Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආණ්ඩුව ඇත්තටම ණය ගෙවනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව ඇත්තටම ණය ගෙවනවාද?

ආණ්ඩුව ඇත්තටම ණය ගෙවනවාද?

පසුගිය ලිපියෙන් මා කතා කළේ විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී බදු වැඩි කිරීම වැනි ක්‍රම වලින් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සොයාගැනීමට අමතරව රුපියල් ඩොලර් බවට හැරවීමේ දෙවැනි ප්‍රශ්නයක්ද ඇති බවයි. රටේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමක තිබේනම් මෙය ගැටළුවක් නොවේ.

දශක ගණනක සිටම ලංකාවේ විදේශ ණය ප්‍රමාණය විදේශ සංචිත වලට වඩා කිහිප ගුණයක් වැඩිව තිබුණේය. පසුගිය රජය කාලයේ විදේශ සංචිත වැඩි වුවත්, විදේශ ණය ප්‍රමාණය ඊට වඩා වැඩි විය. කෙසේ වුවද, මෙය බරපතල ප්‍රශ්නයක් වන්නේ විදේශ ණය සියල්ල එකවර ගෙවන්නට වුවහොත්ය. සාමාන්‍යයෙන් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවේ. කෙටිකාලීන ණය ගෙවීමට අවශ්‍ය තරම් විදේශ මුදල් සංචිත මහ බැංකුව සතුව පැවති බව මගේ අදහසයි.

මෙවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේද අළුතින් විදේශ ණය නොගෙන දැනට ඇති ණය ගෙවා දමන්නේනම් පමණි. ණය ගෙවන ප්‍රමාණයට වඩා සුළු වශයෙන් හෝ වැඩි ප්‍රමාණයක් නැවත ආපසු ලබා ගන්නේනම් විදේශ සංචිත පිලිබඳ ගැටළුවක් ඇති නොවේ.

මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නට ඇත්තටම ආණ්ඩුව ශුද්ධ ලෙස විදේශ ණය ආපසු ගෙවනවාද? එනම් අළුතින් විදේශ ණය ගන්නවාට වඩා පරණ ණය ආපසු ගෙවන ප්‍රමාණය වැඩිද? ඩොලර් ප්‍රශ්නයක් මතුවන්නේ එසේ කරන්නේනම් පමණි.

ආණ්ඩු මාරුවට පෙර, 2014 වසර අවසානයේදී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9 ක් විය. වසරකට පසු මේ ණය මල්ල රුපියල් බිලියන 8,503.2 ක් දක්වා විශාල විය. තවත් සමසකට පසු, 2016 ජූනි වන විට ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,062.2 ක් දක්වා වැඩි වී තිබේ. මෙය මාස 18ක් තුළ 22.6%ක ණය වර්ධනයකි. ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ තුනහමාරක සිට ලක්ෂ හතරහමාරක් පමණ දක්වා වැඩි වීමකි. ණය ආපසු ගෙවීමක් සිදුවනවානම් මේ අයුරින් ණය වැඩි විය නොහැක.

ඉහත වගුවෙන් පෙනෙන පරිදි, මේ රජය විදේශ ණය ගන්නවාට වඩා දේශීය ණය ගන්නට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. දේශීය ණය 26.0%කින් වැඩි වෙද්දී, විදේශ ණය වැඩි වී ඇත්තේ 17.9%කින් පමණි. දේශීය ණය විදේශ ණය තරම් හානිකර නැතැයි ආණ්ඩුව විශ්වාස කරනවාද? අපි මේ ගැන වෙනම ඉදිරි ලිපියකින් කතා කරමු.

කෙසේ වුවද වැදගත් කරුණ වන්නේ විදේශ ණයද 17.9%කින් වැඩි වී තිබීමයි. මේ වැඩිවීමට ප්‍රධානම හේතුව අළුතින් විදේශ ණය ගැනීම නොවේ. රුපියල පිරිහීම නිසා කලින් පැවති ණය ප්‍රමාණයේ රුපියල් අගය වැඩි වීමයි. එසේ වුවත්, මේ සාධකය ඉවත් කළද රජය සුළු වශයෙන් හෝ වැඩිපුර ණය ගෙන ඇතුවා මිස විදේශ ණය ආපසු ගෙවා නැත. ගෙවන්නට උත්සාහ කරන බවක්ද නොපෙනේ. ඒ නිසා, ණය ගෙවන්නට විදේශ ව්‍යවහාර මුදල් නැතැයි යන කතාව කතන්දරයක් පමණි.

ආණ්ඩු මාරුවට පෙර 2014 දෙසැම්බර් වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,208.4ක් වූ අතර පසුගිය අගෝස්තු වන විට මේ ප්‍රමාණය ඩොලර් මිලියන 6,598.9ක් දක්වා අඩු වී ඇත. මෙසේ නිල විදෙස් මුදල් සංචිත 19.6කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇත්තේ විදෙස් ණය ගෙවීම නිසා නොවේ. විදෙස් ණය තවදුරටත් වැඩි වෙද්දීය! ආණ්ඩුව රටේ අනාගත විදේශ ණය බැරකම් ගෙවීම විශාල බරක් ලෙස අවංකවම සිතනවානම් කළ යුත්තේ මෙසේ විදේශ සංචිත විකුණා දැමීම වෙනුවට විදේශ සංචිත තර කර ගැනීමයි.

ආණ්ඩුව විදේශ ණය වෙනුවට දේශීය ණය ගැනීමේ ප්රතිපත්තියකට විතැන් වී ඇත. ප්‍රශ්නයට මුල රජයේ අකාර්යක්ෂමතාවය, ඒ හා බැඳුණු නාස්තිකාර වියදම් හා එහි ප්‍රතිඵලය වන අඛණ්ඩ අයවැය හිඟය බැවින් මේ මූලික ප්‍රශ්න නොවිසඳා කොට්ට මාරු කිරීම විසඳුමක් නොවේ. වඩා හොඳ දේශීය ණයද නැත්නම් විදේශීය ණයද යන ප්රශ්නය හරියට වඩා හොඳ සීනිද නැත්නම් කොලෙස්ටරෝල්ද යන ආකාරයේ ප්රශ්නයකි. ඔය දෙකෙන් එකක්වත් හොඳ නැත. (වැඩි විස්තර පසු ලිපියක) කෙසේ වුවද, මේ ණය දෙවර්ගයේ වෙනස්කම් තිබේ. මහජනතාවගේ පැත්තෙන් බැළුවොත්නම් මෙය 'හාට් ඇටෑක්' හැදී මැරෙනවද නැත්නම් 'කිඩ්නි නරක් කරගෙන' මැරෙනවාද ආකාරයේ වෙනසකි.

මහජනතාවගේ පැත්තෙන් වැඩි වෙනසක් නැතත්, දේශීය ණය ගැනීමේ එක් වාසියක් රජයට තිබේ. රජයට 'සල්ලි අච්චු ගසා' දේශීය ණය ආපසු ගෙවිය හැකිය. එහෙත්, ඩොලර් හෝ යුරෝ එසේ අච්චු ගසන්නට නුපුළුවන!

ඇත්තටම දැන් සිදු වෙන්නට පටන් ගෙන ඇත්තේත් එයයි. මේ වසරේ පළමු මාස අට තුළ පමණක් මහ බැංකුවේ සංචිත මුදල් 16.7%කින් වැඩි වී ඇත. මෙයින් අදහස් වෙන්නේ රටේ මුදල් ප්‍රමාණය මාස අටක් තුළ එපමණකින් වැඩි වී ඇති බවයි. වසර අවසන් වන විට මේ වර්ධනය 20% ඉක්මවන්නට ඉඩ තිබේ!

මහින්ද රාජපක්ෂ පළමු වරට ජනාධිපති වීමෙන් පසුවද මෙවැනිම ප්රතිපත්තියක සිටියේය. ඒ අනුව, ඔහුගේ මුල් අවුරුදු වලදී විදේශ ණය වැඩිපුර නොගත් අතර දේශීය ණය ලබා ගැනීම සඳහා අලෙවි කළ භාණ්ඩාගාර බිල්පත් (දැන් මෙන්ම) මහ බැංකුවට අලෙවි විය. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නේ මුදල් අලුතින් මුද්‍රණය කර ඒවා වැය කරමිනි. අළුතින් මුදල් අච්චු ගැසූ පසු උද්ධමනය එන තුරු අවුරුදු 2-3ක 'ඉන්ටවල් එකක්' ලැබේ. ඒත් පහු වී තැපෑලෙන් බඩු ෂුවර්ය. පසුගිය රජය 2004-06 කාලයේ අළුතින් අච්චු ගැසූ මුදල් වල රිසල්ට් එන්නට පටන් ගත්තේ 2007-2008 දීය. අන්තිමේදී උද්ධමනය 30% ඉක්මවීය. ඒ කාලය වන විට මුදල් සැපයුම සීමා කර තිබුණත් ඒ වන විට පරක්කු වැඩිය. රාජපක්ෂ රජය විදේශ ණය ගැනීම පටන්ගෙන වේගවත් කළේ ඉහත කී අසාර්ථක පරීක්ෂණයෙන් පසුවය.

දැන් මේ ආණ්ඩුව නැවත කරන්නේ රාජපක්ෂ රජය විසින් මුලින්ම කළ අසාර්ථක පරීක්ෂණයයි. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල තවත් දෙවසරකින් පමණ ලැබෙනු ඇති අතර ඉන්පසුව හෝ ඊට පෙර මේ ආණ්ඩුවද නැවතත් විදේශ ණය ගැනීමට තල්ලු වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

තත්ත්වය මෙසේ වුවත් මෙය තනිකරම මේ ආණ්ඩුවේ වැරැද්දක් ලෙස දැකීම ආණ්ඩුවට කරන අසාධාරණයකි. දශක ගණනාවක් අයවැය හිඟයක් පවත්වාගත් රජයක එම අයවැය හිඟය වසරකින් හෝ දෙකකින් නැති කළ නොහැකිය. එය ක්‍රමයෙන් අඩු කරගත යුතුය. ආණ්ඩුව ඒ සඳහා සැලකිය යුතු උත්සාහයක් දරයි.

අයවැය හිඟය අඩු කරගත්තත් එය සම්පූර්ණයෙන්ම නැති කර ගන්නා තුරු රජයට තව තවත් අළුතින් ණය ගන්නට සිදු වේ. ඒ නිසා, ආණ්ඩුවට ණය මල්ල තරවීම නැවැත්විය නොහැක. කළ හැකි එකම දෙය එය තර වන වේගය පාලනය කර ගැනීමයි. වැඩි කරන බදු වලින් පරණ ණය නොගෙවුවත්, අළුතින් ගන්නා ණය ප්‍රමාණය අඩු කරගන්නට මේ වැඩි කළ බදු උදවුවකි.

source http://economatta.blogspot.com/2016_12_01_archive.html

[QUOTE="SadSandun, post: 20989921, member: 427049"] [b]ආණ්ඩුව ඇත්තටම ණය ගෙවනවාද?[/b] ආණ්ඩුව ඇත්තටම ණය ගෙවනවාද? පසුගිය ලිපියෙන් මා කතා කළේ විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී බදු වැඩි කිරීම වැනි ක්‍රම වලින් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සොයාගැනීමට අමතරව රුපියල් ඩොලර් බවට හැරවීමේ දෙවැනි ප්‍රශ්නයක්ද ඇති බවයි. රටේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමක තිබේනම් මෙය ගැටළුවක් නොවේ. දශක ගණනක සිටම ලංකාවේ විදේශ ණය ප්‍රමාණය විදේශ සංචිත වලට වඩා කිහිප ගුණයක් වැඩිව තිබුණේය. පසුගිය රජය කාලයේ විදේශ සංචිත වැඩි වුවත්, විදේශ ණය ප්‍රමාණය ඊට වඩා වැඩි විය. කෙසේ වුවද, මෙය බරපතල ප්‍රශ්නයක් වන්නේ විදේශ ණය සියල්ල එකවර ගෙවන්නට වුවහොත්ය. සාමාන්‍යයෙන් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවේ. කෙටිකාලීන ණය ගෙවීමට අවශ්‍ය තරම් විදේශ මුදල් සංචිත මහ බැංකුව සතුව පැවති බව මගේ අදහසයි. මෙවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේද අළුතින් විදේශ ණය නොගෙන දැනට ඇති ණය ගෙවා දමන්නේනම් පමණි. ණය ගෙවන ප්‍රමාණයට වඩා සුළු වශයෙන් හෝ වැඩි ප්‍රමාණයක් නැවත ආපසු ලබා ගන්නේනම් විදේශ සංචිත පිලිබඳ ගැටළුවක් ඇති නොවේ. මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නට ඇත්තටම ආණ්ඩුව ශුද්ධ ලෙස විදේශ ණය ආපසු ගෙවනවාද? එනම් අළුතින් විදේශ ණය ගන්නවාට වඩා පරණ ණය ආපසු ගෙවන ප්‍රමාණය වැඩිද? ඩොලර් ප්‍රශ්නයක් මතුවන්නේ එසේ කරන්නේනම් පමණි. ආණ්ඩු මාරුවට පෙර, 2014 වසර අවසානයේදී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9 ක් විය. වසරකට පසු මේ ණය මල්ල රුපියල් බිලියන 8,503.2 ක් දක්වා විශාල විය. තවත් සමසකට පසු, 2016 ජූනි වන විට ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,062.2 ක් දක්වා වැඩි වී තිබේ. මෙය මාස 18ක් තුළ 22.6%ක ණය වර්ධනයකි. ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ තුනහමාරක සිට ලක්ෂ හතරහමාරක් පමණ දක්වා වැඩි වීමකි. ණය ආපසු ගෙවීමක් සිදුවනවානම් මේ අයුරින් ණය වැඩි විය නොහැක. ඉහත වගුවෙන් පෙනෙන පරිදි, මේ රජය විදේශ ණය ගන්නවාට වඩා දේශීය ණය ගන්නට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. දේශීය ණය 26.0%කින් වැඩි වෙද්දී, විදේශ ණය වැඩි වී ඇත්තේ 17.9%කින් පමණි. දේශීය ණය විදේශ ණය තරම් හානිකර නැතැයි ආණ්ඩුව විශ්වාස කරනවාද? අපි මේ ගැන වෙනම ඉදිරි ලිපියකින් කතා කරමු. කෙසේ වුවද වැදගත් කරුණ වන්නේ විදේශ ණයද 17.9%කින් වැඩි වී තිබීමයි. මේ වැඩිවීමට ප්‍රධානම හේතුව අළුතින් විදේශ ණය ගැනීම නොවේ. රුපියල පිරිහීම නිසා කලින් පැවති ණය ප්‍රමාණයේ රුපියල් අගය වැඩි වීමයි. එසේ වුවත්, මේ සාධකය ඉවත් කළද රජය සුළු වශයෙන් හෝ වැඩිපුර ණය ගෙන ඇතුවා මිස විදේශ ණය ආපසු ගෙවා නැත. ගෙවන්නට උත්සාහ කරන බවක්ද නොපෙනේ. ඒ නිසා, ණය ගෙවන්නට විදේශ ව්‍යවහාර මුදල් නැතැයි යන කතාව කතන්දරයක් පමණි. ආණ්ඩු මාරුවට පෙර 2014 දෙසැම්බර් වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,208.4ක් වූ අතර පසුගිය අගෝස්තු වන විට මේ ප්‍රමාණය ඩොලර් මිලියන 6,598.9ක් දක්වා අඩු වී ඇත. මෙසේ නිල විදෙස් මුදල් සංචිත 19.6කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇත්තේ විදෙස් ණය ගෙවීම නිසා නොවේ. විදෙස් ණය තවදුරටත් වැඩි වෙද්දීය! ආණ්ඩුව රටේ අනාගත විදේශ ණය බැරකම් ගෙවීම විශාල බරක් ලෙස අවංකවම සිතනවානම් කළ යුත්තේ මෙසේ විදේශ සංචිත විකුණා දැමීම වෙනුවට විදේශ සංචිත තර කර ගැනීමයි. ආණ්ඩුව විදේශ ණය වෙනුවට දේශීය ණය ගැනීමේ ප්රතිපත්තියකට විතැන් වී ඇත. ප්‍රශ්නයට මුල රජයේ අකාර්යක්ෂමතාවය, ඒ හා බැඳුණු නාස්තිකාර වියදම් හා එහි ප්‍රතිඵලය වන අඛණ්ඩ අයවැය හිඟය බැවින් මේ මූලික ප්‍රශ්න නොවිසඳා කොට්ට මාරු කිරීම විසඳුමක් නොවේ. වඩා හොඳ දේශීය ණයද නැත්නම් විදේශීය ණයද යන ප්රශ්නය හරියට වඩා හොඳ සීනිද නැත්නම් කොලෙස්ටරෝල්ද යන ආකාරයේ ප්රශ්නයකි. ඔය දෙකෙන් එකක්වත් හොඳ නැත. (වැඩි විස්තර පසු ලිපියක) කෙසේ වුවද, මේ ණය දෙවර්ගයේ වෙනස්කම් තිබේ. මහජනතාවගේ පැත්තෙන් බැළුවොත්නම් මෙය 'හාට් ඇටෑක්' හැදී මැරෙනවද නැත්නම් 'කිඩ්නි නරක් කරගෙන' මැරෙනවාද ආකාරයේ වෙනසකි. මහජනතාවගේ පැත්තෙන් වැඩි වෙනසක් නැතත්, දේශීය ණය ගැනීමේ එක් වාසියක් රජයට තිබේ. රජයට 'සල්ලි අච්චු ගසා' දේශීය ණය ආපසු ගෙවිය හැකිය. එහෙත්, ඩොලර් හෝ යුරෝ එසේ අච්චු ගසන්නට නුපුළුවන! ඇත්තටම දැන් සිදු වෙන්නට පටන් ගෙන ඇත්තේත් එයයි. මේ වසරේ පළමු මාස අට තුළ පමණක් මහ බැංකුවේ සංචිත මුදල් 16.7%කින් වැඩි වී ඇත. මෙයින් අදහස් වෙන්නේ රටේ මුදල් ප්‍රමාණය මාස අටක් තුළ එපමණකින් වැඩි වී ඇති බවයි. වසර අවසන් වන විට මේ වර්ධනය 20% ඉක්මවන්නට ඉඩ තිබේ! මහින්ද රාජපක්ෂ පළමු වරට ජනාධිපති වීමෙන් පසුවද මෙවැනිම ප්රතිපත්තියක සිටියේය. ඒ අනුව, ඔහුගේ මුල් අවුරුදු වලදී විදේශ ණය වැඩිපුර නොගත් අතර දේශීය ණය ලබා ගැනීම සඳහා අලෙවි කළ භාණ්ඩාගාර බිල්පත් (දැන් මෙන්ම) මහ බැංකුවට අලෙවි විය. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නේ මුදල් අලුතින් මුද්‍රණය කර ඒවා වැය කරමිනි. අළුතින් මුදල් අච්චු ගැසූ පසු උද්ධමනය එන තුරු අවුරුදු 2-3ක 'ඉන්ටවල් එකක්' ලැබේ. ඒත් පහු වී තැපෑලෙන් බඩු ෂුවර්ය. පසුගිය රජය 2004-06 කාලයේ අළුතින් අච්චු ගැසූ මුදල් වල රිසල්ට් එන්නට පටන් ගත්තේ 2007-2008 දීය. අන්තිමේදී උද්ධමනය 30% ඉක්මවීය. ඒ කාලය වන විට මුදල් සැපයුම සීමා කර තිබුණත් ඒ වන විට පරක්කු වැඩිය. රාජපක්ෂ රජය විදේශ ණය ගැනීම පටන්ගෙන වේගවත් කළේ ඉහත කී අසාර්ථක පරීක්ෂණයෙන් පසුවය. දැන් මේ ආණ්ඩුව නැවත කරන්නේ රාජපක්ෂ රජය විසින් මුලින්ම කළ අසාර්ථක පරීක්ෂණයයි. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල තවත් දෙවසරකින් පමණ ලැබෙනු ඇති අතර ඉන්පසුව හෝ ඊට පෙර මේ ආණ්ඩුවද නැවතත් විදේශ ණය ගැනීමට තල්ලු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. තත්ත්වය මෙසේ වුවත් මෙය තනිකරම මේ ආණ්ඩුවේ වැරැද්දක් ලෙස දැකීම ආණ්ඩුවට කරන අසාධාරණයකි. දශක ගණනාවක් අයවැය හිඟයක් පවත්වාගත් රජයක එම අයවැය හිඟය වසරකින් හෝ දෙකකින් නැති කළ නොහැකිය. එය ක්‍රමයෙන් අඩු කරගත යුතුය. ආණ්ඩුව ඒ සඳහා සැලකිය යුතු උත්සාහයක් දරයි. අයවැය හිඟය අඩු කරගත්තත් එය සම්පූර්ණයෙන්ම නැති කර ගන්නා තුරු රජයට තව තවත් අළුතින් ණය ගන්නට සිදු වේ. ඒ නිසා, ආණ්ඩුවට ණය මල්ල තරවීම නැවැත්විය නොහැක. කළ හැකි එකම දෙය එය තර වන වේගය පාලනය කර ගැනීමයි. වැඩි කරන බදු වලින් පරණ ණය නොගෙවුවත්, අළුතින් ගන්නා ණය ප්‍රමාණය අඩු කරගන්නට මේ වැඩි කළ බදු උදවුවකි. source [url]http://economatta.blogspot.com/2016_12_01_archive.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom