ආදරණිය මුරලි ඔබට සුභ උපන් දිනයක්..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ආදරණිය මුරලි ඔබට සුභ උපන් දිනයක්..

131060.jpg
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර ලංකා මාතාව බිහිකළ සුපිරිතම දඟ පන්දු යවන්නා වන්නේ මුත්තයියා මුරලිදරන්ය. එය ශ්‍රී ලාංකික කව්රු උවත් අවිවාදයෙන් තොරව පිළිගත යුතු කරුණකි.. අද ඔහුගේ 41 වන උපන් දිනයයි.. අද අපි විමසා බලන්නට යන්නේ ඔහුගේ ඉතිහාසයෙන් බිඳකි..


කුඩා මුරලි කුන්ඩසාලේ නත්තරංපොත දී ලක්ෂ්මි සහ සින්නසාමි මුත්තයියා මව් පියනට දාව 1971 අප්‍රේල් මස 17 වන දින උපත ලත් අතර ඔවුන්ගේ පවුලේ දරුවන් හතර දෙනා අතුරින් වැඩිමලා විය. ඔහුගේ මුල්ම පාසල වුයේ සෙන්ට් ඇන්තනී විදුහල යි. මද වේග පන්දු යවන්නෙකු ලෙස තම ක්‍රිකට් දිවිය ආරම්බ කරන කුඩා මුරලි, ඔහුගේ පුහුණුකරුවා වූ සුනිල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව වයස 14 දී දඟ පන්දු යවන්නෙකු ලෙස පරිවර්තනය වුවේය.


එතැන් පටන් දඟ පන්දු යවන්නෙකු ලෙස හා මැදපෙළ පිතිකරුවෙකු ලෙස තම ක්‍රිකට් දිවිය වෙනස් කරගත් මුරලි සෙන්ට් ඇන්තනි විදුහලේ ඔහුගේ අවසාන වාර දෙකේදි විකට්ටු සියයක් ලබා ගත් අතර 1990/1 වසරේ ‘බාටා පාසැල් ක්‍රිකට් ශූරයා’ සම්මානය ලබා ගත්තේය.


ඉතිරිය
http://cricketsl.com/ආදරණිය-මුරලි-සුභ-උපන්-දින/
 
  • Like
Reactions: <DNA

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුරලිට ඔය උපන්දිනේ නම් අමතක වෙන එක්ක නැහැ හැබැයි..:rofl:

    මුරළි කියන්නෙ දෙමළ ජාතිකයෙක් උනත් හදවතේ සිංහයෙක් ඉන්න, රට වෙනුවෙන් කෙලින් දෙයක් කියන්න බය නෑති, නියම මහත්මයෙක්... අපේ ටීම් එකේ අනිත් උඩඟු හාල්පාරුවන්ට මෙතුමා හොද ආදර්ශයක්... :yes:

    මුදලට සමස්ථය විකිණීමට සූදානම් වත්මන් බහුතර අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට.. උඹෙන් ඉගෙනගන්න ක්‍රිකට් වලට එහා ගිය තවත් වටිනාකම් බොහොමයක් තියෙනවා මුරලි...:love:

    url


    සුභ උපන්දිනයක් වේවා!
     

    Similar threads