ආදරය හා මිත්‍රත්වය ගැන හිතට වදින කරුණු ටි&#348

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ආදරය හා මිත්‍රත්වය ගැන හිතට වදින කරුණු ටි&#348

    මිත්‍රත්වය, මිතුරුකම කියන්නේ හරි අපූරු සුන්දර බැඳීමක්. අපේ ජීවිත කාලය තුළ විවිධ යාළුකම් මිත්‍රකම් ඇතිවෙනවා. සමහර යාළුකම් ජීවිතය පුරාවටම පවතිනවා. නමුත් සමහර යාළුකම් බොහොම තාවකාලිකයි.

    ආදරය කියන්නෙත් අපේ හදවතට හරිම සමීප, සුන්දර හැඟීමක්. ආදරය කියන හැඟීමට අර්ථකථන ගොඩක් තියෙනවා. මේ ආදරය ඇතිවන සබඳතාව මත ඒ හැඟීම් වෙනස් විදිහටයි අපට දැනෙන්නේ. උදාහරණයක් විදිහට අම්මා කෙනෙක් දරුවෙක්ට දක්වන ආදරය, සහෝදරයන් අතර ඇතිවන ආදරය කියන හැඟීමට වඩා වෙනස්.

    තවත් අය සමහර සබඳතා නිසා ආදරය කියන හැඟීම හිත යටින් බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට යාළුවෝ යෙහෙළියෝ අතර ඇතිවෙන සම්බන්ධතා තුළ එක් පාර්ශවයක් ආදරය දකින්න කැමති වෙනවා වෙන්න පුළුවන්.

    අද අපි ඔබට කතා කරන්නේ ආදර සම්බන්ධයක් සහ මිත්‍ර සම්බන්ධයක් වෙන්කරලා හඳුනාගන්නා විදිහ.

    මනෝවිද්‍යානුකූලව ගතහොත් ආදරය කියන්නේ චිත්තාවේගයක් වගේම චර්යාවක් කියලා හඳුන්වනවා. ආදරය කියන හැඟීම නිසා චර්යාවක් ඇතිවෙනවා වගේම යම් චර්යාවක් නිසා ආදරය නම් චිත්තාවේගය ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම මේ චිත්තාවේගය සහ චර්යාව මානව පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්.

    මිත්‍ර සබඳතාවයක් හඳුනා ගැනීමට ලක්ෂණ 8ක් තිබෙනවා. පළවෙනි එක තමයි සතුටු වීම. මිත්‍රත්වය තුළ තිබෙන වටිනාම ලක්ෂණය තමයි සතුටුවීම කියන්නේ. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි එකිනෙකා පිළිගැනීම. මේ තුළ එකිනෙකාගේ අදහස්, හැසිරීම්, විශ්වාස පද්ධති වගේ දේවල් පිළිගැනීම හොඳ මිතුදමක ලක්ෂණයක්.

    ඊළඟට විශ්වාසය. එකිනෙකා අතර යහපත් සබඳතාවයක් ගොඩනැගීමට විශ්වාසය කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඊළඟට ගරුකිරීම, එකිනෙකාට ගරු කිරීම තුළ සබඳතාවයක් පවත්වා ගැනීමේ ස්ථාවරත්වය ගොඩනැගෙනවා. මීළඟ ලක්ෂණය තමයි එකිනෙකාට උදව් කරගැනීම. මිතුරන් තුළ මේ ලක්ෂණය අනිවාර්යය අංගයක් විය යුතුමයි. දුකේදී සැපේදී එකිනෙකාට උදව් කරගැනීම තුල ඔවුන් අතර සුහදත්වය තව තවත් වර්ධනය වෙනවා.

    මීළඟ ලක්ෂණය තමයි දැඩි විශ්වාසය, මේක දෙයාකාරයි. දෙදෙනා අතර ඇතිවන දැඩි විශ්වාසය සහ යහළුවා නිසා ඇතිවන ආත්ම විශ්වාසය. මිත්‍ර සබඳතාවයක් තුළ තේරුම් ගැනීමක් තිබිය යුතුම ලක්ෂණයක්. එකිනෙකාගේ ආශාවන්, අභිලාශයන් වගේ දේවල් තේරුම් ගැනීම මිත්‍රත්වයට ඉතා වැදගත්. ඊළග ලක්ෂණය තමයි අව්‍යාජ බව. මිත්‍ර සබඳතාවයක් තුළ අව්‍යාජ බව අවංක බව තිබීම තුළ මිතුරන් අතර පරතරය අඩුවීම සිදුවෙනවා.

    ඔබ දන්නවාද, මේ කියන ලක්ෂණ 8 මිත්‍රත්වයට හුඟක්ම වැදග්. ඒ වගේම තමයි ආදර සබඳතාවයකදී මීට අමතරව තව ලක්ෂණ 3 ක් එකතු වෙනවා. ඒවා තමයි ලිංගිකත්වය, අනෙක් සියලුම සබදතා වලට වඩා ප්‍රමුඛත්වය ලබාදීම සහ ජීවිත පරිත්‍යාගයෙන් රැකබලා ගැනීම.

    ඉතින් ඔබට දැන් තේරෙනවා නේද මිත්‍රත්වය සහ ආදරය කියන සබඳතා දෙකම පවත්වාගෙන යාමේදී එකම ආකාරයේ ලක්ෂණ කිහිපයක පැවතීම ඉතා වැදගත් කියන එකත්, මේ සබඳතා පවත්වාගෙන යන එක එතරම් ලේසි නෑ කියලත්. මේ සබඳතා තුල ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා නම් ටිකක් හිතලා බලන්න මේ කියපු සාධක වල බලපෑම නිසාද එහෙම වෙලා තියෙන්නේ කියලා.

    ඒ වගේම තමයි සම්බන්ධතාවය කුමක් හෝ වේවා ඒක තමන්ගේ පාර්ශවයෙන් නිවැරදිව පවත්වා ගෙන යාමට මේ කියන දේවල් අත්‍යාවශ්‍යයි. ආදරය තුළ මිත්‍රත්වය පැවතිය යුතුයි. නමුත් ඒ විතරක්ම මදි. ඒ නිසා තමයි ඊට අමතරව ලිංගිකත්වය, ජීවිත පරිත්‍යාගයෙන් රැකබලාගැනීම කියන කරුණු 3 ඊට අයත් වෙන්නේ. නමුත් ඔබ වටහාගත යුතුයි, ආදරයකදී අර මුලින් කියපු කරුණු 8 හුඟක්ම වැදගත් ඒ බැඳීම ස්ථාවර වීමට.

    උපුටා ගැනීම - www.her.lk