Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආදම් සහ ඒවා සම්පූර්ණ විස්තරය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව පලමු මිනිසා හා ස්ත්‍රිය!

දෙවියන් වහන්සේ ලෝකය මැවීම!

අපිට තියෙන හොඳ දේවල් ඔක්කොම ලැබෙන්නේ දෙවිගෙන්. දවල්ට අපිට එළිය දෙන්න ඉරත්, රෑට තරමක එළියක් දෙන හඳත්, තාරකාත් ඔහු අපිට මවා දුන්නා. අපිට ජීවත් වෙන්න පොළොවකුත් ඔහු මැව්වා.

ඒ වුණාට දෙවි මුලින්ම මැව්වේ, ඉර, හඳ, තාරකා හා පොළොව නෙවෙයි. මුලින්ම මැව්වේ මොනවද කියලා ඔයා දන්නවාද? දෙවිට සමානකමක් තියෙන අයවයි දෙවි මුලින්ම මැව්වේ. අපිට දෙවිව පේන්නේ නැහැ වගේම, මේ අයවත් අපිට පේන්නේ නැහැ. බයිබලයේ මේ අයව හඳුන්වන්නේ දේවදූතයන් කියලයි. දෙවි මේ දේවදූතයන්ව මැව්වේ ඔහු එක්ක ස්වර්ගයේ ජීවත් වෙන්නයි.

දෙවි මවපු මුල්ම දේවදූතයා හරිම විශේෂයි. ඔහු දෙවිගේ පළවෙනිම පුතා. ඔහු තම පියා එක්ක එකට වැඩ කළා. අනික් සෑම දෙයක්ම මවන්න ඔහුයි දෙවිට උදව් කළේ. ඉර, හඳ, තාරකා වගේම අපේ පොළොවත් මවන්න ඔහු දෙවිට උදව් කළා.

ඒ කාලයේ පොළොව මොන වගේද තිබුණේ? මුලදී කාටවත් පොළොවේ ජීවත් වෙන්න බැරි තත්වයක් තිබුණා. මුළු ගොඩබිමම එක විශාල මුහුදක් හැටියටයි තිබුණේ. නමුත් දෙවි කැමති වුණේ පොළොවේ මිනිසුන් ජීවත් වෙනවා දකින්නයි. ඉතින්, ඔහු අපිට දේවල් සූදානම් කරන්න පටන්ගත්තා. ඔහු මොනවාද කළේ?

මුලින්ම පොළොවට අවශ්‍ය වුණේ ආලෝකයයි. ඉතින්, දෙවි පොළොව මතට ඉර පායන්න සැලැස්සුවා. ඔහු එහෙම කළේ රාත්‍රි කාලයකුත් දවල් කාලයකුත් තියෙන විදිහටයි. ඊට පස්සේ, මුහුදෙන් ගොඩබිම මතු වෙන්න සැලැස්සුවා.

මුලදී ගොඩබිමේ කිසිම දෙයක් තිබුණේ නැහැ. හරියට මේ පින්තූරයේ ඇඳලා තියෙනවා වගේ. ගස්වත්, මල්වත් තිබුණේ නැහැ. සත්තු හිටියේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මුහුදේ මාළු හිටියෙත් නැහැ. සතුන්ටයි මිනිසුන්ටයි ලස්සනට පොළොවේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න.

මේ පොළොව දිහා බලන්න! හැම දෙයක්ම කොච්චර ලස්සනද! තණකොළ, ගස්වැල්, මල් වගේම සත්තු දිහාත් බලන්න. එතන ඉන්න අලියාවයි සිංහයන්වයි ඔයාට අඳුරගන්න පුළුවන්ද?

මේ ලස්සන උයන ඇති වුණේ කොහොමද? හොඳයි, දෙවි අපිට පොළොව සූදානම් කළේ කොහොමද කියලා අපි බලමු.

දෙවි මුලින්ම ගොඩබිම වැහිලා යන්න තණකොළ මැව්වා. ඊට පස්සේ ඔහු හැම ජාතියකම පැළ, පඳුරු, ඒ වගේම ගසුත් මැව්වා. මේ හැම දෙයකින්ම පොළොව ලස්සන වෙනවා. නමුත් ඒවායින් ඊට වැඩිය දෙයකුත් වෙනවා. හුඟක් ඒවායින් රසම රස කෑමත් ලැබෙනවා.

ඊට පස්සේ, දෙවි වතුරේ පීනන මාළුයි අහසේ පියාඹන කුරුල්ලොයි මැව්වා. බල්ලෝ, පූසෝ, අශ්වයෝ, ලොකු සත්තු පොඩි සත්තු; මේ ඔක්කොම ඔහු මැව්වා. මොන සත්තුද ඔයාගේ ගෙවල් පැත්තේ ජීවත් වෙන්නේ? දෙවි මේ හැම දෙයක්ම මැව්ව එක ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ නේද?

අන්තිමට දෙවි පොළොවේ එක තැනක් විශේෂ විදිහට හැදුවා. ඔහු මේ තැනට ඒදන් උයන කියලයි නම් කළේ. ඒක හැම දෙයක්ම තියෙන උයනක්. හැම අතින්ම ලස්සනයි. දෙවිට ඕන වුණේ මුළු පොළොවම මේ ලස්සන උයන වගේ වෙනවා දකින්නයි.

නමුත් මේ පින්තූරය දිහා ආයෙත් බලන්න. මේ උයනෙ තියෙන එක අඩුවක් දෙවිට පෙනුණා. ඒ මොකක්ද කියල ඔයා දන්නවද?

මේ පින්තූරයේ තියෙන වෙනස මොකක්ද? ඔව්, ඒකේ ඉන්න මිනිස්සු දෙන්නා නේද? මේ දෙන්නා තමයි පළමු මිනිසා හා ස්ත්‍රිය. ඒගොල්ලන්ව මැව්වේ කවුද? ඒක කළේ දෙවියි. දෙවිගේ නම ඔයා දන්නවාද? ඔහුගේ නම යෙහෝවා. මේ මිනිසාගේ නම ආදම්, ස්ත්‍රියගේ නම ඒව.

යෙහෝවා දෙවි ආදම්ව මැව්වේ මෙන්න මෙහෙමයි. ඔහු පොළොවෙන් දූවිලි ටිකක් අරගෙන ඒකෙන් පරිපූර්ණ ශරීරයක්, ඒ කියන්නේ මිනිසෙකුගේ ශරීරයක් හැදුවා. ඊට පස්සේ ඔහු ඒ මිනිසාගේ නහයට හුස්ම පිම්බාම, ආදම් ජීවත් වෙන්න පටන්ගත්තා.

යෙහෝවා දෙවි ආදම්ට කරන්න වැඩක් දුන්නා. ඔහු ආදම්ට කිව්වා හැම ජාතියෙම සතෙකුට නමක් දෙන්න කියලා. හැම සතෙකුටම හොඳම නම තෝරාගන්න, ආදම් මේ සතුන්ගේ හැසිරීම දිහා කාලයක් තිස්සේ බලා ඉන්න ඇති. ආදම් සතුන්ට නම් දාන කොට, එයාට මොකද්දෝ වෙනසක් දැනුණා. ඒ මොකක්ද කියලා ඔයා දන්නවාද?

සත්තු ඔක්කොම හිටියේ ජෝඩු හැටියට. අලියන්ගේ පිරිමි සතා වගේම ගෑනු සතාත් හිටියා. සිංහයන්ගෙත් පිරිමි සතායි ගෑනු සතායි හිටියා. ඒ වුණාට, ආදම්ට නම් කව්රුත් හිටියේ නැහැ. ඉතින් යෙහෝවා, ආදම්ව බර නින්දකට වැටෙන්න සැලැස්සුවා. ඊට පස්සේ, යෙහෝවා එයාගේ එක පැත්තකින් ඉල ඇටයක් අරගෙන ආදම්ට ස්ත්‍රියක් මවලා දුන්නා. ඇය තමා ආදම්ගේ භාර්යාව වුණේ.

ආදම්ට දැන් කොච්චර සන්තෝෂද! ඒ වගේම මෙච්චර ලස්සන උයනක ජීවත් වෙන්න පුළුවන් වුණ එක ගැන, ඒව කොච්චර සන්තෝෂ වෙන්න ඇද්ද කියලා හිතන්න! දැන් ඒගොල්ලන්ට ළමයින් ලැබුණාම සන්තෝෂයෙන් එකට ජීවත් වෙන්න පුළුවන්.

යෙහෝවාට ඕන කළේ ආදම් හා ඒව සදාකල් ජීවත් වෙලා මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන කරනවා දකින්නයි. මේ ගැන හිතද්දී, ආදම් හා ඒව කොච්චර සන්තෝෂ වෙන්න ඇද්ද! ඔයත් ඒ කාලේ හිටියා නම්, ඔයා කැමති වෙනවද පොළොව ලස්සන උයනක් කරන්න උදව් වෙන්න? නමුත් ආදම් හා ඒවගේ සන්තෝෂය වැඩි කාලයක් තිබුණේ නැහැ.

බලන්න දැන් වෙලා තියෙන දේ! ආදම් හා ඒවව ඒ ලස්සන ඒදන් උයනෙන් පන්නලා දාලා. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?

ඒගොල්ලන් කරලා තියෙන්නේ හරිම නරක දෙයක්. ඉතින් යෙහෝවා දැන් ඒගොල්ලන්ට දඬුවම් කරනවා. ආදම් හා ඒව කරපු නරක දේ මොකක්ද කියලා ඔයා දන්නවාද?

ඒගොල්ලෝ දෙවි කරන්න එපා කියපු දෙයක් කරලා. දෙවි කිව්වා ඒගොල්ලන්ට උයනේ තියෙන ඕනෑම ගසකින් කන්න පුළුවන් කියලා. හැබැයි එක ගසකින් විතරක් කන්න එපා, කෑවොතින්, ඒගොල්ලන් මැරෙනවයි කියලත් දෙවි කිව්වා. ඒ ගහ දෙවිට විතරයි අයිති. වෙන කෙනෙකුට අයිති දෙයක් ගන්න එක වැරදියි කියලා අපි දන්නවනෙ. ඉතින්, මොනවාද වුණේ?

දවසක්, ඒව තනියෙන් උයනේ ඉන්නකොට, සර්පයෙක් ඇවිල්ලා එයා එක්ක කතා කළා. ඒක හරි පුදුමයි නේද? දෙවි කන්න එපා කියපු ගහෙන් කන්න කියලා ඌ ඒවට කිව්වා. නමුත්, යෙහෝවා සර්පයන් මැව්වේ, උන්ට කතා කරන්න පුළුවන්කම දීලා නෙවෙයි. ඒකෙන් තේරෙන්නේ වෙන කවුරු හරි සර්පයාව කතා කෙරෙව්වා කියන එකයි. ඒ කවුද?

ඒ ආදම් නෙවෙයි. එහෙනම්, යෙහෝවා පොළොව හදන්න හුඟ කාලෙකට ඉස්සෙල්ලා මවපු අයගෙන් එක් කෙනෙක් වෙන්න ඕනේ. ඒ දේවදූතයෝ. අපිට ඒගොල්ලන්ව පේන්නේ නැහැ. මේ දේවදූතයා එයා ගැන ගොඩක් ආඩම්බර වුණා. දෙවි වගේ රජෙක් වෙන්න ඕනේ කියලා එයා හිතන්න පටන්ගත්තා. මිනිස්සු යෙහෝවාට කීකරු වෙන්නේ නැතුව එයාට කීකරු වෙනවටයි එයා කැමති වුණේ. එයා තමයි සර්පයාව කතා කෙරෙව්වේ.

මේ දේවදූතයාට පුළුවන් වුණා ඒවව රවට්ටන්න. ඒව ගෙඩිය කෑවොතින් දෙවි වගේ වෙනවා කියලා එයා කිව්වාම, ඒව ඒක විශ්වාස කළා. ඉතින් ඇය කෑවා, ආදමුත් කෑවා. ආදම් හා ඒව දෙවිට අකීකරු වුණ නිසයි, ඒගොල්ලන්ට ඒ ලස්සන ගෙදරින් යන්න වුණේ.

නමුත් දෙවි කවදාහරි දවසක මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන කරන්න යනවා. මෙහෙම කරන්න ඔයාටත් උදව් වෙන්න පුළුවන් කොහොමද කියලා අපි පස්සේ ඉගෙනගන්න යනවා.

ඒදන් උයනෙන් එළියට ආවාම ආදම් හා ඒවට කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට කෑම හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. දැන් ඒගොල්ලන් වටේ තිබුණේ ලස්සන පලතුරු ගස් නෙමෙයි, කටු ගොකටු විතරයි. ආදම් හා ඒව දෙවිට අකීකරු වෙලා ඔහුත් එක්ක තිබුණ යාළුකම නැවැත්තුවාම මේකයි සිද්ධ වුණේ.

නමුත් ඊටත් වඩා නරක දෙයක් වුණා. ආදම් හා ඒව ටිකෙන් ටික වයසට ගිහිල්ලා මැරුණා. කන්න එපා කියලා කියපු ගහෙන් ගෙඩි කෑවොත් ඒගොල්ලන් මැරෙනවා කියලා දෙවි කිව්වා මතකද? ඇත්තටම ඒගොල්ලන් ගෙඩිය කාපු දවසේ ඉඳන්ම මැරෙන කම් වයසට යන්න පටන්ගත්තා. ඒගොල්ලන් දෙවිට ඇහුම්කන් දුන්නේ නැති එක කොච්චර මෝඩකමක්ද!

ආදම් හා ඒවව ඒදන් උයනෙන් එළියට දැම්මට පස්සෙයි ඒ දෙන්නට ළමයි ඉපදුනේ. ඒ කියන්නේ, මේ ළමයින්ටත් වයසට ගිහිල්ලා මැරෙන්න වෙනවා කියන එකයි.

ආදම් හා ඒව යෙහෝවාට කීකරු වෙලා හිටියා නම්, ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ළමයින්ටත් සන්තෝෂයෙන් ජීවත් වෙන්න තිබුණා. ඒ හැමෝටම අවස්ථාව තිබුණා පොළොවේ සදාකාලෙටම සන්තෝෂයෙන් ජීවත් වෙන්න. කාටවත් වයසට ගිහිල්ලා, ලෙඩ වෙලා මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ.

දෙවිට ඕන කරන්නේ මිනිස්සු සදහටම සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින්නයි. කවදාහරි දවසක ඒගොල්ලන් එහෙම ජීවත් වෙනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. මුළු පොළොවම ලස්සන වේවි. හැමෝම හොඳ සනීපෙන් ඉන්න යනවා. පොළොවේ ඉන්න හැමදෙනාම අනික් හැමෝ එක්කත් දෙවි එක්කත් හොඳ යාළුවන් හැටියට ඉන්න යනවා.

ඒ වුණාට දැන් ඒව දෙවිගේ යාළුවෙක් නෙවෙයි. ඒ නිසා ඇයට ළමයි ලැබෙන කොට ගොඩක් අමාරු වුණා. යෙහෝවාට අකීකරු වුණ නිසා ඇයට ගොඩක් දුක් විඳින්න වුණා.

[QUOTE="J Starlin, post: 29750700, member: 586026"] [SIZE=6]ලොව පලමු මිනිසා හා ස්ත්‍රිය! දෙවියන් වහන්සේ ලෝකය මැවීම! [/SIZE] අපිට තියෙන හොඳ දේවල් ඔක්කොම ලැබෙන්නේ දෙවිගෙන්. දවල්ට අපිට එළිය දෙන්න ඉරත්, රෑට තරමක එළියක් දෙන හඳත්, තාරකාත් ඔහු අපිට මවා දුන්නා. අපිට ජීවත් වෙන්න පොළොවකුත් ඔහු මැව්වා. ඒ වුණාට දෙවි මුලින්ම මැව්වේ, ඉර, හඳ, තාරකා හා පොළොව නෙවෙයි. මුලින්ම මැව්වේ මොනවද කියලා ඔයා දන්නවාද? දෙවිට සමානකමක් තියෙන අයවයි දෙවි මුලින්ම මැව්වේ. අපිට දෙවිව පේන්නේ නැහැ වගේම, මේ අයවත් අපිට පේන්නේ නැහැ. බයිබලයේ මේ අයව හඳුන්වන්නේ දේවදූතයන් කියලයි. දෙවි මේ දේවදූතයන්ව මැව්වේ ඔහු එක්ක ස්වර්ගයේ ජීවත් වෙන්නයි. දෙවි මවපු මුල්ම දේවදූතයා හරිම විශේෂයි. ඔහු දෙවිගේ පළවෙනිම පුතා. ඔහු තම පියා එක්ක එකට වැඩ කළා. අනික් සෑම දෙයක්ම මවන්න ඔහුයි දෙවිට උදව් කළේ. ඉර, හඳ, තාරකා වගේම අපේ පොළොවත් මවන්න ඔහු දෙවිට උදව් කළා. ඒ කාලයේ පොළොව මොන වගේද තිබුණේ? මුලදී කාටවත් පොළොවේ ජීවත් වෙන්න බැරි තත්වයක් තිබුණා. මුළු ගොඩබිමම එක විශාල මුහුදක් හැටියටයි තිබුණේ. නමුත් දෙවි කැමති වුණේ පොළොවේ මිනිසුන් ජීවත් වෙනවා දකින්නයි. ඉතින්, ඔහු අපිට දේවල් සූදානම් කරන්න පටන්ගත්තා. ඔහු මොනවාද කළේ? මුලින්ම පොළොවට අවශ්‍ය වුණේ ආලෝකයයි. ඉතින්, දෙවි පොළොව මතට ඉර පායන්න සැලැස්සුවා. ඔහු එහෙම කළේ රාත්‍රි කාලයකුත් දවල් කාලයකුත් තියෙන විදිහටයි. ඊට පස්සේ, මුහුදෙන් ගොඩබිම මතු වෙන්න සැලැස්සුවා. මුලදී ගොඩබිමේ කිසිම දෙයක් තිබුණේ නැහැ. හරියට මේ පින්තූරයේ ඇඳලා තියෙනවා වගේ. ගස්වත්, මල්වත් තිබුණේ නැහැ. සත්තු හිටියේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මුහුදේ මාළු හිටියෙත් නැහැ. සතුන්ටයි මිනිසුන්ටයි ලස්සනට පොළොවේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න. [URL='https://cms-imgp.jw-cdn.org/img/p/1101978054/univ/art/1101978054_univ_lsr_xl.jpg'][IMG alt="සත්තු, ගස්වැල්, මල් වගේම දිය ඇල්ලක් තියෙන ලස්සන ඒදන් උයන"]https://cms-imgp.jw-cdn.org/img/p/1101978054/univ/art/1101978054_univ_lsr_lg.jpg[/IMG][/URL] මේ පොළොව දිහා බලන්න! හැම දෙයක්ම කොච්චර ලස්සනද! තණකොළ, ගස්වැල්, මල් වගේම සත්තු දිහාත් බලන්න. එතන ඉන්න අලියාවයි සිංහයන්වයි ඔයාට අඳුරගන්න පුළුවන්ද? මේ ලස්සන උයන ඇති වුණේ කොහොමද? හොඳයි, දෙවි අපිට පොළොව සූදානම් කළේ කොහොමද කියලා අපි බලමු. දෙවි මුලින්ම ගොඩබිම වැහිලා යන්න තණකොළ මැව්වා. ඊට පස්සේ ඔහු හැම ජාතියකම පැළ, පඳුරු, ඒ වගේම ගසුත් මැව්වා. මේ හැම දෙයකින්ම පොළොව ලස්සන වෙනවා. නමුත් ඒවායින් ඊට වැඩිය දෙයකුත් වෙනවා. හුඟක් ඒවායින් රසම රස කෑමත් ලැබෙනවා. ඊට පස්සේ, දෙවි වතුරේ පීනන මාළුයි අහසේ පියාඹන කුරුල්ලොයි මැව්වා. බල්ලෝ, පූසෝ, අශ්වයෝ, ලොකු සත්තු පොඩි සත්තු; මේ ඔක්කොම ඔහු මැව්වා. මොන සත්තුද ඔයාගේ ගෙවල් පැත්තේ ජීවත් වෙන්නේ? දෙවි මේ හැම දෙයක්ම මැව්ව එක ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ නේද? අන්තිමට දෙවි පොළොවේ එක තැනක් විශේෂ විදිහට හැදුවා. ඔහු මේ තැනට ඒදන් උයන කියලයි නම් කළේ. ඒක හැම දෙයක්ම තියෙන උයනක්. හැම අතින්ම ලස්සනයි. දෙවිට ඕන වුණේ මුළු පොළොවම මේ ලස්සන උයන වගේ වෙනවා දකින්නයි. නමුත් මේ පින්තූරය දිහා ආයෙත් බලන්න. මේ උයනෙ තියෙන එක අඩුවක් දෙවිට පෙනුණා. ඒ මොකක්ද කියල ඔයා දන්නවද? [URL='https://cms-imgp.jw-cdn.org/img/p/1101978055/univ/art/1101978055_univ_lsr_xl.jpg'][IMG alt="ඒදන් උයනේ ඉන්න ආදම් සහ ඒව"]https://cms-imgp.jw-cdn.org/img/p/1101978055/univ/art/1101978055_univ_lsr_lg.jpg[/IMG][/URL] මේ පින්තූරයේ තියෙන වෙනස මොකක්ද? ඔව්, ඒකේ ඉන්න මිනිස්සු දෙන්නා නේද? මේ දෙන්නා තමයි පළමු මිනිසා හා ස්ත්‍රිය. ඒගොල්ලන්ව මැව්වේ කවුද? ඒක කළේ දෙවියි. දෙවිගේ නම ඔයා දන්නවාද? ඔහුගේ නම යෙහෝවා. මේ මිනිසාගේ නම ආදම්, ස්ත්‍රියගේ නම ඒව. යෙහෝවා දෙවි ආදම්ව මැව්වේ මෙන්න මෙහෙමයි. ඔහු පොළොවෙන් දූවිලි ටිකක් අරගෙන ඒකෙන් පරිපූර්ණ ශරීරයක්, ඒ කියන්නේ මිනිසෙකුගේ ශරීරයක් හැදුවා. ඊට පස්සේ ඔහු ඒ මිනිසාගේ නහයට හුස්ම පිම්බාම, ආදම් ජීවත් වෙන්න පටන්ගත්තා. යෙහෝවා දෙවි ආදම්ට කරන්න වැඩක් දුන්නා. ඔහු ආදම්ට කිව්වා හැම ජාතියෙම සතෙකුට නමක් දෙන්න කියලා. හැම සතෙකුටම හොඳම නම තෝරාගන්න, ආදම් මේ සතුන්ගේ හැසිරීම දිහා කාලයක් තිස්සේ බලා ඉන්න ඇති. ආදම් සතුන්ට නම් දාන කොට, එයාට මොකද්දෝ වෙනසක් දැනුණා. ඒ මොකක්ද කියලා ඔයා දන්නවාද? සත්තු ඔක්කොම හිටියේ ජෝඩු හැටියට. අලියන්ගේ පිරිමි සතා වගේම ගෑනු සතාත් හිටියා. සිංහයන්ගෙත් පිරිමි සතායි ගෑනු සතායි හිටියා. ඒ වුණාට, ආදම්ට නම් කව්රුත් හිටියේ නැහැ. ඉතින් යෙහෝවා, ආදම්ව බර නින්දකට වැටෙන්න සැලැස්සුවා. ඊට පස්සේ, යෙහෝවා එයාගේ එක පැත්තකින් ඉල ඇටයක් අරගෙන ආදම්ට ස්ත්‍රියක් මවලා දුන්නා. ඇය තමා ආදම්ගේ භාර්යාව වුණේ. ආදම්ට දැන් කොච්චර සන්තෝෂද! ඒ වගේම මෙච්චර ලස්සන උයනක ජීවත් වෙන්න පුළුවන් වුණ එක ගැන, ඒව කොච්චර සන්තෝෂ වෙන්න ඇද්ද කියලා හිතන්න! දැන් ඒගොල්ලන්ට ළමයින් ලැබුණාම සන්තෝෂයෙන් එකට ජීවත් වෙන්න පුළුවන්. යෙහෝවාට ඕන කළේ ආදම් හා ඒව සදාකල් ජීවත් වෙලා මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන කරනවා දකින්නයි. මේ ගැන හිතද්දී, ආදම් හා ඒව කොච්චර සන්තෝෂ වෙන්න ඇද්ද! ඔයත් ඒ කාලේ හිටියා නම්, ඔයා කැමති වෙනවද පොළොව ලස්සන උයනක් කරන්න උදව් වෙන්න? නමුත් ආදම් හා ඒවගේ සන්තෝෂය වැඩි කාලයක් තිබුණේ නැහැ. බලන්න දැන් වෙලා තියෙන දේ! ආදම් හා ඒවව ඒ ලස්සන ඒදන් උයනෙන් පන්නලා දාලා. ඒ ඇයි කියලා ඔයා දන්නවාද? ඒගොල්ලන් කරලා තියෙන්නේ හරිම නරක දෙයක්. ඉතින් යෙහෝවා දැන් ඒගොල්ලන්ට දඬුවම් කරනවා. ආදම් හා ඒව කරපු නරක දේ මොකක්ද කියලා ඔයා දන්නවාද? ඒගොල්ලෝ දෙවි කරන්න එපා කියපු දෙයක් කරලා. දෙවි කිව්වා ඒගොල්ලන්ට උයනේ තියෙන ඕනෑම ගසකින් කන්න පුළුවන් කියලා. හැබැයි එක ගසකින් විතරක් කන්න එපා, කෑවොතින්, ඒගොල්ලන් මැරෙනවයි කියලත් දෙවි කිව්වා. ඒ ගහ දෙවිට විතරයි අයිති. වෙන කෙනෙකුට අයිති දෙයක් ගන්න එක වැරදියි කියලා අපි දන්නවනෙ. ඉතින්, මොනවාද වුණේ? දවසක්, ඒව තනියෙන් උයනේ ඉන්නකොට, සර්පයෙක් ඇවිල්ලා එයා එක්ක කතා කළා. ඒක හරි පුදුමයි නේද? දෙවි කන්න එපා කියපු ගහෙන් කන්න කියලා ඌ ඒවට කිව්වා. නමුත්, යෙහෝවා සර්පයන් මැව්වේ, උන්ට කතා කරන්න පුළුවන්කම දීලා නෙවෙයි. ඒකෙන් තේරෙන්නේ වෙන කවුරු හරි සර්පයාව කතා කෙරෙව්වා කියන එකයි. ඒ කවුද? ඒ ආදම් නෙවෙයි. එහෙනම්, යෙහෝවා පොළොව හදන්න හුඟ කාලෙකට ඉස්සෙල්ලා මවපු අයගෙන් එක් කෙනෙක් වෙන්න ඕනේ. ඒ දේවදූතයෝ. අපිට ඒගොල්ලන්ව පේන්නේ නැහැ. මේ දේවදූතයා එයා ගැන ගොඩක් ආඩම්බර වුණා. දෙවි වගේ රජෙක් වෙන්න ඕනේ කියලා එයා හිතන්න පටන්ගත්තා. මිනිස්සු යෙහෝවාට කීකරු වෙන්නේ නැතුව එයාට කීකරු වෙනවටයි එයා කැමති වුණේ. එයා තමයි සර්පයාව කතා කෙරෙව්වේ. මේ දේවදූතයාට පුළුවන් වුණා ඒවව රවට්ටන්න. ඒව ගෙඩිය කෑවොතින් දෙවි වගේ වෙනවා කියලා එයා කිව්වාම, ඒව ඒක විශ්වාස කළා. ඉතින් ඇය කෑවා, ආදමුත් කෑවා. ආදම් හා ඒව දෙවිට අකීකරු වුණ නිසයි, ඒගොල්ලන්ට ඒ ලස්සන ගෙදරින් යන්න වුණේ. නමුත් දෙවි කවදාහරි දවසක මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන කරන්න යනවා. මෙහෙම කරන්න ඔයාටත් උදව් වෙන්න පුළුවන් කොහොමද කියලා අපි පස්සේ ඉගෙනගන්න යනවා. ඒදන් උයනෙන් එළියට ආවාම ආදම් හා ඒවට කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට කෑම හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. දැන් ඒගොල්ලන් වටේ තිබුණේ ලස්සන පලතුරු ගස් නෙමෙයි, කටු ගොකටු විතරයි. ආදම් හා ඒව දෙවිට අකීකරු වෙලා ඔහුත් එක්ක තිබුණ යාළුකම නැවැත්තුවාම මේකයි සිද්ධ වුණේ. නමුත් ඊටත් වඩා නරක දෙයක් වුණා. ආදම් හා ඒව ටිකෙන් ටික වයසට ගිහිල්ලා මැරුණා. කන්න එපා කියලා කියපු ගහෙන් ගෙඩි කෑවොත් ඒගොල්ලන් මැරෙනවා කියලා දෙවි කිව්වා මතකද? ඇත්තටම ඒගොල්ලන් ගෙඩිය කාපු දවසේ ඉඳන්ම මැරෙන කම් වයසට යන්න පටන්ගත්තා. ඒගොල්ලන් දෙවිට ඇහුම්කන් දුන්නේ නැති එක කොච්චර මෝඩකමක්ද! ආදම් හා ඒවව ඒදන් උයනෙන් එළියට දැම්මට පස්සෙයි ඒ දෙන්නට ළමයි ඉපදුනේ. ඒ කියන්නේ, මේ ළමයින්ටත් වයසට ගිහිල්ලා මැරෙන්න වෙනවා කියන එකයි. ආදම් හා ඒව යෙහෝවාට කීකරු වෙලා හිටියා නම්, ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ළමයින්ටත් සන්තෝෂයෙන් ජීවත් වෙන්න තිබුණා. ඒ හැමෝටම අවස්ථාව තිබුණා පොළොවේ සදාකාලෙටම සන්තෝෂයෙන් ජීවත් වෙන්න. කාටවත් වයසට ගිහිල්ලා, ලෙඩ වෙලා මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ. දෙවිට ඕන කරන්නේ මිනිස්සු සදහටම සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින්නයි. කවදාහරි දවසක ඒගොල්ලන් එහෙම ජීවත් වෙනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. මුළු පොළොවම ලස්සන වේවි. හැමෝම හොඳ සනීපෙන් ඉන්න යනවා. පොළොවේ ඉන්න හැමදෙනාම අනික් හැමෝ එක්කත් දෙවි එක්කත් හොඳ යාළුවන් හැටියට ඉන්න යනවා. ඒ වුණාට දැන් ඒව දෙවිගේ යාළුවෙක් නෙවෙයි. ඒ නිසා ඇයට ළමයි ලැබෙන කොට ගොඩක් අමාරු වුණා. යෙහෝවාට අකීකරු වුණ නිසා ඇයට ගොඩක් දුක් විඳින්න වුණා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom