Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුවකට රටක් කොතරම් විනාශ කළ හැකි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවකට රටක් කොතරම් විනාශ කළ හැකි ද?

පහත උපුටා තිබෙන පින්තූර තුනෙන් කියවෙන ප්රවෘත්ති 3 ලංකාවේ වර්තමාන ආර්ථික තත්වය තේරුම් ගැනීමට කදිම නිදසුන් ය.

පළමුවැන්න කියන්නේ ලංකාවේ කොටස් වෙළඳපොල නැවත කඩා වැටීම ගැන ය. ඊට හේතුව ලෙස මූල්‍ය විශ්ලේෂකයින් දක්වා ඇත්තේ වත්මන් රජය බලයට පත් වූ දා සිට සිදු වූ පරිදි විදේශිකයින් විසින් ආයෝජිත මුදල් රටෙන් ඉවත් කර ගැනීමයි. ඒ අනුව පසුගිය සඳුදා පමණක් රටින් පිට ගිය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 137.8කි. මේ වසර තුළ පමණක් මේ වන විට රුපියල් බිලියන 5.77ක් රටෙන් ඉවත් කර ගෙන තිබේ. මූල්‍ය ප්‍රතිපත්ති ව්‍යාකූල බව හා කළමනාකරණය පිළිබඳ වන අවිස්වාසය මෙම තත්වය කෙරෙහි බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. උදාහරණයක් ලෙස, පසුගිය දා ප්‍රාග්ධන ඉපැයුම් බද්දක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ ද එය කොටස් වෙළඳපොල ප්‍රාග්ධන ඉපැයිම්වලට අදාළ වෙන්නේ දැයි ඇසූවිට කැබිනට් ප්රකාශකයාට පිළිතුරක් නොතිබූ බව රොයිටර් පෙන්වා දෙන්නේ ය.

දෙවැනි පින්තූරයේ එන ප්‍රවෘතිය ඊටත් වඩා භයානක එකකි. ඉහත සඳහන් ඩොලර් රටහැර යාම ඇතුළු තව බොහෝ ගැටළු නිසා රටේ ආර්ථිකය එන්න එන්න ම අස්ථාවර වීම පිළිබඳ තත්වය එහි සඳහන් ය. ඊට අනුව පසුගිය දා මූඩිස් නම් ලෝක ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම ස්ථාවර (stable) තත්වයේ සිට ඍණ (negative) තත්වයට පහත දැම්මේ ය. එකී පහළ දැමීම ම භයංකර තත්වයක් වූව ද එහි විපාක කම්පන ලෙස පළමු ප්‍රවෘත්තියේ එන ලෙස විදෙස් ඩොලර් රටෙන් තව තවත් ඉවත් කරගැනීමට ද එය චක්‍රීය ලෙස බලපානු ඇත. ආර්ථිකයක් යනු එක් පද්ධතියක් වන අතර එකක වන අවගමනයක් අනෙකට ද බලපෑම ස්වභාවික ය. මේ අනුව, මූඩිස් සමාගම අපේක්ෂා කරන්නේ රටේ ආර්ථික වර්ධනය ඉදිරියේ දී තව තවත් දුර්වල විය හැකි අතර අනිවාර්ය ගෙවුම් ශේෂ අර්බුදයකට ගමන් කළ හැකි බව ය.

තෙවැනි පින්තූරයේ එන ප්‍රවෘත්තිය මේ සමස්ත අර්බුදයට රජය දෙන විසඳුම දක්වන්නකි. ඉදිරි මස තුළ දී විදේශිකයින්ට මෙරට ඉඩම් මිළදී ගැනීමට අවශ්‍ය නීති සම්පාදන කටයුතු මේ වන විට සිදුකරමින් තිබේ. ඒ අනුව ලංකාවේ ඉඩම් ව්‍යාපාරික අවශ්‍යතාවන්ට පමණක් නොව පුද්ගලික අවශ්‍යතාවන්ට පවා විදේශිකයින්ට මිළදී ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. රජයේ අරමුණ වන්නේ මේ හරහා රටට ඩොලර් ගෙන්වා ගැනීම ය. ප්රශ්නය වන්නේ රටට ඩොලර් පැමිණිය ද අපගේ ඉඩම් විදේශිකයින්ට සතුවීම ය. ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරන මෙම තත්වය රට විදෙස් ග්‍රහණයට ලක්වීමේ පළමු පියවර ලෙස ද සැලකිය හැකි ය. කෙසේ වෙතත්, මෙම තත්වයට බලපාන ආර්ථික තත්වය රජය විසින් ම නිර්මාණය කළ අතර දැන් ඊට විසඳුම ලෙස රටේ ඉඩම් අයිතිය විදේශිකයින්ට දීමට පවා සිදුවන තත්වයට අන් සියළු විකල්ප අහිමි වී තිබේ. අස්ථාවර හා දුර්වල ආණ්ඩුවකට රටක් කොතරම් විනාශ කළ හැකි ද යන්න අවබෝධ කර ගැනීමට ඔබට තවත් සාධක අවශ්‍ය ද?

Mahinda Pathirana

[QUOTE="xcorat, post: 20308745, member: 555034"] [b]ආණ්ඩුවකට රටක් කොතරම් විනාශ කළ හැකි ද?[/b] [SIZE="5"]පහත උපුටා තිබෙන පින්තූර තුනෙන් කියවෙන ප්රවෘත්ති 3 ලංකාවේ වර්තමාන ආර්ථික තත්වය තේරුම් ගැනීමට කදිම නිදසුන් ය. [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/13502076_10208511487357357_9044723730574690564_n.jpg?oh=929ad0f4e52dca091b6b8e1f4c14d785&oe=57C38831&__gda__=1474784084_aa981a26cead9dfe9c0f150ddd0cd7f6[/IMG]පළමුවැන්න කියන්නේ ලංකාවේ කොටස් වෙළඳපොල නැවත කඩා වැටීම ගැන ය. ඊට හේතුව ලෙස මූල්‍ය විශ්ලේෂකයින් දක්වා ඇත්තේ වත්මන් රජය බලයට පත් වූ දා සිට සිදු වූ පරිදි විදේශිකයින් විසින් ආයෝජිත මුදල් රටෙන් ඉවත් කර ගැනීමයි. ඒ අනුව පසුගිය සඳුදා පමණක් රටින් පිට ගිය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 137.8කි. මේ වසර තුළ පමණක් මේ වන විට රුපියල් බිලියන 5.77ක් රටෙන් ඉවත් කර ගෙන තිබේ. මූල්‍ය ප්‍රතිපත්ති ව්‍යාකූල බව හා කළමනාකරණය පිළිබඳ වන අවිස්වාසය මෙම තත්වය කෙරෙහි බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. උදාහරණයක් ලෙස, පසුගිය දා ප්‍රාග්ධන ඉපැයුම් බද්දක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ ද එය කොටස් වෙළඳපොල ප්‍රාග්ධන ඉපැයිම්වලට අදාළ වෙන්නේ දැයි ඇසූවිට කැබිනට් ප්රකාශකයාට පිළිතුරක් නොතිබූ බව රොයිටර් පෙන්වා දෙන්නේ ය. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13507154_10208511487877370_6857795171801569658_n.jpg?oh=fa4c0511216e9ecccfab97ced08c748f&oe=57DAE706[/IMG] දෙවැනි පින්තූරයේ එන ප්‍රවෘතිය ඊටත් වඩා භයානක එකකි. ඉහත සඳහන් ඩොලර් රටහැර යාම ඇතුළු තව බොහෝ ගැටළු නිසා රටේ ආර්ථිකය එන්න එන්න ම අස්ථාවර වීම පිළිබඳ තත්වය එහි සඳහන් ය. ඊට අනුව පසුගිය දා මූඩිස් නම් ලෝක ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම ස්ථාවර (stable) තත්වයේ සිට ඍණ (negative) තත්වයට පහත දැම්මේ ය. එකී පහළ දැමීම ම භයංකර තත්වයක් වූව ද එහි විපාක කම්පන ලෙස පළමු ප්‍රවෘත්තියේ එන ලෙස විදෙස් ඩොලර් රටෙන් තව තවත් ඉවත් කරගැනීමට ද එය චක්‍රීය ලෙස බලපානු ඇත. ආර්ථිකයක් යනු එක් පද්ධතියක් වන අතර එකක වන අවගමනයක් අනෙකට ද බලපෑම ස්වභාවික ය. මේ අනුව, මූඩිස් සමාගම අපේක්ෂා කරන්නේ රටේ ආර්ථික වර්ධනය ඉදිරියේ දී තව තවත් දුර්වල විය හැකි අතර අනිවාර්ය ගෙවුම් ශේෂ අර්බුදයකට ගමන් කළ හැකි බව ය. [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/13434926_10208511488157377_6768065785773194157_n.jpg?oh=2df281a47661cd7a19fadbfba3ea34e9&oe=57E462D3&__gda__=1472370614_3c6d1e29bb4ec028f223df76ae9c20c2[/IMG] තෙවැනි පින්තූරයේ එන ප්‍රවෘත්තිය මේ සමස්ත අර්බුදයට රජය දෙන විසඳුම දක්වන්නකි. ඉදිරි මස තුළ දී විදේශිකයින්ට මෙරට ඉඩම් මිළදී ගැනීමට අවශ්‍ය නීති සම්පාදන කටයුතු මේ වන විට සිදුකරමින් තිබේ. ඒ අනුව ලංකාවේ ඉඩම් ව්‍යාපාරික අවශ්‍යතාවන්ට පමණක් නොව පුද්ගලික අවශ්‍යතාවන්ට පවා විදේශිකයින්ට මිළදී ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. රජයේ අරමුණ වන්නේ මේ හරහා රටට ඩොලර් ගෙන්වා ගැනීම ය. ප්රශ්නය වන්නේ රටට ඩොලර් පැමිණිය ද අපගේ ඉඩම් විදේශිකයින්ට සතුවීම ය. ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරන මෙම තත්වය රට විදෙස් ග්‍රහණයට ලක්වීමේ පළමු පියවර ලෙස ද සැලකිය හැකි ය. කෙසේ වෙතත්, මෙම තත්වයට බලපාන ආර්ථික තත්වය රජය විසින් ම නිර්මාණය කළ අතර දැන් ඊට විසඳුම ලෙස රටේ ඉඩම් අයිතිය විදේශිකයින්ට දීමට පවා සිදුවන තත්වයට අන් සියළු විකල්ප අහිමි වී තිබේ. අස්ථාවර හා දුර්වල ආණ්ඩුවකට රටක් කොතරම් විනාශ කළ හැකි ද යන්න අවබෝධ කර ගැනීමට ඔබට තවත් සාධක අවශ්‍ය ද?[/SIZE] Mahinda Pathirana [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom