Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදර හසුන ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ මීට වසර තිස්පහකට පෙර උදා වූ තවත් එක් ශීතල දිනයකි. පාරේ වැටී තිබූ පසුම්බියක් මගේ නෙත ගැටුණේ අහම්බෙනි. යළි හිමිකරු වෙත ලබා දීමේ අපේක්ෂාවෙන් එය ඇහිඳාගත් මා එහි අයිතිකරු පිළිබඳ යම් හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණින් එහි ඇතුළත පිරික්සා බැලුවද, ඩොලර් තුනකුත්, තැලී පොඩිවී ගිය ලිපියකුත් හැරෙන්නට එහි අන් යමක් නොවීය. වසර ගණනාවක් පුරා පසුම්බිය තුළ රුවා තිබුණක් බව කියා පෑ ලිපිය මා විසින් කියවීමට පෙළඹුණේ එමගින් හෝ පසුම්බියේ හිමිකරු පිළිබඳව යම් ඉඟියක් ලැබිමට හැකිවේ යැයි සිතූ නිසාවෙනි.

1924 වසරේදී ලියුමක් බවට දාතම යොදා තිබූ එය පෙම්වතියක විසින් පෙම්වතාට ලියුණු ලබන සාම්ප්‍රදායික ලිපියක ආකෘතියට අනුව ලියන ලද්දකි. ‘ආදරණීය මයිකල්’ යනුවෙන් කළ ආමන්ත්රණයකින් ඇරඹි ලිපියෙන් ‘හැනා’ (ලිපියේ ලියුම්කාරිනිය) සිය සුකොමල බසින් ලියා තිබුණේ මයිකල්ගේ සිත දැදුරු විය හැකි අන්දමේ පුවතකි. ඒ සිය මව විසින් යළි ඔහුව හමුවීම ඇයට තහනම්කොට ඇති බවත්, ඒ හේතුවෙන් මින් පසු යළි ඔවුනොවුන් හමු නොවනු ඇති මුත්, ඇය සදාකාලිකව ඔහුට සිතින් ආදරය කරන බව පවසමින් ලියන ලද කෙටි ලිපියකි. කෙතරම් ළගන්නා සුළු ෙශෙලියකින් එය ලියා තිබුණද, පසුම්බියේ හිමිකරුගේ මුල් නම හැරෙන්නට ඉන් වැඩිමනක් හෙළිකෙරුණේ නැත. අනපේක්ෂිත ලෙස කියවීමට ලැබුණු ‘සමුගැනීමේ’ ලිපිය නිසා එහි හිමිකරු සොයාගැනීමට මා තුළ පෙරවූ ඕනෑකම තවත් ප්රබලව තිබූ නිසාම මා දුරකථන ක්‍රියාකරුගෙන් හෝ යම් හෝඩුවාවක් ලබාගැනීමට පෙළඹුණේ එය අසාමාන්‍ය එසේම සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය නොහැකි ක්‍රියාවක් බව දැනදැනමය.

ලිපියේ කවරයේ සටහන්ව තිබූ ලිපිනයන් අතරින් කියවාගත හැකි මට්ටමේ වූ එකම ලිපිනය වන හැනාගේ ලිපිනය ක්‍රියාකරුට ලබා දෙමින් මා ඉල්ලා සිටියේ එකී ලිපිනයට අයත් දුරකථන අංකයයි. එම ලිපිනය යටතේ දුරකථන අංකයක් ලියාපදිංචි වී තිබූ අතර ඒ හරහා හැනා වෙතින් ඇගේ නිවස මිලදී ගන්නා ලද තැනැත්තිය මා හා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරලීමට දුරකථන ක්‍රියාකරු සමත්විය. ඇය පැවසූ අන්දමට ඊට වසර කීපයකට පෙරදී සිය මව සාත්තු නිවාසයක නේවාසිකව නතර කිරීමට හැනාට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ඇය සිය මව සමග එතෙක් කල්විසූ නිවෙස විකුණා දමා ඇත. සාත්තු නිවාසය භාර නිලධාරීන් වෙතින් හැනා පිළිබඳ යම් හෝඩුවාවක් දැනගැනීමට හැකිවනු ඇති බව ගෙහිමි කාන්තාවගේ අදහස විය. සාත්තු නිවාසයේ නම හා ලිපිනය, දුරකථනය හරහා පමණක් හඳුනාගත් ආගන්තුක වූ මාහට ලබාදීමට තරම් ඇය කාරුණික වූවාය.

දුරකථනය හරහා සාත්තු නිවාසය හා සම්බන්ධ වූ මට හැඟී ගියේ කාලයට කෙතරම් දේවල් වෙනස් කළ හැකිද යන්නයි. ඒ වනවිට හැනාගේ මව මියගොස් තිබූ අතර හැනාගේ පදිංචිය සාත්තු නිවාසයකට මාරුවී තිබිණි. තවත් ස්ථාන කීපයක් සමග දුරකථන ඔස්සේ සම්බන්ධ වූ මට අවසානයේදී හැනා වෙසෙන සාත්තු නිවාසයේ ලිපිනය ලබාගැනීමට හැකිවූ අතර, ඒ වනවිට මටත් නොදැනීම සම්පූර්ණ දවසක් ‘හැනා මෙහෙයුම’ සඳහා මට ගතවී තිබිණ.

එදිනට රාත්‍රී දහය වනවිට හැනා වෙසෙන සාත්තු නිවාසයට මා ළඟාවූ අතර මා පිළිගැනීම සඳහා නිවාසයේ අධ්යක්ෂවරයා හා ආරක්ෂකයකු ප්‍රධාන ගේට්ටුව අසලටම පැමිණ සිටීමෙන් මා මෙන්ම ඔවුන්ද ‘නැතිවූ පසුම්බියේ වූ ලියුම පිළිබඳව කෙතරම් කුතුහලයකින් පසුවුවද යන්න තහවුරු විය. ඔවුන්ගේ මගපෙන්වීම ඔස්සේ මා නිවාසයේ තෙවන මහලේ වූ ‘දිවා කාමරය’ වෙත පියනැගුවේ රෑ බෝවී තිබුණද හැනා ඒ වනවිටත් රූපවාහිනිය නරඹමින් සිටිනු ඇති බව නිවාස කාර්යමණ්ඩලය අත්දැකීමෙන් දැන සිටි හෙයිනි.

ඇත්තෙන්ම ඈ ඒ වනවිටද අවදිව සිටියාය. රිදීවන් සුදු පැහැති පැසුණු හිසකින් නිබඳ මුවඟ රැඳි උණුසුම් සිනහවකින්ද මිත්‍රශීලී නෙත් සඟලකින්ද යුතු හැනා හට පසුම්බියේ විස්තරය පැවසූ මා එහි වූ දුර්වර්ණව ගිය ලිපිය පෙන්වා සිටිමි. දුටු සැණෙකින් එය හඳුනාගත් වියපත් කාන්තාවට දිගු සුසුමක් පිටවූයේ නිතැතිණි. ලියුම වෙතින් ඉවතට හරවාගත් නෙතින් යුතුව ඇය මෙසේ පැවසුවාය. “අනේ දරුවෝ මයිකල්ට මම ලියපු අන්තිම ලිපිය තමයි ඕක. ඔව් ඇත්තෙන්ම මම ඔහුට මුළු හදින්ම ආදරය කළා. එතකොට මට යන්තම් වයස දහසයක් විතරයි. මගේ අම්මා හිතුවේ එවැනි දේට මා තවම කුඩා වැඩියි කියලයි. ඒත් මට මයිකල්ව අමතක කරන්න පුළුවන් වුණේ නැහැ. ඇත්තෙන්ම අමතක කරන්නම බැරි හරිම කඩවසම් පෙනුමක් ඔහුට තිබුණේ. හරියටම ‘ෂෝන් කොනරි’ වගේයි.

බොහෝ කලක සිට හඳුනන දෙදෙනකු ලෙස අප දෙදෙනා හඬ නගා සිනාසෙන අයුරු දුටු

අධ්යක්ෂවරයා අප දෙදෙනාට කතාබස් කිරීමට ඉඩදී කාමරයෙන් පිටවිය. සිය පෙම්වතාගේ නම ‘මයිකල් ගෝල්ඩ්ස්මිත්’ බව පැවසූ වියපත් හැනාගෙන් මා සමුගැනීමට සූදානම් වන මොහොතේ මගෙන් ඉල්ලා සිටියේ යම් හෙයකින් මට මයිකල් මුණගැසීමට අවස්ථාවක් ලැබුණහොත් ඇය තවමත් ඔහු කෙරේ ආදරයෙන් පසුවන බව ඔහුට සිහිපත් කරන ලෙසටය. ‘ඇත්තෙන්ම මම කවමදාකවත් විවාහයක් ගැන හිතුවේ නැහැ. ඒ මයිකල්ට සමාන කළ හැකි අන් කිසිවෙකු මට ආයෙත් හමුනොවුණු නිසායි” හැනා කඳුළු පිරි දෙනෙතින් පවසා සිටියාය.

හැනාට සමුදී සෝපානයෙන් යළි පළමු මහලට බැස ආ මා දුටු ආරක්ෂක නිලධාරියා මගේ මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ විමසා සිටියේය. හැනා වෙතින් පසුම්බියේ හිමිකරුගේ මුළු නම දැන ගැනීමට හැකිවූ බව පැවසූ මා ඔහුව සොයා ගැනීමේ ක්‍රියාන්විතය ඇරඹීමට ප්‍රථම දින කීපයක් විවේකගත යුතු බව පවසා සිටියේ ඒ වනවිටත් හැනාව සොයාගැනීමට සම්පූර්ණ දිනක් ගත කිරීමෙන් මා අධික විඩාවට පත්ව සිටි නිසයි. කතාව අතරතුරද දුඹුරු පැහැ සමින් කළ පසුම්බිය ඉවතට ඇද එය ආරක්ෂක නිලධාරියාට පෙන්වා සිටි කල ඔහුගෙන් නික්මුණේ විස්මය දනවන රාවයකි. දුටු කෙනෙහිම පසුම්බිය හඳුනාගත් ඔහු තරයේම පවසා සිටියේ, එය මෙම නිවාසයේ අටවන මහලේ වෙසෙන ‘මයික් ගෝල්ඩ්ස්මිත්’ නමැති මහල්ලාගේ බවත් නිතර දෙවේලේ ඇවිදීම සඳහා නිවාසයෙන් පිටතට යන ඔහුගේ අතින් නොයෙක්විට මෙම පසුම්බිය නැතිවන බවත්ය. එය කොපමණ වාරයක් මෙසේ නැතිවී තිබේද කියතොත් එය දුටු විගස තමාට හඳුනාගැනීමට හැකි බව නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

නිලධාරියාට ස්තුති කළ මා යළිත් නිවාසය භාර

අධ්යක්ෂවරයාගේ කාර්යාලයට දිව ගිය අතර ඔහු විසින් මා අටවන මහල කරා ගෙන යන ලදී. ඒ වනවිටත් රාත්‍රී එකොළහට ආසන්නව තිබූ බැවින් මයිකල් මහතා අවදිව සිටින ලෙසට ගමන අතරතුරදී මා නිහඬව යාච්ඥා කළෙමි. ඇත්තෙන්ම ඔහු අවදිව සිටියේය. රාත්‍රී කාලයේ දිගු වේලාවක් අවදිව පොත් කියවීමට ඔහු පුරුදුව සිටින බව මා හා පැවසූ අධ්යක්ෂවරයා මයිකල්ගෙන් විමසා සිටියේ පසුම්බිය යළිත් වරක් ඔහු අතින් නැතිවී ඇත්ද යන්නය. මා අත තිබූ පසුම්බිය දකින තෙක්, තමා අතින් එය නැතිවී ඇති බව ඔහු නොදැන සිටියේය. පසුම්බිය දුටු විගස ප්‍රීතියෙන් පිනාගිය මයිකල් මගේ උපකාරයට කෘතගුණ සැලකීමක් ලෙස මුදල් ත්‍යාගයක් ලබාදීමට ඉදිරිපත් වුණද, කාරුණිකව එය ප්‍රතික්ෂේප කළ මා ඔහුට පවසා සිටියේ පසුම්බියේ හිමිකරු සොයා ගැනීමේ අපේක්ෂාවෙන් එහිවූ ලිපිය මා කියවූ බවයි.

තමාට අතිශයින් වැදගත් වූ තම දිවි දවෛනිකොට ආරක්ෂා කළ අතිශය පෞද්ගලික අතීත සිහිවටනය නාඳුනන්නෙකු විසින් කියවූ බව ඇසූ ඔහුගේ මුහුණේ වූ සිනහව වියැකී ගොස් අඳුරු විය. ඒ දුටු මා ඔහුගේ නැති වූ පසුම්බිය පමණක් නොව ඊට හැට වසරකට පෙර ඔහුට අහිමි වූ ඔහුගේ කුළුඳුල් ආදරය දිනූ පෙම්වතිය වන ‘හැනා’ද සොයා ගැනීමට සමත්වූ බව කියා සිටියේ ඔහුගේ මුහුණේ ඇතිවන වෙනස දැක ගැනීමටය. ‘හැනා’ගේ නම සවනත වැකීමත් සමග අඳුරුව තිබූ වියපත් මුහුණ ආලෝකමත් වූයේ බලා සිටියදීමය. “හැනා ඔබ දන්නවාද ඇය කොහේ ඉන්නවාද කියලා? ඇයට කොහොමද? ඇය තාමත් ඉස්සර වගේම ලස්සනද?” මයිකල්ගේ මුවින් නොකඩවා වදන් වැලක් පිටවිය. ඔහුගේ බලවත් පෙරැත්ත හමුවේ හැනා සිටින තැන මා දන්නා බව කියා සිටියෙමි. තදින් මගේ දෑත් අල්වාගත් හෙතෙම මොහොතකට හැඟුම්බර විය.

“ඒ ලිපිය මට ලැබිමත් එක්කම මගේ ජීවිතය එතැනින්ම නිමාවට පත්වුණා. ඊට පසු කිසි දිනක මා විවාහයක් ගැන සිතුවේ නැහැ. මොකද මගේ හදවතේ ඉඩ තිබුණේ හැනාටම පමණක් නිසයි.”

සෝපානය මගින් අපි තිදෙනා යළිත් තෙවන මහල කරා ළඟා වන විටත් හැනා රූපවාහිනිය නරඹමින් සිටියාය. ඇය වෙත ගිය අධ්යක්ෂවරයා මුදු ලෙස ඇය අමතා මයිකල්ව පෙන්වා සිටියේ ඇය ඔහු අඳුනන්නේ දැයි විමසමිනි. මොහොතක් මයිකල් දෙස බලා සිටියද ඇය ඔහු හඳුනාගත් බවක් නොපෙනුණි. හැට වසරක කාලයට කෙතරම් දේ වෙනස් කළ හැකිද? එහෙත් පෙනුමින් වියපත්ව සිටියද මයිකල් හා හැනාගේ ආදරයේ නම් කිසිදු වෙනසක් සිදුව නොතිබූ බව පෙනී ගියේ මයිකල්ව ඇයට හඳුන්වා දීමත් සමගය.

ඇත්තෙන්ම එය නෙතට කඳුළු උනවන සංවේදී හමුවක් විය. හැට වසරක අතීත වෙන්වීමක් කිසිදා සිදු නොවුණු බව විශ්වාස කිරීම පහසුවිය. එකිනෙකාගේ දෑත් අල්වා ගත් හැනා හා මයිකල්, සෝපාව මත වාඩිවූයේ හුරුපුරුදු පෙම්වතුන් යුවළක් සේ සතුටු සාමීචියේ යෙදෙමින. ඔවුන්ගේ නිදහසට ඉඩදී මාත් අධ්යක්ෂවරයාත් ‘දිවා කාමරයෙන්’ පිටතට පැමිණියේ නිහඬව හඬමිනි.

තෙසතියකට පසුව දුරකථන ඇමතුමකින් මා හා සම්බන්ධ වූ අධ්යක්ෂවරයා මගෙන් විමසා සිටියේ එළඹෙන සතියේ ඉරු දින පැවැත්වෙන විවාහ උත්සවයට මට පැමිණිය හැකිද යන්නය. අධික උදේයා්ගය නිසාම මගෙන් පිළිතුරක් ලැබෙන තෙක් බලා නොසිටි ඔහු මට හෙළිකර සිටියේ හැට වසරක ප්‍රේමය මල්ඵල ගන්වමින් එළැඹෙන ඉරිදා හැනා හා මයිකල් යුගදිවියට එළඹෙන බවයි.

වැඩිහිටි නිවාසයේ පැවැත්වුණු උත්සවය චාම් වුවද සුන්දරත්වයෙන් අඩුවක් නොවීය. නිවාසයේ සාමාජික නිලධාරීන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු විවාහ උත්සවයේදී හැත්තෑහය හැවිරිදි හැනා හා හැත්තෑ අට හැවිරිදි මයිකල් අතිනත ගන්නා ලද අවස්ථාව කාගේත් නෙතට කඳුළු නැංවූ සංවේදී මොහොතක් විය. කාලයට බොහෝ දේ වෙනස් කළ හැකි වුවද, ෙදෙවයෙන් සිදුවීමට නියමිතව ඇති දෑ මෙන්ම, දෙහදක බැඳි පිවිතුරු ප්‍රේමයටද කිසිවිටෙක කාලයට හරස්විය නොහැකි බව ඔවුහු ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූහ.

උපුටා ගත්තේ

Readers’ Digest ඇසුරින්

ප්‍රියන්ති රුද්‍රිගු සමුදුරට ලියපු ලිපියකින්

[QUOTE="chathurakalugal, post: 14265928, member: 75383"] [SIZE="5"][/SIZE]ඒ මීට වසර තිස්පහකට පෙර උදා වූ තවත් එක් ශීතල දිනයකි. පාරේ වැටී තිබූ පසුම්බියක් මගේ නෙත ගැටුණේ අහම්බෙනි. යළි හිමිකරු වෙත ලබා දීමේ අපේක්ෂාවෙන් එය ඇහිඳාගත් මා එහි අයිතිකරු පිළිබඳ යම් හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණින් එහි ඇතුළත පිරික්සා බැලුවද, ඩොලර් තුනකුත්, තැලී පොඩිවී ගිය ලිපියකුත් හැරෙන්නට එහි අන් යමක් නොවීය. වසර ගණනාවක් පුරා පසුම්බිය තුළ රුවා තිබුණක් බව කියා පෑ ලිපිය මා විසින් කියවීමට පෙළඹුණේ එමගින් හෝ පසුම්බියේ හිමිකරු පිළිබඳව යම් ඉඟියක් ලැබිමට හැකිවේ යැයි සිතූ නිසාවෙනි. 1924 වසරේදී ලියුමක් බවට දාතම යොදා තිබූ එය පෙම්වතියක විසින් පෙම්වතාට ලියුණු ලබන සාම්ප්‍රදායික ලිපියක ආකෘතියට අනුව ලියන ලද්දකි. ‘ආදරණීය මයිකල්’ යනුවෙන් කළ ආමන්ත්රණයකින් ඇරඹි ලිපියෙන් ‘හැනා’ (ලිපියේ ලියුම්කාරිනිය) සිය සුකොමල බසින් ලියා තිබුණේ මයිකල්ගේ සිත දැදුරු විය හැකි අන්දමේ පුවතකි. ඒ සිය මව විසින් යළි ඔහුව හමුවීම ඇයට තහනම්කොට ඇති බවත්, ඒ හේතුවෙන් මින් පසු යළි ඔවුනොවුන් හමු නොවනු ඇති මුත්, ඇය සදාකාලිකව ඔහුට සිතින් ආදරය කරන බව පවසමින් ලියන ලද කෙටි ලිපියකි. කෙතරම් ළගන්නා සුළු ෙශෙලියකින් එය ලියා තිබුණද, පසුම්බියේ හිමිකරුගේ මුල් නම හැරෙන්නට ඉන් වැඩිමනක් හෙළිකෙරුණේ නැත. අනපේක්ෂිත ලෙස කියවීමට ලැබුණු ‘සමුගැනීමේ’ ලිපිය නිසා එහි හිමිකරු සොයාගැනීමට මා තුළ පෙරවූ ඕනෑකම තවත් ප්රබලව තිබූ නිසාම මා දුරකථන ක්‍රියාකරුගෙන් හෝ යම් හෝඩුවාවක් ලබාගැනීමට පෙළඹුණේ එය අසාමාන්‍ය එසේම සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය නොහැකි ක්‍රියාවක් බව දැනදැනමය. ලිපියේ කවරයේ සටහන්ව තිබූ ලිපිනයන් අතරින් කියවාගත හැකි මට්ටමේ වූ එකම ලිපිනය වන හැනාගේ ලිපිනය ක්‍රියාකරුට ලබා දෙමින් මා ඉල්ලා සිටියේ එකී ලිපිනයට අයත් දුරකථන අංකයයි. එම ලිපිනය යටතේ දුරකථන අංකයක් ලියාපදිංචි වී තිබූ අතර ඒ හරහා හැනා වෙතින් ඇගේ නිවස මිලදී ගන්නා ලද තැනැත්තිය මා හා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරලීමට දුරකථන ක්‍රියාකරු සමත්විය. ඇය පැවසූ අන්දමට ඊට වසර කීපයකට පෙරදී සිය මව සාත්තු නිවාසයක නේවාසිකව නතර කිරීමට හැනාට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ඇය සිය මව සමග එතෙක් කල්විසූ නිවෙස විකුණා දමා ඇත. සාත්තු නිවාසය භාර නිලධාරීන් වෙතින් හැනා පිළිබඳ යම් හෝඩුවාවක් දැනගැනීමට හැකිවනු ඇති බව ගෙහිමි කාන්තාවගේ අදහස විය. සාත්තු නිවාසයේ නම හා ලිපිනය, දුරකථනය හරහා පමණක් හඳුනාගත් ආගන්තුක වූ මාහට ලබාදීමට තරම් ඇය කාරුණික වූවාය. දුරකථනය හරහා සාත්තු නිවාසය හා සම්බන්ධ වූ මට හැඟී ගියේ කාලයට කෙතරම් දේවල් වෙනස් කළ හැකිද යන්නයි. ඒ වනවිට හැනාගේ මව මියගොස් තිබූ අතර හැනාගේ පදිංචිය සාත්තු නිවාසයකට මාරුවී තිබිණි. තවත් ස්ථාන කීපයක් සමග දුරකථන ඔස්සේ සම්බන්ධ වූ මට අවසානයේදී හැනා වෙසෙන සාත්තු නිවාසයේ ලිපිනය ලබාගැනීමට හැකිවූ අතර, ඒ වනවිට මටත් නොදැනීම සම්පූර්ණ දවසක් ‘හැනා මෙහෙයුම’ සඳහා මට ගතවී තිබිණ. එදිනට රාත්‍රී දහය වනවිට හැනා වෙසෙන සාත්තු නිවාසයට මා ළඟාවූ අතර මා පිළිගැනීම සඳහා නිවාසයේ අධ්යක්ෂවරයා හා ආරක්ෂකයකු ප්‍රධාන ගේට්ටුව අසලටම පැමිණ සිටීමෙන් මා මෙන්ම ඔවුන්ද ‘නැතිවූ පසුම්බියේ වූ ලියුම පිළිබඳව කෙතරම් කුතුහලයකින් පසුවුවද යන්න තහවුරු විය. ඔවුන්ගේ මගපෙන්වීම ඔස්සේ මා නිවාසයේ තෙවන මහලේ වූ ‘දිවා කාමරය’ වෙත පියනැගුවේ රෑ බෝවී තිබුණද හැනා ඒ වනවිටත් රූපවාහිනිය නරඹමින් සිටිනු ඇති බව නිවාස කාර්යමණ්ඩලය අත්දැකීමෙන් දැන සිටි හෙයිනි. ඇත්තෙන්ම ඈ ඒ වනවිටද අවදිව සිටියාය. රිදීවන් සුදු පැහැති පැසුණු හිසකින් නිබඳ මුවඟ රැඳි උණුසුම් සිනහවකින්ද මිත්‍රශීලී නෙත් සඟලකින්ද යුතු හැනා හට පසුම්බියේ විස්තරය පැවසූ මා එහි වූ දුර්වර්ණව ගිය ලිපිය පෙන්වා සිටිමි. දුටු සැණෙකින් එය හඳුනාගත් වියපත් කාන්තාවට දිගු සුසුමක් පිටවූයේ නිතැතිණි. ලියුම වෙතින් ඉවතට හරවාගත් නෙතින් යුතුව ඇය මෙසේ පැවසුවාය. “අනේ දරුවෝ මයිකල්ට මම ලියපු අන්තිම ලිපිය තමයි ඕක. ඔව් ඇත්තෙන්ම මම ඔහුට මුළු හදින්ම ආදරය කළා. එතකොට මට යන්තම් වයස දහසයක් විතරයි. මගේ අම්මා හිතුවේ එවැනි දේට මා තවම කුඩා වැඩියි කියලයි. ඒත් මට මයිකල්ව අමතක කරන්න පුළුවන් වුණේ නැහැ. ඇත්තෙන්ම අමතක කරන්නම බැරි හරිම කඩවසම් පෙනුමක් ඔහුට තිබුණේ. හරියටම ‘ෂෝන් කොනරි’ වගේයි. බොහෝ කලක සිට හඳුනන දෙදෙනකු ලෙස අප දෙදෙනා හඬ නගා සිනාසෙන අයුරු දුටු අධ්යක්ෂවරයා අප දෙදෙනාට කතාබස් කිරීමට ඉඩදී කාමරයෙන් පිටවිය. සිය පෙම්වතාගේ නම ‘මයිකල් ගෝල්ඩ්ස්මිත්’ බව පැවසූ වියපත් හැනාගෙන් මා සමුගැනීමට සූදානම් වන මොහොතේ මගෙන් ඉල්ලා සිටියේ යම් හෙයකින් මට මයිකල් මුණගැසීමට අවස්ථාවක් ලැබුණහොත් ඇය තවමත් ඔහු කෙරේ ආදරයෙන් පසුවන බව ඔහුට සිහිපත් කරන ලෙසටය. ‘ඇත්තෙන්ම මම කවමදාකවත් විවාහයක් ගැන හිතුවේ නැහැ. ඒ මයිකල්ට සමාන කළ හැකි අන් කිසිවෙකු මට ආයෙත් හමුනොවුණු නිසායි” හැනා කඳුළු පිරි දෙනෙතින් පවසා සිටියාය. හැනාට සමුදී සෝපානයෙන් යළි පළමු මහලට බැස ආ මා දුටු ආරක්ෂක නිලධාරියා මගේ මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ විමසා සිටියේය. හැනා වෙතින් පසුම්බියේ හිමිකරුගේ මුළු නම දැන ගැනීමට හැකිවූ බව පැවසූ මා ඔහුව සොයා ගැනීමේ ක්‍රියාන්විතය ඇරඹීමට ප්‍රථම දින කීපයක් විවේකගත යුතු බව පවසා සිටියේ ඒ වනවිටත් හැනාව සොයාගැනීමට සම්පූර්ණ දිනක් ගත කිරීමෙන් මා අධික විඩාවට පත්ව සිටි නිසයි. කතාව අතරතුරද දුඹුරු පැහැ සමින් කළ පසුම්බිය ඉවතට ඇද එය ආරක්ෂක නිලධාරියාට පෙන්වා සිටි කල ඔහුගෙන් නික්මුණේ විස්මය දනවන රාවයකි. දුටු කෙනෙහිම පසුම්බිය හඳුනාගත් ඔහු තරයේම පවසා සිටියේ, එය මෙම නිවාසයේ අටවන මහලේ වෙසෙන ‘මයික් ගෝල්ඩ්ස්මිත්’ නමැති මහල්ලාගේ බවත් නිතර දෙවේලේ ඇවිදීම සඳහා නිවාසයෙන් පිටතට යන ඔහුගේ අතින් නොයෙක්විට මෙම පසුම්බිය නැතිවන බවත්ය. එය කොපමණ වාරයක් මෙසේ නැතිවී තිබේද කියතොත් එය දුටු විගස තමාට හඳුනාගැනීමට හැකි බව නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. නිලධාරියාට ස්තුති කළ මා යළිත් නිවාසය භාර අධ්යක්ෂවරයාගේ කාර්යාලයට දිව ගිය අතර ඔහු විසින් මා අටවන මහල කරා ගෙන යන ලදී. ඒ වනවිටත් රාත්‍රී එකොළහට ආසන්නව තිබූ බැවින් මයිකල් මහතා අවදිව සිටින ලෙසට ගමන අතරතුරදී මා නිහඬව යාච්ඥා කළෙමි. ඇත්තෙන්ම ඔහු අවදිව සිටියේය. රාත්‍රී කාලයේ දිගු වේලාවක් අවදිව පොත් කියවීමට ඔහු පුරුදුව සිටින බව මා හා පැවසූ අධ්යක්ෂවරයා මයිකල්ගෙන් විමසා සිටියේ පසුම්බිය යළිත් වරක් ඔහු අතින් නැතිවී ඇත්ද යන්නය. මා අත තිබූ පසුම්බිය දකින තෙක්, තමා අතින් එය නැතිවී ඇති බව ඔහු නොදැන සිටියේය. පසුම්බිය දුටු විගස ප්‍රීතියෙන් පිනාගිය මයිකල් මගේ උපකාරයට කෘතගුණ සැලකීමක් ලෙස මුදල් ත්‍යාගයක් ලබාදීමට ඉදිරිපත් වුණද, කාරුණිකව එය ප්‍රතික්ෂේප කළ මා ඔහුට පවසා සිටියේ පසුම්බියේ හිමිකරු සොයා ගැනීමේ අපේක්ෂාවෙන් එහිවූ ලිපිය මා කියවූ බවයි. තමාට අතිශයින් වැදගත් වූ තම දිවි දවෛනිකොට ආරක්ෂා කළ අතිශය පෞද්ගලික අතීත සිහිවටනය නාඳුනන්නෙකු විසින් කියවූ බව ඇසූ ඔහුගේ මුහුණේ වූ සිනහව වියැකී ගොස් අඳුරු විය. ඒ දුටු මා ඔහුගේ නැති වූ පසුම්බිය පමණක් නොව ඊට හැට වසරකට පෙර ඔහුට අහිමි වූ ඔහුගේ කුළුඳුල් ආදරය දිනූ පෙම්වතිය වන ‘හැනා’ද සොයා ගැනීමට සමත්වූ බව කියා සිටියේ ඔහුගේ මුහුණේ ඇතිවන වෙනස දැක ගැනීමටය. ‘හැනා’ගේ නම සවනත වැකීමත් සමග අඳුරුව තිබූ වියපත් මුහුණ ආලෝකමත් වූයේ බලා සිටියදීමය. “හැනා ඔබ දන්නවාද ඇය කොහේ ඉන්නවාද කියලා? ඇයට කොහොමද? ඇය තාමත් ඉස්සර වගේම ලස්සනද?” මයිකල්ගේ මුවින් නොකඩවා වදන් වැලක් පිටවිය. ඔහුගේ බලවත් පෙරැත්ත හමුවේ හැනා සිටින තැන මා දන්නා බව කියා සිටියෙමි. තදින් මගේ දෑත් අල්වාගත් හෙතෙම මොහොතකට හැඟුම්බර විය. “ඒ ලිපිය මට ලැබිමත් එක්කම මගේ ජීවිතය එතැනින්ම නිමාවට පත්වුණා. ඊට පසු කිසි දිනක මා විවාහයක් ගැන සිතුවේ නැහැ. මොකද මගේ හදවතේ ඉඩ තිබුණේ හැනාටම පමණක් නිසයි.” සෝපානය මගින් අපි තිදෙනා යළිත් තෙවන මහල කරා ළඟා වන විටත් හැනා රූපවාහිනිය නරඹමින් සිටියාය. ඇය වෙත ගිය අධ්යක්ෂවරයා මුදු ලෙස ඇය අමතා මයිකල්ව පෙන්වා සිටියේ ඇය ඔහු අඳුනන්නේ දැයි විමසමිනි. මොහොතක් මයිකල් දෙස බලා සිටියද ඇය ඔහු හඳුනාගත් බවක් නොපෙනුණි. හැට වසරක කාලයට කෙතරම් දේ වෙනස් කළ හැකිද? එහෙත් පෙනුමින් වියපත්ව සිටියද මයිකල් හා හැනාගේ ආදරයේ නම් කිසිදු වෙනසක් සිදුව නොතිබූ බව පෙනී ගියේ මයිකල්ව ඇයට හඳුන්වා දීමත් සමගය. ඇත්තෙන්ම එය නෙතට කඳුළු උනවන සංවේදී හමුවක් විය. හැට වසරක අතීත වෙන්වීමක් කිසිදා සිදු නොවුණු බව විශ්වාස කිරීම පහසුවිය. එකිනෙකාගේ දෑත් අල්වා ගත් හැනා හා මයිකල්, සෝපාව මත වාඩිවූයේ හුරුපුරුදු පෙම්වතුන් යුවළක් සේ සතුටු සාමීචියේ යෙදෙමින. ඔවුන්ගේ නිදහසට ඉඩදී මාත් අධ්යක්ෂවරයාත් ‘දිවා කාමරයෙන්’ පිටතට පැමිණියේ නිහඬව හඬමිනි. තෙසතියකට පසුව දුරකථන ඇමතුමකින් මා හා සම්බන්ධ වූ අධ්යක්ෂවරයා මගෙන් විමසා සිටියේ එළඹෙන සතියේ ඉරු දින පැවැත්වෙන විවාහ උත්සවයට මට පැමිණිය හැකිද යන්නය. අධික උදේයා්ගය නිසාම මගෙන් පිළිතුරක් ලැබෙන තෙක් බලා නොසිටි ඔහු මට හෙළිකර සිටියේ හැට වසරක ප්‍රේමය මල්ඵල ගන්වමින් එළැඹෙන ඉරිදා හැනා හා මයිකල් යුගදිවියට එළඹෙන බවයි. වැඩිහිටි නිවාසයේ පැවැත්වුණු උත්සවය චාම් වුවද සුන්දරත්වයෙන් අඩුවක් නොවීය. නිවාසයේ සාමාජික නිලධාරීන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු විවාහ උත්සවයේදී හැත්තෑහය හැවිරිදි හැනා හා හැත්තෑ අට හැවිරිදි මයිකල් අතිනත ගන්නා ලද අවස්ථාව කාගේත් නෙතට කඳුළු නැංවූ සංවේදී මොහොතක් විය. කාලයට බොහෝ දේ වෙනස් කළ හැකි වුවද, ෙදෙවයෙන් සිදුවීමට නියමිතව ඇති දෑ මෙන්ම, දෙහදක බැඳි පිවිතුරු ප්‍රේමයටද කිසිවිටෙක කාලයට හරස්විය නොහැකි බව ඔවුහු ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූහ. උපුටා ගත්තේ Readers’ Digest ඇසුරින් ප්‍රියන්ති රුද්‍රිගු සමුදුරට ලියපු ලිපියකින් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom