Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආත්මයේ කතාව - භාරතීය පිටපත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනාව තුළින් තැන්පත් කර ගත් සිත ඔවුන්ගේ චින්තනය අතිශය වෙනස් කළේය. අටවන අදියර උදාවන්නේ එම වෙනස් වූ චින්තනයත් සමගය. මෙම අදියරේදී ඔවුන් තේරුම් ගත්තේ තමන්ට මෙතෙක් වැරදී ඇති බවය. තමන් මෙතෙක් කාලයක් සිතමින් කල්පනා කරමින් ඇත්තේ ‘ගුණ’ විශේෂයන් සමග බව ඔවුනට වැටහුණේ මෙහිදීය. මේ කාරණය ඉතා ලිහිල්ව මෙසේ දැක්විය හැක. යමක් ‘නිල්’ බව, ‘උස’ බව, ‘දුර’ බව අපට වටහා ගත හැක. මෙසේ වටහා ගන්නා සියල්ල සැබෑවටම පවතින දේ නොව හුදෙක් යම් දෙයක ගුණයක් (ගතිගුණයක්) පමණි. ‘නිල්’ යනුවෙන් යමක් වටහා ගන්නට නම් එම ‘නිල්’ යන්න කෝප්පය, මේසය, බිත්තිය වැනි යමක තිබිය යුතුය. එලෙස ‘නිල්’ යන්නට රඳා පැවතිය හැකි තැනක් නොවේ නම් නිල් යන්න නොපවතින අතර අපට එය වටහා ගැනීමටද නොහැක. මෙහි ඇති විශේෂත්වය නම්, අප ‘නිල්’ යන්න අවබෝධ කර ගන්නේ එය කෝප්පයක ඇති විටක නම් එකී කෝප්පය විනාශ කළ/වුණු කල්හි එම නිල් යන්නද නැති වන බවය. මේ අනුව මෙතෙක් වටහා ගෙන සිටි හුස්ම, සිරුරේ රස්නය වැනි සියල්ල ශරීරය මත රඳා පවතින ගුණ වෙයි. ඒවා සියල්ල ශරීරය විනාශ වූ පසු විනාශ වී යයි. මේ නිසා ශරීරය විනාශ වූ පසු ඒවා තවදුරටත් පවතී යයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැත. මේ තත්වය නිසා ඔවුන් තුළ ඇති වූ අවබෝධය නම් ඔවුන් මේ සොයන්නේ ඉතා පැහැදිලිව පෙනෙන්ට ඇති දෙයක් නොව අතිශය ගූඪ වූ ගැඹුරු දෙයක් බවය.

ඔවුන් නවවන අදියරට පිවිසෙන්නේ මේ අවබෝධයත් සමගය. එහිදී ඔවුන් කල්පනා කළේ මෙසේය. ඉදින් මිනිසාව සාංසාරිකව ගෙන යන යමක් ඉතා ගූඩ ලෙස හෝ තිබේ නම් එය තිබිය යුත්තේ මේ ශරීරයේමය. කුමක් නිසාද යත්, මේ පුද්ගල අනන්‍යතාව නම් වූ යමක් වේද එය වටහා ගන්නේ මේ ශරීරය පාදක කර ගෙන නිසා වන බැවිනි. ශරීරය තුළ ම තිබිය හැකි යයි අනුමාන කළ මේ ගූඪ දෙය සොයා ඔවුහු භාවනා කළහ. එලෙස භාවනා කර ඔවුහු අතිශය වැදගත් දෙයක පැවැත්ම ගැන අවබෝධ කර ගත්හ. එනම් ‘ඥානය’ යන කාරණයි. ශරීර උෂ්ණත්වය, හුස්ම, ඉන්ද්‍රීය ශක්තිය වැනි මේ සියල්ලම ශරීරය පාදක කර ගත් ඒවාය. මේ නිසා ශරීරයට සිදුවන යම් යම් වෙනස්කම් නිසා මේවා වෙනස් වේ. ශරීරය විනාශ වන විට මේවා විනාශ වේ. එම නිසා මේ කිසිවක් මරණින් මතු ඊළඟ භවයට සංක්‍රමණය වේ යයි සිතීම අපහසුය. එහෙත් ‘ඥානය’ යනු මෙලෙස ශරීරයේ වෙනස් වීම සමග වෙනස් වන දෙයක් නොවේ. මෙහිදී ඉතා පැහැදිලිව කිවයුතු දෙය නම් ඥානය සහ මතකය යන දෙක ඔවුන් අතිශයින් වෙනස් කරුණු දෙකක් ලෙස සැලකූ බවය. මතකය යනු ශරීරය පාදක කර ගත් දෙයකි. මේ නිසා ශරීරය වැහැරෙන විට මතකය දුර්වල වෙයි. එහෙත් අප කුඩා කළ ඉගෙන ගත් දෙයක් - උදා. ඇවිදින අයුරු, කතා කරන අයුරු වැනි දේ - වැඩිහිටි වියේදීත් අප ‘දන්නවා’ යන හැඟීම ඇති වේ. මේ හැඟීම ඥානය ලෙස දැක්වේ. ඔවුන් දුටුවේ මේ ‘ඥානය’ කිසියම් නිශ්චිත වූ නියත තාවක් දක්වන බවය. දැන් ඔවුන්ට විසඳීමට ප්රහේළිකාවක් ඇත. ශරීරයේ ඉන්ද්රිය ශක්තිය වැනි දේ ශරීරය පිරිහෙන විට පිරිහෙන්නේ ඒවා ශරීරයේ ගුණ වන බැවිනි. ශරීරය පිරිහෙන විට ඥානය පිරිහෙන්නේ නැති නම් ඥානය ශරීරයේ කොටසක් විය නොහැක. එසේ නම් එය කුමකට අයිති කොටසක් ද? මොවුන් ඒ සඳහා දුන් පිළිතුර වූයේ එය ශරීරය තුළ ක්‍රියාත්මක වන ‘ආත්මය’ නම් දෙයට අදාළ කොටසක් බවය. ශරීරය පිරිහුණත් ආත්මය වෙනස් නොවන නිසා ආත්මයට අයත් ඥානයද පිරිහෙන්නේ නැත. මේ නිල වශයෙන් ආත්මයේ බිහි වීමය.

ආත්මය බිහි වීම නිසා මේ කතාව මෙතැනින් අවසන් වූයේද නැත. ආත්මය යන්නෙහි ගති ස්වරූපය කුමක්ද යන්න පැහැදිලි කිරීමටද මේ අයට සිදු විය. ඉහත දැක්වූ විග්‍රහය තුළ පෙනෙන පරිදිම ආත්මය යන්න බිහි වන්නේ ශරීරයේ වෙනස් වීමට විරුද්ධව වෙනස් නොවන දෙයක් පාදක කර ගෙනය. ඒ අනුව, ආත්මය යන්නෙහි ප්‍රධානම ලක්ෂණය නම් වෙනස් නොවී තිබීමය. එනම් නිත්යභාවයය. මේ කරුණ කෙතරම් සමීපද කිවහොත් ආත්ම යන්න නිත්‍යය යන්නට සමානපද මෙන් භාවිත විය. යම් තැනක ‘ආත්ම’ කියා කීවේද එය නිත්‍යයි කීම අනවශ්‍ය දෙයකි.

ආත්ම කථාවේ දහවන අදියර ආරම්භ වන්නේ වෙනත් ප්‍රබල ගැටලුවක් ඉස්මතු වීම නිසාය. ඒ ගැටලුව මෙසේය. ඥානයේ ඇති නිත්‍යතාව ඇත්තේ ආත්මය නිසා බව සත්‍යයක් වුවත් අප තුළ ඥානයක් ඇති බව අප දැන ගන්නේ මනස නිසාය. ඥානය ප්‍රකාශ වන්නේ මතක් කිරීම, සිතීම වැනි ක්‍රියා තුළිනි. අප කල්පනා කිරීම යනුවෙන් කරන්නේ තනිවම කතා කිරීමකි. සිතින් සිතීමකි. මේ ආදි ලෙස දැනුම සම්බන්ධ සියලු ක්‍රියා මනසින් සිදු කරන ඒවාය. මේ නිසා, මනසේ වෙනස් වීම ඥානයේ වෙනස් වීමක් ලෙස සලකා බැලිය යුතු නොවේද? මේ ගැටලුවට විසඳුම් සෙවීම නිසා ඔවුහු මනස පිළිබඳවද දර්ශනයක් බිහි කළහ.

ඒ දර්ශනය මෙසේය. මනස අවස්ථා තුනකදී තුන් ආකාරයට ක්‍රියා කරන බව ඔවුහු කල්පනා කළහ. එනම් අවදියෙන් සිටින විට, සිහින දකිමින් නිදන විට සහ ගැඹුරු නින්දේ සිටින විට යන අවස්ථා තුනේදීය. අවදියෙන් සිටින විට මනස, බාහිර ලෝකයේ විවිධ අරමුණු ග්‍රහණය කර ගෙන ඒවා විමසමින් ක්‍රියා කරයි. සිහින දැකීමේදී අවදියෙන් සිටින විට ගත් අරමුණු සවිඥානික පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙයි. සිහින දැකීම ගැන දීර්ඝ සහ ඉතා විචිත්‍ර විස්තරයක් ඔවුන් සතුව පැවති බව මෙහිදී මා මතක් කළ යුතුය. ඒ සියල්ල පෙළ ගැස්වීම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් ඒ ගැන නොලියා සිටිමි. ඔවුන්ගේ කුතූහලයටත් දීර්ඝ සාකච්ඡාවටත් භාජනය වූයේ ගැඹුරු නින්දේදි සිතට සිදුවන දේ ගැනය. ඔවුන් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ ගැඹුරු නින්දේදි සිත නැති බවයි. (හරියටම කීවොත් හිත ආත්මය සමග පූර්ණ ඒකාත්මතාවයකට පත් වන බවයි). මේ පිටුපස ඇති දර්ශනය කුමක්ද?

හිත ඇති බව අප දැන ගන්නේ අප යමක් හිතන විටය. එනම් හිතට යම් අරමුණක් ලැබෙන විටය. හිත සියලු අරමුණුවලින් ඉවත් වී ඇති විට හිත ඇති බව අපට වටහා ගැනීමට කිසිදු ක්‍රමයක් නැත. එවිට හිත නැත. මේ අවබෝධයට හේතුව නම් ඔවුන් වටහා ගත් පරිදි ‘හිත’ යනු ක්‍රියාවක් පමණක් වීමය. ඒ කියන්නේ අප ‘හිත’ යනුවෙන් යමක් ඇති බව වටහා ගන්නා සෑම විටම ‘හිත’ සිටින්නේ කිසියම් ක්‍රියාවක නිරත වෙමින්ය. හිතමින්, කල්පනා කරමින්, පසුතැවෙමින්, සලකා බලමින් ආදි ලෙස හිත සිදු කරන සියලු දේම ක්රියාවන්ය. මේ ක්‍රියාවන් කිසිවක් තමාම සිදු වේ යනුවෙන් පැවසීම විය නොහැකි දෙයකි. එනම්, ‘සිත සිතයි’ යන්න ඔවුනට අනුව විය නොහැකි දෙයක්ය. ඇයිද යත්, මගේ සිත සිතන බව මා දැන ගන්නේ කෙසේද යන ප්රශ්නය එමඟින් ඇති වන නිසාය. මගේ සිත සිතන බව මා දැන ගන්නේ වෙනත් සිතකින් නම් එවිට සිත් දෙකක් ඇති වේ. මේ ආකාරයට ප්රශ්නය තවත් අවුල් ජාලයක් වේ. ඔවුහු මේ ප්රශ්නය ඉතා සරලව විසඳූහ. හිත යනු ක්‍රියාවක් වන අතර එම ක්‍රියාව කරන තැනැත්තා ආත්මයය. ඒ අනුව, ‘මම සිතමි’ යන්න ‘මගේ ආත්මය සිතයි’ යන්නට සමානය. අවදියෙන් සිටින විට බාහිර අරමුණු ඔස්සේ සිතින් සිදු කරන සියලු විමර්ශන පිටුපස ඇත්තේ ආත්මයයි. මේ නිසාම, මනස විවිධ අරමුණු ගත්තත් ඇත්තෙන්ම ඒ අරමුණු ගන්නේ ආත්මයය. සිහින දැකීමේදී භෞතික ශරීරය අඩපණ වී සියලු ඉන්ද්රීයක්රියාකාරිත්වය නතර වෙයි. එහිදී මනස පමණක් අවදියෙන් සිටින අතර ආත්මය එය හසුරුවයි. ගැඹුරු නින්දට යන විට මනස ආත්මය සමග මුසු වේ. මේ ආකාරයට මනස පිළිබඳ ඉතා නොපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීමට ආත්මය යන සංකල්පය මහත් උපකාරී විය.

එකොළොස් වන අදියර මෙම මනසයි ආත්මයි අතර සම්බන්ධය නිසා හටගත් තවත් දියුණු පියවරකි. ඒ මෙසේය. අපට අපගේ වර්තමාන ජීවිතයට පෙර අතීත භවයක් තිබුණේද යන්න ගැන සැකයක් ඇති වන්නේ අපට එවැන්නක් මතක නැති නිසාය. පුංචිකාලේ සිටි ‘මම’ දැනුත් ජීවත් වේ යන හැඟීමක් මට ඇති වන්නේ පුංචිකාලේ සිට මේ දක්වා ගලා ආ යම් මතකයක් මා තුළ ඇති නිසාය. කොටින්ම කීවොත් ‘මම’ යන පුද්ගලයා අඛණ්ඩව සිටින බව අපට දැනෙන්නේ මතකය නිසාය. ගැඹුරු නින්දේ පසුවන අයෙකුට එම අවස්ථාව ගැන කිසිදු වැටහීමක් නැත. ඇත්තෙන්ම ගැඹුරු නින්දකින් පසුව අවදි වන තැනැත්තා තමා නිදා ගන්නට පෙර සිටි තත්වය ගැන මතක් කිරීම නිසා ඒ සිටි තැනැත්තා සහ මේ සිටින තැනැත්තා එක් අයෙකු බව වටහා ගනියි. මේ අනුව ගැඹුරු නින්ද යනු තාවකාලික මරණයක් බඳුය. අපට හැකි නම් මරණය කියන සීමාවෙන් එහාට අපේ මතකය රැගෙන යන්න, එවිට අපට පෙර ආත්මය ගැන වැටහීමක් ලැබෙනු ඇත. මේ උපකල්පනය මත පිහිටා මතකය දියුණු කරන පර්යේෂණවල භාරතීයයන් නිරත වුණු අතර පූර්වාත්මභාවයන් සිහි කිරීමට තරම් ඔවුන්ගේ හැකියාව වර්ධනය විය. ගැඹුරු නින්දකට පසුව නැඟිටින තැනැත්තාට නින්දට පෙර සිටි තත්වය මතක් කිරීමට හැකියාව ඇත්තේ මතකයට පිටුපසින් මතක්කිරීමට ආත්මය සිටි නිසාය. මේ ආකාරයටම මරණින් මතු පැවැත්මට අදාළ වන්නේත් මරණයට පිටුපසින් නොමැරී තිබෙන ආත්මය බව ඔවුන්ට වැටහිණි. මේ අනුව ආත්මය නිත්‍ය පැවැත්මක් ඇති දෙයක් බව තහවුරු විණි.

සිතයි, ආත්මයයි අතර සම්බන්ධය මෙපමණකින් අවසන් නොවේ. අප ක්‍රියා කරන්නේ ශරීරය සහ භාෂාව භාවිත කරමින්ය. අප ශාරීරිකව යමක් කළත් භාෂාමය යමක් කළත් එය සිදු කරන්නේ මනසින් කල්පනා කිරීමෙන් අනතුරුවය. ඒ අනුව මනස එකී ක්‍රියාවන්ට ප්‍රධාන වේ. අනෙක් අතට අප දැනටමත් පැහැදිලි කර ගත් පරිදි මනස හෙවත් සිත යනු ක්‍රියාවකි. එය ක්‍රියාත්මක වන්නේ ආත්මය විසින් ක්‍රියා කරන විටය. ඒ අනුව, සිතීම යනු ආත්මයේ ඇති ලක්ෂණයකි.

තවද, ගැඹුරු නින්දේ පසුවන විට ආත්මය පමණක් අවදි වී මනස ඇතුළු අනෙකුත් සියලු ක්‍රියාකාරකම් නතර වෙයි. මේ අවස්ථාවේදී ඇති වන හැඟීම හෝ දැනීම පරම සතුටක්, පරම ආනන්දයක් ලෙස සිතීමට ඔවුහු පෙලඹුණාහ. ගැඹුරු නින්දේදී හුදෙක් ආත්මය පමණක් ඇති නිසා මේ පරම ආනන්දය ආත්මයේ ඇති ලක්ෂණයක් බව ඔවුහු සිතූහ.

මේ ආකාරයට ආත්මයට සදාකාලික පැවැත්මක්, සිතීමේ හැකියාවක් සහ පරම ආනන්දයක් යන ලක්ෂණ තුන ඇති බව මෙම අදියරේදී වටහා ගනී. ඒවා පිළිවෙළින් සත්, චිත් සහ ආනන්ද යන නම්වලින් හැඳින්වේ.

ආත්මයේ දොළොස්වන අදියරේදී මෙම සංකල්පය තව දුරටත් විකාසය විය. මුලින් දැක්වූ චන්ද්‍රලෝකය සහ සූර්යලෝකය යන සංකල්පවලදී ආත්මයට ගමන් කිරීමට නිශ්චිත තත්වයක් ක්‍රමයක් තිබුණි. එහෙත් ආත්මය යනු ශරීරය තුළ පවත්නා ගූඪ යමක් බව අනාවරණය වීමෙන් මේ තත්වය අතිශය වෙනස් මඟක් ගත්තේය. භාෂාවය ක්රියාකාරීත්වයක් නැතත් තිරිසන් සතුන්ටත් යම් යම් ක්‍රියාකාරී ගති පැවැතුම් ඇති බවත් ඔවුන්ටත් එසේ කිරීමට යම් ඥානයක් ඇති බවත් පිළිගන්නට පටන් ගැනුනේ මේ කාලයේදීය. ඉදින් තිරිසන් සතුන්ටත් යම් ඥානයක් ඇති නම් එයින් කියවෙන්නේ ඔවුන්ටද ආත්මයක් ඇති බවකි. ඔවුන්ගේ ආත්මයටත් සත්, චිත් සහ ආනන්ද යන ගුණ ඇත්නම් මිනිසාගේ ආත්මය තිරිසනුන් වෙත යාමටත් තිරිසනුන්ගේ ආත්මය නැවත මිනිසුන් වෙත පැමිණීමටත් ඉඩ ඇත. මේ ආකාරයට කල්පනා කිරීම නිසා මිනිස් ආත්මය විවිධ තලවලට, විවිධ භවවලට ගමන් කරන්නේය යන අදහස ඔවුන් තුළ ඇති විය.

දහතුන්වන අදියර ඉතාම තීරණාත්මක අවධියකි. මෙම අදියර ආරම්භ වන්නේ විවිධ තලවලට, විවිධ භවවලට ගමන් කරන ආත්මය එයින් මිදී පරමානන්දය සදාකාලිකව භුක්ති විඳිය හැකි මෝක්ෂය කරා ගමන් කරන්නේ කෙසේද යන ප්රශ්නය මතු කරමින්ය. මෙතෙක් කළ කතාවෙන් මා කීවේ ආත්මය ඇති වූ සැටිය. ලෝකය සහ විශ්වය සෑදුණු ආකාරය පිළිබඳ අතිශයින් වෙනස් මත තුනක් ව්‍යවහාර වර්ෂයෙන් පස්වන සියවස පමණ වන විට එක් මතයක් ලෙසට ගොනු වෙමින් ඉදිරිපත් විය. එම කතාවද මෙම ආත්ම කතාවට සමගාමීව වැඩෙමින් පැවැති මතයකි. යුදෙවු-ක්‍රිස්තියානි මැවීම මෙන් ආත්මය සහ ලෝකය යන දෙකම එකට මැවූ බවක් භාරතයේ බිහිවූ කිසිම පැරණි විශ්වනිර්මාණ සංකල්පයක නැති බව මෙහිදී කිව යුතුය. ඔවුන්ට අනුව විශ්වය ආරම්භ වූයේ ‘අසත්’ හෙවත් ‘කිසිවක් නැත’ යන සංකල්පනාවෙන්ය. එහිදී මැවුම්කාර දෙවියෙකු ගැන ඔවුන් කතා කළේ නැත. එසේ නමුත් කාලයත් සමග එම මැවීමට දෙවිකෙනෙකු සම්බන්ධ විය, ඔහු බ්‍රහ්මන් හෝ ප්‍රජාපති ලෙස නම් කෙරිණ. මෙම බ්‍රහ්මන් කුමන ස්වරූපයක් ගත්තේද? ඔහු ලෝකය මැව්වේ කෙසේද? ඔහුගේ ගතිපැවැතුම් මොනවාද යනාදිය ගැන විවිධ මතවාද තිබුණි. ආත්මයේ එකොළොස් වන අදියර වන විට ලොව මැවූ බ්‍රහ්මයෙකු සිටින බව පමණක් ඔවුන්ගේ සංවාදවල තිබුණි.

[QUOTE="greenthunder, post: 26891590, member: 297213"] භාවනාව තුළින් තැන්පත් කර ගත් සිත ඔවුන්ගේ චින්තනය අතිශය වෙනස් කළේය. අටවන අදියර උදාවන්නේ එම වෙනස් වූ චින්තනයත් සමගය. මෙම අදියරේදී ඔවුන් තේරුම් ගත්තේ තමන්ට මෙතෙක් වැරදී ඇති බවය. තමන් මෙතෙක් කාලයක් සිතමින් කල්පනා කරමින් ඇත්තේ ‘ගුණ’ විශේෂයන් සමග බව ඔවුනට වැටහුණේ මෙහිදීය. මේ කාරණය ඉතා ලිහිල්ව මෙසේ දැක්විය හැක. යමක් ‘නිල්’ බව, ‘උස’ බව, ‘දුර’ බව අපට වටහා ගත හැක. මෙසේ වටහා ගන්නා සියල්ල සැබෑවටම පවතින දේ නොව හුදෙක් යම් දෙයක ගුණයක් (ගතිගුණයක්) පමණි. ‘නිල්’ යනුවෙන් යමක් වටහා ගන්නට නම් එම ‘නිල්’ යන්න කෝප්පය, මේසය, බිත්තිය වැනි යමක තිබිය යුතුය. එලෙස ‘නිල්’ යන්නට රඳා පැවතිය හැකි තැනක් නොවේ නම් නිල් යන්න නොපවතින අතර අපට එය වටහා ගැනීමටද නොහැක. මෙහි ඇති විශේෂත්වය නම්, අප ‘නිල්’ යන්න අවබෝධ කර ගන්නේ එය කෝප්පයක ඇති විටක නම් එකී කෝප්පය විනාශ කළ/වුණු කල්හි එම නිල් යන්නද නැති වන බවය. මේ අනුව මෙතෙක් වටහා ගෙන සිටි හුස්ම, සිරුරේ රස්නය වැනි සියල්ල ශරීරය මත රඳා පවතින ගුණ වෙයි. ඒවා සියල්ල ශරීරය විනාශ වූ පසු විනාශ වී යයි. මේ නිසා ශරීරය විනාශ වූ පසු ඒවා තවදුරටත් පවතී යයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැත. මේ තත්වය නිසා ඔවුන් තුළ ඇති වූ අවබෝධය නම් ඔවුන් මේ සොයන්නේ ඉතා පැහැදිලිව පෙනෙන්ට ඇති දෙයක් නොව අතිශය ගූඪ වූ ගැඹුරු දෙයක් බවය. ඔවුන් නවවන අදියරට පිවිසෙන්නේ මේ අවබෝධයත් සමගය. එහිදී ඔවුන් කල්පනා කළේ මෙසේය. ඉදින් මිනිසාව සාංසාරිකව ගෙන යන යමක් ඉතා ගූඩ ලෙස හෝ තිබේ නම් එය තිබිය යුත්තේ මේ ශරීරයේමය. කුමක් නිසාද යත්, මේ පුද්ගල අනන්‍යතාව නම් වූ යමක් වේද එය වටහා ගන්නේ මේ ශරීරය පාදක කර ගෙන නිසා වන බැවිනි. ශරීරය තුළ ම තිබිය හැකි යයි අනුමාන කළ මේ ගූඪ දෙය සොයා ඔවුහු භාවනා කළහ. එලෙස භාවනා කර ඔවුහු අතිශය වැදගත් දෙයක පැවැත්ම ගැන අවබෝධ කර ගත්හ. එනම් ‘ඥානය’ යන කාරණයි. ශරීර උෂ්ණත්වය, හුස්ම, ඉන්ද්‍රීය ශක්තිය වැනි මේ සියල්ලම ශරීරය පාදක කර ගත් ඒවාය. මේ නිසා ශරීරයට සිදුවන යම් යම් වෙනස්කම් නිසා මේවා වෙනස් වේ. ශරීරය විනාශ වන විට මේවා විනාශ වේ. එම නිසා මේ කිසිවක් මරණින් මතු ඊළඟ භවයට සංක්‍රමණය වේ යයි සිතීම අපහසුය. එහෙත් ‘ඥානය’ යනු මෙලෙස ශරීරයේ වෙනස් වීම සමග වෙනස් වන දෙයක් නොවේ. මෙහිදී ඉතා පැහැදිලිව කිවයුතු දෙය නම් ඥානය සහ මතකය යන දෙක ඔවුන් අතිශයින් වෙනස් කරුණු දෙකක් ලෙස සැලකූ බවය. මතකය යනු ශරීරය පාදක කර ගත් දෙයකි. මේ නිසා ශරීරය වැහැරෙන විට මතකය දුර්වල වෙයි. එහෙත් අප කුඩා කළ ඉගෙන ගත් දෙයක් - උදා. ඇවිදින අයුරු, කතා කරන අයුරු වැනි දේ - වැඩිහිටි වියේදීත් අප ‘දන්නවා’ යන හැඟීම ඇති වේ. මේ හැඟීම ඥානය ලෙස දැක්වේ. ඔවුන් දුටුවේ මේ ‘ඥානය’ කිසියම් නිශ්චිත වූ නියත තාවක් දක්වන බවය. දැන් ඔවුන්ට විසඳීමට ප්රහේළිකාවක් ඇත. ශරීරයේ ඉන්ද්රිය ශක්තිය වැනි දේ ශරීරය පිරිහෙන විට පිරිහෙන්නේ ඒවා ශරීරයේ ගුණ වන බැවිනි. ශරීරය පිරිහෙන විට ඥානය පිරිහෙන්නේ නැති නම් ඥානය ශරීරයේ කොටසක් විය නොහැක. එසේ නම් එය කුමකට අයිති කොටසක් ද? මොවුන් ඒ සඳහා දුන් පිළිතුර වූයේ එය ශරීරය තුළ ක්‍රියාත්මක වන ‘ආත්මය’ නම් දෙයට අදාළ කොටසක් බවය. ශරීරය පිරිහුණත් ආත්මය වෙනස් නොවන නිසා ආත්මයට අයත් ඥානයද පිරිහෙන්නේ නැත. මේ නිල වශයෙන් ආත්මයේ බිහි වීමය. ආත්මය බිහි වීම නිසා මේ කතාව මෙතැනින් අවසන් වූයේද නැත. ආත්මය යන්නෙහි ගති ස්වරූපය කුමක්ද යන්න පැහැදිලි කිරීමටද මේ අයට සිදු විය. ඉහත දැක්වූ විග්‍රහය තුළ පෙනෙන පරිදිම ආත්මය යන්න බිහි වන්නේ ශරීරයේ වෙනස් වීමට විරුද්ධව වෙනස් නොවන දෙයක් පාදක කර ගෙනය. ඒ අනුව, ආත්මය යන්නෙහි ප්‍රධානම ලක්ෂණය නම් වෙනස් නොවී තිබීමය. එනම් නිත්යභාවයය. මේ කරුණ කෙතරම් සමීපද කිවහොත් ආත්ම යන්න නිත්‍යය යන්නට සමානපද මෙන් භාවිත විය. යම් තැනක ‘ආත්ම’ කියා කීවේද එය නිත්‍යයි කීම අනවශ්‍ය දෙයකි. ආත්ම කථාවේ දහවන අදියර ආරම්භ වන්නේ වෙනත් ප්‍රබල ගැටලුවක් ඉස්මතු වීම නිසාය. ඒ ගැටලුව මෙසේය. ඥානයේ ඇති නිත්‍යතාව ඇත්තේ ආත්මය නිසා බව සත්‍යයක් වුවත් අප තුළ ඥානයක් ඇති බව අප දැන ගන්නේ මනස නිසාය. ඥානය ප්‍රකාශ වන්නේ මතක් කිරීම, සිතීම වැනි ක්‍රියා තුළිනි. අප කල්පනා කිරීම යනුවෙන් කරන්නේ තනිවම කතා කිරීමකි. සිතින් සිතීමකි. මේ ආදි ලෙස දැනුම සම්බන්ධ සියලු ක්‍රියා මනසින් සිදු කරන ඒවාය. මේ නිසා, මනසේ වෙනස් වීම ඥානයේ වෙනස් වීමක් ලෙස සලකා බැලිය යුතු නොවේද? මේ ගැටලුවට විසඳුම් සෙවීම නිසා ඔවුහු මනස පිළිබඳවද දර්ශනයක් බිහි කළහ. ඒ දර්ශනය මෙසේය. මනස අවස්ථා තුනකදී තුන් ආකාරයට ක්‍රියා කරන බව ඔවුහු කල්පනා කළහ. එනම් අවදියෙන් සිටින විට, සිහින දකිමින් නිදන විට සහ ගැඹුරු නින්දේ සිටින විට යන අවස්ථා තුනේදීය. අවදියෙන් සිටින විට මනස, බාහිර ලෝකයේ විවිධ අරමුණු ග්‍රහණය කර ගෙන ඒවා විමසමින් ක්‍රියා කරයි. සිහින දැකීමේදී අවදියෙන් සිටින විට ගත් අරමුණු සවිඥානික පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙයි. සිහින දැකීම ගැන දීර්ඝ සහ ඉතා විචිත්‍ර විස්තරයක් ඔවුන් සතුව පැවති බව මෙහිදී මා මතක් කළ යුතුය. ඒ සියල්ල පෙළ ගැස්වීම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් ඒ ගැන නොලියා සිටිමි. ඔවුන්ගේ කුතූහලයටත් දීර්ඝ සාකච්ඡාවටත් භාජනය වූයේ ගැඹුරු නින්දේදි සිතට සිදුවන දේ ගැනය. ඔවුන් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ ගැඹුරු නින්දේදි සිත නැති බවයි. (හරියටම කීවොත් හිත ආත්මය සමග පූර්ණ ඒකාත්මතාවයකට පත් වන බවයි). මේ පිටුපස ඇති දර්ශනය කුමක්ද? හිත ඇති බව අප දැන ගන්නේ අප යමක් හිතන විටය. එනම් හිතට යම් අරමුණක් ලැබෙන විටය. හිත සියලු අරමුණුවලින් ඉවත් වී ඇති විට හිත ඇති බව අපට වටහා ගැනීමට කිසිදු ක්‍රමයක් නැත. එවිට හිත නැත. මේ අවබෝධයට හේතුව නම් ඔවුන් වටහා ගත් පරිදි ‘හිත’ යනු ක්‍රියාවක් පමණක් වීමය. ඒ කියන්නේ අප ‘හිත’ යනුවෙන් යමක් ඇති බව වටහා ගන්නා සෑම විටම ‘හිත’ සිටින්නේ කිසියම් ක්‍රියාවක නිරත වෙමින්ය. හිතමින්, කල්පනා කරමින්, පසුතැවෙමින්, සලකා බලමින් ආදි ලෙස හිත සිදු කරන සියලු දේම ක්රියාවන්ය. මේ ක්‍රියාවන් කිසිවක් තමාම සිදු වේ යනුවෙන් පැවසීම විය නොහැකි දෙයකි. එනම්, ‘සිත සිතයි’ යන්න ඔවුනට අනුව විය නොහැකි දෙයක්ය. ඇයිද යත්, මගේ සිත සිතන බව මා දැන ගන්නේ කෙසේද යන ප්රශ්නය එමඟින් ඇති වන නිසාය. මගේ සිත සිතන බව මා දැන ගන්නේ වෙනත් සිතකින් නම් එවිට සිත් දෙකක් ඇති වේ. මේ ආකාරයට ප්රශ්නය තවත් අවුල් ජාලයක් වේ. ඔවුහු මේ ප්රශ්නය ඉතා සරලව විසඳූහ. හිත යනු ක්‍රියාවක් වන අතර එම ක්‍රියාව කරන තැනැත්තා ආත්මයය. ඒ අනුව, ‘මම සිතමි’ යන්න ‘මගේ ආත්මය සිතයි’ යන්නට සමානය. අවදියෙන් සිටින විට බාහිර අරමුණු ඔස්සේ සිතින් සිදු කරන සියලු විමර්ශන පිටුපස ඇත්තේ ආත්මයයි. මේ නිසාම, මනස විවිධ අරමුණු ගත්තත් ඇත්තෙන්ම ඒ අරමුණු ගන්නේ ආත්මයය. සිහින දැකීමේදී භෞතික ශරීරය අඩපණ වී සියලු ඉන්ද්රීයක්රියාකාරිත්වය නතර වෙයි. එහිදී මනස පමණක් අවදියෙන් සිටින අතර ආත්මය එය හසුරුවයි. ගැඹුරු නින්දට යන විට මනස ආත්මය සමග මුසු වේ. මේ ආකාරයට මනස පිළිබඳ ඉතා නොපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීමට ආත්මය යන සංකල්පය මහත් උපකාරී විය. එකොළොස් වන අදියර මෙම මනසයි ආත්මයි අතර සම්බන්ධය නිසා හටගත් තවත් දියුණු පියවරකි. ඒ මෙසේය. අපට අපගේ වර්තමාන ජීවිතයට පෙර අතීත භවයක් තිබුණේද යන්න ගැන සැකයක් ඇති වන්නේ අපට එවැන්නක් මතක නැති නිසාය. පුංචිකාලේ සිටි ‘මම’ දැනුත් ජීවත් වේ යන හැඟීමක් මට ඇති වන්නේ පුංචිකාලේ සිට මේ දක්වා ගලා ආ යම් මතකයක් මා තුළ ඇති නිසාය. කොටින්ම කීවොත් ‘මම’ යන පුද්ගලයා අඛණ්ඩව සිටින බව අපට දැනෙන්නේ මතකය නිසාය. ගැඹුරු නින්දේ පසුවන අයෙකුට එම අවස්ථාව ගැන කිසිදු වැටහීමක් නැත. ඇත්තෙන්ම ගැඹුරු නින්දකින් පසුව අවදි වන තැනැත්තා තමා නිදා ගන්නට පෙර සිටි තත්වය ගැන මතක් කිරීම නිසා ඒ සිටි තැනැත්තා සහ මේ සිටින තැනැත්තා එක් අයෙකු බව වටහා ගනියි. මේ අනුව ගැඹුරු නින්ද යනු තාවකාලික මරණයක් බඳුය. අපට හැකි නම් මරණය කියන සීමාවෙන් එහාට අපේ මතකය රැගෙන යන්න, එවිට අපට පෙර ආත්මය ගැන වැටහීමක් ලැබෙනු ඇත. මේ උපකල්පනය මත පිහිටා මතකය දියුණු කරන පර්යේෂණවල භාරතීයයන් නිරත වුණු අතර පූර්වාත්මභාවයන් සිහි කිරීමට තරම් ඔවුන්ගේ හැකියාව වර්ධනය විය. ගැඹුරු නින්දකට පසුව නැඟිටින තැනැත්තාට නින්දට පෙර සිටි තත්වය මතක් කිරීමට හැකියාව ඇත්තේ මතකයට පිටුපසින් මතක්කිරීමට ආත්මය සිටි නිසාය. මේ ආකාරයටම මරණින් මතු පැවැත්මට අදාළ වන්නේත් මරණයට පිටුපසින් නොමැරී තිබෙන ආත්මය බව ඔවුන්ට වැටහිණි. මේ අනුව ආත්මය නිත්‍ය පැවැත්මක් ඇති දෙයක් බව තහවුරු විණි. සිතයි, ආත්මයයි අතර සම්බන්ධය මෙපමණකින් අවසන් නොවේ. අප ක්‍රියා කරන්නේ ශරීරය සහ භාෂාව භාවිත කරමින්ය. අප ශාරීරිකව යමක් කළත් භාෂාමය යමක් කළත් එය සිදු කරන්නේ මනසින් කල්පනා කිරීමෙන් අනතුරුවය. ඒ අනුව මනස එකී ක්‍රියාවන්ට ප්‍රධාන වේ. අනෙක් අතට අප දැනටමත් පැහැදිලි කර ගත් පරිදි මනස හෙවත් සිත යනු ක්‍රියාවකි. එය ක්‍රියාත්මක වන්නේ ආත්මය විසින් ක්‍රියා කරන විටය. ඒ අනුව, සිතීම යනු ආත්මයේ ඇති ලක්ෂණයකි. තවද, ගැඹුරු නින්දේ පසුවන විට ආත්මය පමණක් අවදි වී මනස ඇතුළු අනෙකුත් සියලු ක්‍රියාකාරකම් නතර වෙයි. මේ අවස්ථාවේදී ඇති වන හැඟීම හෝ දැනීම පරම සතුටක්, පරම ආනන්දයක් ලෙස සිතීමට ඔවුහු පෙලඹුණාහ. ගැඹුරු නින්දේදී හුදෙක් ආත්මය පමණක් ඇති නිසා මේ පරම ආනන්දය ආත්මයේ ඇති ලක්ෂණයක් බව ඔවුහු සිතූහ. මේ ආකාරයට ආත්මයට සදාකාලික පැවැත්මක්, සිතීමේ හැකියාවක් සහ පරම ආනන්දයක් යන ලක්ෂණ තුන ඇති බව මෙම අදියරේදී වටහා ගනී. ඒවා පිළිවෙළින් සත්, චිත් සහ ආනන්ද යන නම්වලින් හැඳින්වේ. ආත්මයේ දොළොස්වන අදියරේදී මෙම සංකල්පය තව දුරටත් විකාසය විය. මුලින් දැක්වූ චන්ද්‍රලෝකය සහ සූර්යලෝකය යන සංකල්පවලදී ආත්මයට ගමන් කිරීමට නිශ්චිත තත්වයක් ක්‍රමයක් තිබුණි. එහෙත් ආත්මය යනු ශරීරය තුළ පවත්නා ගූඪ යමක් බව අනාවරණය වීමෙන් මේ තත්වය අතිශය වෙනස් මඟක් ගත්තේය. භාෂාවය ක්රියාකාරීත්වයක් නැතත් තිරිසන් සතුන්ටත් යම් යම් ක්‍රියාකාරී ගති පැවැතුම් ඇති බවත් ඔවුන්ටත් එසේ කිරීමට යම් ඥානයක් ඇති බවත් පිළිගන්නට පටන් ගැනුනේ මේ කාලයේදීය. ඉදින් තිරිසන් සතුන්ටත් යම් ඥානයක් ඇති නම් එයින් කියවෙන්නේ ඔවුන්ටද ආත්මයක් ඇති බවකි. ඔවුන්ගේ ආත්මයටත් සත්, චිත් සහ ආනන්ද යන ගුණ ඇත්නම් මිනිසාගේ ආත්මය තිරිසනුන් වෙත යාමටත් තිරිසනුන්ගේ ආත්මය නැවත මිනිසුන් වෙත පැමිණීමටත් ඉඩ ඇත. මේ ආකාරයට කල්පනා කිරීම නිසා මිනිස් ආත්මය විවිධ තලවලට, විවිධ භවවලට ගමන් කරන්නේය යන අදහස ඔවුන් තුළ ඇති විය. දහතුන්වන අදියර ඉතාම තීරණාත්මක අවධියකි. මෙම අදියර ආරම්භ වන්නේ විවිධ තලවලට, විවිධ භවවලට ගමන් කරන ආත්මය එයින් මිදී පරමානන්දය සදාකාලිකව භුක්ති විඳිය හැකි මෝක්ෂය කරා ගමන් කරන්නේ කෙසේද යන ප්රශ්නය මතු කරමින්ය. මෙතෙක් කළ කතාවෙන් මා කීවේ ආත්මය ඇති වූ සැටිය. ලෝකය සහ විශ්වය සෑදුණු ආකාරය පිළිබඳ අතිශයින් වෙනස් මත තුනක් ව්‍යවහාර වර්ෂයෙන් පස්වන සියවස පමණ වන විට එක් මතයක් ලෙසට ගොනු වෙමින් ඉදිරිපත් විය. එම කතාවද මෙම ආත්ම කතාවට සමගාමීව වැඩෙමින් පැවැති මතයකි. යුදෙවු-ක්‍රිස්තියානි මැවීම මෙන් ආත්මය සහ ලෝකය යන දෙකම එකට මැවූ බවක් භාරතයේ බිහිවූ කිසිම පැරණි විශ්වනිර්මාණ සංකල්පයක නැති බව මෙහිදී කිව යුතුය. ඔවුන්ට අනුව විශ්වය ආරම්භ වූයේ ‘අසත්’ හෙවත් ‘කිසිවක් නැත’ යන සංකල්පනාවෙන්ය. එහිදී මැවුම්කාර දෙවියෙකු ගැන ඔවුන් කතා කළේ නැත. එසේ නමුත් කාලයත් සමග එම මැවීමට දෙවිකෙනෙකු සම්බන්ධ විය, ඔහු බ්‍රහ්මන් හෝ ප්‍රජාපති ලෙස නම් කෙරිණ. මෙම බ්‍රහ්මන් කුමන ස්වරූපයක් ගත්තේද? ඔහු ලෝකය මැව්වේ කෙසේද? ඔහුගේ ගතිපැවැතුම් මොනවාද යනාදිය ගැන විවිධ මතවාද තිබුණි. ආත්මයේ එකොළොස් වන අදියර වන විට ලොව මැවූ බ්‍රහ්මයෙකු සිටින බව පමණක් ඔවුන්ගේ සංවාදවල තිබුණි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom