ආදරය කියන්නේ ආදරයෙන් නොබැඳීමද?

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ආදරය කියන්නේ ආදරයෙන් නොබැඳීමද?

ආදරය කියන්නේ ආදරයෙන් නොබැඳීමද?- ස්ලෙවොයි ජිජැක්

Slavoj-Zizek-On-Love-Without-Fall-SS-TR.jpg


ආදරය කියන්නේ අදිසි හැඟීමක්. ෂොක් එකක්. යුරෝපයේ පමණක් නොවේ බොහෝ රටවල ආදරය විග්‍රහ කරන්නේ බැඳීමක් (Fall) කියන අර්ථය සමග. මිනිස්සු ආදරයෙන් බැඳෙනවා. මේක මිනිසාගේ ජීවිත ගමනේ එක අවස්ථාවක්. ඔබට සුන්දර ජීවිතයක් තියනවා. ඔබ වාසනාවන්තයි. ඔබට රස්සාවක් තියනව. ඔබ යාලුවෝ සමග එලියට යනවා. කනවා, බොනවා, සුදු කෙලිනවා. සෙක්ස් කරනවා.

ඒත් එක්තරා මොහොතක, සමහරවිට ලස්සන නාට්‍යමය අවස්ථාවකට පස්සේ, ඔබට ඔහු හෝ ඇය හමුවෙනව. අපි හිතමු ඔබ මහපාරේ දෙනෝදාහක් මැද ලිස්සල වැටෙනව. කවුරුහරි නන්නාඳුනන කෙනෙක් ඔබට නැගිටින්න අත දෙනව. බලනකොට ඇය ලස්සන, ඔබේ හද ඇද බැඳ ගන්න සමත් ගෑනු ළමයෙක්. ඔබලාගේ ඇස් ගැටෙනවා. ඔබ ආදරයෙන් බැදෙනවා. ඊටපස්සේ ඔබ කියනවා දෙවියනි මම ජිවිත කාලයම බලාගෙන හිටියේ ඔබ හමුවෙනකම් කියලා.

මේ වගේ ආදර අවස්ථා වලින් මිනිස්සු තම ජීවිතේම වෙනස් කරගන්නවා. තමාගේ සම්පුර්ණ අතීතය සහ වර්තමානය මේ වගේ සුවිශේෂී මොහොතවල් වලට පස්සේ හැරවුමකට ලක්කර ගන්නවා.

එහෙත් මම හිතන්නේ මේ වගේ අවස්ථා දැන් සමාජයේ එන්න එන්නම විරල වෙනවා. බොහෝ බුද්ධිමත් සංස්කෘතික කවයන් දැන් ප්‍රශ්න කරනව අපි ආයෙත් පුර්ව නුතන ආදර සම්බන්ධතා සංස්කෘතියකට යනවා කියලා. ඉස්සර ආදර හෝ විවාහ සම්බන්ධතා නිර්මාණය කරන්නේ තමාගේ ආත්මයෙන් පිටත කෙනෙක්. අම්මා, තාත්තා හෝ පවුලේ නෑයෙක්. එහෙමත් නැතිනම් ඉඩමක්, දේපොලක් වගේ භෞතික දෙයක්. ෂොක් එකට එතන ඉඩ නෑ. සම්බන්ධතාවය එන්නේ පිටින්.

මොඩර්න් කියල හදුන්වන අද සමාජය වැඩ කරන්නෙත් මේ දිශානතියටමයි. අද තියෙන්නේ ඩේටින් ඒජන්සීස්. ඔවුන් කියන්නේ ආදරයෙන් බැඳෙන්නේ නැතුව ආදරය කරන්න කියල. (love without fall) ආදරයෙන් බැඳුනම කරදරයි. අපි ෂොක් වෙනව. ජිවිතයේ දිශානතිය වෙනස්වෙනවා. බෙදා හදා ගන්න වෙනවා. ඒක නිසා අපි බැඳීම් වලට බයයි. ආදරය, එහි හැඟීම්කාරකය සහ වින්දනය එහෙම පිටින්ම ගන්නේ නැතුව අපි කැමති එහි විච්ඡේදනය වුනු කොටසක් පමණක් අරගෙන කරදරයක් නැතුව ඉන්න. දැඩිව නොබැඳුණු ආදරයක් හසුරුවාගන්න හරි පහසුයි. අපට කැමති වෙලාවක, කැමති තැනකින් පටන්ගෙන කැමති වෙලාවක ඉවර කරන්න පුළුවන්. ඒක අපේ භෞතික ජීවිත එක්ක ගැටෙන්නේ නෑ.


මම නිතරම කියන මගේ ජනප්‍රිය විහිළුව මෙතනට අදාළ කරගන්න පුළුවන්. සීනි කෑවම ලෙඩ හැදෙනව. ඒක නිසා අපි කැලරි නැති සීනි කාල සීනි කෑමේ ආශාව තෘප්ත කර ගන්නව. මේ වගේ අපට ඇල්කොහොල් නැති බීර, නිකොටින් නැති සිගරට් හමුවෙනවා. ඒ වගේම තමයි සෙක්ස්. සැබෑ ලිංගික තෘප්තිය කියන්නේ ශරීරය සහ මනස තෘප්තිමත් කර‍ගෙන කරන ලොකු ක්‍රියාවලියක්. ඒක බැඳීමක්. ඒ වෙනුවට නිල් චිත්‍රපට වගේ පහසු මාර්ග අපට හමුවෙනව. ඒ වගේම විරුද්ධ ලිංගිකයාගේ අතින්වත් අල්ලන්නේ නැතුව ලිංගික තෘප්තිය විදින්න අපට පුළුවන්. හරියට ආදරයෙන් බැඳෙන්නේ නැතුව ආදරය කරනව වගේ...!



Slavoj_Zizek_on_the_Charlie_Hebdo_massacre_Prof.jpg

ස්ලෙවොයි ජිජැක්

පරිවර්තනය- සරද සමරසිංහ