත මේ අතින් ඉතා ප්‍රාථමික සංගීත ව්‍යුහ සහිත ගීත බව මා වැනි ආධුනික රසිකයෙකුට වුවද වැටහෙයි.

මේ නිසා කේමදාස වැනි සංගීතඥයන්ගේ ශිෂ්ටාචාරමය කාර්ය වටහා ගනු කැමති හා වටහා දෙනු කැමති අය කළ යුත්තේ ඔහුගේ සංගීතයේ එන පරම සංගීතයේ මිනිස් වැදගත්කම වටහා ගැනීමට උදව් වීමයි. නැති නම් සිදුවනු ඇත්තේ කේමදාසයන්ගේ කලාත්මක ධනය නොයෙක් අවස්ථාවාදීන් විසින් කොල්ල කා ගැනීමයි.

ඉන්ද්රිය සංජානනයේ තීව්රත්වය

තමන්ට ඇති සීමිත අවකාශය තුළ සංගීතය තීව්ර ඉන්ද්රිය සංජානන අත්දැකීමක් සපයන මාධ්‍යයක් බවට පත් කරන්නට කේමදාසයන් ගත් තැත අතිමහත්ය. ඔහුගේ ඇතැම් සංගීත කණ්ඩ හා ගීත අසන විට තීව්ර අවදිවීමකින් යුත් ඉඳුරන් ඇති අපි ඒ සංගීතයෙන් බාහිර ලෝකයකදී අත් විඳි බව අපට නිශ්චිතව මතක නැති විඳීමක් වෙත ඔසවනු ලබමු. සමහර විට අප විඳින්නේ අපේ ආදි මුතුන්මිත්තන් නැගූ ශබ්දයන්ය. සමහර විට අප අසන්නේ අපේ කාලයෙන් ශත වර්ෂ ගණනක් අනාගතයේදී මිනිසා අසන්නට ඉඩ ඇති ශබ්දයන්ය. නියම සංගීතය යනු ප්රතිනිර්මාණිත ශබ්දය නොව ව්‍යූහගත කළ ශබ්දයය. සංගීතය හැසිරෙන ආකාරය පිළිබඳ දාර්ශනික ස්ටැන්ලි කැවෙල් ”මියුසික් ඩිකොම්පෝස්ඞ්” නමින් අගනා රචනයක් ලිවීය. එය ඔහු විසින් පළ කරන ලද ප්‍රකට පොතක් වන මස්ට් වී මීන් වට් වී සේ? කෘතියේ ඇතුලත් වෙයි. ශුද්ධ සංගීතය තූළ සංරචිත බව සේම ක්ෂණික අත්හදා බැලීමද ඇති බවයි. සංගීත කණ්ඩය සංරචිත නම් එය සැලසුම් කරන ලද්දකි. ඒ නිසා රසිකයන් වන අපි ඒ සංරචිත රාමුව විසින් අල්ලාගනු ලබමු. එනමුත් හිටිවනම සංගීතඥයා කලින් සැලසුම් නොකරන ලද අහම්බය හා ක්ෂණික අත්හදා බැලීමට ඉඩ සලසා ගනියි. මේ නිසා සිදුවන්නේ අප උන්හිටි ගමන් ශබ්දමය පුදුම කරනු ලැබීමකට ක්ෂණිකව හසු වීමයි. ඒ අනපේක්ෂිතය එක්තරා ආනන්දයකි. සැලසුම්ගත කරන ලද්ද හා ඒ අතරින්ම මතු වන අනපේක්ෂිතය ශුද්ධ සංගීත අත්දැකීම සාදන්නේ නම් පේ‍්‍රමසිරි කේමදාස අපට සිටි එවන් සංගීතකාරයෙකි. ඔහුගේ ඇතැම් ගීත අපට හුරුපුරුදු රිද්ම හා ශබ්ද ඔස්සේ අප අල්ලාගෙන අප කෙසේවත් අපේක්ෂා නොකළ මොහොතක නුපුරුදු හ`ඩක් මතු කරයි. ඉන් අපි පද රචනාව වෙතින් සංගීතය හා මිනිස් කටහඬ වෙත විසි කරනු ලබමු. වචන කේන්ද්‍රීය ගීත රසිකයන්ට සංගීත අත්දැකීමක් සැපයීම සඳහා මේ උපක්‍රමය ගැලපෙයි. වචන නැති ලොවක වැඩිකල් ඉන්නට උගෙන නැති අපි ආපසු පැන ගීතයේ පද වැලේම එල්ලෙමු. වචන නැති ශබ්දයේ ලෝකයේදී දැනෙන අපහසුවත් සංගීතමය අත්දැකීමකියි කාන්ට් නම් කියනු ඇත.

මෙම රසිකයා පුදුම ගැන්වීමේ ක්‍රියාවලිය සඳහා කේමදාස භාවිත කළ එක් ප්‍රධාන උපකරණයක් නම් මිනිස් කටහඬයි. හැත්තෑව දශකයේදී ස්ත’්‍ර කටහඬ කිසිවකු විසින් භාවිත නොවී තිබූ ආකාරයකට ”සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ” ගීතයේදී භාවිත කිරීම එවන් එක් නිදර්ශනයකි. මිනිස් කටහඬ කේමදාසයන්ට තවත් සංගීත භාණ්ඩයක් විය. ගීතය කියන්නට නියමිත ප්‍රකට ගායිකාව පැමිණ නැති අවස්ථාවක ඒ අසල සිටි සුනිලා අබේසේකර මෙම ගීතය කියන්නට යොදා ගැනීමෙන් කේමදාස මාස්ටර් ඇගේ අද්විතීය හඬ සොරා ගැනීමයි. එදින අර නියමිත ගායිකාව නොපැමිණීමද කේමදාසයන් විසින්ම සැලසුම් කළ දෙයක්ද විය හැකිය!

සිංහලය සුන්දරද සුගායනීයද බසක් බව කේමදාස දැන සිටියේය. එහෙත් ගීතයේ සංගීතමය සුන්දරත්වය සඳහා භාෂාවේ ගීතවත් බව මත රඳා පවතින්නට ඔහු කැමති නොවීය. යම් බසකින් ඉඩ සලසන ශබ්ද වපසරියේ පමණක් සිරවී සිටීම යම් බසකින් ඉඩසලසන චින්තන වපසරියේ සිරවී සිටීමටත් වැඩිය භයානකය. පාලිය, සංස්කෘතය, හා දෙමළ බස නිසා සිංහලයේ ශබ්ද වපසරිය ප්‍රසාරණය වූ බව අපට දැන් හරියටම මතක නැත්තේ එය ශතවර්ෂාධික කාලයක් සිදු වූ නිසාය.

විවිධ සංගීත වර්ග නිසාද අපගේ සංගීතමය ශබ්ද වපසරිය ප්‍රසාරණයවීම එක්තරා පොහොසත් වීමකි. ශූර සංගීතඥයා කරන්නේ ඒ ශබ්ද වපසරියේ ප්‍රසාරණය අපගේ විඥානයේද ප්රසාරණයක් බවට පරිවර්තනය කිරීමයි.

ඒ නිසා ගීත රචකයා සපයන එළි වැටෙන් කොටුවීම සංගීතඥයාගේ කාර්ය නොවන බවට කේමදාස කළ තර්කය වටහා ගත යුත්තේ ශිෂ්ටාචාරමය අර්ථයකිනි. ගීතයේ එළි වැට සංගීතය විසින් සැපයෙන එළිවැටකි. ගීතය යනු සංගීතය කටහ`ඩ හා වචන යොදාගෙන සංගීතඥයා කරන සංරචනයකි. මේ බව හොඳින් දත් කේමදාස තමන් නිර්මාණය කරන සෑම ගීතයක්ම දැක්කේ ක්ෂුද්‍ර ඔපෙරා නිර්මාණ මෙනි. ඒ සෑම ගීතයකම හිටිවනම අප මවිත කරවන නාට්‍යමය බවක් ඇත්තේ ඒ නිසාය.

ශූර සංගීතඥයා කටහඬ හා ශබ්දය භාවිත කරන්නේ භාෂා හා සංස්කෘතික සීමාවලින් ඉහලට එසවී ගන්නටය. භාෂාව බොහෝ විට අර්ථ ජනනය කරන්නේ සංස්කෘතික සංදර්භයක් තුළ සිටය. එහෙත් හඬට ඒ සංදර්භය ඉවත් වී යන්නට පුළුවන. ඒ නිසා මිනිස් වර්ගයා පසු කළ හා ඉතා ඈත යුගවල මිනිසා නැගූ ශබ්ද පවා අපගේ උපවිඥානයට යළි මතක් කර දෙන්නට හඬට හැකියාව ඇත. කේමදාස මාස්ටර් කටහඬ භාවිත කරන්නේ එවැනි අකාරයකටය. යම් භාෂාවක එන ශබ්ද පමණක් උච්චාරණය කරන තැනට ඒ භාෂාව කතා කරන අය කාලයක් තිස්සේ පුරුදු වීම ඒ භාෂකයන් ශබ්දමය වශයෙන් දුප්පත්වීමක් බව සංගීතඥයා දනියි. කේමදාසයන් එවන් සංගීතඥයෙකි.

මෙකල සින්දු විෂුවල් කිරීමට තරුණ පිරිස් දක්වන්නේ විසාල උනන්දුවකි. පේරාදෙණියේ රූපවාහිනී හා සිනමාකරණය උගන්නා අයද සින්දු විෂුවල් කිරීම මහා කලාකාරියක් ලෙස සලකනු පෙනේ. මේ විෂුවල් කිරීම වූකලි මෙකල ලංකාවේ ප්‍රචලිත තවත් චූල කලාවකි. එය වෙළඳ දැන්වීමට මඳක් ඉහලින් සිටින වෙළඳ කලාවකි. රූපවාහිනියට ගැලපෙන ප්රාසාංගිකත්වය වරදවා වටහා ගත් පිරිසක් ලාබ ඇමරිකානු සිංදු චැනල් අනුකරණය කරමින් කරන සින්දු විෂුවල් කිරීම ස්ත්‍රී ශරීරය පිරිමි ඇසෙහි පරිභෝජනය සඳහා ද්‍රව්‍යකරණය කිරීමට වැඩි දෙයක් නොකරන්නේ කලාතුරකිනි. මේ සින්දු විෂුවල්වලින් වැඩි වශයෙන් සැපයෙන්නේ අනුන් රමණය කරන සැටි හොරෙන් බැලීමෙන් ලබන ලාබ තෘප්තියකි. නියම සංගීතමය ප්රාසාංගිකත්වය කුමක්දැයි වටහා ගනු කැමති අය කේමදාසයන්ගේ සංගීතය හදාළ මනාය. සින්දු විෂුවල් කරන අය කලාත්මකව ඒ කාර්ය කරන්නට සංගීත කේන්ද්‍රීය දෘෂ්‍යකරණයක් උගත යුතුය. ඒ සඳහා කේමදාස සංගීතයේ ප්රාසාංගිකත්වය ඉවසීමෙන් හැදෑරිය යුතුය. එම හැදෑරීම කරනු කැමති අයට එරික් ඉලයප්ආරචිචිගේ කේමදාස: විචාරාත්මක චරිතාපදානය නම් විශිෂ්ට කෘතියෙන් වැඩ ආරම්භ කළ හැකිය.

ආචාර්ය කේමදාස විසින් ලංකාව උදෙසා ඉටු කරන ලද්දේ ශිෂ්ටාචාරමය කාර්යකි. විනෝද කර්මාන්තය විසින් නිපැයෙන ක්ෂණික සන්ත්‍රාසයේ ලාබ සංගීතය හා සින්දුව තමන් දන්නා එකම කලාව බවට (දුප් )පත් කරගත් පරම්පරාවකටත් කේමදාසට අපේ සංස්කෘතිය තේරෙන්නේ නැතැයි කියන්නට තරම් රාගධාරි සංගීතය පමණක් විඳින්නට ශ්රවණේද්රියද විඳින බව පෙන්වීමට හෘද සාක්ෂියද දුප්පත් කරගත් සංස්කෘතික සාපේක්ෂතාවාදීන්ටත් කේමදාසයන්ගේ ශිෂ්ටාචාරමය කාර්ය අද නොතේරෙනු ඇත.

”දෙවියන් යැයි කෙනෙකු ඇති බවට එකම සාක්ෂිය නම් සංගීතයයි” යනුවෙන් කර්ට් වොනෙගට් මිය යන්නට පෙර බ්ලූස් හා ජෑස් ඇතුලූ කලූ ඇමරිකානු සංගීතය උණුසුම් හදවතින් අගය කරමින් ලියූ අපූරු කුඩා පොතකදී ලිව්වේය. වොනෙගට් නොකියා කියන්නේ සංගීතඥයා දෙවියන්ගේ ඒජන්තයෙකු බවයි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස මහා සංගීතඥයා ගැන සිතන විට මා වොනෙගට් සමග එක`ගවන්නේ නිතැතිනි.

[QUOTE="Mali2009, post: 10901259, member: 204681"] [b]ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස මහා සංගීතඥයා[/b] කේමදාස සංගීතයේ ශිෂ්ටාචාරමය කාර්ය [URL="http://www.idakada.org/home/144-2011-02-18-08-59-49.pdf"][IMG]http://www.idakada.org/templates/gk_finance_com/images/pdf_button.png[/IMG][/URL] [URL="http://www.idakada.org/home/144-2011-02-18-08-59-49.html?tmpl=component&print=1&page="][IMG]http://www.idakada.org/templates/gk_finance_com/images/printButton.png[/IMG][/URL] [URL="http://www.idakada.org/component/mailto/?tmpl=component&link=aHR0cDovL3d3dy5pZGFrYWRhLm9yZy9ob21lLzE0NC0yMDExLTAyLTE4LTA4LTU5LTQ5Lmh0bWw%3D"][IMG]http://www.idakada.org/templates/gk_finance_com/images/emailButton.png[/IMG][/URL] Written by Administrator Friday, 18 February 2011 14:07 ලියනගේ අමරකීර්ති [IMG]http://www.idakada.org/images/stories/index.jpg[/IMG](ලියනගේ අමරකීර්ති විසින් රචිත ‘පහන සහ කැඩපත’ කෘතියෙන් උපුටා ගැනිණි) ”බැරි සිල්, කැලෑමල් වැනි සංගීත නාටක හා සෝබන සිත, සැපත සොයා වැනි චිත්‍රපටවල දෙක තුනකට සැපයූ සංගීතයේ සිට සංගීත සංධ්වනි දක්වා තනිව ගමන් කොට දේශීය ගී සම්ප්රදායේ ඒකාකාරිත්වය සහ සීමා බිඳ හෙලිය හැකි ව්‍යාපාරයක් තනිව ගොඩ න`ගන්නට කල්පනා කිරීම සිංහල සංගීතඥයන් අතර කේමදාසට පමණක් පහළ වුණ අදහසකි. භාරතීය රාගධාරි සංගීතයට වැඩි කිසිවක් බැ?රුම්ව ප්‍රගුණ නොකළ සිංහල සංගීතඥයන් අතර සමහර විට ළදරු වලිප්පුවක් මෙන් පහළ වූ ඒ අදහස සිංහල ලලිත කලා ඉතිහාසයේ නව පිටුවක් පෙරලීය.” එරික් ඉලයප්ආරච්චි( කේමදාස: විචාරාත්මක චරිතාපදානය) මෙකල රූපවාහිනි චැනලවල නොයෙක් සින්දු කීමේ තරග පැවැත්වෙයි. ශී‍්‍ර ලංකාවට ඇති එකම සංස්කෘතික ඌනතාව ගීතය යැයි සලකන්නාක් මෙනි. ගායක ගායිකාවන් බිහි වන තරමේ හැටියට කෙනෙකුට සිතෙන්නේ සිංහල ජනයා සහජයෙන්ම ගායන හැකියාව ඇති ජාතියක් බවයි. එහෙත් සංගීතමය වශයෙන් ගත් කල මෙම දහස් ගණන් ගායක ගායිකාවන් සංගීතය විෂයක් ලෙස වර්ධනය කරන්නේද සිංහල සංගීතයේ නිම් වළලූ පුළුල් කරන්නේද නැත. සින්දුව සංගීතයේ පරිධියෙහි පවතින චූල ශානරයක් බව මෙම නව සංගීත විනෝද කර්මාන්ත කාරයන් දන්නේ නැත. මෙම නව ගායක ගායිකාවන් බොහෝ විට කරන්නේ එච් ආර් ජෝතිපාල මුළු ජීවිත කාලය පුරාම සංගීතයට කැපවී කළ නිර්මාණ යළි කියා මසකින් දෙකකින් ජෝතිපාලට ජීවිත කාලයටම ඉපයූ ධනයට වැඩි ධනයක් ඉපයීමයි. ඒ සුපර් ස්ටාර්ස්ලා උපයන ධනයෙන් සෑහෙන ප්‍රතිශතයක් ඔවුන් බිහි කළ ටෙලිවිෂන් සමාගම්වලට ගෙවිය යුතුවීමෙන් පෙනෙන්නේ සුපර් ස්ටාර් කර්මාන්තය යනු සංවිධානාත්මක ව්‍යාපාරයක් බවයි. මෙම ජනප්‍රිය ගායනා තරග පොරොන්දු වන්නේද කෝටිපතියෙකු කිරීම වැනි භෞතික වාසි පමණි. දිනන දරුවන් ලෝකයේ විශිෂ්ටතම සංගීත සරසවි වෙත යවා උගන්වන බවට පොරොන්දු සුපර් ස්ටාර්ස්ලාට ලැබෙන්නේ නැත. මේ තරගවලට අමතරව සින්දු ප්‍රචාරය කරන ජනප්‍රිය වැඩසටහන් මගින් සැපයෙන්නේද ලාබ සංගීත රස වින්දනයකි. ටෙලි නාට්‍යයත් ගීත වැඩසටහනත් නූතන ලංකාවේ මහා කලාව බවට පත් වී ඇත. මට හිතෙන හැටියට මෙය සංස්කෘතික ඛාදනයක පලයක් මිස වර්ධනයක් නොවේ. මේ ගීතය හා නැටුම විනෝද කර්මාන්තය තුළ කෙරෙන එක්තරා භාණ්ඩ නිෂ්පාදනයක් නොවේද? ඩාන්සින් ස්ටාර් කර්මාන්තය මුදල් උපයන සැටියෙන් මෙය ඉතා නිරුවත්ව පෙනේ. එහෙත් මේ ප්‍රවණතාව ගැන සමබර විචාරයක් ඇති බවක් නම් නොපෙනේ. මෙවන් පසුබිමක පේ්්රමසිරි කේමදාසගේ සංගීත භාවිතාව විචාරාත්මකව හැදෑරීම අවශ්‍ය වෙයි. සංගීතය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නැති මා කේමදාස ගැන කරන මේ රචනය රසිකයෙකුගේ වින්දන සටහනක් පමණි. මා අවසන් වරට රස විඳි කේමදාස නිර්මාණය අග්නි ඔපෙරාවයි. මහ නුවර පාසැල් රංග ශාලාවකදී නැරඹූ ඒ ඔපෙරාව මට අමතක නොවන කලාත්මක අත්දැකීමක් වීයයි කිව නොහැකිය. දස වසරක් බටහිර රටක ජීවත් වීම නිසා ඔපෙරා සංගීත කණ්ඩ සිම්පනි ඕකෙස්ට්රා මගින් වාදනය කරනු සජීවීව දැක තිබුණු මට අග්නි සංගීතයද හඬද ගායනයද එතරම් ප්‍රාණවත්ව හා ප්‍රමෝදවත්ව දැනුණේ නැත. කේමදාසයන්ගේ ඇතැම් ශිෂ්‍යාවන් අරුමපුදුම ගායනා කෞෂල්යයෙන්ද අද්වීතීය කටහඬින් පොහොසත් ගායිකාවන් බවද මම දනිමි. ඔපෙරා සංගීතය විශාල වාද්‍ය වෘන්දයක් මගින් වැයෙන කල අපගේ සිරුරුවල බර හාස්කමකින් අඩුව ගොස් පොළොවෙන් ඉහල රිද්ම හා කම්පන සහිත ලෝකයකට එස වී ගියාක් මෙන් අපට දැනේ. මේ වූකලී ජනප්‍රිය වේග රිද්ම සංගීතයට නටන විට ඇති වන කායික මෝහනය හා රිද්ම ගත වීමට වෙනස් අත්දැකීමකි. වේග රිද්ම සංගීතයට නැටීමද වරදක් නොවේ. කවර වූ අකාරයක සංගීතයට නැටීම ශාරීරික මානසික විමුක්තියක් බුක්ති විඳීමකි. කානිවල් හෙවත් සැණකෙළිය සාමාජික මිනිසා එක්තරා සාමාජික හා දෘෂ්ටිවාදාත්මක සමබිමකට ගෙන එන ප්‍රජාතන්ත්‍රකරණයක් බව මිඛායෙල් බක්තීන් කීවේ ඒ නිසාය. ජනප්‍රිය සංගීතයෙහි සැණකෙළිමයත්වය නැටුමට සහභාගි වන්නන් හා නරඹන්නන් අතර පරතරය බිඳ දමයි. සංගීතයට නටන විට අප කවුරුත් එක වගේය. නියම හඬින් වැයෙන ඔපෙරා සංගීතයෙන් අප ඔසවනු ලැබීම ජනප්‍රිය සංගීතයට නැටීමෙන් ලබන සැණකෙළිමය සුන්දරත්වයට වඩා වෙනස් එකකි. සැණකෙළිමය එසවීම අපාලිත නිදහස් එසවීමක් නම් ඔපෙරා සංගීතයෙන් කරනු ලබන එසවීම වින්‍යාස ගත කරන ලද පාලිත එසවීමකි. සංගීතඥයා විසින් කරන ලද ස්වර රචනය මිනිස් කටහඬ හා වාද්‍ය සංගීතය ඔස්සේ පැමිණ අපේ සිරුරු විනිවිද ඇතුල් වී සිරුරුවල බර සංගීතය තුළට දිය කරගෙන අපද සමග පාවෙන්නාක් මෙන් දැනෙන නිසා අප සංගීතඥයාගේ ස්වර රචනාව ඇතුලට ඇදගනු ලැබුවාක් මෙන් අපිද සංගීත ගත වෙමු. ඔපෙරාවේ අන්තර්ගතය පිළිබඳ සන්නිවේදනය සඳහා අප සූදානම් කෙරන්නේ එසේය. අනික ඔපෙරා රංගන ශිල්පියා සිය පා ඇඟිලි තුඩු මත නටමින්ද උස් වූ නිකටින් මිනිස් මට්ටමට වඩා ඉහළින් ඇස් එල්ල කරමින්ද මෙලොවින් ඉහළට එසවෙන්නට තැත් කරන බවක් අ`ගවයි. ඔපෙරා රංගන ශිල්පියාගේ ශබ්ද භාෂාව අඟවන්නේ සාමාන්‍ය මෙලොව මිනිසාට වඩා දිව්‍ය ලෝකය හා මිනිස් ලෝකය අතර සිටින උත්කෘෂ්ට ජීවී පිරිසකගේ විලාසයකි. ඒ නිසා සාමාන්‍ය මිනිසුන් වන අපට කොහොමටත් ඔපෙරාව සමග නටන්නට බැරිය. අග්නි ඔපෙරාව නරඹද්දී එවැනි සංගීත අත්දැකීමක් මම නොවින්දෙමි. එනමුත් එහි කේමදාසයන්ගේ අනන්‍යතාව සඳහන් වන ගායනාමය විශිෂ්ටත්වය හා කටහඬ භාවිතය දක්නට තිබිණ. සමහර විට එය හා බැඳීමට මා අසමත් වූයේ එහි රංග වින්‍යාසයේ වූ සාමාන්‍ය බවත් එහි කතා පුවත සමග (මානසවිලේදී මෙන්) සංස්කෘතික හා උපවිඥානමය සම්බන්ධයක් නොතිබීමත් විය හැකිය. යමක් මා නොවිඳි නිසාම ඒ කලා කෘතියවත්, ඒ කලා මාධ්‍යවත් අපට නොගැලපේය යනුවෙන් සමස්ත ජාතියම වෙනුවෙන් තීරණ ගැනීමට මට අවශ්‍ය නැත. සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා, ජෑස්, බ්ලූස් ආදී ඕනෑම කලා මාධ්‍යයක් අප සංස්කෘතිය තුළට පැමිණීම ප්රගතිශීලී කාර්යකි. සංස්කෘතීන් ආගන්තුක ශානරයන් වැළඳ ගන්නේ සෙමින් සෙමිනි. සංස්කෘතීන් මිශ්‍ර වන විට සංස්කෘතීන්ට රිදෙන්නේ නැත. රිදෙනවා නම් රිදෙන්නේ තමන් සංස්කෘතීන්හි ආරක්ෂකයන් යැයි කියන මිනිසුන්ටය. මුල් කාලීන සිංහල නවකතාවට නවකතා කියවන සැටිද පාඨක ලෝකයට උගන්වන්නට සිදු විය. ඕර්සන් වෙල්ස් විසි වැනි සියවසේ මුලදී පිටසක්වල ජීවීන් ඇසුරින් කරන ලද ගුවන් විදුලි නාට්‍යයක් නිසා ඇමරිකාවම කැළඹිණි. රූපවාහිනිය පැමිණීමට පෙර තිබූ ප්‍රබලම ජනසන්නිවේදන මාධ්‍යය වූ රේඩියෝවෙන් නාට්‍යය නම් ශානරයක් විකාශනය කළ හැකියැයි නොදත් ග්‍රාමීය ඇමරිකානු වැසියෝ සැබවින්ම පිටසක්වල ජීවීන් එතැයි කළබල වූහ. රේඩියෝ නාට්‍යය නම් ශානරයට රසිකයන් හුරුපුරුදු කිරීම යනු ඕර්සන් වෙල්ස් වැනි මුල් කාලීන රේඩියෝ නාට්‍යකරුවන් කළ යුතු වූ තමන්ගේ නාට්‍යය ඔස්සේම කළ යුතු වූ දෙයකි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසද කළේ ඔපෙරාව නම් ශානරය වෙත ලංකාවේ රසික සමාජය පරිවර්තනය කිරීමයි. මේ වූකලී ජනතාව යන දෙසට ප්රතිවිරුද්ධව යාමකි. ජනතාව සමග ඒ දෙසටම යන්නෝ චූල කලාකරුවෝ වෙති. සංගීතය පාරිශුද්ධම කලාව වන අතර ”ඔපෙරාව සාමාන්‍යයෙන්ම සැලකෙන්නේ උසස් කලාවේ ශ්‍රේෂ්ඨතම ස්වරූපය ලෙස” යැයි දාර්ශනික ගෝර්ඩන් ග්රැහැම් ෆිලෝසොෆි ඔෆ් ද ආර්ට් කෘතියේලා ලිවීය. මහාචාර්ය ග්රහැම් රසික විචාරක සමාජය හමුවේ අභියෝගයක්ද තැබීය. ඒ නම් කලාවේ ස්වභාවය විස්තර කරන්නට තැත් කරන ඕනෑම කෙනෙකු සංගීතයේ ස්වභාවය නිසි ලෙස විස්තර කළ යුතුය යන්නයි. මා ඊට යමක් එක් කරන්නට කැමතිය. ඕනෑම කලාවක ස්වභාවය විස්තර කරන්නට තැත් කරන අය සංගීතයද එහි ඉහලම කලාව වන ඔපෙරාවද විස්තර කරන්නට තැත් හැකියාව ලද යුතුය. එසේ නැතිව කිසිම කලාවක සෞන්දර්ය හා ශිෂ්ටාචාරමය කාර්ය විස්තර කරන්නට අමාරුය. පූර්ව නූතන යුගයේ සිටම සෞන්දර්ය ගැන කතා කළ බටහිර දාර්ශනිකයන් සංගතීය ගැන විශේෂ අවධානයක් යොමු කිරීමේ රහස මෙය විය යුතුය. සංගීතය ගැන කතා කරන අය කාර්ය සංගීතය හා පරම සංගීතය යනුවෙන් යනුවෙන් දෙවර්ගයක් විස්තර කරති. මා කාර්ය සංගීතය යන යෙදුම භාවිත කරන්නේ ප්‍රොග්‍රෑම් මියුසික් යන යෙදුම ඇඟවීමටයි. දළ වශයෙන් ඉන් ඇඟවෙන්නේ කිසියම් කාර්යක් සඳහා සංගීතය භාවිත කිරීමයි. මිනිස් ජීවිතය හෝ අන් යමක් ගැන වචන වැනි දේහි සහායද ඇතිව යමක් ප්‍රකාශ කරන්නට තැත් කරන සංගීතය මේ ගණයෙහි ගැනේ. පරම සංගීතය එවැනි කාර්යක නොයොදන ලද ශුද්ධ සංගීතයයි. ඒ අර්ථයෙන් කේමදාසයන්ට විවිධාකාර හේතු නිසා යෙදෙන්නට සිදු වූයේ කාර්ය සංගීතයේත් ඉතා පරිධියෙහි ඇති ගී තනු නිර්මාණය වැනි දේය. සංධ්වනි වැනි ඉහළ ගණයේ නිර්මාණ සඳහා කාලය හා ධනය සපයා ගැනීමටත් ඔහුට පහළු ගණයේ නිර්මාණ කරන්නට සිදු විය. එහෙත් ගීතයෙන් එපිටට ගිය සංගීත ඥානයක් නැති රසික සමාජයකිනුත් ගීත ගැන සැහැල්ලූ හා සාහිත්යික විචාර සැපයීම බරපතල විචාර කාර්යක් ලෙස ගත් චිචාරක පිරිසකගෙනුත් එම කාර්යට සහය ලැබුණේ නැත. කේමදාස වැඩ කළේ ඔහු හා දුෂ්කර ගමනකට සූදානම් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටික දෙනෙකු සමගය. එරික් ඉලයප්ආරච්චි වැනි ප්රබුද්ධ ලේඛකයෙකු ඔහු හා පසුකලෙක එක් වුවද ඒ දෙදෙනාගේ මුණ ගැසීම සෑහෙන තරම් පරක්කු වූ මුණ ගැසීමකි. ඒ විශිෂ්ට කවියාට ඒ මහා සංගීතඥයා සමග මුසුව වැඩෙන්නට දෛවය විසින් ලබා දී තිබුණේ ඉතා අකාරුණික යැයි කිවහැකි තරම් කෙටි කාලයකි. ගුණදාස අමරසේකර වැනි ඒකමානීය සංස්කෘතියේ බුද්ධිමය ඒකාධිපතියන් විසින් නිගරු කරනු ලැබුවද කේමදාස යනු දුප්පත් සංගීත සංස්කෘතියක් පොහොසත් කරන්නට දායක වූ අසිරිමත් නිර්මාණකරුවෙකු බව කිව යුතුය. ගීතය වැනි ශිෂ්ටාරමය වශයෙන් බරක් දරා සිටිය නොහැකි චූල කලාවක ගිලීමට තරම් දරිද්‍ර වූ ඒ ගිලීම නිසාම තවත් දරිද්‍ර වන අපේ රටට සංගීතය වැනි උත්කෘෂ්ට කලාවක නියම ප්රතිපදානය දායක කරන්නට කේමදාස ගත් තැත ශිෂ්ටාරමය කාර්යකි. එරික් ඉලයප්ආරච්චි ලියූ පේ‍්‍රමසිරි කේමදාස: විචාරාත්මක චරිතප්‍රදානය කියවන කල නොගැලපෙන රටක උපන් ඉසිවරයෙකු පිළිබඳ ශෝකයද, තම මව් රට එක්තරා සංස්කෘතික දුප්පත්කමකින් මුද වන්නට තැත් කළ වීරයෙකු පිළිබඳ උද්යෝගී හැඟීමද ඇති වන්නේ ඒ නිසාය. සිනමාව වේදිකා නාට්‍යය හා ගීතය යන ඔහුට ලැබුණ නිර්මාණ අවකාශය කේමදාස භාවිත කළේ ඔපෙරාකරුවෙකුගේ පුහුණුවීම් බිම ලෙස යැයි විටෙක සිතේ. හංස විලක්, තුන්වෙනි යාමය, සිරි මැදුර, ගුරුගෙදර ආදී චිත්‍රපටවලට ඔහු සැපයූ සංගීතය තුළින්ද ඒවායේ එන ගීත තුළින්ද අපට ඇසෙන්නේ සිනමාවේ සෙවනැල්ල යට සිටින ඔපෙරාවේ නාදයම වැන්න. ”හඳුනා ගත්තොත් ඔබ මා” ගීය අප මුල් වරට ඇසූ ළමා වියේදීම එහි මිනිස් කටහඬ, විශේෂයෙන් ස්ත්‍රී කටහඬ, භාවිත වී ඇති ආකාරයෙන් අපි විස්මගන්වනු ලැබීමු. රේඩියෝවෙන් පමණක් සංගීතය රස විඳි වැඩ කරන පාන්තික පසුබිමක් සහිත මා සංගීතයේ විවිධ විභවතා ගැන මුල් වරට සංවේදී වූයේ එවන් නිර්මාණ මගිනි. මා වැනි තවත් බොහෝ අයගේ ශ්‍රවණ ශක්‍යතා හා නාද සංවේදීතාවේ වපසරිය මෙවන් නිර්මාණ මගින් වර්ධනය වන්නට ඇත. ඒ නිසා සිදු වූ වැදගත්ම කාර්යක් නම් ගීතය යනු ‘සින්දුකර කියන කවිය’ නොවන බව අපේ පරම්පරාවට ඒත්තුයාමයx කරුණාරත්න අබේසේකර වැනි අයගේ ‘වචන කේන්ද්‍රීය ගීත’ වැඩි වශයෙන් අසමින් සිටි අපට වචනවල ආධිපත්‍යයෙන් තොර ගීයක් පැවතිය හැකි බව කේමදාස විසින් පළමු වරට පෙන්නා දෙන ලදීx කලෙක මා රාවය පුවත්පතේ සේවය කරමින් සිටියදී කේමදාස මාස්ටර් සමග සම්මුඛ සාකච්ඡුාවක් කරන්නට ලැබිණ. 1994 නොවැම්බර් 20 වෙනිදා රාවයේ පළ වූ ඒ සම්මුඛ සාකච්ඡුාවේ තැනක මෙසේ එයි: ”ඔබ වචනයේ හෙවත් සාහිත්යික රචනාවෙන් ඔබ්බේ වූ සංගීතයක් පිළිබඳ කතා කරන්නේ මන්දැයි විමසන ලදුව කේමදාසයෝ මෙසේ කීහ: බලන්න කවියා ගීතයක් ලියා මට බාර දෙනවාx මෙය ලියන්න අවශ්‍ය පෑන විතරයිx සංගීතඥයාට සම්පත් රාශියක් තියෙනවාx සංගීත භාණ්ඩ, කටහඬ, වාදක මණ්ඩලය යනාදී සම්පත් විශාල ප්‍රමාණයක් තියාගෙන අර ගීත රචනාවේ ආකෘතිය තුළම රැුඳී සිටීම හරිද? නිර්මාණශීලීද? සංගීත ආකෘතිය පටන්ගන්නෙ ගීත රචනාවේ ආකෘතිය නැවතුණ තැන සිට. හරියට නවකතාවක් හා සිනමාව අතර වෙනස වගේ. ලේඛකයාට වඩා සිනමාකරුට සම්පත් තියෙනවා. නළුනිළියො, කැමරාව, සංස්කරණ උපකරණ, ආලෝකය සංගීතය යනාදී. සංගීතඥයා කියන්නේ කවියේ යටින් ඉරි අඳින්නෙක් නෙවෙයි” අපට අර දැනුණ අමුතු ගීය ඔස්සේ කේමදාස නම් සංගීතඥයා ගවේෂණය කරන්නේ කවරක්දැයි මෙම ප්‍රකාශය තුළ මනාව ගැබ්වෙයිx මා ඔහු හා සාකච්ඡුා කළේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසින් කේමදාසයන් ජාතික සංගීත අධ්‍යාපනය බාර ප්‍රධානියා ලෙස පත් කිරීම නිමිත්තෙනිx අපගේ ගතානුගතික පාසැල් අධ්‍යාපනය තුළ කේමදාස වැන්නෙකුගේ ගවේෂණශීලී නිර්මාණකත්වයට තැනක් නැතx ඒ ජාතික ආයතනයේදී ඔහුට ප්‍රයෝජනයවත් යමක් කරන්නට ලැබිණියි මම නොසිතමිx ඉලයප්ආරච්චි විසින් ලියන ලද උක්ත චරිතාපදානයේ එන ලෙස කේමදාස සිව් වසරක ජාතික අධ්‍යාපන සේවයෙන් ඉවත් වූයේ එහි වූ ගතානුගතිකයන් විසින් රිදවන ලද සිත් ඇතිවය. සාමාන්‍යයෙන් කවීන් ලෙස පෙරහුරු ලබා ගීත රචකයන් වන අය අතින් ලියවෙන ගීත රචනාවල වචනයේ ආධිපත්‍යයක් තිබීම ස්වභාවිකය. අනික් අතට ලංකාවේ රසිකයන් හා විචාරකයන් පුහුණුවන්නේ සාහිත්යික ආධිපත්‍යයක් සහිත ආධ්‍යාපන ක්‍රමයක් තුළය. අපේ සමහර විචාරකයන් ගීත විචාරය කරන මිණුම් දඬු නවකතා විචාරයේ මිණුම් දඬුවලින්මය. මේ නිසා ගීතයද යම් බාහිර යථාර්ථයක ප්‍රතිනිර්මාණයක් ලෙස ගන්නා විචාරකයා ගීතයේ හොඳ නරක විචාරය කරන්නේ ඒ ප්‍රතිනිර්මාණය හා බාහිර යථාර්ථය හරියට ගැලපේදැයි සලකා බලමිනි. ගම්පෙරළිය එයට පසුබිම් වූ කාලයේ දකුණු ලක හා කෙතරම් ගැලපේදැයි සලකා බලන්නාක් මෙනි. සංගීතය තබා නවකතාව නිසි ලෙස කියවීමටවත් සපුරා නොගැලපෙන මේ ප්‍රතිනිර්මාණවාදී කියවීම අපේ විචාරකයන් සංගීතය කියවන ක්රමයද වේ. ශුද්ධ සංගීතය රස විඳිය යුත්තේ කිසිවක ප්‍රතිනිර්මාණයක් ලෙස නොව ස්වාධීන ගොඩ නැංවීමක් ලෙසය. ඉන් අප ලබන්නේ ශ්‍රවණමය ලෝකයක නැවුම් අත්දැකීමකි. පරම සංගීතය විශේෂයෙන් එවැනිය. ශුද්ධ සංගීතයට හා ලලිත කලාවට සෞන්දර්ය ශක්තිය ලැබෙන්නේ ඒවාට ඇති ප්රජානන ශක්තිය හෙවත් දැනුම් සැපයීමේ ශක්තිය නිසා නොව ඉන්ද්‍රය සංජානනය තිව්ර කරන ලද සුන්දරත්ව වින්දනයක් සැපයීමේ ශක්තිය නිසා බව ඉමෑනුවෙල් කාන්ට් ක්රීටීක් ඔෆ් ජජ්මන්ට් කෘතියේදී කී කියුම නිවැරිදිය. ඒ අදහස කාන්ට්ගෙන් පසු ගත වූ සියවස් දෙකේදී තවත් වර්ධනය වී ඇත. සංගීතය යමක් ගැන ප්රතිනිර්මාණාත්මක ඥානයක් සපයන දෙයක් ලෙස සංගීතය දැනුම් මාදිලියක ගොඩට දමා කරන්නේ විසාල වරදකි. පරම ලක්ෂණ සහිත සංගීතයේ ගුණාත්මකත්වය මැනීමේදී් වපසරිය හා පරිමාව අංග දෙකෙහි ස්වභාවය නිසා ඇති වන සංකීර්ණත්වය සලකා බලනු ලැබේ. මේ අංග නිසා සිම්පනියක ඇති වන ව්‍යූහමය සංකීර්ණතාවට ජනපි‍්‍රය සිංදුවක එන සංගීතයට කිට්ටු වන්නටත් බැරි බව මහාචාර්ය ගෝර්ඩන් ග්රැහැම් කියයි. එහෙත් කේමදාසයන් තනු සැපයූ ගීත සංගීතමය වපසරිය හා පරිමාව අතින් සාමාන්‍ය සිංහල ගීතවලට වඩා බොහෝ ඉහලය. කේමදාසයන් කාර්ය සංගීත නිර්මාණය කළේද පරම සංගීතයට ළංවීමටද තැත් දරමිනි. මෙකල යහමින් මුදල් උපයන හා ‘කෙල්ලො කොල්ලො පිස්සු වට්ටන’ ගීත මේ අතින් ඉතා ප්‍රාථමික සංගීත ව්‍යුහ සහිත ගීත බව මා වැනි ආධුනික රසිකයෙකුට වුවද වැටහෙයි. මේ නිසා කේමදාස වැනි සංගීතඥයන්ගේ ශිෂ්ටාචාරමය කාර්ය වටහා ගනු කැමති හා වටහා දෙනු කැමති අය කළ යුත්තේ ඔහුගේ සංගීතයේ එන පරම සංගීතයේ මිනිස් වැදගත්කම වටහා ගැනීමට උදව් වීමයි. නැති නම් සිදුවනු ඇත්තේ කේමදාසයන්ගේ කලාත්මක ධනය නොයෙක් අවස්ථාවාදීන් විසින් කොල්ල කා ගැනීමයි. ඉන්ද්රිය සංජානනයේ තීව්රත්වය තමන්ට ඇති සීමිත අවකාශය තුළ සංගීතය තීව්ර ඉන්ද්රිය සංජානන අත්දැකීමක් සපයන මාධ්‍යයක් බවට පත් කරන්නට කේමදාසයන් ගත් තැත අතිමහත්ය. ඔහුගේ ඇතැම් සංගීත කණ්ඩ හා ගීත අසන විට තීව්ර අවදිවීමකින් යුත් ඉඳුරන් ඇති අපි ඒ සංගීතයෙන් බාහිර ලෝකයකදී අත් විඳි බව අපට නිශ්චිතව මතක නැති විඳීමක් වෙත ඔසවනු ලබමු. සමහර විට අප විඳින්නේ අපේ ආදි මුතුන්මිත්තන් නැගූ ශබ්දයන්ය. සමහර විට අප අසන්නේ අපේ කාලයෙන් ශත වර්ෂ ගණනක් අනාගතයේදී මිනිසා අසන්නට ඉඩ ඇති ශබ්දයන්ය. නියම සංගීතය යනු ප්රතිනිර්මාණිත ශබ්දය නොව ව්‍යූහගත කළ ශබ්දයය. සංගීතය හැසිරෙන ආකාරය පිළිබඳ දාර්ශනික ස්ටැන්ලි කැවෙල් ”මියුසික් ඩිකොම්පෝස්ඞ්” නමින් අගනා රචනයක් ලිවීය. එය ඔහු විසින් පළ කරන ලද ප්‍රකට පොතක් වන මස්ට් වී මීන් වට් වී සේ? කෘතියේ ඇතුලත් වෙයි. ශුද්ධ සංගීතය තූළ සංරචිත බව සේම ක්ෂණික අත්හදා බැලීමද ඇති බවයි. සංගීත කණ්ඩය සංරචිත නම් එය සැලසුම් කරන ලද්දකි. ඒ නිසා රසිකයන් වන අපි ඒ සංරචිත රාමුව විසින් අල්ලාගනු ලබමු. එනමුත් හිටිවනම සංගීතඥයා කලින් සැලසුම් නොකරන ලද අහම්බය හා ක්ෂණික අත්හදා බැලීමට ඉඩ සලසා ගනියි. මේ නිසා සිදුවන්නේ අප උන්හිටි ගමන් ශබ්දමය පුදුම කරනු ලැබීමකට ක්ෂණිකව හසු වීමයි. ඒ අනපේක්ෂිතය එක්තරා ආනන්දයකි. සැලසුම්ගත කරන ලද්ද හා ඒ අතරින්ම මතු වන අනපේක්ෂිතය ශුද්ධ සංගීත අත්දැකීම සාදන්නේ නම් පේ‍්‍රමසිරි කේමදාස අපට සිටි එවන් සංගීතකාරයෙකි. ඔහුගේ ඇතැම් ගීත අපට හුරුපුරුදු රිද්ම හා ශබ්ද ඔස්සේ අප අල්ලාගෙන අප කෙසේවත් අපේක්ෂා නොකළ මොහොතක නුපුරුදු හ`ඩක් මතු කරයි. ඉන් අපි පද රචනාව වෙතින් සංගීතය හා මිනිස් කටහඬ වෙත විසි කරනු ලබමු. වචන කේන්ද්‍රීය ගීත රසිකයන්ට සංගීත අත්දැකීමක් සැපයීම සඳහා මේ උපක්‍රමය ගැලපෙයි. වචන නැති ලොවක වැඩිකල් ඉන්නට උගෙන නැති අපි ආපසු පැන ගීතයේ පද වැලේම එල්ලෙමු. වචන නැති ශබ්දයේ ලෝකයේදී දැනෙන අපහසුවත් සංගීතමය අත්දැකීමකියි කාන්ට් නම් කියනු ඇත. මෙම රසිකයා පුදුම ගැන්වීමේ ක්‍රියාවලිය සඳහා කේමදාස භාවිත කළ එක් ප්‍රධාන උපකරණයක් නම් මිනිස් කටහඬයි. හැත්තෑව දශකයේදී ස්ත’්‍ර කටහඬ කිසිවකු විසින් භාවිත නොවී තිබූ ආකාරයකට ”සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ” ගීතයේදී භාවිත කිරීම එවන් එක් නිදර්ශනයකි. මිනිස් කටහඬ කේමදාසයන්ට තවත් සංගීත භාණ්ඩයක් විය. ගීතය කියන්නට නියමිත ප්‍රකට ගායිකාව පැමිණ නැති අවස්ථාවක ඒ අසල සිටි සුනිලා අබේසේකර මෙම ගීතය කියන්නට යොදා ගැනීමෙන් කේමදාස මාස්ටර් ඇගේ අද්විතීය හඬ සොරා ගැනීමයි. එදින අර නියමිත ගායිකාව නොපැමිණීමද කේමදාසයන් විසින්ම සැලසුම් කළ දෙයක්ද විය හැකිය! සිංහලය සුන්දරද සුගායනීයද බසක් බව කේමදාස දැන සිටියේය. එහෙත් ගීතයේ සංගීතමය සුන්දරත්වය සඳහා භාෂාවේ ගීතවත් බව මත රඳා පවතින්නට ඔහු කැමති නොවීය. යම් බසකින් ඉඩ සලසන ශබ්ද වපසරියේ පමණක් සිරවී සිටීම යම් බසකින් ඉඩසලසන චින්තන වපසරියේ සිරවී සිටීමටත් වැඩිය භයානකය. පාලිය, සංස්කෘතය, හා දෙමළ බස නිසා සිංහලයේ ශබ්ද වපසරිය ප්‍රසාරණය වූ බව අපට දැන් හරියටම මතක නැත්තේ එය ශතවර්ෂාධික කාලයක් සිදු වූ නිසාය. විවිධ සංගීත වර්ග නිසාද අපගේ සංගීතමය ශබ්ද වපසරිය ප්‍රසාරණයවීම එක්තරා පොහොසත් වීමකි. ශූර සංගීතඥයා කරන්නේ ඒ ශබ්ද වපසරියේ ප්‍රසාරණය අපගේ විඥානයේද ප්රසාරණයක් බවට පරිවර්තනය කිරීමයි. ඒ නිසා ගීත රචකයා සපයන එළි වැටෙන් කොටුවීම සංගීතඥයාගේ කාර්ය නොවන බවට කේමදාස කළ තර්කය වටහා ගත යුත්තේ ශිෂ්ටාචාරමය අර්ථයකිනි. ගීතයේ එළි වැට සංගීතය විසින් සැපයෙන එළිවැටකි. ගීතය යනු සංගීතය කටහ`ඩ හා වචන යොදාගෙන සංගීතඥයා කරන සංරචනයකි. මේ බව හොඳින් දත් කේමදාස තමන් නිර්මාණය කරන සෑම ගීතයක්ම දැක්කේ ක්ෂුද්‍ර ඔපෙරා නිර්මාණ මෙනි. ඒ සෑම ගීතයකම හිටිවනම අප මවිත කරවන නාට්‍යමය බවක් ඇත්තේ ඒ නිසාය. ශූර සංගීතඥයා කටහඬ හා ශබ්දය භාවිත කරන්නේ භාෂා හා සංස්කෘතික සීමාවලින් ඉහලට එසවී ගන්නටය. භාෂාව බොහෝ විට අර්ථ ජනනය කරන්නේ සංස්කෘතික සංදර්භයක් තුළ සිටය. එහෙත් හඬට ඒ සංදර්භය ඉවත් වී යන්නට පුළුවන. ඒ නිසා මිනිස් වර්ගයා පසු කළ හා ඉතා ඈත යුගවල මිනිසා නැගූ ශබ්ද පවා අපගේ උපවිඥානයට යළි මතක් කර දෙන්නට හඬට හැකියාව ඇත. කේමදාස මාස්ටර් කටහඬ භාවිත කරන්නේ එවැනි අකාරයකටය. යම් භාෂාවක එන ශබ්ද පමණක් උච්චාරණය කරන තැනට ඒ භාෂාව කතා කරන අය කාලයක් තිස්සේ පුරුදු වීම ඒ භාෂකයන් ශබ්දමය වශයෙන් දුප්පත්වීමක් බව සංගීතඥයා දනියි. කේමදාසයන් එවන් සංගීතඥයෙකි. මෙකල සින්දු විෂුවල් කිරීමට තරුණ පිරිස් දක්වන්නේ විසාල උනන්දුවකි. පේරාදෙණියේ රූපවාහිනී හා සිනමාකරණය උගන්නා අයද සින්දු විෂුවල් කිරීම මහා කලාකාරියක් ලෙස සලකනු පෙනේ. මේ විෂුවල් කිරීම වූකලි මෙකල ලංකාවේ ප්‍රචලිත තවත් චූල කලාවකි. එය වෙළඳ දැන්වීමට මඳක් ඉහලින් සිටින වෙළඳ කලාවකි. රූපවාහිනියට ගැලපෙන ප්රාසාංගිකත්වය වරදවා වටහා ගත් පිරිසක් ලාබ ඇමරිකානු සිංදු චැනල් අනුකරණය කරමින් කරන සින්දු විෂුවල් කිරීම ස්ත්‍රී ශරීරය පිරිමි ඇසෙහි පරිභෝජනය සඳහා ද්‍රව්‍යකරණය කිරීමට වැඩි දෙයක් නොකරන්නේ කලාතුරකිනි. මේ සින්දු විෂුවල්වලින් වැඩි වශයෙන් සැපයෙන්නේ අනුන් රමණය කරන සැටි හොරෙන් බැලීමෙන් ලබන ලාබ තෘප්තියකි. නියම සංගීතමය ප්රාසාංගිකත්වය කුමක්දැයි වටහා ගනු කැමති අය කේමදාසයන්ගේ සංගීතය හදාළ මනාය. සින්දු විෂුවල් කරන අය කලාත්මකව ඒ කාර්ය කරන්නට සංගීත කේන්ද්‍රීය දෘෂ්‍යකරණයක් උගත යුතුය. ඒ සඳහා කේමදාස සංගීතයේ ප්රාසාංගිකත්වය ඉවසීමෙන් හැදෑරිය යුතුය. එම හැදෑරීම කරනු කැමති අයට එරික් ඉලයප්ආරචිචිගේ කේමදාස: විචාරාත්මක චරිතාපදානය නම් විශිෂ්ට කෘතියෙන් වැඩ ආරම්භ කළ හැකිය. ආචාර්ය කේමදාස විසින් ලංකාව උදෙසා ඉටු කරන ලද්දේ ශිෂ්ටාචාරමය කාර්යකි. විනෝද කර්මාන්තය විසින් නිපැයෙන ක්ෂණික සන්ත්‍රාසයේ ලාබ සංගීතය හා සින්දුව තමන් දන්නා එකම කලාව බවට (දුප් )පත් කරගත් පරම්පරාවකටත් කේමදාසට අපේ සංස්කෘතිය තේරෙන්නේ නැතැයි කියන්නට තරම් රාගධාරි සංගීතය පමණක් විඳින්නට ශ්රවණේද්රියද විඳින බව පෙන්වීමට හෘද සාක්ෂියද දුප්පත් කරගත් සංස්කෘතික සාපේක්ෂතාවාදීන්ටත් කේමදාසයන්ගේ ශිෂ්ටාචාරමය කාර්ය අද නොතේරෙනු ඇත. ”දෙවියන් යැයි කෙනෙකු ඇති බවට එකම සාක්ෂිය නම් සංගීතයයි” යනුවෙන් කර්ට් වොනෙගට් මිය යන්නට පෙර බ්ලූස් හා ජෑස් ඇතුලූ කලූ ඇමරිකානු සංගීතය උණුසුම් හදවතින් අගය කරමින් ලියූ අපූරු කුඩා පොතකදී ලිව්වේය. වොනෙගට් නොකියා කියන්නේ සංගීතඥයා දෙවියන්ගේ ඒජන්තයෙකු බවයි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස මහා සංගීතඥයා ගැන සිතන විට මා වොනෙගට් සමග එක`ගවන්නේ නිතැතිනි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom